Monday, January 12, 2015

රට යන්නෙ කොයිබටද?

ඡන්දෙ අවසන්. අපි ගණන් බලල තිබුන විදියටම ප්‍රතිපලය ලැබිල තියනව. කිව්ව වගේම සිංහල ඡන්ද සමානව බෙදිල යද්දි 'ප්‍රමාණයෙන් සුළු ජාතිකයන්ගෙ' ඡන්ද බහුතරය පොදු අපේක්ෂකයට ලැබුන. මටත් පොඩි හැපී ගතියක් තියනව ඒ ගැන. ඒ වගේම වැරදුන තැනුත් තියනව. මගේ සැලකිල්ලට හසු නොවන දෙයක් කියල තිබුන ඇනෝ කෙනෙක්. මෙන්න ඒ ඇනෝ මිත්‍රයාගෙ කමෙන්ටුව.

මෙතැනදි සැලකිල්ලට ගත යුතු වැදගත් කාරනයක් තමයි කාන්තාවන්ගෙ චන්ද. පිරිමි වගෙ කාන්තාවන් දේශපාලනය ගැන කතා කර්න්නෙ නෑ. ලන්කාවේ වැඩිපුර ඉන්නෙ බාහිර පෞරුශය ගැන බලා චන්දය දෙන ගැහැනුන්. (ඔක්කොම නොවේ වැඩිපුර ). ජනාදිපති පස්සෙන් ලමයා වඩාගන්න කියා දුවන ගැහැනුන්. ගෙදර කන්නෙ වේලයි දෙවේලයි නමුත් ආකල්පය ඒ විදියයි. අනිත් එක පන්සල් හරහා සිල් රෙදි ආදිය බෙදමින්, හාමුදුරුවන් හරහා කරන බලපෑම් ගැනත් හිතන්න ඕන. ඒකයි අන්තිම ප්‍රතිපලයේදි මහින්ද ඉදිරියට එන්න පුලුවන් උනොත් වෙන්නෙ. (I voted Mahinda 2005/10, this time going to be MS)

මෙතනදි මේ ඇනෝ කිව්ව කතාව සත්‍ය බව පෙන්නන්න පුළුවන් කාන්තාවන් බර ගණනක් මුණගැසුන බව කියන්නම ඕන.

මෛත්‍රීගෙ ජයග්‍රහණයේ සාධනීය පැති සෑහෙන්න තියනව. පළමු කාරණාව තමයි ඔහුට රට පුරා ඡන්ද ලැබීම. මෛත්‍රී කියන්නෙ උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම සියළු ප්‍රදේශ වල නියෝජනයක්. වාර්ගික සමඟිය වෙනුවෙන් ඔහුට කලහැකි දෑ අපමණයි. විශේෂයෙන්ම සිංහල ආණ්ඩුව එක්ක සම්බන්ධයක් නැති දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ඒක ඉතාම වැදගත්. මහින්ද ජනාධිපතිතුමා, වෙනම රටක් බිහිවීමේ පෙරමුණේ, සන්නද්ධ අංශය පරාජය කලා වගේම කාර්යක් මෛත්‍රීපාල මහත්තයට ඉතිරි වෙලා තියනව. යුද්ධය අවසන් කලාට වඩා වැඩි ප්‍රවේශමකින් මේ වැඩේ කරන්න වෙන බව පැහැදිලියි. දෙපැත්තේම ජාතිවාදය අවුස්සගන්නේ නැතිව, තමන්ගේ බලයත් රැකගෙන මේ කාර්ය කිරීම, මම දකින විදියට ලොකුම ජයග්‍රහණය.

ජනාධිපතිවරණයේදී අපි දැකපු අනෙක් සාධනීය ලක්ෂණය තමයි සයිබර් අවකාශයේ සහ අනෙකුත් දියුණු මාධ්‍ය වල බලපෑම. 'බුකියෙ ජනාධිපති හැමදාමත් පරාදයි' කියපු කතාව බොරුකරපු පළමු මැතිවරණය මේක. සමාජ ජාල වලට කලහැකි බලපෑම පිළිබඳව, මේ මැතිවරණයෙන් පස්සෙ සලකා බැලීමට ඡන්ද අපේක්ෂකයන්ට සිදුවෙනව. සෝමරත්න දිසානායකට එරෙහිව සමාජ ජාල වලින් එල්ල වූ විරෝධය තවත් උදාහරණයක්.

මේකෙම අනිත් පැත්ත තමයි දැඩි සටනකින් තොරව මැතිවරණයක් මෙහෙයවිය හැකි බව ඔප්පු වීම. එක්කෝ අවංකකම නිසා, නැත්නම් දුෂ්කර නිසා, මෛත්‍රීපාල මහතාගේ මැතිවරණ ව්‍යාපාරය තුල පෝස්ටර් කටවුට් ඉටිකොල සැරසිලි භාවිතා කලේ අවම වශයෙන්. එහෙම උනත් තමුන්ගෙ පණිවුඩය සාමාන්‍ය ජනතාව අතර‍ට ගෙනයන්න ඔහු සමත්වුනා. මේ ක්‍රියාවලියේ අවංකභාවය දැනගන්න වෙන්නෙ මෛත්‍රී යටතේ තියන මැතිවරණයකදි තමයි.

ජ්‍යොතිෂවේදීන් කියාගන්නා හොරු රැල අන්ත පරාජයකට ලක්වීම අපි ලැබූ තවත් ජයග්‍රහණයක් බව නොකියාම බෑ. ජ්‍යෝතිෂය විශ්වාස කරන මෝඩ ජනාධිපතිවරයෙකුට පින් සිදු වෙන්න රටේ ඉහලම තැන්වල වැජඹුන සුමනදාස වගේ අය තමන්ගෙ (අ)ශාස්ත්‍රය ‍බොරු කිරීම වෙනුවෙන් සෑහෙන්න දායක වුනා. හිතවත් Pra Jay මේ ගැන කලින් ලිපියට දාපු අපූරු අදහසක් මේ.

'දේශපාලන, ජාතිවාදී, ආර්ථික, ආරක්ශක, අන්තර්ජාතික, යහපාලන ආදී මේ බ්ලොග්වල අය කතාකරන වෙනසවල් කොහොම වුනත් හඳහන් හා අනිකුත් මිත්යා විශ්වාස කර පින්නා ගැනීම අගුණයි කියල පෙනුනොත් රටේ මිනිස්සු ටිකක් හරි ඒ අතින්වත් හැදෙයි. (හැදෙයිද රාජ්? එහෙම නැත්නම් ඈස් යූශුවල් අපේ අය "ඔය හොර සාස්තරකාරයො වගේ නෙමෙයි අපේ නැන්දම්මගෙ අල්ලපු ගෙදර එකාගේ මාමගෙ පුතාට හරියටම හරිගිය සාස්තර කාරයෙක් ඉන්නව" කියලා යයිද?'

සිදුවන්නේ කුමක්ද?

මේ වෙනකොට අතීතයට වඩා වැදගත් වෙන්නෙ වර්තමානය සහ අනාගතය. ඊයේ දිනයේ ශ්‍රීලනිපය දෙකඩවුනා මෛත්‍රීපාල මහතාට සහයෝගය දෙන පිරිස සහ මහින්ද මහතාට සහයෝගය දෙන පිරිස වශයෙන්. බලයේ ඉන්නකල් පක්ෂ කැඩීමට දායක වූ හිටපු නායකයාට අවසානයේ සිදුවුනේ තමුන්ගේ පක්ෂය දෙකඩ වන හැටි බලා ඉන්න. මේ තත්වය උඩ ඇතිවෙන්න පුළුවන් ප්‍රතිපල දෙකයි.
පළමුවැන්න මහින්ද මහතා ශ්‍රීලනිපයෙන් විසිවී මෛත්‍රී පාර්ශවය පක්ෂය අත්කරගැනීම. දෙවැන්න තමයි ශ්‍රීලනිපය මහින්ද මහතා යටතටත් අනෙක් පිරිස මෛත්‍රිපාල මහතාටත් එක්වීම. මේ සටන අවසන් වියහැකි ආකාරය දෙවැන්න බව මගේ හැඟීම. ශ්‍රීලනිපයේ අපේක්ෂකයාට එරෙහිව මැතිවරණයට ඉදිරිපත් වන්නෙකු ශ්‍රීලනිපයේ අයෙකු ලෙස නොසැලකිය යුතු යයි මහින්ද පාර්ශවයේ තර්කය නිවැරදි බවයි මගේ හැඟීම.

කෙසේ වුවත් මේ වනවිට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට ජනාධිපතිවරයා සමත්වී තියනව. මෙතනදී පක්ෂයකට ගැති නොවූ අප වැන්නන්ගේ ප්‍රශ්නය තමයි 'මුං එක්ක යහපාලනය කරන්න පුළුවන්ද?' කියන එක. අනිත් පැත්තට මහ මැතිවරණයකට නොයා දින සීයේ වැඩපිලිවෙල ක්‍රියාවට නංවන්න නම් පාර්ලිමේන්තුවේ බහුතරය අත්‍යාවශ්‍යයි. ඒක සොයාගන්න වෙන්නෙ දැන් තියන ඔලුගෙඩි 225 අතරින් තමයි. මේ ගැන මගේ අදහස මේක.

"දැන් ඉන්න අය සමඟ දින සීයෙ ගමන යන්න ඕන. 25-30ක කැබිනට්ටුවක් එක්ක ව්‍යයස්ථා සංශෝධනයකුත් කරගෙන දෙන්න පුළුවන් සහනයක් තියනව නම් ජනතාවට ලබාදීල හොරුත් එක්ක හෝ මේ ගමන යමු. දින සියෙන් පස්සෙ මහ මැතිවරණයකට යන්න පුළුවන්. ජිල්මාට් වලින් කැරට් අල වලින් තොරව, ආණ්ඩුව අවංකව රටට වැඩක් කරන බව පේන්න තියනව නම්, අට වැනිදා මහින්දට ඡන්දය දුන් අයත් එදාට රජය වෙනුවෙන් තමන්ගෙ කැමැත්ත ලබා දේවි. එදාට හොඳ මිනිස්සු ටිකක් පත්කිරීමේ වගකීම අපිට තියනව"

45 comments:

  1. දැන් අපට පැහැදිලි ආකාරයට Facebook /blog වලින් අන්තගාමී නොවන පාවෙන චන්ද වලට මෙම මැතිවරණයට බලවත් බලපෑමක් එල්ල කර ඇති බව පැහැදිලිය.
    ඒ නිසා අප කල යුත්තේ මෙම ක්‍රියාව දිගටම කර රට නියමිත මාර්ගයේ ගමන් කරවීමය්. ඒ සඳහා ඔබ වැනි අයගේ මහන්සිය ඉතාම අගය කරමි

    ReplyDelete
  2. හැම තැනටම, මේ දේශපාලන ගොහොරුවට වැටිච්ච නැති අලුත්ම මිනිස්සු ටිකක් පත් කිරීම ප්‍රැක්ටිකල් නැති දෙයක්. මිනිස්සුන්ට වඩා ක්‍රමයේ වෙනසක් වෙනවා නම් ඒ මිනිස්සු උණත් ඒවට හැඩ ගැහෙයි. හොඳ මිනිහෙක්ව තනතුරකට දාපුවහම ගොඩක් අයට ක්‍රමයේ වැරැද්ද පේන්නේ නෑ... නමුත් අපි වැඩි අවධානය දෙන්න ඕනේ කොයි මිනිහා එතනට ආවත් නීති විරෝධී වැඩ කරන්න බැරි ක්‍රමවේදයකට. ඔය කොමිෂන් සභා ටික පත් කලොත් නම් ලොකුම දෙයක්...

    ReplyDelete
    Replies
    1. ක්‍රමයේ වෙනස තමයි දින සීයෙන් සිදුවිය යුත්තේ. සහන ආදිය නැතත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අත්‍යාවශ්‍යයි. ඉන්පසුවයි මහ මැතිවරණය. ඒකෙදි හොඳ මිනිස්සු පත්කරන්න ඕන කියලයි කිව්වෙ. හොඳයි කිව්වට නරක උදවියත් එන බව අමුතුවෙන් කියන්න ඕන නෑනෙ උඹට.

      Delete
  3. මුලික පියවරවත් තබාවි යැයි සිතමු... අඩේ උඹ නියමෙට අනාවැකිය කියල නේ.. හැක්.. මම නං හිතුවේ මරා 52% කින් දිනයි කියලයි.. ඇත්තටම උම කිව්ව වගේ සමාජ ජාල වලට කල හැකි දේ මොනවද කියා ටක්කෙටම පෙන්නුවා සෝමේගේ කේස් එකේදී.. ඒක කොයි තරං ප්‍රභලද කියල කරුණාරත්න ලොක්කා දැනං ඉදල තියෙනවා.. හැක්..

    ReplyDelete
    Replies
    1. කරුණාරත්න ලොක්කත් බ්ලොග් කාරයෙක් නෙව.

      Delete
    2. කරුණාරත්න බ්ලොගේ මං යූටියුබ් ක්ලිප් එකකට ලින්ක් එකක් දැම්මා මතකයි
      ;-)

      Delete
    3. රසිකගෙ කමෙන්ටුව ගැන බුකියෙ සුජීවගෙ ස්ටේටස් එකකත් මම දැම්ම මතකයි. කොන්ද ආශ්‍රිත ව්‍යායාම ගැන කතාවකුත් එක්ක නේද දාල .තිබුනෙ? :-)

      Delete
  4. ඔය කාන්තාවන්ගෙ ඡන්ද කතන්දරේදි වැඩිපුරම බලපාන්නෙ පිරිමි වගේ ගෑණු දේශපාලනේ කතා කරන්නෙ නැති එක... ඒකට එක හේතුවක් තමයි පිරිමින්ට තරං කතා කරන්න කරුණු ගෑණුන්ට ලැබෙන්නෙ නැති එක... කාලෙකට කලින් ගෙදරට පත්තරේ ගෙනාවම පිරිමි පත්තරේ බැලුවට ගෑණුන්ට බලන්න හම්බුවෙන්නෙ නෑ... කියෙව්වොත් කියවන්නෙ ඒකෙ තියෙන කතන්දර ටික විතරයි... ඕපදූප කෑල්ල විතරයි... ඔය කාන්තා පත්තර වල එහෙම මේ ලෝකෙ දෙයක් නෑ පවතින දේශපාලන තත්ව ගැන...

    ටීවී එක බැලුවත් උදේට කාන්තාවන්ට කියල යන වැඩසටහන් ගොඩ අතර එක පැය බාගයක් වෙන් කරල නෑ දේශපාලන දැනුමක්‌ දෙන්න....

    ළමයි උස්සගෙන යනව, සිල් රෙද්දට ඡන්දෙ දෙනව කියල ඇදේට කිව්වට ඒකට හේතුව මේ රටේ තියෙන ක්‍රමයම තමයි.....

    ඔය කතාව මං මීට අවුරද්දකට කලින් මොකක් හරි බ්ලොග් එකක කිව්වම මගෙන් ඇහුවෙ ගෑණුන්ට දේශපාලන දැනුම දීලා මොකද්ද බලාපොරොත්තුවෙන්නෙ කියල.... ළමයි නොහද දේශපාලනේ කරන්නද කියල... මට මතක විදියට අර පිස්සු ස්ත්‍රීවාදියද කොහෙද... කොහොම උනත් මේ සමාජයෙ එක කට්ටියක්ම ඒ විදියට හිතන බව මට ෂුවර්....

    කාන්තා ඡන්ද වැඩිපුර වැටෙන්නෙ ගෙදර පිරිමියගෙ දේශපාලනේට... කඩේට ගිහින් බඩු ගනං වැඩියි කියල ආණ්ඩුවට බැන්නට, ඡන්දෙ වැටෙන්නෙ පිරිමියගෙ දේශපාලනේ බලපෑමත් එක්ක..

    ඔය ඉතිං බහුතරයක් කාන්තාවන්ගෙ ඡන්දෙ කතාව.. ඔය අතරෙ යම් තරමක් හරි දේශපාලනික දැනුමක් තියෙන ගෑණු අයත් ඉන්නව.. හැබැයි පිරිමි වගේ එළිපිට කතා කරන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. ළමයි හැදුවත් රැකියා කලත් මොනව කලත් ‍දේශපාලනය ගැන අව‍බෝධයක් ගැහැණු පිරිමි හැමට සමානව ලැබෙන්න ඕන. කාන්තාවන් දේශපාලනයට අකමැති වීම පරිණාමයෙන්ම එන දෙයක්ද මංද. පත්තරේක තියන දේශපාලන ලිපියක් වත් කියවන්න උනන්දුවක් නෑ.
      වැඩි දෙයක් ඕන නෑ බ්ලොග් කාරියන් කීයෙන් කීදෙනාද ඉන්නෙ දේශපාලනය කතා කරන?

      Delete
  5. //ජනාධිපතිවරණයේදී අපි දැකපු අනෙක් සාධනීය ලක්ෂණය තමයි සයිබර් අවකාශයේ සහ අනෙකුත් දියුණු මාධ්‍ය වල බලපෑම. //

    මේක මම මුල ඉඳන් දැක්ක. බොහෝ අය විස්වාස නොකලත් චයිනීස් ෆෝන් නිසා ෆේස් බුක් කියන්නෙ ගමටම ගිය දෙයක් වෙලා ඉවරයි. ඒ නිසා තමයි මහින්ද අපේ හොම්බ-කරා වගේ සෙට් එකක් දාල සල්ලි ගෙවල කට්ටිය හයර් කරල එෆ්බී කැම්පේන් එකක් කරේ!

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒ වගේම අලුත් ඡන්ද දායකයන් පරිගණක සාක්ෂරතාවය ඇති උදවිය. එහෙම බැලුවම ටිකක් බලාපොරොත්තු තියාගන්න පුළුවන් ඉස්සරහටත්

      Delete
    2. බ්ලොග් ලියලා සමාජය වෙනස් කරන්න බෑ කියලා ගොඩක් දෙනෙක් ගොඩක් තැන් වල කියනවා...එහෙම අයට මට කියන්න තියෙන්නේ ඒගොල්ලන් කැරපොත්තන්ට තියා සමනලුන්ටත් සිරීපාදේ යන්න බෑයි කියලා දන්න යාථාර්ථයේ සිරකරුවන් කියලා. ඒත් වාසනාවකට හෝ අවාසනාවකට යතාර්ථය කියන්නෙ අවසාන විනිශ්චය නොවේ....
      සිංහල බ්ලොග් අවකාශයේ සමනලුන්ගේ ත‍ටු සැලීම.....

      Delete
  6. රාජ් ගේ අදහසට එකගයි. දැන් අපිට පෙනෙන දෙයක් තමයි මහින්ද රාජපක්ෂ ලග හිටපු බොහෝ දෙනෙක් මයිත්‍රීට සහය දීමට එන බව. කරුණා අම්මානුත් පැමිණ ඇතිබවයි සදහන් වුයේ. එසේම සජින් වාස්ද පැනීමට සුදානමින් ඇති බවයි දැනගන්න ලැබුනේ.

    කොහොමහරි මගේ අදහස තමයි මේ දින සියය ඇතුලත වංචා දුෂණ වලට දඩුවම් දෙන්න යනවාට වැඩ ප්‍රමුඛත්වය දෙන්න ඕනි ජනාධිපති බලතල අඩුකර විවස්ථාව,මනාප ජන්ද ක්‍රමය සංශෝධනය කොට කොමිෂන් සභා ඇති කිරීමට.

    ඊට පස්සේ, ඒ කියන්නේ අප්‍රේල් වලින් පස්සේ එන රජයට භාරයි වංචා කරුවන්ට දඩුවම් දීමට. තව මාස තුනනේ තියෙන්නේ ඒකට. ඒ හින්දා දැන් හදිසි කරන්න,කලබල කරන්න හොද නෑ වංචා කරුවන් රටින් පනිනවා කියල. ඒ උදවිය ලෝකේ කොහේ හිටියත් අල්ලගන්න පුළුවන්.

    අනික් දේ තමයි මහින්ද සහ ඔහුගේ දුෂිත සහෝදර කැල මේ වෙලේ අත්තඩංගුවට ගත්තොත් ඔවුන්ට නිකන්ම ජනතාවගේ අනුකම්පාව හිමිවෙනවා. ඊළගට ඒක දඩමීමා කරගෙන මහින්ද ඊළග ජන්දෙන් දිනන්නත් බැරි නෑ. ඒ හින්දා මහින්දට සහ ඔහුගේ සහෝදර නඩේට මේ කාලය ඇතුලත කිසිම භාදාවක් නොකළ යුතුයි.

    රනිල් දැන් මහින්දට එන්න කියලා තියෙන්නේ පාප් වහන්සේ පිලිගන්නත්. ඔය විදියට ක්‍රියා කරාම ටික දවසකින් මහින්දගේ වටේ ඉන්නා අය අඩු වෙනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. උපරිමයෙන්ම එකඟයි. හරියට මම ලිව්ව වගේ. මගෙත් අදහස මේකයි.
      වතුර බොරකරගත්තොත් මාළුන්ව පනිනව. ෂේප් එකේ අල්ලගන්න ඕන.

      Delete
    2. මචන් ඇනෝ January 12, 2015 at 11:55 AM

      උඹ පැරාගෙ බ්ලොග් එකෙත් මෙහෙම ඩීසන්ට් කතා කර කර, ඒ අස්සෙම අර බේබදු ඇනෝ ගොන් පාට් එක දැම්මෙ ඇයි? ආතල් එකට ද?

      උඹ නෙවෙයි කියල නම් කියන්න එපා. දන්නෝ දනිති.

      Delete
    3. AnonymousJanuary 12, 2015 at 11:55 AM
      සත්තකින්ම මේක තමයි ක්‍රමේ.

      Delete
    4. AnonymousJanuary 12, 2015 at 11:55 AM

      ඇනෝ උඹ කියන දේත් ඇත්ත.දැන් මේ කලබල අස්සේ මහින්ද සහා පවුලේ,සහෝදර සමාගමේ අයට විරුද්ධව කටයුතු කරන්න ගියොත් ජනතා අනුකම්පාව ලැබෙන්න තියෙන ඉඩ බොහෝම වැඩියි.මහින්දත් හොඳ නළුවා නිසා එකෙන් වෙන අවදානමත් වැඩියි.

      Delete
  7. සතුට යනු
    දුන් මනාපය ජය ලැබීමයි.
    දුක යනු
    මනාපය දීම ගැන පසුව කළකිරීමයි.
    මෛත්‍රී, වෙනසකට අවස්ථාවයි මේ.

    ReplyDelete
    Replies
    1. කලකිරෙන්න එපා. තව කල් තියනව කලකිරෙන්න. ඒ වෙලාවට කට්ටිය එක්ක කලකිරෙමු :-)

      Delete
  8. කරන්න දෙයක් නෑ මචෝ ඇඟේ මාළු නැටුවත් යතාර්ථය අවභෝධ කර ගන්න ඕන. ඉන්න යක්කු ටික එක්කම තමයි තොයිලේ නටන්න වෙන්නේ. සිරි ලංකා නිදහස් පස්සෙට නම් උනේ. අනික් පක්ස වලට කරපු කරුමේ පටිසන් දීම. පරණ යකා ලේසියෙන් යන යකෙක් නෙමෙයි. ඌ ලේ වලට මාර ආසයි. දැන් ලේ ඉල්ලන්නේ. අපි උපරිම උත්සාහ කරන්න ඕන මෙන්න මේකට එරෙහිව සටන් කොරන්න.

    ReplyDelete
  9. දින සීයයෑඉ වැඩ පිලිවෙල ඉවර වෙනකන් බලමුකෝ නෙහ්

    ReplyDelete
  10. රාජ් දැක්කද ලංකාදීපේ තිබුන ලිපිය. පහලින් ලින්ක් එක.

    රනිල්ගේ අරුණෝද මෙහෙයුම

    ReplyDelete
  11. ඡන්දය ගැන මගෙ අනාවැකිය වැරදුනා රාජ්ගෙ අනාවැකිය හරිගියා.
    නමුත් මහින්දගෙ ඉරණම ගැන කියල තියන කතාවනම් පිළිගන්න බැහැ.දැන් මහින්දට සියල්ල නැතිවෙනව.ඒක ස්ථිරයි.ඔහු ලඟ සිටින සියළුදෙනා ඉවත් වෙනවා.ආරංචිය දැනටත් වැලනොකැඩි යනවලු.ශ්‍රීලනිප සභාපතිකමෙන් ඔහුව ඉවත් කරන එක සිම්පල් වැඩක්.
    අලුත් ආන්ඩුවෙ වරදාන වලට කෙළ හලන පිරිසක් ඉන්නව.තව අයට ඇමති සැප ටික කලකටවත් අමතක කරන්න බෑ,සේරටමත් වඩා කරපු හොරවැඩ එලිකරනව කියල බ්ලැක්මේල් කළානම් තුනෙන් දෙක හදාගන්නත් අමාරු නෑ.
    ලංකා දේශපාලනයේ මහින්ද යුගය අවසානයයි.ඔහුට කරන්න දෙයක් දැන් ඇත්තෙම නෑ.කෙනෙක් ඔහුට බියවෙනව කියන්නෙ හොල්මනකට බය වෙනව වගෙ දෙයක්.
    හැබැයි රටේ ජාතිකවාදී බලවේග එක් කරගෙන වෙනම ගමනක් ඔහු ගියොත් බලපෑම් කණ්ඩායමක් ලෙස ස්ථාපිත වේවි.හිටපු ජනාධිපතිවරයෙකු නායකත්වය දෙන එහෙම කණ්ඩායමක් මීට පෙර තිබූ ඒ වගෙ ඒවට වඩා බලවත් වේවි.එහෙත් ආයෙ කවදාවත් ආන්ඩු බලය නම් ගන්න බැහැ.

    ReplyDelete
  12. ඔව් රාජ්......

    ඡන්දය වෙලාවේ මහින්දට විරුද්ධව හිටපු අපිත් බලාපොරොත්තු වෙන්නේ මේ අාණ්ඩුව විකාර නොකරාවි කියලයි... ඒ වෙලාවේ මෙෙත්‍රීගේ පැත්තෙන් තිබුණ චෝදනාවන් දැන් වෙනස් කරගන යන්න උවමනයි.... යහපාලනය මිනිස්සුන්ට දැනෙන්න ඔ්න... සංවර්ධනය දැනුන්නේ නැහැ කියලා අපි කිව්වනම් දැන් ඒක දැනෙන්න ඔ්නේ.. ඊලග ඡන්දෙදි රාජ්‍ය මාධ්‍ය මධ්‍යස්ථ විය යුතුයි... රාජ්‍ය දේපළ භාවිතා නොවිය යුතුයි....

    ReplyDelete
  13. අපේ මාරයියාට හොර ජ්‍යෝතිෂකාරයා කීම හෙළා දකිමු.

    ReplyDelete
    Replies
    1. මෙයා හොර ජ්‍යෝතිෂයෙක් තමයි. අන්න බුකියෙ ෂෙයා වෙනවා මෙයා කියපු කතාවක්. මෛත්‍රි ආණ්ඩුවෙන් ඇවිල්ලා මුලින්ම මාධ්‍ය හමුව තිබ්බෙ තුදුස්වන සිකුරාදාවක රික්තාවෙ නිසා එතනින් එහාට ඔක්කෝම වැඩ පිළිවෙළ හබක්ලු. මෙයාගේ බොරුව මේකෙන්ම අහුවෙනවා නේද?

      මෙයාට රැවටිලා කේන්දර බලන්න සල්ලි ගෙවපු අය ආපහු ඉල්ල ගනිල්ලා...

      Delete
    2. මාරයා අයියා සිය 40 ශ්‍රී ලොරියද, ඔහුගේ අනෙක් සියළු යාලුවන්ද බුකියෙන් හලා, රටින්ද අන්තරස්ධාන වී ඇත.

      මෙයට සෝකයට පත් කබ්බන් පෝස්ට් හලමින් නහයෙන් හඬමින් මාරයා අය්යා ගැන තැවෙයි.

      මේ අතර අපට වාර්ථා වන්නේ මාරයා අය්යා තමන් රිට්ඨාවක් සම්බන්ධ කරමින් කල තඩි අනාවැකියක් බොරු වීමේ ලැජ්ජාවට, සිංගප්පූරුවේ හොටෙලයක පිඟන් සේදීම සඳහා පලා ගොස් ඇති බවයි.

      - නීරස පුවත්

      Delete
  14. හඳහන් ගැන හොඳ විග්‍රහයක් මාතලන්ගේ අලුත් පෝස්ට් එකේ මද්යස්ත මතධාරියා කර ඇත.

    සිරි ලන්කා පක්සය මගේ ප්‍රියතම පක්සය බවට ඊයේ පත් විය. ආයිත් ලියන්න කම්මැලි නිසා හේතුව කොපි පේස්ට් කර පහල :-

    "අපේ සබාපති තරඟකලා
    අපේ ලේකම් තරගකලා
    අපි අපේ සබාපතිට සපෝර්ට්කලා
    අපේ සබාපති පැරදුනා
    අපේ ලේකම් දිනුවා
    අපේ ලේකම් දිනුවහම එයා අපේ සබාපති වෙනව, අපි එයාට සපෝර්ට්කරනව
    එතකොට අපි තාමත් අපේ සබාපතිටම තමය් සපෝර්ට් "

    කවුරුමොනවා කිව්වත් මේ වගේ නිර්මාණශීලී තර්කානුකූල නම්යශීලී ප්‍රබුද්ද ප්‍රගතිශීලී චින්තනයකින් යුත් අය යහපාලනයකට ඕනැ කියල හිතෙන්නෙනැද්ද?

    හැමදාම සීරියස් යහ පාලන කතාම අහගෙන ඉන්න බෑනේ. දැන් සුමනදාසත් නැති එකේ වෙන කවුරුද අපිට එන්ටටේන්මන්ට් දෙන්නේ?
    යූඑන්පී විනෝද සමය පිස්ස ඇට්ටනායකගෙන් දැනට ඉවරයි , දැන් සිරි ලන්කා.
    මං නම් උන්ට හරි කැමතියි,

    ReplyDelete
    Replies
    1. දැන් නිල්පාට පක්ෂ දෙකක් තියෙනවා.
      ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - මහින්ද ගේ නායකත්වයෙන් පරණ කෘත්‍යාධිකාරී මණ්ඩල බහුතරය සිටින පක්ෂය
      සිරි ලන්කා පක්ෂය - සිරිසේන ගේ සබාපති කම පිළිගන්නා ඉහත කී චුන් ප්‍රකාශ කරන පක්ෂය. නායකයා සිරිසේන බැවින් එම පක්ෂය සිරි ලන්කා පක්ෂය වේ.

      Delete
    2. /නායකයා සිරිසේන බැවින් එම පක්ෂය සිරි ලන්කා පක්ෂය වේ./

      එහෙම නම් නායකයා රාජපක්ෂ වෙන පක්ෂය රාජ ලංකා නිදහස් පක්ෂය වෙන්න ඕනැ නේද?

      Delete
  15. මම හිතුවෙත් මහා ජන්දෙකට යන එක හොඳයි කියලා මුලින්ම.නමුත් ටිකක් හිතලා බැලුවාම ඒකට වැඩිය කලබල නොවී ඉන්න ඉන්න එකත් හොඳයි.කොහොමත් ඊගාව පාර්ලිමේන්තුව මේ පාර වගේ ජරා ගොඩක් නොවන බව විස්වාසයි.

    ReplyDelete
  16. ඇමතිවරු 25කට නොවැඩි කබිනට්ටුවක් යටතේ බදු ඉවත් කල ඉන්දන සහන මිලට ලැබෙන තෙක් බලාසිටිමි.

    ප.ලි: දවස් පහකට කලින් හොරු යයි කී සජින් වස් ලාට සමාව දීම ඔබලාගෙ දේව ගතියකි!

    ReplyDelete
  17. රට යන්නේ කොයිබටද? අපි යන පැත්තට...:P

    ReplyDelete
  18. මට නිකන් හිතෙනවා කවුරු ආවත් රට වල පල්ලට යනවා කියලා . හැබැයි ඒකෙ වේගය පලනය කිරීමක් තමයි මේ උනේ . සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා !!

    ReplyDelete
  19. ඔබගේ ලිපියට සම්පුර්ණයෙන්ම වාගේ එකගයි. මොන පක්ෂෙන් කලත් රටට හොඳක් වෙනවා දකින්න තමයි අපි කැමති. නමුත් දැන් කරන සමහර වැඩ අනුමත කරන්න බැහැ. කලින් රජය කළා කියලා ඒ වැරදි මොවුන් කිරීම සාධාරනී කරණය කරන්න බැහැ.
    1.රාජ්‍ය මාධ්‍ය කඩේ යැවීම. මේවා නිසි කළමනාකරණයෙන් ලාබ ලැබිය යුතු ආයතන.
    2.අනවශ්‍ය වියදම්. වාහන පෙළපාලි ගිහින් කල විකාර වැරදියි
    3.ඇමති මන්ඩලය 25-30 සීමාව ඉක්ම වීම සහ තව අය පසුව පත්වීම
    4.ලැජ්ජා නැති විදියට කිහිප දෙනෙක් රැස් කර නිදහස් පක්ෂ සබාපති තමා බව ප්‍රකාශ කරව ගැනීම සහ එය නැවත නැවත රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රකාශ කරවීම. සත්‍ය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ප්‍රකාශය රාජ්‍ය මාධ්‍ය වලින් වසන් කිරීම.
    5.වාසි තකා යම් යම් පුවත් වසන් කිරීම.

    කොහොම වුනත් ජනතාවට සහනය ලැබෙන වැඩ සහ ජාතිවාදීන් ගේ අරමුණු ඉටු නොවීම අපගේ පැතුමයි

    ReplyDelete
    Replies
    1. කළුවෝ තොගෙ කාලෙ ඉවරයි. දැන්වත් අපට තව පව් නොදී චුත වෙයන්.... කාලකණ්නියා!

      Delete
  20. ඡන්දෙ දිනල ජයපැන් බීල දවස් 5කින් මේ පැත්තෙ ගොඩ උනේ.. හැක් හැක්.. ආපහු යුද්දයක් (දේශපාලන ) කරන්න කරුණු යෙදෙන හැඩයි..

    ReplyDelete
  21. මහමැතිවරණය කදී මීටත් වඩා සුබදායි ලෙස ඡ්න්දය වැටුනොත් ඔය අපිරිසිදු ඔළු එලියට විසිවේවි එතකොට පුලුවන් වෙයි හරි මොල එක්කාසුකරලා කවුන්සිලේ හරිමගට ගන්න

    ReplyDelete
  22. 1. Ranil
    2. Ravi
    3. Eran
    4. Premadasa
    5. Naveen
    6. Harsha
    7. Swaminathan
    8. Gayantha
    9. Mangala
    10. Rajeewa Wijesinghe
    11. Hakeem

    We thank JVPens and Former JVPens for making "our folks" Ministers!


    Floret!!!!

    ReplyDelete
  23. ආයෙම ඡන්දෙකට නොගිහින් බහුතරය අරන් ව්‍යවස්ථාව වෙනස් කරනවනම් හොදයි.. හබැයි ඊට පස්සේ කියයි හොරුන්ව ලං කර ගත්තා කියලා.. කොහොම උනත් ඊලග ඡන්දේ තීරණය වෙන්නේ මේ දවස් 100 වැඩ පිළිවෙල මත තමයි.. අපි බලාගෙන ඉමු..

    ReplyDelete
  24. චන්ද දායකයින් පුද්ගලයන් වටා නොව ප්‍රතිපත්ති වටා ගොනුවෙන දවස නුදුරින් බව දැනී සතුටක් ඇතිවිය.
    නමුත් අලුත් විදියට හිතන තරුණ පරපුර අතරද කැපුවත් කොල නිල් අය ඇති බව දැක දුකක් ඇතිවිය.

    ඇත්තටම අර පෙන්නන සිතියම වගේම සිතියම් හැදුවොත් ගෑනු චන්ද පිරිමි චන්ද වලට, නාකි චන්ද තරුන චන්ද වලට, අමද්‍යප සහ කන බොන මිනිසුන්ගේ චන්ද වලට අපිට ගෑනුන්ගේ ජනාධිපති, කොල්ලන්ගේ ජනාධිපති සහ කන බොන මිනිසුන්ගේ ජනාධිපතිත් සොයා ගත හැක.

    ReplyDelete
  25. මේ දින සිය ගැන හැමෝම අවදානෙන්. වෙනසක් වෙන්න දුන්නේ පරහට හරහට නෙවෙයි හොදට. එහෙම වෙන්න කියල අපි හදවතින්ම ප්‍රර්ථනා කරමු

    ReplyDelete