Wednesday, January 21, 2015

උණුසුම් ඡන්දෙ මැද්දේ ඉලෙක්ෂන් ඩියුටි අස්සේ........

[මෙවර ඡන්දය අපට ලබාදුන් ජ්‍යෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධනයන්]

මෙදා ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරී දීල තිබුනෙ කාර්යාලයට වගේම ගෙදරටත් ටිකක් විතර කිට්ටු තැනක. ඒ මදිවට අපේ ප්‍රාදේශිකය ඇතුලෙම තිබුන පොඩි ඉස්කෝලෙක. ඔන්න ඡන්දෙට කලින් දවසෙ මධ්‍යස්ථානෙට ගියා. ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හෙවත් එස්පීඕ මහත්තයයි මෙදා සැරේ අලුතෙන් අැතිකරල තිබුන අතිරේක එස්පීඕ මහත්තයයි, ගෝලයයි, තවත් මිස්ලා දෙන්නෙකුයි ඇවිලිල හිටිය. එස්පීඕ මහත්තය අර නෝනලත් හවුල් කර‍ගෙන බරටම වැඩ. හෝ ගාල ලියුම් කවර ලියනව.

ඡන්ද ඩියුටි කතා ගැන මීට කලින් ලිපි දෙකකුත් තැපැල් ඡන්ද ගැන ලිපියකුත් ලිව්ව. ඊට අමතර කාරණා කිහිපයකුත් තියනව කියන්න.
අට වැනිදා තිබුන ඡන්දයට අදාල රාජකාරී පටන් ගන්නෙ ඊට සතියකට විතර කලින්. ඒ කියන්නෙ සුභසාධන අංශය එහෙම කලින්ම ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ කඳවුරු බැඳගන්නව. ඡන්ද මධ්‍යස්ථානවලට අදාල රාජකාරී පටන් ගන්නෙ කලින් දවසෙ. හත් වැනිදා උදේම ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගිහිල්ල එතනින් දෙන ඡන්ද පෙට්ටිය, ඡන්ද පත්‍රිකා ආදී අඩුම කුඩුම සියල්ලම අරගන්න ඕන. ඒ රාජකාරිය පැවරෙන්නෙ එස්පීඕ මහත්තයට සහ එයාගෙ ගෝලයට. බඩුටික භාරගත්තම වාහනයක් සහ ටීපනස් හයේ දෙකක් අතැති පොලිස් රාලහාමිල දෙන්නෙක් ලැබෙනව. කැමති නම් තමන්ගේම වාහනයක යන්නත් එස්පීඕ මහත්තයට පුළුවන්. වාහනයට අදාල ගාස්තු සහ රියදුරු ගාස්තුත්, ගෝලයගෙ ගාස්තුවත් එස්පීඕ මහත්තයට ගෙවනව. සාමාන්‍යයෙන් පෙට්‍රල්/ඩීසල් අනුව ගෙවන මේ ගාන ලොකු ගානක් නෙවේ.

එස්පීඕ මහත්තය කිව්වම මතක් උනේ, මහත්වරු විතරක් නෙවේ එස්පීඕ නෝනලත් ඉන්නව. රාජ්‍ය සේවයේ පිරිමින්ගේ හිඟය නිසා සමහර අවස්ථා වල නෝනලා යොදාගන්නව. නවාතැන් පහසුකම් හොඳ මට්ටමින් තියන තැන් වලට එයාල යොදාගන්නව. ඊට අමතරව මහත්තයත් ඉලෙක්ෂන් ඩියුටි ඉන්න කෙනෙක් නං එයාටත් ඒ මධ්‍යස්ථානයේම ඩියුටි හදල දෙන්න පුළුවන් කියල නීතියකුත් තියනව. ඒත් ඉතිං නෝනත් එක්ක ඩියුටි ඇවිල්ල ආතල් එකක්වත් ගන්නෙ කොහොමද නේද? හරි ඒ කතා ඇති.

ඡන්දෙට කලින් දවසෙ දෙන බඩු ටික අරගෙන මධ්‍යස්ථානයට ඇවිල්ල සුදුසු ගොඩනැඟිල්ලක් තෝරාගෙන එතන ඡන්ද දායකයන්ට ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට ගන්න ඕන. ඊට අමතරව ඡන්ද පෙට්ටියත් එක්ක භාරදිය යුතු වාර්තා ආදිය බහාලන ලිපි කවර ලියන්නත් තියනව. මේව කලින් දවසෙ කරගත්තම ඡන්දෙන් පස්සෙ ඉක්මනින් ගෙවල් වල යන්න පුළුවන්. නැත්තං ඡන්දෙ හතරට ඉවර කලාට යන්න වෙන්නෙ පහට හයට විතර තමයි. ඒ වැඩ රාජකාරි ඉවර වුනාම හයට විතර නෝනලාට ගෙදර යන්න පුළුවන්. එයාල එන්න ඕන ඡන්දෙ දවසෙ උදේ හයට විතර.

මාත් එක්ක, අපේ මධ්‍යස්ථානෙ පිරිමි උදවියට හිටියෙ එස්පීඕ මහත්තයයි, දෙවනියයි, එස්පීඕගෙ ගෝලයයි, ජේපීඕ මහත්තයෙකුයි, ලිපිකරු මහත්තයෙකුයි. ලිපිකරුවා ගුරුවරයෙක්. ජේපීඕ කෘෂිකර්ම නිලධාරියෙක්. දෙවනියත් ගුරුවරයෙක්. එස්පීඕ ඉඩම් නිලධාරියෙක්. එහේ මෙහේ කැරකි කැරකි ඉන්නකොට ජේපීඕ මහත්තය කිව්ව එයා ගෙදර ගිහිල්ල උදේට එන්නං කියල. අනෙක නවාතැන් ගන්න තිබුනෙත් ඉස්කෝලෙ පුස්තකාල කාමරයක. මාත් කල්පනා කලා ගෙදර යන්න. කෝකටත් කියල ලිපිකරු මහත්තයට මුට්ටිය දාල බැලුව.

"හා! එහෙනං වීරකැටියට ගිහිල්ල බෝතල් දෙකක් ගේමු" අන්න එහෙම එපායැ ඉන්න. එස්පීඕ මහත්තයත් ඕකේ එක දුන්න. එයාගෙ ගෝලයත් හොඳ බෙබෙක්. එයා තමයි කිව්වෙ "වීරකැටියෙ සංස්ථා නෑ" කියල. ඒ ගමන වලස්මුල්ලට ගිහිල්ල බෝතල් ‍ගේන ඩියුටියත් එයා භාරගත්ත. අන්තිමට ගෙදර යන්න හිටිය මගේ අනිත් සගයත් නැවතුනා. පොලීසියෙ රාලහාමිලා නං පාවිච්චි කලේ නෑ. හතරැස් බෝතල් දෙකක් හිස් කරල ඉවර වෙද්දි නිදාගන්න බෑ කිව්ව ගුරු මේස උඩ යස අගේට නිදාගත්තෙ නැතෑ එලි වෙනකල්. ඔන්න උදේ පහට විතර ඇහැරිලා ලැහැස්ති වෙන්න පටන් ගත්ත. කලින් දවසෙ මැදල බෑග් එකට දාපු සුදු කමීසය හොඳටම පොඩි වෙලා. දැං මොකෑ කරන්නෙ? අනිත් අයගෙත් එහෙම තමයි. රාලහාමි තේ අරගෙන එද්දි ටිකක් දවල් වෙනව. මේ අතරෙ අපි නැවතිලා හිටිය පුස්තකාල කාමරේ තිබිල මට අහුවුනා හීටරයක්. වතුර ජෝග්ගුවක් පුරවලා හීටරේ දැම්ම බලන්න. බඩු වැඩ! ඒ ගමන කලින්දා රෑ පාවිච්චි කරපු හතරැස් බෝතල දෙකට පිරෙව්ව උණු වතුර. ටිකක් නිවෙන්න තියල මූඩිය තද කරල ඇඳගෙන හිටිය සරම මේසයකට එලල බෝතල් ඉස්තිරික්කෙන් මදින්න පටන් ගත්ත. ප්‍රාග් ඓතිහාසික මානවයා රෙදි මැද්ද කියන්නෙත් ඔහොමලු නෙ! මෙන්න එකා එකා එනව රෙදි මැදගන්න. බෝතල් දෙක නිවෙද්දි කස්ටියගෙම කමීස සූදානං.

ඩියුටියේදි නං මොකුත් විශේෂ සිදුවීම් උනේ නෑ. එක සැරයක් කන සාක්කුවෙ දාගත්ත බුවෙක් ආව. පොලිස් රාලහාමි කෙනෙක් එයාව ෂේප් කරල යැව්ව. අන්තිම වෙද්දි මහින්ද මහත්තයගෙ ගෝලයො සැට් එකක් ඇවිල්ල ත්‍රීවීල් එකක් විතර සයිස් රතිඥ්ඥා වැල් වගයක් බෑව ඡන්ද මධ්‍යස්ථානයේ ගේට්ටුව ඉස්සරහ. ඒ වෙලාවෙ පොලිසියෙ රාහලමිලා මැදිහත් වෙලා රතිඥ්ඥා ටික ටිකක් ඈතින් දල්වන්න කියල කිව්ව. ඡන්දය සලකුණු කරන්න බැරි උදවියගෙ ඡන්ද දහයක් පහලවක් විතර අපි ලකුණු කලා. හිටපු ජනාධිපතිතුමාගෙ ගම් පලාත නිසා වැඩි ප්‍රමාණයක් එයාට තමයි ලකුණු වුනේ. දෙන්නෙක්ද කොහෙද මෛත්‍රී පාලනය වෙනුවෙන් දාන්න කිව්ව. අපේ දෙන්නෙක් එකතු වෙලා තමයි ඒ කාර්ය කලේ. ඒ ගම් පලාතෙ කිහිප දෙනෙක් එක්ක කතා කරද්දි දැනගත්ත දේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තය පිරිහෙන්න හෙතුව ඔහුගේ වැඩිමහල් පුත්‍රරත්නයේ ක්‍රියා කලාපය නිසා බව. ඕව ඉතිං හරියට කියන්න බෑ. අනෙක මේ වෙද්දි වෙන්න තිබුන දේ වෙලා ඉවරයි නෙව.

56 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. රාජ් මෙහෙම ලිපියක් ලියයි කියල මං හිතුව.ඡන්ද රාජකාරියක් කෙරෙන විදිය ගැන මෙහෙම අදහස් දැක්වීමක් හරිම ප්‍රයෝජනවත්.
    මමත් ඉස්සරවෙලාම මේ පාර ඡන්ද ඩියුටි ගියා.මට නම් එපාම වුනා.මම ගියෙ සහකාර තේරීම් භාර නිළධාරි ( Assistant Returning Officer ) විදියට.කවුන්ටින් විතරයි වැටුනෙ. Zonal ආවනම් විවිධත්වයක් තියනව.ඡන්ද මධ්‍යස්ථානවල ඇවිදින්නවත් තිබුනාකවුන්ටින් කියන්නෙ නම් වහ.මුළු රෑම හිටගෙන .
    ගනන් කරන එවුන් නම් පුටුවල ඉදගෙන ගණන් කළා. අපි කළේ උන්ව අධීක්ෂණය කරපු එක.. උන් පිටිපස්සෙන් හිටගෙන හිටිය එළිවෙනකම්ම.ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියාට සහාය වුනා.අනික ඒ කාමරේ පුංචියි.නිරීක්ෂකයොයි පක්ෂවල නියෝජිතයෝයි ලබ්බ ඇතුලෙ වයිද්දෙ වගෙ.
    ඒ මදිවට දොරවලුත් වහල.දාඩියත් දානව

    ඒ මදිවට ඒ ආර් ඕ ල නමවෙනිදත් හවස් වෙනකම්ම නවත්වගෙන හිටිය.දෙවෙනි මනාපෙ ගනන් කරන්න වුනානම් අපටලු ගනන් කරන්න වෙන්නෙ.එස්. පී .ඕ ල ජේ. පී .ඕල අනෙක් කාර්ය මණ්ඩලය ගෙදර ගිහින්නෙ.

    හොඳ වෙලාවට එහෙම වුනේ නෑ.මහින්ද ගෙදර ගිහිනුත් සෑහෙන වෙලාවකට පස්සෙ අපි ගෙදර ගියෙ.

    ඡන්ද රාජකාරි ආතල් කියල රාජ්ල කීවට මට නම් කුණු කට්ටක් වුනා.



    ReplyDelete
    Replies
    1. ඡන්ද රාජකාරියෙ ආතල් එක අපිට තමයි. ARO කියන්නෙ එක්කෝ ඇවිදින්න වෙන නැත්තං හිටගෙන ඉන්න වෙන ඩියුටියක්. වෙනස ඒකයි. ගනන් කිරිල්ලට මාත් යන්නෙ නෑ. හේතු දෙකක් නිසා. එකක් ෆෑන් එකක්වත් නැති කාමරයක කූඩුවෙලා ඉන්නකොට මට නං හරියට හුස්ම වැටෙන්නෙත් නෑ වගේ. අනෙක ඡන්දෙ දා රෑට ආතල් එකේ ප්‍රතිපල අහන්න ඕන.

      Delete
    2. //.මහින්ද ගෙදර ගිහිනුත් සෑහෙන වෙලාවකට පස්සෙ අපි ගෙදර ගියෙ.// :)

      Delete
  3. ආන්න බලන්න :D

    අපේ රාජ් අයියලගෙත්
    බ්‍රෑන්ඩ් එක ගල් !!!!!!

    වීරකැටියෙ සෙන්ට්‍රල් එකට මං අවුරුදු තුනක් ඉස්කෝලෙත් ගියා නෙවැ රාජ් අයියා.. ඕ යේස් .. ‍රෙෂ්පට් ඈ !!!

    ReplyDelete
    Replies
    1. ඈ............ උබ ඉස්කෝලෙත් ගියාද බන් ???????

      Delete
    2. අප්පට සිරි පත්තර මල්ලි අවුරුදු තුනක්ම ඉස්කෝලෙ ගිහිල්ල තියනවනෙ!!!!. අපි සලකනව මදිද මංද එතුමාට.
      රාජකීය දයිවඥ තනතුරට වුනත් හොඳයි. සොරි සොරි දැන් රජ කාලෙ ඉවරයිනෙ. පොලිස් මාද්ය ප්‍රකාශක හරි, උපකුලපති හරි වගේ එකක් ? කැලණිය ප්‍රධාන සංවිදායකකම? ආරක්ශක අමාත්යංසෙ අදීක්ශන මංත්‍රී?

      Delete
    3. @ පත්තරේ,
      බොලා ඒ අවුරුදු තුනම හිටියෙත් එකම පන්තියෙ වෙන්ටැ.

      Delete
    4. (නෑ නෑ මම හිටියෙ වීරකැටියෙ සෙන්ට්‍රල් එකේ නෙවේ. ඒ කිට්ටු වෙනත් කණිෂ්ට විද්‍යාලයක.)

      මං හිතන්නෙ කැලනියෙ ආසන සංවිධායක කමටයි හොඳ

      Delete
    5. ආ මෙන්න මැලේ ඇවිල්ලා.. :D . ඕ යේස්..ඒ අවුරුදු තුනයි මොන්ටිසෝරිත් අවුරුද්දක් ගියා.. ඔක්කොම හතරයි .හැක්

      ඔන්න ප්‍රා මං කැමතිම එක උපකුලපති :D බිකෝස් අධ්‍යාපන සුදුසුකං මදි අනිත් එව්වට..තව තියනව කාගිල්ස් එකේ සභාපති වගේ .. මොකද අනිත් තැන් වල බඩු කලවම් :D

      ප්‍රසන්න අයියා.. ඇත්‍තම කියනවානං සෑර්ල මිස්ල අතිං ලකුණු දීල පාස් කරා අනිත් ළමයි ගැන හිතල :D

      Delete
    6. අඩේ ඒ කියන්න උඹ තුන පාස්.. අනේ ඒකට අපි.. ඊයෙත් එකෙක් මගේ එඩියුකේසොනල් කොලිපිකේසොන් අහලා තිබුනා බං..

      Delete
    7. හුකෑස් .. නවලෝක මුදලාලිටත් අකුරු බෑ . ඒ අතිං අපි හොඳයිනේ බං :D

      Delete
  4. කෙහෙල්වත්තෙ චූටි මහත්තයෝ.. මෙන්න මේ රාජ් කොල්ලා උපං ඇඳුමෙං උදේ පාන්දර සරම එලාගෙන අරක්කු බෝතලෙං රෙදි මදින එක ගැන කාටූන් එකක් පලකරපියෝ !

    ReplyDelete
    Replies
    1. ඇයි කලිසම ඇඳගෙන නේද කමිසේ මදින්න ඇත්තේ?

      Delete
  5. රසවත් සිදුවීමක් දෙකක් එහෙම නැද්ද
    මං කීවෙ බෝතල් පාටිය හැර වෙනත් යමක් එහෙම

    ReplyDelete
    Replies
    1. නෑ වෙනත් යමක් නං සිද්ධවුනේ නෑ.

      Delete
  6. අර උඩ රූපේ ඉන්නේ කවුද රාජ්............. අපිට මිනිහව මතකම නැති වෙලානේ......... ඔය වගේ ම මූණක් තියෙන රත්තරං පාටට හුරු..... පිම්බිච්ච ඒකෙක් හිටියා මහවාසලේනම්..........................

    ReplyDelete
    Replies
    1. යකෝ ජාතික වීරයෙක් ඔහොම අමතක කරන එක හොඳද!

      Delete
  7. //ඇඳගෙන හිටිය සරම මේසයකට එලල//
    හොඳ වෙලාවට ගෑණු කට්ටිය හිටියෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. නිර්වස්තරෙං හිටියෙ නෑ බොල!

      Delete
  8. ම්රු ඇදුම් මැදිල්ල.. ඔය ඡන්ද ඩියුටි රාත්‍රි්ය තමා රසවත්. මොකද එක එක ජාතියේ බුවාල නේ සැට් වෙන්නේ.. සමහර චන්ද වාහන සතියකට කලින් ඇවිත් සතියක් පහු වෙලා තමා ආපහු යන්නේ.. ඕ යෑස්..

    මේ පෝස්කටුවේ නැති උනත් අපේ පත්තරයා අවුරුදු තුනක් (එකම පන්තියේ හරි) ඉස්කෝලේ ගියපු එක කොයි තරං ආඩම්බරයක්ද බොලං..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ පත්තරය එකම පන්තියෙද අවුරුදු තුනක් හිටියෙ?

      Delete
    2. @Deshaka,
      හරි ආඩම්බරයි, PM තුන් පාරක් එකම පංතියෙ බලයට පත්වීමට හැකිවීම ගැන. හොඳවෙලාවක් බලල තමයි ඉස්කෝලෙට ඇතුල්කරන්න ඇත්තෙ

      Delete
    3. ආඩම්බරයි හසන්ත .. මට වඩා අපේ තාත්තට තමා ආඩම්බර රිපෝට් එක ඇරං යද්දි දේශො :D

      ඕ යේස් ප්‍රා. වම් කකුලයි දකුණු කකුලයි එකපාර පෙරට තියල ගියෙ :D අන්න ඒකයි රහස .

      Delete
  9. ලොක්කා ආපහු දින්නා නම් රාජ්ලට ආපහු ඡන්ද ගණන් කරන්න නොයාම ඉන්න තිබ්බා

    ReplyDelete
  10. මම දැක්කා හැන්දෑවේ අර මැදමුලනේ හෙලිකොප්පරේ බාන තැන ඉන්නවා.. තාම අර උඹලයි ගේ ඉස්සරහ උන්න විහාර මහා දේවී ඉන්නවද බං..

    ReplyDelete
    Replies
    1. අපොයි ඒ උත්තමාවිය යහතිං ඉන්නව.

      Delete
  11. 'ඒ ගමන කලින්දා රෑ පාවිච්චි කරපු හතරැස් බෝතල දෙකට පිරෙව්ව උණු වතුර. ටිකක් නිවෙන්න තියල මූඩිය තද කරල ඇඳගෙන හිටිය සරම මේසයකට එලල බෝතල් ඉස්තිරික්කෙන් මදින්න පටන් ගත්ත.'

    රාජ් හෙලුවෙන්ම පාත් වෙලා රෙදි මදිද්දී හෙල්ලි හෙල්ලි තිබුන රාජ්ගේ චූ පැටියාත් උණු වතුර පුරවපු ගල් බෝතලේට අහු උනානං තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. :-)
      හෙලුවෙන් නෙවේ බොල.

      Delete
  12. සරම ගලවන් රෙදි මදිනකොට රාජ් ප්‍රාග් ඓතිහාසික මානවයා වගේ ඉන්ඩ ඇති තමා . ඔය වෙලාවෙ සාරි හැට්ටයක් මැදගන්න ආවනම් තමයි වැඩේ.

    ReplyDelete
    Replies
    1. නෑ බොල ටවල් එක ඇඳගෙනයි හිටියෙ

      Delete
  13. /මෙවර ඡන්දය අපට ලබාදුන් ජ්‍යෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධනයන්/

    මෙතුමා වගේම මෙතුමාගේ අභීත ගෝල රත්නයක් වූ ජ්‍යෝතිර්වේදී චතුෂ තුෂර කුමාර කැකුළාවල මැතිතුමාද ජාතිවාදය වැපිරීමෙන්, පඩ ටෝක් දීමෙන්, බොරු අනාවැකි කීමෙන් හා ගොන් කතා කීමෙන් මහින්ද මහත්තයාට බුකියේ අඩුතරමින් ඡන්ද පහක් දහයක් වත් කැඩීමට ලොකු සම්මාදමක් වූ බව සඳහන් කළ යුතුය. දැන් කැකුළාවල මැතිතුමාද මරාගේ අනෙකුත් හෙන්චයියන් සේම සැඟවී සිටියි. ඒ නිසා මෙ පෝස්ට් එක සමඟ ජ්‍යෝර්තිර්වේදී කැකුළාවල මැතිතුමාගේ පින්තූරයක්ද පළ කළා නම් හොඳයි.

    ReplyDelete
  14. යකෝ දැන් මෙතැන වැඩි හරියක් හිතෙන් මවා ගන්නෙ රාජ් හෙලුවෙන් ඇඳුම් මැදපු සීන් එක නෙවැ. මෙච්චර සබ්ජෙක්ට් කාරයො ඉන්නවද බං? අපි හිතුවෙ කකා විතරයි කියල නෙවැ.

    ReplyDelete
  15. අපේ ලොකු දුවත් මේ පාර චන්ද මධ්‍යස්ථානයක වැඩකලා කොළඹ. දවල් කෑමෙන් පස්සේ මෙන්න එවනවා එස්එම්එස් හෝ ගාලා තත්වය වාර්තා කරලා. මම උත්තරයක් යැව්වා ඔය විකාර කරලා එස් පී ඕ ට අහුවෙලා අමාරුවේ වැටෙන්න එපා කියලා. ඒ පාර මේ කෙල්ල රිං කරගෙනම ඇවිල්ලා කියනවා තාත්තේ එස් පී ඕ මහත්තයා වටේටම කෝල් දදා තත්ත්ව වාර්තා දෙනවා. කොහොමටත් මෛත්‍රී පාලනේ එයි වගේ කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම නං කියන්න බෑ දිනන්නෙ කවුද කියල. ඔය කියන්න ඇත්තෙ ප්‍රතිශතයන් වෙන්න ඕන. විටින් විට ප්‍රකාශිත ප්‍රතිශතය ඉල්ලනව.

      Delete
  16. ජෝතිෂ්‍යට ගිය දේසපාලනේ

    ReplyDelete
  17. දේශපාලන ලිපි වර්ජනය කර ඇත. :P

    ReplyDelete
    Replies
    1. ඡන්දය දේශපාලනික වුවද ඡන්ද රාජකාරි නිර් දේශපාලනික කටයුත්තකි.

      Delete
  18. මම පොඩි කාලේ තාත්තා එක්ක ඡන්ද පෙට්ටි බාරදෙන්න ගිහින් තියනවා....

    අපිට නම් ප්‍රතිඵල බලන්න තිබ්බේ උදේ... ලියනගේ අමරකීර්ති ෆේස්බුක් එකේ නිල නොවන ප්‍රතිඵල ගැන කතා කලා. හැබැයි නියම ආතල් එක දැනුණේ මහින්ද අරලියගහ මන්දිරයෙන් ගියා කියලා ලංකාදීපේ ෆොටෝ එකක් දාලා තිබ්බහම... ඔය මහත්මා විදිහට ගියාය කියන එක නම් මම විශ්වාස කලේම නෑ... දැන් ඔය ඇත්තටම සිද්ධ වෙච්ච දේ රාවයේ එහෙම දාලා තියෙන්නේ... මහත්මා විදිහට යන්න නම් මහත්තයෙක් වෙන්න එපැයි.

    ReplyDelete
    Replies
    1. ගෝලයටද ගියේ? සමහර එස්පීඕල, පුත්තු ගෝලයට එක්කගෙන එනව.

      මහත්මා විදියට ගියහැටි රටම දන්නව.

      Delete
  19. රෑට ඇඳපු සරම උඩ නම් මැද්දෙ, කමිසෙට සෙන්ට් ගහන්න ඕනිම නෑ.
    වීරකැටියෙ සංස්ථා නෑ.... පුදුමයිනෙ.

    ReplyDelete
    Replies
    1. සංස්ථා එකේ නීති ටිකක් තදයි දන්න තරමින්. පොඩ්ඩ එහෙමෙහෙ වුන ගමන් එයාල ඒ වයින් ස්ටෝර්ස් බ්ලැක් ලිස්ට් කරනව. ආයෙ බඩු දෙන්නෙ නෑ.

      Delete
    2. //වීරකැටියෙ සංස්ථා නෑ.... පුදුමයිනෙ.//
      හැලි අරක්කු වැඩිපුර පාවිච්චිවෙන පැතිවලට සංස්ථා වගේ සුපිරි බඩු දෙන්නෙ නෑ , එතකොට අපිට මදි වෙනව. සීදුව බඩු බස්නාහිර පලාතෙ අපිට. : D

      Delete
    3. හැලි? මං බොට කිව්ව කියල හිතාගනිං!

      Delete
    4. හැලි බොරෙන්ජ් බන් මූ කියන්නෙ.

      Delete
  20. හතරැස් බෝතලේ ඔය වැඩේ ටිකක් අමාරුයි.. රවුම් බෝතලේනම් ලේසියි.

    අර චන්ද හුඟක් මහින්දට දාපු කතාවයි දෙක තුනක් මෛත්‍රීට දාපු කතාවයි ඔය අවු අස්සෙම කොහොම හරි FB එකෙත් අප්ලෝඩ් කරා නේද?

    අවුරුදු දහතුනක් රාජ්‍ය සේවයේ හිටියට කවදාවත් චන්ද රාජකාරියකට කියලනම් සහභාගී වෙලා නෑ. ආයෙ රාජ්‍ය සේවයට එකතු වෙන්න බලාපොරොත්තුවකුත් නැති නිසා ඒ අත්දැකීම විදින්න වෙන්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ! දවසක් හරි යන්නයි තිබුනෙ.

      Delete
  21. ජන්දේ දවසේ අපේ රාජකාරිය නම් ඉතින් සුළගිල්ල පාට කරවාගෙන ජන්දේ පෙට්ටියට දාලා එන එකනේ..:)
    ආන්න දැක්කා නේද බෝතලෙන් ගන්න පුළුවන් තවත් වැඩක්.:D

    ReplyDelete
    Replies
    1. අර මල්ටි මොකද්ද වගේ නේ?

      Delete
  22. උඹලට ඩියුටිය ගෙවන්නෙ කෝමද ( ගාන නෙමෙයි ඇහුවෙ, ඒ ඒ නිළ වලට වැඩි අඩු වෙන විදිහ සහ ඒ ගෙවීම ලැබෙන විදිහ )

    ReplyDelete
    Replies
    1. ආයි ඉතිං ඕක කිව්වම මොකද, දීමනාව විදියට ලැබෙනව රුපියල් දෙදාහක්. ඊට අමතරව තවත් රුපියල් එක්දාස් පන්සීයක විතර ගමන් වියදම්-සංයුක්ත දීමනා ලැබෙනව හිටං. ඔය ජ‍ේපීඕලට සහ ලිපිකරුවන්ට.

      එස්පීඕ කෙනෙකුට ඊට ටිකක් වැඩියෙන් ලැබෙනව දීමනාව. ඊට අමතරව ගණන් කිරීමටත් යනව නං තවත් ගානක් ලැබෙනව. උපරිම ගනන පන්දාහක් විතර වෙයි ඕනනං.

      Delete
    2. ගෙවන විදිය කියන්න බැරිවුනානෙ. අපේ කාර්යාල වල අයට නං ‍ඉස්සෙල්ල අපි ගෙවනව. ඊට පස්සෙ ඒ මුදල් විස්තර ඇතුව (ඒ කියන්නෙ ගමන් වියදම් වලට කීයද දීමනා වලට කීයද ගණන් කිරීමේ යෙදුන අයට කීයද වශයෙන්) මැතිවරණ කිර්යාලයට යැව්වම එයාල චෙක් එකක් එවනව.

      ඊට අමතරව තැපැල් ඡන්ද රාජකාරී වෙනුවෙනුත් පොඩි දීමනාවක් ලැබෙනව සබ්ජෙක්ට් එක කල කෙනා විදියට.

      ඊටත් අමතරව මුලින් කිව්ව ගෙවීම් කඩිනමින් කලා වෙනුවෙනුත් පොඩි ගානක් මංතුමාට සහ තව දෙතුන් දෙනෙකුට ලැබෙනව. ඔය මදෑ! බීපු අරක්කු වල ගාන හරි කැපෙන්න.

      Delete