Tuesday, January 6, 2015

ඡන්දෙට කලින්.......

කටකතා පැතිරවීම වරදකි. කටකතා පැතිරවීම දඬුවම් ලැබිය හැකි වරදකි. ඉස්සර නම් කට කතා පැතිරුනේ කටින් පමණි. දැන් කටකතා පැතිරවීමේ වැඩි බර අදින්නේ අන්තර්ජාල ගොසිප් අඩවිය. ටික කලකට ඉහතදී නම් ගොසිප්වල තිබුනේ නළු නිලියන් ගැන කටකතා පමණකි. දැන් කටකතාවල කියවෙන්නේ පැනිලි ගැනය. පැනිලි ගැන කියවුන කටකතා සමහරක් ඇත්ත කතා විය. තවත් සමහරක් කටකතා පමණක්ම විය.

ඊයේ කාර්යාලයට පැමිණි විගස හිතවතෙකු කටකතාවක් ගැන ඇසුවේය. ඒ සජිත් ප්‍රේමදාස තිස්ස රැලියේදී මහින්ද සමඟ එක්වන බව සත්‍යදැයි කියාය. කටකතා වල සත්‍ය අසත්‍ය තාවය ගැන ප්‍රකාශ කිරීමට දිව්‍යඥානය තිබිය යුතුය. අනෙක මේ යන විදියට පනින්නේ කවුද එහෙම නැත්තේ කවුදැයි කියන්න පනිනකල් නොහැකිය. ප්‍රේමදාසගේ පුතා වන තමාට එජාපයෙන් පැනීමට පිස්සුවක් නැතැයි සජිත් කියා තිබුනි. කොහොම උනත් හැම එකාම කියන්නේ ඔවැනි කතාය.

සජිත්ගේ පිම්ම ගැන අවධානයෙන් සිටි පිරිසක් රූපවාහිනියෙන් විකාශය කල මහින්දගේ තිස්සමහාරාම රැලියට එබීගෙන සිටියේය. එහිදී මහින්ද උජාරුවෙන් කීවේ සජිත් කැස්බෑවේදී තමන් හා එක්විය හැකි බවය. එහෙත් ආපු සජිත් කෙනෙක් නැත. කටකතා වලට උඩගෙඩි සැපයූ ලොක්ක කුජීත වීම පමණක් සිදුවිය.

මගේ අදහස අනුව පැන්නා යයි කියා සජිත්ට ලබාගත හැකි යමක් නොමැත. සිදුවිය හැක්කේ ඔහුගේ දේශපාලන ජීවිතය විනාශ වීම පමණකි. සජිත් පමණක් නොව ඕනෑම දේශපාලකයෙකු පිම්මකින් පසු ඔහුගේ වටිනාකම සෑහෙන ප්‍රමාණයකින් අඩුකරගනී. මේ හානියට ලැබිය හැකි ලන්සුවට එකඟ විය හැකි කල පැනීම සිදුවේ. තිස්ස අත්තනායකලාට, දයාසිරි ජයසේකරලාට මේ මිල ලැබී යයි කිවහැකිය. ජාතික තලයේ සිටින දේශපාලනඥයන්ගෙන් සෑහෙන පිරිසක් මේ වනවිට පැනීම් වලට දායක වී අැත.

*********************************************************

පසුගිය සතියේ රාවය පුවත් පතින් අනාවරණය කර තිබූ ආකාරයට ජනාධිපතිවරයාගේ පැත්තෙන් සූදානම් කර තිබූ ජනපති ජනහමුව නම් ගරිල්ලා මාකටින් උපක්‍රමය ව්‍යර්ථ කිරීමට මෛත්‍රීපාල පාර්ශවය සමත් විය. මෙය කුමන පැත්තෙන් බැලුවද ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකිය. ජනාධිපතිවරණය කවුරුන් ජයගත්තද අපේක්ෂකයන් සියලු දෙනාටම සම අවස්ථා ලැබියයුතුය යන්න සාධාරණත්වය අපේක්ෂා කරන බොහෝ දෙනෙකුගේ මතයයි. කඩුවෙල දිසා අධිකරණයේදී ජයගත්තේ ඒ මතයයි. ඊයේ තංගල්ල මුහුදු වෙරළට ගිය මාහට දක්නට ලැබුනේ එහි සවිකරමින් පවතින විශාල ප්‍රමාණයේ තාවකාලික මඩු කිහිපයකි. රණවිරු සේවා ආයතනයක මූලිකත්වයෙන් සිදුවන මෙහි යම් උත්සවයක් පැවැත්වීමට සූදානම් කර ඇත. දේශපාලන මුහුණුවරක් ගැනීමට හොඳටම ඉඩකඩ ඇති මෙවැනි නීති විරෝධී රැස්වීම් ගැන අවධානයෙන් සිටීම වැදගත්ය.

********************************************************

මේ දිනවල රූපවාහිණී දැන්වීම් බොහොමයක් ජනාධිපතිවරණ දැන්වීම්ය. ජනාධිපතිවරයාගේ දැන්වීම් බොහොමයක නළු නිළියන් වී ඇත්තේ ඔහුගේ පරම සතුරන්ය. කොටින්ම තම ප්‍රතිවාදියා වන මෛත්‍රීපාල සිරිසේන පවා එහි රඟපෑමට යොදාගෙන ඇත. තමන්ගේ වර්තමාන ප්‍රතිවාදීන් අතීතයේ කී දෑ තමන්ට වාසිදායක ලෙස යොදාගැනීමේ ක්‍රමවේදය ඔහු යොදාගනී. සාර්ථක මෙන්ම අසාර්ථක දැන්වීම්ද ඒ අතර වේ. එක් දැන්වීමකට අනුව රාජිත සේනාරත්න විසින් ජනාධිපතිවරයා සොරකම් කරන අයෙකු නොවේ යයිද ඔහුට හොරා යයි කියන්නන් හොරුන් බවද කියයි. වරද දුටු මොහොතේම ඊට විරුද්ධ වී ගතයුතු ක්‍රියාමාර්ගය නොගෙන 'තරහ වූවිට' චෝදනා කිරීමේ විපාකය මේ. රටේ අවාසනාවකට එවන් දේශපාලන සංස්කෘතියක් මෙහි නොමැති අතර ගලේ පැහැරූ බළලාගේ තත්වයට මුහුණදීමට පාලකයන්ට සිදුවේ.

ආණ්ඩුවේ තවත් දැන්වීමකට අනුව ෆේස්බුක් අැත්තේ ෆන් ගැනීමටය. අරාබි වසන්තයක් අැතිකිරීමට නොවේ. ෆේස්බුක් කමෙන්ට් වැටෙන්නේ ජිල්මාට් වලිනි. තරුණ තරුණියන් අන්තර්ජාලය ඔස්සේ ලෝකයට ලංවෙද්දී අපේ (වැඩිහිටි) පාලකයන් මෙවන් අදහස් අැත්තවුන් වීම කරුමයකි. තරුණයන් පිළිබඳ තීරණ ගැනීමට ඉන්නේ මෙවන් හරක්ය. මොවුන් යලිත් රාජ්‍ය පාලනයට පත් වුවහොත් රටට අබ සරණය.

63 comments:

  1. රාජ් ඇත්තටම හිතනවාද ලොක්කට සොරි වෙයි කියලා?

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියපන්. ලොක්කා අයේ අවොත් මම migrate වෙන්න හිතන් ඉන්නවා

      Delete
    2. මමත්, ලොක්කා ආයෙ එනව නම් රට දාල යනව ඇර වෙන කරන්න දෙයක් නෑ.

      Delete
    3. මෛග්රේට් නොකර නවතින්න රටක් ඉතුරු වෙන්න එපායැ.

      Delete
    4. රාජ්ට ඔය තරම් අපේ ජහමනයාගේ බුද්ධිය ගැන විස්වාසද?

      Delete
    5. බුද්දිය නෙවේ, මිනිස්සුන්ගෙ බුද්දිය ගැන මම ඉන්නෙ කලින් හිටපු මතයේමයි. මේ සැරේ වෙනස් වෙයි, මිනිස්සු තේරුම් ගෙන හෝ නොගෙන.

      Delete
    6. ලොක්කට නෙමෙයි අපිට කෙලවෙයි කියලා මම නම් හිතන්නේ

      මිනිස්සු හිතාගෙන ඉන්නේ ස්තී දූෂකයෙක්ගෙන් බේරගත්ත ගෑනියෙක් ගණිකා මඩමකට වික්කම ඒ ගෑනිට කලේ හොඳක් කියලා. ඉගෙන ගන්න, කන්න දුන්නේ නැතත් මේකඅප් එක දැක්කම හිතනවා ගෑනිට හරි ගිහින් කියලා.

      තව අවුරුදු දෙකක් රට කරගෙන යන්න බැහැ කියලා විශ්වාස කෙනෙක්ට තවත් අවුරුදු 6 බලය දෙන එකේ කරුමේ අපි හැමෝටම ගෙවන්න වෙයි.

      Delete
    7. ///මිනිස්සු හිතාගෙන ඉන්නේ ස්තී දූෂකයෙක්ගෙන් බේරගත්ත ගෑනියෙක් ගණිකා මඩමකට වික්කම ඒ ගෑනිට කලේ හොඳක් කියලා.///
      ///තව අවුරුදු දෙකක් රට කරගෙන යන්න බැහැ කියලා විශ්වාස කෙනෙක්ට තවත් අවුරුදු 6 බලය දෙන එකේ කරුමේ අපි හැමෝටම ගෙවන්න වෙයි.///
      +++++++++++++++

      Delete
    8. උබල කොහෙවත් මෛග්රේට් කරන්න ඕනෙ නෑ , ආවොත් චීනෙට මෛග්රේට් උනා කියල හිතාගෙන හිටපල්ල :D

      Delete
  2. අන්තර්ජාලය සහ ලෝකය ගැන පාලකයන්ට තියෙන දැනුම තේරුම් ගන්න හොඳම උදාහරණෙ තමා යහපත් තරුණ පරපුරක් බිහිකිරීමේ අරමුණින් නිල් වෙබ් අඩවි අවහිර කිරීම. දවසකට කීයක් අලුතින් හදනවද? හමන සුලං මකුලු දැලෙන් නවතන්නද මං කිව්වලු.

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එක ගැන ආඩපාලි කියන්නෙ නොදන්න කමට නෙවෙයි. ලොක්ක ෆේස්බුක් එකේදි අන්ත පරාජයක් ලබල තියෙන්නෙ. ඒක වහගන්නයි ඔය කතන්දර කියන්නෙ. ඒ වුනාට ෆේස්බුක් එක අඩු වශයෙන් තරුණ පරම්පරාවේ මතවාදය පෙන්නුම් කරනව.

      Delete
  3. සජිත් යයි කියල අනාවැකි කිව්වෙ නම් දේශපාලන බාලයො.සජිත් කියන්නෙ ඇමති සැප විතරක් ප්‍රාර්ථනා කරන පින්වතෙක් නොවෙයි.මැති ඇමති සැප කෙළවර අමා මහ ජනාධිපති සැප පතන කෙනෙක්.ඒ වගෙ කෙනෙක් සංධාන ආණ්ඩුවෙ ඇමතිකමක් ගනීවිද නැත්නම් තාත්ත අවුරුදු 12 ක් කරපු පියන් වැඩේ කරාවිද
    වෙනත් පක්ෂයකට ගිය අයගෙන් වගාවක් වුනේ කෙහෙළියට විතරයි.පැනපු හුඟක් ඊලඟ ඡන්දෙන් පැරදුනා.මිනිස්සු ඡන්දය දෙන්නෙ පක්ෂෙට.
    එස් බී ල දයාසිරිල තමන්ගෙ දේශපාලන ජීවිතේ විනාස කර ගත්ත.අනික තමයි එජාපයෙ වගෙ නොවෙයි ශ්‍රීලනිපයෙ නායක කමට එන්න නම් කුසේ පිළිසිදගන්න කලින්ම හිතන්න ඕන.පස් මහ බැලුම් බලන්න ඕන . ශුද්ධ වූ සංසර්ගයකින් ශුද්ධ වූ ගර්භාෂයක පිළිසිද ගන්න ඕන.එහෙම වුනත් ගොන් කම තිබ්බොත් නම් ඒකත් වැඩක් නෑ.ඒ.බී ට වුනා වගේ.
    සාමාන්‍ය පවුල්වල අයට රටේ නායකය වෙන්න ඕන නම් එජාපය හරහා යා යුතුයි.ඉතින් සජිත් කිසිමදාක ඒ වගෙ මෝඩ වැඩක් කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ම.ම,

      උඹ සෑහෙන්න මධ්‍යස්ත වෙලානෙ බං! ඇත්තටම දයාසොරි වයඹදි අලියගෙන් ඉල්ලුවනං අද හරීන්ට තීන තැන ඉන්නෙ මිනිහ. එහෙනං මේ ආන්ඩුව පෙරළන්න තවත් ලේසි වෙනව විතරක් නෙමේ දයා පොරක් වෙනව අලුත් ආන්ඩුවක. කරුමෙ ඩබල් පින සිංගල් (ඉවාන් ගෙ ත්‍රිරෝද රිය )

      Delete
    2. //සජිත් යයි කියල අනාවැකි කිව්වෙ නම් දේශපාලන බාලයො.//
      ඔය ගොඩට තමයි ඊයෙ ගොන් පා‍ට් දාපු ලොක්කත් වැටෙන්නෙ.

      කමෙන්ටු දෙකටම එකඟයි.

      Delete
    3. අපි බොක්කෙන් - අපිට බෙලෙක්කෙන්

      ( ඉවානයගෙ ත්‍රීවිල් පෝස්ට් එක )

      Delete
    4. ගැඹුරු හඬයි උඩු රැවුලයි හරි අවදානම්

      (ත්‍රීවීල් පොස්ට් එක බලාගෙන හදපු එකක් :D)

      Delete
    5. අපේම නයි... - අපේම කයි...

      ත්‍රීවීල්---

      Delete
  4. පික්ෂු පීකුදු තමයි බං.ලොක්කා මේ දවස්වල මරු විකල්ලෙං වැඩ කරන්නේ.මඩ ගහන්නේ නෑ කිය කිය ගහපු මඩ තොගේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ලස්සනම වැඩේ

      Delete
  5. මහින්ද ස්ථිරවම පරදිනවා. මෛත්‍රී දිනන්නේ මහ ඉහලින්.

    ReplyDelete
  6. පින්වතුනි යහ පාලනේ නොවෙයි "යහනේ පාලනේ"

    ReplyDelete
  7. ආයෙත් ආවොත් නම් මේ රට විනාශය...

    ReplyDelete
  8. කවුරු කවුරුත් 8 වෙනිදර බොරුවට අපරාදේ 'මරා' ගන්නේ නැතුව හැමෝම හැමෝටම 'මෛත්‍රී' කරමු.

    ReplyDelete
  9. දුමින්ද නාගමුව චන්ද 50000 ට වඩා ගත්තොත් මාතලං බොග් ලිවීම නතර කරනවා කියා මට කියා තිබේ....

    එම නිසා කස්ටියම අට වැනිදාට පෙර මාතලං ගෙ බොග් එකට ගොස් සමු ගැනීම මැනවි

    ඊට පසු ඔය පොරගතිසීලි අදහස් අතහැර දමා ලබන අට වැනිදාට මහින්ද මහත්තයාට චන්දය දෙමු...

    ReplyDelete
    Replies
    1. උඹට පුදුම පුකේ ඇම්මක් නේද තියෙන්නේ මාතගෙ බ්ලොග් ලිවීම ගැන​. දකින දකින හැම තැනම වර්චස් කරන්න එපා බං කාක්කෙක් වගේ. හිරිකිතයි.

      Delete
  10. ෆේස් බුක් තියෙන්නෙ ෆන් ගන්න.හිටං

    ReplyDelete
    Replies
    1. ඔය හිටං කෑල්ල දැම්මම අමුතු කික් එකක් එයි කියල ඇඩ් එක හදපු බුවා හිතන්න අැති. ඔය ඇඩ් එක යද්දි එක වැඩිහිටියෙක් මගෙන් අහනව මොකද්ද ඒකෙ තේරුම කියල.

      Delete
    2. ගැමි බස් වහර ජෝක් එකක් කරගත් මහා ලොකු ජනමුලා ගැමි නායකයා.

      Delete
  11. තංගල්ල පැත්තෙත් ලොක්කගේ තත්වේ දරුණුද?

    ReplyDelete
    Replies
    1. ඔව්. බොරුවට නෙවේ ඇත්තටම තත්වය හොඳ නෑ. විශේෂයෙන්ම වැදගත් තත්වය තමයි පළාත් ප්‍රරාදේශීය බුවාල කවුරුවත් ගේමට බැහැල නෑ.ජනප්‍රියයි කියල කියන්න පුළුවන් මහින්ද අමරවීරත් යන කතා තමයි පැතිරෙන්නෙ.

      Delete
    2. එහෙම නම් හොදයි. මොකෝ මම හිතුවේ මේ රැල්ල තියෙන්නේ නගරබද තරමක් හෝ දැන උගත් පිරිසක් අතර විතරයි කියලා

      Delete
    3. නැත.... දැන් තත්වය සම්පූර්ණ වෙනස්...

      ///සිරිසේන/// කියා මඩ ගැසීමද ආණ්ඩුවට පාරා වළල්ලක් වී ඇත....

      ඉන් නැවත කුල වාදය අවිස්සීමට එය හේතුවක් වී ඇත....

      කුලය පිළිබඳ හීනමානයක් තාමත් බහුතරරයකගේ හිතේ තියනවා....

      මේ පිළිබඳව කඩේ පිලේ තදටම මහින්ද විරෝදයක් හැදිලා කියලා ඊයේ දැන ගත්තේ....

      Delete
  12. //"තරුණ තරුණියන් අන්තර්ජාලය ඔස්සේ ලෝකයට ලංවෙද්දී අපේ (වැඩිහිටි) පාලකයන් මෙවන් අදහස් අැත්තවුන් වීම කරුමයකි"// ඒ වුනාට එයාල අපිව ඊ ශ්‍රීලංකාවක් වෙතට ගෙනියනවා

    ReplyDelete
  13. කරුමෙට හෝ යලි අාවොත්....





















    ReplyDelete
    Replies
    1. කරුමෙ ඩබල් - පින සිංගල්, ම තමා

      Delete
  14. තව දවස් 2ක් බලං ඉමු...

    ReplyDelete
  15. මොනවා උනත් ඉක්මනට චන්දෙ ඉවර වෙන එක හොඳයි. නැත්තං තව ටික දවසකින් බුකියත් එපා වෙනවා

    ReplyDelete
  16. මාත් ඊයේ නෙට් එකේ බල බල හිටියේ සජිත් වැරදිලා හරි පනීවිද කියලා.. කියන්න බෑනේ ඉතින් මේ යන විදිහේ හැටියට..

    ReplyDelete
  17. මෙය ලියු පුද්ගලයාගේ තරම තෙරේ. මෙන්න උදාහරණ

    //කටකතා පැතිරවීම වරදකි. කටකතා පැතිරවීම දඬුවම් ලැබිය හැකි වරදකි. //
    කවුද කියන්නේ.
    මේ වරද රපොර්තු කල යුත්තේ කොහාටද?

    //ඊයේ තංගල්ල මුහුදු වෙරළට ගිය මාහට දක්නට ලැබුනේ එහි සවිකරමින් පවතින විශාල ප්‍රමාණයේ තාවකාලික මඩු කිහිපයකි. රණවිරු සේවා ආයතනයක මූලිකත්වයෙන් සිදුවන මෙහි යම් උත්සවයක් පැවැත්වීමට සූදානම් කර ඇත. දේශපාලන මුහුණුවරක් ගැනීමට හොඳටම ඉඩකඩ ඇති මෙවැනි නීති විරෝධී රැස්වීම් ගැන අවධානයෙන් සිටීම වැදගත්ය.// මෙනන කට කතාවක් අදාළ තැනට රපොර්තු කරමු.

    //ඕනෑම දේශපාලකයෙකු පිම්මකින් පසු ඔහුගේ වටිනාකම සෑහෙන ප්‍රමාණයකින් අඩුකරගනී.// ඔන්න ලිපියේ නිවැරදි අනාවැකියක් කියලා තියෙනවා. අනිවාර්යෙන්ම සිරිසේන උන්නැහේ මෙවර ලබන පරාජයෙන් පසු ඔහුගේ දේශපාලන ජීවිතය විනාශ වීම සිදුවේ.

    //ආණ්ඩුවේ තවත් දැන්වීමකට අනුව ෆේස්බුක් අැත්තේ ෆන් ගැනීමටය. // ඇයි එහෙම නොවේද? ෆන් ගන්න නොවේ නම් එය ඇත්තේ මොන කෙන් ගෙඩියකටද?

    ReplyDelete
    Replies
    1. ///ෆන් ගන්න නොවේ නම් එය ඇත්තේ මොන කෙන් ගෙඩියකටද?///

      මෙවැනි ප්‍රශ්ණ අසන ලිං මැඩියන් පෙන්වාදෙන්නේ තන පුඬුව පවා ඇත්තේ ෆන් ගැනීමට පමණක් බවයි......

      Delete
    2. "//කටකතා පැතිරවීම වරදකි. කටකතා පැතිරවීම දඬුවම් ලැබිය හැකි වරදකි. //
      කවුද කියන්නේ.
      මේ වරද රපොර්තු කල යුත්තේ කොහාටද? "

      කවුද කියන්නේ? ලංකාවේ පොලිසියෙන් කියන්නේ. මේ කතාව ඉස්සර නිතර නිතර මධ්‍යවල ගියා කට කතා පැතිරවීම වරදක් කියලා

      Delete
    3. @බු වා
      හරි අපිට තේරෙන්නේ නැහැ fb වලින් ෆන් ගැනීම හැර වෙන දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ කැ නිසා මුලින්ම මගේ ගැටලුවට පිළිතුරු දී ඉන්න. මම අහන්නේ ෆන් ගන්න නොවේ නම් එය ඇත්තේ මොන කෙන් ගෙඩියකටද?

      @AnonymousJanuary 7, 2015 at 7:56 AM
      බොහොම ස්තුතියි පිළිතුරට. එහෙම නම් රාජ් කියන්නේ කටකතා පැතිරවීම සම්බන්දයෙන් දඬුවම් ලැබිය යුතු පුද්ගල්ලයෙක්. ඒ හැරත් මිනිහා රාජ්‍ය දේපල අයතා පරිහරණය කරන මහජන මුදල් වංචා කරන පුද්ගලයෙක් නේ.

      Delete
    4. ///fb වලින් ෆන් ගැනීම හැර... ///

      ඇඟිල්ල කටේ දාගන්නත් පුළුවන් පුකේ ගහ ගන්නත් පුළුවන්......

      Facebook Principles

      We are building Facebook to make the world more open and transparent, which we believe will create greater understanding and connection. Facebook promotes openness and transparency by giving individuals greater power to share and connect, and certain principles guide Facebook in pursuing these goals. Achieving these principles should be constrained only by limitations of law, technology, and evolving social norms. We therefore establish these Principles as the foundation of the rights and responsibilities of those within the Facebook Service.

      fb වලින් ෆන් ගැනීම හැර අන් සියල්ල ඉහත ඇත....

      තව දුරටත් දැන ගැනීමට අවශ්‍ය නම්ත..........

      https://www.facebook.com/principles.php

      Delete
    5. @ ම.ක.සි.
      //ඒ හැරත් මිනිහා රාජ්‍ය දේපල අයතා පරිහරණය කරන මහජන මුදල් වංචා කරන පුද්ගලයෙක් නේ. //
      ඔය කියන්නෙ රාජ් ඔෆීස් වෙලාවෙදි ඉන්ටර්නෙට් යන එක ගැන වෙන්නෝනැ...
      එතකොට රාජ්‍ය දේපළ අයථා ලෙස පරිහරණය කරමින්
      1. මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීම
      2. පාරවල් වසා කාර් රේස් තිබීම
      3. කුමාරවරුන්ට ඇස්ටන් මාටින්, ලැම්බොගිනී ගෙන්වා දීම ඇතුළු අටෝරාසියක් දූෂණවල යෙදෙන ඔයාගෙ වීරයාණන්..????

      Delete
    6. AnonymousJanuary 7, 2015 at 9:25 AM හා...හා කට කට..යුද්ධෙ දින්නනෙ

      Delete
    7. @බු වා
      හොරාගේ අම්මා ගෙන් පෙන අහන්න එපා බන් ඕනෑම කම්පනියක් තමන්ගේ ආයතන සහ ව්‍යපෘති ගැන කියන්නේ ඔහොමයි
      ලංකාවේ ජනතාවට දුම්බීම ප්‍රවර්ධනය කරන ලංකා දුන්කොල සමාගම ටත් හෙල්ත් පොලිසි තියෙනවා මෙන්න ඒවා
      Environmental Health & Safety Policy
      Ceylon Tobacco Company, as a manufacturer marketer and distributor, applying the best international practices in all aspects
      of its operations, and as a good corporate citizen, is committed to:
      Provide and maintain safe and healthy environment including safe systems of work for its employees and noncompany
      personnel on company premises.
      Provide and maintain an Environmental, Health & Safety Management System conforming to ISO 14001 and OHSAS
      18001 standards.
      Closely monitor and take necessary steps to minimize and eliminate impacts of its activities on the physical
      environment under its control.
      Analysing and Evaluating of Occupational Health & Safety Hazards associated with its activities and initiating actions to
      mitigate such hazards.
      Comply with all national laws and regulations on Environment, Health and Safety, BAT EHS Guidelines and seek
      conformation to other requirements in line with Business Objectives.
      Establish procedures to assess and review the Environment Health and Safety impact of its present and future activities
      on a regular basis.
      Seek continual improvement of its work environment and physical environment by conformance to clearly defined set
      of company objectives and targets, through proactive and cost effective measures.
      Ensure through the Supply Chain Director that an appropriate Environment, Health and Safety organisation exists to
      communicate, train and continually improve standards of CTC.
      ඔය fb වල ප්‍රින්සිපල් කියන්නේ ත් ඕවා වගේමයි මොන තරම් හෙල්ත් පොලිසි තිබුනත් දුන්කොල සමගම හදන්නේ පෙනහළු සහ මුක පිළිකා වලට හේතුවක් වන සිගරට්(දන්නේ නැත්නම් සිරිසේන ගෙන් අහන්න) ඒ වගේම තමයි මොන මුලදර්ම ඇතත් fb භාවිතා වෙන්නේ මිතුරු සම්බන්දත වැඩිදියුණු කිරීමට, තම තමන්ගේ පුද්ගලික තොරතුරු පින්තුර බෙදන්න. අනුන්ගේ රෙද්දවල් වලට ලයික් දාන්න. තොරතුරු බෙදා ගැනීමට වැනි කාර්යන් මගින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ෆන් ගැනීමට කියන එක ඔය මුල දර්ම වලින් වහන්න බැහැ.

      @AnonymousJanuary 7, 2015 at 9:25 AM
      ලංකාවේ තත්වය තමයි තමන්ට අවස්තාවක් ලැබුනොත් බොහෝ අය වංචා, කොමිස්, රාජ්‍ය දේපල අයතා පරිහරණය වැනි දේවල් කරනවා දැනට රාජ් ට ලැබී ඇති අවස්තාව අනුව ඔහු හාෆ් ශීට් පෑන් ගෙදර අදිනවා, ඔෆිස් එකේ ෆොටෝ කොෆි මැෂින් ප්‍රින්ටර් තම පුද්ගලික වැඩ වලට යොදා ගන්නවා. ඒ වගේම සේවා කාලය සහ කාර්යාලියා පරිගණක සහ අන්තර්ජාලය මගින් රැකියාවට අදාළ නොවන වැඩ හෙවත් බ්ලොග් බැලීමට සහ ක්කමෙන්ට් කිරීමට යොදා ගන්නවා එහෙම දැනට තියෙන අවස්ථා අනුව ඔය වගේ මහජන මුදල් වංචා කරන රාජ්‍ය දේපල අපහරණය කරන රාජ් උනත් මැති ඇමති කෙනෙක් වුවොත් ක්කරන්නේ ඔබ කියපු වගේ වැඩ තමයි. මෙහෙම හොරකම් කරන එකා මහින්දට හොරා කියනවා

      රජයේ ඇති වැරදි වැරදි ලෙස මම දකින අතර ලංකාවේ සිටින බහුතර රාජ්‍ය සේවකයෝද දේශ පාලකයෝද දුෂිත පුද්ගලයන්ය. තත්වය මෙසේ වන විට මහින්ද මාරු කර වෙනත් ඔහු වැනිම දේශපාලකයෙක් දමා රට හදිය නොහැක. රට හදන්න නම් රටේ ආකල්ප වෙනස් කල යුතු අතර දුෂිත දෙස්පාලයකයන් සහ රාජ් වැනි දුෂිත රාජ්‍ය සේවකයන් එළවිය යුතුය.

      බෙදුම්වාදී TNA සහ හකීම් ඇතුළු මුස්ලිම් දෙශපාලකයන් සහ බෙදුම්වාදයට උදවු කරන රනිල් සහ ෆෙඩරල් ක්‍රමයක් යටතේ රට බෙදන්න ගිය චන්ද්‍රිකා ගේ කීමට නටන සිරිසේන මගින් රට බෙදී අගාදයට යන අතර යුධ ගිනි ඇවලීමට ද තත්ත්වය් හේතු වේ. එසේම සිරිසේන පැමිණීමෙන් වත්මන් පවතින වංචා දුෂණ අඩු නොවන අතර ඔහු පොරොන්දු ඉටුකරන්න ගියොත් වන්නේ රට ණය බරින් පිරෙන එකය.

      Delete
    8. welcome back slient sahan

      Delete
  18. 9වනදා ඇරඹෙන්නේ නිදහසේ හුස්මක්වත් ගන්න යුගයක් නිර්මාණය කිරීමේ ආරම්ඹයයි. එදා සිට වැඩිපුර බොන්න වෙන්නේ නැත. ඒ වගකීම ඇත්තේ අප අත බැවිනි.
    ඒ වගේම 9දායින් පසුව ඇරඹෙන අපල කාලය තුල ලේ වැගිරීම් අවම කර ගත හැක්කේ තොරතුරු සන්නිවේදනය හොඳින් සිදුව හොත් පමණි. මූනු පොත ඒ සඳහා මනාව යොදා ගැනීමට සිදුවනු ඇත.අවසන් රැස්වීමේදී
    රනිල් කොළඹ නගරය රැකීම ජනතාවට භාරදී තිබේ. රතන හිමි දස දහස් ගණනින් ජනයා කොළැඹට කැඳවීමට බලා සිටිති.පොලිසිය හා ආර්ස්ක්ශක හමුදා දෙපැත්තටබෙදී ඇති නිසා එතරම් භියවන්නට දෙයක් නැත. හොරු සැඟවී ලිපිගොණු ගිනිබත්කර පලායන්න්ට පෙර යම් වියවුලක් ඇතිකරනු ඇත.

    ReplyDelete
    Replies
    1. බැරි වෙලා හරි පැරදුනොත් 8 වෙනිදා පාර්ලිමේන්තුව විසිරවලා ආයේ ඡන්දේ ඉල්ලා පාර්ලිමේන්තුවට හරි එයි කියලා මට හිතෙන්නේ

      Delete
  19. 9 වෙනිදට තමයි බලන්න වෙන්නෙ. මේ ඡන්දෙදි මම දැකපු දෙයක් තමයි වෙනදට ඡන්ද නිවාඩුව අරන් හොරාට ඡන්දෙ දාන්න නොයා ඉන්න මිනිස්සුත් මේ පාර යන්න ලෑස්තිවෙනවා මෛත්‍රීට ඡන්දෙ දාන්න..

    ReplyDelete
    Replies
    1. එහෙම ගිහින් ඡන්දේ දාන්න ගියාම ආයි කලගුණ සලකන්න ඕනේ කියලා හිතිලා ඒකටම ගහලා එනවා. අන්තිමට ලොක්කා ලක්ෂ 20කින් විතර ඡන්දේ දිනලා තියෙයි.

      Delete
  20. යුද්දේ දිනපු, බය නැතිව ඉන්න රටක් හදපු, කැත නැති නගර හදපු, මාර්ග පද්දතිය දියුණු කරපු. යාපනේට කොච්චි පාර, පුස්තකාලය හදපු. රට හැමතැනටම විදුලිය දුන්න. පොර්ට් සිටි වගේ ව්‍යපෘති හරහා ඉදිරියීදී රටේ ලක්ෂ ගණනකට රැකියා දෙන. අපේ නායකයා අමතක කරලා

    ඊළාම් සංකල්පය ඔලුවේ තියා ගත් TNA සහ බෙදුම් වාදී මුස්ලිම් නඩය සහ ඒවාට උල්පන්දම් දෙන රනිල්, සහ ෆෙඩරල් සිහින දකින චන්ද්‍රිකා කියන මතයට හිස නවන ඒකීය කියා ෆෙඩරල් ලංකාවක් හදන්න හදන සිරිසේන උන්නැහේට චන්දෙ දීලා ඉන්න රටක් නැතිකර ගෙන මුලින් ෆෙඩරල් වී පසුව බෙදී යන ලංකාවක් හදන්න පාර කපන්න.

    ඔබට මෝඩයෝ මෙන් පෙනෙන මෙම අදහස් දක්වන මහා කළු සිංහලයා සැමදා රට වෙනුවෙනි.
    අප කියන මගෙන් මිස ඔබ කියන මගින් සියලු ජාතීන් එකට වෙසෙන පිවිතුරු හෙටක් සහිත සුබ අනාගතයක්ක් ලංකාවට ලබා ගත නොහැකි බව ප්‍රත්‍යක්ෂය.

    සැබෑ ජීවිතයීදී ගන්නා තීරණ undo කල නොහැක. පසු තැවිලි නොවන්න ඕන නම් මහින්දට චන්දය දෙන්න

    ReplyDelete
    Replies
    1. යුද්දේ දිනපු, සරත් ‍‍ෙෆාන්සේකා හිරේ දාපු
      බය නැතිව ඉන්න රටක් හදපු, සුදු වෑන් මිනී මැරුම් ස්ත්‍රි දුෂන කරපු
      කැත නැති නගර හදපු, කැත නැතිව වමට ගහපු
      මාර්ග පද්දතිය දියුණු කරපු. කෝටි ගණන් කොමිස් ගහපු
      යාපනේට කොච්චි පාර, කෝටි ගණන් වංචා දූෂන කරපු
      පුස්තකාලය හදපු. අධ්‍යාපණය විකුණපු
      රට හැමතැනටම විදුලිය දුන්න. ඒ බලාගාර චීනෙට විකුණපු
      පොර්ට් සිටි වගේ ව්‍යපෘති හරහා ගෝල් පේස් එක චීනෙට විකුනපු.............

      මේ හොර තක්කඩියාට චංදය දෙනවාද?

      සැබෑ ජීවිතයීදී ගන්නා තීරණ undo කල නොහැක. පසු තැවිලි නොවන්න ඕන නම් මහින්දට චන්දය දෙන්න

      Delete
    2. //සරත් ‍‍ෙෆාන්සේකා හිරේ දාපු// ෆොන්සේකා හිරේ දැම්මේ නීතිය මගිනි ඒ ඔහු කල වැරදි වලටය.. හරිනම් කියන ලද සුදු කොඩි කතාවට ඔහු එල්ලිය යුතුය.

      //සුදු වෑන් මිනී මැරුම් ස්ත්‍රි දුෂන කරපු// සුදුවෑන් තියෙන්න ඕන දේශද්‍රෝහීන් අල්ලන්න. ඔවුන් නීතිය හමුවට ගෙන්න. වැඩිහරියක් ඔය කතා අතිශෝක්ති බොරු. මහින්ද මිනීමැරුම් ස්ත්‍රි දුෂන කරා කියලා බොරු කියන්නේ ඇයි සාක්ෂි තියේද එසේ නම් නඩු කියන්න? බොරු චෝදනා කරන්න එපා.

      කෝටි ගණන් කොමිස් ගහපු/කෝටි ගණන් වංචා දූෂන කරපු කියන තරම් සිදුවී නැත සිදු වී ඇත්නම් නිසි සන්ක්‍යා ලේඛන දෙන්න. අනෙක ඒ එසේ යන්තමින් සිදුවන කොමිස් හෝ වංචා කරන ලද මුදල් මහින්ද හෝ හිතවතුන්න්ගේ ගිණුම් වලට ගියා නම් ඒවා ඔප්පු කරන්න.

      // අධ්‍යාපණය විකුණපු. // අධ්‍යාපනය විකිණුවේ තරා නෝනා සමග චන්ද්‍රිකා සහ ධවල පත්‍රිකාවෙන් රනිල් ගේ පිල බව අපි දනී.

      //රට හැමතැනටම විදුලිය දුන්න. ඒ බලාගාර චීනෙට විකුණපු
      පොර්ට් සිටි වගේ ව්‍යපෘති හරහා ගෝල් පේස් එක චීනෙට විකුනපු.// පසුගිය චන්ද්‍රිකා සහ රනිල්ගේ කාලයේ රාජ්‍ය ආයතන 80 ගණනක් විකුණන ලද්දේ කුණු කොල්ලයටයි. වොට්ස් එජ ඉඩම චන්ද්‍රිකා විකිණුවේ අක්කරය 200 ගන්නේය. මේවා එසේ කල මගඩි නොවේ. විකිණීමෙන් රටට මුදල් මෙන්ම ඉම චීන ආයෝජන වල ප්‍රතිපල ලංකාවටද ලැබේ.

      රට බෙදන හොර කරන රාජ්‍ය දේපල විකුනපු TNA,හකීම්,චන්ද්‍රිකා, රනිල් වැනි හොර තක්කඩියානඩය නියෝජනය කරන සිරිසේනට චංදය දෙනවාද?

      සැබෑ ජීවිතයීදී ගන්නා තීරණ undo කල නොහැක. පසු තැවිලි නොවන්න ඕන නම් මහින්දට චන්දය දෙන්න

      Delete
    3. ////සරත් ‍‍ෙෆාන්සේකා හිරේ දාපු// ෆොන්සේකා හිරේ දැම්මේ නීතිය මගිනි ඒ ඔහු කල වැරදි වලටය.. හරිනම් කියන ලද සුදු කොඩි කතාවට ඔහු එල්ලිය යුතුය.//
      ඇයි ඒ නිතිය K.P. ට කරුණට, දුමින්දට වලංගු නැත්තේ?

      Delete
    4. //දුමින්දට වලංගු නැත්තේ?// දුමින්දට විරුද්ධව නඩු යනවා නේද? ඒවායින් විසදුමක් එයි තියෙන සාක්ෂි අනුව.

      //ඇයි ඒ නිතිය K.P. ට කරුණට,//යුද්දෙදී මරුන කොටි හැර යුද්දය අවසන්ව අත්අඩංගුවට ගත් කොටි මැරුවේ නැත. ඔවුන් පුනුරුත්තාපනයකින් පසු මුදා හරින ලදී. එමගින් ඔවුන් බහුතරයකගේ ඊළාම් මත තුරන් විය. ඔවුන්ට දඬුවම් දුන්නා නම් ඔවුන්ගේ මනසෙන් ඊළාම් මත ඉවත් කල නොහැක. අපට අවශ්‍ය වන්නේ කොටි සංවිදානය යුද්ධයෙන් විනාශ කල පසු ඊළාම් මත වාදයද එසේ පරාජය කිරීමයි. KP සහ කරුණා දැන් ඊළාම් වාදීන් නොවේ. ඊළාම් වාදය විනාශ කිරීම වෙනුවෙන් ඔවුන්ගෙන් සේවයක් සිදුවේ. කරුණා ගේ කණ්ඩායම් අවසන් සටන් වලදී හමුදාව සමග එක්ව සිටින ලදී. අපාරාද කරුවන් කණ්ඩායමක් සිටින විට රජයට සාක්ෂි සපයන අය නිදහස් කර අනෙක් අයට දඬුවම් කිරීම පිළිගත් ක්‍රමවේදයකි. යටත්වූ අනෙක් කොටින් පුනුරුත්තාපනය කර නිදහස් කල එකේ රට ඊළාම් වාදය සහ කොටි විනාශ කිරීමට රජයට එක්වූ ස්වයංව පුනුරුත්තාපිත හිටපු කොටින්ට දඬුවම් කිරීම් කල යුතුද?

      Delete
  21. මම ජේමිස් බණ්ඩ ටත් කීව රාජ් මම ලොක්කට නං කැමතිම නෑ
    ඒත් සිරිසේනයට ඊටත් වඩාකැමති නෑ
    මොකද උට තියෙන්නෙ බල තන්හාවක් විතරයි අපි හිතන විදිය වෙනස් කරල බැලුවොත් තේරෙයි...
    සිරාවටම තුවක්කු ඇරං 2009 ට කලිං පත්තු කරපු එකෙක විදියට හිතෙන්නෙම බොහොම ඉක්මණට රට ඇතුලෙම එහෙ මෙහෙ යන්න අපිට වීස හදාගන්ට වෙයි කියල
    මංද අපි දැකපු අහපු දේවල් එක්ක අපි අන්තවාදී වෙනව වැඩිද කියල ඒත් අනේ මංද බංරාජ් පිස්සු
    මං අර දුමිය ට වත් දෙනව
    මුං දෙන්නම වැඩක් නෑ

    ReplyDelete
  22. අම්මෝ හෙට තමා දවස.... උදෙම්ම ගිහිං ඡන්දේ දාලා එන්න ඕන. නැත්තං පර්සි ලොක්කා මගේ ඡන්දෙත් හොරෙන් දාගනියි !

    ReplyDelete
  23. මච්ං රාජ්,
    උඹේ මොලේ හොන්දටම අවුල් වගේ පේන්නේ. ඔය ගොන් හීන් දකින එක නවත්තලා පියවි සිහියට වරෙන්. 9 වෙනිදා සමහරවිට උඹට මොලේ පෑදෙයි.

    ReplyDelete
  24. මරා තරම් දූෂිත / අසාධාරණ මැතිවරණ ව්‍යාපාරයක නිරත වෙච්ච නායකයෙක් තවත් නැතුව ඇති...

    ReplyDelete