කොළඹ ගමයගෙ "අන්තරේට කඳුළු ගෑස් ගහන්න කිවූ යහපාලන පිස්සු හුටං කවුද?" කියන ලිපිය කියෙව්වම මට හිතුන දෙයක් මේ.
මිනිස්සු බොහෝ දෙනෙක් කැමතියි කම්මැලිකමට. 'කම්මැලිකම' කියන එක මතක් වෙන්නෙ 'මහන්සිවීම' කියන එකේ ප්‍රතිවිරුද්ධ අවස්ථාවෙ උනාට මම අදහස් කලේ ඊට එහා දෙයක්. ඇඟ මහන්සි කරන්න කම්මැලිකම සාධාරණයි කියමු, ඒත් අඩු ගානෙ හිතන්න කම්මැලිකම?
අපි ඔය ට්‍රේනින් වලට ගියාම එක එක අභ්‍යාස කරන්න දෙනව. එකම සිද්ධියක් විවිධ කෝන වලින් බලල තමුන්ගෙ අදහස් දැක්වීම එක ක්‍රමයක්. මේ වගේ වෙලාවල් වල හිතාගන්න බැරි තරම් නිර්මාණාත්මක අදහස් එලියට එනව. ඒ වගේ වෙලාවල් වල මිනිස්සු මොලය වෙහෙසල ප්‍රශ්න වලට උත්තර හොයන හැටි අපූරුයි. නමුත් ආයෙත් සාමාන්‍ය ජීවිතේට ආවම පරණ කම්මැලිකම පටන් ගන්නව. ඒ අනුව ක්‍රියාත්මක වෙනව. නවතින තැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
මම දකින විදියට මේකට හේතුව මිනිස්සුන්ගෙ ඔලු/මොල සකස් වෙලා තියන විදිය. මේක තේරුම් කරන්න පුළුවන් මෙහෙම. මිනිස්සු ඉන්නෙ, ඕනෑම කරුණක් සම්බන්ධව, කාලාන්තරයක් තිස්සෙ අැසීම දැකීම මඟින් ප්‍රශ්න වලට විසඳුම් ඔලුවල ගබඩා කරල තියාගෙන. එක එක්කෙනාගෙ විසඳුම් විවිධ වෙන්න පුළුවන්. නමුත් යම් ප්‍රශ්නයකට අදාලව, හැමෝටම යම් "ප්‍රමුඛ" විසඳුමක් තියනව. ප්‍රශ්නය එන්නෙ කොයි වෙලාවෙද අන්න අර කිව්ව "ප්‍රමුඛ විසඳුම" තමයි එලියට පනින්නෙ. හරියට පෙට්ටියක දාල උඩම තියන දේ නිතරම ගන්නව වගේ. මම අවුලක් විදියට දකින්නෙ මෙන්න මේ එකවරම පනින ප්‍රමුඛ විසඳුම.
උදාහරණයක් විදියට කොලඹ ගමය කතා කල අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට එල්ලවූ ප්‍රහාරය සලකමු. මේ කේස් එකට මුල් වෙන්න ඇත්තෙ මොකක් හරි ගැටළුවක්නෙ. මේ වගේ අවුලක් හැදුන ගමන් ඊට මැදිහත් වන පාර්ශවයන්ට තියනව ජනප්‍රිය වූ විසඳුම්. මේව එන්නෙ අර පෙට්ටියෙන්. ශිෂ්‍යයන්ට ඉස්සෙල්ලම මතක් වෙන්නෙ උද්ඝෝෂණ. පාලකයන්ට මතක් වෙන්නෙ මර්ධනය. පොලිසිය බලාගෙන ඉන්නෙ බැටන්/කඳුළු ගෑස්/වතුර ප්‍රහාර දෙන්න. ඊනියා අදහස් දක්වන්නන් ටික දෙනෙක් ආණ්ඩුවට බනිනව. තවත් පිරිසක් කියනව ශිෂ්‍යයන් මොකටද දේශපාලන ඉත්තො වෙන්නෙ කියල. තවත් කට්ටියක් ජේවීපීයට/පෙරටුගාමී සමාජවාදීන්ට බනිනව ලනු කනව කියල. මේ සියල්ලම ඔලුව ඇතුලෙන් ගන්න කම්මැලි විසඳුම් වල ප්‍රතිපල. "යන්න ඕන කඩාගෙන", "දෙන්න ඕන මුන්ට පැනි හැලෙන්න" "මුං එලවන්න ඕන ගහලමයි" වගේ උඩ තියන විසඳුම් වලින් බැහැර වෙන්න තියන අකමැත්ත.
මේ වගේ ප්‍රශ්නයකදි සාමකාමී විසඳුමක් දෙන්න/ගන්න කවුරුවත් පෙළඹෙන්නෙ නෑ. උද්ඝෝෂකයන්ට මහ ලොකුවට ප්‍රහාර එල්ල නොකර විරෝධය පෙන්නන්න ඉඩ දුන්න නං ටික වෙලාවක් ඉඳල අඩියක් පස්සට ගන්නත් ඉඩක් තියනව. නමුත් කවුද අතලඟ තියන උත්තරේ අතහැරල වඩා හොඳ උත්තරයක් ලබාගන්න පෙට්ටිය අවුස්සන්නෙ!
Saturday, April 4, 2015
පෙට්ටියෙන් ගන්නා ලද.....
Subscribe to:
Post Comments (Atom)
රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් නම් සමහර වෙලාවට ,පෙට්ටිය අවුස්සලා ගන්න ඒවාට වඩා අතලඟ උඩින්ම තියෙන එක ගන්නවනම් විසඳුම් ලැබෙයි .
ReplyDeleteඔව් ඒක ඇත්ත. විසදුම් හොයාගෙන පෙට්ටිය ඇවිස්සුවා දවසක්. ඒත් මොකුත් හම්බුනේ නෑ. බලද්දී පෙට්ටියක් නෑ නොව අවුස්සන්න.
Deleteපෙළපාලියක් යන කොට ඉවර වෙන්නේ කොතනින්ද, කොහොමද කියන එක ප්‍රශ්ණයක් නේද?
ReplyDeleteමට මතක හැටියට 1992 දී විතර විපක්‍ෂයෙන් පාද යාත්‍රාව කොළඹ ඉඳලා කතරගමට යෑම ආණ්ඩු සහ විපක්‍ෂ දෙපිරිසටම හොඳ වුනේ ඒ නිසයි.
කතරගමින් පටන් අරගෙන කොළඹට ආවා නම් තමයි වැඩේ සීරියස් වෙන්නේ!
යමිකිසි සංවිධානයක්, නායකයන් පිරිසක් මෙහෙයවන පෙළපාලි එච්චර ප්‍රශ්නයක් නොවෙයි. මොකද ඒවාට ඉලක්කයක් තියෙන නිසා සහ ප්‍රතිපාර්ෂවයට අවශ්‍ය නම් ඒක මර්ධනය ලේසි නිසා.
Deleteහැබැයි කැපී පෙනෙන නායකයන් නැති, සමාජයේ සමනය ජනයාම එකතු වී පෙළපාලි ආදිය මෙහෙයවනවාට ලෝකේ සෑම ආණ්ඩුවක්ම සැහෙන බයයි. මොකද ඒවා කොතනින් නතර වෙයිද කියලා කියන්න බැරි නිසා සහ සෑම කෙනෙක්ම නායකයෙක් විදියට වැඩ කරන නිසා.
හොංකොං විරෝධතාකරුවන් මේකට හොද උදාහරණයක්.
/මට මතක හැටියට 1992 දී විතර විපක්‍ෂයෙන් පාද යාත්‍රාව කොළඹ ඉඳලා කතරගමට යෑම ආණ්ඩු සහ විපක්‍ෂ දෙපිරිසටම හොඳ වුනේ ඒ නිසයි./
Deleteඉන්දියාවෙ නම් වෙන්නෙ ඕකෙ අනෙක් පැත්ත. වෙන කොහෙන් හරි පටන් ගන්න පෙළපාළි ඉවර වෙන්නෙ අග නගරය වන දිල්ලියෙන්. ඒකට "දිල්ලි චලෝ" (දිල්ලි යමු) කියලා වෙනමම යෙදුමක් භාෂාවට එක් වෙලා තියෙනවා.
///ඇඟ මහන්සි කරන්න කම්මැලිකම සාධාරණයි කියමු, ඒත් අඩු ගානෙ හිතන්න කම්මැලිකම?///
ReplyDeleteබිල් ගේට්ස් නම් කියන්නෙ මහන්සි වෙන්න කම්මැලි උනත් හිතන්න කම්මැලි උන් තමයි මයික්‍රොසොෆ්ට් එකට ගන්නේ කියලා.... ඒ වගේ උන්ලු මොකක් හරි දෙයක් කරන්න ලේසිම ක්‍රමය හොයා ගන්නේ....
හිතන්න කම්මැලි උන් නෙවෙයි හිතන්න කම්මැලි නැති උන්.....
Deleteබීල් ගේට්ස් කිව්වා බයිලා
Deleteකම්මැලිකම හින්දයි මෙහි රැකියා
චෑ චෑ පට්ටම පල්බොරු ඕවා
මයුර රාජා කිව්වා බයිලා
ReplyDeleteඔහෙලා අපෙන් පැවතෙනවා කියලා
චෑ චෑ පට්ටම පල්බොරු ඔව්වා
බ්ලොග් චන්ඩි අපි මෙහි ලැග සිටිනා
නොබිපු වෙලාවට රාජා මුනියා
කාලක් ගැහැව්වම දෙයියානේ රාජා
භාගේ ගැහැව්වම හොම්බෙන් මිනිහා
බෝතලේ වැදුනම නොකවුට් රාජා
රාජාගේ කලින් පොස්ට් එකට වැටුණු කොමෙන්ට් නිසා රාජා ඉක්මනට අලුතින් පොස්ට් එකක් දැම්මා නේ? දැක්කම පේනවා මේක මේ කඩිමුඩියේ ලියපු එකක් කියලා. මෙලෝ රහක් නැති ලිපියක්,මගේ කයි පද වගේමයි.
පෝස්ටුව පබ්ලිෂ් කලේ මීට පැයකට විතර කලින් වුනාට මේක ලිව්වෙ බ්‍රහස්පතින්ද. හදිසියකින් නෙවේ ලිව්වෙ. ඔය කොලඹ ගමයගෙ පෝස්ටුවට දාල තියෙන්නෙ මේ පෝස්ටුවෙ සාරාංශය. මේක ලියල තියාගත්තෙ එවලේමයි.
Deleteකලින් ලිපිය ගැන කිව්වොත්, එතන වලිය මට බේරන්න බෑ. පාර්ශව ගනනාවක් සම්බන්ධවුන නිසා කාටත් අවස්තාව දීල නිකං හිටිය.
ලිපියෙ රස නැතිවීම ගැන කනගාටුයි. හයවෙනිද ඊලඟ ලිපියටවත් එන්න.
මාත් ඇඟ මහන්සි කරන්න හරිම කම්මැලි.. ඒ නිසා ගොඩක් දේවල් වලට මට පහසු ක්‍රම හොයාගන්නවා,, ඉක්මනට ඉවරකරලා නිකන් ඉන්න කාලේ ඉතුරු කරගන්න.. ඉස්සර tv එකට රිමොර්ට් නැති කාලේ කකුලෙන් තමයි tv එක ළගම පුටුවක් තියාගෙන චැනල් මාරු කරේ අම්මා නැති වෙලාවට (ජෝක් එකක් )
ReplyDeleteඔබේ පොස්ටුවේ කතාකරන දේ අපේ රටට ආදේශ කරන්න බැහැ අයියේ :(
රාජ් අයියා මතු කරන අදහස හොඳයි. නමුත් කරුමෙට අපේ රටේ ඕක වෙන්නෙ නෑ. ඔය තියෙන උදාහරණයට අනුව නම් කොහොමවත් වෙන විකල්ප විසඳුමකට යන්නෙම නෑ, රජය පැත්තෙන් විකල්පයකට යන්න ගියත් විරෝධය මෙහෙයවන අය ඒක කරන්න දෙන්නෙ නෑ. එයාල හැම වෙලේම බලාපොරොත්තු වෙන්නෙ අර උඩම තියෙන බොක්ස් එකේ තිබ්බ විසඳුම් වලින් ලැබෙන අතුරු ප්‍රථිපල. ඒ කියන්නෙ කඳුළු ගෑස්, වතුර පාරවල් වගේ ඒවා :D. ජය වේවා!!!
ReplyDeleteඉතිං කදුළු ගෑස්, වතුර පාරවල් වගේ එව්වට ජයවේවා කියන්නේ මොකද? කාටහරි කදුළු ගෑස් ගහනකොට ඒකෙ ඇති ජය මොකක්ද ?
Deleteමම ඔය ජය වේවා කියල කිවේ අපේ රාජ් අයියට. ඇනෝ කීවට පස්සෙ තමා මටත් මීටර් වුනේ. ඒක එකටම ටයිප් වෙලා.
Deleteමේ කතාවෙ එච්චර ගතයුතු යමක් නෑ බං.
ReplyDeleteවිස්වවිද්යාලෙ ඉන්නෙ හොඳටම ඔලුව තියෙන අය,පොලිසියෙ ඉන්නෙ ඔලුවක් නැත්තටම නැති අය,ඉතිං දෙගොල්ලොම නැන පමනින් තීරන අරගෙන තියෙනව.
ReplyDeleteරාජ්, ඕක තමයි මං උඹට හැමදාම කියන්නෙ නොබී ඉන්න වෙලාවට බ්ලොග් ලියන්න එපා කියලා. දෙකක් වැදුනහම තමයි උඹට සොඳුරු අදහස් පහළ වෙන්නෙ. බීලා නැති වෙලාවට ලියවෙන්නෙ මේ වගේ වාත තමයි.
ReplyDeleteමීට ඉන්දික හෙවත් ප්‍රොපයිල් අනෝ
පොලීසියෙන් කාව හරි චුත කරන්න ඕනි වුනාම ආයුධ පෙන්නන්න යාම පෙට්ටියෙ උඩම තියෙන එකක්. ඊ ළඟට යටින් තියෙන්නෙ මාංචු පිටින් ජල ක්‍රීඩා කිරීම. ඇයි මේ අයට මාංචු පිටින් ඔලුව පහලට හිටින්න ජීප් එකෙන් පාරට පැනීම වගේ අලුත් නිර්මාණාත්මක අදහස් ක්‍රියාත්මක කරන්න බැරි?
ReplyDeleteඑතකොට වලිය ගියේ කලින් පොස්ට් එකේ???? දැන් කෝ එක??
ReplyDeleteබොලේ මැර කකා දැන්නෙ බජාර් එකට බැහැලා තියෙන්නෙ...හැක් හැක්..
Deleteමේකෙත් වලිය පටන් ගන්නවා. මාතෙ එනකල් මේ ඉන්නෙ...
Deleteප්‍රශ්ණයක් නම් පාරට බහින එක වගේම අතර මැද ඒවට විරෝදය එල්ල වෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා ගිහින් නේ..
ReplyDeleteමේක දැක්කෙ දැන්නේ අපේ රාජ්...
ReplyDeleteමම දැනං හිටියෙ නැහැනේ රාජ් අපි වගේ අයව හම්බවෙන්න කැමති නෑ කියලා...පාර වැරදුනා කියලා හිතලා තංගල්ලෙ තම්බි කඩෙන් හරක්මස් ටිකක් අරන් ගිහින් බියර් තිබ්බෙ නැති නිසා වොඩ්කා ටිකක් බිලා ගෝලීෆ් පැකට් එකක්ම බොන්න උනා වෙච්ච මදි පාඩුවට.
රාජ් දන්නවනේ මොකක්ද මම මේ කියන්නෙ කියලා...
මේ පොස්ට් එක මොකටද ලිව්වෙ කියලා තව ගෝලිෆ් එකක් බීබිබ්බ් මම මේ හිත හිත ඉන්නවා...
හිතන්න කම්මැලි කම ..... ඔන් ද හෙඩ් ය ..එතනින් එහාට කිසිවක් අවැසි නැත
ReplyDeleteඅර ඇනෝ-පිලිස් මදුරුවගෙන් බෑ බේරෙන්න
ReplyDeleteඌ එන්නෙම මගෙ පුකට අනින්න....
මීට
පැරා
කමෙන්ට් එකක් හිතන්න කම්මැලියි බං. මං උඹට එකඟ වෙනවා...!
ReplyDeleteඅර පචායුදගේ මාරාන්තික උපවාසේ ගැන හඳුන්නේති කිව්වා."මාරාන්තික උපවාසයක්"කරන තැනට යන්න ඕනේ ඉල්ලීම් දිනාගැනීම සඳහා වෙන අනෙකුත් සියලු ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුවයි.හැබැයි මේ හාදයා ඒ ඔක්කොටම කලින් අවසානයට තෝරා ගන්න ඕනේ ක්‍රියාමාර්ගය මුලින්ම තෝරලා කියලා.
ReplyDeleteසමහර විට පෙට්ටියේ මුලින්ම හම්බවෙන්න ඇත්තේ ඌට එක වෙන්න ඇති හිටං.
අපේ උසාවි වල දඬුවම් දෙන්නත් ඔය ජනප්‍රිය දඬුවම නෙ.පොඩ්ඩක් නිර්මාණශීලී වෙන්න 'පටන් ගන්න'යි ඕනෙ...
ReplyDelete