අප සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්නයේය. විසිවැනි සංශෝධනය සම්මත වීම හෝ නොවීම ගැන කිසිවක් අනුමාන කල නොහැකි වුවත් දැන් ඇත්තේ මහ මැතිවරණයක් නොපවත්වා සිටිය නොහැකි තත්වයක්ය. මෙවර මැතිවරණ ප්‍රතිපලය ගැන අනාවැකි කීමට කල් වැඩි වුවත් ස්ථිර ලෙස කිවහැක්ක වන්නේ අතිශයින් උනුසුම් මැතිවරණයක් අප ඉදිරියේ ඇති බවය. දශකයකට වැඩි කාලයක් තිස්සේ පරාජිතයන්ව සිටි එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහනය කරවීමත් සමඟ ජයග්‍රාහී තත්වයකට පත්වීම හා සුළුතර මන්ත්‍රී සංඛ්‍යාව අතැතිව ආණ්ඩුව පිහිටුවීම මඟින් ශක්තිමත් තත්වයකට පත්ව ඇත. මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නායකත්වයට පත්වීමත් මැතිවරණයට ඉදිරිපත් වීමේ මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂාවත් නිසා අනෙක් පාර්ශවයන්ද ශක්තිමත්ය. එබැවින් මහ මැතිවරණය ජනාධිපතිවරණයටත් වඩා තියුණු මුහුණුවරක් ගැනීම අපේක්ෂා කල හැකිය.
දහ නව වැනි සංශෝධනය බලාත්මක කිරීම හා විසිවැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීමට ලැබෙන හැකියාව හෝ නොහැකියාව මත මැතිවරණයේ තත්වය වෙනස් විය හැකි වුවද මේ මැතිවරණයේදී ද මෙතෙක් පැවති මැතිවරණයන්ගෙන් විශාල අපගමනයක් බලාපොරොත්තු විය නොහැකිය. ඒ අනුව මෙය පොරොන්දු දේශපාලනය මූලික කරගත් සාමාන්‍ය මැතිවරණයකි.
මැතිවරණය පවත්වන්නේ කුමන ආකාරයෙන් වුවද පුරවැසියන් ලෙස අපට වඩා වැදගත් වන්නේ මැතිවරණයෙන් පසු පත්වන ආණ්ඩුවේ ක්‍රියා කලාපයයි. ජනතා නියෝජිතයන් ලෙස කවුරුන් පත්වුවත් පොරොන්දු වලින් ලිස්සා යාම ආගන්තුක අත්දැකීමක් නොවන නමුත් මැතිවරණය වෙනුවෙන් රටේ ජනතාවට පැවරී අැති කාර්යභාරය විශාලය. මේ පිළිබඳව කල්පනා කිරීමේදී අතීත මැතිවරණ ආශ්‍රිතව කලහැකි අධ්‍යයනයන් දැන් පවතින තත්වය හමුවේ කුමක් කල යුතුදැයි තේරුම්ගැනීමට වැදගත්ය.
එක්දහස් නවසීය හැත්තෑ හතේ මැතිවරණ සමයේ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වූයේ රට තුල වූ භාණ්ඩ හිඟයට විසඳුමයි. සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කල සංවෘත ආර්ථික ප්‍රතිපත්ති නිසා හෙම්බත්ව සිටි ජනතා ඉල්ලීම ඉටුකිරීමට ජේආර් ජයවර්ධන මහතා ක්‍රියා කලේය. ඉන්පසු අනූ හතර මැතිවරණයේදී මූලික වූයේ සාමයයි. චන්ද්‍රිකා මැතිණිය බලයට පැමිණි විගස උතුරේදී එල්ටීටීඊය සමඟ යහපත් සම්බන්ධතාවයක් ගොඩනඟාගැනීමට උත්සාහ දැරූ අතර දකුණේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රජාතන්ත්රවාදී දේශපාලනයට පැමිණියේය. (උතුරේදී චන්ද්‍රිකා මැතිනිය අසාර්ථක වීම වෙනම කාරණාවකි). චන්ද්‍රිකා මැතිනියගේ පාලන කාලය අවසන් වනවිට කරලියට පැමිණියේ සාමය සහ ආර්ථිකය වැනි කාරණාවන්ය. පාර්ලිමේන්තු මැතිවරණයෙන් බලය දිනාගැනීමට සමත් වූ රනිල් වික්‍රමසිංහ මහතාද සාම ගිවිසුම හා ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මඟින් ජනතා ඉල්ලීම් ඉටුකිරීමට උත්සාහ කලේය. එහි අවසාන ප්‍රතිපලය වූයේ රනිලුත් රනිල්ගේ සාමයත් දෙකම කුණු කූඩයට යැවීමට ජනතාව කටයුතු කිරීමෙනි. රනිල් වික්‍රමසිංහ මහතාව පරාජය කරමින් බලයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අවසන් කිරීමත් සමඟ එතෙක් ජනතාව බලාපොරොත්තු වූ සාමය උදාවිය.
දශක තුනකට ආසන්න කාලයක් පැවති ප්‍රධාන ඉල්ලීම වූ යුද්ධය අවසන් වීමත් සමඟ එතෙක් යටගොස් තිබූ අපේක්ෂාවන් මතුපිටට පැමිණෙන්නට විය. සංවර්ධනය, දූෂණ නතරකිරීම, ව්‍යවස්ථාවේ අඩුලුහුඬුකම් ආදිය ගැන අවධානය වර්ධනය වූ අතර එහි කූටප්‍රාප්තිය වූයේ යුධ වීරයා වූ මහින්ද මහතා පරාජය වී මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට පත්වීමයි.
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය අනෙක් නායකයන්ගේ ජයග්‍රහණ වලට වඩා සුවිශේෂීය. පක්ෂයකින් නායකයකු පත්වන සාම්ප්‍රදායික ක්‍රමයෙන් බාහිරව පොදු අපේක්ෂකයෙකු ලෙස රටේ නායකයා පත්වීම සිදුවන්නේ ප්‍රථම වතාවටය. වැදගත්ම කරුණ වන්නේ පක්ෂ දේශපාලනයට බාහිර පුද්ගලයන් වූ මාදුළුවාවේ සෝභිත හිමි, ආචාර්ය නිර්මාල් රංජිත් වැන්නවුන්ගේ මූලිකත්වයෙන් පිහිටවූ සිවිල් සංවිධානවල ජවය ශක්තිමත් නායකයකු පරාජය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබීමයි. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාස කිහිපයක පාලන කාලය තුල ව්‍යවස්ථා සංශෝධනය, වංචා විමර්ශනය වැනි කාරණා ඉටුකිරීමට උත්සාහ දැරීම ආදියෙන් පෙනෙන්නේ පාලන බලය ලබාගන්නා අයවලුන් ජනතා ඉල්ලීම් වලට යම් හෝ ආකාරයක අනුකූලතාවයක් දැක්වීමට සිදුවන බවයි.
පාර්ලිමේන්තු මැතිවරණයක් ආසන්න මේ මොහොතේ ජනතා ක්‍රියාකාරීත්වය වැදගත් වන්නේ එබැවිනි. ජනාධිපතිවරණයෙන් පසු නිද්‍රාවට වැටී සිටින නිර් දේශපාලනික කොටස් යලි අවදිවිය යුතුය. ඇනහිට ඇති ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කරවීමට බලපෑම් කලයුතුය. රටට වැදගත් යෝජනා සකස් කර දේශපාලන පක්ෂ වලටත්, පක්ෂ නායකයන්ටත්, ඡන්ද අපේක්ෂකයන්ටත් ඉදිරිපත් කල යුතුය. කුඩුකාරයන්, එතනෝල් මුදලාලිලා, හොරුන් එලවා දමා වඩා යහපත් ජනතා නියෝජිතයන් පත්කිරීමට ඡන්ද දායකයන් කටයුතු කල යුතුය.
මහමැතිවරණය හමුවේ පුරවැසි වගකීම්.
-අජිත් පැරකුම්(W3Lanka)
Friday, June 26, 2015
මහ මැතිවරණයට අමුඩ ගැසීම
Subscribe to:
Post Comments (Atom)
JVP jokerlata nama kathiraya Gahanna epooo
ReplyDeleteජනතාව නිද්‍රාවට වැටිල නෑ බං.මහජනතාව බත් කන හරක් කියල හැමදාම අන්දවන්නට හදන උන්ට වඩා ජනතාව බුද්ධිමත්.ඒ අය නිවැරදිම තීරණය දේවි.
ReplyDeleteමරා ඉල්ලුවොත් මගේ තීරණය ගන්න මට ලේසියි. කෙලින්ම අනිත් පැත්තට දෙනවා. මර ඉල්ලුවේ නැති උනොත් තමයි ප්‍රශ්ණේ.. හ්ම්ම්.
ReplyDeleteමට තියන ප්‍රශ්නයත් ඕකයි.
Deleteමං අකමැතිම ප්‍රධානපෙලේ (වීරවංස , තොන්ඩමන්, ගොම්මන්පිල, සිවාජිලිංගම්,තෙවරප්පෙරුම, බන්දුල ගුණවර්ධන වැනි පෙන්නන්න බැරි එවුන් හුඟක් ඇති නමුත් ප්‍රධාන පෙලේ නොවන නිසා නොසලකා ඇත ) දේශපාලකයා MR නිසා ඔහුට විරුද්ධව චන්දය දෙන එක ලේසියි.
කැමතිම දේශපාලකය ( පුද්ගලික දැන හැඳුනුම්කම් නොව දේශපාලකයෙක් විදිහට ) කියල එකෙක් නැති නිසා අකමැතිම එකා ආවෙ නැත්නම්, අඩුම අකමැති එවුන් ඉන්න (ප්‍රායෝගිකව ආණ්ඩුවක් හදන්න පුලුවන්) පක්ෂය මොකක්ද බලල දෙන්න වෙනව.
මමත් මේ පාරනම් චන්දේ දාන්න එනවෝ....
ReplyDeleteඊලඟ ඡන්ද ප්‍රතිඵල
ReplyDeleteඑක්සත් ජාතික පක්ෂය ආසන 85
මහින්ද පිළ 80
ශ්රීලනිපය 10
ජවිපෙ 02
ෆොන්සේකා 02
දෙමළ සංධානය 20
මුස්ලිම් පක්ෂ 16
එකතුව 215 නේද මහින්ද පිල 90 ක් හෝ එජාපය 95 ක් ගනීවි. ප්‍රතිඵලය ඔය කිට්ටුවෙන්මයි යන්නෙ. එවිට 215 හරි
Deleteඑකතුව 215 නේද මහින්ද පිල 90 ක් හෝ එජාපය 95 ක් ගනීවි. ප්‍රතිඵලය ඔය කිට්ටුවෙන්මයි යන්නෙ. එවිට 225 හරි
Delete//එක්සත් ජාතික පක්ෂය ආසන 85
Deleteමහින්ද පිළ 80
ශ්රීලනිපය 10
ජවිපෙ 02
ෆොන්සේකා 02
දෙමළ සංධානය 20
මුස්ලිම් පක්ෂ 16//
මහින්ද පිලේ ගනන තීරණය වෙන්නෙ ඉල්ලන පිරිස අනුව (සහ මෛත්‍රීගෙ ශ්‍රීලනිපයේ ඉතිරිවන පිරිස අනුව). මෛත්‍රීගෙ ශ්‍රීලනිපයට 10ක් වගේ අඩු ගනනක් එන්න නං දැන් ඉන්න උදවිය ඔක්කොම මහින්ද එක්ක ඉල්ලන්න වෙනව. මගේ ගනන් බැලීම අනුව ලක්ෂ විසිපහක් විතර ගන්න මහින්දට පුළුවන්.
/මගේ ගනන් බැලීම අනුව ලක්ෂ විසිපහක් විතර ගන්න මහින්දට පුළුවන්./
Deleteරාජ්, ආපහු අර මළ ගෙවල් වල කරන සංගණනය පටන් ගත්තද?
මගේ සංගනනය හරිගිහිල්ල ඔහේට වැරදුනත් මතකයි කියල හිතනව :-)
Deleteගිය පාර වගේම මේ පාරත් නියම රෝයල් සජිත් ට වැඩ කරලා වැඩිම මනාපෙන් පාර්ලිමේන්තු එවන්න රාජ් ලා වගේ අවසීස කස්ටිය මතක තියා ගත්තොත් හොඳයි...
ReplyDeleteරනිල් තුමා රජ කරවලා රෝයල් කැබිනට්ටුවක් හදමු.... ගස් බඩ ගාල බැනර් එල්ලලා අන්න ඒ රෝයල් කස්ටියට උදවු දෙන්න රාජ්!
හනේ මේකා ලැජ්ජා නහර කපපු බූරුවෙක්.
Deleteමම ජවිපෙට මේ ගමන.
ReplyDeleteපිදුරු මිටිය කුරියර් කරන්නද සාමාන්‍ය පාර්සල් තැපෑලෙ එවන්නද?
Deleteඅන්න බලන්න කෑම වේල උනත් පරිත්‍යාග කරන්න කැමති උදවිය...
Deleteරාජ් ඔයිට හොඳයි සා රසයගේ පුකට පයින් ගැහුවනම්.
Deleteඅනේ බොහෝම ස්තූතියි සා රස.මට පිදුරු එච්චර දිරවන්නේ නැහැ.අප්පච්චි එක්ක ඔයාම ඕක බෙදාගෙන කන්නකෝ.
Deleteමනෝජ් ඔහොම කිවාට උඹයි අප්පොච්චියි ඔක්කොම නොකා උඹලයෙ අම්මටත් ටික දීපන් සාරස පැටියෝ.
Deleteඅපි රෝයල් කොල්ලෝ මචන්ස්ලා...
Deleteපිදුරු කෑවත් කන්නෙ හැන්දෙන් ගෑරුපුවෙන්.....
ඒක නෙවෙයි... උඹලා කස්ටියම සෙට් වෙලා අවන්කව මාන්සි වෙලා ගස් නැගලා බැනර් එහෙම එල්ලලා රොයලිස්ට් ලා නහුතයක් ම පාර්ලිමේන්තුවට එවන්න මෙයාලා...
උඹ මහින්දගෙ ගූ කන්නෙත් හැන්දෙනුයි ගෑරුප්පුවෙනුයිද?
Deleteමට නං ඔය එක දේශපාලුවෙකුවත් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සැබෑවටම පෙනී සිටිනවා කියලා හිතෙන්නේ නෑ.
ReplyDeleteඒක කකෝ ඔයා කවදාවත් වැඩකට ඇති බ්ලොග් එකක් ලිව්වේ නෑ වගේම සමාන තත්ත්වයක්
Deleteමම නම් දෙන්නේ මර්වින්, ඩී වී උපුල්, වගේ උන්ට මොකෝ උන් අනිත් උන් වගේ නෙමෙයි. කරන කියන දේ කෙලින් කියනවා, කරනවා. ඉන්න අනිත් උන් ඔක්කොමත් ඒ වගේ උන්ම තමයි..
ReplyDeleteයහ පාලනේ කියලා පත් කර ගත්තා මහ හොරා එක්ක සාකච්ඡා... අම්මගෙ රෙද්දේ යහ පාලනේ.. මූ ආවට වඩා හොඳයි, මහින්දම හිටියා නම්.. මහින්ද රෙද්ද අස්සේ දාගන්න නෙමෙයි නේ, අපි යහ පාලන එකෙක් ගෙනාවේ.
//යහ පාලනේ කියලා පත් කර ගත්තා මහ හොරා එක්ක සාකච්ඡා... අම්මගෙ රෙද්දේ යහ පාලනේ.. මූ ආවට වඩා හොඳයි, මහින්දම හිටියා නම්.. මහින්ද රෙද්ද අස්සේ දාගන්න නෙමෙයි නේ, අපි යහ පාලන එකෙක් ගෙනාවේ//
ReplyDelete:D
අයිසෙ මේ නිල් සාරසයයි කලු සාරසයයි දෙන්නගෙන් කවුද ඔරිජිනල්
Deleteමොකා ඔරිජිනල් උනත් මොකද අයිසෙ මහත්තයා... අපි දෙන්නම ලියන්නේ මරි මෝඩ ගොන් පාට් නේ....
Deleteසමහර විට ප්‍රකාශිත ඡන්ද ගණන බොහොම අඩුවෙන්න ඉඩතියනවා. ඡන්දයෙන් බලයට පත් කරන අය ජනතා අපේක්ෂාවන් ඉටු කරන්න ලෑස්ති නැති බව ජනවාරි 08 ඉඳල අද දක්වාම හොඳ හැටි පෙනී ගිහින් තියනවා. ජනතාව කොච්චර ගැටළුවලට මුහුණ දී තිබුණත්, ජනතාව මොනවා ඉල්ලුවත් උන් කතා කරන්නේ තම තමන්ගෙ පස්ස ගැන විතරයි. හිතන්නෙ තමතන්ගෙ පුද්ගලික ගැටළු ගැන විතරයි. කිව්ව දේ ආපහු ඇදගන්න විදිහක් නැති හන්ද විදායක බලේ පාවිච්චි කරන්න විදිහකුත් නැතුව මයිත්‍රී අසරණ වෙලා ඉලා ගන ඉන්නවා. ඇනොනිමස් ලා බොහොම දෙනෙක් හිතන්නෙත් රසික වගේම තමයි.
ReplyDeleteමෛත්‍රීට වෙලා තියෙන්නේ ගෙදරින් පැනලා ගිහිං බැඳපු කෙල්ලෙකුට වෙච්චි සීන් එකක් වගේ එකක්. පරණ නෑකං අත හරින්නත් බෑ. කසාදෙ අතහරින්නත් බෑ.
ReplyDeleteදැන් කියලා වුනත් ජනතාවට සවන්දීම වෙනවාද කියන එකයි ප්‍රස්නෙ.
මා හිතනවා මෙවර මහ මැතිවරණය තමයි අපේ රටේ ඉතිහාසයේ ජනතාව සෑහෙන්න හිතලා බලල ඡන්දය ප්‍රකාශ කරන මහ මැතිවරණය. එය බොහොම බුද්ධිමත් තීරණයක් වෙයි.
ReplyDelete//එය බොහොම බුද්ධිමත් තීරණයක් වෙයි. //
Deleteබුද්ධිමත්??
තමන් ට නැති දේ අනුන් ගෙන් බලාපොරොත්තු නොවන්න!!
කාලෙකට පස්සෙ ජනතා විමුක්ති පෙරමුන නිදහසේ,චන්ද සටනකට එනව, මහින්දයගෙ මැරයො නැතුව.
Deleteමරාටත් වහගන්න බැරි මරාගෙ ලබ්බං හෙළුව සරසයාගෙ ජුන්ඩං අල්ලෙන් වහන්න පුළුවන්ද ?
Deleteවිකල්ප බලවේගයකට තීරණාත්මක බලයක් ලැබුනොත් හොදයි...ප්‍රධාන පක්ෂ දෙකම කරේ ජනතාව රවට්ටපු එක...
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteපෝස්ට් එකට වැඩිය කමෙන්ටු ආතල් අප්ප.
ReplyDeleteආයෙත් බ්ලොග් කියවිල්ල එපා වෙන්න යන්නෙ
මළ ඉලව් චන්ද
හෙක් හෙක්
මරා ශ්‍රී.නි.ප යෙන් ඉල්ලවුවොත් (නිකං විහිළුවට වගේ) මක්ක වෙයිද රාජ්
1.4 million shadow voters in last election. All within 5.8 Million. time no chance. no badu bedhilla. No state media and state mechanism.. Real Mara can be seen if he comes.. People came to know real Mara during last six months and situation is different now..
ReplyDelete