Wednesday, October 21, 2015

රුසියන් ප්‍රහාර සහ බටහිර මාධ්‍ය (බුද්ධික තාඹුගල)

මේ, සිරියාවේ අයිසිස් ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකරන රුසියන් ප්‍රහාර හා ඒ සම්බන්ධව බුද්ධික තාඹුගල විසින් මුහුණු පොතෙහි තැබූ අගනා සටහනකි.

රුසියන් හමුදාව සිරියාවේ අයිසිස් ත්‍රස්තයන්ට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය ගල් ගිලපු තත්ත්වයකට පත් ව ඇත. පෙන්ටගනයට, නේටෝවට සහ සී.අයි.ඒ සංවිධානයට අනුව නම් රුසියාව පහර දෙන්නේ අයිසිස් ත්‍රස්තයන්ට නොව "මධ්‍යස්ථ මතධාරී කැරළිකරුවන්ට" ය. සිරියාවේ "මධ්‍යස්ථ මතධාරී කැරළිකරුවන්" කීදෙනෙක් ඉන්නවාදැයි ඇසූ විට ඔවුන් කියන්නේ "සීයක් හමාරක් ඉන්නව, අපි ට්‍රේන් කරපු අය" කියායි. ඇමෙරිකන් ස්ට්‍රැටජිය වන්නේ මේ "මධ්‍යස්ථ මතධාරීන්" ලවා අසාද් රජය පෙරළා ඉන්පසු අයිසිස් සංවිධානය විනාශ කිරීමලු.

බටහිර මාධ්‍ය වලට හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගන්නා රෂියා ටුඩේ චැනලය පවසන්නේ ඊනියා මධ්‍යස්ථ මතධාරියෙක් හොයා ගැනීමට නොහැකි අතර රුසියන් ගුවන් හමුදාව පහර දෙන්නේ අයිසිස් ත්‍රස්තයන්ට බවයි. රුසියන් ප්‍රහාර වලට දාර්ශනික ලෙස විරුද්ධ වන ඇතැම් බටහිර හිතවාදියෙක් පවසන්නේ පූටින්ගේ අභිප්‍රාය අයිසිස් සංවිධානය විනාශ කිරිම නොව අසාද් රෙජිමය ආරක්ෂා කිරිම බවයි. මේ අවුල ලිහාගන්නේ කෙසේ ද?
(සැ.යු : මෙය ලියන මා කිසි ලෙසකින් රුසියන් හිතවාදියෙක් නොවේ. රුසියාව යුක්‍රේනයේ කැරළිකරුවන්ට ආයුධ දී නැගෙනහිර යුක්‍රේනය අස්ථාවර කරද්දී, ක්‍රිමියාව ආක්‍රමණය කර බලහත්කාරයෙන් ඈඳාගනිද්දී ඊට දැඩි ලෙස විරුද්ධ වූයෙමි. සෝවියට් සමයේ දශක හතරක් පුරා නැගෙනහිර යුරෝපය සහ ජර්මනියේ කොටසක් යටත් කරගෙන රුසියානුවන් විසින් කරන ලද මිනිස් සංහාර බටහිර කිසිම කලෙක කර නැත. රුසියානු ව්‍යාප්තවාදයට වැට බැඳීමේ ඇමෙරිකානු සහ නේටෝ උත්සාහයන් අගය කළෙමි. දැනුත් අගය කරමි ) එහෙත් සිරියානු අර්බුදය ඇති කළේ රුසියානුවන් ද?

මුලින්ම අපි "පූටින් කරන්නේ අවස්ථාවාදී වැඩකි" යන දාර්ශනික ප්‍රශ්නය සලකමු. රුසියාව කරන්නේ අවස්ථාවාදී වැඩකි. ආයෙ ඒකෙ දෙකක් නැත. ඔවුන්ට උවමනා අසාද් රෙජිමය රැක ගැනීමට ය. එහෙත් අවස්ථාවාදී නැත්තේ කවුද? සුමනසිරි බේකරියෙන් පාන් ගන්න ඔබ "අයිසෙ සුමනසිරි, තමුසෙ මේ පාන් හදන්නෙ අපිට ආදරේටෙ නෙමෙයි තමුසෙ සල්ලි හොයන්ඩ නේද?" කියා අසන්නේ නැත. අප පාවිච්චි කරන බොහෝ භාණ්ඩ සහ සේවා කිසිවෙක් තමන්ගේ "ආත්මාර්ථකාමී උවමනාවට" නිමවූ ඒවා ය. නැතුව අපිට ආදරේට හදපුවා නොවේ. සිරියාවට පහරදීමේ දී රුසියාව කොතරම් ආත්මාර්ථකාමී වුවත්, එම ප්‍රහාර වල අවසාන ප්‍රතිඵලය ලොව දරුණුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ වීමයි. අසාද් ශාන්තුවරයෙක් නොවේ. රුසියන් හිතවාදී ආඥාදායකයෙකු වන ඔහු සුන්නි සිරියානුවන් ඔහුට විරුද්ධව නැගී සිටි විට ඔවුන්ව අමානුෂික ලෙස මර්දනය කළේ ය. කල දුටු කළ වල ඉහගත් ඇමෙරිකාව එවකට "මධ්‍යස්ථ මතධාරී" සුන්නි කණ්ඩායම් වෙත ආයුධ ලබා දී අසාද් රජයට විරුද්ධව මෙහෙයවූයේය.

වසර දෙකකට පසු අපට අයිසිස් සංවිධානය ගැන අසන්නට ලැබේ. සිරියාවේ සහ ඉරාකයේ විශාල පදාසයක් එකවර ආක්‍රමණය කරන අයිසිස් ත්‍රස්තයන් නොබෝ කලකින්ම ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය යන කිරුළ දරයි. ඔවුන්ගේ දරුණුකම කොතෙක් ද යත් තලිබාන්වරු පවා ඔවුන්ගෙන් වෙන් ව යයි. කාන්තාවන් වහල් වෙන්දේසියේ විකිණීමේ සිට අහිංසක විදේශිකයන්ගේ ගෙල කපා මරා යූටියුබ් දැමීම දක්වා ලොව ඇති තරමක් කුපාඩි වැඩ කරන අයිසිස් කල්ලිය මැදපෙරදිග "ඉස්ලමික කලිෆේට් රාජ්‍යයක්" බිහි කිරීම තම අරමුණ බව පවසයි. මේ කර්තව්‍යය උදෙසා අයිසිස්වරු ඉරාකයේ සහ ජෝර්දානයේ ඇමෙරිකන් හිතවාදී රජයන්ටත්, ඉරානයේ බටහිර විරෝධී රජයටත්, තුර්කියේ කර්ඩිෂ් ජාතිකයන්ටත්, යුදෙවුවන්ටත්, ඇමෙරිකාව විසින් පලවා හැරීමට උත්සහ ගත් සිරියාවේ අසාද් රජයටත් විරුද්ධව භේද නැතුව, ලෝස් නැතුව සටන් වදියි.

අන්තිමේ සිරියාවේ ඉතුරු වන්නේ අසාද් රජය, අයිසිස් ත්‍රස්තයන් සහ ඒ දෙකොටසට මැදි වූ සාමාන්‍ය ජනතාව පමණි. ඇමෙරිකාව විසින් ආයුධ සපයන ලද ඊනියා "මධ්‍යස්ථ මතධාරීන්" සිරියන් පොළවේ ඉතිරි නොවෙයි.. බොහෝ සංවිධාන අයිසිස් ත්‍රස්තයන්ට එක් වන අතර ඉතිරිය එක්කෝ අයිසිස් විසින් මර්දනය කර/යටත් කර අවසන් වෙයි. මධ්‍යස්ථ මතධාරී ඉස්ලමික සටන්කරුවෙක් කියා එකෙක් මේ ලෝකෙ නැත. එහෙම උන් ඉන්නේ ඔබාමා මහතාගේ සිහින වල පමණි. අවසන අයිසිස් සංවිදානය අතට පත් වූයේ ඇමෙරිකන් ආයුධයි. අයිසිස් එකට විරුද්ධව ඇමෙරිකන් ප්‍රතිචාරය කුමක් ද? සරලය. බළලුන් ලවා කොස් ඇට බාවනවා කියන ප්‍රංශ උපහැරණයෙන් පැහැදිළි කළ හැකි ය. අයිසිස් සහ අසාද් හමුදා එකිනෙකා කෙළගනිද්දී උන් දෙගොල්ලන්ටම කෙළ කර දැමිය නොහැකි බව ඇමෙරිකාව මනාව දනියි. ඔවුන් කරන්නේ අයිසිස් සංවිධානය අසාද් රජය පෙරළනකම් බලා සිටීමය. එහෙත් ඔවුන්ට හිතවත් ජෝර්දානයට, ඉරාකයට හෝ කර්ඩිෂ්වරුන්ගේ ප්‍රදේශයට අයිසිස්වරුන් ව්‍යාප්ත වීම වැළැක්වීමට පමණක් ගුවන් ප්‍රහාරයක් දෙකක් එල්ල කිරීමය. මේ තත්ත්වය යටතේ අයිසිස් ත්‍රස්තයන් සිරියාවේ බලය පැතිරවීම වැළැක්විය නොහැකිය. සිරියානු සරණාගතයන් සිරියාවෙන් යුරෝපය කරා ඇදී යන්නේ මෙම ඉදිරියට ඇදෙන ත්‍රස්තයන්ට බියෙනි. ඔවුන් නික්ම යාමට අසාද් රජයේ දරුණුකමත් හේතුවක් වේ නම් ඔවුන් යන්නට තිබුණේ වසර කිහිපයකට පෙර සිටය.

සිරියාවට අත පෙවීම මගින් ඇමෙරිකාව කරගත් ප්‍රධාන වැරදි දෙකකි. එක අතකින් ඇමෙරිකන් ආයුධ, මුදල් සහ පුහුණුව ලබාගත් ඊනියා "මධ්‍යස්ථ කැරළිකරුවන්" අවසානයේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදීන් බවට පරිණාමය වීමය. අනෙක නම් සිරියාව තුළ රුසියාවේ චරිතය අවතක්සේරු කිරීම ය. රුසියානු - සිරියානු මිත්‍රත්වය ඇමෙරිකාව මුලින් සිතුවාට වඩා අතිශයින්ම ප්‍රබල එකකි. කුස්නෙට්සොවු නැමති රුසියාවේ එකම එයාර්ක්‍රාෆ්ට් කැරියර් එක ඇතුළු රුසියන් මධ්‍යධරණී නැවු හමුදාවට නිවහන් වරාය වන්නේ සිරියාවේ හෝම්ස් වරායයි. මෙසේ ස්ට්‍රැටජිකලි වැදගත් වන ස්ථානයක් අහිමි කර ගැනීමට රුසියාව කිසිසේත් සූදානම් නැත. අසාද් රෙජිමයට විරුද්ධව නේටෝ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ගෙන ආ යෝජනාව රුසියාව නිෂේධ කළේ ය. රුසියාව සහ බටහිර රටවල් අතර ඇති සීතල යුද්ධයේ සටන් පෙරමුණු සලකද්දී සිරියාවේ දී බටහිර අත ගැසුවේ රුසියන් බල ව්‍යුහයේ මධ්‍යයට ය. රුසියාව ඊට ප්‍රතිචාර නොදක්වා සිටිතියි බලාපොරොත්තු වීම මෝඩකමකි. අයිසිස් සංවිධානය විනාශ කිරීමට බටහිරට නැති උවමනාවක් රුසියාවට ඇති බව අතිශයින්ම පැහැදිළිය. පසුගිය වසර තුළ ඇමෙරිකන් ප්‍රහාර වලින් සිදුකළ හානිය මෙන් කිහිප ගුණයක හානියක් පසුගිය දින කිහිපය තුළ රුසියන් ගුවන් ප්‍රහාර මගින් අයිසිස් වෙත සිදුවිය. අයිසිස් ත්‍රස්තයන්ගේ ආයුධ සැපයුම සහ මෙහෙයුම් අඩාළ වී ඇත. ඔවුහු දහස් ගණනින් රැවුළ කපා පලායති. සීතල යුද්ධයේ අපගේ පක්ෂපාතීතා කුමක් වුවත් අයිසිස් මිනීමරුවන්ට රුසියාව දුන් සංග්‍රහය ලොව සියල්ලන් භේදයකින් තුළ අගය කළ යුතුය. (ඉරාකය තුළ අයිසිස් සංවිධානයට ඇමෙරිකාව විසින් කරන අටමගලක් නැති බව තේරුම් ගන්නා ඉරාක රජය ද රුසියාව සමග ඩීල් ගැසීමට සැරසෙයි )

බටහිර රටවල් වල මැදපෙරදිග මැදිහත්වීම් ගැන අමිහිරි මතකයන් බොහොමයකි. 20 වන සියවස පටන් ගන්නා විට පලස්තීනය, අරාබිය, පර්සියාව, මෙසපොටේමියාව ඇතුළු මැදපෙරදිග බහුතර ප්‍රදේශයක් ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයට අයත් විය. පළමු ලෝක යුද්ධයේදී ඔටෝමන් අධිරාජ්යය ජර්මන්වරුන්ගේ පැත්ත ගැනීම නිසා ඔවුන් මැදපෙරදිග බ්‍රිතාන්‍ය කොලනි වලට තර්ජනයක් විය. තුර්කි අධිරාජ්‍යය සීසීකඩ කිරීමට බ්‍රිතාන්‍යයෝ ක්‍රියා කළහ. ලෝරන්ස් සෙනෙවියා අරාබියෙක් මෙන් ඇඳ පැළඳගෙන අරාබිය පුරා යමින් එහි ගෝත්‍ර තුර්කියට විරුද්ධව පෙළ ගැස්වීය. සෞඩ් නම් අන්තවාදී ගෝත්‍රික නායකයා සෞදි අරාබිය නම් නව රාජ්‍යයේ රජු විය. ඉරාකය, ඉරානය බ්‍රිතාන්‍ය හමුදා වලට පත් විය. ඒවායේ බටහිර හිතවත් පාලකයෝ බිහි වූහ. පලස්තීනය අල්ලාගත් බ්‍රිතාන්‍යය එහි ඊශ්‍රායලය නම් යුදෙවු රාජ්‍යය පිහිටුවිය. අද සෞදි අරාබිය අන්තවාදී වහබි රාජ්‍යයකි. අසාද්, ගඩාෆි, සදාම් හුසේන් යන කොයි කාටත් වඩා දරදඬු සෞදි රජු සෞදි තෙල් සම්පතට පින් සිදු වන්නට බටහිර රටවල් වල ඉවසීම සහ පෝෂනය ලබයි. එහි ලෝකයේ දරුණුම මානව අයිතිවාසිකම් කඩවීම් සිදු වේ.. ඊශ්‍රායෙල් පලස්තීන් ගැටුම නොනිමෙන ගැටුමක් වී ඇත. ඉරානයේ ෂා රජුට එරෙහිව කැරළි ගැසූ මූලධර්මවාදීන් එහි බටහිර විරෝධී ඉස්ලමික ජනරජයක් පිහිටුවීය.. ඉරාකයේ හමුදා කුමන්ත්‍රණ ගණනාවක් සිදු වී දෙවරක් ආක්‍රමණය වී අද අවුල් ජාලයකි.

මැදපෙරදිග රටවල් අතරින් 2000 වන විට යම් ස්ථාවරත්වයක් ලබා සිටියේ ඓහික ඒකාධිපතියන් සිටින රටවල ය. ඉන් සදාම් හුසේන්, ට්‍යුනීසියාවේ බෙන් අලි, ලිබියාවේ ගඩාෆි, සිරියාවේ අසාද් බටහිර විරෝධීහු වූහ. ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කර හුසේන් බලයෙන් පහ කළේ ය. බටහිර උදවුවෙන් සන්නද්ධ කරන ලද සාපේක්ෂව මධ්‍යස්ථ මතධාරී විපක්ෂ කණ්ඩායම් විසින් ගඩාෆි, බෙන් අලි බලයෙන් පහ කෙරිණි. මැදපෙරදිග පුරා විසිරුණු මෙම කැරැල්ලට බටහිර හිතවත් ඒකාධිපතීන් ද හසු විය. ඊජිප්තුවේ මුබාරක් සහ යේමනයේ පාලකයා එසේ හසු විය. මෙලෙස ඉවත් කරන ලද ඒකාධිපතියන්ගෙන් හිස් වුණු 'බල රික්තකය' පිරෙමින් පවතින්නේ බටහිර අදහස් කළ මධ්‍යස්ථ මතධාරින්ගෙන් නම් නොවන බව මැදපෙරදිග දෙස බලන ඕනෑම අයෙකුට වැටහී යයි. එම බල රික්තක්ය තුළට රිංගමින් පවතින්නේ සෞදි අරාබියටත් වඩා අතිශයින් අන්තවාදී මත දරණ ඉස්ලමික සටන්කරුවන්ය. අද එම රටවලට විදේශිකයෙකුට ආරක්ෂිතව යා නොහැකිය. අයිසිස් යනු මෙම ප්‍රවණතාවයේ කූටප්‍රාප්තියයි. බටහිර විසින් ඇති කරන ලද මෙම රැල්ලෙන් තමන්ගේ හිතවතෙකු වන දරදඬු ඒකාධිපතියෙක් බේරා ගැනීම සඳහා ආයුධ එසවීම ගැන රුසියාව විවේචනය කිරීමට බටහිරට කිසිඳු අයිතියක් ඇතැයි මම නොසිතමි. අනෙක් අතට අයිසිස් මිනීමරුවන් අතුගා දැමීම ඉතා ප්‍රශංසනීයය. තමන්ගේ වාසිය සඳහා වුව ද රුසියාව ඉටු කරන්නේ සමස්ථ ශිෂ්ට ලෝකයේ ම අවශ්‍යතාවයකි.

17 comments:

  1. මමත් පෞද්ගලිකව සීතල යුද්ධයට විරුද්ධ මතයක් දැරුවෙමි. සොවේට් දේශය බිඳ වැටීමෙන් ලෝකය වඩා සාමකාමී වේ යැයි සිතුවෙමි. එහෙත් පසුගිය අවුරුදු තිහක ඇමෙරිකානු ප්‍රමුඛ බටහිර රාජ්‍ය වල ක්‍රියා කලාපය අනුව, යුක්‍රේනයෙන් නැවත ආරම්භවූ සිරියාවේදෙ එලිපහලියට පැමිණි එදිරිවාදිකම් ලෝකයේ ආරක්ශාවට යහපතක් වෙතැයි සිතමි.

    ReplyDelete
  2. මැදපෙරදිග අක්‍රමණයක් බලාපොරොත්තුවෙන් ඇමරිකාව විසින්ම සැලසුම් කරන ලද හෝ ප්‍රහාරයක් එල්ල වේයැයි කලින් දැන සිටියත් ඒ වෙනුවෙන් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගත් බවක් 9/11 සිදුවීම ගැන අසා තිබෙනවා.

    කොහොමත් ආසියාවේ රටවල්වලට බලපෑම් කර ඒවායේ පාලනය අවුල් කරනවාට වඩා බටහිරට මැදපෙරදිගට අත පෙවීම පහසුයි.
    අයිසිස් ව්‍යප්ත වන එක දැම්මම නතර කර නොදමුවොත් එක ලෝකයම බිලිගන්නා පිළිකාවක් වනු නියතයි.

    ReplyDelete
  3. මුලදී මමත් මැදපෙරදිග මෙම ප්‍රජාතන්ත්‍රවාදී රැල්ලට කැමැත්තෙන් සිටියෙමි. එහෙත් එය යන්නෙ වෙන ට්‍රැක් එකකය. ඇමරිකාවෙ රූකඩ ආන්ඩු නිර්මානය එහි සැබෑ අරමුණයි. ප්‍රජාතන්තවාදය අවශ්‍ය නම් විප්ලව ආරම්භ විය යුත්තේ සවුදි අරාබියෙනි.
    ඇමරිකාව ඇයි එස් ලාට ගහන්නෙ බොරුවට බව නම් පැහැදිලිව පෙනුනි. රුසියාව සැබෑ ප්‍රහාරයක් එල්ල කිරීම ඉතා වටින්නෙ මෙම කලාපයට මින් ඉදිරියට කිසිම ශිෂ්ට මිනිහෙකුට යන්න බැරි නිසාය.එසේම මෙම කලාපය ලොවටම පිලිකාවක් වන නිසාය.
    ඉරානය ,ඉරාකය, සිරියාව හා ලෙබනනනය එක පැත්තකත් ඊශ්‍රායලය, සවුදි අරාබිය හා තුර්කිය තව පැත්තකත් ලෙස සීතල යුද්ධයක් මැදපෙරදිග අනාගතයේ පවතිනු ඇත.

    ReplyDelete
  4. ඈමරිකන් ප්‍රොපගෑන්ඩා සීනිබෝල කාපු උන්ට දෑන් ඈත්ත වෑටහී තිබේ.

    පොරජාතන්තරවාදය නම් පට්ට පච මන්තරයක් මතුරමින් ධනවාදී අදිරාජ්‍යවාදී ගිල්ලවූ ලනු කෑ ඊනියා බුද්දිමත් මෝඩයන්ට ඈත්ත වෑටහෙන්නට ISIS කාරයෝ උන්ගේ සිතියමට ලoකාව ඵකතුකරගන්නා දිනය තෙක්ම සිටීමට සිදුවිය.

    බටහිර අදිරාජ්‍යන්ට රෙදිත් නෑතිව කඩේ ගිය ඊනියා බුද්දිමත් උන්දෑලා ආකිමිඩිස් ඔටුන්නේ රත්තරන් කලවම් ඵවා බව හොයාගත්තාක් මෙන් නින්දෙන් ඈහෑරී බෙරිහන්දීමට පටන්ගෙන තිබේ.

    අපිටනම් කියන්නට ඈත්තේ ඔකතමයි අපි කිව්වේ කියාය.........

    ReplyDelete
    Replies
    1. ඔයා බීලද සුදෝ මෙව්වා ලියන්නේ //ප්‍රොපගෑන්ඩා දෑන් ඈත්ත// මේ මොනවද

      Delete
    2. ඈයි සුදෝ සිoහල පෑහෑදිලි මදිද?
      නෑත්නම් බොරු බබාහුකුo පාට් ද?

      ලෝකෙට බොරු ප්‍රජාතන්ත්‍රවාදය දේසනාකරපු ලෝක ත්‍රස්තවාදියාගේ ඈත්ත ඵලිවෙලා වගේම,
      ලෝක ත්‍රස්තවාදියාගේ බොරු ප්‍රොපගෑන්ඩා වලට අහුවෙලා ඉතාම විසුලුසහගත විදියට ලෝක ත්‍රස්තවාදියාට ආවඩපු මෝඩ බුද්දිමතුන්ට තරු පේන්න(ඈමරිකන් උපාය උපක්‍රම තුලින් ඵයාලගෙ බෙල්ලත් හලාල් වෙන්න යන නිසා ) පටන් අරන් කියල තමා මම කිව්වේ .

      හරිය.

      Delete
    3. අන්තවාදීන්ට ඇත්ත පේන්නේ නැහැ. ඒ වුනාට ප්‍රොපගැන්ඩා වලට උත්තර දිය යුතුය. ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට, මානුෂික නිදහසට, මානුෂික අයිතිවාසිකම් සඳහා කරන කාර්‍යය භාරයේ කිසිම වරදක් නැත. එමෙන්ම සෝවියට් දේශයේ තිබූ සහ රුසියාවේ ඇතිවෙමින් එන ලංකාවේ පසුගිය වසර කීපයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රතිවිරුද්ද ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම වැරදිය. ඇමෙරිකාව සහ රුසියාව යන දෙපිරිසම තමන්ගේ ආර්ථ්මාර්තකාමී අරමුණු මුදුන් පමුණුවා ගැනීමටද ක්‍රියා කරයි. වැරැද්ද ඇත්තේ එතැනයි. කුමන පාර්ශවය කලත් එයට අපද විරුද්ධය. ලංකාවෙන් උදාහරණ ගතහොත් මහින්ද හෝ රනිල් කලත් වරද වරදමය. එමෙන්ම ඔවුන්ගෙන් කවුරු කලත් හොඳ දෙය හොඳමය. අන්ධව පැති ගැනීම කරන්නේ එක්කෝ පෞද්ගලික වාසියටය, නැත්නම් ගොං කමටය.

      Delete
    4. @ Ian

      //ඒ වුනාට ප්‍රොපගැන්ඩා වලට උත්තර දිය යුතුය. ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට, මානුෂික නිදහසට, මානුෂික අයිතිවාසිකම් සඳහා කරන කාර්‍යය භාරයේ කිසිම වරදක් නැත. එමෙන්ම සෝවියට් දේශයේ තිබූ සහ රුසියාවේ ඇතිවෙමින් එන ලංකාවේ පසුගිය වසර කීපයේ තිබූ ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රතිවිරුද්ද ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන්ම වැරදිය.//

      අන්න ඔක තමයි බන් ප්‍රොපගෑන්ඩාව.
      ඈමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කුමක් කලත් ඵය නිවෑරදිය
      රුසියාව ලoකාව කරන ඵ්වා ප්‍රජාතන්ත්‍ර විරෝදී ය.

      ඈමරිකන් මුදලින් ජීවත්වෙන මාධය මිනිස්සුන්ගේ ඔලු වලට දාපු කතාව තමා ඔක.

      උබ ආය මේ ලිපිය මුල ඉදන් කියවපන්.

      බුද්දික තාබුගලත් දෑන් පිලිඅරන් තියනවා ඔය උබේ තර්කය අමුම අමු බොරුවක් කියලා.
      ඵ් කියන්නේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදයක් ඵහේ නෑ උන් ප්‍රජාතාන්ත්‍රවාදය කියන වචනේ පාවිච්චි කරන්නේ කුමන අරමුනකින්ද කියන ඵක ඵලිකරන්න සිද්දවෙලා තියනවා තාඹුගලට,කොටින්ම ඈමරිකන් ප්‍රජාතන්ත්‍රවාදය අපේ යහපාලනය ආස්චරයය වගේ ඵකක් කියන තෑනට ඵන්න වෙලා තියනවා.

      ඈමරිකන් ප්‍රජාතන්ත්‍රවාදය පස්සේ ගිය උන් සහ ලoකාවේ ආස්චර්ය සහ යහපාලනය පෑතූ මෝඩයන් අතර කිසිම වෙනසක් දකින්නේ නෑ.
      මේ ධාරාවන් නියෝජනය කරන ඉහල පන්තිය තාවකාලික ආස්චර්යන් යහපාලනයන් පෙන්නා තමුන්ගේ ආර්තිකය සරිකරගන්නා අතර.....පහල පන්තිය ඉහලපන්තිය පහකරන අසූචි ආහාරයට ගනිමින් හෝ ජීවත්වීම ලොකු දෙයක් ලෙස සලකති.
      බෑරිමතෑන පහල පන්තිය ට්‍රෑක් ඵක මාරුකිරීමට සෑරසෙන අතර ඉහල පන්තිය නෑවත් ඵහා ට්‍රෑක් ඵකේ සිටගනිති.

      මෙය බොහොම සුන්දරව සිද්දවෙන අතර ඵකට ''ප්‍රජාතන්ත්‍රවාදය'' යෑයි කියනු ලෑබේ.

      Delete
  5. මට කියවන්න ලැබුණ තවත් වැදගත් ලිපියක් මේක. ISIS ත්‍රස්තවාදය ලොවට දරුනු පිලලයක්. ඒක විනාශ කරන්නම ඕනේ. එතැනදී ඇමරිකාව අවංක නෑ. රුසියාව තමන්ගේ වාසියට උනත් ISIS ත්‍රස්ත මර්ධනය අවංකව කරනවා. ඇමරිකාව ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ ISIS හරහා සිරියාවේ අසාද් රජය විනාශ කරන්න.

    ReplyDelete
  6. රුසියන් හමුදාව කරන වැඩේ නම් බොහෝම හොඳයි. ගෝඨාභය මහත්තයා වගේ කෙනෙකුට ඔය වැඩේ මූලිකත්වය ගන්න පුළුවන් උනොත් නම් අසීස් කෑල්ලක්වත් හොයන්න වෙන එකක් නෑ. අපරාදෙ මහින්ද මහත්තයා හිටියා නම් අපේ හමුදාවත් සටනට යවන්න තිබ්බා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සුදු වෑන් වැඩ කරගන්න වෙන හොඳ කෙනෙක් නැහැනෙ. අයියගේ ඒකාධිපති බලේ නැත්තන් ගෝටාභය මහත්තය වගේ කෙනෙක් ඇමෙරිකාවට ගන්නේ කම්පුටර් සයිඩ් එකේ පොඩි වැඩ වලට තමයි. මහින්ද මහත්තය හිටියනම් මාර්තු මාසෙම ලංකාවට සම්භාධක වැටිල, අයිසිස් යුද්දෙ පැත්තක තියෙද්දි එ. ජා සාම සාධක වැඩ වලිනුත් ලංකා හමුදාව ඉවත්කරල.

      Delete
  7. අයිසිස් ත්‍රස්තයන් මුලු ලෝකයටම මහා තර්ජනයක්,අන්‍යාගමිකයන් ඉතා දරුණු ලෙස මරාදමමින් ලෝකයම භීතියට පත්කරපු ත්‍රස්තයෝ පිරිසක්.රුසියාව සිරියාවේ ගැටුමට මැදිහත් වීමත් එක්ක අයිසිස්ලා විශාල පසුබෑමට ලක්වෙලා තිබෙනවා.රුසියන් අගමැති කියලා තිබුනා සතුරා අපේ භූමියට පැමිනීමට පෙර සතුරාගේ භූමීයේදීම විනාශ කර දැමිය යුතුයි කියලා.

    ReplyDelete
  8. //අනෙක් අතට අයිසිස් මිනීමරුවන් අතුගා දැමීම ඉතා ප්‍රශංසනීයය. තමන්ගේ වාසිය සඳහා වුව ද රුසියාව ඉටු කරන්නේ සමස්ථ ශිෂ්ට ලෝකයේ ම අවශ්‍යතාවයකි.//
    -සාරාංශය-

    ReplyDelete
  9. මේ ලිපිය මම FB එකේ දැක්ක. පස්සේ හොයා ගන්න බැරි වුනා . සිරියාව ගැන ලිපියක් ලියන්න හිතන් ඉන්නවා.
    http://nelumyaya.com/?p=4480

    ReplyDelete
  10. රුසියාව කරන්ෙන තැටිය රත් වුණ ෙවලා ෙව ෙරාටිය පුච්චන ඒක
    අෙමරිකාව කියන මධ්‍යස්ත මතධාරීන් නෑ කියන ඒකට ඒකගයි
    අනික අෙමරිකාව ෙපරලපු රටවල හැදුෙන පඹයි ඉන්න අාණ්ඩු ඔක්කම අමරිකන් හිතවාදී විතරයි
    සිරියාවටත් ඒ්ක කරන්න ඔ්න වුෙන් ඒ්ත් රුසියාව ගම කෑව කියල ඔබා තරහින් අැත් ෙත හිහි

    ReplyDelete