Thursday, October 22, 2015

‍Four Ntions, Six Nations, අසාධාරණ තීන්දුව සහ අවසන් පූර්ව වටය. Rugby world cup 2015

රග්බි ලෝක ශූරයන් කවුදැයි තෝරාගැනීම සඳහා ඇත්තේ තවත් තරග තුනක් පමණි. අවසන් පූර්ව තරග දෙක, අවසන් තරගයට අමතරව තෙවැනි ස්ථානය තෝරා ගැනීම සඳහා තවත් එක් තරගයක් ඉතිරිව අැත. රටවල් විස්සක් තරග කර අවසානයේ මේ වනවිට ඉතිරිව ඇත්තේ රටවල් හතරකි. ඒ කාණ්ඩයෙන් ඕස්ට්‍රේලියාවත්, බී කාණ්ඩයෙන් දකුණු අප්‍රිකාවත්, සී කාණ්ඩයෙන් නවසීලන්තය හා ආර්ජන්ටිනාවත් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර ඩී කාණ්ඩයෙන් කිසිදු රටක් සුදුසුකම් ලබාගැනීමට සමත් වූයේ නැත.

අර්ධ අවසන් පූර්ව වටයේදී වේල්සය පරාජය කල දකුණු අප්‍රිකාව තියුණු ජයක් ලැබූ අතර නවසීලන්තය ප්‍රංශයට එරෙහිව ලබාගත් ජයග්‍රහණය වාර්තා පොත් අලුත් කලේය. බලාපොරොත්තු නොවූ ලෙස අයර්ලන්තය පරාජය කල ආර්ජන්ටිනාව ඩී කාණ්ඩය තරගාවලියෙන් ඉවත් කල අතර ඕස්ට්‍රේලියාව ස්කොට්ලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණය දැඩි ආන්දෝලනාත්මක විය.

☜[ජෝබර්ට් දඬුවම් පහර සඥා කිරීම]

ඕස්ට්‍රේලියාව සහ ස්කොට්ලන්තය අතර තරගය ලන්ඩනයේ ට්වින්ක්හැම් ක්‍රීඩාංගනයේ පැවැත්වුනු අතර මුලින් බලාපොරොත්තු වූ ලෙසින් පහසු ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානුවන්ට නොහැකි බව තරග ආරම්භයේ සිටම දක්නට ලැබිනි. විනාඩි කිහිපයකට වරක් තරගයේ වාසිය දෙපසට දෝලනය වූ අතර ඕස්ට්‍රේලියාවේ දුර්වල ක්‍රීඩා විලාශයත් ස්කොට්ලන්තයේ ධෛර්ය සහගත ක්‍රීඩාවත් කැපී පෙනුනි. පළමු අර්ධය අවසානයේ ලකුණු 16-15 ලෙස ඉදිරියෙන් සිටීමට ස්කොට්ලන්තය සමත් විය. ලකුණු 34-32 ලෙස ජයග්‍රහණය ආසන්නයට පැමිණි ස්කොට්ලන්ත‍ය‍ේ අවසන් පූර්ව වටයට ය‍ාමේ බලාපොරොත්තු සුන්කලේ තරග තීරක ‍ක්‍රේග් ජෝබර්ට් විසිනි. ඔහු ලබාදුන් මතභේදාත්මක දඬුවම් පහර සාර්ථක කරගත් ඕස්ට්‍රේලියානු ෆ්ලයි හාෆ් ක්‍රීඩක බර්නාඩ් ෆෝලි තම කණ්ඩයායම අවසන් පූර්ව වටයට ගෙනගියේ ලකුණු 35-34 ලෙස තියුණු ජයග්‍රහණයක් සටහන් කරමිනි. ඒ වනවිට තරගය නිමවීමට ඉතිරිව තිබුනේ විනාඩියක් පමණි!
පුනරූපන අනුව ස්කොට්ලන්ත ක්‍රීඩකයාගේ වරද වෙනුවෙන් ඕස්ට්‍රේලියානුවන්ට ලැබියයුතු වූයේ "ස්ක්‍රම්" වාසියක් වුවද (එසේ වූයේ නම් ලකුණු ලැබීමට නොහැකි වීමට ඉඩකඩ වැඩිය) දඬුවම් පහරක් ලැබීමෙන් තරගය කණපිට හැරුනි.

කෙසේ වුවත් මෙවර අවසන් පූර්ව වටය දක්වා පැමිණි කණ්ඩායම් හතර විශේෂිතය. ඔවුන් සියල්ලන්ම දක්ෂිණ අර්ධ ගෝලයේ පිහිටි රටවල්ය!
මේ වනවිට වාර්ෂිකව රග්බි ලෝකයේ ප්‍රධාන තරගාවලි දෙකක් පැවැත්වෙයි. එකක් නම් "සික්ස් නේෂන්ස්"ය. අනෙක "ෆෝ නේෂන්ස්"ය.

[වර්තමාන සික්ස් නේෂන්ස්]☞
සික්ස් නේෂන්ස් යනු වසර සියයකට වඩා අතීතයක් ඇති පැරණිම රග්බි තරගාවලියකි. එංගලන්තය, වේල්සය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය එක්ව "හෝම් නේෂන්ස්" යනුවෙන් තරග කල අතර ප්‍රංශය ඊට එකතු වීමත් සමඟ එය "5 නේෂන්ස්" විය. 2000 වර්ෂයේදී ඉතාලිය තරගාවලියට එක්වීමත් සමඟ එය 6 නේෂන්ස් බවට පත්විය. අවසන් 2015 හා 2014 තරගාවලි ජයග්‍රාහකයන් වූයේ අයර්ලන්තයයි.



☜[4 නේෂන්ස්]

මීට සමගාමීව දක්ෂිණ අර්ධ ගෝලයේ පැවැත්වෙන තරගාවලිය "4 නේෂන්ස්"ය. රග්බි ක්‍රීඩාවේ ප්‍රභලයන් තිදෙනා වන නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව එක්ව 1996 ඇරඹි "ට්‍රයි නේෂන්ස්" තරගාවලියට 2012දී ආර්ජන්ටිනාව එකතුවීමත් සමඟ එය 4 නේෂන්ස් බවට පත්විය. කලින් දුර්වල ස්ථානයක සිටි ආර්ජන්ටිනාවේ දක්ෂතා උපරිම තලයට පැමිණියේ ඔවුන් ෆෝ නේෂන්ස් තරගාවලියට එක්වීමත් සමඟිනි. මේ වනවිට ශ්‍රේණිගත කිරීම් අනුව පළමු ස්ථාන හතර දිනා සිටින්නේ මෙම රටවල් හතරය.

කෙසේ වෙතත් දැන් ඉතිරිව අැත්තේ 4නේෂන්ස් තරගාවලියයි. එහිදී දකුණු අප්‍රිකාව නවසීලන්තය සමඟත් ඕස්ට්‍රේලියාව ආර්ජන්ටිනාව සමඟත් තරග වැදීමට නියමිතය. පරාජිතයන් තෙවැනි ස්ථානය වෙනුවෙන් තරග කරන අතර ජයග්‍රාහකයන් අවසන් තරගයට ක්‍රීඩා කරනු ඇත.

පළමු තරගය නවසීලන්තය(ඕල් බ්ලැක්ස්) සහ දකුණු අප්‍රිකාව(ස්ප්‍රිංබොක්ස්) (ට්වින්කන්හැම්) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30

දෙවන තරගය ඕස්ට්‍රේලියාව(වොලබීස්) සහ ආර්ජන්ටිනාව(පූමාස්) (ට්වින්කන්හැම්) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30

32 comments:

  1. Replies
    1. යේස්. එංගලන්තෙදි හින්දම හොඳයි. ඉන්දිය‍ාවෙදි ඉන්දියාවට එරෙහිව ඔහොම උනානං එහෙම.......

      Delete
  2. මේ ගේම් එක මට අල්ලන් නෑ බං.

    ReplyDelete
    Replies
    1. මේ හාදයා මට අල්ලන්නෑ බං...

      Delete
    2. උඹල දෙන්න ඇටිකිත්තො අල්ලපල්ල.

      Delete
    3. ඔව් ඉතින් හරියට ඇල්ලුවෙ නැත්නම් නොක් ඔන් වෙනව

      Delete
  3. ස්කොට්ලන්තයට වුනේ හරිම අවාසනාවන්ත වැඩක්, මගේ තක්සේරුවේ කප් එක ගන්න හිට්යේ ස්කොට්ලන්තය .

    ReplyDelete
    Replies
    1. පික්සුද! ඔසියන්ට ගැහුවත් ස්කොට්ලන්තය කියන්නෙ ස්ථාවර දක්ෂතා තියන රටක් නෙවේ. අවුරුදු ගානකින් එදා තමයි "එයාලගෙ දවස". නමුත් ඒකත් මිස්වුනා.

      Delete
    2. ඩිස් මිස් බයිද කෙස් ගස්..
      ඇත්තටම කප් එක එයාලට නෙවෙයි ඒකයි

      Delete
  4. ඕස්ට්‍රේලියාවට ඒ තරඟෙදි වාසි දෙකක් වුණා. ෂෝන් මේට්ලන්ඩ් පිටියෙන් ඉවතට යැවීමත් ලොකු වාසියක් වුණා. එහෙම තියෙද්දිත් අවසාන මිනිත්තුවේදි පෙනල්ටිය නොලැබුණා නම් ඉතින් ගෙදර.

    නවසීලන්තෙ තමයි ඉතින් මට නම් හිතෙන්නේ. උන් ෆ්‍රාන්ස් එක්ක ගහපු ගේම දැක්කහම පිස්සු හැදෙනවා. මේ ඊලඟ මැච් දෙන තියෙන්නේ "ට්විකන්හැම්" නේද?

    ReplyDelete
    Replies
    1. //ඕස්ට්‍රේලියාවට ඒ තරඟෙදි වාසි දෙකක් වුණා. ෂෝන් මේට්ලන්ඩ් පිටියෙන් ඉවතට යැවීමත් ලොකු වාසියක් වුණා. එහෙම තියෙද්දිත් අවසාන මිනිත්තුවේදි පෙනල්ටිය නොලැබුණා නම් ඉතින් ගෙදර.// +++++++++++++++++++

      මගෙත් අදහස නවසීලන්තය තමයි මේ පාරත් දිනන්නෙ.. මුල ඉඳලම බොහොම දරුණු ආක්‍රමණශීලී විදියකට ප්ලේ කරන්නෙ බලන් ඉන්න ආසයි.

      Delete
    2. තිසර,
      (නිවැරදිකලා, ස්තුතියි!)

      ඔව්. ඔසියන්ට ඒ වගේ චාන්ස් ලැබුන. කවුදෝ කියල තිබුන හැම තරගයකම වගේ ප්‍රභල රටට වාසිදායක තීන්දු ලැබුන කියලත්. ඒක ඇත්ත කියල හිතෙන විදියෙ තීන්දුත් ලැබුන මතකයි. කොහොම උනත් අර පෙනල්ටිය නං ඉවසන්න පුළුවන් එකක් නෙවේ.

      නවසීලන්තය හොඳයි. ඒකෙ දෙකක් නෑ. එක ලිපියකට දාපු කමෙන්ටුවක් මම දැක්ක. එකෙක් කියනව "නවසීලන්තය බෝලෙ අතේ තියෙද්දි හොඳ වුනාට අනෙක් අය අතේ බෝලෙ තියෙද්දි අවුල්" කියල. දෙපැත්තටම අධික පීඩනයක් තියන මේ තරගය මට හිතෙන හැටියට මුල් විනාඩි දහයෙදි විතර කණ්ඩායමක් ඉස්සර වුනේ නැත්තං ටිකක් බෝරිං වෙන්න පුළුවන්. කොහොම උනත් නවසීලන්තය 60-40 විතර ඉස්සරහින්.

      Delete
    3. ඒ කියන්නෙ නවසීලන්තය ඇටෑක් එකේදි හොඳ වුනාට ඩිෆෙන්ස් හොඳ නෑ කියලද?
      එහෙමනම් නවසීලන්තය ඉන්න තරඟවල දෙපැත්තෙන්ම ගොඩක් ට්‍රයිස් බලන්න පුලුවන් වෙන්න ඕනෙද?

      Delete
    4. මෙහෙමයි, ඔය ඩිෆෙන්ස් එක බලාගන්න අඩු ගානෙ මුල් තුන හතරෙ කට්ටිය අතර තරගයකදි. එහෙම නැතුව හැම එකාටම බෑ ඉතිං. හැබැයි ආර්ජන්ටිනාව නවසිලන්තයට හොඳ සටනක් දුන්න. පළමු භාගයේ ඉස්සරහින් හිටියෙත් ඔවුන්.
      මේ තරගාවලියේ හොඳම ඩිෆෙන්ස් ලයින් එක දැක්කෙ එංගලන්ත ඔසී තරගයේදි ඔසියන්ගෙන්. ඒ වගේ සටනක් කාලෙකින් දැකල තිබුනෙ නෑ. 5m ඇතුලට ආපු කිහිප වතාවකම එංගලන්තයට ට්‍රයි එක ගන්න දුන්නෙ නෑ. නමුත් ස්කොට් එක්ක තිබුන තරගෙදි නං ඔසියො නිදිකරල වගේ ට්‍රයි එකක් ගත්ත එකෙක්.

      Delete
  5. නවසීලන්තය ශූරතාව දිනනු ඇත.

    ReplyDelete
  6. රාජ්, නැගෙනහිර යුරෝපීය ---- නේෂන්ස් නැද්ද?
    ආසියානු ----- නේෂන්ස් එකක් තිබුන වගේ යංතං මතකයි

    ReplyDelete
    Replies
    1. ඒෂියන් 3 නේෂන්ස්ලා තමයි ජප්පො කොරියා හොංකොං. ඒෂියා 5 නේෂන්ස් (ඩිවිෂන් වන්) තමයි (විටින් විට වෙනස් වෙනව) අපි තාපිපේ කසක්ස්ථාන් ඉන්දුනීසියා ම‍ැලේසියා සිංගප්පූරු..... ඊටත් පහල ලෙවෙල් එකකුත් තියනව.

      නැගෙනහිර යුරෝපයේ දන්න තරමින් නෑ. නමුත් යුරෝපයේ ප්‍රබල කණ්ඩායම් කිහිපයක් තියනව.

      Delete
  7. උඹේ විචාරය බලන්න අපි ඒනවාමයි...

    ReplyDelete
    Replies
    1. මැස්සො ඇහිරෙන්න වගේ උඹල දෙතුන් දෙනෙක් හරි එන නිසාත් තියන ආසාවටත් ලියනව බං. :-)

      Delete
  8. මම හිතුව උඹ අර ස්කොට්ලන්ත කාරයන්ට වෙච්චි අසාධාරණේ ගැන ඔසියන්ට රගර් එපා වෙන්ඩ ලියයි කියල .

    ReplyDelete
  9. මම හිතුව උඹ අර ස්කොට්ලන්ත කාරයන්ට වෙච්චි අසාධාරණේ ගැන ඔසියන්ට රගර් එපා වෙන්ඩ ලියයි කියල .

    ReplyDelete
  10. අර විනිශ්චයට අදාළ වීඩියෝව මමත් කීප වතාවක් බැලුවා නවත්ත නවත්තා. නමුත් දැන් කියන්නේ විශ්චයකාරයා වැරදි නැත ඔහු තීරණය දෙන්නේ තමන් දුටු දේ අනුවයි කියලා.

    ReplyDelete
  11. "ස්ක්‍රම්" වාසියක් කියන්නේ මොකක්ද බං.

    ReplyDelete
    Replies
    1. ස්ක්‍රම් එක කියන්නෙ අර දෙගොල්ල ඔලු හප්පාගෙන තල්ලු කරගව්න සීන් එකට. ඕක වෙන්නෙ මෙහෙමයි.

      ෆෝවඩ් පාස් එකක් නැත්තං නොක් ඔන් එකක්, ඒ කියන්නෙ වැරදීමෙන් බෝලෙඉස්සරහට තල්ලු වීමක් වගේ තාක්ෂනික වැරැද්දකට පස්සෙ ස්ක්‍රම් අවස්ථාවක් කෝල් කරනව. ස්ක්‍රම් එක මැදට බෝලය විසිකිරීමේ අවස්ථාව ලැබෙන්නෙ වරද කල පිලට නෙවේ අනිත් පැත්තට. එතනදි බෝලෙ අතට ගන්න ලැබෙනව මිසක් ලකුණු ගන්න ලොකු අවස්ථාවක් නෑ.
      පෙනල්ටියකදි වෙන්නෙ කෙල්න්ම ගෝල් එක ගහගන්න චාන්ස් එකක් දීම.

      Delete
    2. ඒ කියන්නෙ එක විනාඩියකදි අරුන්නෙන් බේරිල ලයින් ක්‍රොස් කරන්නත් එපැයි
      හැක් හර්කියුලිස් නං කරයිලු

      Delete
  12. දකුණු අප්‍රිකාව දින‍නවට කැමතියි...ආජන්ටීනාව ඔස්ට්‍රේලියාවට හොද සටනක් දෙයි....

    ReplyDelete
  13. බලං ඉන්නව කම්මැලි නැති ව බලං ඉන්න පුලුවං හින්ද
    ටෙක්නිකල් ටර්ම්ස් නං මෙලෝ හසරක් දන්නෙ නැ බොරු මොකටද

    ReplyDelete