පසුගිය දිනයක ෆේස්බුකියෙහි පළාත් සිවිල් යුද්ධයක් ඇතිවූ අතර ඊට මූලික වූයේ දකුණේ භාෂාවයි. රටේ මිනිසුන් සමාජ ජාල මාධ්‍ය මඟින් එක් කිරීමට ප්‍රථමව පැවති සීමිත, මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යන්, භාෂාවේ ප්‍රාදේශීය ව්‍යවහාරයන් ගොඩනැඟීම වැලැක්වීමට සමත් වූයේ නැත. කඳුරට, නැගෙනහිර-පානම්පත්තුව, උතුරුමැද සහ විශේෂයෙන් දකුණෙහි භාෂාවන්ගේ විවිධත්වය හඳුනාගත හැකිය. මිනිසුන්ගේ නිරන්තර ගණුදෙනු සිදුකරන අගනගරය පිහිටි ප්‍රදේශයන්හි භාෂාව මිශ්‍ර සහ 'පොෂ්' ස්වභාවයක් ගනී.
දකුණේ භාෂාව ගැන කතා කිරීමේදී 'හින්නා' අමතක කල නොහැකිය. කොළඹදී 'කූඹි' ලෙස හඳුන්වන සත්වයාගේ දකුණු ලක නාමය හින්නාය. අනෙක් ප්‍රදේශවල හින්නාගේ නම ඇසීමත් හිනාවට කරුණකි. කෙසේ වුවත් හින්නා ගැන බ්ලොග්කරුගේ පියා උපහාසයෙන් පැවසුවේ මෙවැනි අදහසකි.
"කොළඹ මිනිස්සු හැම එකාටම කියන්නෙ කූඹි කියලනෙ!"
එය ඇත්තකි. ඒ ප්‍රමාණයේ සියලු සත්වයන් කොළඹදී කූඹි කැටගිරියේය. අපේ 'හින්නා', 'කූඹි' මෙන් කැටගරියක සිටින සත්වයන් කාණ්ඩයක් නොවේ. එක් සතෙකි. කුඩාකල අප කුඩාම ප්‍රමාණය හැඳීන්වීමට යොදාගෙන සිටි සත්වයා හින්නාය. කෙසේ වුවත් හින්නාටත් වඩා කුඩා සතෙකුද වේ. ඒ 'තෙල් හින්නා'ය. විශ කලාවේ ඇති චක්කරයක(දශ්ඨයකදී) හින්නා, තෙල් හින්නා ආදී සියලු සත්වයෝ ඇතුලත්ය. චක්කරය මෙසේය.
තෙල් හින්නො හත හින්නො එකයි,
හින්නො හත ඔලුබක්කො එකයි,
ඔලුබක්කො හත දිමි එකයි,
දිමි හත කඩි එකයි,
කඩි හත කුඹුක් කඩි එකයි.
මෙහි තෙල් හින්නා යනු හින්නාට වඩා කුඩා සත්වයා වන අතර ඔලුබක්කා යනු හිස විශාල හින්නන් අතර ම සිටින විශේෂයකි. [ඈන්‍ට්ස් චිත්‍රපටයේ කම්කරු සහ සිකුරිටි කූඹින් මතක ඇතැයි සිතමි]. කුඹුක් කඩියා යනු කෙට්ටු ශරීරයක් සහිත තරමක් විශ කඩියාය. හින්නා මෙන් දෙතුන් ගුණයක් වේගයෙන් ගමන් කරන සත්වයා 'කොඩයා'ය. සමහර පළාත්වල 'කොඩව්' ලෙස බහු වචනයෙන් හඳුන්වන්නේ මේ සත්වයාය.
මෙවැනිම චක්කරයක් මැසි වර්ගයේ සතුන් සම්බන්ධවද තිබේ. ඒ,
මදුරු හත මැසි එකයි,
මැසි හත මීමැසි එකයි,
මීමැසි හත කලාඳුරු එකයි,
කලාඳුරු හත බඹර එකයි,
බඹර හත දෙබර එකයි,
දෙබර හත පොලොං එකයි,
පොලොං හත නයි එකයි,
නයි හත අසත්පුරුෂ එකයි. යනුවෙනි. බ්ලොග්කරුවා කුඩාකාලයේ මේ චක්කරය පියාගෙන් අසාගත් අවසානයේ නැඟූ පැනය වූයේ මේ සා විශාල විශක් සහිත අසත්පුරුෂයා යනු කවුරුන්ද කියාය. ඊට පිළිතුරු දැනගත් පසු විමසූ පැනය වූයේ අසත්පුරුෂයන් හතක විශ ඇත්තේ කාටද කියාය. ඊට පිළිතුරු ලැබුනේ පියාගෙන් නොව නැන්දම්මා සමඟ කෝපයෙන් සිටි මවගෙනි.
"අසත්පුරුෂයො හතක විස තියනව බොලාගෙ ආච්චිට"
ආයෙත් හිනි කතාවට පැමිණියහොත්, 'හින්නා' සත්වයෙකු වීමට අමතරව සංකල්පීය අදහසක් ඇති වචනයකි. හරියට මහාචාර්ය නලින්ද සිල්වා මහතා 'පොල්' හැඳින්වූ ලෙසටය. සුද්දාට, පොල් ගෙඩිය කොකනට් වුවද අපට පොල් ගෙඩියට අමතරව පොල් නම් සංකල්පයක් වෙයි. හින්නාද එසේමය. හින්නා යන්නෙන් ප්‍රමාණයෙන් ඉතා කුඩා යන අදහස ලැබේ. ද්‍රව්‍යමය අර්ථයේදී 'හින්නිකිතර', 'හින්නංකිතර' යන්න දකුණේ පාවිච්චි වන වචන දෙකකි.
"හින්නෙක් විතර" යන්න 'හින්නිකිතර' හෝ 'හින්නංකිතර' ලෙස සුමට වන්නට ඉඩ තිබේ. කෙසේ වෙතත් මෙය මගේ අදහසක් විනා පර්යේශනාත්මක අදහසක් නොවේ. 'හින්නි' යන්න ප්‍රමාණ මැනීමේ කුඩාම ඒකකය ලෙස සැලකිය හැකිය. ඊට පසුව චූටි, පොඩි, ලොකු.... ලෙසට ප්‍රමාණ හැඳින්වීමේ වචන යෙදේ. 'හින්නි මහත්මයා' යනු දකුණේ ඕනෑම ගමකින් සොයාගත හැකි මහත්මයෙකි. හින්නි මහත්මයා ඇමතුම ලැබෙන්නේ පවුලේ බාල දරුවෙකුටය. කෙසේ වෙතත් පුද්ගල ආමන්ත්‍රණයේදී හින්නි මහත්මයාට වැඩිය පවුලේ බාලයා බාල මහත්මයාය. මූනට හින්නි මහත්මයා නැතිතැන අමතන්නේ හින්නා කියාය. බ්ලොග්කරුගේ ග්‍රාමයේද හින්නි මහත්වරුන් කිහිපපොලක්ම ඇති අතර එකම පවුලක සහෝදරියන් දෙදෙනෙකු කරකාර බැඳ ගමේ බින්න බැස්ස හින්නි මහත්වරුන් දෙදෙනෙකුද විය. එකම පවුලේ හින්නි මහත්වරුන් දෙදෙනෙකු සිටීම නිසා වැඩිමලාගේ මුලට ඔහුගේ ගමේ නමත් බාලයාට නිව් හින්නි මහත්තයා යනුවෙන් යෙදීමටත් ගැමියන් ක්‍රියා කලා මතකය.
Thursday, December 1, 2016
හින්නා, හින්නෝ සහ දකුණේ බස ගැන හින්නිකිතර කතාවක්
Subscribe to:
Post Comments (Atom)
"කූඹි පුකක් තරම්" කියන එකට දකුණේ "හින්නි පුකක් තරම්" කියල කියනවද.
ReplyDeleteදකුණේ හින්නි මහත්තයල හිටියට අපේ පැත්තේ (කෑගල්ලෙ) කූඹි මහත්තයල ගැන නම් අහල නෑ.
හින්නි පුකක් කියල නං අහල නෑ. හැබැයි උකුණු පුකක් කියල නං තියනව.
Deleteඅපි කැම්පස් එකේ ඉන්න කාලෙ හොස්ටල් එක කිට්ටුව හිටිය කූඹිය කියල පුහුණුවන මැරයෙක් නං
දකුනේ උන් කිසිම අංගපුලාවක් නැති ජාතියක් බං..
ReplyDeletewfvda''''''''''''''''''''''''''''''ja!
Deleteබොලෑ ආචචිගේ මිනිහාගේ දුවද කිව්වේ?
Deleteරිදෙන උන්ට රිදුනාවේ.. ඇත්තයි මං කියන්නේ.. හැක්..
Delete@ උදාර
උඹගේ නෑකං ගන්න හැටිනං මරු ඈ..
තාත්තට කියපන් දැන් කොළඹ තෙල් හින්නෙක්වත් නෑ මෝර්ටීන් වැදිලම මැරිල කියල.
ReplyDeleteඋඹල හින්න කියන්නෙ අපි කූඹියො කියන එකටමයි. තෙල් කූඹි, නයි කූඹි, කළු කූඹි , ඇඹලයො , දිමි , කඩි සහ විෂ වැඩි තවත් කඩි ජාතියක් ඉන්නව අපි උන්ට කියන්නෙ දර කඩි. කොඩයි මේ පලාතෙ දකින්න නෑ.
පාට අනුව කියන එකත් හරි ප්‍රාථමිකයිනෙ බං :-)
Deleteඌට ඒ හැටි අවුලක් නැතිව ඇති .මොකෝ කළු කිවුවත් , හින්න නොකිය කූඹිය කියලවත් කියනවනෙ
Deleteහින්න කෙසේ වෙතත් අපි සංස්කෘතික හිඟන්නො කියන එකනං පැහැදිළියි
ReplyDeleteනෑ, නෑ, මේ තරම් විශාල පරාසයක වචන, යෙදුම්, තේරුම්වලින් කියවෙන්නේ සංස්කෘතියේ පෝසත්කමයි!
Deleteකියන්න් වලේ වාචාල කමට කිම.
Deleteනෑ, නෑ, මේ තරම් විශාල පරාසයක වචන, යෙදුම්, තේරුම්වලින් කියවෙන්නේ සංස්කෘතියේ පෝසත්කමයි!2
Delete"මේ බ්ලොග්කරුවා" නොකියා "මං" කියලා ලිව්ව නම් මීට වඩා පාඨකයාට සමීප වෙනවා ය යන්න මගේ මතයයි.
ReplyDeleteටැබූ ද භාවිතා කළ, "මේ ලේඛකයා", "මේ බ්ලොග්කරුවා" වැනි මෙවැනි යෙදුම් මට හැඟෙන්නේ උසාවිවල හෙම කෙරෙන "තමා, තමුන්" කියා "අනුන්" ඇමතීමට සමාන දෙයක් ලෙසයි!
ලියන බාසාවෙන් ලියද්දි ලියන්නෙ මෙහෙමයි. කථන බාසෙන් නං එහෙමයි.
Deleteතමුන් තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්නවද?
Deleteමීගහතැන්න නිළමේව තුරුම්පු මුදළාලි ගේ රස්නෙ වැදිල වගේ
Deleteමගේ පොඩි කාලේ එක් මතකයක් නම්, සීනි බෝතලේ මූඩිය කොයි තරම් තදින් වැසුවත් තෙල් කූඹින්ගෙන් බේරා ගන්න නම් බැරිය කියන එකයි!
ReplyDeleteකූඹි කිව්වාට, හින්නො නොකිව්වාට මාත් දකුණෙ කකුලක් තියෙන එකෙක්, හරිය?
ඒකාලෙ බෝතල් එහෙම තමයි. මොකද ඒ කාලෙ බෝතලේ වීදුරු. මූඩිය ලෝහ. ඉතිං මයික්‍රොමීටර දශම ගණන්වලට මූඩිය සහ බෝතලයේ කට නිවැරදි වුනේ නැත්තං වැහුවට පස්සෙ හිඩැස් හිටිනව. අද තියන වීදුරු/ප්ලාස්ටික් බෝතලේට ප්ලාස්ටික් මූඩිය හරියනව. හින්නෙකුට තියා හුලං පොදක් වදින්නෙ නෑ.
Deleteඅපේ අම්මලා පත්තර කොලයක් බෝතල් කට උඩින් තියලා මූඩිය වහනවා.
Deleteපත්තර කඩදාසියෙන් වහපු බෝතල් කට, පස්සේ ශොපින් බෑග් කොලේ තියලා වැහුවා. හරි හමන් ප්ලාස්ටික් කන්ටේනර්ස් කියලා ජාතියක් හැදුන්නැත්ත්නම් හොඳයි කියලත් හිතෙනවා. මොකද මේ අපේ ගෙවල්වල ගොඩගහගන්න ප්ලාස්ටික් දැක්කම. කෙහෙල් කොළේ ලන්ච් ශීට් එකට මාරුවුනාම, කෙහෙල් ගහේ වටිනාකමත් බාල්දු වුනා :D
Deleteගාල්ලෙ මමනම් දන්නෙ කොඬය කියල මිසක් කොඩයි කියල නෙමෙයි.
ReplyDeleteරත්නපුර පැත්තෙ මිනිස්සු තව එකෙක් ෆිට් කරගන්න ඕනෙ වුනාම හීං මල්ලි කියනව නේද.
අපේ පැත්තෙ කියන්නෙ කොඩයා. කොඩව් කියනව මම අහගෙන දවසක් අනුරාධපුරේ එකෙක්
Deleteඅපේ පැත්තෙ කියන්නෙ කොඩයි (ඒක/බහු දෙකටම)කියල.
Deleteඅපේ පැත්තෙ කියන්නෙ කොඩයි (ඒක/බහු දෙකටම)කියල. X 2
Deleteතෙල් කූඹියයි කොඩයි යි අතරෙ සයිස් වෙන එකෙක් දැකල නෑනෙ. බොලා හින්න කියන්නෙ ඒ සයිස් එකෙකුට වෙන්න ඕන.
ReplyDeleteකුඹුක් කඩිනං මෙහෙත් ඉන්නව. ඒ වගේම සැර තවත් කළු කඩි ජාතියක් ඉන්නව.
මොන මුසලයෙක්ද...
Deleteපොඩ්ඩක් කඩෙන් එළියට බැහැල බිම බලහං, ඔය පැත්තේ කුඹි වර්ග හතර පහක් හොයා ගන්න බැරි වෙන්න විදිහක් නැහැ...
හින්න කියන්නෙ හෙමින් යන එකාට. හින්නන් අතර තමයි ඔලුව ලොකු ඔලුබක්කො ඉන්නෙ. ඒකෙන් අඳුරගන්න ලේසියි. හැබැයි දැං දැං හින්නො අඩුයි. ඒ වගේම ගස්වල කූඩු හදන පොඩිවුනාම ගඳගහන කාකයා කියලත් එකෙක් ඉන්නව.
Deleteලොකු, මොන පිස්සුද අර සුමිත් නිරිඇල්ල කාරය සර්ෆ් එක්සෙල් ගහල ඔක්කොම වඳ කරල දාලනෙ. හැක්..
Deleteපොඩි උනාම ගඳ ගහන එකාට මේ පැත්තෙ කියන්නෙ පඩ කූඹි කියල.
ඌ මොකටද සර්ෆ් එක්සෙල් ගහන්නේ...
Deletehttps://www.facebook.com/sumithnirella/posts/1140108359440904?pnref=story
Deleteසුමිත්ගෙ පෝස්ට්එක නිසා තමයි මේක ලිව්වෙ.
Deleteමාතර පැත්තට යද්දි හීන් මහත්තය හීන් දුවා වගේ වේරියශන් එකකුත් දැකල තියනව
ReplyDeleteඔව් ඔව්. මටත් අපේ බාප්ප කෙනෙක් කියන්නෙ හීන් මහත්තය කියල.
Deleteඇඹලයෝ බොලා අහ නැද්ද?
ReplyDeleteමොකෝ නැත්තෙ. ඇඹලයගෙ පන හරිම ලාමකයි.
Deleteගස් ලබු කූඹි?
ReplyDeleteඋන් පොඩිවුණා ම ගස්ලබු කිරි ගඳයි.
දැකල නෑනෙ?
Deleteදකුණේ අපි කියන්නේ පැපොල් හින්නා කියලා
Deleteඔය කූඹි කතා වැඩක් නෑ අප්ප, මැක්ක ගැන ලියන්නකො රාජ්.
ReplyDelete-මීට සාරස
කූඹින්ගෙ පින්තූර එක්කත් දාන්න තිබ්බෙ
ReplyDeleteකලබලේට හොයාගන්න බැරිවුනා.
Deleteඔය පළාත්බද බයිලාව නම් වැඩකට ඇති එකක් නෙමෙයි, අවධානය සම්බන්ධ කරුණක්...
ReplyDeleteඅපේ පැත්තේ කුඹි, කඩි, දිමි වර්ග ලිස්ට් එක තමයි මේ...
01. පුංචිම එකා ට විශේෂ නමක් නැහැ, ඌ සීනි බෝතල් අස්සට එනවා. වේගවත්. පොඩි උනාම ගඳයි. උපරිම දිග මිලිමීටර දෙක තුනක් වගේ ඇති...
02. ඊළඟට සාමන්‍යයෙන් "කුඹියා" කියන එකා. වේගය අඩුයි. අහිංසකයි. උන් තමයි බිත්තර කර ගහගෙන හරි හරියට තමන් ඉන්න තැන් මාරු කරන්නේ. එහෙම වෙන්නේ උන් ස්ථිර තැන් වෙනුවට පොත් පත් අතරේ, ඇඳුම් අතරේ එහෙම පදිංචි වෙලා ඉන්න ගමන් එන අකරතැබ්බ...
උන් දැඩි හිරු රශ්මියට මැරෙනවා...
03. ඊළඟට ඉන්න එකා ශරීර ප්‍රමාණයෙන් අංක 02 ට වඩා ලොකුයි, නමුත් හැඩයෙන් සමානයි. රංචු වලට වඩා තනි තනියම ගමන් ගන්නවා. වේගවත්. ඌත් නිකම්ම නිකං "කුඹියා"...
04. ඉතා තද කළු පැහැති තෙල් වගේ දිළිසෙන පේලි වශයෙන් ගස් වල ඉඳගෙන බිම දිගේ හෝ වයර්, වැල් දිගේ ගෙවල් වලට එන "කළු කුඹි" වැලවල්...
පුදුමාකාර කරදරකාරී වර්ගයක්, හැම අස්සකම රිංගනවා. ජම්බු කද්දී කටින් පිඹල අහක් කරන්න වෙන්නේ මේ වර්ගයව...
මුන් පරිසරයට අපේ පලදරන ගස් වලට ලොකුම හානියක් කරන සතෙක්. ඉස්සර අපි පොඩි කාලේ දැකලවත් නැති "පිටි මකුණා" ව ඇති කරන්නේ මුන්...
මේ කුඹින්ගේ "එළ හරක්" විදිහට තමයි "පිටි මකුණා" ව ඇති කරන්නේ සහ ව්‍යාප්ත කරන්නේ, මේ කුඹි පිටි මකුණන්ගෙන් පිට වෙන ශ්‍රාවයක් උරා බොනවා, උන්ගේ බෝ වීම වැඩි වෙලා ගෙවතුවල පළතුරු වර්ග නැති භංග වෙලා ගියා...
05. මිලිමීටර තුන හතරක් දිග ඉතා සෙමින් ඇවිදින "තෙල් කුඹි" වර්ගයක් ඉන්නවා...
06. අනෙක් වර්ගය හැම තැනම වගේ ඉන්න පොදුවේ "තෙල් කුඹියා" කියන වර්ගය, මොවුන් පේළි වශයෙන් නොනවතින ගමනක යෙදෙනවා...
උදේ පටන් ගත්ත ගමන හවස් වෙලා නිමා වෙද්දී මිදුලේ උන් ගිය පාර කාණුවක් වගේ තද පස් හමුවෙන තෙක් වැල්ල ඉවත් වෙලා...
පොඩි කාලේ මුන් දිහා පැය ගණන් බලාගෙන ඉන්න එක මගේ විනෝදාංශයක්, මේ පුංචි කුඹි අතරේ උන්ගේ නායකයෝ වගේ ලොකු වර්ගයකුත් යනවා, උන් සාමාන්‍ය එවුන් වගේ හතර පස් ගුණයක් හෝ ඊටත් වඩා විශාලයි...
අපි උන්ට කිව්වේ "ටෙලෝ" කියල, ඒකට හේතුව අපි පුංචි කාලේ නිව්ස් වල නිතරම ටෙලෝ සංවිධානය ගැන කියවෙච්ච නිසා...
මේ වර්ගය කෑවම තරමක දැවිල්ලක්, කසන ගතියක් සහ පළු දමනවා...
07. ඊට පස්සේ තණකොළ ගාල් වල ඉන්න තරමක් ලොකු "තෙල් කුඹි" වර්ගය, තරමක් ළා පැහැතියි, කෑවම සෑහෙන වෙලාවක් හොඳටම කසනවා වගේම දැවිල්ලයි...
08. දැන් ඔන්න කඩි, උන්ගේ පොඩිම එකා තමයි බහුල. ඌ තමයි පුක කැඩිච්ච කඩියා වගේ හැමතැනම යන්නේ, තනියම ඇවිදින අවස්ථා බහුලයි. ඒ වගේම පොඩි ළමයින්ව කනවා. ගෙවල් තුල සහ අවට බහුලව ඉන්නවා...
09. සාමාන්‍ය කඩියගෙම ලොකු වර්ෂන් එක. මිදුල් වලට පොඩි රවුමක් දාන්න ආවත් උන් වැඩිපුර ඉන්නේ බැදී කුට්ටි වල...
මේ වර්ග දෙකම සමහර වෙලාවට පෙරහරේ වගේ පේළියට යනවා...
10. අනිත් කඩි වර්ගයට අපි කියන්නේ "විස කඩි" කියලා, දිළිසෙන තද කළු පාටයි. ඉස්සරහ දළ දෙකක් වගේ තියෙනවා. කෑවම ගොඩ වෙලාවක් කසනවා, ලොකු පල්ලකුත් දානවා...
ගොඩ වෙලාවට මේ අයගේ ප්‍රහාරයට ලක් වෙන්නේ කැලෑ එළි කරන්න ගියාම එහෙම...
11. අනිත් වර්ගය කොඩයි...
උන් කඩි ලක්ෂණ පෙන්නුවට උන්ගේ ප්‍රහාරයකට මම ලක්වෙලා නැහැ...
හොඳම වැඩේ තමයි Rufous Woodpecker (බොරත් කොඩ-කෑරලා) කුඩුව විදිහට තොර ගන්නේ කොඩයින්ගේ කුඩු...
12. ඇඹලයා, මුන්ව හැමෝම දන්නවනේ...
13. දිමි උනත් එහෙමයි, විශේෂයෙන් කියන්න දෙයක් නැහැනේ. ඉස්සර කාලේ නම් කොල්ලන්ට තාත්තලාගෙන් ගුටි පුජා ලැබිල තියෙනවා දිමි ගොටු සංග්‍රහය සමගින්...
14. තව වර්ගයක් ඉන්නවා වැසි වනාන්තර වල, උන් ජිවත් වෙන්නේ විශේෂ ගස් වර්ගයක කඳ ඇතුළේ...
මට ඒ විස්තර මතක නැහැ...
එතකොට නයි කූඹි, කුඹුක් කඩි කියන්නෙ මොක්කු ද?
Deleteකුඹුක් කඩිනං බොහෝවිට ඉන්නෙ කුඹුක් ගස් ආශ්‍රිතව තමයි. කාලෙකට හොඳටම දරුණු වෙනව තත්වෙ.
මම තණකොළ වල එහෙම ඉන්න ලොකු තෙල් කුඹි වර්ගය කියල කිව්වේ නයි කුඹි බුවාලට තමයි. නම් පොජ්ජ මතක බැරි උනා...
Deleteකුඹුක් කඩි කියල කියන වර්ගය වෙන්න ඕනේ මම කිව්ව අර තද කළු පාට දළ තියෙන එවුන්, කැලෑ අස්සේ ඉඳල තමයි පහර දෙන්නේ, එක පාරක් මින්නේරිය වැවේ ඔරු පදිද්දී කොල්ලෑව අස්සේ ඉඳල ආපු ඔය කඩි රොත්තක් නිසා වැවටත් පැන්නා...
ඒ තරම් සුන්දරයි උන්ගේ ප්‍රහාරය...
අපේ පැත්තේ උන්ට "දළ කඩි" කියලත් කියනවද කොහෙද...
ස්තුතියි දීර්ඝ විස්තරට.
Deleteහින්නො කියන ජාතිය මොක්කුද මංද. පහ හෝ හය වෙන්න ඕන.
කූඹි ගැන අධ්‍යයනය කරන්න මාත් සෑහෙන්න කැමතියි ඒ කාලෙ.
අපේ පැත්තේ හින්නො වඳවීයන්න ගත්තෙ එක විශේෂ සිදුවීමකට පස්සෙ. අවුරුදු පහලොවකට විතර ඉස්සර ගංවතුර සීරීස් එකක් අාව. අවුරුද්දක් විතර ඇතුලත ගංවතුර දහයක් විතර ආවෙ, උඹලට මතක ඇති. අන්න ඊට පස්සෙ තමයි තෙල්හින්නන්ගෙ ආධිපත්‍ය නැතිවෙලා එක එක ජාතිවල කූඹි බෝවුනේ. විශේෂයෙන්ම නයිකූඹි. ඒ දවස්වල පොඩි එවුන් එහෙම නයි කූඹි කෑවම කෑගහගෙන එන්නෙ
ඔය තද කළු පාට දළ තියෙන එවුවන්ට මෙහේ කියන්නෙ යක් කඩි කියල. කුඹුක් කඩි තනිකර කළු පාට නෑ. උංගෙ මැද හරිය තැඹිලි පාටයි. යක් කඩියට වැඩිය ටිකක් පොඩියි.
Delete//ඊට පිළිතුරු ලැබුනේ පියාගෙන් නොව නැන්දම්මා සමඟ කෝපයෙන් සිටි මවගෙනි.//
ReplyDeleteදකුණේ නැන්දම්මා වෙන්නේ බිරිඳගේ හෝ සැමියාගේ මව පමණයි නේද? පියාගේ සොයුරිය නැන්දා නේද? උඩරට බොහෝ පැතිවල පියාගේ සොයුරියත් නැන්දම්මා.
මේ පියාගේ සොයුරිය ඉංග්‍රීසියෙන් Aunt නේ. එතකොට, ඔය හින්නා හෙවත් කූඹියා Ant. ඇමරිකාවේ බොහෝ ප්‍රදේශ වල මේ වචන දෙකම උච්ඡාරණය කරන්නේ හරියටම එකම විදිහට. ඒත්, ඇමරිකාවෙත් ලංකාවේ වගේම සැලකිය යුතු ප්‍රාදේශීය වෙනස්කම් තියෙනවා. බොහෝ පැතිවල Aunt "ඈන්ට්" වුනත් ඇතැම් ප්‍රදේශ වල Aunt ලංකාවේ විදිහට "ආන්ට්" ලෙසත් තවත් සමහර සීමිත පැති වල ආසන්න වශයෙන් "ඕන්ට්" වැනි උච්චාරණයකුත් (caught වල ඇති ස්වරය) භාවිතා වෙනවා. ඇතැම් අය යොදන අවස්ථාව අනුව (නිශ්චිත තැනැත්තියක් ගැනද, පොදුවේ Aunt යන සංකල්පය ගැනද යන්න අනුව) වෙනස් ලෙස දෙවිදිහකට උච්චාරණය කරනවා. වෙනත් බොහෝ වචනත් උච්චාරණය කරන ආකාරය මෙන්ම වචනයමත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඒ නිසා, දේශපාලනඥයින්, නළු නිලියන් හා ගායක ගායිකාවන් වැනි public figures හා ගුවන් විදුලි / රුපවාහිනී නිවේදක නිවේදිකාවන් American Standard English නම් වූ සම්මත භාෂා ව්‍යවහාරය අනුගමනය කිරීමට තමන් විසින්ම මුල් වී හෝ අදාළ මාධ්‍ය ආයතන මඟින් පුහුණු කෙරෙනවා. ඇමරිකන් චිත්‍රපට හා මාධ්‍ය වල තියෙන්නේ මේ සම්මත භාෂාව. ලොව පුරා ඇති ඇමරිකානු කේන්ද්‍ර මඟින් ප්‍රවර්ධනය කරන්නේත්, TOEFL ආදී පරීක්ෂන වලදී පරීක්ෂාවට ලක් කරන්නෙත් මේ සම්මත ඇමරිකානු ඉංග්‍රීසි භාෂාවයි. නමුත්, ඇතැම් ගම්බද පැති වල භාෂාව බොහෝ වෙනස්. උදාහරණයක් ලෙස ගැහැණු අයටත් he කියන පැති හා read/reads වෙනස්කම එතරම් නොවැදගත් පැති තියෙනවා. ඒත් මෙවැනි ගොඩක් අය පසුව තමන්ගේ භාෂා භාවිතය 'නිවැරදි' කර ගන්නවා.
නැන්දම්ම කියන්නෙ මදර් ඉන් ලෝ ට තමයි. හැබැයි අපේ තාත්ත නං එයාගෙ නැන්දලාට නැන්දම්ම කියනව ඇහිල තියනව.
Deleteආන්ට් සහ ඈන්ට්වල සමානකම දැක්කෙ දැං :-)
අපේ ගම ජනපදයක්නේ, තිහගොඩින් හැත්තෑ පහයි, අයිස්සාවේල්ලෙන් හැත්තෑපහයි. බාල මහත්තයලා, හින්නි අප්පුහාමිලා, චුට්ටං අය්යලා වගේම චූටි මල්ලිලා ගොඩයි, හැබැයි උක්කුබණ්ඩලා, හීංමැණිකේල නම් හිටියේ නෑ.
ReplyDeleteඇණේ........මේ "අයිස්සාවෙල්ල" කියලා කියන්නෙම අවිස්සාවේල්ලේ මිනිස්සුම තමයි. මට අයිස්සාවෙල්ල සමීපයි.
Deleteජනපදවල මික්ස් එක තියනව.
Deleteකොහොමද බදුල්ලයි ගාල්ලයි අතර මාරුවෙන් මාරුවට ඉන්නකොට? මම නං දැන් කම්මලේ බල්ලා වගෙ.. ඕවා ගානක්වත් නෑ.. හැක්
ReplyDelete//කම්මලේ බල්ලා//
Deleteරාජ් අපහාසාත්මක කමෙන්ට් ඉවත් කරන්න.
නෑ නෑ ඒ වෙන බල්ලෙක් ගැන කියල තියෙන්නෙ.
Deleteමා ඉපදුනු හැදුණු වැඩුණු, සබරගමු පළාතේ, දන්නා හඳුනන :D කූඹි වර්ග:- කළු කූඹි, තෙල් කූඹි, කඩි, (කුරු කඩි, දළ කඩි) දිමි, කොඩයි, හත්පොලයා, නයි කූඹි, ගෙරි, කුරා,
ReplyDeleteගෙරි? ඇහුවමයි!
Deleteගෙරි ඉන්නව ගාල්ලෙත්. කඩි වර්ග ගාල්ලෙ 3ක් දන්නව පොඩි කඩි (උන් කන්නෙ නෑ ටීම් එකේ ඉන්නෙ 15ක් විතර. කඩි , නයි කඩි කුඹුක් කඩි හම්බ වුනේ රන්නෙදි මට
Deleteඅපේ කඩි තුන් වර්ගය, පිං කඩි(කන්නෙ නෑ), (නිකං) කඩි, කුඹුක් කඩි.
Deleteඅපේ හරකුන්ට බෙදෙන්න ඕනි උනාම කූබියෙක් හරි අල්ල ගන්නව.
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඒක හැබෑව
Deleteකැම්පස් එකේ දකුණේ එව්වො බයිට් උනේ මක්කැයි, ඇහැක් විදිහට, හරිය, බොලා, එයැයිතු, මක්කා හරි වගේ වචනවලට. උන් අපිව බයිට් කලේ තොපේ පැත්තේ ගස් වගේම බසුත් හිටවනවනේ කියලා. (අපේ පැත්තේ බස් එක නවත්වනවට කියන්නේ බස් එක හිටවනවා කියලා)
ReplyDeleteබස් එකේ යනකොට උඹලාටත් එක්ක ටිකට් ගතපු අය උන්නෙ නැතෙයි?
Deleteඅපේ බයිට් වුනේ දකුණේ සූරියවැව එවුන්.උං ප්‍රැක්ටිකල් වලට කියන්නෙ පැට්‍රිකල් කියල.
Deleteපැට්‍රීෂියා කියන එක ප්‍රැක්ටීෂියා කියලා තමයි අර අහ ඈයො දොඩන්නේ.
Deleteතව හින්නා කියලා කුලයකුත් තියෙනවා දකුණු පළාතේ
ReplyDeleteඒකනම් "හීන" කියන එකෙන් ආපු එකක් වෙන්න ඇති.
Deleteහින්නකුලය
Deleteරාජ් ආතල් පෝස්ට් එකක්. මේ වගේ සීරිස් එකක් ලියපන්කෝ බං. උඹ හොඳ ලේඛකයෙක්. මම නම් ආසයි.
ReplyDeleteමම දන්නේ මෙගා කූඹි සහ මිනි කූඹි විතරයි :D
ගායනය - ගුණදාස කපුගේ
ගී පද - ලූෂන් බුලත්සිංහල.
සංගීතය - ගුණදාස කපුගේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා ඔබේ මන්දිරේ....කුරා කුහුඹු මිනිසා වෙමි මා
ස්තුතියි අරූ
Deleteමේ ජාතියෙ පෝස්ට් කිහිපයක් ලියනව.