Sunday, November 13, 2011

මග නැගුම.

ලොක්කට පිං සිද්ධවෙන්න
මාර්ග ටික තිතට තිබේ...
ඒත් කොහොම පි‍ඹල යම්ද
බාප්පලා බඹෙන් බඹේ.

15 comments:

  1. පිඹලා යන්න නෙවෙයි බොලන්
    මේ මාර්ග ටික තැනුවේ
    'වේගය මරුවා කැඳවයි'
    ඒ බව සිහි කරනු මැනේ.........

    ReplyDelete
  2. ඊයේ පෙරේදාත් මාව ඇල්ලුවා 83 යි කියලා 70 ටත් අඩුවෙන් එද්දී. හදිසි ගමනක් නිසා 500 දීලා ආවා. මේක උසාවී ගෙනියන්න ඕන ප්‍රශ්නයක් නැත්නම් ලංකාවට වාහන ගේන කොට ස්පීඩ් ලිමිට් එකට වඩා වැඩියෙන් යන්න බැරි වෙන්න ඇන්ජින් හදන්න ඕන. නැත්නම් බස් කාරයෝ වගේ යටකරන් යන්න ඕන. දැන් බස් අල්ලන්නේ නෑනේ..

    ReplyDelete
  3. "බාප්පලා බඹෙන් බඹේ."

    එළ ටෝක් එක.....

    ReplyDelete
  4. මාර්ග ටික තිතට තියාගන්ට වෙන්ටැති බාප්පලාව දාලා තියෙන්නේ...:D

    ReplyDelete
  5. බාප්පලා ගැන නම් කියලා වැඩක් නැත . මේ බාප්පා කෙනෙක් නා ගත්ත සීන් එකක්

    අපේ දිහාවට එන ප්‍රධාන පාරේ නගරයට ටිකක් ආසන්නයෙ තියනව වංගුවක් ඉරි දෙක දාපු , වංගුවේ හැටියට බස් එකක් වුනත් 20 ට 30 ට අඩු නොකලොත් ඉරි නොකැපි වංගුව ගන්න අමාරුයි . ලෝන්ග් වෙහිකල් නම් ඉරි කපලම තමයි වංගුව ගන්නේ . මේතන සාමාන්‍යයෙන් බාප්පල ඉන්න තැනක් (හේතුව හිතාගන්න පුලුවන් නේ ) . දවසක් එක පණ්ඩිත බාප්පෙක් ලෝන්ග් වෙහිකල් එකක් අල්ලල ඉරි දෙක කැපුවට . ඒකේ ඩ්‍රැයිවර මහත්තය යතුර අරගෙන මලු බැහැල ආවේ , ඇවිත්

    ඩ්‍රැ: ඇයි රාලහාමි ?

    බා: ඇයි කියල අහන්නේ , පෙන්නේ නැද්ද ඉරි කපාගෙන යනව කියල

    ඩ්‍රැ: මේන් රාලහාමි යතුර , පුලුවන් නම් මේ වාහනේ ඉරි කැපෙන්නෙ නැතුව ඔය වංගුවෙන් අරන් පෙන්නන්න

    ReplyDelete
  6. මහි
    ඒක හොදාකාරවම දන්නවා.ඒත් පාරෙ යද්දි හිතුනු දේ ලීවා.

    මාතලන්
    //හදිසි ගමනක් නිසා 500 දීලා ආවා//ඕන්න වැරැද්දෙ මූලාරම්භය.මම දෙපාරක් උසාවි ගියා දෙපාරම නිවැරදිකරු උනා.සල්ලි තියනවටවත් වෙලාව තියනවටවත් නෙවේ.වැරැද්දක් නොකර වැරදිකාරයා වෙන්න තියන අකමැත්ත නිසා.

    ඔබ නොදු‍ටු ලොවක්
    ස්තුතියි.

    Podi Kumarihami
    නෑ.මාර්ග වලින් ගානක් හම්බකරගන්න.ඒක ආණ්ඩුවෙ ප්‍රධාන ආදායම් මාර්ග වලින් එකක්.

    බුවා
    ගම් පෙරළිය අත්අඩංගුවට ගත්ත පරම්පරාවෙ එවුන්නෙ.:)

    ReplyDelete
  7. ඇත්ත ඇත්ත..පිඹල කොහොම වෙතත් ටිකක් හයියෙන් යන්ඩ නෑ..ඉස්සරහින් එන එකා හෙඩ්ලයිට් ගහනව...අම්මප මක්කැයි මේකට කොරන්නේ...

    ReplyDelete
  8. අපේ සල්ලි වලට සාධාරණය ඉටු වුනු බවක් කියන්න පුළුවන්.

    බාප්පලා ගැන කියලා වැඩක් නැතිය. දවසක් එතකොට අපි පාසැල් යන කොල්ලෝ.... අපි ඉන්නවා වත්තල හංදියේ මාරකට් එකගාව ත්‍රිවීල් පාක එකේ කයියක් ගහන්. බාප්පෙක් ඉන්නවා අපිට පේනව ෆුල් යුනිෆෝම්. ආවා තඩි වාහනයක්. මූ දැම්ම අත. දැන් දෙබස මෙහෙමයි.
    බාප්පා... මහත්තයා පිටකොටුව පැත්තටද යන්නේ.
    වහානේ මහත්තයා.... ඔව් ඇයි?
    බාප්පා.... එහෙනම් මාව දාන්නකො පෑලියගොඩින්.
    මහත්තයා... මොනවා????? මම වාහන ගත්තේ පොලීසියට නෙමෙයි. මට. හරිද.
    දඩස් මහත්තයා ඇදලා ගියා. දැන් අපි බඩ අල්ලන් හිනා වෙනවා.
    බාප්පා මාරු හෙමිහිට.
    පව්ත් කියලා හිතෙනවා.

    ReplyDelete
  9. Raj
    උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕන.

    වෙද ගෙදර මහ වෙදනා
    අර මොකද්ද වලදාගෙන මැරෙන්න හිතෙනව.:)

    ReplyDelete
  10. අඩු ගානෙ මාර්ග ටික හරි තිතට තියෙනවනෙ රාජ්... :)

    ReplyDelete
  11. Miyuru
    එහෙමවත් හිත හදාගන්නං.

    ReplyDelete
  12. "බාප්පලා බඹෙන් බඹේ."

    ඒකනම් නියම කතාව.. අධිවේගෙටත් රිංගයිද දන්නේ නෑ.. :)

    ReplyDelete
  13. හප්පටසිරි !!! එහෙනම් කොහොමද හයියෙන් යන්නේ.
    මේ වැඩේ අර කිව්වා වගේ අධිවේගී මාර්ග වලටත් එයිද මන්දා.

    ReplyDelete
  14. හයි වේ එකේ යන්න ගැටලුවක් නැහැ 100 ට වඩා අඩුවෙන් ගියොත් තමා ලෙඩේ

    ReplyDelete
  15. පන්සීයකින් ඇතුලට යන්නට හැක්කේ..
    දඩ කෑවොතින් 5000ක් දිය යුත්තේ..
    කොට්ටාවට යන්න පැය දෙකකුත් යන්නේ..
    ගාල්ලටයි පැයකින් අනේ යා හැක්කේ..

    ReplyDelete