Tuesday, November 1, 2011

කතරගම දේවාලයේ (අ)කටයුතු.

1948 ශ්‍රී ලංකාව නිදහස ලැබුවද සමහර අවස්ථා වලදී තවමත් රට පාලනය කරන්නේ සුද්දන්දැයි සිතෙන්නේ අපේ උදවිය ඔවුන්ට දක්වන ගැතිකමේ තරම දුටු විටය.

පෙරේදා දිනයේදී මා සහ විදේශයක සිට පැමිණි ඥාති සහෝදරයෙක්ද තවත් ඥාති පිරිසක්ද සමග කතරගම දේවාලයට ගියේ එම සහෝදරයාගේ කාර්යක් සදහාය. පස්වරු 6.30ට පමන ආරම්භ කල දේව පූජාව සදහා බැතිමතුන් පැමිණ සිටි අනුපිළිවෙලට තෝරාගන්නාලද අතර ඉන්පසු කිසිවෙකුටත් ඇතුළු වීමට ඉඩ දුන්නේ නැත. ප්‍රධාන දේවාලයේ දොරටුව ආවරණය කරමින් ඇදතිබූ ලණු මතින් පැණීමට කිසිවෙකුටත් ඉඩක් නොවූ අතර ඉන් පිටත රැදී සිටියේ ඊලග පූජා වාරය සදහා රැස්වූවන්ය. පූජාව පටන්ගෙන පැය භාගයකට පමණ පසුව පැමිණි විදේශිකයන්(සුදු ජාතිකයන් බව පැවසිය යුතුය) පිරිසකට ඇතුළු වීමට තම ශරීර කුදුගසමින් ඉඩ ලබා දුන්නේ එතෙක් ලාංකික බැතිමතුන්ට සිංහ වෙස් පෑ දේවාලයේ කපුවන්ය.

ආගමික ස්ථානවලදී පවා දාහේ දාහේ කොලවලට මුල්තැන ලැබෙන ශ්‍රී ලංකාවේ ජීවත්වන මටනම් මෙවැනි දේවල් පුදුමයක් නොවුනද අවසානයේ ඔහු ප්‍රකාශකල දේවල් තවත් වරක් සිතීමට පොළඹවනසුළු විය.

"මල්ලී, මට තේරෙන්නෙ නෑ අපේ මිණිස්සු සුදු හමට මෙච්චර ගරු කරන්නෙ ඇයි කියල. දැං බලන්න අපි මෙහෙම උනාට ඉන්දියාවෙ කෝවිලකට යන්න මේ විදියට ඉඩ දෙනවද? එක සැරයක් එහේ නිව්ස් වල ගියා අපේ ජනාධිපති තුමයි ආර්යාවයි තිරුපති කෝවිලට ගිහිල්ල ආරාධනාවකට අනුව. ඒත් එයාල දැනගෙන ඉදල නෑ ආර්යාව කතෝලික කියලා, දැනගත්තට පස්සෙ එයාල කෝවිලම සේදුව කියලයි නිව්ස් එක ගියේ.

මෙතන තියන ලොකුම වැරැද්ද ඒකත් නෙවේ මුං මෙහෙම සුද්දන්ට නැවෙනකොට එහේ ඉන්න අපි ගැනත් උං හිතන්නෙ ඒ විදියට".

25 comments:

  1. කොහෙද බන් ..ඔනි නැති මගුල් වලදි නම් සුද්දොත් එක්ක වලි , ඒත් හිත් වල තියෙන්නෙ මහ වැඩවස්ම් යුගයේ සිතුවිලි

    ජනාධිපති ආර්යාවගේ සීන් එක මාත් අහල තියෙයි

    ReplyDelete
  2. බුවා
    ඔව්.ඔය අවස්ථා දෙකේදී අපේ අයගේ හැසීරීම හරිම වෙනස්.

    ReplyDelete
  3. කොහොමත් සුදු හමට අපේ අයගේ තියනවා පොඩි මානසික බියක්. ඒක නැති කරන්න අමාරුයි. ඔය වැඩියම සුද්දට විරුද්ධව කෑගහන කට්ටිය තමයි වැඩියෙන්ම ඔහොම හැසිරෙන්නේ. දන්නවනේ කටේ නරිවාදන් -------------

    ReplyDelete
  4. වෙද ගෙදර මහ වෙදනා
    ඒත් අඩුගානෙ අපේ අයටත් මිණිස්සුන්ට වගේ සලකන්න බැරි ඇයි?

    ReplyDelete
  5. කතාව නම් ඇත්ත. මෙහෙම කලාම වෙන්නේ පිටරටවල ඉන්න අයත් එයාලට එහෙම කරයි කියලා, ඒ උදවිය බලාපොරොත්තු තියාගන්න එකයි.

    ReplyDelete
  6. Podi Kumarihami
    ආන්න හරි.(නැත්තං කවුරුවත් කාටවත් නැමුනට අපිට මොකෝ)

    ReplyDelete
  7. ඔය සුදු හං කාරයො..කවදාවත් අපට විශේෂයක් කොරන්නැ..උන්නේ රටවල්වලදී....ඔය කපුවන්ට කුට්ටිය ලොකුවට ලැබෙනව ඇති..ඒකනේ..පක්කලි කං කොරන්නේ...කොහොමත් ඔතන ඉන්න කපුවන්ට කොහේද ස්‍රද්ධාවක්..ඔක ඇතිවෙන්ට සිංගල කලු සුද්දොත් මොනරු දික්කර ගන්ට ඔන නෙව.....
    අන්තිමට හැමවෙලේම තැලෙන්නේ දුප්පත් අහිංසක සිංහලයො....

    ReplyDelete
  8. ඔය කලු හම තියෙන එවුන් සුදු හම තියෙන එවුන්ට ඇඹරෙන එක ගැන මාත් පහුගිය දවසක ලිව්ව.. ඒත් මෙතන රාජ් කියන කතාවෙදි වෙන්නෙ සුදු හමට වඩා ඩොලර් වලට නැමෙන එක කියලයි මං හිතන්නෙ.... ඔය කපුවො ස්තෝත්‍ර කියන්නෙත් පූජා වට්ටියෙ තියෙන නෝට්ටුවෙ හැටියට...

    ReplyDelete
  9. Raj
    නිකං දැනගන්න අහන්නෙ.... හැබෑටම ඔය කට්ටිය ගැන දෙයියො මොකුත් ඇක්ෂන් එකක් ගන්නෙ නැත්තෙ ඇයි දන්නෑ නේ?

    සපතේරු උන්නැහේ
    මාත් ඔය කාරණාව හොදට බැලුව.පුළුවන් නං දේවාලෙ පූජාව වෙලාවට පූජා වට්ටියක් අරගෙන ‍ඒක කපුවට දෙන්න දගලන පිරිස අතරට යන්න. "කොලේ" බර වැඩි අයගෙ වට්ටිය ඉස්සෙල්ල ගන්නඑක අනිවාර්යෙන් සිද්ධවෙනව.

    ReplyDelete
  10. කොහොමත් ලොකු ලොකු පූජා වට්ටිවලට කපුවො විතරක් නෙමේ දෙයියොත් සලකනවා ......

    ඇත්තටම ඔය විදියට දේවල් සිද්ධ වෙනකොට දේවාලෙකට ශ්‍රාද්ධාවක් ඇතුව යන්නෙ කොහොමද .....

    ReplyDelete
  11. පන්සල් හංදිය
    ඒ උනාට අපේඅයට ඕව මතක තියෙන්නෙ උපරිම සතියයිනෙ.

    ReplyDelete
  12. අර නන්දා මාලිනී ගෙ සින්දුවක් තිබුනේ " පානම් පත්තුවේ ඩිංගිරි අම්මායා " කියලා..ඒකෙත් ඔය වගේම කතාවක් කියනවා....ඇති තැනට තැන

    ReplyDelete
  13. මෝඩයෝ කියලා මරන්නද?

    හොඳ වැඩේ මේ මිත්‍යාදෟෂ්ටිකයින්ට.

    නමුත් මං පොඩ් ප්‍රශ්ණයක් අහන්නම්. ඇයි අර වැට උඩින් පැනලා ගියේ නැත්තේ සුද්දෝ ගිය වෙලාවේ?

    එහෙම ගියානං මොකද වෙන්නේ? අඩු වශයෙන් ඒ ගැණ කට ඇරලා ප්‍රශ්ණ කළාද?

    එෙෑම නොගිහින් දැන් කම්ප්ලේන් කරන එකේ ඬැඩක් නෑ නේද?

    ReplyDelete
  14. අපෝයි බන් ඔය ගැන මොන කතාද...අපේ රටේ එව්වො උන්ට පුදුම සැලකිල්ලක්... වැඩිය ඕනි නෑ බන් පොලිසිය බලපන්... උන්ට නැවිල සලකන්නේ... අපිට තමුසෙ... අනේ ඉතින්... හැබැයි බන් අපේ රුපියල් 1000 ට වඩා උන්ගේ $ 50 ලොකු නෙව... දෙයියො ස්පෙශල් පෙර්මිශන් එකක් දෙන්න ඇති මයෙ හිතේ

    ReplyDelete
  15. මොනවා කරන්නද ? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

    ReplyDelete
  16. මනුස්සකම බල්ලට ගිහිල්ලා දැන්..සල්ලි විතරයි ..හැමදෙයක්ම සල්ලි වලට යට වෙලා .....

    ReplyDelete
  17. මට තියෙන පුරස්නේ දෙයියො කොහෙද ඉන්නේ කියන එක...

    ReplyDelete
  18. දිල්
    ඔය සිංදුවෙ මුල මතක නැතිව හිටියෙ නැත්තං මම හිතං හිටියෙ ඕක දාන්න.

    කතන්දර
    නෑ අපිත් වැටට උඩින් පැන්න. පනින ගමන් කිවුව අනිත් අයටත් පනින්න කියල.ඒත් සමහරු ඒකටත් පැකිළුනා.දෙවියන්ට තියන භයටද කපුවන්ට තියන භයටද දන්නෙ නෑ.ඒ ටික මෙතෙන්ට ඇතුලත් නොකලේ මගේ මාතෘකාව වෙන එකක් නිසා.

    පිස්සා පලාමල්ල
    හ්ම්.ඩොලර්වලයි රුපියල් වලයි වෙනස දිව්‍යලෝකෙ ඇත්තොත් දන්නව ඇති.

    මධුරංග & ඔබ නොදු‍ටු ලොවක් & Hasitha
    පුළුවන් හැම වෙලාවෙම මේවට විරුද්ධ වෙන්න ඕන.

    Raj
    මට තියන පුරස්නෙ ඇයි දෙයියො කපුවන්ට බය කියල!

    ReplyDelete
  19. පොඩ්ඩක් ඉඳහන් මම කතරේ හම්බ උනහම කියන්නම්. මම නම් සත පහකට විශ්වාස නොකලත් එතනට යාළුවොත් එක්ක ගියාම මාර ආතල් එකක් ගන්නවා. අනිත් දවසෙ මම කියන විදියට පලයන්.
    සුදු සරමක් හා කමීසයකින් සැරසියන්
    තියෙන ළොකුම පළතුරු වට්ටිය ගනින්
    වට්ටියේ පේන්න මොනරා (1000) තියපන්
    යන සෙට් එක ඉංග්‍රීසියෙන් කතා කොරපන්
    ගේට්ටුව ඇරගෙන කඩාගෙන පලයන්
    මොනර කොලේට සලකනවා, කතරෙගේ වාහනේ නේ ඒ නිසා කතරෙත් කැමතියි. අපිට නම් අවුලක් නෑ කපු මහත්තය අපිත් එක්ක එකට ඩ්‍රින්ක් එක දාන යාළුවා...දකින කොටම ගේට් ඕපන්...

    ReplyDelete
  20. මාතලන්
    මේකට හේතුව දැනගත්තෙ දැන්. මොනර කොලේට සලකන්නෙ වාහනේ නිසා.

    ReplyDelete
  21. මටත් මතක් වුනේ, නන්දා මාලිනීගේ සින්දුව.

    ReplyDelete
  22. Observer
    මට ඔය සිංදුව අමතක උනානෙ.

    ReplyDelete
  23. ලොකු මොනර ඉන්න කොළ දෙකක් පෙන්නුවා නම් නිකම්ම ඇතුලේ !

    ReplyDelete
  24. සරත් ලංකාප්‍රිය
    ඒකතමයි ලේසි ක්‍රමේ. ඒත් කොයින්ද ඔච්චර මොනර කොල.

    ReplyDelete