Wednesday, November 23, 2011

මාර්ගඵල ලාභියෙකුගේ උදාන ගීතය.

මේ දිනවල මාර්ගඵල ලාභියකු ගැන අසන්නට ලැබේ. ඒ අන් කිසිවෙකු නොව පිටිදූවේ සිරිධම්ම හිමියන් ගැනය. උන්වහන්සේ සකෘදාගාමී මාර්ගඵලය ලැබූ බව වදාරණ අතර විරුද්ධ මතධාරීන්ට අනුව උන්වහන්සේ මාණසික රෝගියෙකි. එහි සත්‍ය අසත්‍යතාවය කෙසේ වුවත් මා සදහන් කරන්නට යන (වික්ටර් රත්නායකයන් ගයන) මේ ගීතය අඩුම තරමින් සෝවාන් මාර්ගඵලය හෝ ලැබූවකු විසින් ගයන ලද්දක්දැයි සිතේ.

ගීතය මෙසේය,
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ....
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ....
හිමියනි මං බුදු රැස් දැකගත්තෙමි....
හිමියනි මං බුදු රැස් දැකගත්තෙමි....
කළුවර ගොණුකොට ගිමන් දවන මග....
ගමන් කලෙමි දුර සසර පුරා....
පස්කම් සම්පත් එක්තැන් කරගෙන....
ගමන් කලෙමි දුර සසර පුරා....
මහ කරුණාවේ සිසිළ ගලා එන....
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ....
නැහැවෙමි සසරෙහි කෙළෙස් මුදාහැර....
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ....

බුදුන් දැකීම හෝ බුදු රැස් දැකීම යනු ආගමික අර්ථයෙන් ගත්කල සත්‍යාවබෝධයයි. බුදුන් දැකිය හැක්කේ සත්‍යාවබෝධය ලැබූ තැනැත්තාටය. "අරුණළු පැතිරෙන හිමිදිරි යාමය" සංකේතවත් කරන්නේ දවසේ යහපත්වූ කාලය වන අතර බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුවේද මේ කාලයේය. ගයන්නා තම සිතුවිලි තුලින් බුදු රැස් දුටු බව කියැවේ.

දෙවැනි පද සතරෙන් කියවෙන සියල්ල මේවනවිට අතීතයට එක්වූ දේවල් බව "ගමන් කලෙමි දුර සසර පුරා" යන්නෙන් කියැවේ. එයින්ද ගම්‍ය වන්නේ ඔහු කෙළෙස් නැසූවකු බව නොවේද? මේ කරුණ සනාථ කරන අනෙක් සාධකය වන්නේ අන්තිම කොටසෙහි "නැහැවෙමි සසරෙහි කෙළෙස් මුදාහැර" යන පද පේලිය වේ.

මෙම ගීතය කෙළෙසුන් දුරුකල උතුමෙකුගේ උදාන වාක්‍යක් වන අතර අන්තිම පද සතරෙන් එය මනාව පැහැදිල්වේ.

youtube අඩවියේ ඇති ගීතය.

වික්ටර් රත්නායකයන්ගේ ගායනය සහ සංගීතය පිළිබද කරුණු දැක්වීමක් අවශ්‍ය නොවන්නේ ඒවා පරිපූර්ණ ලෙසම ඇති බැවිණි.

පක්ෂ-විපක්ෂ මත දැක්වීම් අගය කරමි.

23 comments:

  1. මුලින්ම කියන්න ඕනෙ මම සැක කරනවා අපේ රේරුකාණේ චන්ද විමල හාමුදුරුවො නම් ඔය කියන කුමන හෝ මාර්ග ඵලයක් ලබල තියෙන්න ඇති. ( එතුමා ඒ වගක් කවදාවත් කියලා නැහැ.) ඒ හැර මම දන්න කිසිම කෙනෙක් නැහැ. එවැනි තත්ත්වයකට යා හැකි. බලන්ගොඩ හිමියන්ම කියනවානේ එතුමන් බුදුබවමයි පතන්නේ කියලා. එතැන වරදක් මම. දකින්නේ නැහැ. හැබැයි ඔබ කියන ගීතය නම් මමත් ආසම එකක් හරිම හිත නිදහස් කරගත හැකි ගීයක්.

    ReplyDelete
  2. මුලසිට මගෙ බ්ලොග් එක කියවන අය දන්නව මගෙ දෙමව්පියන් ආගම්දෙකක අය කියල.මගෙ තාත්ත අපි පොඩි කාලෙ අපිට තහනම් කල කාරණා දෙක තමා ආගම් ගැන විවාද කිරීම හා හොල්මං කතා කිම.හොල්මං කතානිසා අපිපොඩිකාලෙ විදුලිබලය නැති ගෙයි රෑට අඩියක් තියන්නෙ බයෙං. අම්මත් තාත්තත් මැරෙනකං කවදාවත් ආගම් නිසා කතා ඇතිකරගත්තෙ නැහැ. කොහොමත් අපේ අම්ම නිශ්ශබ්ද කෙනෙක්.බෞද්ධ සංස්කෘතිය උසස්පෙලට ලිව්වමට එයින් එහාට ගැඹුරට ජීවිතේට ආගම ලං උනේ නැහැ. මම නාමිකව බෞද්ධ. ලොකුවට ඇදැහීමක් නැහැ. ගීයට නං කැමතියි

    ReplyDelete
  3. වෙද ගෙදර මහ වෙදනා
    චන්දවිමල හාමුදුරුවන්ගෙ පොත් විශාල ප්‍රමාණයක් මාත් කියවල තියනව. උන්වහන්සේගෙ දැනුම අතිශයින්ම ඉහලයි. බලන්ගොඩ හිමියන් ගැන නං මගේ එච්චරම පැහැදීමක් නෑ.

    ReplyDelete
  4. kavikaari
    බුද්ධාගමේ කියල තියන විදියට මාත් හොද බෞද්ධයෙක් නං නෙවේ. ඒත් බුද්ධ දර්ශනය ගැන ඕනම වෙලාවක කතා කරන්න කැමතියි. සිංදුව ගැන මගේ අදහසට අනිත් අය එකගද නැත්ද කියන කාරණාව තමයි වැදගත්.

    ReplyDelete
  5. මචො ඔය ටිවි සුපර්ස්ටාල වගේ ටිවි වලින් ප්‍රොමොට් වෙලා බන කියන්ඩ ගත්ත ඔයවගේ කස්ටිය පස්සෙ යන උන්ට ඉස්සෙල්ලා තලන්ඩ ඔන..ඒ වගේම ඔයවගේ උදවියගේ වැඩ නිසා සාසනය කෙලෙසෙන එක තමා ප්‍රෂ්ණේ...
    දැන් බලන්ඩ ඔය ටිවි බන උන්දැලව බනකට වඩම්මන්ට් මුදලුත් අයකරනවලු.. අබුද්දස්ස කාලේ...

    ReplyDelete
  6. මට නම් ඔය මාර්ග පල ගැන, නිවන ගැන, දිවිය ළෝකය ගැන ස්වර්ගය ගැන තියෙන්නේ මගේ මතයක්. නමුත් ඔබේ ලිපියට අදාල කාරණයෙදී කියන්න තියෙන්නේ වික්ටර් රත්නායකගේ කට හඬ කියන්නේ භාවනාවක්. ඔහුගේ වේග රිද්ම ගායන වල පවා ඒ ගතිය තියෙනවා. තව දෙන්නෙක් ඉන්නවා. සෝමතිලක ජයමහ සහ අමරසිරි පීරීස්..

    ReplyDelete
  7. Raj
    එයාල සුපිරි ගනං අයකරන්නෙ. මම දන්නව ඒගැන. එක හාමුදුරු කෙනෙක් තමන්ගෙ වාහනෙං එන්නෙ, වාහනේට පොඩි දුරටත් රුපියල් විසිදාහක් විතර චාජ් කරනවා. ඕව ඔහොම තමයි!

    මාතලන්
    ඇයි ඉරාජ්ගෙ :D

    ReplyDelete
  8. ලංකාවේ පළමුවෙනි විධායක ජනාධිපති ජේආර් ජයවර්දෙනත් මේ ආත්මෙම නිවන් යන්නයි ප්ලෑන් කළේ. යන්න ඇති මයෙ හිතේ.

    දෙවෙනියා නං කෙලින්ම වාෂ්ප වෙලා ගියා. ඒත් බුදු දහම අපට සිහි කරමින්.

    ReplyDelete
  9. කතන්දර
    ජේ ආර්ට හොද ඇස් දෙකක් තිබුන නේද කකා. මම හිතන්නෙ ඒක දැං තියෙන්නෙ ජපන් ජාතික කාන්තාවකටද කොහෙද.මතක නැද්ද.

    සියල්ලන්ටම
    කතාව යන්නෙ වෙන වෙන පැතිවලටනේද?

    ReplyDelete
  10. සිංදුව නම් අහලා නෑ. පද වැල නම් ලස්සනයි. සංගීතය කියන්නේ කොහොමත් භාවනාවක්.

    ReplyDelete
  11. Podi Kumarihami
    පුදුමයි සිංදුව අහල නෑ කිව්වම! උඩ ලින්ක් එකෙන් ගිහිං බලන්න. මට මතක විදියට විෂුවල් එකේ තියෙන්නෙ සෝලියස් මැන්දිස් චිත්‍ර ශිල්පියගෙ චිත්‍ර.

    ReplyDelete
  12. මාර්ග ඵල ලැබූ අයෙක් උදාන ගීත නොගයනු ඇතැයි මට සිතේ.එය ඉතා ගැඹුරු නිහඬතාවයක් වනු ඇත...රේරුකානේ චන්දවිමල හිමි ගේපොත් වල ඇති විග්‍රහයන් කියවූ විට ඒහිමියන් ලද දේ කුමක්ද යන්න පිළිබඳ අදහ්සක් ලබා ගත හැක.

    ReplyDelete
  13. මේ සින්දුව මම කවදාකවත් අහලා නෑ නේ අහලා බලන්න ඕනෙ .

    ReplyDelete
  14. ලස්සන සිංදුවක් !!! මම නම් මීට කලින් අහලා නෑ.
    අහලා බලන්න ඕනා.

    ReplyDelete
  15. හප්පේ මේ අර බණ පැකේජ් බුවා නේද?...හික් හික් හික් .....සෝවාන් පැකේජ් එකක් ද දන්නේ නෑ අරන් තියෙන්නේ ....

    ReplyDelete
  16. අර කිව්ව හාමුදුරුවො දැන් නම වෙනස් කරල කියල දැන ගන්න ලැබුන

    ReplyDelete
  17. Weni
    උඹ කියන කතාව හරි වෙන්න පුළුවන්. ඒත් මට හිතෙන්නෙ ඒක හරියන්නෙ රහත් වෙච්ච කෙනෙකුට විතරයි. මොකද සෝවාන් වගේ ඵලයක් ලැබූවෙකුට ආශාවල් තියනවා.

    හිස් අහස,මධුරංග
    අහල බලපං. ශාන්ත රසය තියන සිංදුවක්.

    ඔබ නොදු‍ටු ලොවක්
    ඒගැන දැම්මෙ මාතෘකාවෙ ආරම්භයක් විදියට. සිංදුව ගැන මොකද කියන්නෙ?

    Observer
    හ්ම්.ඔබා නං අනිවා සිංදුව අහල ඇති.

    ReplyDelete
  18. සින්දුව ගැන කියන්න දෙයක් නෑ එළ ද බ්‍රාන්ස්.....

    ReplyDelete
  19. සින්දුවනම් නියමයි... ඒත් ඔය මාර්ගඵල ලාබින් ගැනනම් මං කියන්න දන්නේ නෑ.. ඒත් දැං ඇහෙන කතානම් විහිළුවක් වගේ..

    ReplyDelete
  20. ඔබ නොදු‍ටු ලොවක්,Dinesh
    ස්තුතියි කොමෙන්ටුවට.

    ReplyDelete
  21. ප්‍රත්‍යක්ෂයෙන් හදාරන්නෙකුට රේරුකානේ හිමියන්ගේ පොත් තරම් නිරවුල් වෙනත් පොත් නැති තරම්... ඒ තරමටම පැහැදිලියි. ඒත් වාද විවාද පිණීස හදාරන්නෙකුටනං ඔය අනිත් ඒවයිනුත් දේවල් ගතෑකි.ඒත් කියවන දේ අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියාවේදී හිර වෙනවා හරියට...

    බළංගොඩ හිමියන් දැන උගත් හිමි නමක්. උන්වහන්සේ මතු බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා කියන තැන තියෙනවා තවම මාර්ග ඵල සඳහා සූදානම් නොවුන වගක්...

    මාර්ගඵල ලාබීන්ගේ උදානයන් දැක ගැනීමට ඇවසි නම් ත්‍රිපිටකයට අයත් ධම්ම පිටකයේ ඛුද්දක නිකායට අයත් අපදාන පාලියෙහි ඇති තේර/තේරී ගාථා කොටස් කියවන්න... යම් කිසි අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් ලැබේවි.
    ...................

    "මේ ගීතය අඩුම තරමින් සෝවාන් මාර්ගඵලය හෝ ලැබූවකු විසින් ගයන ලද්දක්දැයි සිතේ"

    අන්න එතන පොඩි අවුලක් තියෙනවා..මොකද දැන් ගයන්නේ වික්ටර් මහත්මයා නෙව... ඒත් මේක රචනාවක්නේ.. මට හිතෙන හැටියටනං මේකත් අපදාන පාළීයට අනුව රචනා වූ පදවැලක් බවයි..මොකද මේ පද එහි එන රචනා ශෛලියට සමානයි...ඒ විනා මෙය දැන් ගයන්නේ අර කියූ පරිදි මාර්ගසම්පත්තිය ලැබූවෙකු යැයි සිතීම වැරදියි වගේ නේද..?

    චුට්ටක් හොයලා බලන්න මේක රචනා කල කෙනා ගැන සහ මෙයට පදනම් වූ කතා පුවත් තියේද කියලා...

    ඉහත දැක්වූ කරුණුවල වැරදි ඇතොත් දක්වන්න..මොකද කිව්වොත් මාත් යන්තං මතකය අහුල අහුල ඔය ටික ලිව්වේ...පන්සලෙන් එළියට පැනලා

    ReplyDelete
  22. හිතට පවන් ගහනව වගේ මේ ගීය අහනකොට

    වික්ටර්ගේ ළයාන්විත කටහඬ

    සංගීත නිර්මණයත් ඔහුගේම විය යුතුයි

    බොහොම ස්තූතියි රාජ්

    අහ් යූ ටියුබ් වීඩියෝ එකක් පෝස්ට් එකට එකතු කරද්දී ශෙයා ක්ලික් කලාම එන එම්බෙඩ් කියන එක කිල්ක් කලාම එන ලින්ක් එක කොපි පේස්ට් කරපන් මචං . .

    ReplyDelete
  23. //අන්න එතන පොඩි අවුලක් තියෙනවා..මොකද දැන් ගයන්නේ වික්ටර් මහත්මයා නෙව...//
    නෑ මාරයියේ මම කිවුවෙ වික්ටර් රත්නායක සෝවාන් වෙලා කියල නෙවේ. "සෝවාන් වූවකු කියන ආකාරයෙන්" කියන්නක් බව.ඒකට මම දක්වපු හේතු තමයි පෝස්ට් එකේ තියෙන්නෙ.රචනාවට පාදකවූ ‍කතාවක් හොයාගන්න බැරිඋනා.
    //මට හිතෙන හැටියටනං මේකත් අපදාන පාළීයට අනුව රචනා වූ පදවැලක් බවයි..මොකද මේ පද එහි එන රචනා ශෛලියට සමානයි//
    අන්න ඒ ටික නං මට තේරුනේ නෑ.පැහැදිල් කරන්න බැරිද? ඔයාගෙ බ්ලොග්එකේ හරි කමක් නෑ.බොහොම ස්තුතියි දිර්ඝ පැහැදිලි කිරීමට.

    දුකා
    එම්බෙඩ් කියන එකෙන් දාන්න මම ට්‍රයි කලා.ඇත්තම කිවුවොත් ඒ විදියට කරලත් බැලුව.මට ඕක හොයාගන්නත් ගොඩක් වෙලා ගියා.නෙට්එකේ පීරල බලල තමයි හොයාගත්තෙ. පබ්ලිෂ් කරන්න කලිං ප්‍රිවීව් එක බලද්දි වින්ඩෝව නොපෙනුනේ මගේ මැසිම ස්ලෝ නිසා වෙන්න ඇති කියල දැන් තමයි හිතෙන්නෙ. ඒ නිසා ඒක ඇතෑරල දමල ලින්ක් එක විතරයි දැම්මෙ. ඕං ඒ කතාව උනේ එහෙමයි.බොහොම ස්තුතියි උපදේසෙට. මීට පස්සෙ ඔය විදියට දාන්නම්.

    ReplyDelete