Tuesday, March 27, 2012

වායු විමෝචන සහතිකය හෙවත් දුම් සහතිකයේ යථාර්තය හා මිත්‍යාව.

වායු විමෝචන සහතිකය හෙවත් දුම් සහතිකය ගැන නොදන්නා, වාහනයක් පාවිච්චි කරන ලාංකිකයෙකු සිටීදැයි සැකසහිතය. 2008.11.01 දින සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනලද මෙම වැඩසටහන මේ වනවිට (දන්නා තරමින්)උතුරු පලාතේ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සාර්ථකව(?) ක්‍රියාත්මකවේ. මේ එම වැඩසටහන පිලිබද විමසුමකි.

මේ පිලිබදව මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට එවනලද චක්‍රලේඛය අනුව වායු විමෝචන සහතිකයේ අවශ්‍යතාවය මෙසේය.

"ලොව වායු දූෂණය සීග්‍රයෙන් ඉහල යාම නිසා ලංකාව ඇතුළු රටවල් බොහොමයකට නොයෙකුත් පලවිපාක වලට මුහුණදීමට සිදුව ඇත. අප රටේද මෙම විපාක වලින් මිදීම සදහා ලංකාවේ වායු විමෝචනයට මූලිකව හේතුවී ඇති වාහනවලින් පිටවන දුම පාලනය කිරීමේ ඒකායන පරමාර්ථයෙන් වාහන වායු විමෝචන (හරිත රිය) වැඩසටහන ක්‍රියාත්මකව ඇත.
2009.06.22 දින සිට ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර, උතුරු මැද, මධ්‍යම හා දකුණු පළාත් තුල (මෙය මුලින් එවූ චක්‍රලේඛයක් වන අතර මේ වනවිට දිස්ත්‍රික් ප්‍රමාණය වැඩිවී තිබිය හැකිය-කතෘ) ලියාපදිංචි වී ඇති වාහන සදහා වාර්ෂික ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී වායු විමෝචන පරීක්ෂන සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත"

"ලාෆ්ස් එකෝ ශ්‍රී ලංකා සමාගම" සහ "ක්ලින්කෝ ලංකා සමාගම" යන ආයතන මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර සහතිකය ලබාගතයුත්තේ ඔවුන්ගෙනි.

1975.12.31 දිනට පෙර නිෂ්පාදනය කල වාහන සහ සියලුම කෘෂිකාර්මික වාහන මෙම නීතියෙන් නිදහස් කල අතර, පලමු චක්‍රලේඛයෙන් නිදහස් කල අලුත් වාහන(Brand New) සදහා වූ අවුරුදු තුනක කාල සීමාව පසුව එක් අවුරුද්දක් දක්වා අඩුකරන ලදී. පිටරටින් ආනයනය කල පාවිච්චි කරන ලද වාහන (Recondition) සදහා පළමු වසරේ සිටම සහතිකය අවශ්‍ය වේ.

හෙල උරුමයේ චම්පික රණවක ඇමතිවරයා පරිසර අමාත්‍යාංශය භාරගත් පසු ගෙනඑන ලද මෙම නීතිය නිසා අමාත්‍යාංශයේ පාඩු පියවා ගැනීමට හැකිවූ අතර, ඇමතිවරයා මහත් උජාරුවෙන් ප්‍රකාශ කල පරිදි පරිසර අමාත්‍යංශය ලාභ ලබන ආයතනයක් බවට පත්කලේ මෙම මුදලින් බව ලංකාවේ ඇති වාහන ප්‍රමාණය ගැන දන්නා ඕනෑම අයෙකුට තේරුම්ගත හැකිය.

තත්වය එසේ වනවිට මෙහි ප්‍රායෝගික තත්වය සලකා බලමු.
වායු දූෂණය අවම කිරීම සදහා ඇතිකල වැඩපිලිවෙලක් වන මේ පිලිබදව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්තුමා ප්‍රකාශ කල පරිදි, වාහන නියැදියක් මුලින්ම පරීක්ෂණයට භාජනය කරන ලදී. එයින් සොයාගත්තේ අප රටේ වාහනවලින් පිටවන වායු සංඝටක වල අඩංගු කොටස් සැලකිල්ලට ගෙන, වෙනත් රටවල සමත් කරන්නාවූ අගයන් අනුව පරීක්ෂණයෙන් සමත්කිරීම සිදුකලහොත් බහුතරයක් වාහන අසමත්වන බවය. ඉන්පසු සිදුකරන ලද්දේ එම අගයන් විශාල ප්‍රමාණයකින් අඩුකර (දැනට පවතින) සමත්වීමට අවශ්‍ය අවම සුදුසුකම් අගයන් සැකසීමයි.

මාගේ යතුරුපැදියේ වායු විමෝචන සහතිකය ලබාගැනීම සදහා පසුගිය දිනෙක එක් මධ්‍යස්ථානයක් වෙත ගිය අතර එහිදී මගේ යතුරු පැදිය එයින් අසමත්විය. ඔවුන් එහිදී වාහනයේ සකස් කලයුතු අඩුපාඩු පිලිබදව සටහන් කර දුන් අතර මා එය රැගෙන යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත ගියෙමි. මා අදාල අවශ්‍යතාවය පැවසූ පසු එහි සේවය සපයන්නාගේ අදහස් මෙසේය.

"මහත්තයා ඕකට කරන්න තියෙන්නෙ තෙල් වහන එකයි. ඕන තරං කට්ටිය එනව අපි ගාවට, අපි කරන්නෙ උපරිම තෙල් වහල දෙන එකයි" ඔහු මාගේ අසමත්වූ සහතිකය ගෙන බලා,
"මේකෙ නං එච්චර අවුලක් නෑ..... සමහර බයික් වල හොදටම තෙල් අඩු කරනව. ඊට පස්සෙ යන්නත් බෑ. සමහර අය තල්ලු කරගෙනත් යනව. කොහොම හරි පාස් කරගන්න ඕන නිසා. පාස් උනාට පස්සෙ ආයෙත් ඇවිල්ල පෙට්‍රල් අරිනව, නැත්තං සුපිරි පෙට්‍රල් ගහගෙන ගියත් හරි!"
පරිසර දූෂණය නැතිකිරීමේ ක්‍රියාමාර්ගය නැතිවන්නේ එසේය. ඔහු අන්තිමට ප්‍රකාශ කලේ ලංකාවේ කොතැනත් සිදුවන අල්ලස් ගැනීම මෙහිදීත් සිදුවන බවයි.
"ඔය මොකක්වත් ඕන නෑ දාහක් දුන්නනම් පාස් වෙනව"
එසේ කල හැකිදැයි මා ඇසුවෙමි.
"මොකද බැරි! එයාලගෙ අතේ තමයි වැඩේ තියෙන්නෙ"

මේ අනුව සිදුවී ඇත්තේ පරිසරය සුරැකීමේ මුවාවෙන් සමාගම් දෙකක් ජනතා මුදල් ගසාකෑම සහ රජය අයුතු බද්දක් අයකරගැනීමත් වාහන හිමියන් අපහසුතාවයට පතිවීමත් පමණි. එසේ සැලකූ විට මෙම වැඩපිලිවෙල වහාම හකුලාගත යුතුය. මක්නිසාද යත් අවශ්‍ය කරන අගයන්ටත් ඉතා අඩුවෙන් සමත් වීමේ අවම සුදුසුකම් සකස්කල විටද තත්වය මෙසේනම් මෙයින් පරිසරයට සිදුවන සෙතක් නොමැත. රජයට ආදායම අවශ්‍ය නම් ආදායම් බලපත්‍ර ගාස්තුව ඉහල දැමිය හැකිය. එහෙත් ජනතාවට වඩා කොම්පැනිකාරයන්ට ආදරය කරන රජයකින් මීට වඩා සහනයක් බලාපොරොත්තු විය නොහැක.

61 comments:

  1. සල්ලිවලට දුම් සහතිකේ ගන්න පුළුවං.. වාහනේ ඔණෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. එහෙමද. තෙරුවන් සරණයි!

      Delete
  2. "ලාෆ්ස් එකෝ ශ්‍රී ලංකා සමාගම"නම දන්ෙන් නැහැල "ක්ලින්කෝ ලංකා සමාගම කරන්ෙන් ෙබාරු. පළමු වතාව ෙප්ල්. ෙගනිහිනි යමහා සර්විස් ඒ්ජන්ට් ගාවට හැදුවා.ෙග්න්න කලින් idle rpm ne,qjd- 1250 යි. ෙම් ෙමාඩල් ඒක අනුව හරි මුන් ගාවදී 660යි මුන් ටැෙකා මීටරය ඒන්ජෙම් ෙනෙම් තියන්ෙන් උක්ෙග් ෙකාම්පියුටරෙය් cooling fan උඩ. අැහුවහාම ෙබාරු කියලා මගහරිනවා. අෙප් සල්ලි ගිලින ඒක විතරයි ෙවන්ෙන්.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුවවන්. බඩුයි නඩුයි දෙකම හාමුදුරුවන්ට ගියකල අපි මොනව කරන්නද?

      Delete
  3. වෑගපිටිය උන්නැහේ ඒ කාලෙ කොල දේවල් වලට සලකන්න එපැයි බං, ඒක නෙව අම්ම මුත්තෙ කිව්වත් ගහල නොයන බිස්නස් එකක් සැට් කොලේ.. හෙහ් හෙහ්....

    උඹ කියනකල් මං හිතාන උන්නෙ හැබෑවටම මෙකෙන් පරිසරයට හොඳක් ඇතිය කියල පර්ස් එකට හොඳ නැති උනත්. බලාගෙන යනකොට හැම එකාම අපි රවට්ටනවනෙ. අපිත් ‍රැවටෙන්න බලාගෙනම ඉන්න එවුන් ටිකක්. දෙයක් කිව්වම එහෙයි කියල ඔළුව වනල පිළිගන්න ජාතියෙ.

    අර 1975.12.31 ට කලින් නිශ්පාදනය කරපු වාහනයි කෘෂිකාර්මික වාහනයි මේ පනතෙන් ඉවත් කරපු එකේ පදනම මොකක්ද බං ?

    ReplyDelete
    Replies
    1. පරිසරයට සිද්දවෙන් කෙහෙල්මලක් නෑබං. අන්තිම අඩුවෙන් තමයි පාස්කිරීමේ ක්‍රමවේදය හදල තියෙන්නෙ. ඒකෙන් ෆේල්වෙන එව පාස්කරන හැටි තමයි මම කිව්වෙ. සිද්ධවෙන සෙතක් නෑ.
      කිසිම පදනමක් නෑ. පැරණි වාහන හිමියන්ගේ සංගමයක් කරපු ඉල්ලීමකට ඒව ඉවත්කලා කියලයි ආරංචි. ට්‍රැක්ටර් නං ඉවත් කරන්න හේතුව දන්නෙ නෑ.හැබැයි වැඩිපුර හාණි සිදුවෙන්නෙ මේ වර්ග වල වාහන වලින්ම තමයි.

      Delete
  4. මමත් ඔය දුම් සහතිකේ හොරට ගන්නා හැටි අහල තියනවා ... විශේෂයෙන්ම කොළඹ අවට තමයි ඕක වෙන්නේ.

    තව එකක් ඔය තෙල් අඩු කලාම උපරිම වේගයෙන් එන්ජින් එක ක්‍රියා කරන්නේ නෑනේ.... එතකොට කොහොමත් විමෝචනය අඩුවෙලා ටෙස්ට් එක පාස් වෙන්ඩ පුළුවන්

    ReplyDelete
  5. මමත් ලාෆ් එකේ දෙසැරයක් ෆේල් වුණ බයික් එක ලේසියෙන් ම ක්ලින්කෝ එකෙන් පාස් කරගත්තා, දෙයියෝ දනී වෙන හැටි!

    ReplyDelete
  6. දුම් පරක්ෂාවෙන් ෆේල් වෙන බයික් එකක් නම් කරන්න ඕන බයික් එක ගෙදර තියෙද්දි වැඩිපුර රු:200ක් ගෙනියන එක විතරයි දැන් ලංකාවෙ තාක්ෂනය ගොඩක් දියුනුයිනේ ඒ පරීක්ෂාවට වහනේ ඕනවෙන්නේ නැහැ..
    (මගේ 1වෙනි කොමෙන්ට් එකද කොහෙද ..පසුගිය පොස්ට් වලිනුත් ටිකක් කෙයෙව්වා)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවට. ආයෙත් එන්න.

      Delete
  7. මචං... පොලිසියේ වාහන පරීක්ෂා කරන්නේ කවුද බං....???

    ReplyDelete
  8. සිස්ටම් එක ගැන අවුලක් තියෙනව... හැබැයි මේකෙ පරමාර්ථයත් දැනගෙන ඒකෙ තියන සිදුරුවලින් රිංගන්න හදන එකෙත් අවුලක් තියෙනව නේද?...

    මට තේරෙන විදිහට මේකත් පොලිසියෙන් ජරාව කන කතාව වගේමයි කියල මට හිතෙන්නෙ... ජරාව කනවට බනිනව දූෂනය කියල... හැබැයි අහු‍වුනොත් බලන්නෙ කොහොම හරි ජරාවක් දීල මාරුවෙන්න... අනේ මන්ද කවුරු වැරදිද කියල :)

    ReplyDelete
    Replies
    1. සාතන් මතුකරන්නෙ බොහොම හොද ප්‍රශ්නයක්. හැබැයි ඒකට අල්ලස් දෙන අයට වත් ගන්න අයටවත් දොස් කියල වැඩක් නෑ. "මේවගේ දේවල් ගෙනඒමේ අරමුණ කුමක්ද?" කියන ප්‍රශ්නෙට මුලින් උත්තර හොයාගෙන ඉදිරියට ගියොත් ඔය ප්‍රශ්න වලට උත්තර ලැබෙනව. සැමට බලපාන මේවගේ නීතිරීති ගෙනඒමේදී ලංකාව අන්තිම තැන ඉන්නෙ. කිසිම ශක්‍යතා අධ්‍යයනයක් කරන්නෙ නැතුව ගේන මේවගේ වැඩපිලිවෙලවල් අසාර්ථක වෙනව හැරෙන්න ලැබෙන ප්‍රතිපලය මොකක්ද? (කූඩ ප්‍රශ්නය පටන්ගත්තෙත් ඔය විදියටනේ).

      Delete
    2. මේවගේ දේවල් ගෙනඒමේ අරමුණ කුමක්ද? කියන කාරණය හරහ මතුකරන්න හැදුවෙ මොකක්ද කියන එක පැහැදිලි නෑ... මොකද සාමාන්‍යයෙන් ඔය ප්‍රශ්නෙ මතුකරන්නෙ ලොක්කන්ට ගාන කපන්න කියන තැනදිනෙ....

      මම නම් හිතන්නෙ මොකක් හරි ඉදිරිපත් කරන දේක පරමාර්ථය හොඳයි නම්, ඒ වෙනුවෙන් ගේන සිස්ටම් එක වැරදි වුනත් අපි පුළුවන් තරම් මූලික පරමාර්ථය වෙනුවෙන් වැඩ කරන්න ඕන කියල. එක්කෙනෙක් එහෙම වුනාට ලොකු බලපෑමක් එකපාර වෙන එකක් නෑ. ඒත් කොතනින් හරි පටන්ගන්න ඕන නේද?... හැමදාම ලොකු තැන හැදෙනකං බලන් ඉන්න එක තේරුමක් නෑ. මම විශ්වාස කරන්නෙ හැදෙන්න ඕන පහල මට්ටම්වල ඉඳන් කියල....

      කූඩ කේස් එක ‍වුනත් සෑහෙන අඩුපාඩු තියෙනව. ඒත් කී දෙනෙක් ඒකෙන් කරන්න යනව කියල කිව්ව අපතේ යෑම අඩුකරගන්න ක්‍රමයක් හිතල තියෙනවද?... කූඩෙට කේස් එක දැම්ම පරණ පුරුදු සිස්ටම් එකේමයි ගොඩදෙනෙක්(මේ වෙද්දි සද්දයක් නැති හින්ද අලුත්ම තත්ත්වෙ දන්නෙ නෑ)...

      Delete
    3. අරමුණ කිවුවෙ බද්දක් ලබාගැනීම සහ සමාගම් පොහොසත් කිරීම. එතනදි මිණිස්සු බලන්නෙ කොහොමහරි වාහනේ පාස් කරගන්න. ඒකෙ තියන වැරැද්ද මොකක්ද. අනිත් අතට බලන්න මේ නීතිය කාටත් පොදු එකක්ද? නෑ. වැඩියෙන් දුම යන වාහන පරීක්ෂණයෙන් නිදහස්!

      //හැමදාම ලොකු තැන හැදෙනකං බලන් ඉන්න එක තේරුමක් නෑ. මම විශ්වාස කරන්නෙ හැදෙන්න ඕන පහල මට්ටම්වල ඉඳන් කියල//
      මම නං ඒක විශ්වාස කරන්නෙ නෑ. ලොකු එවුන් වෙහෙර ගිලිද්දි පොඩ්ඩොත් අඩු ගානෙ අග්ගලාවක් හරි ගිලින්න පෙළඹෙනව නේද?

      අපතේ යෑමක් වෙනව කියල සාතන් විශ්වාස කලාට ඒක එච්චර ලොකු (ඇමතිය කියන 40%) අගයක් නෙවෙයි කියල ගොවියක් වෙලා හිටිය මම දන්නව. ඒක නෙවේ වැදගත් වෙන්නෙ අපතේ යාම සහ කූඩවල ලාභ පාඩු බැලුවොත් කූඩ පාඩුයි. නැත්තං බං කවුද අකමැති වැඩි ලාභයක් ගන්න. ඒගැන බලන්න මෙතනින්.

      Delete
  9. සල්ලි වලට ගන්න පුළුවන් බව මාත් දන්නවා.. අපේ තාත්තගේ යාළුවෙකුත් ගත්තේ එහෙමලු..

    ReplyDelete
  10. අපෝ කඩු උස්සන රටේ ඕක පාස් වෙන එක කජ්ජක්ද අයියා..

    ReplyDelete
  11. "ඔය මොකක්වත් ඕන නෑ දාහක් දුන්නනම් පාස් වෙනව"

    " එහෙත් ජනතාවට වඩා කොම්පැනිකාරයන්ට ආදරය කරන රජයකින් මීට වඩා සහනයක් බලාපොරොත්තු විය නොහැක"

    වෙන මොනවද අලුත් තොරතුරු ? :-)

    ReplyDelete
  12. වායු දූෂණය පාලනය කිරීමේ උවමනාවක් ඇත්තටම ඔතන නෑ.පරිසර අමාත්‍යාංශය වගේ මෙලෝ රහක් නැති (ලංකාවට අදාලව) අමාත්‍යාංශයක් ලාබ ලැබෙන තැනක් බවට පත්කිරීම ඔයවගේ සෙප්පඩ විජ්ජාවකින් හැර වෙනත් විදියකින් කිරීමේ හැකියාවක් පාට ලී ට නෑ. විදුලිබල ඇමති විදියටත් මිනිහා කළේ ඔය සෙල්ලමමයි. දැන් ගෝලීය උණුසුමක් ගැන කියලා ලයිට් ඔෆ් කරන්නයි කියන්නෙත් එතනදි පෙන්නපු මැජික් එක මෙතනදිත් පෙන්නන්නයි.හැබැයි ඒ මැජික් පොල්ල මෙතනදි නම් ෆේල්....

    හැබැයි කරන උන්ගෙයි කරක විදියෙයි අවුලක් තිබුනට ඔය වැඩ පිළිවෙල ඇත්තටම හොද දෙයක් ඉතින් නීත්‍යානුකූල පුරවැසියන් විදියට ඊට අදාල විදියටම කටයුතුකරන එකයි අපි කරන්න ඕන. නැත්නම් "උන්ගෙ කැත" අපිට පෙන්නන්න බැරිවෙනවා....

    ReplyDelete
    Replies
    1. චම්පිකට පිස්සු කියනඑක නං පුදුමයක් නෙවේනෙ. ඒත් ලංකාව වගේ පරණ වාහන පාවිච්චි කරන රටකට මේ වැඩේ කරන්න පුළුවන්ද?

      Delete
  13. සල්ලි දුන්නම වගේම යාළු මිත්‍රකම්වලටත් කටිටියව පාස් කරනව. ඕක මේ පරිසරයට ආදරේට කරන වැඩක් නෙවෙයි. කට්ටියගෙ මඩි තර කර ගන්න කරන වැඩක් ඕක.....

    ReplyDelete
  14. සල්ලි වලට රට ජාතියත් විකුණන රටක ඔය වගේ දේවල් පුදුම වෙන්න දෙයක් නැහැ බං

    ReplyDelete
  15. අපේ අයියා කවුද කියලා මෙතන නොකියා පොරට ලින්කුව යවන්නම්.. :)

    දැන් සෑමාගේ කමෙන්ටුව - ලොකු මාමාට සල්ලි නැති නිසා මේවාට වියදම් කලාට පව් නැත. පවුල් කීයක් නඩත්තු කරන්න කියලාද බොල.. පිං !

    ReplyDelete
    Replies
    1. අයිය සුදු වෑන් වලින් යන කෙනෙක්ද?

      Delete
    2. නැහැ මචං.. අළු පාට කාර් එකකින් යන, ආයතනයක ප්‍රධානියෙක්.

      දැන් තේරෙයි. !

      Delete
  16. "පරිසර අමාත්‍යංශය ලාභ ලබන ආයතනයක් බවට පත්කලේ මෙම මුදලින් බව ලංකාවේ ඇති වාහන ප්‍රමාණය ගැන දන්නා ඕනෑම අයෙකුට තේරුම්ගත හැකිය. "

    පිස්සුද රාජ්... ඒක කරපු හැටි බලන්න ඕනෙ නම් එන්න අපේ ගෙවල් ඉස්සරහා තිබ්බ රජයේ තේක්ක වත්ත පෙන්නන්න..

    සමා වෙන්න, දුම් සහතිකේ ගැන කියලාම වැඩක් නැති නිසා කට වහගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඒවගේ දේවලුත් වෙන්න ඇති.

      Delete
  17. චම්පික කියන පකිස් බුරුවා කලොත් කරන්නේ ඔය වගේ කාලකන්ණි වැඩක් තමයි...
    ඔය සම්බන්ධ බොරුව මමත් හොඳට අත්දැකලා තියෙනවා
    වාහනයක් කවදාවත් නොයන RPM එකකට වාහනේ රේස් කරලා දුම බලනවා සමහර තැන්වල...
    එහෙම කරපු වාහන වල එන්ජින් හිරවෙලා මිනිස්සු අමාරුවේ වැටෙනවත් එක්ක
    උන්ට ඕනේ කරන්නේ මිනිස්සුන්ගේ වාහන වලින් පිට වෙන දුම හොඳ නැහැ කියලා මිනිස්සුන්ට පෙන්නලා, ඒ හරහා තව තවත් සල්ලි ගරා ගන්න පාර හදා ගන්න එක විතරයි...
    මේ හරහා පරිසරයට වෙන කිසිම සෙතක් නැහැ...

    ඒ නිසා කැමති කෙනෙක් අත යටින් ගානක් දීලා හරි අඩුවට දුම් සහතිකේ ගන්න පුලුවන්නම් ගන්න...
    අඩු ගානේ ඒ ලාබෙ හරි අපිට ඉතුරු වෙනවා
    නැත්නම් ගැරේජ් වලටත් ගාන දෙන්න වෙනවා, දෙතුන් පාර දුම් පරික්ෂාව කරන්නත් වෙනවා.

    චම්පිකයා ගෙනත් තියෙන මොබයිල් ෆෝන් වලට ගහන පාරිසරික බද්දත් ඒ වගේනේ..
    පරිසරයට බැටරි වලින් වෙන හානිය සඳහා කියල අපෙන් අය කරනවා බද්දක්.
    හරිනම් මේ බද්ද ගහන්නේ ඕනේ අපි අලුතින් ෆෝන් එකක් ගනිද්දී හරි බැටරියක් ගනිද්දී හරිනේ..
    ඒත් එහෙම නැතුව අපේ මාසික බිලට ප්‍රතිශතයක් විදිහට බදු ගහනවා
    ඒ මදිවට නරක් වෙච්ච බැටරි එකතු කරලා නියමිත ක්‍රමවේදයට විනාශ කරන්න කටයුතු සලසන ක්‍රමවෙදයකුත් තවම සකසලා නැහැ
    අපෙන් බදු ගහන්න පටන් අරගෙන දැන් අවුරුදු තුන හතරකටත් වැඩිද කොහෙද... :(

    ReplyDelete
    Replies
    1. චම්පිකයගෙ වැඩ නං පිස්සු වැඩනේ. නීතිරීති කොච්චර ගෙනාවද. දැං එකක්වත් නෑ.

      Delete
  18. වැඩක් නෑ බන් උන් ගැන කතා කරල... ගෙදර වාහනේ දෙපාරක් ෆේල් කරල, දෙපාරම වාහනේ බාස් ලඟට අරන් ගියහම කිව්වෙ, වාහනේ අවුලක් නැහැ උන් බලන් ඉන්නෙ කීයක් හරි උන්ට දෙනකල් කියල.. තුන් වෙනි පාර වැඩිපුර රුපියල් 500ක් ගෙව්වම වැඩේ කරල දීල...

    ReplyDelete
    Replies
    1. මුලින්ම මේකෙදි අල්ලස් ගැනීම් සිදුවෙනව කිවුවම මම එච්චරම විශ්වාස කලේ නෑ. ඒත් දැන් පැහැදිලියි ඒක ඇත්ත කියල.

      Delete
  19. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. පොඩ්ඩි
      නෑ නෑ.... මේක වෙන එකක්. ඔයා ඉන්න රටේ දුම් චෙක් කරන්නෙ නැද්ද?

      AnonymousMar 27, 2012 08:50 PM
      දැක්කෙ නැද්ද D එකක් දාල තියනව.
      කොම්බුවෙ කේස්එක හරියනව ඕකට සිංහල කිට් sp3 දැම්මනං.

      Delete
    3. I deleted my comment Raj. i am sorry...:D

      Delete
    4. ඇනෝත් ඩිලීට් කලා. :)

      Delete
  20. ඔය නීතිය ගෙනාපු එකාට හෙන ගහන්න ඕනෙ. අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි ගසා කනවට. හිඟා කෑවනම් ඕයිට වඩා නම්බුයි මම හිතන්නෙ. ආසියවේ ආශ්චර්ය තමා ඔය......

    ReplyDelete
    Replies
    1. හෙන වදින්න ඕන තමයි. ඒවගේම හෙන වදීවි. මොකද වාහන ලයිසන් දෙන තැනක වැඩකල කෙනෙක් විදියට මම දැකල තියනව මේ දේ නිසා අහිංසක මිණිස්සු රස්තියාදු වෙන හැටි, ඒ මිණිස්සුන්ගෙ තත්වය තේරුම්ගන්න නීති ගේන එවුන්ට බෑ.

      Delete
  21. මගෙත් පරණ බයික් එකක් අරගෙන ගියා දුම්පරීක්ෂණයට. පළමු පාරම පේල්. ඊට පස්සේ රු 500ක් දීලා වැඩේ කර ගත්තා. කොහොමද දන්නවද,, දුම්වාර්තාව පාස් උන බයිසිකලයක් එතනින් ඉවත් නොකර මගේ බයිසිකලේ විස්තර ඇතුලත් කර අනෙක් බයිසිකලයෙන් පරීක්ෂාව කලා.. වැඩේ ගොඩ...

    ReplyDelete
  22. අලිත්ම හම්බ කිරීමේ කලාව. ආන්ඩුවේ බස් දුම් කෝච්චී.

    ReplyDelete
    Replies
    1. බදුදඩබදුදඩබදුදඩබදුදඩබදුදඩබදුදඩබදුදඩ..............

      Delete
  23. මමත් ඔය දුම් සහතිකෙන් අම්බානක බැට කන පොරක්. ඒ විස්තර කියන්න ගියොත් දිග කතන්දරයක් වෙන නිසා නොකියම ඉන්නම්කො.
    ඒක නෙමෙයි, කශ්ටිය දැකලා තියෙනවද ඔය දුම් පරීක්ශා කරන තැන්වල ගහලා තියෙන බෝඩ් එකේ තියෙනවා දුම් පරීකෂා කරන්න ගිහින් අපේ වාහන වලට විය හැකි අලාභ වලට ඒ අය වග කියන්නෙ නෑයි කියලා. හරීම ආතල් එකක් දැනෙනවා ඒ නීති රීති ටික කියවනකොට අප්පා. පපුවට පවන් සලනවා වගෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ආයෙත් ගියාම බලන්නංකෝ.

      Delete
  24. මමත් හෙට අනිද්ද යන්න ඉන්නේ... මචං අපිට හෙන ආතල් තමා මේ තියෙන සිස්ටම් එකේ අඩුපාඩු ගැන කතා කර කර බැන බැන ඉන්න එක.. හැබැයි මේවගේ දේවල් මේ විදියට හරි ක්‍රියාත්මක වෙන එක වටිනවා.. කොයි රටෙත් මෙ වගේ සිස්ටම් වල අඩුපාඩු ඇති. ඔය වැඩෙන් පරිසරයට සෙතක් වෙනවා.. හැම මනුස්සයම අල්ලස් දීල හොරට වැඩ කරන්නේ නෑනේ.. අපේම තියෙන වැරදි නිසා අපි සිස්ටම් එකේ හිල් අස්සෙන් රිංඟල සිස්ටම් එකට බනිනවා... හිල් නැති සිස්ටම් එකක් බලාපොරොත්තු වෙලා හැම එකම පර්ෆෙක්ට් වෙනකං ඉන්නවට වඩා හොඳ නැද්ද තියෙන එකෙන් හරි විදියට ප්‍රයෝජනේ ගන්න එක..

    ReplyDelete
    Replies
    1. මට නං කියන්න තියෙන්නෙ අසාධාරණ අසාර්ථක වැඩපිලිවෙලක් කියල විතරයි. පරිසරයට වඩාත් අහිතකර වාහන නීතියෙන් නිදහස් කරල අනිත් ඒව නීතියට යටත් කරල. සිස්ටම් වල අඩුපාඩු කොයි රටෙත් තියනව වෙන්න පුළුවන්. ඒත් මෙහේ හැදෙන්නෙම විකෘති වූ සිස්ටම්. නිකමට හිතල බලන්න මෝටර් සයිකලයක් තියන මිණිහෙකුට උනත් ලයිසන් ඉන්සූරන්ස් ටිකට යන වාර්ෂික මුදල.

      Delete
  25. මේ නිතිය පටන් ගත්තේ ඒ කාලේ හිටපු පරිසර ඇමතිගේ උවමනාවට දුන් පරික්ෂ කරන ආයතන දෙකෙකින් එකක් ඒ ඇමතිගේ මිතුරෙක්.අහුගේ ඉල්ලීමට ගෙනාපු යෝජනාවක්.ඉස්සර හෙල්මට් අනිවාර්‍ය කරන්න ගෙනාපු නිතිය වගේ.

    ReplyDelete
    Replies
    1. ඕක හැමෝටම තේරෙන්නෙ නැති එකයි අවුල.

      Delete
  26. ලංකාවේ ටෙස්ට් කරන්නේ OBD (on board diagnostic) port එ‍ක හරහා නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. සමහර තැන්වල කරන විදිය Raji කියල තියනව.

      Delete
  27. හයියෝ වාහනේ මොකටද දුම් සහතිකේ ගන්න...

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවට බදු, කොම්පැණියට සල්ලි, පරිසරයට.... ඇත්තටම පරිසරයට මොනවද ලැබෙන්නෙ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  28. සල්ලි වලට මොනාද කරන්න බැරි රාජ් අයියා........:(

    ReplyDelete