Sunday, September 16, 2012

අරක්කු සිගරට් සහ ගොංපාට්!

ඕනෑම කාරණයක් සම්බන්ධව මධ්‍යම ප්‍රථිපදාව අනුගමනය කරන මේ බ්ලොග්කරුවා මත්ද්‍රව්‍ය වලින් මුළුමනින්ම තොර නොවූවකු මෙන්ම දුකේදීත් සැපේදීත් මත්ද්‍රව්‍ය වලින් සැනසුම සොයන්නන්ගේ ගොඩට අයත් නොවන්නෙකුද වේ. යම් යම් අවස්ථාවන්හිදී මේ අඩවියේ ලියූ සටහන් වල මත්ද්‍රව්‍ය පිලිබඳව දක්වා ඇතත් ඒවා ඕනෑකමින් එක්කල දේවල් නොවන බව කිවයුතුය. මේ අසම්පූර්ණ සටහන ලියවෙන්නේ මත්ද්‍රව්‍ය සහ ඒවා පාවිච්චි කරන්නන් ගැනත් ඒ අවට සීමිත කාරණා කිහිපයක් ගැනත්ය.

එක් වචනයකින් මත්ද්‍රව්‍ය ගැන කිවහොත්, "හානිදායකය" යන්න කීමට ඇවැසිමය. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් එම කාරණය කොතරම් සාධාරණීකර‍ණය කලද එහි ඇති හානිය අඩු නොවේ. එහෙත් මගේ විශ්වාසය අනුව මත්ද්‍රව්‍ය-නීතිගත මත්ද්‍රව්‍ය යයි සිතමු-පාවිච්චි කිරීම හෝ නොකිරීම තමාගේ තීරණයක් විය යුතු අතර තිබිය හැකි සියළු වාසි අවාසි තමන් විසින්ම දරාගනිමින් කලයුතු පෞද්ගලික කාර්යයක් වියයුතුය.

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන් විවිධාකාර කාන්ඩයන්ගෙන් දැක්විය හැකිය. මත්පැන් වර්ග ගත්විට බියර් පමණක් පාවිච්චි කරන්නන්ගේ සිට කසිප්පු අරක්කු විස්කි බ්‍රැන්ඩි ආදි සියල්ලම පාවිච්චි කරන්නන්ද, දුම සහිත මත්ද්‍රව්‍ය සැලකූ විට සිගරට් ගංජා හෂීස් හෙරොයින් සහ කොකේන් වැනිදෑද පාවිච්චි කරන්නන්ද, මීටත් අසම්මත ක්‍රම වන මත්වීම සඳහා ඖෂධ වර්ග පාවිච්චිය පසුගිය වසර දහයක පමණ කාලයේදී සීග්‍රයෙන් වර්ධනය වී ඇත. මානසික රෝග සඳහා ප්‍රථිකාර ගැනීමට පැමිණෙන රෝගීන් අතර මත්ද්‍රව්‍ය භාවිතය නිසා සිහි විකල්වූවන් විශාල පිරිසක්ද සිටී. එබැවින් මෙහි හාණිදායක බව අමුතුවෙන් විස්තර කිරීම අවශ්‍ය නොවේ.

සාමාන්‍යයෙන් වයස 15-30 වන කාලයේදී කෙනෙකු මත්ද්‍රව්‍ය පාවිච්චිය සඳහා මුල්ගල තැබීමට බොහෝ විට ඉඩඇත. එයින්ද වයස 25 වනතෙක් කාලය තීරණාත්මකය. ඉන්පසු මත්ද්‍රව්‍ය ගැනීමට පෙලඹෙන්නන් ප්‍රමාණය අඩු බව අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකිය. මත් විරෝධීන්ට අනුව, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම පෞරුෂය පිළිබඳ ගැටළුවක් ලෙස හැඳින්වුවද ඔබ හොඳින් දන්නා පුද්ගලයන්ට ආදේශකර බැලූවිට එය සත්‍ය යයි සිතිය හැකිද? විශේෂයෙන් ශරීරය වෙහෙසවා වැඩ කරන්නන් සන්ධ්‍යා කාලයේදී කරන මත්පැන් පානය සාධාරනීකරණය කරන්නේ "ඇ‍ඟේපතේ අමාරුව අඩුකර ගැනීම" යන කරුණය. අනෙක් විශාලතම ප්‍රතිශතය හේතු වශයෙන් දක්වන්නේ තමා වටා සිටින පිරිස සමඟ ඇති සම්බන්ධය වර්ධනය කරගැනීමට, වඩා හොඳ "සෙට්වීමකට" මත්පැන් පාවිච්චි කරන බවය.

මත් ලෝලීන්-විශේෂයෙන්ම මත්පැන් ලෝලීන්- අතර දැකිය හැකි සුවිශේෂීතාවයන් ඇත. තම බීමේ හැකියාව ගැන ඔවුන් එකිනෙකාට නොදෙවනි අයුරින් කතා කිරීමට රුචිකත්වයක් දක්වයි. (බ්ලොග් අවකාශයේද මෙවන් ලිපි හමුවී ඇත). ඔබ මත්පැන් පානය කරන්නෙක් නම් මෙවන් ප්‍රකාශ කරන්නන් ඔබට ඕනෑතරම් හමුවී ඇතිවාට සැක නැත.

"අද නං බොන්න බෑ බං,..... මේ ටිකේම එක දිගටම බිව්ව...... ඊයෙ රෑ 12ත් පහුවෙනකල් බිව්ව. අද පුල් අමාරුයි"

ඒ බීමට එතරම් අවශ්‍යතාවයක්/හැකියාවක් නැති එහෙත් අනෙකුන්ට දෙවැනි වීමට අකමැති වූවන්ය.

"එදා අපි පස්දෙනයි හිටියෙ.... බෝතල් හතරක් බිව්ව"

එහෙත් මෙසේ කියන්නා අද කාලක්වත් බීමේ හැකියාවක් නැත්තෙකි. බොන ප්‍රමාණයට වීරත්වය ඇතැයි සිතන්නන් එසේය.

"මං ඒ කාලෙ, සිගරට් එකක් නිවෙනකොට ඒකෙන් තමයි අනෙක පත්තු කරන්නෙ"

ඒ තවත් අයෙකි. තම වීරත්වය පෙන්වන්නේ එසේය.

මත්ද්‍රව්‍ය කිහිප වරක් පාවිච්චි කලවිට යම් ප්‍රතිශතයක් ඊට ඇබ්බැහි වන අතර තවත් පිරිසක් එයින් සම්පූර්ණයෙන්ම ඉවත් නොවූවද සාමාන්‍ය පාවිච්චියක් සිදු කරයි. මා කලකට පෙර ලියූ මෙම කතාවෙන් කියවෙන මගේ මිත්‍රයා අත්හදා බෑලීමට හෙරොයින් පාවිච්චි කිරීමෙන් පසුව පවා ඉන් ඉවත් වූවෙකි.

මත්ද්‍රව්‍ය නිවාරණය, දැනුවත් භාවය මූලික කොටගෙන සිදුකල යුතු බව මගේ අදහසයි. ඉන් මෙපිට පවතින තහනම් කිරීම් ආදිය එතරම් සාර්ථක නොවන බව ඉතිහාසය සාක්ෂි දරයි. මේ දිනවල තිරගත වන(?) කලර් චිත්‍රපටය කුප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ තහනමට ලක්වූ බව කියවුනේ එහි ඇති මත්ද්‍රව්‍ය පිලිබඳ දර්ශය හේතුවෙනි. මීට මාසයකට පමණ පෙර අප කාර්යාලයේ දැන්වීම් පුවරුවේ ඇලවූ පෝස්ටරයක් මඟින් කියවුනේ "සිගරට් බොන්නන් මෝඩපාටය" යන්නය. ඉන්පසු මෙම පෝස්ටරය රජයේ කාර්යාල සහ ප්‍රසිද්ධ ස්ථානවල අලවා තිබෙනු දක්නට ලැබීය. එවැනි දෑ හඳුන්වාදිය හැක්කේ "ගොංපාට්" යනුවෙන් පමණි.

69 comments:

  1. හි හි.. කොහොමත් සිගරට් අරක්කු බොන එකා හිතගෙන ඉන්නේ මිනිහා හෙන අයියා කියලා.... කාලයක් යද්දි සමහරුන්ට නම් තේරෙනවා.මේ මට වගේ.ඒත් සමහරු ඒ මත්තෙම නැහිලා මැරෙනවා.

    ReplyDelete
    Replies
    1. කොයිදේත් පමණට කලාම හරි.

      Delete
  2. අපි නම් බුදු හාමුදුරුවෝ කියපු විදියට තමයි
    සුරාමේරය මද පමණට තමයි ගන්නේ
    සමහර උන් නම් නානවා
    ඒක උන්ගේ ආතල් එක
    ඒත් ඒ නිසා අනුන්ගේ ආතල් කනවා නම් කන අත ගෑවට අපෙ අවුලක් නැත.
    බොන එකාගේ බොක්ක හොඳයි.
    මතක තියා ගන්න බොන එකාගේ....
    නැතුව නාන එකාගේ නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. බොන එවුන්ගෙ හොඳ ගතිගුණ ඕනෑතරම් තියනව. නොබොන උදවියගෙ ඒ ලක්ෂණය එච්චරම නෑ තමයි.

      Delete
    2. යකෝ බුදු හාමුදුරුවන්ට අපහාස කරන්න එපා. කියන්න ඕන දේ කියපන් ශ්‍රේෂ්ට ගුරුවරයෙකුට අපහාස නොවෙන විදිහට.

      Delete
  3. සමහර පිරිමි බොන්නෙ ඇඟේ අමාරුව කියලනෙ, උන් හම්බකරන තුට්ටු දෙක බාර් එකට දීලා හිස් අතින් ගෙදර යනවා, ඒ මනුස්සයාගෙ බිරිඳ ඊටත් වඩා වෙහෙස මහන්සියෙන් කුලී වැඩ කරලා කීයක් හරි හොයාගෙන ඒ සල්ලි වලින් හාල් බඩු මුට්ටු අරගෙන ගෙදර ගිහින් දරුවන්ට උයලා දීලා කනවා. එහෙනම් ඉතින් ගෑණු අයත් බොන්න එපැයි, මෙතන තියෙන්නෙ ඇඟේ නෙවෙයි මං දකින හැටියට මොළේ අමාරුවක්! නියම ලිපියක්.....

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. මහන්සියෙන් හම්බකරගත් තුට්ටු දෙකේ බීල යන එවුන් ඕන තරම් ඉන්නව.

      Delete
  4. කාලෙකින් ගොඩවුනේ එල කතාව රාජ් අයියේ.

    ReplyDelete
  5. බොහෝටිට තරුණ විවාහක පිරිමින් මත්පැන් කෙරෙහි තදින් යොමුවෙන්නෙ, දරුවන් ලැබුනාට පසුවයි. ඊට හේතු වෙන්නෙ "රූං පෙත්ත කැරකෙනවා...." සිංදුවෙන් කියැවෙන මානසික තත්වයයි. තවත් අයට යහපත් ජීවිතයක් ගෙවන්න සුදුසු ගෙයක් නෑ. ගෙයක් තිබුණත් පවුල් ජීවිතේ කළමණාකණය කරගන්න සම්ප්‍රදාය විසින් ඉඩ දෙන්නෙ නෑ.(සම්ප්‍රදායට ඇබ්බැහිවීම වඩා භයානකයි)

    ReplyDelete
    Replies
    1. මගෙත් මේ දවස්වල "රූං පෙත්ත කැරකෙනවා" කාලෙ. ☻
      මම නං ඊට කලින් බොන්න පුරුදු වෙච්ච එකානෙ.

      Delete
    2. පුංචි පුතේ උඹ ආපසු අම්මි හුගක් වෙනස් වෙලා.. :)


      කැමතිම ගීයක්..

      Delete
  6. පෞද්ගලිකව මම නම් හිතන්නේ නෑ මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වීරයෙක් වෙන්න පුලුවන් කියලා.. මම පාවිච්චි නොකරන නිසා වෙන්නත් පුලුවන් එහෙම පේන්නෙ... ඒවගේම හොඳට පාවිච්චි කරන එකෙක් මා දිහා බලලා 'අනේ මූ මොන ගොබ්බයෙක්ද?' කියලා හිතන්නත් පුලුවන්..

    ඕක වීරකමක් කළේ අපේ ඉස්සර සිනමා කලාව තමයි.. ඒ කාලෙ ගෑණුන්ටත් පුරුදු කරන්න ලොකු උත්සාහයක් තිබ්බලු..

    මම නම් කියන්නෙ ඔය 'මතට තිත' නිකම් පඩ ශෝ එකක් විතරයි.. අර හරක් මස් කන්න එපා කියනවා වගේ.. ඔච්චරම මතට තිත ඕනෙනම් බොරු ප්‍රචාරක ව්‍යාපාර නවත්තලා කෙලින්ම ස්කාගාරෙයි ටුබැකෝ එකයි වැහුවා නම් ඉවරනෙ... ඔය සමහර නීතිවලින් වෙන්නෙ තව තවත් ප්‍රචාරය.. '21 අඩු අයට දුම්වැටි දෙන්නෙ නෑ' කියලා ලොකුවට පෙන්වීමත් කෙලින්ම ඇඩ් එකක්නෙ..

    ඔන්න මගෙනුත් ඇඩ් එකක්..
    http://dreamsofharee.blogspot.com/2012/09/blog-post.html

    ReplyDelete
    Replies
    1. කලා නිර්මාණ සහ මත්ද්‍රව්‍ය කියන්නෙ වෙනම කතා කලයුතු මාතෘකාවක්. සිගරට් එකක් අරක්කු ටිකක් බොන දර්ශන තිබුනු පමණින්ම ඒක මත්ද්‍රව්‍ය ප්‍රමෝට් කිරිල්ලක් කියල කියන්න බෑ.

      ඇඩ් එකත් බලමු! ☻

      Delete
  7. අත්දැකීම් නැත. නොබොන්නෙකි. හැබැයි මගේ මිත්‍රයෝ සෙට් එකෙන් නොබොන එකම එකා , මා නිසා උන්ට රජ මගුල්ය. මුන් බීවාම මම උන්ගේ ඩ්‍රැයිවර්, උන්ගේ වමනේ හෝදන එකා කොටින්ම උන්ට පහිනිපත් කරන්න වෙන්නේ මට. මම නොබොන එකට උන් කැමතියි ඒ නිසා. මොනව කරන්නද යාළු කමටනේ.

    ReplyDelete
    Replies
    1. මුන් බීවාම මම උන්ගේ ඩ්‍රැයිවර්, උන්ගේ වමනේ හෝදන එකා කොටින්ම උන්ට පහිනිපත් කරන්න වෙන්නේ මට.

      අන්න නියම කල්‍යාන මිත්‍රයෝ!

      Delete
  8. මම නම් එක අන්තයක සිටින්නෙකි ඒත් අනිත් අන්තයෙ සිටින්නට කිසිවක් නොකියමි.

    ReplyDelete
    Replies
    1. දැං ඔහේ මොන අන්තෙද ඉන්නෙ?

      Delete
    2. ඉස්සර (පොඩි කාලේ )බොන අන්තෙ දැන් නොබොන අන්තේ හික් හික්

      Delete
  9. ඇත්ත කතාව....

    ReplyDelete
  10. අර ට්‍රැමඩෝල් තහනම් කළා වගේ තමා.

    ඇබ්බැහි වුන එවුන් බොන නිසා ට්‍රැමඩෝල් ෆාමසි වල තබා ගැනීම සීමා කළා. එතකොට ලෙඩ්ඩු මොනවද බොන්නෙ කියල හිතුවෙ නැහැනේ..

    මාර ආතල් තියෙන්නේ !

    ReplyDelete
    Replies
    1. මත්වෙන්න බොන බේත් ජාති නං කොච්චර තියනවද! ම‍ෙග් නෝන කියන විදියට මානසික රෝහලට ඇවිල්ල රෝග වලට දෙන බේත් ඉල්ලන උදවිය ඉන්නව.

      Delete
  11. eye re gal baagayak(baagaya gal kiyana eka nam sure. Thawath monawahari theyenna athi) genath 4danek ekka beela, hodata kaala doiyagaththa. Ayeth maasekata bonne ne.(mahajana sampatha adune nethnam)

    Dukata, sathutata bonne modayo. Man nam masekata serayak withara athe salli thiyana dawasaka tikak withara beela podi fun 1k gannawa. Eth kaatawath karadarayak nowenna.

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ ලිමිට් තියාගන්න ඕන.

      Delete
  12. ඔය මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ජනප්‍රිය මිත්‍යා මත අපේ සමාජෙ වැහි වැහැල. මම නම් නොබොන අන්තෙ නිසා වැඩිය ඔය ගැන කරදර වෙන්නෙ නෑ. බොන යාළුවො නම් හිටියට බොන්න ගිහින් නාන එවුන් නම් ඒ අතර නැත. දවසක් පත්තරේකට ඉන්ටවීව් එකක් දීපු පොරක් කියල තිබුණ “ඔය අරක්කු චුට්ටක්, සිගරට් එකක් නොබොන එවුන් මාර සෞඛ්‍ය ව්‍යාපෘතියක් ඇතුලෙ ජීවත්වෙන උන් වෙන්න ඇති“ කියල. ඒක ඉතින් එයාගෙ අවබෝධයනේ. තමන්ගෙ බීම ගැන පොර ටෝක්ස් ඉෂූ කරන එවුන් ගැන නම් ඉතිං අනුකම්පා කරනව ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑ.

    ReplyDelete
  13. චුට්ටක් බිව්වට මක්ක වෙනවද අප්පා.
    අනිත් එක ඉතින් හැමදාම බොනවා කියලා යෑ.. :)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්..... ඔය ඉන්නෙ තවත් බළල්ලු.

      Delete
  14. අපිත් සුරාමේරය මද පමණට එහෙමවත් ගත්තු කාලයක් මතක නෑ
    දුම් නම් සපුරා තහනම්

    ReplyDelete
  15. දිය ඇල්ලට බෑ, මහවැලි ගංඟාවට බෑ,
    මහ වැස්සට බෑ, ඉන්දිය සාගරයට බෑ,
    මගෙ පපුවෙ ඇවිළෙනා ගින්දර නිවා දමනු බෑ.

    ReplyDelete
  16. මේක දැලි පිහියෙන් කිරි කනවා වගෙ මාතෘකාවක්. පොඩ්ඩ එහෙමෙහෙ වෙනකොට වැරදි ගොඩට දාලා ගනං හදනවා, හරියට දේශපාලනේ කතා කරන්න ගියා වගෙ.
    රාජ් මත් ද්‍රව්‍ය කියන එකෙන් සිගරට් අරක්කු පවා අදහස් කරන නිසා මම එහෙමයි මේ කියන්නෙ.

    මුලින්ම මම සිගරට් බීම අවුරුදු හයකට විතර කලින් නවත්තලා ඉන්නෙ. අරක්කු බොන්නෙම නැති තරම්. අවුරුද්දකට සැරයක්ගෙදර ගියාම බියර් එකක් හෙම බොනවා ඉඳහිට. ඔන්න මගෙ තත්වය.

    ඒ කොයි හැටි වෙතත්, ඔය සෙට් වෙන්න හොඳ එවුන් එක්ක සෙට් වෙන කාලෙ එහෙම සෙට් වෙලා මම අරන් තියෙන ආතල් එක බොරුවක් නෙවෙයි. හැබැයි බිව්වාම චොර වෙන කාලකන්නි එක්ක නෙවෙයි. එතකොට විවෘතව අපි හුඟක් අදහස් නිදහසේ හුවමාරු කරගත්තා කියන එකත් ඇත්තක්. තේ බීලා සිගරට් එකක් බොන්න ගිහින් අර මම ලියන ගමයත් එක්ක ජීවිතේ ගැන කොව්වර දේවල කතා කරලා තියෙනවද? මම ඌත් එක්කම එකම ඔෆීස් එකේ ඉඳගෙන හිටියට එච්චර විවෘත වෙන්නෙ නෑ. උඹට මම කියන්න තටමන එක තේරෙනවා ඇතිනෙ.

    ඒ එක්කම, සිගරට් වලට මත්පැන් වලට විරුද්ධව ගෙනියන ප්‍රොපගැන්ඩා එක හොඳ වුනත් ගොං පාට් වලින් පිරිලා. අර තැලිලා බැහැලා අප්‍රාණික වෙච්ච සිගරට් එක ඒකට හොඳම උදාහරනයක්. යකෝ බොරු කිව්වත් මිනිස්සුන්ට විශ්වාස කරන්න පුලුවන් විදියට කියන්න ඕනෙ මිනිස්සුන්ගෙ බුද්ධියට නිඟා නොකර. අර උඹලගෙ ඔෆීස් එකේ ගහල තිබ්බ එකත් එහෙමනෙ. අර උපාසකම්මලට අපාය ගැන කියනවා වගෙ.

    හැබැයි හෙරොයින් නීතිගත කරන්න යනවා නම් මම ඒකට විරුද්ධයි කොන්දේසි විරහිතව.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. //තේ බීලා සිගරට් එකක් බොන්න ගිහින් අර මම ලියන ගමයත් එක්ක ජීවිතේ ගැන කොව්වර දේවල කතා කරලා තියෙනවද? මම ඌත් එක්කම එකම ඔෆීස් එකේ ඉඳගෙන හිටියට එච්චර විවෘත වෙන්නෙ නෑ//

      ඒක ඇත්ත බං. අපි සාමාන්‍ය අවස්තාවට වඩා විවෘත වෙනව.

      Delete
  17. මොනවා කියන්නද..? තාම බිල නැති කොට.. ඒත් මම ඉපදුන දවසේ ඉඳන්ම කොහේ හරි ගියොත් ඒ එද්දී අනිවාර්යයෙන් බාර් එක පහු කරන් එන්න වෙනවා. එතන තියෙන විප්‍රකාර දැක්කත් බොන්න ඕනේ උනත් බොන්න එපා වෙනවා.. මම නම් හිතන්නේ අත්හදාබැලීමත් එක්ක එන එකක් ඔය බීම කියන එක. බොන එක මොනවා කරත් බොනවා.. රජය මොනවා කලත් තමන්ට උවමනාව නැතිනම් ඒක නවත්තන්න බෑ (මම කිව්වේ අපේ රජය කරන මෝඩ වඩා නෙමේ..)

    ReplyDelete
  18. හොඳ පර්යේෂණාත්මක වටින සටහනක් ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්.

      Delete
  19. අපිනම් ඉතින් ඕවා අතින් වත් අල්ලන්නේ නැහැනේ ඉඳලා හිටලා අරක්කු ටිකක් බියර් ටිකක් විතරයි බොන්නේ ඒවත් නිවලා තමයි ඉතින් බොන්නේ

    ReplyDelete
    Replies
    1. සෝඩ දාල නිවල බොන්නෙ නේද? :)

      Delete
  20. මං දන්න පොරක් ඉන්නවා ලඟින් යන්න බෑ සිගරට් ගඳ. ලඟදී හාට් කේස් එකක් ආවා. සති ගණනක් හොස්පිටල්වල වාත වුණා.

    ගිය සතියේ හම්බ වුණ වෙලේත් ගඳයි. මං ඇහැව්වා නරක පුරුද්ද අත හැරියේ නැද්ද මෙච්චර දෙයක් වෙලත් කියලා.

    මූ කියපි, අපෝ මං අතහැරලා තියෙන්නේ, ඒත් මේ නිකමට වගේ එකක් බිව්වා කියලා!

    ReplyDelete
  21. පාවිච්චියක් නැත...
    අදහසක්ද නැත...
    මමනං බොන්න එපා අනං මනං කියන්න යන්නෑ...
    තේරුමක් නෑ...
    සිගරට් බොන උංට කියන්නේ...
    බොන මගුලක් පැත්තකට වෙලා බීපල්ලා බොන්නැති උංට ලෙඩ හදන්නැතුව කියලා...

    ReplyDelete
  22. මද පමනට පමනක් සෙට්වෙන යාලුවන් අතලොස්සක් දෙනා සමග මදපමනට කරමි.

    ReplyDelete
    Replies
    1. තව එකක්..බාර් වහල තියෙන පෝය දවස් වලට තරම්..බීල කර්පට් වෙලා කන සාක්කුවේ දමාගෙන යන ඈයො වෙන දවස්වල නැත. කොටින්ම ලංකාවෙ වැඩියෙන්ම බොන්නේ...පෝය දවසටය.

      Delete
  23. මම බීම සාධාරණය කරන්න හදනවා නම් නෙවේ .. ඇඟේපතේ අමාරුවට මිනිස්සු බොන සීන් එක සත්තයි ඇත්ත . පැය පහක් එක දිගට සවලකින් උදැල්ලකින් වැඩ කරලා පොඩ්ඩක් බැලුවා නම් මම මේ කියන එකේ රඟේ තේරෙනවා . අනික තමා දවසෙම මහන්සි වුණාම වැඩිය බොන්නත් බෑ ඒ වෙලාවට පෙරේත කමට නැමුවොත් ආයේ පහුව්වදා නවය ,දහය වෙනකම් දපලා ඉන්න තමා වෙන්නේ .

    ඒත් වැඩ කරලා ඇවිත් නාකියාගෙන යාන්තම් අසෝක වීදුරුවෙන් දෙකක් නමා ගත්තාම ඇඟට දැනෙන අමුතු ගැම්ම නම් මට වචනෙන් කියන්න බෑ . අනික බඩ පිරෙන්න කන්නත් පුලුවන් .

    ReplyDelete
    Replies
    1. එතකොට අර ටිපර් වල නැගල ගිහින් කොක්‍රීට් තාච්චි උස්සන, පාරෙ ගිණි අව්වෙ තාර බාල්දු උස්සන, තෙදළු කඩන, රබර් කිරි කපන, ගොයං කපන ගෑණුත් හැමදාම හවසට දෙකක් දා ගන්නව කියලද උඹ ඔය කියන්නෙ? අනේ පලයං මලේ නිකන් බොරුව සාධාරනය නොකර.
      ඇබ්බැහි උන එකා ඒක සාධාරනය කරගන්න කියනව මිස, බිව්වම කෙටි කලෙක සැහැල්ලුවක් සහ පසුව අපහසුතාවයක් මිසක් කියන අමර සුවයක් නෑනෙ. අපි නොබීපු අරක්කු.

      Delete
    2. ඉන්දික - බොන මත්පැන් වීදුරු ගණනට සමාන ගණනක් බීලා ඉවර වුණ ගමන් වතුර බොන්න අනිවාර්යයෙන්ම. ආයෙ කිසිම අපහසුතාවයක් ඇති වෙන්නෙ නෑ. ෆ්‍රෙශ් පිට ඉන්න පුළුවන්. :D

      Delete
    3. හිස් අහසේ අසෝක වීදුරු දෙකක් පුරවලා ගැහුවොත් ඉතිං නාගලන්තේ නමයි. ඒ වීදුරු දෙකට පුඑවලා දැම්මෝත් කාලයි තව අරික්කාලක් විතර වැටෙනවා මයේ හිතේ. කෑම කෙසේ වෙතත් හොදට දොයියන්න පුලුවං වෙයි හිස් අහස දිහාම බලාන. ඕං කොල්ලෝ කට කහනවට කිව්වා නෙමෙයි

      Delete
    4. මං දන්න තරමට අසෝක වීදුරුවල දාලා බොන්නේ කසිප්පු,සඳරු කිව්වෙත් ඒවා ගැනද?

      Delete
    5. ඔවු ඔවු වීදුරු වල බොන්නේ කසිප්පු ..ග්ලාස්වල බොන්නේ අරක්කු,විස්කි

      Delete
    6. අසෝක වීදුරු වල බොන්නේ රා නෙවෙයිද..? ඇඟපත රිදෙනවා නම්.. වෙනිවැල්ගැට ටිකක් බීවා නම් හරි සඳරු මලේ..

      Delete
    7. අසෝක වීදුරුවෙ රා බිල මීයොනං වෙරි වෙයි. රා බොන්න ඕන ලොකු වීදුරු. අසෝක වීදුරුවෙ කසිය ගහන්නෙ සල්ලි කාරයො.

      Delete
  24. අවුරුදු 9,10,11 කාලේදී බියර් බිපුවහම ලොකු උනාම සැර ඒවාට නැඹුරු වෙනවද ? මම දන්නපොඩි එකෙක් ඉන්නවා ඌ බියර් බෝතලේ[8.8%]
    කටේ තියාගෙන බොන්නේ .

    ReplyDelete
  25. බීම සම්බන්දව නම් මොකුත්ම කියන්නෙ නෑ... මේ වෙද්දි නවත්තල (ඉස්සරත් බිව්ව මිසක් නෑවෙ නෑ..:))

    ReplyDelete
  26. ඕක සාමාන්‍ය දැනීම පිළිබද ප්‍රශ්නයක් ඒ වගේම පොදු සංවේදනය (Common Sense) තියෙන්නත් ඕන. රාජ් කියනවා වගේ බීලා වීර චරිත පෙන්නන උදවිය තමා වැඩිය ඉන්නේ.

    මමනං කියන්නේ තමා මත්පැන් දුම්වැටි භාවිතා කරල, ඒ ගැන හැගිමක් නොමැතිව කටයුතු කිරීමෙන් අනාගතයේ දවසක තමන්ගේ දරු පවුල ජීවත් වෙන්නේ තමා නැතිව බව හිතට ගත්තනං හොදයි. මොකද දරුවන් වෙනුවෙන් කැපවෙන්නේ නැතිව ඒ දරුවන්ට කීයක් හරි ඉතුරු නොකර දැන් තමා කරනවා වගේ තමාගේ දෙමාපියනුත් ඔය දේම කරා නමං තමාට යන කල මොකක්ද. ඔබ නියම කාලයට‍ පෙර අරක්කු බීලා අද මැරෙ‍නවා කියලා හිතලා ඊට පස්සේ හෙට අනිද්දා මාසෙකට පස්සේ අවුරුද්දකට පස්සේ දරුවන්ට වෙනදේ ගැන හිතන්න. ඔබ අකාලයේ මිය ගියාම දරුවන් විදින දුක ගැන හිතන්ත. කොතරම් අවශ්‍ය වුනත් ඔබට දරුවන් ට කිසිම උදව්වක් කරන්න බැරි වේවි. හිතන්න.

    රාජ් මේවා ගැන තමා අප වැඩියෙන්ම කතා කල යුත්තේ.

    ReplyDelete
  27. අපිත් ඉතිං පාසලෙන් සමුගත්ත කාලෙ ලග නැමුවට දැන් නම් මද පමන තමයි... මගේ අත්දැකීම් අනුව නොබොන එකාට වඩා බොන එකා අවංකය / බොන එකා මසුරෙක්ද නොවේ/බොන එකා ඕනෑම කරදරයකදී මිතුරාට සහායට පැමිණේ.

    නොබොන අය තරහා ගන්න කාරි නෑ...මගේ නම් නොබොන මිත්තරයො බහුතරයක් කුණු පප්පලා...

    ReplyDelete
  28. කාලයක් බිව්වා. මගුල් ගෙදරක් ගිහින් ඇවිත දවස් දෙකක් යනතුරු ඒ ඇදුම් පිටින් සිටීමේ වරම ලද බැවින් මේ වනවිට මාතෘකාවෙන් බැහැරව ඇත. ඉස්සර බෝතලයක් දුටු විගස ගෙදරට සොයා එන මිත්‍රයන් දැන් අහම්බෙන් වත් බොතලයක් ඉදිරිපිටට මා නොකැදවයි. හේතුව මාගේ බිරියගේ දේශනාවලට සවන් දීම අසීරු නිසාද, ඒසේත් නැත්නම් බයිට් එක ලන්ච් එක යැයි මා සිතන බව සියළුම යහළුවන් තුළ ඇති ප්‍රතිරූපය නිසාදැයි නොදනිමි.

    කෙසේ වෙතත් පෙර බීම නිසා අප සතුව ඇති රසවත් අත්දැකීම් වලින් කාලක්වත් නොබිව්වා නම් නොලැබෙනු ඇත.

    මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම...

    ReplyDelete
  29. ලංකාවෙ උන් අනික් හැම දේම වගේ බොන එකත් නාගන්න එක තමයි මෙතන අවුල.හීතල රටවල සුද්දො හීනියට ෂොට් එකක් රටකජු ඇටයක් චීස් කෑල්ලක් එක්ක ගද්දි අපේ උන් කොලොස්ටරෝල් කොතක් විතර බයිට් එකට අරන් ගිනි දවාලේ බෝතලේ අඩිය පේනකන් ඇදල ඇරල ටිකකින් ඔක්කොම කබරය දානව.ජීවිතේ අනිත් දේවල් වගේම මීවිතත් විඳවන්නේ නාගන්නේ නැතුව එන්ජෝයි කරන්න දන්නෙ නැති ජාතියක් තමයි අපි.අපි ශ්‍රී ලාංකිකයෝ නේ කොහොමත් හරි වෙනස් !

    ReplyDelete
  30. “In wine there is wisdom, in beer there is Freedom, in water there is bacteria.”

    කියලා කවුදෝත් කීවලු. බලාගෙන යනකොට අගුණ වතුර බොන එක. :D

    ReplyDelete
    Replies
    1. ඒක කිව්වේ කවුරූ උනත් කුමාරිහාමිට පෝසට් කටුවක්ම උත්තරය සදහා වැය කරන්න ලැබේවායි පතමි. ටක්කෙටම හොයාගත්‍තොත් මටත් කියන්න ඒ යකාගෙන් අහන්න ඕන ඇයි විස්කි ටික අමතක උනේ කියලා...

      Delete
  31. බීම මත්ද්‍රව්‍ය කොහොමටත් මනුෂ්‍යයාට අවශ්‍ය දෙයක් නෙවෙයි නොයෙකුත් ය ඒවා සාධාරනීකරනාට්‍ය කරන්න කතා හදා ගත්තාට. එක මනුස්ස දුර්වල කමක්.. ආඩම්බර වෙන්න දෙයක් නොඑවෙයි ලජ්ජා වෙන්න ඕන දෙයක්.. මම නම් ලජ්ජා වෙනවා ඉඳ හිට හෝ කිසියම් වර්ගයක් පානය කිරීම ගැන.. නවත්තන්න තමයි හිතන්නේ ඒකත්.. .

    ReplyDelete
  32. මත්ද්‍රව්‍ය මිනිස් සංහතියේ ආරම්භයේ ඉඳන් තියන එකක්ලුනෙ. ඉතින් නවත්වනවා බොරු. බොන කෙනා තමයි දැනගන්න ඕන තමන්ට ගුණද අගුණද..කොච්චරක් බොනවද කියලා.

    ReplyDelete
  33. ලෝකේ අරක්කු නැති වෙනකම් මිනිස්සු බොයි, නැති වුන දාට අලුතෙන් මොනවා හරි හදාගෙන බොයි. බොන්න ඕනෙකම තියන මනුස්සය මොනා කිවත් ඕක බොනවා. බීමෙන් වෙන ඇතිවීම, නැතිවීම බොන එකාට ලස්සනට සාධාරණියකරණය කරන්නත් පුළුවන්.

    ReplyDelete
  34. සිගරැට් වලට නම් කැමතිම නෑ... ජීවිතේට බීලත් නෑ.. බොන්න හේතුවක් පේන්නෙත් නෑ.. බොන්නම ඕන එවුන්ට කියන්නේ.. ඒත් බොන්න එපා.. ඔය විස දුම පරිසරයට එකතු වෙලා.. අපිවත් විනාස කරනවා කියලා..

    බියර්, අරක්කු, විස්කි, රා..

    රා බොන්න නම් කැමතියි.. අනික් ඒවත් බොහොම ස්වල්පයක් බොනවා.. නොබී ඉන්න තරං හිත හයිය නැති නිසා.. එහෙම හිත හයිය වේවා කියලා හැමදාම පතනවා..

    මට කවදා හරි කවුරු හරි වරමක් දුන්නොත්.. ඔය අරක්කු, සිගරැට් ඇතුළු සියළුම මත්ද්‍රව්‍ය තහනම් කරනවා..

    ** දුම්බීම ප්‍රසිද්ධියේ කරන්ට තහනම් කරපු.. මේ ආණ්ඩුවට මගේ හද පතුලින්ම මං ප්‍රණාමය පුදනවා... සමහර විට ඒක පිරිබාහරන් ගේ කණ්ඩායම පැරැද්දුවාටත් වඩා මානව හිතවාදී වැඩක් කියලා මට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. සහෝදරයා..ඔයා ලංකාවේද ඉන්නේ? නැතනම් නිවාස අඩස්සියෙද? දුම් විතරක් නෙමේ ඊට වඩා ගොඩාක් දේවල් දැන්ටත් ප්‍රසිද්ධියේ පාවිච්චි වෙනවා. වෙන ඕන නෑ නීති හදන අයයි, නීති රකින අයයි දෙගොල්ලන්ගෙම උදව්වෙන්. කෝ ඔයා කියන ඔය නීතිය?

      Delete