Wednesday, September 5, 2012

ගින්දර සොයාගැනීම සහ තවත් සියඹලා කතා.

ඉස්සෙල්ලම අපිට සියඹලා කතා කියල දුන්නෙ rear gate ලියන චාමි. නෑ නෑ චාමිට කලින් සියඹලා කතාව අහල තිබුන. චාමි කිව්වෙ සිස්ටම් එකේ සියඹලා කතා. ඒ කිව්වෙ නූතන සියඹලා කතා. මම කියන්න යන්නෙත් ඒ වගේ කතා කිහිපයක්. එක අතකට මේව සියඹලාමද මංද.

පහුගිය දවසක අපේ එකෙකුට ඕනවුනා ප්ලාස්ටික බැරල් එකක්. මේ වතුර කපන කාලෙනේ. වතුර ගබඩා කරගන්න පුළුවන් හොඳ තත්වයේ බැරල් තිබුනත් ඒව ටිකක් විතර මිලෙන් වැඩියි. මේකට විසඳුම තමයි ඇසිඩ් බැරල් ගැනීම. පිටරට වලින් එන එක එක වර්ගවල කෙමිකල් එන්නෙ මේ බැරල් වල. තමුන්ගෙ වැඩේ කරගත්තට පස්සෙ ඒ ඒ ආයතන වලින් අයින් කරන බැරල් කඩවලට එනව මම දන්න තරමින්. අන්න ඒව තමා මේ. ඉස්සර මේ බැරල් ආව ලස්සන පියනකුත් එක්ක. දැන් පියන නෑ. එක පැත්තකින් කපලයි ගන්න වෙන්නෙ. මෙන්න මේ ජාතියේ ලාභ බැරල් එකක් තමයි අරූ ගත්තෙ. ඊට පස්සෙ තියෙන්නෙ බැරල් එක කැපීම. අඩුවෙන් සල්ලි දීල ගෙනාවත් වැඩේ ලස්සනට කරන්නයි උවමනාව. ඔන්න හයිස්පීඩ් තලයක් එහෙම ගෙනල්ල වැඩේ පටන් ගත්තෙ හවස 4ට විතර. උගේ ගෙදර දැන් ඉන්නව මමයි තව මල්ලිල දෙන්නෙකුයි. "මල්ලී මේක අයිනෙන් ගානට කෙලින්ම ලස්සනට කපන්න ඕන" කොහොමද මුගේ කතාව. ඔන්න දැන් කපනව! කපනව! කපනව! ....... තාම බැරල් එක හිල් උනේ නෑ. පැයක් විතර කැපුව ඒත් ඇතුලතින් සිදුරුවෙන මට්ටමට ආවෙ නෑ. (අරූ ගානෙ ගෝල්ඩ් ලීෆ් තුනකුත් බීල දැං). මට තේරුනා මොකක් හරි අවුලක් තියනව කියල. ඒ ජාතියෙම බැරල් එකක් ලඟදි ගෙනාව එකෙක් ගැන මම දැනං හිටිය. ගත්ත ඌට කෝල් එකක්. "මචං උඹ ගෙනා බැරල් එක කපන්න කොච්චර වෙලා ගියාද.......", "පැය බාගයක් විතර....ඇයි?"...... (?) දැං මොකද කරන්නෙ. "උඹට එන්න බැරිද පොඩ්ඩක් ......ගෙදරට?". හරි ඌත් ආව. ඒ වෙනකොට හවස 6ට කිට්ටුයි. "මේකෙ කට වටේ තියනව අඟලකටත් වැඩිය ගනකම දාරයක්. උඹල කපල තියෙන්නෙ හරියටම ඒක උඩ!". වැඩිය මහන්සි වෙච්ච එකාට මල පැනල, "මේ හු&*%$ට එතනින්මනේ කපන්න ඕනවුනේ" ඌ කියනව. ඊට පස්සෙ අලුත් තැනකින් පටන් අරගෙන පැය භාගයක් විතර යද්දි වැඩේ ඉවරයි. දැන් කරුවල වැටීගෙනත් එනව. ගෙදර එකාගෙ ගානෙ බෝතල් දෙකක් ගෙනාව. දවල් හදපු මාළු වගයකුත් තිබුන බයිට් එකට. තවත් පැයක් දෙකක් යනකොට ඔක්කොම ඉවරයි.
"අඩෝ බලපං බං...... මට මේ ගියපු වියදම බැලුවම හොඳ බැරල් එකක්ම ගන්න තිබුන‍නෙ බං" අරූ කියනව. "ඒ වගේද බං මේ කරපු වැඩේ. තව අවුරුදු ගානක් මතක තියනව මටනං"(අනෙක උන් නොදන්නවට මේක බ්ලොග් පෝස්ට් එකක්).

☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

අනිත් කතාව තමයි මාළු ඇල්ලීම. මේක සිද්ධවෙලා අවුරුද්දක් විතර ඇති. අපි දවසක් මාළු අල්ලන්න සෙට්වුනා මේ පැත්තෙ තියන පොඩි වැවක. හවස පටන්ගත්ත මාළු ඇල්ලිල්ල පැයක් විතර ගතවුනත් හයදෙනෙකුට අල්ලන්න ලැබුනෙ මාළු දෙතුන්දෙනයි. මේ වෙද්දි ඉරත් බැහැගෙන යන වෙලාව. වැව අයිනෙ තියන ලිඳේ ලොකු මාලු දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නව කියල අපි දැනගෙන හිටිය. බැරිම තැන දෙන්නෙක් තමුන්ගෙ බිලී පිති ලිඳට දැම්ම. ටික වෙලාවක් ගියා ම්හු! ලි‍ඳේ
ඉන්න එවුන්වත් ඇම කන්නෙ නෑ. අන්තිමේදි එකෙක් යෝජනාවක් ගෙනාව ලිද හිස් කරමු කියල. වැව අයිනෙ තියන ලිඳ ලේසියෙන් හිස් කරන්න බෑ. එකෙක් වතුර මෝටරයක් ගෙනාව. තව එකෙක් ඒකට ඉන්ධන ගෙනාව. ටික වේලාවක් ගියා. දැං දැං ලි‍ඳේ පතුල පේනව. මාළු කිහිප දෙනෙකුත් ඉන්නව. ලොකු බාල්දියකට මාළු කොටුකරල උඩට වඩම්මවන එකයි ප්ලෑන. ඒත් අවාසනාවක මහත! මොටරේට සම්බන්ධ කරල තිබුන වෑල් එක ලිඳට වැටුන මේ අතරෙ. දැන් ලිඳට ආයෙත් වතුර පිරෙනව. එකෙක් ගිහිල්ල ලිඳට බස්සන්න මනුස්සයෙක් එක්කරගෙන ආව. එයා ලි‍ඳේ කිමිදිලා වෑල්එක හොයාගත්ත. මාළු අල්ලන්න බෑ. වැඩේ ක්ලෝස් කලා එතනින්. තෙල්වලට ගිය වියදමයි ලි‍ඳේ බස්සපු එකාට "සලකන්න" ගිය වියදමයි බැලුවම සියඹලා ගෙනල්ලම නෑ.

☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

අන්තිම සිද්ධිය උනේ ඉඩමක් සුද්ධ කරන්න ගිය දවසක. එදා කස්ටියගෙ ප්ලෑන්එක උනේ ඉඩම එලිපෙහෙලි කරල ඒකෙ වට්ටක්ක වගාවක් දැමීම. ඔන්න හය දෙනෙක් විතර උදේ ඉඩමට යද්දි නවය හමාර විතර වෙලා. පැයක් විතර වැඩ කලාට පස්සෙ සිගරට් එකක් බොන්න ඕනවුනා. හැබැයි සිගරට් තිබුනත් ගිණිපෙට්ටිය ගෙනල්ල නෑ. දැං ඉතිං කාට කියන්නද! හය දෙනාම එකතැනට ආව.
"මම ආදිකාලෙ විදියට ගින්දර දෙන්නං" එකෙක් ලී කෑලි දෙකක් එකට අතුල්ලනව.
"මේ ක්‍රමේ වැඩිය ඉක්මං" තව එකෙක් වතුර බොන්න ගෙනාව බෝතලය ඉර එලියට අල්ලල ෆෝකස් කරල ගිනි දල්වන්න හදනව.
තවත් එකෙක් ගල්කැට දෙකක් එකට ගහනව ගින්දර නිපදවන්න.
මම කස්ටිය අප් කරනව.

ඔය විදියට දවල් එක විතර වෙනකල් ට්‍රයිකලා. ඒත් හරිගියේ නෑ. අන්තිමට සියල්ලෝ සතුටින් විසිර ගියා. වට්ටක්ක වගාව එතනම හබක්. හොඳම සිද්ධිය තමයි පැය ගානක් ගින්දර නිපදවන්න ට්‍රයිකලේ මීටර 150ක් 200ක් විතර දුරකින්, ගින්දර ඉල්ලගන්න පුළුවන් ගෙදරක් තියෙද්දි!

☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻ ☻

54 comments:

  1. අයියෝ ..... ෂල්ලි !

    ReplyDelete
  2. මහදැන මුත්තගෙයි, ගෝලයින්ගෙයි කතා මතක් උනා. නස් රුදීනුත් ඒ ජාතියේ කෙනෙක් නේද? :)

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩී දැනටමත් කියලනේ මන් කියන්න හදපු එක..

      Delete
    2. හ්ම්. ඒ ජාතියෙ තමයි.

      Delete
  3. ඔව්වා තමා ෆන් වැඩ. ඇයි දෙයියනේ අපි පිහිය පෙනි පෙනි තියෙද්දේ ගල් කෑළි වලින් කුරුම්බා කපන්නේ.... අච්චර හොඳට ගෙදර ලිප තියෙද්දි අල, කොස්සැට එහෙම වේලිච්චි දර හොය හොය පුච්චගෙන කන්නේ...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං. කොච්චර කට්ටක් උනත් ආතල් 1ක් තියනව මේ වැඩවල!

      Delete
  4. මේ රාජ් අය්යේ ඇහුවට තරහවෙන්න එපා.. ගම තුම්පනේද ?

    ReplyDelete
    Replies
    1. මම රාජ් වුනා නං කියන්නේ නැහැ මල්ලි මී ගොඩ කියලා........ :D

      Delete
  5. නියම සෙට් එකක්නේ... ඇත්තට කොහෙද බං ගම ..

    ReplyDelete
  6. උඹටත් සෙට් වෙන සියඹලා :)

    ReplyDelete
  7. එළ සෙට් එකක්නෙ... අපේ වැඩකටත් කිව්වොත් සැට් වෙයිද ?

    ReplyDelete
  8. අපොයි මෙහෙමත් වැඩ.. :))))))

    ReplyDelete
  9. හෝ.. හෝ.. නියම සිංහලයෝ.. ෆකිං ෆන්

    ReplyDelete
  10. හි හි...... අන්න නියම මහදැනමුත්තෝ සෙට් එකක්.....

    ReplyDelete
  11. නියම කතා සෙට් එක !

    ReplyDelete
  12. මාර මොලකාරයෝ ටිකක්නේ...
    සා....
    රාජ් අයියත් හිටපු හිංදා හොදට ගියාලු...

    ReplyDelete
  13. කතා ටික හම දාම වගේ ආතල්...

    ReplyDelete
  14. සියඹලා කතා කියන එකේ තේරුම මොකද්ද අයියේ?

    ReplyDelete
    Replies
    1. චාමිගෙ ලින්ක්එක බැලුවනං තේරෙයි.

      Delete
    2. තේරුණා තේරුණා...

      Delete
  15. මටත් මතක් වුනේ මහදැනමුත්තා සහ ගෝලයෝ රොත්ත :D

    ReplyDelete
  16. මරු සෙට් එක බං. හරි හරි. උඹත් එකෙක්නේ.

    ReplyDelete
  17. අපරාදේ තමයි බං.ඇත්තටම ඒ ගානට ඌට බැරල් එකක් සල්ලි වලට ගන්න තිබුනා.

    ReplyDelete
  18. අපේ උන් ඔය වගේ වැඩ වලට මාරම හපන්නු...
    පොඩි සිගරට් ඇඩ් එකක්ද මන්දා

    ReplyDelete
    Replies
    1. ඇඩ් ගතියක් තියනව නේ?

      Delete
  19. විශිෂ්ඨයි!

    ReplyDelete
  20. මාළු සීන් එකටනම් උබලට හොද වැඩේ :)

    උඩම කතාව පස්ට.. උන්ට වටින්නැති වුනාට අපිට මේ වගේ සින වටිනව නේ.. බ්ලොග් පෝස්ට් එකක් කියන්නේ කජු ඇටද කොස් ඇටද බං :)

    ජය !

    ReplyDelete
  21. මහදැන මුත්තාගේ ‍ගෝලයෝද මන්ද...

    ReplyDelete
  22. අයියෝ.... අයියෝ.... මරු සෙට් එකක්නෙ එකතුවෙලා තියෙන්නෙ....

    ReplyDelete
  23. ෂැහ්... අයියගෙ යාළුවෝ නම් මරුනේ!

    ReplyDelete
  24. ඒ වගේද අප්පා මේ අත්දැකීම. හැමදේම එක පාරින් වුණාම කෝ ජීවිතේට අත්දැකීමක්. පස්සේ කාලේ කියව කියව ආතල් එකක් ගන්න පුලුවන් කතාවක් :D

    ReplyDelete
  25. මේවගෙ විනෝද බද්දත් තියෙනවනෙ. හිතලා බැලුවම අපි කවුරුත් ඕවගෙ වැඩ කරනවා.

    අර ගින්දර නිපදවන එක නම්, මමත් ට්‍රයි කරලා තියෙනවා. කවදාවත් හරි ගියේ නෑ රාජ්. ආදි වාසීන්ට පුදුම ඉවසීමක් තියෙන්න ඇති නේ?

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ඉවසීමටත් වඩා එයාලාගේ තිබුනු රෞද්‍ර බවක් හේතු වෙන්න ඇති. අපි මේ ගිණි පෙට්ටියට ගිණි කූරෙන් ගහන්නැහේ ගල් දෙකක් එකට වැද්දුවාට ගිණි විසික් වෙන්නේ නැහැ මං හිතන්නේ.... :) දැන් බලන්නකෝ කුකුළු කුඩුවක හරි කුරුළු කූඩුවක හරි ඉන්න කුරුල්ලෙක් අල්ල ගන්න අපි ඌ වටේ දුවන්න ඕනෑ, ඒත් හෝතබුවෙක් හරි මොකෙක් හරි ඇවිත් වන් ෂොට් අල්ලාගෙන යන ලස්සන. ඒ මොකද? අපි ඒ සතාව අල්ලන්න යන්නේ ඌට ‍රිදෙයිදෝ කියලා හිත හිතා, හෝතබුවට ඕවැයේ ගාණක් තියෙන එකක් යෑ.‍...

      Delete
  26. ඕකට තමා නොපසුබසිනා උත්සහවන්තයා වක්කඩේ හකුරු හැංගුවහම ඉනි ටික ගගේ ගියා වගේ කියන්නේ....(හරිද මන්දා)

    ReplyDelete
  27. හයියෝ....!
    නුතන මහදැනමුත්තා සහ ගෝලයෝ සැට් එක
    අනිත් ඔක්කොම කමක් නෑ කියමු
    ළිද ඉහලා මාළු අල්ලන්න ගිය එක තමා අවුල :)

    ReplyDelete
  28. "අනෙක උන් නොදන්නවට මේක බ්ලොග් පෝස්ට් එකක්"

    අන්න ඒකනේ වැදගත්ම.. :)

    ReplyDelete
  29. කොහෙද බං උඹල ඉන්නෙ.....!! සෙට් එකේ මූනබලල යන්න.

    ReplyDelete
  30. ethakota raj aiya siyambala genallama nethda? Hikz
    Malu malu, ne ne maru maru

    ReplyDelete