Friday, September 28, 2012

කවි බණ අතරේ...... Hot.......

හෙට තියන පෝය වෙනුවෙන් අද පාන්දරම ඔපීසියෙ කවි බණ වැඩසටහනක් සංවිධානය වෙලා තිබුන. පාන්දර කිව්වට උදේ 9ට විතර. ඕන්න නියමිත වෙලාවට මිදුලෙ පැදුරු එලල අපි කවි බණ අහන්න සෙට්වුනා. හාමුදුරුවරු දෙන්න නං සැප පුටුවක වාඩිවෙලා කවිබණ කිව්වෙ. ටික වෙලාවක් යනකොට ඇ‍ඟේ හැම ජොයින්ට් එකක්ම රිදෙන්න ගත්ත. බණට තියන අවධානයත් අඩුවුනා.

බණට කිව්ව කතාව තමයි අපි දන්න කියන කතාවක්. ඔන්න තාත්තයි අම්මයි පුත්තු තුන්දෙනෙකුයි ඉන්න පවුලක අම්ම මියයනව. තාත්ත වෙන කසාදයක් කරගැනීම තමන්ට තියන දේපල වල අයිතියට තර්ජනයක් කියල තේරුම්ගන්න පුත්තු තාත්තට උපරිමයෙන් සලකනව. ඊට පස්සෙ ඉඩකඩං ටිකත් ලියවගන්නව. ඊටත් පස්සෙ නොසලකාහරිනව. අන්තිමේ තාත්ත බුදුහාමුදුරුවො ලඟට යනව. ඊට පස්සෙ බුදුහාමුදුරුවො කියලදෙන කවිපන්තියක් වගේ එකක් ප්‍රසිද්ධ ස්ථානවල කියනව. ඒක අහන මිනිස්සු අරුවන්ට දඬුවම් කරන්න ලෑස්ති වෙනව. ඊට පස්සෙ එයාල තාත්තට සලකනව. ඔන්න ඔය කතාව ගැන තමයි අපේ අවධානය යොමුවුනේ. අපේ පැදුරෙ හිටිය කස්ටියගෙ කතාව මෙහෙමයි.

(රැඩිකල්)සංවර්ධන සහකාර මහත්තය : තාත්තට වෙලා තියෙන්නෙ පැහැදිලි අසාධාරණයක්. හොඳයි ළමයි එයාට සැලකුවාමයි කියල හිතමු. ඒත් ගෑණියෙකුගෙ අඩුව පුතාලට සම්පූර්ණ කරන්න බෑනේ.

සංස්කෘතික කටයුතු නිලධාරිය : ඔය ඉඩකඩම් කේස් එදා ඉඳල අද වෙනකල්ම ඉන්දියාවෙ තියනව. දෑවැද්ද නොගෙනාව කියල ලේලිල මරණ නැන්දම්මල තාම ඉන්නව.

ඉඩම් නිලධාරිය : ඔතන අවුල තියෙන්නෙ ඉඩකඩම් බෙදල දුන්න විදිය. පරාන භුක්තිය තියාගෙන ඉඩකඩං ලියල දුන්නනං ඔය කේස්එක එන්නෙ නෑ බං. එහෙම ලියල දුන්නනං ළමයි නොසලකා හැරියොත් ආයෙත් ඔප්පුව වෙනස් කරගන්න බැරිය!

රෙජිස්ට්‍රාර් : ඒ කාලෙ විවාහ රෙජිස්ටර් කරන්න නැතුවැති මං හිතන්නෙ. හැබැයි එහෙම උනානං දෙවනි කසාදයක් කරගත්තත් ඉඩම් වලට අවුලක් නෑ නේද?

පවුල් සෞඛ්‍ය නෝන : නෑ මෙතන තියන අවුල තමයි ඒ කාලෙ උපත් පාලනයක් තිබුනෙ නෑනේ. දෙවනි කසාදෙනුත් ළමයි උපදින්න පුළුවන්. එහෙම උනොත් ගැටළු මතු වෙනව.

සැලසුම් සහකාර : හැබැයි ලොකු ලේලි කිව්ව කතාවෙත් ඇත්තක් තියනවනෙ මල්ලි. එයාගෙ ගෙදර දිගටම හිටියඑකයි කේස්එක. ලොකු පුතාට වැඩිපුර මොකුත් දුන්නෙ නෑනේ. එතනදි වැරදියි. අනිත් අතට පුත්තුන්ට ක්‍රමවේදයක් හදාගන්න තිබුන මාරුවෙන් මාරුවට තාත්තට සලකන්න. ඒවගේ ප්ලෑන්එකක් නැතිනිසා වැඩේ දෙල්වුනා.

ඒඩී මහත්තය(වනිතා සංවර්ධන නිලධාරිණිය දෙස බලමින්) : මොනව කලත් වැඩක් නෑ බං. ගෑණු එක්ක මොකුත් කරන්න බෑ. බැන්දට පස්සෙ උංගෙ රාජ්ජෙ! මිනිහගෙ එවුන්ට සලකන්නෙ නෑ. තමුන්ගෙ එවුන්ට විතරයි සැලකිලි.

නීතීඥ මහත්තය : ස්වාධීන අධිකරණයක් ඒකාලෙත් තියෙන්න නැතුවැති. ඒකනෙ ඒ මනුස්සයට බුදුහාමුදුරුවො ලඟටම යන්න උනේ.

(වාමාංශික)සංවර්ධන සහකාර : සමාජවාදය යටතේ නං වැඩිහිටියන් රැකබලාගන්න වෙනම වැඩපිලිවෙලක් තියනව. ඕව ධනවාදය නිසා මතුවන ප්‍රශ්න. ඒවට උත්තර ධනවාදයෙන් හොයන්න බෑ මේ කපේදි.

පොලිසියෙ රාලහාමි : දූ දරුවන් නොසලකාහැරිය උනත් නීතියෙ හැටියට ප්‍රසිද්ධ ස්ථානවල හිඟාකන්න බෑ. අත්අඩංගුවට ගන්න වෙනව.

සමෘද්ධි නියාමක : මේවගේ ආදායම් මාර්ගයක් නැති අයට සමෘධිය හිමිවෙන්න ඕන.

සමාජසේවා නිලධාරිය : මේ වගේ වෙලාවට පිහිටවෙන්න තමයි සමාජසේවා දෙපාර්තමේන්තුව තියෙන්නෙ. මෙයාට වැඩිහිටි හැඳුනුම්පතක් හදල, පින්පඩියක් දීල ඕන නං වැඩිහිටි නිවාසෙකට දාන්න තිබුන අදකාලෙ වගේනං.

(වාමාංශික)සංවර්ධන සහකාර(මලපැන) : අපේ පඩියත් ජීවත් වෙන්න මදිඑකේ පිං පඩියෙන් ලුනුකැඳවත් බොන්න පුළුවන්ද බං?

බණ කියන හාමුදුරුවො : ..............සාධු කියන්න පින්වතුනි.

මම(සිතමින්): තව බ්ලොග් පෝස්ට් එකක්.

කිහිප දෙනෙක්ම : අම්මේ.... කොන්ද රිදෙනව, අහපු !@$$%^ නෑ. කකුල් නං රිදෙනව.



38 comments:

  1. සාධු සාධු සාධු

    ReplyDelete
  2. ඔය බයිලේ අපි පොඩි කාළේ ඉඳන් අහනවා. තාමත් කියනවා. දෙමව්පියන් වැදගත් විදියට ළමයි හදනවනම් ඔය දේවල් වෙන්නේ නෑ. අනික දෙමව්පියන් උනාම බුද්ධිමත් වෙන්න ඕන. තියෙන ඔක්කොම දරුවන්ට ලියන්නත් ඕන සමානව. එහෙම කියලා ප්‍රාන බුක්තිය තියාගෙන ලිව්වම සහ ලියලා තියෙන්නේ කොහොමද කියලා ප්‍රසිද්ධ නොකර හිටියම හැම එකාම සලකනවා. ඒ ඉතින් බූදලයක් තිබුනොත්. නැත්තන් ඉතින් අද කාළේ හැටියට අබ සරණයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඕනවට වැඩිය විශ්වාසය තියාගත්තොත් ඕක තමයි වෙන්නෙ.

      Delete
  3. ඒ ඩී මහත්තය කී කරුණ නම් බලපාන හැටි මම හුඟක් අවස්ථාවල දැකල තියෙනවා. හැබෑටම මොකද ඔය ?

    ReplyDelete
    Replies
    1. අනේ මංද! අපිට වඩා අත්දැකීම් තියන සරත් අයියම තමයි උත්තරේ දන්නෙ.

      Delete
  4. මරු පොස්ට් එක අය්යෙ....

    ReplyDelete
  5. අර අන්තිමට හිතපු එකා කවුද දන්නේ නෑ...නෙහ් :)

    ReplyDelete
  6. ෂහ්. මරු බණක්. රාජයාගේ රේකෝඩර් රාජයා නං අන්තිම ඉහලයි. එළ එළ (කැතද මන්දා).

    ReplyDelete
  7. //අ๧ප๞ ප๠຺๧ර හ๢຃ය කස๞຃ය๧ග කත๟ව ๧ම๧හමය๢.//
    මෙච්චර සෙට් එකක් පැදුරක හිටියද? කකුල් අමාරුව හැදෙන එක අහන්නත් දෙයක් ද? :P

    ReplyDelete
    Replies
    1. පැදුරක් කිව්වට පැදුරු කිහිපයක්.

      Delete
  8. මටත් ටික වෙලාවක් බිම වාඩි වෙල ඉන්න කොට හුස්මගන්න අමාරුයි. ඔය බණ ඇහිලි වගේ එව්වට නම් මම සෙට් වෙන්නෙ නැති තරමයි. :)

    චන්ද්‍ර අනගිරත්න මහත්තයගෙ ‘නරලොව හොල්මන්‘ පොත් සෙට් එකෙන් එකකත් තියෙනව මේ වගේ එකක්, මෂල වඩේ සම්මේලනය.

    ReplyDelete
    Replies
    1. චන්ද්‍ර අනගිරත්න මහත්තයගෙ කසිප්පු සම්මේලනය මෙන්න.

      Delete
  9. මරු පෝස්ට් එක, මේක නියම කෑල්ල කියන්නේ සමාජයේ විවිධ ස්ථරයන් එකම් ප්‍රශ්නය ගැන විවිධ මත දරනවයි කියන එක පැහැදිලි කරන එක. මොකද මම හිතන්නේ නෑ හැම සමෘද්ධි නිලධාරියාම එකම අදහස් දරනවයි කියලා.

    ReplyDelete
  10. මටනං කියන්න දෙයක් තේරෙන්නේ නෑ... සිරාවට :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. ඒ ඩී මහත්තයා නම් ඇත්ත කියලා තියෙන්නේ.ගෑනුන්ගේ ඔය ගතිය මාත් දැකලා තියෙනවා.

    මගේ පෝස්ට් එකකට ලින්ක් එක දැම්මට තැන්ක්ස්. :)

    ReplyDelete
  12. හැබෑට රාජ්.. එකෙක්වත් අහපු බණක් නෑ නේ.... ඕකට වියදම් කරපු සල්ලි වලින් කට්ටියට හොඳ ලන්ච් එකක් දුන්නනම් ආයතනයටත් හොඳයි... හි හි...

    ReplyDelete
  13. අමාරුවෙන් හරි වාඩිවෙලා ඇහුවේ ධර්මයනෙ...අනේ සාධු....

    ReplyDelete
  14. උබ හිතන ටිකයි අපිට වටින්නේ..

    සාධු.. ෂාධු.. සා..දුප්.. :)

    ReplyDelete
  15. කාලෙකින් මටත් සෙට් උනා ඔය වගේ ගිය පෝයට බණක් අහන්න..පැදුරේ නිදා ගත්තේ නැති එක විතරයි...එහෙට මෙහෙට ඇඹරිලා කකුල් හිරිවැටිලා,කොන්ද කැඩිලා වගේ මාර දුකක් වින්දේ.....

    ReplyDelete
  16. වෙනදා වගේම රාජ් අයියගෙන් පස්ට පෝස්ට් එකක්

    ReplyDelete
  17. මම බ්ලොග් එක කියවන කොට මතක් උනේ විනී ගේ හෝල්ට් කාටූන් එක. හොද නිර්මාණයක්.

    උඹ කොහොමත් බණ අහන එකෙක්යැ. හැබැයි මම අදමයි දැන ගත්තේ මිනිස්සුන්ට ඩොලර් මාක්, ඇට් මාක්, ප්‍රතිශත මාක් හිතෙනවා කියල.

    විහිළු නෙමේ බං. අපේ අම්ම ආච්චිට සලකන හැටි දැක්කම මට අම්මට සලකන විදිහ හොදටම මදි කියල හිතෙනවා. මම හිතන්නේ තම තමන් තමන්ගේ දෙමව්පියන්ට වැඩිහිටියන්ට සලකන විදිහ අපේ පොඩි එවුන්ට පොඩි කාලෙ ඉදල හිතට වදිනව.

    කන්ක්ලුෂන් - අංග සම්පූර්ණ පෝස්ටුවක්.

    ReplyDelete
  18. වෘර්තිය මට්ටමින්ම තමා බණ අහන්නෙත් හහ්

    ReplyDelete
  19. සාධු සාධු සා....................

    ReplyDelete
  20. එතකොට ඔයා හිතුව විතරයි මුකුත්ම කිව්වේ නෑ නේ....??????????
    සාධු සාධු....අනේ සාධු....o_O

    ReplyDelete
  21. මැක්ස එකෙත් උපරිමය..

    ReplyDelete
  22. අර අන්තිමට හිතුව කොටසනම් අගේ කලයුතුයි..:)
    පෝස්ට් එකනම් සුපිරියටම තියෙනවා..

    ReplyDelete
  23. ඇත්තම කියාපං රාජ්. අර අන්තිමට කිහිප දෙනෙක්මහිතපු එක උඹත් හිතුවා නේද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  24. මේ ආකෘතියෙ පෝස්ට් කීපයක් රාජ් අතින් ළගකදි ලියැවුනා... ඒ උනාට නීරස නෑ... මටත් වැඩි වෙලා බණ අහන ඉරියව්වෙන් ඉන්න බෑ...

    ReplyDelete
  25. කෝ ඉතින් රාජ් අයියා මොකුත් නොකියා සද්ද නැතුව හිටියද? ඔයාගේ දෙබස් නෑනේ....

    ReplyDelete
  26. අහෝ දහමක් සිතේ නො‍රැඳී.....! හෙහ් හෙහ් හෙහ්.....!

    ReplyDelete
  27. මොකද සහෝ ලබන පෝය වෙනකං මේ පෝස්ට්කටුවට අනිමිස ලෝචනය කරන්න වෙනවද? හික්.. හික්.. හික්..

    ReplyDelete