Thursday, September 27, 2012

ක්‍රිකට් සහ ලෝක කුසලාන T 20 අසාධාරණ තරග සැලැස්ම.


පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය මේ වනවිට නිමාවී ඇති අතර ‍අපේ කන්ඩායම නවසීලන්තයත් සමඟ අද පැවැත්වෙන පළමු තරගයෙන් සුපිරි අටදෙනාගේ තරගාවලිය ආරම්භ වේ. ඕනෑම වර්ගයක ලෝක කුසලාන තරගාවලියකදී මූලික වටයේදී දැකියහැකි පෙරලි කිසිවක් මෙම තරගාවලියේ මූලික වටයේ වාර්තා නොවූ අතර ඒ ඒ කාන්ඩ වල දුර්වල කන්ඩායම් ඉවතට විසිවිය. පකිස්තානය හමුවේ බංග්ලාදේශ කන්ඩායම තරමක් හොඳ තරගයක් ලබාදුන් අතර ඇෆ්ගනිස්තානය සහ මීට පෙර තරගාවලිවල දස්කම් දැක්වූ අයර්ලන්ත කන්ඩායම එතරම් දක්ෂතාවයක් දැක්වූයේ නැත.

අසාධාරණ තරග සැලැස්ම.
මෙවර තරගාවලියේ ඉදිරිය ගැන කතාකිරීමට මත්තෙන් සුපිරි 8 දෙනාගේ වටයේ තරග සැකැස්ම ගැන කතාකල යුතුමය. සාමාන්‍යයෙන් ඕනෑම තරගාවලියක සුපිරි 8දෙනාගේ තරග පවත්වනු ලබන ක්‍රම වේදයක් ඇත. මෙය ක්‍රිකට් පමණක් නොව ඕනෑම වර්ගයක තරග සඳහා පොදු රීතියකි. එය සිදුවන්නේ මෙසේය.
යම් තරගාවලියක A, B, C, D යන කාන්ඩ යටතේ පලමු සහ දෙවැනි ස්ථාන වලට සුදුසුකම් ලබන කණ්ඩායම් අට පිලිවෙලින් [a1,a2], [b1,b2], [c1,c2], [d1,d2] යයි සිතමු. එවිට මෙම කාණ්ඩයේ දක්ෂතම කණ්ඩායම් හතර වන්නේ a1,b1,c1,d1 යන කණ්ඩායම්ය. තරගාවලියේ ජීව ගුණය රැකගැනීමට නම් අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වඩාත් සුදුසු වන්නේ එම කණ්ඩායම්ය. එබැවින් තරග සැලැස්ම සැකසෙන්නේ දක්ෂතම කණ්ඩායම් ඉවත් නොවන ආකාරයටය.

මීට වෙනස් තවත් සාර්ථක යයි කිවහැකි ක්‍රමයක් අයි.පී.එල්. තරගාවලියේදී හඳුන්වා දුන් අතර එහිදී පළමු සහ දෙවැනි ස්ථාන සඳහා පත්වන කණ්ඩායම් අතර තරගයෙන් ජයග්‍රාහකයන් අවසන් තරගයටත්, පරාජිතයන්, තුන්වැනි සහ සිව්වැනි ස්ථාන වල සිටින කණ්ඩායම් අතර තරගයේ ජයග්‍රාහකයන් සමඟ තරග කිරීමෙන්ද අවසන් තරගයට පැමිණේ.

එහෙත් මෙම තරගාවලියේදී සිදුවන්නේ අනෙකකි. A, B, C, D කාන්ඩ යටතේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසි දක්ෂතම කණ්ඩායම් හතර වන ඉන්දියාව(a1), ඕස්ට්‍රේලියාව(b1), දකුණු අප්‍රිකාව(c1), පාකිස්ථානය(d1) ඔවුනොවුන් අතර තරග වැදීමෙන් ජයග්‍රාහී කණ්ඩායම් දෙකකුත්, දෙවැනි ස්ථානයට පත්වූ එංගලන්තය(a2), බ.ඉ.කො.(b2), ශ්‍රී ලංකාව (c2), නවසිලන්තය(d2) අතරින් කණ්ඩායම් දෙකකුත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. එනම් මෙහි අනිවාර්ය ප්‍රථිපලය ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය යන දක්ෂතම කණ්ඩායම් හතරෙන් දෙකක් කැපීයාමයි. තරගාවලියේ උණුසුම හීන කිරීමට මෙම කාරණය සමත්ය.

තරගාවලියේ ඉදිරිය.
පන්දුවාර විස්ස ක්‍රිකට් තරග වලදී අනාවැකි පැවසීම කල නොහැකි නමුත් දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක බව පැවසිය යුතුය. සුපිරි අට වටයේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය ඇතුලත් කාණ්ඩයේ තරග වඩා වැඩි ප්‍රේක්ෂක අවධානය යොමුවන තරග වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම
දකුණු අප්‍රිකාව සමඟ පැවති කෙටි තරගයේ ලද පරාජයත් විකෘති තරග සැලැස්මත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් අත්වූ බව කිව යුතුය. එසේ නොවූයේ නම් සුපිරි 8 වටයේදී ඔවුන්ට තරගවැදීමට සිදුවන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය සමඟය. භූමියේ වාසියද ලබාගෙන එංගලන්තය, බ.ඉ.කො. සහ නවසිලන්තය සමඟ තරග වැදී අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එතරම් අපහසු නොවනු ඇතැයි මගේ විශ්වාසයයි.

තරගාවලි සංවිධානය.
සාමාන්‍යයෙන් ඕනෑම කාර්යකදී අනාගන්නා ජාතියක් වන ලාංකිකයන් මෙහිදීද තම අනන්‍යතාවය රැකගැනීමට සමත්ව ඇත. ක්‍රිකට් ආයතනය බංකොලොත් කරගෙන ලෝකයේ ලොකුම ක්‍රීඩාංගනය සාදා ලෝකයම බලා සිටියදී මාධ්‍ය කුටියේ වතුර ඉවත් කරන සේවිකාවන් කියාපෑවේ අපේ අනන්‍යතාවය නොවේද? Cheerleadersලා ගැන කතා කිරීම ඔබට භාරය.

ටෙස්ට් ක්‍රිකට් එක්දින ක්‍රිකට් සහ 20.20 ක්‍රිකට්.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට එක්දින තරග පැමිණීමත් සමඟ යම් පිරිසක් ඊට විරුද්ධ වූයේ ක්‍රිකට් තාක්ෂණය වලපල්ලට යතැයි සැක කරමිනි. එහෙත් දින පහක මන්දගාමී ටෙස්ට් තරගයක් නැරඹීමට වඩා එක්දින තරගයක් නැරඹීමට කැමති ප්‍රේක්ෂකයන් නිසා එක්දින ක්‍රිකට් මුල්තැනට පත්වුවත් එක්දින තරග නිසා ටෙස්ට් තරගවල සැලකියයුතු වෙනසක් සිදුවූයේ නැත. එහෙත් පන්දුවාර විස්ස තරග නිසා ක්‍රිකට් තාක්ෂණය උඩුයටිකුරු වීම මේ වනවිට ආරම්භ වී ඇත. උදාහරණ ලෙස මේ වනවිට 20-20 තරග වලදී ක්‍රීඩා කරන පිතිකරුවන්ගේ විලාශය අනුව බේස්බෝල් තරග වලදී මෙන් තාක්ෂණයෙන් තොරව වැරෙන් පන්දුවට පහරදීම්ද එතරම් දඟ නොකැවෙන පන්දු මෙන්ම මඳවේද පන්දු යැවීම් වර්ධනය වීම අනිවාර්ය වේ. අනාගතයේ ඇතිවිය හැකි වෙනස්කම් කල්පනා කර බැලූ විට 20-20 තරග තවමත් පවතින්නේ ළදරු අවධියේය. ප්‍රේක්ෂකයන්ගේ මුල්තැන දිනාගන්නා මෙම තරග නිසා ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන බලපෑම අති මහත්ය. කෙටියෙන් කිවහොත් 20-20 ක්‍රිකට් වෙනම ක්‍රීඩාවක් තරමට දියුණු වනු ඇතැයි විශ්වාස කල හැකිය. එය රග්බි 15 සහ රග්බි 7ස් වෙන වෙනම පවතින්නාක් වැනිය. එහෙත් ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍යතාවය රැකගැනීම සඳහා අඩුම තරමින් එක්දින තරග හෝ පවත්වාගෙන යා යුතුය. එසේ නොවුවහොත් මුත්තයියා මුරලිදරන්ලා සචින් තෙන්ඩුල්කාර්ලා ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ලා යලි කිසිදා හමු නොවනු ඇත.


47 comments:

  1. මං දන්න විදිහටනං මෙහෙමයි රාජ් අයියේ...
    ඔය කන්ඩායම් කරලා තියෙන ක්‍රමේට හේතුව ටිකට් ප්‍රශ්නෙ..
    මොකද ටිකට් ඉෂූ කරේ මාස ගානකට කලිංනේ..
    එතකොට කෙනෙක්ට ලංකාව ඉන්න මැච් එකක් බලන්න ඕනනං කලිංම ටිකට් එක බුක් කරලා තියා ගන්න පුළුවං..
    දක්ෂතාව අනුව කන්ඩායම් වෙනස් වෙනවනං ඒ විදිහට කලිං ටිකට් බුක් කරන්න බෑ..
    ඒක ලංකාවේ වැරැද්දක් නෙමේ..
    අයි.සී.සී එකේ වැරැද්දක්..
    ලංකාවට තියෙන්නේ සත්කාරකත්වය දැරීම පමණයි..
    අනිත් ඔක්කොම අයි.සී.සී එකටයි අයිති...
    හැබැයි අර ලෝකේ ලොකුම ක්‍රීඩාංගනේ ප්‍රෙස් බොක්ස් එකට වතුර පිරෙන එකටනං ලංකාවේ ආන්ඩුව ශ්‍රී ලංකා ක්‍රිකට් එක වගකියන්න ඕනා...

    ReplyDelete
    Replies
    1. මේක ටිකට් ප්‍රශ්නය නිසා සිදුවූවක් බව පැහැදිලියි. හැබැයි ඉතිං ලංකාව සුපර් 8ට ආවෙ නැත්තං සැලැස්මට මොකද වෙන්නෙ කියලත් හිතන්න ඕන.

      Delete
  2. මං දැක්කා පත්තරේක එකක තිබුනා සුපර් 8 කණ්ඩායම් ගත කරන විදිය ගැන ලිපියක්. ඒ කණ්ඩායම් ගත කරලා තිබුනේ සීරියස් එක පටන් ගන්න කලින් ඒ දවස් තිබුණු 20-20 රෑන්ක් බලලා. ලංකාව මුල් වටේ එකට ආවත් යන්න තිබුනේ දැන් සුපර් 8 තේරිලා ඉන්න කණ්ඩායම් අතරටයි. වෙනසක් වෙනවනම් වෙන්න තිබුනේ මුල් වටේ දුර්වල කණ්ඩායමක් හොද කණ්ඩායමක් ඉවත් කරලා සුපර් 8 ආවොත් ඒ හොද කණ්ඩායමට වෙන් කරලා තිබුණු තැන දුර්වල කණ්ඩායමට හම්බවෙන තැන.

    උදා : තරගාවලියට කලින් කණ්ඩායම් රෑන්ක් කරලා තිබුනේ

    ද.අප්‍රිකාව - c1, ශ්‍රී ලංකාව - c2 සිම්බාබ්වේ - c3

    මේ කණ්ඩායම් 3 න් ද. අප්‍රිකාව මුල් වටෙන් ඉවත් වෙලා ලංකාව එම කාණ්ඩයේ මුලට ඇවිත් සිම්බාබ්වේ 2වෙනි තැනට ආවත් ලංකාව සුපර් 8 වටයට යන්නේ c2 විදියට. සිම්බාබ්වේ c1 විදියට සුපර් 8 යනවා.

    මේක icc එක මුලින්ම තෝරලා තෝරලා තිබුණු විදිය. ඉතින් කණ්ඩායම් මුල් වටේ කොහොම ආවත් සුපර් 8 කණ්ඩායම් ගතවෙන්නේ ඒ විදියට.

    ReplyDelete
    Replies
    1. මේක මාත් දැක්කා.. පත්තරේ මෙහෙමයි තිබුනෙ..

      Delete
    2. ඔව් එදා තරඟය දින්නත් පැරදුනත් ලංකාව C1 ම තමයි.එදා දින්නත් අපිට හමුවෙන්නේ මේ දැන් අපි සෙල්ලම් කරන කණ්ඩායම්ම තමයි.දැන්ය් බැලූ බැල්මට ප්‍රබල කණ්ඩායම් ලෙස පේන ඔස්ට්‍රේලියාව මේ ශෙඩියුල් හදන කාලෙදි හිටියේ ශ්‍රේනිගත කිරීම් වල අවසන් ස්ථානයට කිට්ටුව.දක්ශ කණ්ඩායම් කැපී නොයන විදිහට තමයි ඕක හැදුවේ.හැබැයි ශ්‍රේනිගත කිරීම් මත පදනම් වෙලා!

      Delete
  3. දකුණු අප්‍රිකාව සමඟ පැවති කෙටි තරගයේ ලද පරාජයත් විකෘති තරග සැලැස්මත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට වාසියක් අත්වූ බව කිව යුතුය. එසේ නොවූයේ නම් සුපිරි 8 වටයේදී ඔවුන්ට තරගවැදීමට සිදුවන්නේ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ පාකිස්ථානය සමඟය. භූමියේ වාසියද ලබාගෙන එංගලන්තය, බ.ඉ.කො. සහ නවසිලන්තය සමඟ තරග වැදී අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එතරම් අපහසු නොවනු ඇතැයි මගේ විශ්වාසයයි.

    this is wrong.

    even we won the game , still in the same super8 group

    ReplyDelete
    Replies
    1. ඉෂාන් & nidhahasa
      ඔව්. ඔයාල දෙන්න කියන කතාව ඇත්ත. ඒත් අපි හිතමු අපේ කාන්ඩයෙන් ද.අප්‍රිකාව සහ සිම්බාබ්වේ සුපිරි 8ට ආව කියල. එතකොට සී1 සහ සී2 කියන්නෙ කවුද?(ලින්ක් එක බලන්න) ඒක විකාරයක් නෙවේද? මොකද තරගාවලියේ සුපිරි 8ට එන්නෙ කවුද කියන්න අයිසීසී එකේ අනාවැකි කියන්න මිනිස්සු නැහැනේ. :)

      මම මතුකල අනිත් කාරණාව තමයි හොඳම කන්ඩායම් 4න් දෙකක් හැලෙනඑක. ඒක පැහැදිලි අසාධාරණයක්.

      Delete
    2. ද.අප්‍රිකාව සහ සිම්බාබ්වේ සුපිරි 8ට ආවනම් වෙන්නේ ලංකාවට වෙන් කරලා තිබුණු c2 සිම්බාබ්වේට ලැබෙන එක. එතකොට සිම්බාබ්වේ c2 ලෙස සුපර් 8 ට යනවා.සිම්බාබ්වේ ඒ කාණ්ඩයේ 1ට හිටියත්, 2ට හිටියත් ලංකාව එළියේ නම් යන්නේ c2 විදියට.මාත් පිලිගන්නවා එහෙම කලින්ම තීරණය කරලා තිබුණු එක වැරදියි කියන එක.

      අනිත් කාරණේට හේතුවත් ඔය කලින් කරපු තේරීමම තමා.හැබැයි ඒ ටීම් 4 මුල් වටේ හිටිය කාණ්ඩ වල දෙවෙනි තැනට වැටිලා ලංකාව, එංගලන්තය, බ.ඉ.කො, නවසීලන්තය ඒ ඒ කාණ්ඩ වල මුල් තැනට ආවනම් කියන්න වෙන්නෙත් මුල් වටේ හිටපු හොඳම කන්ඩායම් 4න් දෙකක් හැලෙනවා කියන එකමයි.

      කරන්න තිබුණු හොදම කාණ්ඩ ගතකිරීම තමා මුල් වටේ 1ට ඉන්න ටීම් 2 හා 2ට ඉන්න ටීම් දෙකක් දාලා සුපර් 8 යවන එක.

      Delete
    3. //කරන්න තිබුණු හොදම කාණ්ඩ ගතකිරීම තමා මුල් වටේ 1ට ඉන්න ටීම් 2 හා 2ට ඉන්න ටීම් දෙකක් දාලා සුපර් 8 යවන එක//

      ආන්න ඒක තමයි මාත් කියන්නෙ.

      Delete
  4. ක්‍රිකට් ක්‍රිඩකයකු හැටියට මමත් ඔය ශිලෙක්ශන් එක අනුමත කරන්නැ නමුත් 96 හැර හැම පාරකම ලංකාව ෆයිනල් තරඟයට ආවේ කාගේ හෝ කරමතින් ඒ කියන්නේ ලංකාව තරඟ නොකෙරු වෙනත් තරඟයක විනිශ්චය මතින් ලත් වාසියෙන් ඉතින් මේ පාරත් ඒ වාසියට පාර කපලා තියෙනව ටිකට් ප්‍රශ්ණය ගැන කතා කරනව නම් ඒය මැනේජ් මන්ට් එකේ වරදක් ඔවුන් පෙර සුදානමකින් එයට හරි ප්ලැනක් ගහගන්න තිබ්බා මොනා උනත් ලංකාව කිරුල දිනනවට මම කැමති මොකද බොක්ක කැමති රට දිනනවටනේව හැබැ 96 හයේ වගේ සුපිරි දිනිල්ලක් කවදා හෝ යලි එනකං අපි මග බලන් ඉන්නවා ජය

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අදහසට.

      Delete
    2. 96ත් ඒ චෑන්ස් එක ලැබුනනෙ.. ඇයි ලංකාවට එන්න බෑ කියපු රටවල්වල පොයින්ට්ස්..

      Delete
    3. ඔය ලක් එක ගැන කතාවක් 96ත් බටහිර ඉන්දීය පිලයි ඔස්ට්‍රෙලියාවයි ලංකාවට ආපු නැතිනිසා ඒ පොයින්ට් 2 අපිට ලැබුනා

      Delete
    4. මොන කතා කිවත් අනු හයේ එකටත් ලකාවට අනිත් අයගේ සපෝට් ලැබුනා..... සෙල්ලම් නොකරපු අය නිසා.....

      Delete
    5. බලමු මෙදා ලක්එක. ඊයෙ නං අපේ පැත්තෙ.

      Delete
  5. 20 20 ක්‍ර‍මය හදුන්වා දුන්නෙ... ක්‍රිකට් ක්‍රීඩාවක් වශයෙන් තවත් රටවල් අතර ජනප්‍රිය කරන්න... පැය 3ක උපරිමයක පාපන්දු,ටෙනිස්,රගර් තරග නරඹන ප්‍රේක්ෂකයන් පැය 6 කට වඩා ගතවන පන්දු වාර 50 තරගයක් නරඹන්න එන්නෙ නෑ... මම පුද්ගලිකව දන්නවා ක්‍රිකට් නැති රටවල විදේශිකයො අපේ රටේදි මැච් එකක් බලන්න කෙතරම් ඉහළ මිළකට ප්‍රවේශ පත්‍ර‍යක් අරන් ක්‍රීඩාංගනයට ආවත් උපරිම රැදෙන්නෙ පැය 3යි. ඒ තමයි ඒ අයට පුරුදු වෙලා තියෙන විදිය... පැය 6 ක් කියන්නෙ විශාල ලෙස කාලය නාස්ති කිරීමක් ලෙසයි ඒ රටවල අය දකින්නෙ...

    මාලි වෙනුවෙන් අත්සනක් ගහන්න එන්න

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒකනෙ 20-20 මෙච්චර ජනප්‍රිය.

      Delete
  6. ඕක ඉතින් ICC Ranking අනූව කරලා තියෙන නිසා කරන්න දේකුත් නෑ එක අතකට. හරියට තිබුණ නම් ලංකාවට අවසන් පූර්ව වටයට යන එක ලේසි වෙන්නෙත් නෑ !

    ReplyDelete
    Replies
    1. අවසන් පූර්ව වටයට කවුරු ආවත් තරගාවලියේ කොලිටිය තියෙන්න ඕන කියන එකයි මගේ අදහස.

      Delete
  7. මොනා වුනත් අපේ අනන්‍යතාවය රැකගෙන තියන එකම මදෑ රාජ්.... ?

    ReplyDelete
  8. මම නම් කියන්නේ ෆයිනල් මැච් එකෙන් දිනන ටීම එක චැම්පින්ස්ලා වෙනවා. ඒක කාටවත් වල්ක්වන්න බෑ. මම අර චියර්ලීඩර්ස්ලා ගැන මගේ විශ්ලේශණය ඉදිරිපත් කිරීමට කැමතියි. මින් පසු සුද්දන්ට දහ අට සන්නිය, නාග රාක්ෂ මහසෝන් සමයම වැනි නැටුම් ඉදිරිපත් කිරීමේදී වෙස් මුහුණු හා බොරු කොන්ඩා අවශ්‍ය වන්නේ නැත. පෝලියෝ උවදිරින් ඔබේ දරුවා බේරා ගන්න කියන පනිවිඩේද දන්නේ නෑ මේකෙන් දෙන්නේ. කොහෙන්ද බන් ඒ යක්කු හොයාගත්තේ. පොඩ්ඩ්ක් ඒ ගැනත් ලිව්වනම්. අපේ ගෑනී මාව මරන් කන්න හදනවා කට වහගෙන මැච් එක බලනවා ඕයි කියලා.

    ReplyDelete
    Replies
    1. අම්මප උඹේ මොලේ තමයි මොලේ. ☻

      //පෝලියෝ උවදිරින් ඔබේ දරුවා බේරා ගන්න කියන පනිවිඩේද දන්නේ නෑ මේකෙන් දෙන්නේ.//
      හිනාවෙලා මැරෙනව මේ කතා වලට. කොහොම උනත් ඒ "කෙල්ලො" අපේ අනන්‍යතාවයද මොකද්ද වෙන්ටැති.

      Delete
    2. අනේ අම්මප...මේ කියන කථා වලට හාමිනේ මාතලන් ගොයියවා මරාගෙන නොකන එක තමා පුදුමේ...

      Delete
    3. Cheerleaders ලා දිහා මැච් එක බලන එක තමා හොදම.අනික අන්තිම මැච් වල Cheerleaders ලා පෙන්නුවේම නෑ වගේනේ.කැමරාකාරයන්ටත් හිතෙන්න ඇති ලංකාවේ ආශ්චර්ය ලෝකෙට පෙන්වලා ලංකාව උඩ යන එක නවත්වන්න. ඕවා විදේශීය කුමන්ත්‍රණ

      Delete
    4. ඕකුන් හින්ද මැච් බැලිල්ලත් එපා වෙනව.

      Delete
    5. @ මාතලන්,

      "මම නම් කියන්නේ ෆයිනල් මැච් එකෙන් දිනන ටීම එක චැම්පින්ස්ලා වෙනවා." ඒක එහෙම වෙයි කියලා මාත් හිතනවා. ඊට වඩා ටිකක් දුරට හිතුවොත් මුලින් ගහන ටීම් එක වැඩි ලකුණු ගානක් ගහලා අනිත් අය ගහද්දි ඒ කට්ටියව ඊට වඩා අඩු ලකුණු ගානකට දවා ගත්තොත් එහෙම නැත්නම් ඕවර් ඉවර කරගත්තොත් මුලින් ගහපු අය දිනාවි. ඒත් පස්සෙ ගහන අය මුලින් ගහන අයට වඩා ගැහුවොත් ඒගොල්ලො මැච් එක දිනාවි. අවුරුදු ගානක් මැච් බලපු අත්දැකීමෙන් මට හිතෙන්නෙ එහෙමයි.

      Delete
    6. හුඟ කාළේකින් අද් අක්‍රිකට් මැච් එකක් බැලුවා. අන්න මැච්...

      Delete
    7. මැච්එක නං නියමයි.

      Delete
  9. මෙච්චර දවසක් ගැහුවේ පුහුණු තරග අද ඉදන් තමයි තරගාවලිය ආරම්භ වෙන්නේ. තව එකක් A හා B කියලා බෙදලා තියෙන්නේ අගෝස්තු වගේ 20-20 ICC ‍ranking වලට අනුව
    එතකොට 1 එංගලන්තය 3 ලංකාව

    ReplyDelete
    Replies
    1. ranking කියන්නෙ ඕනම තරගාවලියකින් පස්සෙ වෙනස්වෙන්න පුළුවන් දෙයක්. නමුත් ඊට වඩා සාර්ථක ක්‍රමය තමයි අදාල තරගාවලිය තුල ජයග්‍රාහකයන් වන පිලිවෙලට ඉදිරි තරග පෙලගැස්ම. මේක අමුතු දෙයක් නෙවේ. ඕනම ලෝක කුසලානයක කරන දේ. දැන් වෙලා තියෙන්නෙ දක්ෂයන් කැපීයාම. මොකද අද තත්වය අනුව පේන දේ තමයි [ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, පාකිස්ථානය] කන්ඩායම් [එංගලන්තය, බ.ඉ.කො. ශ්‍රී ලංකාව, නවසිලන්තය]ට වඩා ඉදිරියෙන් ඉන්නව කියන එක.

      Delete
  10. මොන අනන්‍යතාවේ රැකගෙන හරි ෆයිනල් එකෙන් කැපෙන්නේ ක්‍රීඩා ලෝලීන්ගේ දහසක් බලාපොරොත්තු සුන් කරන්නේනැතුව මේ සීරිස් එකවත් දිනුවොත් ගොඩ

    ReplyDelete
  11. අලේ ඔය පොඩි එවුන්ගෙ බෝල සෙල්ලම් ගැන මගේ වැඩි උනන්දුවක් නෑ ආයිබෝවන්ඩ. :)

    ReplyDelete
    Replies
    1. අහ්.. මල්ලිට මූණක් ඇවිත් තියෙන්නේ.. සතුටුයි.. සතුටුයි..



      Delete
  12. මම T20 ODI ක්‍රිකට් ගැන ඔච්චර ලොකුවට හිතන්නෙ නෑ එදා දවසේ හොඳට ක්‍රීඩාකරන පිල දිනුම් IPL වගේ තරඟාවලි වලට මම හරි කැමති ක්‍රීඩකයන්ගේ දක්ශතා බලන්න පුලුවන් නිසයි

    ReplyDelete
  13. තරඟාවළිය ප්ලෑන් කරලා තියෙන විදිහ එය නම්.. අසාධාරණ වුණත් ප්‍රථිඵලය පිළිගන්න වෙනවා.. ප්ලෑනෙ.. පැහැදිලි වරදක් තියෙන බව පේනවා.. ඒකත් අපේම වාසියට නිසාත්.. ඔයිට වැඩිය අලි නැට්ට පිටිං මැරෙන නිසාත් (දල ඇතුව හෝ නැතුව) කට පියං මැච් එකේ රහක් තියේ නං.. ඒක විඳින්ට බලමු කියන එකයි මගේ අදහස... මට නං දැං ඔය රහ දැනෙන්නෙ නෑ අප්පා.. ඒත් පුරුද්දට වගේ.. ඉඳ හිටලා ඊ.එස්.පී.එන් ක්‍රික් ඉන්ෆො එකට ගොහිං මොකද වෙලා තියෙන්නෙ කියලා බලනවා..

    ReplyDelete
  14. බලන්න එපැයි අප්පේ චියර්ලිඩර්ස්ලාගේ සිරියාව මැච් එක පැත්තකින් තියලා ඒ අක්කිලා දිහා බලන් ඉන්න හිතෙනවා ;)

    ReplyDelete
  15. මේ කතාවට සම්පූර්ණයෙන් එකගයි..මේ කණ්ඩායම් තේරුණු විදිහටනම් සම්පූර්ණයෙන්ම අකමැතියි..මේව නිකන් තුන්ඩු උඩ දාලා තේරුවා වගේ.. තරගෙක ජයග්‍රහනයක වටිනාකමක් නැති වෙනවා මේකෙන්..

    ReplyDelete
  16. මෙතන තියෙන්නේ ප්‍රේක්ෂකයන් තරගාවලියට ආකර්ෂණය කර ගැනීමේ උපක්‍රමයක්. විස්සයි විස්ස කරලියට ගේන්නේ ක්‍රිකට් ලෝකයේ අනිත් රටවල ප්‍රචලිත කරන්න. එහෙම කරලා 2024 ඔලිම්පික් එකට ක්‍රිකට් ගෙන්න. මෙතන සුපර් එයිට් වටයේ තරග කාලසටහන කලින්ම ත්රීරණය කරලා ඉවර වෙලා 9,10,11,12 ස්ථාන වල ඉන්න දෙවෙනි පෙළ කණ්ඩායම් වලට දෙවෙනි අවස්තාවක් දුන්න පුලුවන්නම් ලොකු අයිය කෙනෙක් වට්ටලා රින්ගපන් එතනට කියල. ඒත් ඒ පෙරලිය කරන්න කිසිම දෙවෙනිපෙල කණ්ඩායමකට පුළුවන් වුනේ නෑ. ඇත්තටම නියා තරගාවලිය පටන් ගන්නේ 27 ඉඳල. මේ තියපු මුලික තරගාවලින් අයි.සී.සී.ය උත්සාහ ගන්නවා එයාල රෑන්ක් කරලා හදපු ටේබල් එකේ යම් වැරද්දක්(දක්ෂතා) වල ඇත්නම් නිවැරදි කරන්න. මොකද ආසන්න තැනක ඉන්න බංග්ලාදේශය වගේ කණ්ඩායමකට සටනක් දීල උඩ එන්න චාන්ස් එකක් දීම තමයි මුල් තරග වල අදහස. ඒ තරග ටික අමතක කරලා දැන් තියෙන තරග බැලුවොත් අපිට ඔය ගැටලුව මතු වෙන්නේ නෑ.

    බලන්න අපි මෙතන නහර පුප්පන් කෑ ගැහුවට අර ඔස්ට්‍රේලිය,පකිස්තාන්, බටහිර ඉන්දීය, දකුණු අප්‍රිකා කියන කණ්ඩායම් ඉන්නේ පුස් පැටව් වගේ සද්දයක් නැතුව. එයාලට ගාන ලැබෙනවා, අනිත් එක මේක හම්බ කරන් කන ශිල්පෙ. කොහෙට ගැහුවත් මොකද කියල මේකෙන් ගාන බේරාගෙන ඊලඟ ටුවෙන්ටි තරග තියෙන රටට පියඹනවා. අයි.සී.සී.යටත් හොද්ද බොර වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. 20-20 නවත්වන්න ඕන නෑ. එහෙම කරන්නත් බෑ. ක්‍රීඩාවක වෘත්තීය මට්ටම කියන්නෙ ඒකයි.

      Delete
  17. අපි තරං මංඥං වැඩ කොරන ජාතියක් මේ ලෝකේ වෙන කොහේද ඉන්නේ ඉතිං. චියර්ලීඩර්ල නං අජුතයි. කූජිතයි. දේශකයාටත් ඔය චියර්ලීඩර් රස්සාවට ආස හිතිල පොඩි පෝස්ට් කටුවක් දැම්මා. පුළුවන් උනොත් බලන්න.

    චියර්ලීඩර්ස්

    ReplyDelete
  18. ඊයේ තිබ්බා වගේ හැම මැච් එකේම එක ඕවරේ ගානේ තිබ්බනං මරු නේ.....

    ReplyDelete