Friday, March 22, 2013

ජිනීවා (පරා)ජය මට පේනහැටි!

මේසැරෙත් පරාදයි නේද?

හ්ම්. නූලෙං ගියා.

නූලෙන්? අච්චර ගානකිං පැරදිල?

මෙහෙමයිනේ,.... අපිට විරුද්ධව තිබුනෙ ඡන්ද විසිපහයි. අපිට තිබුන දහතුනක්. අටක් නියුට්‍රල්. ඒ කියන්නෙ තව දෙකක් එහෙමෙහෙ උනානං අපිටත් කියන්න තිබුන තිස්ස අත්තනායක මහත්තය මැතිවරණයකට පස්සෙ කියන්න වගේ ඇමරිකාව පරාදයි කියල.

හරි දැං එහෙම උනේ නෑනේ? දැං මොකද කියන්නෙ?

දැං ඉතිං කියන්න තියෙන්නෙ ටිල්වින් සහෝදරය කියන්න වගේ අපිට ලැබුනෙ පිරිසිදු ඡන්ද ටිකක් කියල තමයි.

හරි. දැං කතාකරමු අපිට පක්ෂව සහ විරුද්ධව හිටිය කට්ටිය ගැනත් නියුට්‍රල් කට්ටිය ගැනත්.

කියන්න තරම් දෙයක් නෑ. විරුද්ධ උදවිය අපි එක්ක එහෙමකට තරහක් නෑ වගේම අපිට පක්ෂ උදවියගෙත් අමුතු සුජාතභාවයක් දකින්න ඕන නෑ. උදාහරණයක් විදියට මුස්ලිම් රටවල් වලට පුළුවන්ද අපේ මානව හිමිකම් ගැන විරුද්ධ වෙන්න?

ඉන්දියාව?

ඒ ගොල්ලට වෙලා තියෙන්නෙ අල්ලපුගෙදර කේස් නිසා තමන්ගෙ පවුල කඩාගන්නෙ නැතිව ඉන්නඑකයි.

ඉස්සරහට මොනව වේවිද? ලංකාවට ප්‍රශ්නයක් වෙයිද?

බම්බුව තමයි! මොකුත් වෙන්නෙ නෑ. ඔය යන විදියටම යයි. අපිට තමයි කෙලවුනේ.

ඒ කිව්වෙ? මොකුත් බලපෑමක් නැත්තං අපිට කෙලවෙනව කියන්නෙ?

මෙහෙමයිනේ....... අපි පොඩිකාලෙ තාත්ත අපිට ගහනව. එතකොට තාත්තත් ටිකක් තරහින් තමයි ඉන්නෙ. අපිත් තාත්තට හිතෙන් බනිනව. තාත්ත එක්ක තරහත් එනව. ඒත් තාත්තගෙන් ගුටිකෑම නිසා වාසියක් මිසක් අවාසියක් වෙන්නෙ නෑ අනාගතේ ගැන හිතුවම.

ඉතිං?

මේකත් ඒ වගේ කේස් එකක් තමයි. ආණ්ඩුවට තමයි වාසිය.

ඒ කියන්නෙ?

ඔහේට තේරෙන්නෙ නැද්ද දැං ජනාධිපතිතුමාට පුළුවන් විමල් සහොඇමතිතුමාගෙ කටේ යතුර කරකවන්න. එතකොට හෙළරුවන් සෙට්එකයි, අමරසේකර දොස්තර මහත්තයයි-නලින් සර් ඇතුළු සෙට් එකයි කොහොමටත් ඔටෝ ෆෝම් වෙනවනේ. ඉතිං අධිරාජ්‍යවාදීන් පතුරු ගහන්න තව අවුරුද්දක වරමක් මේ ලැබිල තියෙන්නෙ.
අනේ දෙයියනේ අපි ගැන බලාගන්නෙ කවුද!




47 comments:

  1. පොලිටිකල් හිනාව දාන්න මේ පින්තූරේ හොදා වගේ.. හික්.. මම මේ බැලුවේ උඹ මොකද පේන්න නැත්තේ කියලා.. දැං තමා තේරුනේ...

    ReplyDelete
  2. අපිත් නිකං අර්ෂස් අමාරු ගදාගන්නේ නැතුව. මේ විගඩම් බල බල ආතල් එකක් ගන්නයි තියෙන්නේ. පට්ට විදේශ ප්‍රතිපත්තිය...

    ReplyDelete
    Replies
    1. ඔව් බං. මේව බල බල ලොකුවට හිතන්න ඕන නෑ.

      Delete
  3. මුං එකතුවෙලා නිකං සල්ලි නාස්ති කරලා යෝජනා සම්මත කරගන්නවා විතරයි.... අපිට වැඩකුත් නෑ උන්ට වැඩකුත් නෑ. අඩුම ගානෙ ලංකාවේ වෙපන්ස් ඔෆ් මෑස් ඩිස්ට්‍රක්ශන් තියනවා කියලාවත් කිව්ව නම්..

    ReplyDelete
    Replies
    1. එහෙමවත් කියනවනං ආඩම්බර වෙන්න පුළුවන් :-)

      Delete
  4. ඒ වුනාට මේක නම් ලංකාව හම්බකරණය කිරීමේ කුමන්ත්‍රණයක්.
    නැත්නම් හම්බ රටවල් ටික මොකටද අපිට චන්දෙ දෙන්නේ.
    ඒ නිසා වීර සිංහල කොල්ලෝ කෙල්ලෝ මේවට අහුවෙන්න නාකයි.
    පුළුවන් තරම් නෝලිමිට් ෆැෂන් බග් වර්ජනය කරමු.ඒවාට යන උන්ට කුණු බිත්තර ගහමු..!!
    :D :D :D :D

    ReplyDelete
    Replies
    1. යෝජනාවට විරුද්ධ වෙච්ච මුස්ලිම් රටවලට එරෙහිව පෙළගැහෙන්න ඕන

      Delete
  5. ඇත්තමයි!! අපි මොකටද ඕවාට අපේ ඇගේ ලේ රත්කර ගන්නෙ. ඒ නිසා ඉන්න ටිකේ ඉදිමු සුදෝ ජොලිය දමාල.
    හැබැයි තව අවුරුදු තුනකින් එන වාර්ථාව හරියට හදමු.

    ReplyDelete
    Replies
    1. දැන්ම පටන්ගත්තම හරි.

      Delete
  6. මට පෙන්නේ UN කාරයොත් ඔය රස්සාවේ කොටසක් හින්දා ඕවා සම්මත කරනවා වෙන්නැති. ඊට පස්සේ පඩිය හම්බවෙනවනේ. අපෙත් ඔය සම්මත කර ගන්න ඒවා එහෙමම කරන්න ගියානම් කොහොමද?

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන විදියට නියම ම අර්ථ දැක්වීම තමයි ඕක. "රස්සාව"

      Delete
  7. ඇමෙරිකාවය, යුරෝපා සංගමයයි ඇරුනම ඉන්දියාව හා දකුණු කොරියාව විතරයි ලංකාවට විරුද්ධව ජන්දේ දුන්නේ...පැරදුනයි කියලා කවුරු හරි හිතේ අමාරුවෙන් ඉන්නවා නම් මෙහෙම හිතලා හිත හදා ගන්න එකයි තියෙන්නේ..

    මේක ඇවිල්ලා රගපෑමක්...ඇමෙරිකාව ඉරාකයයි අෆ්ගනිස්ථාන් වලයි වෙන දේ වහ ගන්න ලංකාවයි, සිරියාවයි දකුණු කොරියාවයි යන රටවලට විරුද්ධව යෝජනා ගේනවා...ඉන්දියාව තමිල්නාඩුව ශේප් එකේ තියා ගන්න ලෝකෙට පෙන්න චන්දේ දීලා..ඒත් යෝජනාවේ සැර බාල කලා හැංගිලා ඉදගෙන....ලංකාවේ අයත් කොහොමත් පරදිනවා කියලා දන්න හින්දා ගේම ඉල්ලුවා...

    කොහොම උනත් අර ගෝමීන් දයාසිරි මහත්තයා කිව්ව එක හරි..එතුමා කිව්ව විදිහට අපි හරියට ගෙදර වැඩ ටික කලේ නෑ...හරියට පසුබිම සකස් කර ගෙන ගියෙ නැති හින්දා වැඩේ අල උනා..මං කියන්නේ නෑ දිනන්න තිබ්බා කියලා...ඒත් හොද සටනක් දෙන්න තිබ්බා...


    අර කථාවක් තියෙනවා යූ.එන් එකට ඇගිල්ල දික් කලොත් ඒගොල්ලො මුලු අතම අල්ලගෙන පල්ලමට ඇදගෙන යනවා කියලා....මට හිතෙන්නේ අපි ඒගොල්ලන්ට ඇගිල්ල දුන්නේ නෑ..ඒත් අපේ ඇගිල්ලේන් අල්ලන්න දීලා බලං හිටියා කියලා..ඉස්සරාට බලමු මේ ගොල්ලො අතිනුත් අල්ලලා පල්ලමට ඇදං යයිද කිය්ලා

    ReplyDelete
    Replies
    1. මම නං හිතන්නෙ මේව ලොකු පිපිරීමකට පස්සෙ ඇතිවන සුළු සුළු පිපිරීම් කියල. ලොකුම එක දැන් ඉවරයිනේ. මේවායෙන් ඇතිවන ප්‍රථිපලයක් නෑ.

      Delete
  8. අනේ මෙවුව ගැන අදහස් ලියනවට වඩා හොඳයි අපි කන්නඩිය ඉස්සරහට ගිහින් අපිටම කියාගන්නව. ඉස්සර අපි ගෙදර පාර්ලිමේන්තුවෙ ඔවුව කතා කල දෙන නවත්තල තියෙන්නෙ. නිකං මොකටෙයි ලේ ටික පුච්ච ගන්නෙ.

    ReplyDelete
  9. අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ?

    ReplyDelete
  10. ජිනීවා උන්ට බම්බු ගහන්න කියලා අපි බොමු?

    ReplyDelete
    Replies
    1. බොනව නං රා බොමු!
      http://csklanka.blogspot.com/2013/03/blog-post_16.html
      http://maathalan.blogspot.com/2013/03/toddy-lovers.html

      Delete
    2. රා බොමු ද?
      http://kathandara.blogspot.com/2011/04/blog-post.html

      හැබැයි පුතෝ මටාටා ටිටා!

      Delete
  11. වැවිලි කර්මාන්ත ඇමති ගිහින් මානව හිමිකම් ගැන දේශනා කරද්දී විදේශ ඇමතිගෙ ඇඩ්‍රසුත් නෑ. උන්දැ උන්නද මලාද දන්නෙත් නෑ~! කොහොමද ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ආශ්චර්‍යය?

    ReplyDelete
  12. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  13. මේ ඔකොම නාට්‍යයක් බං. බලලා ආතල් එකේ ඉන්නයි තියෙන්නේ. ජය...!

    ReplyDelete
  14. තමිල්නාඩුවේ බලපැමට ඉන්දියාව විරුද්ධ වුනා කියල හිතුවාම හිතට හොඳයි . අද ලොකු තැනත් ඒකම කියල තිබුනේ . හැබැයි අපි චීනයට දෙන දීම ඉන්දියාවට දීල තිබුනා නම් කරුණානිධිය ඔහොම නෙමේ බිම පෙරලිලා කැගැහුවත් මොකුත් වෙන්නේ නෑ . එහෙම නම් පුතාගේ ගේ විතරක් නෙවෙයි , , නිධියගේ ගෙදරයි , උගේ දුවගේ ගෙදරයි ඔක්කොම රේඩ් කරල . එකෙක් දෙන්නෙක්ව උස්සගෙනත් යනවා ,මොකද ඕකුන්ගේ පවුලම ලෝක හොරු .

    ReplyDelete
    Replies
    1. තමිල්නාඩුවේ බලපැමට ඉන්දියාව විරුද්ධ වුනා කියල හිතුවාම හිතට හොඳයි//
      අනුර ප්‍රියදර්ශන යාපා කියල තිබුන ඉන්දියාෙව් විෙද්ශ ප්‍රතිපත්තිය ගැන‍. මාත් හිතන්ෙන රටක් විදියට ඉන්දියාවට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි තමිල්නාඩුව ෙකාච්චර කෑගැහුවත්.

      Delete
    2. ඉන්දියාවට හොඳ විදේශ ප්‍රතිපත්තියක් තියනවා ,මම ඒකයි කියන්නේ තමිල්නාඩුවට ලඝු කලාම අපිට හිත්ට හොඳ වුනාට ඇත්ත කථාව ඊට ලොකුයි කියල

      Delete
  15. කොහොමත් හෙට ඉදල ආණ්ඩුවෙ වාචාලාස්ල කතා කරන්නෙ නොදීපු චන්ද 8ත් එයාලට එකතු කරගෙන නිසා,ජනතාව හිතන්නෙ 4 න්නෙ මිස් උනේ කියල විතරයි.

    ReplyDelete
  16. අර "ආර්ථික ඝාතකයෝ" දෙන සල්ලි නොලැබී ගියාට මොකද, මේ දවස්වල ඇමෙරිකාවත් චීනයට ණය වෙද්දී ලංකාව ණය වුනාම මොකෑ!!!!!

    ReplyDelete
  17. අපිට චීනේ ඉන්නවනේ හුහ්!

    ReplyDelete
  18. සුබ අනා[ග]තයක් !!!

    ReplyDelete
    Replies
    1. ආ...නේ බං ඒක දැං වසංගතයක්.

      Delete
  19. මොකක් ගැනද බං මේ කතා කරන්නෙ, කවද වෙච්ච දෙයක්ද? මට මොකුත් මතක නෑනේ.

    ReplyDelete
  20. අවුරුද්දත් ළඟයි රාජ්.ලාබෙට අල ළූණු ටිකක් ගන්න
    තියෙන කාලේ..නිකන් ලෙඩ දාන්නැතුව හිටින් ...

    ReplyDelete
  21. අපොයි කාටවත්‍ම තේරිලා නෑනෙ, මෙතන තියෙන්නෙ ජිහාඩ් තලේබාන් කුමන්ත්‍රණයක්. ඇමරිකාව මේ යෝජනාව ගෙනෙන්නේ ලංකාව අරාබි රටවල් එක්කලා සම්බන්ධ කරන්නයි.
    බයවෙන්න දෙයක් නෑ අපේ සේනාවල් ඕවට ලෑස්තියි.

    ReplyDelete
  22. බොට, අපිට තේරෙන දේ බහුතරයට නොතේරෙන හැටි :(

    ReplyDelete
  23. //මේකත් ඒ වගේ කේස් එකක් තමයි. ආණ්ඩුවට තමයි වාසිය.//

    අරාබි රටවල්වලදී අපේ නංගිලට වෙන අකටයුතුකම් දිහා උනත් දැන් තව ටිකක් ඇහැකන් පියාගෙන ඉන්න වෙනවා.ඊලඟ පාරත් චන්දෙ ගන්න එපායෑ.

    ස්වාසිලන්තය කොහෙද හිටියෙ හැබෑටම??

    ReplyDelete
  24. ඒත් ලොකුම දෙයක් නැතත් පොඩි දෙයක් හරි අනාගතයේදී ඒවි..

    ReplyDelete
  25. India wa gena nam katha karala wedak nehe.

    ReplyDelete
  26. පට්ට මධ්‍යස්ථ විචාරේ මචෝ.
    ලොක්කට පුලුවනි ටික කාලයක් බඩු මිල වැඩි වෙන එක, ලයිට්බිල වැඩිවෙන එක මිනිස්සුන්ට අමතක කරවන්න මේ වැඩෙන් . . නියාමයි.

    ReplyDelete
  27. හිතන් ඉන්න විදිහටම මුකුත් නොවේවා කියලා අපි හිතමු ඉතින්..

    ReplyDelete
  28. මමත් කමෙන්ටුවක් දිගේ හොයා ගෙන ආවා මෙහාට...
    හයියූ පොලිටික්ස් කෙරුවාවල් නම්...කොහෙන් ගියත් වාසි ලොක්කන්ටම තමයි හැමදාම....

    ReplyDelete
  29. මෙලෝ රහක් නැති ජිනීවා... ඔකෙන් වැඩක් තියෙනවනම් මෙලෙහකට ඊශ්‍රායලය කියලා රටක් නැතිවෙන්න ඕන. අයියටත් විකසිත අනාගතයක් ඈ...

    ReplyDelete