Friday, March 8, 2013

යන්තර මන්තර හිනා කතා!

ලාංකිකයො කියන්නෙ යන්ත්‍ර-මන්ත්‍ර බලි තොවිල්ද කෙම් ද ජෝතිෂේද අරවද මේවද පාවිච්චි කරන ජාතියක්නේ. ඔය ඔක්කොම කරන්නෙ වැරදුනාම තමයි. ඒ ගැන පර්යේෂණ රිපෝට් එකක් එලියට දාන්න නෙවේ මේ හදන්නෙ, දන්න කියන සීන් දෙකතුනක් කියන්න.

ඒ කාලෙ මගේ යාළුවෙක් තමයි ජනක කියන්නෙ. ඒ කාලෙ කිව්වෙ මම 7-8 වසරෙ ඉන්න කාලෙ. ඔන්න ජනකට හැදුන ටිකක් උහුලගන්න අමාරු දත් කැක්කුමක්. ඔය වයසෙදි ඉතිං දතක් ගලවල දාන එකත් අපරාදයක්නේ. උංගෙ අම්ම ඌ එක්කරගෙන ගියා වයසක ගෑණු පරාණයක් ලඟට. මන්තර බලෙන් දතේ අමාරුව හොඳ කරගන්න. සීනි කිලෝවක් තේකොල පැකට් එකක් එහෙම අරගෙන ගියේ. ආගිය කතා වලින් පස්සෙ ගේ ඇතුලට ගිය මන්තරකාර ආච්චි වතුර වීදුරුවකට මතුරමින් එලියට ආව. තවත් ටිකක් වෙලා මතුරල වතුරඑක බොන්න කිව්ව. ලොකු වතුර වීදුරුවෙන් බාගයක් විතර බිව්වම වීදුරුව පතුලේ මොකද්දෝ යමක් තියනව උගෙ අම්ම දැක්කලු. අතට අරගෙන බැලුවම ආච්චිගෙ බොරු දත් දෙකක්ලු!
වරු තුනක් එන්න කිව්වත් මැතිරිල්ල එතනින් නැවතුනා. ‍අපේ තාත්තත් ඔය යන්ත්‍ර මන්ත්‍ර වැඩ දැනගෙන හිටිය ඒ කාලෙ. තාත්තට කියල තමයි ඉතිරි වරු දෙක ගොඩදාගත්තෙ.

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

මන්තර ගැන කිව්ව වගේ කෙම් කතාවක් මේ.
දැකල ඇති නේද ගෙදරට බල්ලො බලල්ලු කලවැද්දො වගේ සතුන් එනවට ගෙදර ඉස්සරහ නිල් වතුර බෝතල් දෙකක් තියන සීන්එක. සාමාන්‍යයෙන් ගේට්ටු කණු දෙක ලඟ තමයි මේක තියන්නෙ. ඒකෙන් අදහස් වෙන්නෙ ඒ මැද්දෙන් අදාල සතාට එන්න බෑ කියන එකයි.
මගේ යාළුවෙක් වෙච්ච ලකීගෙ තාත්ත එයාලගෙ ගෙදර ඉස්සරහ තියල තියනව නිල් වතුර බෝතලයක්. සාමාන්‍යයෙන් වතුර බෝතල් දෙකක් තිවුවත් ලකීගෙ තාත්ත එකයි තියල තියෙන්නෙ. අපි කට්ටියක් ලකීගෙ ගෙදර සෙට්වෙච්ච දවසක මේ ගැන වාදයක් ඇතිවුනා.

"ඕක තේරුමක් නෑ අංකල්, එක බෝතලයක් තිව්වට බල්ලො නවත්තන්න බෑ. දෙකක් තියෙන්න ඕන" එකෙක් කියපු කතාවට මං විරුද්ධ උනා.

"නෑ එකක් තියනඑක තමයි හරි"

"ඒ කොහොමද?"

"මෙහෙමයිනෙ, බෝතල දෙකක් තියනව කියන්නෙ ඒ අතරින් එන සත්තුන්ට කරන බාධාවක්නේ. ඒ නිසා උං ගේට්ටු වෙන් එන්නෙ නැති එක ඇත්ත. ඒත් උන්ට මේ වැටෙන් රිංගන්න බැරිකමක් නෑනේ"

"ඉතිං"

"බෝතල් දෙක අතර දුර ශූන්‍ය කරා ලඟා කලාම ඒකෙන් අදහස් වෙන්නෙ මුළු ඉඩම වටේටම ආරක්ෂාව තියනව කියල තමයි"(මේක තේරෙන්නෙ ගනංකාරයන්ට) මේ කතාව අහපු තාත්ත,

"හරි දැං ඔය කතාවම බල්ලො දන්නවද"

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

අපි කෙම් ක්‍රම ගැන කතාවෙච්ච දවසක රවි අයිය කියල දුන්න අපූරු කෙම් ක්‍රමයක්.
"මල්ලී කෙමක් තියනව ළමයි හම්බවෙන්නෙ නැති ගෑණුන්ට ළමයි ලැබෙන්න"

"ඒ මොකද්ද?" අපි ඇහුව.

"බූරු ඇඳක් හදල ඒක මිදුලෙ තියල ළමයි නැති ගෑණි රෑට ඒකෙ නිදිකලාම හරි. ගේට්ටුව ඇරල තියන්නත් ඕන, රෑට සද්ද බද්ද ඇහුනට දොර අරින්න ඔට්ටුත් නෑ. ඔහොම සතියක් දෙකක් ගියාම හරි"

☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻ ☺ ☻

මේක සත්‍යම කතාවක්. සම්බන්ධ වෙන්නෙත් ලේසිපාසු පුතෙක් නෙවේ. ඔය මාතලන්ලගෙ සෑමලගෙ පැත්තෙ පුවත් මවන ආන්දෝලනාත්මක දේශපාලන චරිතයක්.(නම කියන්නෙ නෑ, මුල් ගම අපේ ප්‍රාන්තෙ). මේ තැනැත්ත ඒ කාලෙ දේශපාලනය කලේ නෑ. මේ කියන්නෙ අසූ ගනංවල මුල, එහෙම නැත්තං හැත්ත ගනං වල අග.(කතාව කිව්ව මගේ සමීපතමයට කාලය හරියට මතක නෑ). මගේ සමීපතමය කිව්ව තැනැත්තගෙ ලොරියක මේ හාදය ගිහිං තියනව ටික දවසක්. ලොරිය යන්නෙ හම්බන්තොට එක්තරා ප්‍රදේශයක ඉඳල නැගෙනහිර පැත්තට. පොල්, පොල්අතු වගේ දේවල් තමයි ගෙනියන්නෙ. ඔයවගේ දවසක කතරගමදි තේ බොන්න ලොරිය නවත්තල තියනව. ලොරියේ ඩ්‍රයිවර් ටිකක් නාහෙට නාහන හාදය. ලොරියෙ ඉඳල තියනව ගෝලයෙකුත්. (ඒ කියන්නෙ ඔක්කොම 4දෙනෙක්). මේ වෙලාවෙ ඩ්‍රයිවර් මොකක්දෝ කේස් එකකට ගෝලයට ගැහුව. ගෝලය මේ සිද්ධිය රාලහාමිල දෙන්නෙකුට කිව්ව. රාලහාමිල කලේ ඩ්‍රයිවර් කුදලගෙන ගිහිල්ල කූඩු කල එකයි. දැන් ලොරියේ අයිතිකාර මගේ ඥාතියට තමයි අවුල. කෝකටත් කියල ගියා කතරගම පොලිසියට තනියම නෙවේ අර ආන්දෝලනාත්මක හාදයත් එක්ක. යනකොට ඕ.අයි.සී මහත්තය ක්වාටර්ස් එකට ගිහිල්ල. ඒකත් ඒ කිට්ටුවමලු තිබුනෙ. ඒ ගමන දෙන්න එක්ක ක්වාටස් එකට ගිහිල්ල. ඒ වෙලාවෙදි ඕඅයිසී මහත්තය කොහේදෝ යන්න හදනව නෝනත් එක්ක. නෝන අඬනව කම්මුල අල්ලගෙන. නරියෙකුගෙ කපටිකම තිබුන කතා නායකය වැඩේට එන්ටර් උනා,

"සර්, නෝනට මොකද?"

"නෑ අයිසෙ මේ දත් කැක්කුමක්"

"සර් බයවෙන්න එපා ගේන්න වතුර වීදුරුවක්" මෙහෙම කිව්ව කතා නායකය, වතුරඑක ගේන අතරෙ එතන තිබුන පැල පොල් ගහකින් ඉරටුවක් කඩල ගත්ත. වතුරඑක ලැබුනම ඉරටුව ඒක ඇතුලට දාල කරකවල මොනවදෝ මතුරල දුන්න ඕඅයිසී මහත්තයට.

"සර්, මැඩම්ට මේක බොන්න කියන්න කොහෙවත් යන්න ඕන නෑ ඔතනම හොඳ වෙනව"

කිව්ව වගේම වතුර වීදුරුව බිවුව නෝනට දත්අමාරුව හොඳවුනා. දැං මහත්තයට පුල් හැපී,

"තමුසෙලා මොකටද ආවෙ?"

"සර් අපේ ඩ්‍රයිවර්......."

ඕඅයිසී මහත්තය දුන්න කෝල් එකකින් නිදහස්වුන ඩ්‍රයිවර් මහත්තයත් එක්ක ආයෙත් ගමන පටන්ගත්ත.

"පුළුවන් තරම් ඉක්මනිං කතරගම පාස් කරල යමං" ගමන පටන්ගනිද්දිම කතා නායකය කිව්ව. හේතුව අහපු මගේ ඥාතියට ලැබුන උත්තරේ මේකයි,

"මම දන්න මන්තරයක් නෑ, ඔය ගෑණිට තව ඩිංගකින් තිබුනට වැඩිය අමාරුවෙනව. මේවගේ බොරුවකින් විනාඩි දෙකතුනකට නවත්තන්න පුළුවන්. ආපහු කූඩු කරන්න කලිං යමං"

ඕං ඕකයි කතාව. ඇත්තම කතාවක් වෙච්ච මේ සිද්ධිය විද්‍යාත්මකව බැලුවමත් ඇත්ත වෙන්න පුළුවන්. නාඳුනන කෙනෙක් වතුර මතුරල දුන්නම ලෙඩේ අඩුයි වගේ මානසික අල්ලසක් ලැබෙන්න පුළුවන්. ලෙඩේ ඩබල් වෙලා ආයෙත් හැදෙන එකත් සිකුරුයිනෙ. කතානායකය හිතාගන්න අමාරු වෙන එකක් නෑ............ ඔව් ඔව්..... එයා තමයි.☺

65 comments:

  1. නිල් වතුර බෝතල් දෙකක් තියන කතාව නම් ඇහුවමයි.

    හොඳටම හිනායන්නේ දරුවෝ නැති කාන්තාවෝ එලියේ බූරු ඇඳක නිදි කරන එක හී හී...

    බොරුවට උනත් ඔය කියන විදියේ දේවල් කලාම, තාවකාලික සහනයක් ලැබෙන එක ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මොනවා? දරුවෝ නැති කාන්තාව බූරු ඇඳේ නිදිකරවන එකෙන් තාවකාලික සහනයක් ලැබෙනවා කිව්වා?

      කාන්තා දිනේ ගුටි කන කතාවක්නෙ කිව්වේ!

      Delete
    2. අන්න ඩියුඩ් ට අහුවුනා ලෝ පොයින්ට් එකක්! තැන්කූ පොඩ්ඩි. අද දිනේ ගැන අමතකවුනා. ඊයේ මේක පබ්ලිෂ් කලේ. වෙලාවට තාම නං අවුලක් නෑ.

      Delete
  2. සිරා කතා සෙට් එක බොලේ... බූරු ඇදේ කතාව මරු...

    ReplyDelete
  3. රාජ් මේ නම් නියම පර්යේෂනයකට හොද මාතෘකාවක්.. කෙම් ක්‍රම හා එහි පිහිට..

    ReplyDelete
    Replies
    1. බූරු ඇ‍ෙඳේ කේස් එකත්?

      Delete
  4. ඔය බූරු ඇඳේ කතාව වගේ තමයි ළමයි නැති ගෑනු කට්ටිය දේවාලවල ගියාම කපුවො තිරේ අස්සට අරගෙන කරන වැඩෙත්.

    නියම කතා සෙට් එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒක තමයි කරන්නෙ.

      Delete
  5. ඉල ඇදුනා මචෝ හිනාවෙලා.. අර බූරු ඇඳේ කතාව පට්ට.. ඕක තව රහ කරලා ලියන්න තිබුනනේ... පට්ට පට පට.. ඒක පැත්තකින් තියාලා හොඳ ලෝයර් කෙනෙක් හොයාගනින්, අපේ රන්කඳට කින්ඩිය දැම්මට මම තොට නඩු ගන්නයි යන්නේ...

    ReplyDelete
    Replies
    1. චැ:! මේ කතාව ලියන්න හොඳ උඹයි අතිනුත් දාල.

      Delete
    2. //ඕක තව රහ කරලා ලියන්න තිබුනනේ..// ++

      මවන්න තිබුන මෙතනම. :)

      Delete
  6. මටත් හිනා ගියේ අර බූරු ඇඳේ සීන් එකට...හි හි හී

    ReplyDelete
    Replies
    1. හිනා වෙන්න දෙයක් නෑ හරිද! ;-)

      Delete
  7. එළ එළ
    ගෑනු කෙනාට ළමයි නැත්තං අල්ලපු ගෙදර පිරිමි කෙනාව එළියට දාලා බූරු ඇදේ නිදි කෙරෙව්වොත් හරියන්නේ නැද්ද දන්නෑ නේ. මොකද අපේ අල්ලපු ගෙදර අයට තවම ඔය ප්‍රශ්නේ තියනවා

    ReplyDelete
    Replies
    1. අද කාලෙ පිරිමියෙක් එලියෙ නිදියගැනීමත් භයානයකි.

      Delete
  8. ඔය වතුර බෝතල් සීන් එක මං අහලා තියෙන්නේ මේ විදියට...

    ඔය බෝතලෙන් මූණ පේනවානේ... ඒ කිව්වේ කණ්ණාඩිය වගේ.. ඉතිං සතෙක් ඕක ළඟට ඇවිලලා ඉව කරන්න ගියාම එයාට වඩා ලොකු සතෙක් එතන කැරකි කැරකි ඉන්නවා දැකලා බයට ඒ පැත්ත පලාතේ ඉන්නේ නැතුව යනවලු... ( අපේ ගෙයි දොර‌කොඩ තියෙන කණුව බල්ලන්ගෙන් බේරගන්න බැරුව මාස දෙකතුනක් ඔය විදියේ මෙගා බෝතල් තුනක් තියලා තමයි යන්තම් පේන්ට් එක ‌බේරගත්තේ... හි හි)

    ReplyDelete
  9. මරුනෙ රාජ්, මේ අන්තිම කතාවේ කතා නායකයා ගැන නම් මමත් දන්නවා. අපි අල්ලපු ප්‍රාන්තෙනෙ. ඔන්න දැන් මේ 70 - 77 යුගේ. කතානයකයා ඔටුන්න හිමි කුමරුගේ යට පලුව කාලෙ.

    මව් බිසවට කුමාරය ගැන බියක් තිබ්බ මුල ඉදලම. අපේ කතා නායකයා මව් බිසවට මාතර මංතරවල බලේ ගැන කියලා කුමාරයට යන්තරයක් දාගන්න ලෑස්ති කළා. දැන් ඔබ කිව් රියදුරාද මන්ද මාතරම දන්න රියදුරෙට කපුවෙක් වගේ අන්දලා, කුමාරයගේ මහගෙදර වෙච්ච අර කනු පහ තියන මන්දිරේට, කපුවව ගෙනාව. ගෙනල්ල කුමාරය ආතුරයා කරලා දවසම නිදි නැතුව තොවිලයක් කලාලු. හැබැයි කපුවා දන්න යකදුරුකමක් නැහැලු. ඇයි ඌ රියදුරානෙ.

    බිසවගේ දෙවණි දුව වෙච්ච කුමාරිටත් මෙයා ඒ කාලේ ගුරුකම් කළාලු. ඉස්සර නම් නුගේගොඩ අපේ කිට්ටුව ඉන්න හෙට්ටියෙක් වෙච්ච මහත්තයෙක් මේ කතා කියනවා. අපි එලිවෙනකම් අහන් ඉන්නවා. ඒ මහත්තයාත් කුමාරයගේ තව යට පලුවක් ඒ කාලේ. දැන් නම් මහ ගජ පෝසතෙක් නුගේගොඩම ඉන්න.

    ReplyDelete
    Replies
    1. ඔය බිසවගේ දෙවෙනි දුවට කළ "ගුරුකං" ගැන කට්ටඩියම මේ ළගදි දවසක කියලා තිබුණා....

      Delete
  10. //මානසික අල්ලසක්/// අළුත් වචනයක්...

    ReplyDelete
    Replies
    1. මේක ටිකක් පරණ යෙදුමක්.

      Delete
  11. ඔය බෝතල් වැඩේ නම් සමහරවිට කෙමක් නොවෙන්න පුළුවන්. ඔය හිරුත් කියලා තියෙන්නෙ, හැබැයි හොද ප්‍රතිඵල ගන්න නම් බෝතලේට මුත්‍ර ස්වල්පයක් ඉහින්න ඕන. එතකොටයි බල්ල ඇවිත් ඒක ඉව කරන්නෙ, බෝතලෙන් "ලොකු සතා" පේන්නෙ එහෙම ඉව කරන කොටයි.

    ReplyDelete
    Replies
    1. මුළු කෙම් ක්‍රමයම ලොකු සතාගේ තියනවා.

      Delete
    2. ඔය ගමන බල්ලොන්ගේ මුත්‍රා එකතු කරන්න ගනියි.

      Delete
  12. ස්තුතියි රාජ් විනෝදය ටිකක් සැපයුවාට. බ්ලොග් ලෝකේ වලිම නේ තියෙන්නේ අද ටිකක් හිනා වුණා.

    ReplyDelete
  13. අඩේ බූරු ඇඳ සති දෙකක් අල්ලල හිටීද?

    අපේ ආච්චිටත් දොස්තර ලඟට ගිහින් කතා කරලා ආවෙ නැත්තං ලේසියෙන් ලෙඩ හොඳ වෙන්නෙ නෑ... දොස්තර කිව්වොත් දැන් කිසි ලෙඩක් නෑ කියලා කිරිල්ලි වගේ ගෙදර එන්නේ. ඕක අපි කිව්වට හරි යන්නෙ නෑ, අයි ඉතිං අපි දොස්තරලද?

    ReplyDelete
  14. අනේ බං රාජ් මල්ලියේ, බුරන බල්ලා හපා නොකයි කියලා පුරාණෙ ඉරිසින්නාන්නෙලා කිව්වට ඔය පොත බල්ලා කියවලා නැතිනම් සොරි නේද කියලා මටත් අනන්ත හිතිලා තියෙනවා.

    ඒ විතරක් නෙවෙයි මට්‍ටු වෙලත් තියෙනවා. :D

    ReplyDelete
  15. පෝස්ට් එකේ "සෑමලගෙ" කියන තැන ලින්කුව වැරදිලා.

    මෙහෙත් ඔය බෝතල් සීන් එක තිබුනා. දැන් නම් අඩුයි. බූරු ඇඳේ කතාව පට්ට.
    අපේ එකෙකුත් දවසක් මනුස්සයෙකුට බඩේ කැක්කුමට මතුරලා දුන්නා. පස්සේ ඒ පොර ඇවිත් කියනවලු, "බඩේ කැක්කුම ඒකෙන්ම අඩු වුනා මහත්තයෝ" කියල. අරූ දන්නා මන්තරයක් නෑ. ඌ කලේ ගේ ඇතුලට ගිහින් බුලත් කොලයක් ගෙනත් දීපු එක විතරයි.

    ReplyDelete
  16. යකෝ අර බූරු ඇඳේ වැඩේ නම් මරුනෙ,අත්දුටුවයි සත්තයිද රාජ්

    ReplyDelete
    Replies
    1. චීයා මොකක්ද ඒ කතාව....:-D

      Delete
  17. මිත්‍යාව පසුපස යාමත් නවත්තන්න බැරි රෝගයක් රාජ්. මම සාමාන්‍යයෙන් නක්ෂත්‍රය හොඳින් දන්න කෙනෙකුගෙන් සුබ නැකතක් බලා වැඩ කිරීමට ගරහන්නේ නැහැ. නමුත් මේ යන්තර මන්තර කෙලිය ඇත්තටම මිනිස්සුන්ට හැදිලා තියන මානසික රෝගයක් වගේ. මේ මෑතකදී මගේ බිරිඳ මාව අකමැත්තෙන් ඇදගෙන ගියා අපේ පළාතේ සුප්‍රසිද්ධ පන්සලකට. එතන ඉන්න හාමුදුරුවෝ සියලු නක්ෂත්‍ර කටයුතු සහ සෙත් ශාන්ති කරවාලු. ගිහින් බලනකොට පන්සල ඇතුලේ මහා දේවාලයක්. බුදු පිළිමයට දෙපැත්තෙන් පත්තිනි, විෂ්ණු කතරගම පත්තිනි දේව රූප. හාමුදුරුවෝ සිවුර පිටින්ම 'පස්වාන් දහසකට බුදුවන්ඩ.......' ආදී වශයෙන් දෙයියන්ට යාතිකා කරනවා. එක අතකින් ගෑණුන්ගේ ඔලුව අල්ලාගෙන, (මම දැක්කේ ඔලුව අල්ලනවා විතරයි නිල්පාට තිරය අස්සෙන් අත එලියට දාලා)අනික් අතින් ඔලුව උඩ තියලා දෙහි කපනවා. උපසපන් භික්ෂුවකට එසේ කපුවකු මෙන් යාතිකා කළහැකිද කියලා මම අපේ පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් ඇහුවා. අනේ මහත්තයා මොකටද ඔය කපුවා ලඟට ගියේ ඒ භික්ෂුවක් නෙවේ පාරාජිකාවූ චීවර ධාරියකු පමණයි කියලා හාමුදුරුවෝ කිව්වා. ඒ වගේම බෝධි පූජාවකට කියලා මාව එක්ක ගියා තවත් පන්සලකට. එතන බෝධිපූජාවට පෙර අර වගේම විෂ්ණු කතරගම පත්තිනි ඇදහිල්ල කරන්නේ. අර වගේම බුළු පිළිමය හින්දු දේවරූප එක්ක එකට තියලා. ඒ හාමුදුරුවෝ කටවහ අතින් බොහොම සැරයිලු. හොඳ හෝ නරක කිව්වොත් කෙරෙනවාමලු. මම ගිය දවසේ ප්‍රමාදවී පැමිණි 'බැතිමතුන්' පිරිසකට ආශිර්වාද කලේ 'නොදකින් කාලකන්නි හැත්ත එනවා මාවම මරන් කන්න' කියලා. මේ හාමුදුරු කෙනෙක්ද පේව්මන්ට් කාරයෙක්ද කියලා මට හිතුනා. කුඩා කල සිටම මා උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා සෑහෙන පිරිසක් ආශ්‍රය කර තිබෙනවා. උන්වහන්සේලාට බුදු බව අත්වෙන්න බෞද්ධ දර්ශනයේ නිවැරදි පැත්ත ගැන මට සතුටුදායක අවබෝධයක් තිබෙනවා.

    බල්ලන්ට වතුර බෝතල් තැබීම අපේ පැත්තේ තිබිල අතුරුදහන් වුනා. ඒ දවස්වල එහෙම කරන බොහෝ දෙනෙකුගෙන් මම ඇහුවා ඔබේ ගෙදර 'රැලේ වැටීමට සූදානම්' බැල්ලියක් ඉන්නවානම්, ඔබේ ගෙදර වටා ශක්තිමත් වැටක් නැත්නම් දඩාවතේ යන බල්ලෝ ඔබේ ගෙදරට පැමිණ බැල්ලිය සමග අදාළ කාර්යයේ යෙදී ඔබේ මිදුලේද කැත කර නොයන බවට ඇති සහතිකය කුමක්ද කියා. සමහරු මා සමග තරහ වුනා.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  18. හැකැස්... ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  19. කතා ටික නම් මරේ මරු... බූරු ඇදක නිදි කරවල සද්ද ඇහුනත් බලන්න එපා එක තමයි මරු....

    ReplyDelete
  20. අද රෑට පොඩි රව්මක් දාල බලන්න ඕන කව්ද බූරු ඇඳවල් වල නිදාගෙන ඉන්නෙ කියල

    ReplyDelete
  21. හැමදාම වගෙ සුපිරි කතා ටික....

    ReplyDelete
  22. ලමයි හම්බ වෙන්නේ නැති ගෑනුන්ට කරන කෙම ගැන නම් ප්‍රචාරය කරන්න වටිනවා :)

    ReplyDelete
  23. කතා කිහිපයම මාරු මචං.

    එත් මේ ගුරුකම් ඇමරිකාවෙත් එංගලන්තේ ත්.ඒ ඒ රටවලට ආවේනික ක්‍රම මගින් කරගෙන යනවා. නමුත් ප්‍රසිද්ද නැහැ.

    ReplyDelete
  24. ඕව නැති කරන්න බෑ රාජ්. කොච්චර කිව්වත් මිනිස්සු තාවකාලිකව හරි මානසික සුවයක් ලබන්න කියල ඔය වගේ රැවටිලිකාරයොන්ට අහුවෙනව. වෛද්‍යවරු හොඳකරන්න බෑ කියපු අසරණ ලෙඩ්ඩු අරන් දුර බැහැර ගෙවාගෙන දාස් ගණන් වියදම් කරගෙන මිනිස්සු හොර රටේ වෙද්දු ළඟට යන්නෙ අනන්තවත්. ඒවයින් වෙන්නෙ ඒ මිනිස්සු උන්නටත් වඩා අසීරු අඩියකට වැටෙන එක අන්තිමට. ඔය වගේ විකාර නැති කරන්න උත්සාහයක් ගන්නව වෙනුවට දැන් ජාතික කියන පත්තර මේ වගේ මිත්‍යාවන් පතුරවන්න තමයි තැන දෙන්නෙ. ඉරිදා පත්තර ටිකක් අරන් බලන්නකෝ. මුන් මොනවද මේ ලියන්නෙ කියල හිතෙනව වෙලාවකට.

    අර කියපු දේශපාලන චරිතෙ නම් දැනුත් කරන්නෙ ඔහොම වැඩ තමයි. ගොන් මෝලෙක්.

    ReplyDelete
  25. හිකිස්..නියම කතා ටික.. අර බූරු ඇදේ කතාව කියවද්දි මතක් උණෙ.. මම දැක්කා කොහෙද මන්දා තියෙනවා ඉන්දියාවේ ළමයින් නැති කාන්තාවන්ට ලමයි ලබා දීමේ හැකියාව තිබූ සුප්‍රසිද්ධ යෝගියකු ගැන තිබූ ලිපියක්. ඒකෙ තිබුණා ඒ ක්‍රමය සාර්ථක වූ නිසා ඉන්දියාව පුරාම ඔහුගේ අවජාතක ලමයින් ඉන්න බව... :D

    ReplyDelete
  26. "හරි දැං ඔය කතාවම බල්ලො දන්නවද"

    බෝතල් සීන් එක මමත් ළගදි ක්‍රියාත්මක කලා. පහුවදා බෝතලේ පෙරලලා එතනම වැඩෙ කොරල ගිහිං. උඹ මේ කතාව කලිං ලිව්වනම් බල්ලන්ට ලොජික් එක කියල දෙන්න තිබ්බා. මෙගා හරියන්නේ නෑ..මුන්ට ඕන ගල් බෝතල්.

    කතා නායකයා ඒ කියන්නේ එදා ඉදලම කතා මවන්නෙක්. වලව්වට දුවන කාලෙ කතායි සතොසෙ කතයි නම් එහෙන් මෙහෙන් අහල තියනවා. හැබැයි මේ කතාව තමා පට්ට...

    කාන්තා දිනේනෙ..බූරු ඇද ගැන අද කතා කරන්නෑ..හෙට කතා කරන්නම්. :-P

    ReplyDelete
  27. //"බෝතල් දෙක අතර දුර ශූන්‍ය කරා ලඟා කලාම ඒකෙන් අදහස් වෙන්නෙ මුළු ඉඩම වටේටම ආරක්ෂාව තියනව කියල තමයි"(මේක තේරෙන්නෙ ගනංකාරයන්ට) මේ කතාව අහපු තාත්ත,

    "හරි දැං ඔය කතාවම බල්ලො දන්නවද"//

    හිහිහී.. මේකත් හරියට ඌරන්ට ඇතුල්වීම තහනම් කියලා වෙනත් රටක සිංහලෙන් ලිව්වා වගේ.. :D :D
    කතා ටිකනම් නියමයි..!

    ReplyDelete
    Replies
    1. වෙනත් රටක කොහොම වුනත් ලංකාවේ ඌරොත් සිංහල දන්නවායේ?

      Delete
  28. බූරු ඇදේ කතාව නම් පට්ට

    ReplyDelete
  29. බූරු අදේ තියරිය ඩොකාලත් කරනව නේද බං? ;)

    ඒ කියන්නෙ අර බුවා රාජ්ගෙ ෆිට් එකක්ද ?
    පිස්සු හැදෙනවා ඕයි..

    ජය !

    ReplyDelete
  30. ඔය බූරු ඇඳන් කතාව කියවද්දී මට මතක්වුනේ අපේ වෙදමහත්තයා කිව්ව සරම් කතාවයි දියරෙදි කතාවයි. :) මොනවා වුනත් නියම කතා ටිකක් රාජ්.

    ReplyDelete
  31. "හරි දැං ඔය කතාවම බල්ලො දන්නවද"

    ++++++++++++++++++++++++++++++
    patta...

    ReplyDelete
  32. "හරි දැං ඔය කතාවම බල්ලො දන්නවද"
    හික්ස්.... මට නම් වැඩිපුරම හිනා ගියේ ඔන්න ඔය කතාවට....
    මරු කතා ටික රාජ් අයියේ.....

    ReplyDelete
  33. සමහර ලෙඩ්ඩුන්ට ග්‍රයිප් වෝටර් දුන්නම හොඳ වෙන්නෙ නැති බඩේ අමාරුවම තව පැනි බිංදුවක් දාලා පාට වෙනස් කරලා දුන්නම සුටුස් ගාල හොද වෙනවා! සයිකොලොජි! :)

    ReplyDelete
  34. පට්ට කතා ටික. හැබැයි මන්තර බොරුමත් නෙවෙයි

    ReplyDelete
  35. කෙම් ක්‍රම කියන්නේ නම් මානසිකව ලෙඩ හොඳ කරන ක්‍රමයක් නේද?

    මන්තර ගැන නම් වැඩි අවබෝධයක් නෑ.ඒත් අපේ අත්තප්පා සර්ප වෙදකම කළා.අපිටත් මන්ත්‍ර කීපයක් කියලා දීලා තිබ්බා සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්න. දැන් නම් මතක නෑ.තව සර්ප වෙදකමේදී භාවිතා කරන මන්ත්‍ර හුඟාක් තිබ්බ පුස්කොලපොත් වගයකුත් තිබ්බා. ඒවට වෙච්ච දෙයකුත් නෑ. අපේ අත්තප්පාත් ජීවතුන් අතර නෑ. හිටියනම් ඉගෙන ගන්න තිබුණා කියලා හිතෙනවා.

    ReplyDelete
  36. හප්පොච්චි තාත්තේ,,මෙව්වනේ බොලව් මන්තර කියන්නේ..

    ReplyDelete
  37. ඇත්තටම රාජ් ඔය කියපු උත්තමය කවුද? මම මේ මොලේ ගෙවෙනකම් කලපනා කරනවා.

    කෙම් ක්‍රමවල ඇත්තක් ඇත්තෙම නැද්ද?. මම නම් හරියටටම ඒ ගැන කියන්න දන්නේ නෑ. ඒත් අපේ රටේ විතරක් නෙමෙයි අපි ඉන්න මේ යුරෝපා රටවල මිනිස්සුත් මේ කෙම්ක්‍රම සමහරක් විශ්වාස කරනවා. මෙයාලා අතර තියෙන ජන්ප්‍රිය කතාවක් තමයි ගෙදරට තමන් අකමැති කෙනෙක් ඇවිත් යන්නේ නැත්නම් එයාට නොපෙනෙන්න ගේ අතුගාන කොස්ස අනික් පැත්ත හරවලා තියන්න කියලා. එතකොට ඒ කෙනා ඉක්මනින් යනවලු.
    ඔන්න රාජ් කරලා බලන්න. :D

    ReplyDelete
    Replies
    1. උත්තමය = විභීෂණ දේව අඩවියේ හිටපු යුව රජ

      Delete
  38. නියම බුරු ඇදක් බොල..හෙහ්.. ආයේ කතා දෙකක් නෑ ඔක්කොම සිරා.. ඇත්තටම බං නිල් බෝතල් වලට බල්ලො එන්නැත්තේ මේවා උං කියවනවද මන්දා

    ReplyDelete
  39. අපරාදෙ ඔය මනුස්සයව ඇරිය නම් අර එච් ආර් සී එකේ හබේ බේරන්න මිනිහා බේරාගෙන එනවානෙ..

    ReplyDelete
  40. ඔය බූරු ඇදේ සීන් එක වගේ එකක් තමයි දැන් කාලෙ මද සරු භාවයට බේත් කරන බහුතරයක් හොර වෙද්දු අනුගමනය කරන්නෙ....

    ReplyDelete
  41. ඊයා අර වතුර වීදුරුව...!! පොඩි එකා බීලත් නේද බාගයක්... උන්දැගෙ මන්තර ජප කිරිල්ලෙ සැරටම වෙන්නැති දත් සැට් එකත් වතුර වීදුරුවට වැටෙන්න ඇත්තෙ...
    මං නම් ඔය නිල් වතුර බෝතල් කෙම කලින් අහල තිබ්බෙ නෑ... හැබෑටම කොයි බල්ලද දන්නෙ දැන් ඔය කතාව...? :D
    හයියෝ සංසාරෙ... අරක දරුවො හම්බුවෙන්න නම් මරු කෙම... හිනාවෙලා පණ ගියා ඒක කියවල...
    අන්තිම කතාවෙ කට්ටිය නම් කතරගම පාස් කරනකම් ඇඟේ ලේ නැතිව ඉන්න ඇත්තෙ... හික්ස්...

    ReplyDelete
  42. නිල් වතුර බෝතලයක් ඕනේද? මන් නම් දැකලා තියෙන්නේ සාමාන්ය මෙගා බෝතල් වලට වතුර දාලා තියෙනවා. හැබැයි හැමෝම කියන්නේ ඒක හරියනවා කියලා.

    මන් කොහේ හරි දැක්කා සත්තු වතුර පාරක් ජරා වෙන විදිහට ජරා කරන්නේ නැහැ ඒක නිසා උන් වතුර තියෙන තැනක් අහල පහලවත් ජරා කරන්නේ නැහැ ඒක නිසයි ඔය වතුර බෝතල් තියෙන තැන් වල ජරා කරන්නේ නැත්තේ කියලා. ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ

    ReplyDelete
  43. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  44. මම ඒත් කල්පනා කලා වැඩේට මොකද බූරු ඇඳක්ම කියල.....D.

    ReplyDelete
  45. අපේ තාත්තා එහෙම ඇහුව ද බං..?මේ කතාව කෙසේ වෙතත් තොපි මං නැති දවස් වලට අපේ ගෙදර ගිහින් තාත්තා එක්ක සෙට් වෙන එක නම් අනුමත කරන්න බෑ.හිතපං ඒ වගේ දවසක මම ගෙදර හිටියොත් කොයි තරම් අසරණ වෙනව ද කියලා...

    ReplyDelete
  46. නියම කතා සෙට් එක මචෝ

    ReplyDelete