Wednesday, March 27, 2013

කතා තුනක කතාවක්.

පහුගිය දවසක අපේ පැත්තෙ වෙච්ච සිද්ධියක් නිසා සති දෙකතුනක් පැරණි කතා දෙකතුනක් මතක් උනා.
එක
“ශීල නැන්ද” කියන්නෙ අපේ පැත්තෙ ඉන්න වයස හැටක විතර කෙනෙක්. [ශීල ඇන්ටි නෙවේ හරිය]. ඉඩකඩම් වතුපිටි මොකුත් නැති මෙයා ජීවත්වුනේ ගේ ඉස්සරහ දාගත්ත කඩකෑල්ලෙන් ලැබුන කීයක්හරි මුදලකටත් වඩා, මාසෙකට සීයට දහයෙ පොලියට සල්ලි දීමෙන්. කසාද බැඳපු මනුස්සයගෙනුත් පවුලට එච්චර සහයෝගයක් තිබුනෙ නෑ. ශීල නැන්දට හිටිය ටිකක් ඇහැට කණට පේන දෝනියැන්ද කෙනෙක්. තාම බැඳලත් නෑ. පහුගිය දවසක ශීල නැන්දගෙන් පොලියට සල්ලි අරගෙන ගෙවන්න ටිකක් හොර වෙච්ච ප්‍රියන්ත කියන හාදය කඩේට ආව. ටිකක් අමාරුකාරයෙක් වෙච්ච මේ හාදය ආවෙත් ටිකක් විතර සූර්පිට. දුවත් ඉඳපු මේ වෙලාවෙ ශීල නැන්ද ප්‍රියන්තයට ලෙඩේ ඇද්ද. මෑනුත් කටගහගෙන ගියා. අන්තිමට සිද්ධවුනේ වලිය ශේප් කරන්න මැද්දට පැන්න හේමසිරි අංකල්ටත් [මෙයා මාම නෙවේ!] දෙකක් නෙළල දාල කඩේ තිබුන ටොපි බෝතල් දෙකකුත් පොලවේ ගහල ප්‍රියන්තය ගිය එකයි.
ඊට පස්සෙ තමයි කේස්එක පටන් ගත්තෙ. අංකල්ගෙ කීම අහන්නෙත් නැතුව ශීල නැන්ද දැම්ම පොලීසියෙ පැමිණිල්ලක්. අංකල්ට ගහල ටොපි බෝතල් පොලවෙ ගැහුවට විතරක් නෙවේ, බීමතින් කඩේට ඇවිල්ල දුවගෙ හිරිඔතප් තියන තැනකිනුත් ඇල්ලුව කියල! අනේ ප්‍රියන්තයට වෙච්ච දේ ශෝක ජනකයි. අල්ලන්න ලොකු අත්තක් නැති ඌ, පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ල නොසෑහෙන්න ගැහුව. කේස් එක ගෙනියන්න ශීල නැන්ද අකමැතිවුන නිසා පස්සෙ අත්හැරිය. කොහොම උනත් චන්ඩිකමට නොසෑහෙන තරමට ගුටිකන්න උනා.

දෙක.
දෙවනි සිද්ධිය උනේ ටික කාලෙකට කලින්. මේ වගේ දේවල් හැම තැනම සිද්ධ වෙනව. සිංහල අවුරුද්දක් දවසක ගමේ හිටිය පියල් අයිය වලියක් දාගත්ත මද්දු මාමත් එක්ක. මෙතනදිත් දුර්වලය තමයි මද්දු මාම. මෑන් පියල් අයියට වැඩිය වයසයි. හැබැයි සල්ලි භාගෙ තියන මනුස්සය. ඒ මදිවට පොලීසියෙ මහත්තුරු එක්කත් සැට් වෙනව මාසෙකට විතර සැරයක්. සැට් වෙනව කියන්නෙ ඉතිං මද්දු මාම ගානෙ පොලිසිය බොනව. හරි දැං කතාව. කේස් එක හරියට මතක නැතත් මද්දුමාම පියල් අයියගෙන් පාරක් දෙකක් කෑව. වැදගත් විදියට ජීවත් උන මද්දු මාමගෙ ඇඟපතේ අමාරුවට වඩා වැඩිවුනේ හිතේ අමාරුව. මෑන් කෙලින්ම පොලිසියෙ පැමිණිල්ලක් දැම්ම, ‘පහරදීම සහ කරේ තිබුන පවුම් කීයක්ද වටින රන් දම්වැල කඩාගැනීම’ යටතේ. පියල්ට අත්උනෙත් ප්රි යන්තගෙ ඉරණමම තමයි.

තුන
පාසිකුඩා වැල්ලෙදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ පුතා නියෝජ්‍ය පොලිස්පති කෙනෙකුගෙ පුතෙකුට නෙළනව. යන යකා කොරහත් බිඳගෙන යන්නැහේ ගුටිකෑව පොලිස් පුතා කරන්නෙ 'අඩෝ මම අනාගත අගමැතිතුමාගෙ පුතා' කියල ඇමති පුතා තමුන්ට ගැහුව කියල කියන එකයි. ඉතිං ඇමතිතුමා පත්වෙච්ච අභාග්‍යසම්පන්න තත්වෙ පහුගිය දවස්වල අපි දැක්ක නෙව. අන්තිමට තමන්ට මරණ තර්ජන-කුමන්ත්‍රණ තියනව කියලත් බොරු කියන්න උනා උන්නැහේට.[කුමන්ත්‍රණයක් තිබුනනං ඒකෙ මූලිකය තමුන්ගෙ පුතා කියල තේරුම්ගන්න තරම් විචාර බුද්ධියක් එතුමාට තිබුනෙ නෑ නොවැ!] මේකෙ තියෙන්නෙත් උඩ කිව්ව කතා දෙකේ වගේම සිද්ධියක් තමයි.
මේ ලෝකෙ සියළුම දේවල් හැදිල තියෙන්නෙ හයිය ඇති එකාගෙ ආරක්ෂාවටයි කියල හිතුවට ඒක වැරදියි. තිත්තයටත් වාරයක් එනවමයි. පළමු කතාවෙදි ඇ‍ඟේ හයිය තිබුන ප්‍රියන්තයට පළදුන්න වගේම දෙවනි කතාවෙදි පියල්ට ඒක සිදුවුනා. තුන්වෙනි කතාවෙදි මෛත්‍රීපාල මහත්තයගෙ 'අගමැති හීනෙං' කෑල්ලක් කඩාගන්න පොලිස්පුතා සමත්වුනා.



ප.ලි. කාටහරි කියන්න පුළුවන්ද පෝස්ට් එකට පිංතූරයක් දානකොට ඒක 'වමට', 'දකුණට', 'මැදට' ගන්න විදිය? ඉස්සෙල්ල නං පින්තූරය අප්ලෝඩ් කරද්දි ඔප්ෂන් එකක් තිබුන මේකට. දැං නෑ!
ප.ප.ලි. වැඩේ හරි :-)

37 comments:

  1. අර වමට දකුනට දාන එක තාම තියනවා. මම දැනුත් දැම්මා. හැබැයි මම හිතන්නෙ වමට දකුනට දානවට වඩා මැද්දට දැම්මනම් හොඳයි කියලා (මම් කියුවෙ පින්තූරේ )

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මගේ ටෙම්ප්ලේට් එකේ අවුලක්ද කොහෙද! වමට දකුණට දාන එක මගේඑකේ නෑ.

      Delete
    2. Ethereal ටෙම්ප්ලේට් එකේ අවුලක් නෑ. පොස්ට් එකට ගිහින් insert Image ක්ලික් කරලා upload --> choose file පින්තුරේ උඩ කෙටුවම පින්තූරෙට කරන්න පුලුවන් හැමදේම පෙන්නනවා

      Delete
  2. ඕන් 35 ක් කඩාගෙන යන්නලු සැට් වෙන්නේ.. බලේ නැති වෙන කොට මොලේ එනවා කියලා කතාවකුත් තියෙනවනේ..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි එහෙනම් තව ලී ටිකක් හොයන්න වෙයි

      Delete
    2. මේ පාවාදෙන්නොත් එක්ක ! මම හිතන්නෙ ඕකට මුල්වෙච්ච කට්ටියගෙ තත්ත්වෙ ඉස්සරහට හරිම ශෝචනීය වෙයි. අර මංගල උන්නැහේට උනා වගේ.

      Delete
    3. ඕන් 35 ක් කඩාගෙන යන්නලු සැට් වෙන්නේ//
      ඇත්තමද? මම දැක්කෙ නං නෑ කොහේවත්...... ඒත් උඹ කියපු අනාවැකි හරිගියා නෙව.

      Delete
    4. මොකක්ද මොකක්ද බං ඒ කතාව,එහෙන් මෙහාටද මෙහෙන් එහාටද?

      Delete
    5. එහෙන් තව 35ක් මෙහාට ආවොත් ආය එහෙ ඉතුරැවක් නැති වෙයි මගෙ හිතෙ..

      Delete
  3. ඒක නෙවි බං, උඹට ‘මාර‘ සන්සන්දනාත්මක හැකියාවක් තියෙනවනේ. බොලේ අපිට ඔය වගේ කතාන්දර මතක් වෙන්නෙ නෑනේ.

    කොහොම උනත් කියන්න ඕන අර මුල් සිද්ධි දෙකේදි පොලිසිය වැඩකරල තියෙන්නෙ මැරයො වගේ. දැන් ඉස්සරට වඩා මම හිතන්නෙ ඔය තත්ත්වෙ ටිකක් අඩුවෙලා. නමගිය අපරාධකාරයෙක්ට ඇරෙන්න වෙනත් මනුස්සයෙක්ට අත උස්සන්න කලින් පොලිස්කාරයො ටිකක් හිතනව ඇති. මොකද දැන් සමාජය එදාට සාපේක්‍ෂව දැනුවත්, ඒ නිසා ඉස්සරට වඩා මිනිස්සු පොලිසියට විරුද්ධව මානව හිමිකම් නඩු යනව වගේම බොහෝවිට පොලිස් නිළධාරීන්ට පුද්ගලිකව ඒවට වන්දි ගෙවන්න වෙනව. ඒ මදිවට තමන්ගෙ පුද්ගලික ලිපිගොනුවත් කැත වෙනව. ඉන්න හැම එකාම උසස් වෙන්න බලන් ඉන්න නිසා ඒකත් අවුලක්නේ.

    ReplyDelete
    Replies
    1. ඒවගේ යහපත් ප්‍රවනතාත් තියනව තමයි.

      Delete
  4. අම්මපා ඔහොමත් කතා ලියනවද.... :D

    ReplyDelete
  5. පොලිස්ෂි කතානේ.... හයියෝ.....

    ReplyDelete
  6. ලංකාවේ පොලිස් කතා කොහොමත් හරිම රහයි...:D

    ReplyDelete
    Replies
    1. හිරු,Podi Kumarihami
      මේක පොලිසිය හිටියට පොලිස් කතාවක් නෙවේ. හිනා කතාවකුත් නෙවේ. පොදු සාධකය වෙන එකක්.

      Delete
  7. ශීල නැන්දගෙ දෝනියන්දැගෙ ලස්සන පෙනුන රාජ් මදැයි ඔයින් බේරුණා !!

    ReplyDelete
    Replies
    1. හපොයි මම ඕවට නෑ සරත් අයියේ.

      Delete
  8. පත්තරේ යන පොලිස් ලොග් එකෙත් පට්ට කතා යනවා. පොලිෂ් කතානේ හෙහ් හෙහ්

    ReplyDelete
  9. තුන්වෙනි කතාවේ ඇමති පුතා නැතිව අපි වගේ එකෙක් හිටියනම් කතාව වෙනස්. මමනං කියන්නේ ඔය තෝරු මෝරුන්ගේ කතා. ඒගොල්ලෝ කෙළගෙන ඇතිවෙන ඒවා අපි වගේ හාල්මැස්සන්ට මොකටද ?

    ReplyDelete
    Replies
    1. නෑ අන්න එතනයි වැරදුනේ. මෙතනදි අවශ්‍ය වෙන්නෙ ගැටුමට මැදිවන පාර්ශව දෙක අතරෙ තියන යම් නියත පරතරයක් විතරයි. මද්දු මාම සහ පියල් අතරත් ඇමති පුතා සහ පොලිස් පුතා අතරත් ඒ වෙනස තිබුන. වැරදිලා හරි ඇමති පුතා වෙනුවට හිටියෙ ගමේ සිරිසේනගෙ පුතෙක් උනානං ඒත් තත්වය ඒකම තමයි.

      Delete
  10. රාජ් අයියගෙ පෝස්ට් එකක් කියෙව්වෙ ගොඩ කාලෙකින්.

    එතකොට අයියෙ අර හමුදාවෙ බුද්ධි අංශෙ එක්කෙනෙකුට ඇමති පුතෙක් ගහපු වෙලාවෙ කොකාට චෑන්ස් නැතුව තිත්තය දින්නැයි

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙලාවල් තියනව තමයි. ඒත් දැන් බැලුවම දඬුවම ලැබිල තියනව පරක්කු වෙලා හරි.

      Delete
  11. අර ෆොටෝ එහෙට මෙහෙට කරන්න පුළුවන් ඔප්ෂන් එක තාම තියනවා. අයියගේ ටෙම්ප්ලේට් එක බැකප් එකක් අරන්. වෙන ටෙම්ප්ලේට් එකක් දාලා බලන්න

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ බං. පිංතූරෙ දාල 'සෙන්ටර්' දෙපැත්තෙන් කොටුකලාම හරිගියා. හිබැයි අර පිංතූරෙ සයිස්එක කුඩාද මධ්‍යමද ලොකුද කියන සීන්එක නං නෑ.

      Delete
  12. තිත්තයන්ට චාන්ස් ලැබෙන ඒවා ගැන ඩිංගක් ඇහුනත් දැනෙන්නෙ වැඩියෙන්ම සතුටක්!

    ReplyDelete
    Replies
    1. ඉඳලහිටල එහෙමත් වෙනව

      Delete
  13. කරපු ඒවාට වින්දවන්නත් එපැයි

    ReplyDelete
  14. කොල්ලට කතන්දර හිගයි වගේ..

    ප්‍රියන්ත - ප්‍රි = m`q

    ගහපං !

    ReplyDelete
    Replies
    1. ඒක දැක්කෙ දැං බං. කොටද්දි හරියට තිබුන ඔහොම ඉඳිං හදන්න.

      Delete
  15. එහෙම තමා වෙන්න ඕන. නැත්නම් තිත්තයෝ පව් නේ.

    ReplyDelete
  16. කොක්කුත් දිනයි , තිත්තයොත් දිනයි..

    ඔතොකොට හුරුල්ලෝ සාලයෝ ?

    ReplyDelete