Saturday, March 30, 2013

මේව දැකල පන පලයං ලබන පෙරේදා......!


හිරුනිකා පේමචන්දර පොඩි නෝනා
උසාවියට ඇඳගෙන ආ හැටි හරි නෑ
නඩු බලාපු හාමුදුරුවො කිව් පුවත අසා
කියවෙනවා මේවගෙ කයි පද අපට

එනසිය ගානක් අමනයො එකතු වෙලා
නීතියෙ ලොකු නෝන දූසනෙ කෙරුව රටේ
සිනිඳු සේල අස්සේ ඇති නාරිලතා
දැක්කට ක්ෂණික මෝචනෙ හොඳ නෑ අයියෝ!


මේකත් බලන්ට වටිනව,
හිරුණිකාගේ උසාවි ඇඳුම
-අරුණි ෂපිරෝ.

74 comments:

  1. ලංකාවේ නීතිඥයන්ට අවසර ඇත්තේ කළු සුදු පාට පමණක් ඇඳන් උසාවියට යන්න. දැන් හිරුනිකා ඔය විදියට සැරසී යන නිසා උසාවිය අනිවාර්යෙන්ම අප්‍රසාදය දක්වන බව දැන දැනත් ඇයි වටේට යන කාක්කො ටිකත් උසාවියේ අමනයන්ට විරුද්ධත්වය කියා පාන්නට පාට පාට ඇඳන් ගියෙ නැත්තෙ? :D

    ReplyDelete
    Replies
    1. නීතිඥයන් සිස්ටම්එක ඇතුලෙ ඉන්න උදවියනේ. මම කියන්නෙ ඔච්චර උත්තරීතර යයි කියන්න හදන තැන සිද්ධවෙන වැඩත් ඒ වගේමද?(ඇමරිකාවෙ හරි යුරෝපෙ හරි ගැන මට ප්‍රශ්නයක් නෑ මොකද ගරුත්වය ලැබෙන විදියට එයාල වැඩ කරනවනේ)

      ඔයාගෙ ලිපිය දැක්කෙ මේක ලියන අතරෙ. පේලියක් දෙකක් විතරයි ඒ වෙලාවෙ කියෙව්වෙ. මුළු ලිපියම කියෙව්වෙ මේ පෝස්ට් එකට පස්සෙ. :-)

      Delete
    2. /ලංකාවේ නීතිඥයන්ට අවසර ඇත්තේ කළු සුදු පාට පමණක් ඇඳන් උසාවියට යන්න. /

      1. හිරුණිකා නීති ශිෂ්‍යාවක් මිස නීතිඥවරියක නොවේ.
      2. ඇය නීතිඥවරියක් වුවද මෙම අවස්ථාවට සහභාගි වන්නේ විත්තිකාරිය ලෙසිනි.
      3. සිස්ටම් එක තුළ සිටින්නවුන්ට මිස ඉන් පිටත සිටින්නවුන්ට මේ සේ ඇඳගෙන පැමිණිය යුතුය නියමයක් නොවේ. එසේ නීතියක් නැති නිසා හිරුණිකා නීතියක් බිඳ නැත. ඇගේ ඇඳුමට නඩ්ඩා අකැමැති වීම ඔහුගේ පුද්ගලික ගැටළුවකි.

      Delete
    3. සමාවන්න. එසේ කියා ඇත්තේ නඩ්ඩකු නොව නැඩ්ඩියක බව දැන ගතිමි. එසේ නම් එහි පුදුමයක් නොවේ. ගැහැණුන් තේරුම් ගැනීම අසීරු ජාතියකි. ලෝකයටම 'ඒකීය පුද්ගලයාට නිදහස' දීම ගැන කතා කරන ඔවුහු හුදෙක් ඊර්ෂ්‍යාව මත වෙනත් ගැහැණුන්ට නිදහස ලැබීමට එරෙහි වෙති. ගෑනු ගති කියනවාක් මිස මෙහි මහා ලොකු දේශපාලනයක් නැත.

      Delete
    4. Ano
      මාත් කියන්නෙ ඒක තමයි. නීති ශිෂ්‍යාවක් කියල මතක් උනේ නං දැං. ඒත් වෙනසක් නෑ.
      2ට නං
      :)

      Delete
    5. ඇනෝ පටලවා ගෙන. මම කිව්වෙ හිරුනිකා නීතිඥයෙක් ද නීති ශිෂ්‍යාවක් ද කතාවක් නෙමෙයි. ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් සම්මත චාරිත්‍රය පිළිපදිනවා නම් ඇයට එසේ සම්මතය කරන්නට උපදෙස් නොදුන්නේ ඇයව විහින් අමාරුවේ දාන්නට ද යන්න ඇසීමටයි.

      උසාවියකට පිවිසෙන (නඩුවක් නරඹන්නෙක් ලෙසින් වුව ද) සෑම කෙනෙකුටම සම්මත ලෙසින් ඇඳගෙන ආ යුතු ඇඳුමක් නියම ය.

      ඒකීය පුද්ගලයාට නිදහස ලැබෙන්නේ සැවොම සම්මත නීතියට එකසේ ගෞරව කරන්නේ නම් පමණි. ගැහැණුන්ට කියා හෝ පිරිමින්ට කියා හෝ ලොකු ලොක්කන්ට කියා විශේෂ වරප්‍රසාද දීමෙන් නොවේ.

      Delete
    6. /උසාවියකට පිවිසෙන (නඩුවක් නරඹන්නෙක් ලෙසින් වුව ද) සෑම කෙනෙකුටම සම්මත ලෙසින් ඇඳගෙන ආ යුතු ඇඳුමක් නියම ය. /

      මා දන්නා තරමින් උසාවියට ඇඳිය යුතු සම්මත ඇඳුමක් නැත. (නීතිඥයින්ට නොවේ, අනෙකුන්ට) තියෙනවානම් ඒ ඇඳුම කුමක් දැයි කියන්න. එවිට හිරුණිකා ඒ ඇඳුමින් වෙනස් වූයේද නැද්ද අපට තීරණය කළ හැකිය.

      Delete
    7. ඇනෝ ඉන්නා රට කුමක් ද?!!!!!!!!!

      ඕනෑම රටක උසාවියකට හැඳගෙන යා යුතු වස්ත්‍ර පිළිවෙතක් ඇතැයි මා කියන්න විශ්වාස නොකළාට කම් නැත. එහෙත් කරුණාකර ඕනෑම රටක උසාවියකට යන්නේ නම්, නරඹන්නෙක් ලෙසින් වුවත්, රට අනුව (ඇමෙරිකාවේ නම් ප්‍රාන්තය අනුව) උසාවියට හැඳ යා යුතු වස්ත්‍ර ගැනත්, උසාවියේ හැසිරීම් පිළිවෙත ගැනත් මඳක් හෝ සොයා බලා යන්න යැයි ඔබගේ හිතසුවය පිණිසම දන්වා සිටිමි.

      Delete
    8. මා සොයා බැලුවා. සොයා ගන්න බැරි වූ නිසයි අහන්නේ. දන්නා තරමින් එවැනි නෛතික සම්මතයක් නැහැ. දැන් ඔබ මේ ගැන දන්නවා කියනවානේ. එනිසා ලංකාවේ උසාවියකට ඇඳිය යුතු සම්මත ඇඳුම කුමක්දැයි කියන්න. ඊට පසු අපට හිරුණිකා කළේ වරදක්ද නැද්ද වාද කළ හැකියි. එනිසා මුලින්ම අපව දැනුම්වත් කරන්නකෝ ඒ ගැන. (ඇමෙරිකාව ගැන නෙවෙයි ලංකාව ගැන) ඔබට එය කිව නොහැකි නම් ඔබද කාරණා නොදැන නිකං කටටා ආවාට දේවල් කියන කෙනෙක් හැටියටයි අපට සලකන්න වෙන්නේ.

      සමහර ගැහැණු නම් කොයිතරම් උගත් වුණත් ඉරිසියාවට මෙහෙම දේවල් කියනවා. ඒවා ගැහැණු ගති. නමුත් මේ ඇඳුම මොකක්දැයි හොඳටම දන්නා ඔබ නම් එහෙමය මට හිතෙන්නේ නැහැ. එනිසා එය කියන්නකෝ අගය නොකර.

      Delete
    9. ඇමෙරිකාවේ පවා නියත dress code එකක් තියෙන්නේ සිස්ටම් එක ඇතුළේ ඉන්නා විනිශ්චයකාරවරුන්ට හා නීතිඥයින්ට මිසක් අනෙකුන්ට නෙවෙයි. මෙන්න නිව් යෝර්ක් උසාවියකට ජූරි සභිකයෙක් හැඳිය යුතු ඇඳුම ගැන උපදෙස්. මෙතැන කිසිම නිශ්චිත ඇඳුමක් ගැන කියා නැහැ.

      Is there a dress code?

      While no formal dress code exists, jurors are requested to dress in a manner respectful to the Court. You will have to pass through a metal detector each time you enter the courthouse. Please leave excess metal and jewelry at home to speed your entry.

      http://www.nysd.uscourts.gov/jury_faq.php

      Delete
    10. කැලිෆෝනියාවේ නීතිය:

      Dress code should be business casual, but respectful of the court. Do not wear shorts, halter or tank tops, clothing that exposes the midriff, beachwear, sandals, or clothing with inappropriate graphics, logos or wordings.

      මිනෙසෝටාවේ නීතිය:

      Please dress appropriately for court. Shorts, hats, halter or tank tops and jeans with tears are not acceptable courtroom attire. The courtrooms can be quite cool, so dress accordingly.

      මේ කිසිම තැනක නිශ්චිත ඇඳුමක් ගැන කියා නැහැ. හිරුණිකා ඇන්ද ජාතියේ ඇඳුමක් අඳින්න බැහැ කියලාත් නැහැ.

      Delete
  2. අර මාත්තියත් පුක කියල හිරේ ගියේ..

    නිගමනය- නීතිය බලයට යටයි !

    ReplyDelete
  3. මට නම් පේන්නේ හිරුනිකා කියන්නේ නොම්මර එකේ නිළියක් කියලා... තාත්තගේ අවමඟුල වෙලාවේ සුදු සාරියක් ඇඳන් හැමෝගෙම අවධානය ගන්න ඳඟලපු එයා, උසාවියට පාට ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා පෙන්නන්න දඟලන්නේ එයාගේ මැරකම විතරයි... උසාවිය කියන්නේ ෆොමල් තැනක්... එතනට ෆුඩ් සිටියට යනවා වගේ ඇඳුම් ඇඳලා යන එක වැරදියි. ඒක කොයි රටෙත් එකයි... මම මේ ළඟදි විඩියෝ එකක් දැක්කා පිටරට උසාවියක නඩුකාරයා පොඩි දඬුවමක් දීලා නිදහස් කරලා ඇරිය කෙල්ලෙක්ට, එතනදි කියපු වැරදි වචනයක් නිසා සිර දඩුවමක් දක්වාම දඬුවම දීර්ඝ කරපු හැටි...

    දැනුත් ඉන්න උන් නීතිය අතට අරන් පිස්සු කෙලින එක එකක්.. ඒකට මෙයාලා දැන්මම තග් දාන්න ගත්තම මෙයාලා ඉස්සරහට මොනවා නොකරයිද...

    ReplyDelete
    Replies
    1. හිරුනිකා නිලියක්ද නැද්ද කියන කාරනා මෙතෙන්ට අදාල නැතුවා වගේම මේක හිරුනිකාට විතරක් තියන කේස් එකකුත් නොවේ. මගේ ප්‍රශ්නය ලංකාවෙ උසාවිය කියන්නෙ එච්චර ගරු කටයුතු තැනක්ද? සදාචාරයේ රාමුව තුල ඇඳුමක් ඇඳීමේ වැරැද්ද මොකද්ද?

      Delete
    2. ඇයි මළගෙයකට යද්දී සාදයකට ඇඳන් යන විදියට නොයන්නෙ?

      ඇයි වෙඩින් එකකට යද්දී මළගෙයකට ඇඳන් යන විදියට නොයන්නෙ?

      ඇයි උපාධිය ගන්න යද්දී කඩේ යන විදියට ඇඳන් නොයන්නෙ?

      ඇයි කඩේ යද්දී මංගල ඇඳුමින් සැරසී නොයන්නෙ?

      ඇයි හමුදා භටයෙක් යුද්ධයේ දී camouflage ඇඳුමින් ද නිල උත්සවයක දී ඊට නියමිත පදක්කම් පිරිච්ච ඇඳුමෙන් ද සැරසී යන්නෙ?

      උසාවියේ අද ඉන්නා අය නීතියට ගරු නොකරන නිසා රටේ සියල්ලන්ම නීතියට ගරු නොකළ යුතු ද?

      මෙච්චර අමාරු නම් මොකක් ද කියන්නෙ කියල පහදා ගන්න, එහෙම නම් හැමෝටම සුදුසු අර චීනයේ මා ඕං සේතු නියම කළ ගෑණු පිරිමි භේදයකින් තොරව හැම අවස්ථාවේ දී ම ඇන්ඳ වස්ත්‍ර තමයි!!!!!!!!!!!!!!

      Delete
    3. /ඇයි මළගෙයකට යද්දී සාදයකට ඇඳන් යන විදියට නොයන්නෙ?

      ඇයි වෙඩින් එකකට යද්දී මළගෙයකට ඇඳන් යන විදියට නොයන්නෙ?

      ඇයි උපාධිය ගන්න යද්දී කඩේ යන විදියට ඇඳන් නොයන්නෙ?

      ඇයි කඩේ යද්දී මංගල ඇඳුමින් සැරසී නොයන්නෙ?

      ඇයි හමුදා භටයෙක් යුද්ධයේ දී camouflage ඇඳුමින් ද නිල උත්සවයක දී ඊට නියමිත පදක්කම් පිරිච්ච ඇඳුමෙන් ද සැරසී යන්නෙ?/

      මේවා මිනිස් සමාජය ඇති කර ගත් සම්මත මිසක් නීතිමය දේවල් නෙවෙයි. මිනිස් සමාජයේ සම්මතයක් බින්දාය කියලා නීති විරෝධී වෙන්නේ නැහැ. අනෙක මිනිස් සමාජයේ සම්මත එක එක පුද්ගලයාට අනුව වෙනස්. සමහරු ඉන්නවා ඔය හැම තැනටම එකම ඇඳුම අඳින.

      Delete
    4. නීතිය බිහිවුනේ කොහොම ද කියා දන්නවා ද? සම්මතයෙන් තමයි නීතියත් බිහිවූයේ.

      මිනිස් සමාජයේ සම්මතයක් බින්දාය කියලා නීති විරෝධී වෙන අවස්ථා තියෙනවා. මෙය එවැනි අවස්ථාවක්. එය හිරුනිකා හෝ මෙහි සටහන් ලියන අපි සියල්ලන්ම ඉපදෙන්නට කළින් පැවත එන සම්ප්‍රදායක්, නීති විරෝධී බවත් ඊට දෙන දඬුවම කුමක් දැයි කියාත් තීරණය කරන බලය නඩුකාරයා අත තිබෙන බලයක් වීම. එය ලෝකයේ හැම උසාවියකම හැම නඩුකාරයෙක්ටම තිබෙන බලයක්.

      මම නම් දැකලා නැහැ සටන් බිමේ හෝ නිල උත්සවයක දී කිසිම හමුදාවක කෙනෙක් හංදියේ කඩේ යනවා වගේ තියා ඔඩෙල් එකට යනවා වගේ වත් ඇඳන් ගිහින් තියෙනවා!!!!!!!

      Delete
    5. /ඇයි මළගෙයකට යද්දී සාදයකට ඇඳන් යන විදියට නොයන්නෙ?
      ඇයි වෙඩින් එකකට යද්දී මළගෙයකට ඇඳන් යන විදියට නොයන්නෙ?/

      මළගෙයකට හෝ වෙඩින් එකකට තමුන්ට ඕන එකක්නේ අඳින්නෙ. ඒකට නිල ඇඳුමක් නැතුවා වගේම උසාවියටත් ඕන නෑ.

      Delete
    6. /මිනිස් සමාජයේ සම්මතයක් බින්දාය කියලා නීති විරෝධී වෙන අවස්ථා තියෙනවා. මෙය එවැනි අවස්ථාවක්./

      නැහැ මෙය එවැනි අවස්ථාවක් නෙවෙයි. හිරුණිකා බින්දේ මොන නීතියද කියනවාද කරුණාකර එම නීතිය සම්මත කර ගත් දිනය හා අංකය සමඟ.

      Delete
    7. /අපි සියල්ලන්ම ඉපදෙන්නට කළින් පැවත එන සම්ප්‍රදායක්, නීති විරෝධී බවත් ඊට දෙන දඬුවම කුමක් දැයි කියාත් තීරණය කරන බලය නඩුකාරයා අත තිබෙන බලයක් වීම./

      ඔයා කොයි ඉස්කෝලෙද ඉගෙන ගත්තෙ? ව්‍යවස්ථාදායකගේ හා අධිකරණයේ කාර්යභාරයන් හරියට උගන්නලා නැහැ වගේ ටීචර්ලා. නීති හදන්නේ ව්‍යවස්ථාදායකය. අධිකරණය කරන්නේ නීති ක්‍රියාත්මක කිරීම පමණයි. නැති නීතියක් තමන්ට ඕනෑ විදියට ගලපලා යමක් නීති විරෝධී (හෝ නීත්‍යානුකූල) කියන්න අධිකරණයට බැහැ.

      Delete
    8. රාජ්,

      මළ ගෙයකට හෝ වෙඩින් එකකට තමුන්ට ඕනෑ එකක් අඳින්න පුලුවන් සම්මතයේ රාමුව ඇතුලතයි. වෙඩින් එකකට සහ මළ ගෙයකට යද්දී උසාවියට යද්දී වගේම යන එන අයට නිල ඇඳුමක් නැතිවාට සම්මතයක් තියෙනවා. ඒ සම්මතයේ රාමුව ඇතුලත තමයි උසාවියටත් යන්න අවශ්‍ය.

      ඇනෝ,

      මම ගියෙ ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට, ඒ කාලේ මහාචාර්යවරු නම් හොඳට ඉගැන්නුවා. මේ කියන්නෙ නීතියක් නොව රීතියක් ගැනයි. සම්මතයක් තුලින් නීති රීති හැදෙන්නෙ. ඔව් නීති හදන්නෙ ව්‍යවස්ථාදායකය, ඒ නිසා හිරුනිකාට තියෙන සම්මතය වෙනස් කරගන්න ඕනෑ නම් මෙහෙම අධිකරණය එක්ක ඔට්ටු දාන එක නෙමෙයි. ඇය ගිහින් ව්‍යවස්ථාදායකයෙන් නීතියක් ගෙනැවිත් ඕනෑ ඇඳුමකින් සැරසී උසාවියට යා හැකියි කියා නීතියක් පනවා ගත යුතුයි.

      Delete
    9. කෝ ඉතින් තාම කිව්වෙ නැහැනෙ ලංකාවෙ උසාවි වලට නීතියෙන් සම්මත ඇඳුම මොකද්ද කියලා. කියන්නකෝ අපටත් දැන ගන්න, ඔය මහාචාර්යවරු ඔච්චර හොඳට ඉගැන්නුවා නම්. ඇයි ඔච්චර අහලාත් මේ සරල ප්‍රශ්නයට උත්තරයක් නැත්තේ?

      Delete
  4. රාජ්,
    ඔය විදියට අවවාද කරල තියෙන්නෙ නඩුකාර නෝන කෙනෙක් නේද?

    http://www.lankadeepa.lk/index.php/top_story/105140

    එතකොට මේ කෑල්ල ගැලපෙන්නෙ නෑ..!

    “සිනිඳු සේල අස්සේ ඇති නාරිලතා
    දැක්කට ක්ෂණික මෝචනෙ හොඳ නෑ අයියෝ!“

    :D

    ReplyDelete
    Replies
    1. සමහර විට මේක ලෙසබියන් කේස් එකක් වෙන්න බැරි නෑනේ මචං.

      Delete
    2. ඇනෝ,
      අවවාදය දුන්නෙ නෝන කෙනෙක් කියල දැනගෙන හිටිය.මේක ලිව්වෙ උසාවිය ගැන පොදුවේ මම දරන මතය කියන්න මිසක් "ඒ නෝන" ගැන විතරක් නෙවේ. ඇඳුම නිසා අපහසුතාවයට පත්වුන උදවිය ගැන මමදන්නව. සමහර දුප්පත් මිනිස්සු ඇප තියන්න උසාවි ගිහිල්ල ඇඳුම නිසා වැඩේ නොකෙරුන අවස්තා ගැන දන්නව. අන්න ඒකයි කියන්න ඕන උනේ.

      Delete
  5. ලංකාවේ එක තැනකදී හරි මෙහෙම සංවර කම කියලා දෙන එක හොදයි .

    ReplyDelete
    Replies
    1. මොකද්ද අසංවරකම?

      Delete
    2. අසංවරකමට වඩා පුළුවන් කාර කම ඉදිරියට ඇවිත්ද ? මන්දා

      Delete
  6. ලොකු නොනලත් අහුවීනම් මුදලකට යටින්
    පොඩි නෝනලා ගැන කියනු කුමකටද ඉතින්

    ReplyDelete
  7. කොහොමද උජාරුව .බැනුම් අහන එකෙත් ආතල් එකක් ඇති

    ReplyDelete
    Replies
    1. බැනුම් අහන එකාටනෙ පස්සෙ තැනක් හම්බ වෙන්නෙ

      Delete
  8. මට නම් ඇඳුමේ ප්‍රශ්නයක් නෑ. ඒත් එයා එදා වෙනම චරිතයක් රඟපෑවේ. මේ ආවේ එයා එයාගේ තාත්තගේ චරිතය රඟපාපු නඩුවට. තාත්තාගේ මිනීමැරුම් නඩුවට එන්නේ වෙන හිරුනිකා කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. මේ ආවේ තාත්තගේ නඩුවට නොවේ මාතලන් එයාට විරුද්ධව තියන වෙනත් නඩුවකට. බොරැල්ලේ ව්‍යපාරිකයෙක් බලෙන් ඉවත් කිරිමක් සම්බන්ධ නඩුවක් ඒක.

      Delete
    2. දැන් රඟපාන්නෙ කලින් රඟපාපු අහිංසක චරිතය නෙවෙයි,දුෂ්ට චරිතයක්.
      රාජ්ගෙ කවි ටික නං මරු,රංචාගොඩ ළමයට ඥාතිත්වයක්වත් ඇති.

      Delete
    3. නලීන්ට් තේරිලා නෑ මම කියපු දේ මම කිව්වෙත් ඒකමයි. "මේ ආවේ එයා එයාගේ තාත්තගෙ චරිතය රඟපාපු නඩුවට" කියලා කිව්වේ ඒකයි. භාරත් වීරයෙක් කරන්න හැදුවට භාරත කව්ද කියලා දන්න අය දන්නවා. භාරත කෙලින්ම කුඩු වලට සම්බන්ධ නැතත්, එයාගේ ගෝලයෝ ඔක්කෝම කළේ ඒක. දුමින්ද නිසා එයාට ඒ තැන හා මුදල් නැති උනා. ඒ ඇරෙන්න භාරත කළ දේ තමය් ඉඩම් බලෙන් ඇල්ලීම හා ව්‍යාපාරකයින්ගෙන් කප්පම් ගැනීම. ඉතින් දුව කරන්නෙත් ඒවම තමයි. මිනිස්සු හිතනවා එයා දිව්‍යාගනාවක් කියලා. එයා තාත්තගෙම දුව, කිසි වෙනසක් නෑ. ඒත් භාරත මරපු නඩුවට එනකොට එයා එන්නේ හරිම දුකෙන්, එතකොට එයා බබා. කොහොමත් කොළොන්නාවේ පාතාලේ එයාට කියන්නේ "බබා" කියලා. හැබයි මේ කෙල්ල, එකෙකුටවත් බය නැති බව නම් ඇත්ත. ඒ වෙන හේතුවක් නිසා නෙමෙයි , තාත්තගේ පාතාල සඟයෝ නිසා. කොළොන්නවේ උනේ භාරතට ඉස්සෙල්ලා දුමින්ද ඉස්සර වීම මිසක්. නරක විසින් හොඳ ඝාතනය කිරීමක් නම් නොවේ.. නලීන්ට දැන් තේරුනද දන්නේ නෑ.

      Delete
    4. මාතලන් හරි! මෙතන කේස්එක වෙනස්. ඒත් ඇඳුමෙ අවුලක් නෑ.

      Delete
    5. මාතලන් එක්ක එකඟයි. ඒත් ඒ දේවල් වල වත් මේ ඇඳුමෙ වත් සම්බන්ධයක් නෑ. හිරුණිකා පාවිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික නිදහස. එයාට හොඳ ගෑනියෙක් හරි නරක ගෑනියෙක් හරි විදියට පෙනී සිටීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා.

      Delete
  9. සාමාන්‍යයෙන් උසාවියට යනකොට පිරිමි අයගේ කමිසයේ බොත්තම් සියල්ල පියවා කමිස අත් දෙක දිගට දමා එහි බොත්තම් දමා ආදී වශයෙන් පිළිවලක් ඇතුව යන ලෙස එහි සිටින පොලිස් නිලධාරීන් අවවාද කරනවා. මට හිතෙන්නෙ මෙතනදි පොලිස් කාරයන්ට ඔය කියන ක්ෂණික මොකක්ද එක හැදෙන්න ඇති.
    (මොබයිල්මෑන්)

    ReplyDelete
    Replies
    1. පොලීසියත් අවවාද කරන්නෙ අපිටමනේ.
      මොකෝ හෙනහුරා වැහිල?

      Delete
  10. මම ලංකාවෙදි උසාවියක් ඇතුලට යන්න ගියාම ඔය ඇදුමේ ප්‍රශ්නේ ආවා. නඩු අහන්න ගිහින් නම් නෙමෙයි. මට හිනා ගියා සංවරකම ඇඳුමකින් මනින අය ගේට්ටුවේ ඉඳන්ම උසාවියේ.

    මේවා උසාවිය හෝ නීතිය හාශ්‍යයට ලක් කරන කතා විතරයි. කොහොමත් නීතිය කියලා එකක් අපේ රටේ තියෙන එකක්යැ.
    සුදු ඇඳලා ඉන්නේ හොරු විතරක් කියලායි මම හිතාගෙන හිටියේ.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි! ටක්කෙටම! මගේ අදහසත් ඕකයි.

      Delete
  11. ඉරිසියාවද දන්නේ නෑනේ! ;)

    ReplyDelete
  12. නීතිය බල්ලට ගිය රටක උසාවියට, හෙලුවෙන් ගියත් කමක් නැ කියලය් මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ මාත් කියන්නෙ.

      Delete
    2. yako anola patta talk denawane raj..
      ++++++++++++++++++++++++++++++++++

      Delete
  13. ඇඳගෙන ගිය ඇඳුමේ අසංවරකමක් පේන්නේ නම් නෑ. ඔය ඉන්නේ නිළියක් වගේ ලස්සනට. ඔක්කොම වහගෙන. ෆෝමල් නම් නෑ තමා. ජැකට් එකක් උඩින් දැම්ම නම් හරි.

    මට හිතෙන්නේ ඔය සමහරු කෑගහන්නේ ඊරිසියාවට ...:)

    ReplyDelete
    Replies
    1. නඩුකාර නෝනට ඊරිසියා හිතෙන්න ඇති.

      Delete
  14. රාජ්, මම තවත් බ්ලොග් එකක මේ ටිකම කිව්වා. ඒකම ආපහු කියන්නම්. ගමක ඉන්න වයසක ආච්චි කෙනෙක් උසාවි යන්නේ රෙද්ද හැට්ටේ ඇඳලා. උන්දැට තියෙන්නේ එච්චරනේ. එතකොට රෙද්ද සහ හැට්ටය අතර පරතරයෙන් උන්දගේ බඩ පෙනෙනවා. හැට්ටයට ගහගන්ද හැට්ට කටු අඩුයි නම් උන්දැගේ ලොට තැන දෙකෙන් පොඩ්ඩක් පෙනෙනවා. උන්දැටත් අවවාද කරනවද? අඟපසඟ අනවශ්‍ය ලෙස කැපී පෙනෙන ආකාරයේ ඇනුමක් නෙවෙයි නම්. ඇඟ අනවශ්‍ය ලෙස නිරාවරණය වී නැත්නම්, වෙන මොන .. . . ද? සමහර නීතීඥ නෝනලාගේ බුරිය හොඳට පෙනෙනවා උසාවිය ඇතුලෙදි ඒගොල්ලෝ ඇඳලා ඉන්න බුරි සාරි නිසා. ඒවා අනුමතද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක



    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස මම දැක්ක. බොහොම සිතුතියි. ඇත්තටම ඔයවගේ අවස්තාවක් උනොත් මොකද කරන්නෙ?

      Delete
  15. අපි ඔහොම ගියානම් ඉතින් අපහාස කිරීමේ වැරැද්දට හවස් වෙනකම් කූඩුවේ.

    ReplyDelete
    Replies
    1. එක දෙයක් කියන්න අමතක උණා. හිරුනිකා කියන්නේ නීතීඥ ශිෂ්‍යාවක් නේද? නොදැන කරන වරදට වඩා දැනන් කරන වරදට දඬුවම් වැඩි විය යුතු බවයි මගේ අදහස. ඒත් රටේ අදහස ලොකු එකා කරන ලොකු වැරැද්දට වඩා පොඩි එකා කරන පොඩි වැරැද්ද බලවත් කියන එකනම් ඉතින් මක් කරන්නද?

      Delete
    2. මුලින්ම නීතියේ වරදක් සේ දක්වා නැති දෙයක් වරදක් විය නොහැක. දෙවැන්න උස් මිටි කම් අනුව වරද අඩු වැඩි නොවේ.

      Delete
    3. එංගලන්තේ එහෙම උණත්.. ලංකාවෙ එහෙම වෙන්නේ නෑ......

      දුප්පත් මනුස්සයෙක් කූඩුවට දැම්මම දඩේ ගෙවන්න කැටේ කඩලා සල්ලි දුන්නම අපහාස කළා කියලා ආයෙත් හිරේට දාපු රටක්නේ මේක.
      සමස්තයක් හැටියට නීතිය හොඳයි සාධාරණයි. ඒත් උසාවියේදී ෆෝන් එක රින් වෙනකොට කුඋදුවට දානවනම්, චුයින්ගම් එකක් ටොපියක් කටේ දාන් ඉන්නකොට උසාවි කටයුතු ඉවර වෙනකං කූඩුවට දානවනම් උසාවියට යනකොට අඳින ඇඳුම ගැන සාමාන්‍ය පුරවැසියා හිටන් දන්නා එකේ නීතිය ගැන දන්න කෙනෙක්ම මෙහෙම ඇඳන් ගියාම ඒක සාධාරණද? නියපොත්තෙන් කඩන්න ඕනි එක කැඩුවේ නැත්නම් හෙට දවසෙදි කොහොම ඇඳන් යයිද කියලා කවුද දන්නෙ?

      Delete
    4. මගේ ප්‍රශ්නය මේ ඇඳුමෙ වැරැද්ද මොකද්ද කියන එකයි.

      Delete
  16. සමහර අවස්ථාවල නීතිය ක්‍රියාත්මක වෙන්නේ හොරට කියන එක තමයි හිතෙන්නේ.

    ReplyDelete
  17. කොච්චර උනත් දැන් අර අත්හැරෙන දීගේ සෙවනැල්ලත් ඇදයි වගේ තමයි, දැන් හැමෝටම හිරුණිකාව එපා වේගන යනවා, පිරිමියෙක් කොහොම උනත් ගෑණු දරුවෙක් මෙහෙම හැසිරෙන කොට දැනුන නොරිස්සුමෙන් වෙන්න ඇති ඔහොම දෙයක් කියන්න ඇත්තෙ, ඉරිසියාවත් නොතිබුනා කියන්න බෑ.

    ReplyDelete
  18. ඔය හුඟක් නීතීවේදීන් පහුගිය කාලෙ ඇඳුම් නැතුවම ඉඳල දැන් එනව අනුන්ගෙ ඇඳුම් ගැන කතා කරන්න.

    ReplyDelete
  19. නඩුකාරයාට හිතෙන එකනෙ අවසාන තීන්දුව අපි කොයිතරම් උඩ පැන්නත්. ඒ නිසා මේවා වෙනස් කළ නොහැක. ඒ නිසා සුපුරුදු ලෙස ම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න වෙනව!

    ReplyDelete
  20. කොහොමත් රාජ් මෙයා ඊළඟට මහ විසාල ඇණයක් වෙනවා..
    ඔන්න බලහන්කො...දුමින්දලා ඕනේ වෙන්නේ මේ වෙලාවට
    තමයි...මුන් මේ ඔක්කොම නහර කාරයෝ..උන්ගේම විදිහට
    කරගන්න දීල නෑහුනා වගේ ඉන්නයි ඕනේ...මොකද ඔතන
    එකෙක්වත් බබ්බු නැහැ..බබ්බු වෙන්න හැදුවට ..භාරත් කියන්නේ
    no 1 ______

    ReplyDelete
  21. දැන් මං මගේ ජොබ් එකට ගිහින් අවූරුදු තුනක්. ඉන්ක්‍රිමන්ට් සේරම ලැබුණා. ආයේ පඩි වැඩි වෙන්නේ ප්‍රමෝෂන් එකක් ලැබුණනොත් විතරයි.

    ෂාහ්, මේ වෙලාවේ මට ලොක්කගෙන් ලකුණු ටිකක් දාගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද?

    ReplyDelete
  22. මෙන්න මං උසාවි ගිය එකම දවස.

    බලන්න කොච්චර හොඳට ඇඳං ඉන්නවාද කියලා නිකං ජෙන්ට වගේ!

    http://2.bp.blogspot.com/-hJuSGVuQqNg/TgRkoMKz6eI/AAAAAAAAA_0/XRZGBdum-iA/s400/KKInLockUpCopy2.jpg

    පින්තුරය ඇන්දේ බුද්ධි ගේ විදෙස් සිත්තරා.

    ReplyDelete
  23. තමන්ගේ මානසික මට්ටමේ හැටියට තමා බං හැමදේම. හිරුණිකා එහෙම ඇන්දෙ එයාට හොඳ නිසා... නඩුකාරයා බැන්නේ ඒ ස්ටයි් එකට අකමැති නිසා. හිරුණිකා දැන ගන්න ඕනෙ උසාවි යන විදිය. නඩුකාරයා දැන ගන්න ඕනේ ගෑණු අඳින විදිය.

    ReplyDelete
  24. උසාවි යද්දී සුදු අඳින්නම ඕනද . අනෙක් රටවල කොහොමද . එහෙම නීතියක් ඇත්නම් නීති සිසුවියක් එය කඩන එක හරි නැහැ . දුප්පත් කමට හෝ නොදැනුවත් කමට කළා නම් ප්‍රශ්නයක් නැහැ . ඇඳුමට වඩා වටින්නේ තීන්දුවේ නිවැරදි බව නිසා .

    ReplyDelete
  25. මේ ඇඳුමෙ වරදක් නෑ තමයි. ඒත් උසාවිය කියන්නෙ කළු සුදු කියන සම්මතයක් සමාජෙ තියෙනව. ඒ වගේම එතන ලාවට හරි ෆැෂන් පෙන්වන උත්සාහ කරන එක වැරදියි. ඒ තින් ගත්තම හිරු නිකා ඉන්න ඕන. අනික උසාවියෙ සමහරු වැරදි කරන නිසා අනික් අය ඒ පාර නුගමනය කිරීම සාධරනය කිරීම වැරදියි.

    ඔය මොකක්වත් නොවී කකා කිව්ව වගේ නඩු කාර තුමියට ලකුණු දා ගැනීමෙ උවමනාවක් තිබ්බ වෙන්නත් බැරි වෙන්න බෑ!

    ReplyDelete
    Replies
    1. අන්න ඉන්දික හරි තැනට ආවා. (සමහර ටියුබ් ලයිට් කල්පෙකින් වත් එතැනට ගන්න අමාරුයි.) ඇඳුම ගැන උසාවියෙ තියෙන්නෙ *සමාජ සම්මතයක්*. යන හැමෝම හොඳට ඇඳලා යන්න ඕනෑ. නමුත් 'හොඳ' කියන්නෙ මොකද්ද කියලා නිර්වචනය වෙලා නැත්නම් ඒක අපට ගැළපෙන හැටියට භාවිතා කිරීමේ අයිතිය අපට තියෙනවා. උදාහරණයක් හැටියට උසාවියකට රෝස පාට අඳින්න බැහැ කියලා නීතියක් නැහැ. ඒ නිසා හිරුණිකාට රෝස පාට අඳින්න පූර්ණ අයිතිය තියෙනවා. ඒක මාකට් යන ඇඳුමක්ද නැද්ද කියලා විනිශ්චයකාරයකුට තීරණය කරන්න බැහැ. විනිශ්චයකාරයකුට විනිශ්චයක් දෙන්න පුළුවන් නීතියක් සම්බන්ධව මිසක් *සමාජ සම්මතයක්* සම්බන්ධව නෙවෙයි. එහෙම කරන්න යනවා නම් ඒක තමන්ගේ රාජකාරිය ඉක්මවා යාමක්. එසේම නීති විරෝධීයි.

      Delete
  26. තෙල් පරාදු වෙනවා ඇති අනාගත දේශපාලනයට.

    ReplyDelete
  27. ෂෙහ් ... මේ මොකක්ද බං මේ. අර ෆෙඩ්රිකා ජෑන්ස් යටටත් නැතුව එල්ලගෙන උසාවි ගියේ. අන්න ගෑනු.

    ReplyDelete
  28. සියල්ලන්ටම,
    බොහොම ස්තුතියි හොඳ සංවාදයක් ඇතිවන ආකාරයට අදහස් දැක්වීම ගැන.

    ReplyDelete
  29. සරත්මි
    පසුවැ ආමි
    ලීමට බොහෝ දේ ඇතත් නොලීමි
    කෙටියෙන් කියමි
    ඔතැන හිටි එකෙක්වත් සුදු නැත
    හැමදෙනාම රඟපාන්නේ
    කෝපි කඩේ චරිතයි..

    ReplyDelete
  30. "I'm the law"හිතන් ක්‍රියකරන පොලිසියක් මදිවට නඩුකාරයොත්

    ReplyDelete