"හොහ් හොහ් හොහ්.....ඊරාජ්ජෙ? උඹලෑ ආච්චිගෙ රෙද්ද? ඊයෙ පෙරේද මම මගේ සල්ලි ගන්න බැංකුවට ගිහිල්ල වෙච්ච සිද්ධිය අහගනිංකො ඉස්සෙල්ල.... ඊට පස්සෙ කියහං උඹේ ඔය ඊරාජ්ජෙ ගැන"
තුන්දෙනා එක්කම ගැහුවෙ වීඑස්ඕ බෝතලෙන් බාගයක් උනත් දැනටම 'හොඳ ගානට ලංවෙච්ච' මහතුන් මාම මට විරුද්ධව කතාව පටන් ගන්ත.
"ඕං මේකයි කතාව.... මගේ සල්ලි ටිකක් තිබුන බැංකුවෙ. මටත් අමතක වෙලා බං තිබුනෙ ඔය සල්ලි ටික. ඒ දවස්වල, ඒ කියන්නෙ සමුර්දිය පටන් ගත්ත මුල් කාලෙ දැං වගේ සමුර්දි බැංකු තිබුනෙ නෑනේ. අපේ සල්ලි තිබුනෙ ලංකා බැංකුවෙ ගිණුමක. මගේ මතකෙ හැටියට දහදාහක් විතර තිබුන. අපේ සල්ලියි අපිට ලැබෙන කොටහයි දෙකම එකතුනාම තමයි ඔය ගාන හැදෙන්නෙ.......ඔය වීදුරුව ගනිං!"
මහතුං මාම වීදුරුවට තවත් එකක් දාගෙන බීල බයිට් එකට තිබුන මාළු කෑල්ලකුත් කටේ දාගත්ත. උන්දැ කතාව පටන් ගන්න කලිං මේටික කියන්නං.
මහතුං මාම කියන්නෙ අපේ ගෙවල් කිට්ටුව ඉන්න මනුස්සයෙක්. වයස පනස් පහක් විතර ඇති. සාමාන්‍යයෙන් රහමෙර පානය කරන කෙනෙක් නූනත් හැම අවුරුද්දකටම වීඑස්ඕ බෝතලයක් වරදින්නෙ නෑ. අවුරුද්ද තදාසන්න දවසක මහතුං මාමගෙ බෝතලේට මටත් ආරාධනාවක් ලැබුන. අනිත් එකා රංජි අයිය. ඒ අස්සෙ රාජ්‍ය සේවෙ ගැනත් ඇදිල ආවට පස්සෙ මම කිව්ව මෙහෙම.
"මහතුං මාමේ ඔන්න බලන්න තව අවුරුදු කීපයකිං ඊ රාජ්‍ය ඇතිවුනාම මාමලට ගෙදර ඉඳගෙනම වැඩ කරගන්න පුළුවන්.... කොම්පියුටරේ දැම්ම ඉන්ටනෙට් එකෙන් වැඩේ කලා.... හරිම සරළයි!"
මගේ ඔන්න ඔය ප්‍රකාශයට තමයි මහතුං මාම ඔබ්ජෙක්ෂන් එක දැම්මෙ. ආයෙත් කතාව.
"අවුරුද්ද කිට්ටු නිසා මම බැලුවෙ ඔය සල්ලි ටිකවත් අරගන්න.... හැබැයි මගේ බැංකු පොත වගේ තිබුන කාඩ්එක නැතිවෙලා. මම ගියා සමුර්දි මහත්තය ගාවට, එයා කිව්ව ඒ සල්ලි ගන්න ඕන බැංකුවෙන් කියල"
"ඉතිං?"
"ඉතිං මම ගියා ලංකා බැංකුවට. මැනේජර් මහත්තයට විස්තරේ කිව්වම එයා කිව්ව ඒ සල්ලි ගන්න බෑ කියල...., මාත් ඇතෑරියෙ නෑ...., අඳුරන මිස් කෙනෙක් එක්ක ආයෙත් දවසක් කතා කලා...., ඒ මිස් ආයෙත් එක්කං ගියා මැනේජර් මහත්තය ගාවට..., ඒ ගමන උන්නැහේ මොන මොනවද කටු කුටු ගාල කිව්ව පෝම් කොලයක් ගේන්න ඕන කියල...., බැලුවම ඒක ගන්න තියෙන්නෙ සමුර්දි බැංකුවෙන්...., හා මොනව කරන්නද මම ගියා සමුර්දි බැංකුවට!"
"ඉතිං?"
"සමුර්දි බැංකුවෙ මැනේජර් නෝන කියපි පෝම්එක ගන්න ඕන තමුන් අයිති සමුර්දි වසමෙ නියාමකගෙන් කියල"
"ඉතිං මාමේ සමුර්දි මහත්තය මුලිං ඒ කතාව කිව්වෙ නැද්ද?" කට තියාගෙන ඉන්න බැරිකමට රංජිය ඇහුව.
"නෑනේ බං! මම වටේ කැරකිලා ආයෙත් ආව මුලටම....හොහ් හොහ් හොහ්....."
"ඔන්න ඊට පස්සෙ කොලෙත් අරගෙන එයාගෙනුත් අස්සං අරගෙන සමුර්දි බැංකුවෙනුත් අස්සං අරගෙන ලංකා බැංකුවට ගියා කියමුකෝ...."
"ඹ්ව ඔහොම තමයි මහතුං මාමේ ඔයවගේ නීති තිබුනෙ නැත්තං මාමල ඔය සල්ලි වියදං කරලත් ඉවරයි මෙලාකට, කොහොම හරි වැඩේ කෙරුනනෙ!"
"වැඩේ කෙරුන? හොට දාන්නෙ නැතුව අහගනිංකො,...ඔන්න අන්තිමට කොලේ අරගෙන ලංකා බැංකුවට ගියා. ගිහිල්ල එතනත් කොලයක් පුරවල බාරදුන්න. එතනිං කිව්ව හරි කියල"
"හරි කිව්වෙ සල්ලි දුන්නද?"
"නෑ. කිව්වෙ සල්ලි සමුර්දි බැංකුවෙ ගිණුමට දැම්මය එතනිං ගන්නය කියල"
"හරි හරි මාමේ ඔන්න දැං මට තේරුනා වෙච්ච දේ.... මාමලගෙ සල්ලි දාන්න සමුර්දි බැංකුවක් ඒකාලෙ තිබුනෙ නෑනේ.... ඉතිං ලංකා බැංකුවෙ තමයි සල්ලි දැම්මෙ. ඊට පස්සෙ සමුර්දි බැංකුට පටන් ගත්තට මොනයම් හෝ ක්‍රමේකට මාමලගෙ ගිණුමෙ සල්ලි ඒකට ගියේ නැතුව තිබුන. දැං සිද්ධ උනේ ඒක නීත්‍යානුකූල අයිතිය තියන සමුර්දි බැංකුවෙ ගිනුමට බැරවීම...හරිනෙ!"
"උඹේ මහප්රාන මට තේරෙන්නෙ නෑ... මම ගියා සමුර්දි බැංකුවට සල්ලි ගන්න.... බලනකොට අපේ සමුර්දි සමිතියෙ එකෙක් සල්ලි අරගෙන ගෙවල නෑ කියල මගේ සල්ලි දෙන්න බෑ කිව්ව"
මට අයියෝ ගෑවුනා. මේ මනුස්සයගෙ මහන්සිය!
"ඒ මදිවට සමිතියෙ ඉන්න එවුන් පස්දෙනා ඇතුලෙන්ම තමයි ඇප වෙන්නත් ඕන. පිට එවුන්ගෙ ඇප පිලිගන්නෙත් නෑ. එකෙක් වැරැද්දක් කෙරුවම සේරටම පරිප්පු කන්න වෙනව.....කවදාහරි අරූ සල්ලි ගෙව්වම තමයි මගේ සල්ලි ගන්න වෙන්නෙ. ඒ අතරෙ තව එකෙක් නොගෙව ඇරියොත්........"
Thursday, April 25, 2013
මගේ ඊ රාජ්‍ය සහ මහතුං මාමාගෙ ඊරාජ්ජෙ!
Subscribe to:
Post Comments (Atom)
අවුරුද් කාලේ වෙන වැඩ..
ReplyDeleteඕක නම් සල්ලි නොදෙන්නම ගහපු උප්පරවැට්ටියක් :D
ReplyDeleteඅයියෝ සල්ලි බන් ...පොඩි එකාගේ රුපියල්
ReplyDeleteපහමනේ හැමදාම සරම පල්ලෙන් වැටෙන්නේ ..
අයියෝ සල්ලි... පවු බං මහතුං මාමා... බැංකුවල සල්ලි දාල ඒවා ගැන නොදැන කි දාහක් අදත් අපේ රටේ ඉන්නවද?.. ඒ ගැනත් ලිපියක් ලියමු නේද රාජ්..
ReplyDeleteමචං රාජ්, තරහ වෙන්න එපා මෙතන මෙහෙම ලිව්වට.
Deleteනලින්, ඇත්තටම උඹ පත්තර වාර්තාකාරයෙක්ද බන්? රාජ්ට ලියන්න කියන්නෙ උඹ ලියපන්කො දිනමිණට මිනිස්සුන්ට දැනගන්න. ඒකනෙ වැඩිදෙනෙක් දැනුවත් කරන්න පහසු ක්‍රමය.
ඇනෝ අදහසට ස්තුතියි.. රාජ්ටම ලියන්න කියමු එයා දන්න සබ්ජක්ට් එකනේ.. මට හැකියි ඒක රාජ්ගේ නමින්ම පත්තරේට දාල දෙන්න..මටත් හැකියි බැංකුවේ ලොක්කෙක් අල්ලං ලිපියක් හදන්න නම් එයිට වඩා මගේ යෝජනාව නරකද?
Deleteපර්සනලි ගන්න එපා..ඒත් මටනම් ඒක මහ පතෝල යෝජනාවක්!!! (සාමාන්ය පාඨකයෙකුගෙන් ආවනම් අවුලක් නෑ)
Deleteරාජ් බෑන්කර් කෙනෙක් උඹ ජර්නලිස්ට් කෙනෙක්. වඩා ප්‍රොෆෙෂනල් විදියට මේ වැඩේ කරන්න පුලුවන් වෙන්න ඕනෙ කාටද?
මේ වගේ දෙයක් මං කවදාවත් පර්සනල් ගන්නේ නෑ මචං...ඇනෝ සංකල්පය නිවැරදිව භාවිත විය යුත්තේ මෙවන් දේට තමයි.අද එය භාවිත වෙන්නේ මඩ කලාවට.. උඹට බොහොම ස්තුතියි. හරි මං තව වරක් රාජ් ගේ අදහසත් බලලම පියවරකට යන්නම්.. නැත්නම් ඒක සදාචාරාත්මක නැ..
Deleteදේශපාලනඥයන්ගේ ඉලක්කය බලයේ සිටීම. බැංකු වල ඉලක්කය ලාබ ඉපැයීම. රාජ්‍ය මැදිහත්වීම් නිසා බැංකු යනු සේවයක් සපයා ලාබයක් ඉපැයීම කරන සංස්ථාවක් වීමෙන් දැන් ඉන්නේ බැහැරක.
ReplyDeleteමේක කිව්වම මට ඉතාම අනුවේදනීය කතාවක් මතක් වුණා. මම කුරුවිට අපේ ශාඛාව පරිඝනකගත කරන්න ගිය වෙලාවේ මුහුණ දීපු. මේ වගේම කතාවක්. සීයා කෙනෙක් බැංකු පොතක් අරන් ආවා. ඒකෙ අතින් ලියපු ශේෂය රුපියල් 178 ක් විතර. එක්දහස් නවසිය හැත්තෑ ගණන් වල ලියපු එකක්. මගේ අතටම දුන්නේ. මම දන්න සෙල්ලම් ඔක්කොම් දාල හෙව්වා. එහෙම එකක් නෑ. මට පස්සේ මතක් වුණා. මේක කමිෂන් වලට කපල ගිණුම වැහෙන්න ඇති කියලා. අර සීයට හති වගේත් මට දැනුනා. ඔහු ආවේ එරත්න පැත්තෙන් වගේ මට මතක. මගෙත් එක්ක ගිය අනිත් දෙන්නත් සංවේදී මිනිසුන්. ඒ දෙන්නට කතා කරලා මම අර සීයට රුපියල් 250 ක් වගේ මුදලක් අතේ තිබ්බා. ඒ මනුස්සයාගේ මුණේ ඇඳිචච හිනාව අදත් මගේ හිතට ගේන්නේ වේදනාවක්. පොඩි සංවේදී කමකින් කෙනෙක් සතුටු කරන්න පුළුවන්. රාජගේ කේස් එක වෙනම කතාවක්. ඒත් නලීන් කියපු කතාව දැකලා මට මේක මතක් වුණා.
ReplyDelete@ සු දී ක
Delete//....මගෙත් එක්ක ගිය අනිත් දෙන්නත් සංවේදී මිනිසුන්. ඒ දෙන්නට කතා කරලා මම අර සීයට රුපියල් 250 ක් වගේ මුදලක් අතේ තිබ්බා....//
+++++++
ඔබ කොහොමත් හිත උණු වෙන මනුස්සයෙක් නේ සුදීක.. ඒ වැඩේට පිං ....
Delete@ සුදීක
Deleteසුදීක අයියා තවම මම දැකලා නැ.ඒත් අදත් මම කියන්නේ හමුදාවට එක් වෙන්න තිබුණු හදවතක්.එච්චරයි.
සුදීක ඇත්තටම කරපු දේ ගොඩාක් වටිනවා. සමහර වෙලාවට රුපියල් දහයත් වටිනා වෙලාවල් එනවා අපිට. ඇත්තටම කරපු දේ ගොඩක් වටිනවා.
Deleteමගේ ආචාරය ඔබට!
VSOA-Vර්තමාන Sමාජයට Oබින Aරක්කු....
ReplyDeleteVSOA යනු වර්තමානයට නොව අනාගතයටද ගැලපෙන්නෙකි.. ඒ නිසා 'වෙනස්වෙන සමාජයට ඔබින අවුසදය ලෙස ' නිවැරදි විය යුතුය...:)
Deleteවැජඹෙන සමාජයට ඔබින අමෘතය
Deleteදෙශපාලන හෙයියං මාරුවලින් ඇරෙන ඔය වගේ බැංකු වලට ඉලක්ක ගත ගනුදෙනු කරුවන් වන්නේ සාමාන්‍ය ජනතාව විශේෂයෙන් මධ්‍යම පන්තියෙන් පහල ආදායම් ලබන රටේ ජනතාව ඉතින් ඔයවගේ කාලකන්නී නිති නිසා ඔවුන් අන්ත අසරන වෙනවා හරියට නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කියන කෙස් එකට තමයි අන්තිමට මුහුන පාන්න වෙන්නේ
ReplyDeleteකඳුළු කතාවක්.
ReplyDeleteඔන්න ඕක අමතක කරලා දාලා නිකන් ඉන්ඩ කියන්ඩ රාජ් අයියේ!
ReplyDeleteබැංකු ගැනනම් කතා කරලා වැඩක් නෑ රාජ්.......
ReplyDeleteසල්ලි දාන්න ලේසියි ගන්න අමාරුයි .....බලු පූට්‍ටුව වගේ...කොයි බැංකුවත් ඒ වගේ
ReplyDeleteහයියෝ බැංකු..
ReplyDeleteලංකා බැංකුවයි මහජන බැංකුවයි මතක් වෙනකොට සසර කලකිරෙනවා
රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු දෙකේම ගිණුම් තිබීමේ අත්දැකීම තිබෙන නිසා මටත් අදහසක් කියන්න හිතෙනවා. පෞද්ගලික බැංකු වලින් වන අඩුපාඩු ගැන විවේචනය කරනකොට ගිණුම වහන්න ලෑස්ති වෙලා තමයි ඒක කරන්න ඕනෑ. එහෙත් මහජන බැංකුවෙන් හරි ලංකා බැංකුවෙන් වෙන අඩුපාඩුවකට ඇදාල අයට හොඳට දෙහි කපල පහුවදාත් ආයෙත් ඒකටම යන්න පුළුවන්. ඒක තමයි මම දැක්ක විදියට බැංකු වර්ග දෙකේ වෙනස.
Deleteවෙලාවට ලංකා බැංකු ගිනුම නැවැත්තුවෙ.
ReplyDeleteඑක ලංකාවෙ බැංකුවකට ලාංචනයක් හදන්න තරඟයක් තිබ්බලු..ඉතිං තරඟෙට ආපු චිත්‍ර වලිං එකක් බොහොම අපබ්‍රංෂලු.. කුණුහබ්බයක් මදිවට ගැලපෙන්නෙත් නැති හින්දා සිත්තරා ගෙන්නලා ඇහුවලු මොකක්ද මේ කියල. "මහත්තයො මගෙත් සල්ලි තියෙන්නෙ ඕකෙ තමයි .. ඕකට ලේසියෙං සල්ලි දාන්න පුලුවං ගන්න ගියාම තමයි ඇදෙන්නෙ.. (ඇඳල තිබ්බෙ සුනඛ සංසර්ග අව්ස්ථාවක්-ඕං ශිෂ්ඨ බාසාවෙං ලිවුවා) මේ බැංකුවට ඒක අපූරුවට ගැලපෙයි..
ReplyDeleteමං ලංකා බැංකුවෙ වගෙම පරසිද්ධ විදේශ බැංකුවක ගනුදෙනූකාරයෙක්.. ලංකා බැංකුව අර විදේශ බැංකුවට වඩා සිය ගුණයක් හොඳයි මට.. අර විදේශ බැංකුවෙ ඉන්නෙ අතදරුවෝ..
ReplyDeleteරාජ්‍ය සේවේ ඊරාජ්‍ය කරන්නේ මේ වගේ ආස්චර්යත් එක්ක බව හොදට මතක තියාගන්නවල හොදා... ඔය වගේ වටේ යන සීන් ඕන තරං ඇති බං රාජ්‍ය සේවෙනං. හැබැයි සමස්ථයක් විදියට දැන් හොදයි..
ReplyDeleteකාලකන්නි බැංකුවක් තමා ඕක... මගේ එකවුන්ට් එක මාරු කරන්න ගිහිල්ල කාපු කට්ටක්....
ReplyDeleteඒ අතරේ තව එකෙක් නොගෙව හිටියොත් බඩුම තමයි. මලාට සල්ලි ගන්න වෙන්නේ නෑ
ReplyDeleteසෑම බැංකුවකම ඔයවගේ හිරවෙන තැන් තියනවා. සමහරවිට ගනුදෙනු කරු වැරදියි. සමහරවිට බැංකුවේ තියන කොම්ප්‍රදෝරු නීති වැරදියි. හනේ මන්දා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අපොයි ඔය ආණ්ඩුවෙ බැංකුවල දාපු සල්ලි ගන්න ගියාම තියෙන වදයක්.
ReplyDeleteමහජන බැංකුවෙ මගේ එකවුන්ට් එකක් තිබ්බ දැං අවුරුදු ගානකිං ගණුදෙනු කරල නැතිව මේ ළඟදි ඉඳං උං ටෙලිග්‍රෑම් එවනව ඒකට සල්ලි දාන්න කියල. නැත්තං පොත වැහෙනවලු. ඒකෙ රුපියල් එක්දාස් ගානක් තිබුණෙ. ඕකත් තියාගෙන ඕන දෙයක් කරගනිං කියලදාල ආව අන්තිමට.
ආණ්ඩුවේ නෙවෙයි පුද්ගලික බැංකු වලත් නීති රීති තියෙනවා.ඒත් ආන්ඩුවේ බැංකු වල ඕනෑවට වඩා ඒවායේ එල්බ ගෙන ඉන්නවා.ඔය එක රාජ්‍ය බැංකුවක රු100,000 ගන්නත් කළමනාකරු අත්සන් කරන්න ඕන.ඒත් පුද්ගලික බැංකුවක ඒක බී ශ්‍රේණියේ නිලධරයෙකුට පුලුවන්.අනික පුද්ගලික බැංකු රාජ්‍ය බැංකු වලට වඩා අවදානමක් ගන්නවා.
ReplyDeleteඅයියෝ...
ReplyDeleteබැංකුවල සල්ලි දාන එක නම් හරිම ලේසියි. ගන්ට ගියාම හරියට ඒ ගොල්ලන්ගේ ඒවා ගන්ට යනවා වගේනේ. හී හී...
ReplyDeleteලොකු ගානක් ගන්ට නම් ගන්න හේතුත් ඉදිරිපත් කරන්ට ඕනි. හපොයි.
ඔය වගේ දේවල් මහතුං මාමා වගේ ගැමියන්ට විතරක් නෙවෙයි. අනිත් මිනිස්සුන්ටත් විඳින්න ලැබෙනවා. ඔය වැඩක් කරලා දෙන්න නෙවෙයි, නොකරන්නම හැදිච්ච ක්‍රමවේදයක්නේ.
ReplyDeleteරාජ්‍ය බැංකු සේවාවන් ඇතුළු සමස්ත රාජ්‍ය සේවා පද්ධතියම තවමත් කටයුතු කරන්නේ තමන්ගේ සේවාලාභීන් දුරස්තර පිටස්තර ආගන්තුක කරදරකාරයන් වශයෙන් සලකමින්.., රාජ්‍ය සෙවාවන් වල කටයුතු කරන්නන් ගේ එම පසුගාමී ආකල්පයන් වෙනස් කරන තුරු ඊ රාජ්‍ය නොව ස්වර්ග රාජ්‍ය පහළවූවත් මේ ලංකාවේ නම් ඵලක් නොවේ.
ReplyDeleteමම රතු රජරටත් එක්ක සීයට සීයක් එකඟයි,වැඩ කරන අයගේ ආකල්ප වෙනස් වෙන්නෙ නැතිනම් ඊ රාජ්‍යය නෙවෙයි ස්වර්ග රාජ්‍යය ගෙනත් මිහිපිට තිබ්බත් වැඩක් වෙන්නෙ නෑ.
Deleteරාජ්‍ය බැංකුවලට දොස් කියලා විතරක්ම හරියන්නෑ. ඔය සමුර්ධි වගේ ග්‍රාමීය තැන්පතු සහ ණය වැඩසටහන් හැදිලා තියෙන්නේ ගන්න මිසක් දෙන්න නෙවේ. සාමුහික ඇපකරු ක්‍රමය (mutual group guarantee method ) තමයි හුඟක් ග්‍රාමීය ණය ව්‍යාපෘති වල සිද්ධවෙන්නේ. මේ ක්‍රමය බෝම යල් පැනගිය ක්‍රමයක්. ඊ රාජ්යට කිසිසේත්ම පෑහෙන්නේ නෑ. මහතුං මාමට සිද්ධවෙච්ච දේ හුඟක් අයට සිද්ධ වෙලා තියෙනවා. මේ ක්‍රමය වෙනස් නූනොත් ඉස්සරහටත් සිද්ධවේවි.
ReplyDeleteදැන් ඉතින් ඒ මනුස්සයා ඔය සල්ලි ගන්නවා බොරු..
ReplyDeleteමගේ ණය මුදල මට තවම ගන්න බැරි උනා.මාස 09 ක් ගත වි ඇත.මතක් වෙන කොටත් හරි විනෝදයි.
ReplyDeleteඊ රාජ්ජෙ ආච්චිගෙ රෙද්දම තමයි..
ReplyDeleteමගේ මාස කීපෙක පඩි සල්ලි තාම බැංකුවෙ ගන්ඩ විදිහක් නැතුව.. පොතෙන් ගන්ඩත් බෑ.. කාඩ් එකෙන් ගන්ඩත් බෑ.. බැරිම තැන වෙන අකවුන්ට් එකකට හැරෙව්වා පඩිය..
බැංකු අතරින් රාජ්‍ය බැංකු කියන්නේ ලොකුම බරපතල අවදානමක් ගන්නැතුව තමන්ගේ ඇඟ බේරගෙන රස්සාව කරන අය ඉන්න තැනක්. පෞද්ගලික බැංකුවල ඒකෙ අනික් පැත්ත. සේවකයා විසින් අවධානමක් ගන්න ඕනියි කියලා බලෙන්ම පටෝන තැනක්. හැබැයි ගනුදෙනු කරුවාගේ පැත්තෙන් බැලුවොත් රාජ්‍ය බැංකුවලින් කියන්න ඕනි දේ කෙලින්ම කියලා උපරිම සාධාරණයක් කරනවා. පෞද්ගලික ඒවායේ මූනට කියන දේ නෙවෙයි කරන්න ගියාම. ඒකත් කනා ගහනවා වගේ. ප්‍රශනයක් ඇති වෙනකම් අවුලක් නෑ. ඇති උණාම කස්ටමර් අනාතයි.
ReplyDeleteඔව් බං ඊ ඊ ගෑවට, සමහර දේවල් වලට පුරවන්න තියන ෆෝම් තොගේ දැක්කහම හිතෙනවා ඉන්නෙ කොම්පියුටර් හොයාගන්න කලින් යුගයකද කියලා.
ReplyDeleteසහතික ඇත්ත මාත් ඔය මහතුන් මාම වගේ පරිප්පු කාල තියනව සෑහෙන්න.
ReplyDeleteඅපේ ඊ රාජ්ජෙ හරි යන්නනං ඔය හණ මිටි ඩයල් ටික එළවල දාල පටන් ගන්න ඕනැ.