Tuesday, August 11, 2015

කලවං පලා

හාමුදුරුවනේ අපි වෙනස්.

ඡන්දෙ ඉල්ලන කස්ටිය තම තමන්ගෙ අතීත ක්‍රියාකාරකම් ගැන විවේචන ඉදිරිපත් කරනව.

"අතීතයේ අපේ අතින් වැරදි සිදුවුනා. නමුත් අපි සහතික කරල කියනව සන්නද්ධ අරගලයකට ආයෙත් යන්නෙ නෑ" ඒ ජවිපෙ නායකයා.

"අතීතයේ අපි අතින් සිදුවූ වැරදි නිවැරදි කරගෙනයි අපි මෙවර ඡන්දෙට එන්නෙ" ඒ එජාපයේ අජිත් පී පෙරේරා.

එතකොට සන්ධානෙ කට්ටිය?

"ජනවාරි අට වෙනිදා ජනතාව කල ඒ වැරැද්ද නිවැරදි කරගනීවි යැයි අපි බලාපොරොත්තු වෙනවා" මහින්ද, සිරිපාල ඇතුළු කිහිප දෙනෙක්ම කියනව ඇහුන.

ඇද්ද දැං ඉතිං පවු සමා කරපල්ලකො!

*********************************
ආයෝජකයන්ගෙ කැමැත්ත.

ඊයෙ තුන්සිය හැටට ආපු මහින්ද මහත්තයගෙන් දිල්ක අහනව මෙහෙම,

"ඇයි අවුරුදු දෙකක් ඉතිරිව තියෙද්දි ඡන්දෙකට ගියේ?"

"ඇත්තටම අපිට ඕනවුනා අවුරුදු පහකට ආයෝජකයො ගෙන්වගන්න.... මම ඉස්සරහට අවුරුදු පහක් ඉන්නව කියල දැනගත්ත නං එයාල එනවනේ"

*********************************

උඹලට කොරන්න ගිහිල්ලයි මට යන්න වුනේ.

ඒ සාකච්ඡාවෙදිම ඩිල්ක අහනව මෙහෙම,

"ඔබතුමා වැරදිකරුවන්ව ආරක්ෂා කලා කියල කියනව....."

"ඔව්.... බලන්න සජිත් ප්‍රේමදාසගෙ අක්ක හොර සල්ලි එක්ක අහුවුනා.... එයා එක්ක අහුවෙච්ච සෙබලව රිමාන්ඩ් කරල අපි පරීක්ෂණ පැවැත්තුවෙ... අපි එහෙම කලේ නෑ.... ඒ වගේ වැරදි තමයි කලේ"

*********************************

බූරු ප්‍රශ්න.

ෆොන්සේකගෙ පක්ෂෙ අපේක්ෂකයෙකුගෙන් අයිටීඑන් නිවේදකය අහනව මෙහෙම,

"ඔබතුමන්ලා පෙන්නනව සරත් ෆොන්සේක මහත්තය ප්‍රහාරයට ලක්වුන රථය, ඇයි ඒ?"

"ඒ රථය තිබුනෙ විනාශ වෙමින්...., අපි සල්ලි දීල ඒක ගත්ත.... ඒක විශේෂ රථයක්නෙ" නියෝජිතය කිව්ව.

"ඇයි ඉතිං එ් රථය විතරක්? තවත් රථ තියනවනෙ?"

"ෆොන්සේක මහත්තයා කියන්නෙ විශේෂ කෙනෙක්"

"ඇයි ඉතිං ගෝඨාභය මහත්තයගෙ රථයටත් ප්‍රහාරයක් එල්ලවුනානෙ?"

"$ත්තෝ..... දැකල නැද්ද බණ්ඩාරනායකගෙ ඇඳුම තියනව එයාගෙ කෞතුකාගාරෙ? ඒකට හැම එකාගෙම ඇඳුම් දාන්නෙ නෑ ‍බොල! ෆොන්සේකගෙ වාහනේ අපිට වටින්නෙ ඒක ෆොන්සේකගෙ නිසා" ඒ නියෝජිතය නෙවේ, නියෝජිතය ඉන්න තැන මම හිටිය නං ලැබෙන උත්තරේ.

***********************************

කාල වරෙංකො!

ඊයෙ අනුර කුමාර එක්ක ටීඑන්එල් එකේ සාකච්ඡාවක්, අනුර කියනව මෙහෙම,

"අපේ දරුවො ඉගනත්තොත් එයාල ලඟට යන්නෙ නෑනෙ...පෝස්ටර් ගහන්න කැන්වසින් යන්න කෙනෙක් නෑ.... දැං බලන්න යූඇන්පී එකේ කැන්වසින් යන්න ආපු පාතාල සාමාජි"

"නෑ නෑ පාතාල කණ්ඩායම් ඡන්ද වැඩට ආවෙ නෑ"

" නෑ නෑ දෙගොල්ල වෙඩිතියාගත්ත නේ.... පාතාල"

"නෑ නෑ"

"හරි හරි අපි මෙහෙම කියමුකෝ.....උපාසක මහත්වරු දෙගොල්ලක් අතරෙ පොඩි ප්‍රශ්නයක් අැතිවුනා ධම්මපදයේ කාරණාවක් ගැන.... කට්ටියක් වෙඩිතිව්ව... හරිනේ"

***********************************

රවුමෙන් එලියෙ

"යූඇන්පී එකෙන් පාතාලෙ දාගෙන මැතිවරණ කරනව. ඒකෙ ප්‍රතිපල තමයි ඔය වෙඩිතැබීම"

"ඔන්න අහුවෙලා වෙඩිතියන්න ආපු වාහනේ... සන්ධාන කාර්යාලෙකින්, යූඇන්පියට මඩ ගහන්න කරපු වැඩක් මේක"

"නෑ නෑ යූඇන්පීයමයි මේක සන්ධාන කාර්යාලෙට දාල තියෙන්නෙ සන්ධානෙට අවාසි වෙන්න"

"නෑ නෑ යූඇන්පීය සන්ධානෙ කාර්යාලෙට දාල කියන්න පුළුවන් නිසා තමයි සන්ධානෙ කට්ටිය මේක එයාලගෙ කාර්යාලෙ තියං ඉන්නෙ"

"නෑ නෑ යූඇන්පීය සන්ධානෙ කාර්යාලෙට දාල කියන්න පුළුවන් නිසා තමයි සන්ධානෙ කට්ටිය මේක එයාලගෙ කාර්යාලෙ තියං......"

"හැබෑටම මේ දෙගොල්ල විතරද ඉන්නෙ? පොඩ්ඩක් රවුමෙන් එලියට ඇවිල්ලත් බලමු!"

50 comments:

  1. අපිට පිස්සුද? මුන්ට පිස්සුද? නැත්තම් දෙගොල්ලන්ටම පිස්සුද?

    ReplyDelete
    Replies
    1. මට නං පිස්සු නෑ. (හැබැයි පිස්සො කියන්නෙත් එහෙමයි :-)

      Delete
  2. ගොඩක් උන් රවුම ඇතුලේ හිර වෙලා ඉන්නේ රවුමෙන් එළියට එන්න බැරුවම නෙමෙයි තමන් විසින් ස්වයං හිර කරගැනිමක් තමයි කරන් ඉන්නේ.
    මට ගිය ඉරිදා වනාතමුල්ලේ ඉන්න දන්නා,කියන කාන්තාවක් හම්බු වුනා.එයා කියනවා ගෝඨා තමන්ගේ ගෙවල් කඩා දමන කොට ඊට විරුද්ධව පෙනි හිටපු සුනිල් වටගලට ජන්දේ දෙන්න විදියක් නැහැ කියලා ඒ ගොල්ලේ යුඑන්පි.සුනිල් වටගල ජවිපෙ නිසා.

    ඊයේ තුන්සිය හැටේදීම දිල්කා මහින්දගෙන් අහනවා මෙහෙමත්

    "ඔබතුමා බලයට තියෙන ආසාව නිසා නේද නැවත මැතිවරණයට තරග කරන්නේ"

    මහින්ද කියනවා

    "අනේ නැහැ මම පැරදිලා ගියාම මැදමුලනට දහස් ගාණක් අවා.ඒ ජනතාවගේ ඉල්ලීම මතයි මම මේ එන්නේ "

    ඊට ටික වෙලාවකට පස්සේ කියනවා.

    "අපි මේ මැතිවරණ ප්‍රකාශනය මාස හයක් තිස්සේ සැලසුම් කරලා හැදුවේ" කියලා.

    ReplyDelete
    Replies
    1. දැන් ජෝතිශ්‍යය විශ්වාස කරන්නෙත් නැතිලු නේද?
      පක්ෂෙ සබාපතිත් ෆුල් අවිස්වාසයි
      තමන් එක්ක චන්දෙ කරන එවුන්ගෙනුත් අති බහුතරය අන්විස්වාසබල් එවුන්.
      එතකොට අතේ තියන වශී බෝලෙ විතරයිද විස්වාස?

      Delete
    2. //"අනේ නැහැ මම පැරදිලා ගියාම මැදමුලනට දහස් ගාණක් අවා.ඒ ජනතාවගේ ඉල්ලීම මතයි මම මේ එන්නේ "

      ඊට ටික වෙලාවකට පස්සේ කියනවා.

      "අපි මේ මැතිවරණ ප්‍රකාශනය මාස හයක් තිස්සේ සැලසුම් කරලා හැදුවේ" කියලා.//
      මටත් ඔය ටික විතරමයි හිතුනේ.

      Delete
    3. මේක දිල්කට මීටර් වුණේ නැද්ද මනෝ ?

      Delete
    4. මහින්දට ගොඩාක් ආදරය කරපු මගේ යාළුවෙක් ළඟදි මෙහෙම කතාවක් කිව්වා.

      "ඔය කාලකණ්ණි මනුස්සයා කවද හරි මැරෙන්නෙ භයානක මානසික රෝගයකට ගොදුරු වෙලා. අන්තිමටම විඳවලා. පව්."

      Delete
    5. ඒත් ඇනෝ ඒ වෙද්දී මුළු රටම ලෙඩ වෙලා ඉවරනේ

      Delete
    6. දේශපාලන පක්ෂය ලේ වලට බද්ධවුනාම එහෙම තමයි.

      Delete
    7. දිල්කට මීටර් වුනා කියලා වැඩක් නෑ ඔමා. දිල්කා රස්සාව කරන්නෙ දෙරණෙනෙ. රස්සාව බේරගන්නත් එපායැ

      Delete
    8. දිල්කා කියන තරම් මීටර් එකක් නෙමේ මම හිතන්නේ.

      Delete
  3. විමල ට අකමැති උනාට ඌ සමහර වෙලාවට පට්ට කතා කියනවා ස්ටේජ් එකේ.. ඊයේ මං දැක්ක කොහේදී හරි කියනවා.. "මේ දවස් වල අනුර කුමාර තුන් වේලටම කන්නේ මහින්දව.. අඩුම තරමින් පොඩි බඩ ගින්නකටවත් රනිල්ව කන්නේ නෑ.." හැක හැක හැක..

    ReplyDelete
    Replies
    1. පිට්ටු වලට වඩා බූන්දි රස නැද්ද කල්‍යානෙ.? අනික හොදි ඕනෙත් නෑ

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. විමලෙට කථා ලියන්නේ කවුද දන්නවද?

      Delete
    4. කම්මලෝ.. කිරිහොදීත් එක්ක පිට්ටු කෑල්ලක් කාලම බූන්දි අහුරක් කටේ දා ගමු බං.. අහු වෙන වෙලාවට..

      @ මලමි හායි.. හැබැට කවුද අනේ? ඔයාද? හිහ්..

      Delete
    5. ඕවා විමලයගෙ ගොං මොළේට එන කතා නවෙයි. ගුණදාස අමරසේකර සීයා ලියලා දෙන ඒවා.

      Delete
    6. ලියල දෙන එක වුණත් ලතාවකට කියන්නත් හැකියාවක් ඕනනේ. රනිල් මහත්තයත් ලියල දෙන කතාවක්නේ කරන්නෙ ඒක සජිවී කරගන්න එයාට තාම බෑ.

      Delete
    7. @ Naleen
      පත්තරේ පරණ පුරුද්දටමද 'රනිල්ට බෑ' කියලම ලියවෙන්නේ,

      Delete
    8. පොඩි ප්‍රශ්ණයක්.. විමල් හොඳ කතිකයෙක් උනේ මහින්දට කඩේ යන්න හුඟක් කලින්.. ඒ කාලෙත් විමල්ට ඔය වගේ හයි ප්‍රොෆයිල් කට්ටිය කතා ලියල දුන්නද? නලින් එක්ක එකඟයි.. ලියල දෙන කතාවක් උනත් දැනෙන්න කියන්නත් පුළුවන් වෙන්නොනේ..

      Delete
    9. "මේ දවස් වල අනුර කුමාර තුන් වේලටම කන්නේ මහින්දව.. අඩුම තරමින් පොඩි බඩ ගින්නකටවත් රනිල්ව කන්නේ නෑ.."
      මරු කතාව

      Delete
    10. මාත් හිතන්නෙ නෑ විමලයට කවුරුත් කතා ලියනව ඇති කියලා. විමල් මම හය හත වසර කාලෙ මගෙ ප්‍රියතම කථිකයා. එතකොට මෑන් බොහොම පොඩි මිනිහෙක්.

      Delete
  4. වැරදි වෙන්නේ මනුශ්ෂයෝ අතින්නේ අනා.. ශ්‍රී ලාංකකික චන්ද දායකයෝ ඔක්කොම දේව ගති තියෙන උදවිය

    ReplyDelete
  5. ඔය විනෝද සමය අපිට පේන්නේ නෑනේ, මේ වගේ හයිලයිට්ස් පැකේජ් එකක් බලා ගත්තොත් තමයි!

    ReplyDelete
    Replies
    1. ඔයා වගේ අය රට හැරලා ගියානේ ඉතං

      Delete
    2. මටත් එහෙමයි .

      Delete
  6. කෝක් ලයිට් මෙන්ම ඩිල්කා ලයිට් ද ඇත.
    මට ඒ වැඩ සටහන බලනවිට සිතුනේ කලින් සූදානම් කරගත් පිටපතකට අනුව ප්‍රස්න අහගෙන උත්තර දී ගෙන යද්දී මගදී ප්‍රස්නයක් මිස් වෙලා එලයින්මන්ට් අප්සෙට් ගැසු සෙයකි.

    ReplyDelete
  7. ජෝක් වැඩසටහන් බැලිල්ල එපා වෙලා අප්පා..
    උදේ හය හමාරේ ඉදන්.. රෑ දොලහ එක වෙනකං..
    පිස්සු නැත්තං සෝක්...

    ජ ය වේ වා !!

    ReplyDelete
  8. රාජ් මේක මට තවමත් මතක තියෙන, මම කැමති දෙබසක්. ලලිත් ඇතුලත්මුදලි එජාපයෙන් ඉවත්වෙලා එලියට ආවට පස්සේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහුගෙන් මෙහෙම අහනවා.
    "ඔබ තුමා එජාපයෙන් ඉවත්වුනේ ඔබට එජාපයේ සිට අගමැති වීමට නොහැකි නිසා නේද?"
    "ඇයි, ඒ තනතුරට මම නුසුදුසුද?"
    ප්‍රශ්නය අහපු මාධ්‍යවේදියා තප්පර ගානකට නිහඬයි.

    ReplyDelete
  9. තැන්කියු.මෙහෙම සිද්දිත් වෙන බවට දැනුවත් කලාට.
    ඔන්න එක සිද්දියක් මට මීටර්වුනු.
    එක්තරා නාලිකාවක එක්තරා කෙනෙක් තනිකරම පොර ටෝක්ස් දාන්නේ එක්තරා බ්ලොගර් කෙනෙක්ගේ ලිපි වලින්.
    සක්සුදක්සේ ප්‍රත්‍යක්ෂ ,නාලිකා කාරයා ට බ්ලොග් එකේ වචන ටිකි්න් එහාට දුවන්න බැහැ. එක තැන දුවනවා විතරයි. බ්ලොගර්ගේ ලිපි නැතිදවස්වලට ,නාලිකාකාරයා අනාථයි.
    මේක අහම්බෙන් ටිවි එක ඉස්සරහන් යද්දි ඇහිලා දවස් කිහිපයක් ෆලෝ කරලා ප්‍රත්‍යක්ෂ කරගත්දෙයක්.

    ට්‍රැක් එකේ නැති නිසා බඩුත් එක්ක හොරු අල්ලගන්න විදියක් නැහැ. මේ ලිපියටත් ඒ සංගදියම වෙයි.

    ReplyDelete
    Replies
    1. වටේ ගහන්නැතුව කෙළින්ම කතා කරන්නකෝ මල්මි හි

      Delete
  10. අර ධම්මපදයේ කතාව නම් මරේ මරු....

    දේශපාලන වැඩසටහන් හෙවත් ආටක නාටක දැන් නම් බලන්නෙම නැත

    ReplyDelete
  11. වෙන ඕනැ පොයියෙක් ගැන මොකක් ලිව්වත් කමක් නෑ. ඇබැයි අපේ ආදරනීය රත්තලන් අප්පත්ති ගැන ලියලා ඔත්තම් කලොත් හෙම උන්දැ ආතන 129 ක් අරගෙන ආපහු අගෝත්තු 17 වැනිදා අරලිය ගා මන්දිරේට ආවාම ඉල්ලලා දෙන්නම්කෝ තොට! තෝ තුදු වෑන් එකක දාගෙන ගිරිතලේ ගෙනීල්ලා ච්ටාස් පටාස් කියලා ගෝතාබය සර්ට කියලා ගහනවා වේවැලෙන් මෙන්න මේම...

    තසුස තුසර කුමාර කැකුලාවල පුතා
    සුදීව කොක්කාවල පුතා සහ
    අබීත එදිරිතිංග පුතා

    2 A පන්තිය
    මැදමුලන විද්දියාලය
    වීරකැටිය.

    ReplyDelete
  12. සිරිකොත ඩාලි පාරේ. සිරිලංකා මූලස්ථානය පිටකෝට්ටේ.විපක්‍ෂ නායක කාරියාලේ අරලියගහ මන්දිරේ. ජනාධිපති මැදුර මැදමූලන. අම්මපා මෙව්වා මෙච්චරකල් අපෙන් හංගාගෙන හිටියනේ මුන්දලා.

    ReplyDelete
  13. /"ඇත්තටම අපිට ඕනවුනා අවුරුදු පහකට ආයෝජකයො ගෙන්වගන්න.... මම ඉස්සරහට අවුරුදු පහක් ඉන්නව කියල දැනගත්ත නං එයාල එනවනේ"/

    මේ කතාව සම්පූර්ණ ඇත්ත. මෙහෙම එන්න හිටපු ආයෝජකයො වැඩි හරියක් ජේම්ස් පකර්ලා වගේ කැසිනෝ අරින්න එන්න හිටපු එවුන්. උන් එන්නෙ නෑ දීර්ඝකාලීන ගැරන්ටියක් නැතුව.

    ReplyDelete
    Replies
    1. දැන් පැකර් ආවොත් ආයෝජනය කරනවා කියලා නොවටිනා වටිනකමක් දිලා ඒඉල්ලිම එනකොට ඉන්න රජය කවුරුන් හෝ එය නොපිලිගනිද මචං

      Delete
  14. යුගයකි මේක ලක්මෑණිට කෙල වෙච්චි
    නෙක පලි ගැනුම් මිස මොනවද සිදු වෙච්චි
    අගමැති නොකලොතින් රැහුණේ අප්පච්චි
    යුගයක් උදාවෙනු ඇත ලේ ඉහිරිච්චි

    අලියා කපෝතියි යන මග නෑ නිච්චි
    හක්ගෙඩි සීනු උගෙ වලිගයෙ එල්ලිච්චි
    යමරජු සමග යමපල්ලං පෑහිච්චි
    යුගයක් උදාවෙනු ඇත ලේ ඉහිරිච්චි

    පිරිසක් ඩයස්පෝරාවේ එල්ලිච්චි
    සිදුකළ බව දනිමු මෙ විපත සිදුවෙච්චි
    විපතින් මිදෙන්නට මොහොතකි පෑදිච්චි
    යුගයක් උදාකරගමු මල් පීදිච්චි

    ජනපති කෙනෙකි කොදු ඇට පෙළ ඇද වෙච්චි
    අගමැති කෙනෙකි බටහිරයට ගැති වෙච්චි
    කොපමණ වෙද්ද දින සියයට නැති වෙච්චි
    අප්පච්චිට කරමු ඡන්දය පාචිච්චි

    බටහිරයේ සිටින සමහර නැහැදිච්චි
    පිරිසක් හදාගෙන උන්ටම ගැතිවෙච්චි
    වෙනසක් කියා දුනි යුගයක් පිරිහිච්චි
    ලක්මව එයින් මුදවනු මැන අප්පච්චි

    සුජීව් කොකාවල,
    ඕස්ට්‍රේලියාව

    ReplyDelete
    Replies
    1. අට වෙනිදා මුලනට ගිය අප්ප්පච්චී
      කුරුණෑගලින් දණගාගෙන මතුවෙච්චී
      කල හොරකම් මැරුම් ගැන නම් නැහැ නිච්චී
      දහ අට උදේ යන්ඩම සෙත්ත පෝච්චි

      Delete
  15. //අනේ නැහැ මම පැරදිලා ගියාම මැදමුලනට දහස් ගාණක් අවා.ඒ ජනතාවගේ ඉල්ලීම මතයි මම මේ එන්නේ// දහස් ගානක් ඒන්නට අැති.. ඒත් යකෝ ලක්ෂ 62 ක් කිව්වා පැත්ත පලාතේ ඒන්න ඒපා කියලා.... ඒච්චර කියලත් තේරුනේ නැහැනේ ... තේරෙන්නම කියලා දෙන්නම්කෝ මේ පාර....

    ReplyDelete
    Replies
    1. ලක්ෂ හතර හමාරක විතර වෙනසක් තියනවා.

      Delete
  16. සනත් ජයසූරිය යූඇන්පීයට සහය දක්වනවළු... කිසි අවුලක් නැහැ... ඒක ඒ මනුස්සයගේ කැමැත්ත. ඒ කැමැත්ත ඇති වෙන්න හේතුත් සනත්ට ඇති.. ඒවයින් සමහරක් කියන්න පුළුවන් ඒවා වෙන්නත් පුළුවන්.. සමහරක් කියන්න බැරි ඒවා වෙන්නත් පුළුවන්.. සමහරක් වෙලාවට කියන දේවල්වලට හාත්පසින්ම වෙනත් හේතු තියෙන්නත් පුළුවන්...

    මං බලං ඉන්නේ පහුගිය කාලේ පුරාවටම සනත් දේශපාලනයට ආවයින් සනත්ගේ මොකක්ද මංදා මෙව්වා එක නැති උනාය කියලා සනත්ට පලු යන්න බැනපු අයියලා හෙට ඉඳන් කබරයි තලගොයි කරන වැඩ පිලිවෙල මොන වගේ වෙයිද කියලා...

    සනත් ඒ පැත්තට හේත්තු උනා කියලා මටනං කිසිම අවුලක් නැහැ... එහෙට ගියා කියලා මෙච්චර දවසක් හිටිය සනත් හෙට ඉදලා අමුතු සතෙක් වෙන්නෙත් නැහැ... සනත් සනත්ම තමා.. සමහර විට හෙට ආයෙම ආවත් එච්චරයි...

    හැබැයි මේක යූඇන්පීය පැත්තෙන් ගත්තම එයාලට හොද අවස්ථාවක්.. හරියට පාවිච්චි කලොත්... පක්ෂයට තියෙන ලොකුම නවනිංගිරාවකින් ගැලවෙන්න සනත් එක්ක එකතු වීමෙන් යූඇන්පී කාරයින්ට පුළුවන්..

    ඒ කොහොමද...? මෙන්න මෙහෙම...

    හෙට ඉදන් දුවන්න මෙන්න මේ ලයින් වල...

    “කොලුකාරයින්ගේ පක්ෂයට නව පණක්... වමත් පිතිකරු සුපිරි බඩු කරු එජාපයට.“

    “ලොල්ලෝ කොල්ලෝ පමණක් නොව කෙල්ලන්ටත් තැනක්.. සනත් යූඇන්පීයට...“

    “සනත් ඇතුලට.. ලොල්ලෝ එළියට“

    චතුෂ තුෂර කුමාර

    ReplyDelete
  17. නානසාර මෙ ලගදිත් පොලිසියෙ නිලධාරියෙකුට පුස් පාට් එකක් දානවා දැක්කා....කලුතරින් ඡන්දයට ආවට පරදින බව සහතිකයිනෙ....එහෙම පැරදුනාට පස්සෙ නානසාර දේශපාලන භූමිකාව කෙබඳු වෙයිද රාජ්....

    ReplyDelete
    Replies
    1. කෙබඳු වෙයි.

      Delete
    2. අස්ගිරියේ දැන් ඉන්න ලොක්ක හෙටානිද්දා නිවන් ගියාම එතෙන්ට නානසාර දාන්නං කියල අප්පත්ති පොරොන්දු උනාලු.

      Delete
  18. බලන්නකෝ ඒකෙත් හැටි.. ධම්මපදේ කාරණාවටත් වෙඩිතියාගන්න රටක් නේ.. හෙහ් හෙහ්..

    ReplyDelete
  19. මට මේ මනාප 3ත් මදිවෙලා, පක්ෂ තුනටම එකපාර ඡන්දෙ දෙන්න ඕනවෙලා විස්සෝපෙන් ඉද්දි රාජ් තවත් මගෙ හිතේ එයාල ගැන තියන ආදරේ වැඩිවෙන කතා ලියනවනෙ.

    ReplyDelete
  20. මේවට මොනවා කියන්නද. මිනිස්සුට හිනාවෙන්න කට මදියි. මේ මගුල් චන්ද නම් ආයේ අවුරුදු ගානකට නොඑනවා නම් හොඳයි. ඔක්කොම නියම කතා. ඇත්තටම ඔය සංවාදයක් අහගෙන හිටියම බඩ අල්ලාගෙන හිනාවෙන්න පුලුවන්, වැඩියෙන්ම විහිළු සපයන්නේ අප්පොච්චිගේ කට්ටිය.

    ඊයේ මාධ්‍ය සාකච්ජාවක් කැඳවල අප්පොච්චිගේ උන් ටික කියනවා
    "මිනී ගොඩදානවා නම් මෙන්න ලිස්ට් එක.. .." කියල ලිස්ට් එකක් කියනවා.

    ඊට පසේ කියනවා
    "මේවා මේ චන්දෙ නිසා කරන වැඩ..." කියල.

    එතකොට එතන හිටපු මාධ්‍යවේදියෙක් අහනවා
    "ඔබතුමාලා කියනවා චන්දෙ නිසා තමයි මේ මිනීමැරුම් ගැන කියන්නේ කියල. ඉතින් ඔබතුමාලා ඔය කරන්නෙත් ඒ ටිකම නේද ?" කියල

    ඩිලාන්ට කොයිල් වගේ වෙනවා... අපරාදේ ගුවන් කාලය. මම කිව්වේ කොහොමත් දැන් වැඩසටහන් විදියටත් ජෝක්ස් වැඩි හින්ද මේ වැඩසටහන් ඇයිද දන්නේ නෙහෙ ඒ කැටගරියේ නොවෙන්නේ?

    ReplyDelete
  21. මහින්ද රාජපක්ෂ = අප්පච්චි නම්
    ශිරන්ති රාජපක්ෂ = අම්මණ්ඩි ද?
    චමල් රාජපක්ෂ = ලොකු අප්පච්චිද?
    ගෝඨාභය රාජපක්ෂ = පොඩි අප්පච්චිද? බාප්පොච්චිද?
    බැසිල් රාජපක්ෂ = චූටි අප්පච්චිද? චූටි බාප්පොච්චිද?
    නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ = අයියණ්ඩිලාද?
    රෝහිත රාජපක්ෂ = මලයණ්ඩිද?
    යසාරා අබේනායක = අක්කණ්ඩිද? නෑනණ්ඩිද?
    එතකොට වසීම් තාජුදීන් කවුද?

    ReplyDelete
  22. දේසපාලනේ කියල තොපි ඔක්කෝම මඩ වලක හිරවෙලා බොලං

    ReplyDelete
  23. මහින්ද රාජපක්ෂ අර හොර සල්ලි කතාව අහපුවම මට මහින්ද ගැන ලොකු කලකිරීමක් ඇතිවුනා. මේ රටේ නීති දෙකක් තිබිල. අපරාදෙ අර සෙබලගෙ තාත්තත් මේ රටේ ජනාධිපතිකෙනෙක් නොවුනෙ.
    ජනාධිපතිවරුන්ගෙ දරුවන්ටයි අනෙක් අයටයි නීති දෙකක්. අපූරුයි .

    මේ අය මේ විදියට එකිනෙකා මත යැපෙනව.
    තාජුදීන්ගෙ මිනිය ගොඩගන්න එක හොදයි. ජනාධිපතිවරුන්ගෙ දරුවන්ට රක්ෂනයක් අවශ්‍යයි කියලනෙ මහින්ද හිතුවෙ.

    ReplyDelete