Wednesday, August 12, 2015

ස්මාට් ෆෝන් හොරා ඇල්ලූ වයිබර් දෙයියා!

අපේ ඔපීසියෙ ඩ්‍රයිවර් මහත්තයගෙ ෆෝන් එක නැතිවුනා මීට මාස හයකට විතර කලින්. මෑන්ට ඒක ලැබිල තිබුනෙ දකුණු කොරියාවෙ රස්සාවක් කරපු ඥාති පුත්‍රයෙකුගෙන්. වර්ගය සැම්සුන් ගැලැක්සි s2 එකක්. ස්මාට් ෆෝන් පාවිච්චිය නුපුරුදු ඩ්‍රයිවර් මහත්තයට කුප්පියකුත් දාල ගූගල් එකවුන්ට් එකකුත් හදල දීල සොෆ්ට්වෙයා කෑලි ටිකකුත් දාල දුන්නෙ මම. ඒ අතරින් එකක් තමයි අද ජනප්‍රිය වයිබර්.

මාස දෙකතුනකට පස්සෙ ගෙදර තිබුන ෆෝන් එක නැතිවුනා. හොරා ගේ ඇතුලටම ඇවිල්ල ෆෝන් එක උස්සල තිබුන. වෙනත් කිසිම දෙයක් අරගෙන තිබුනෙත් නෑ. හොරකමට සැකකලේ අල්ලපු ගෙදර හිටපු අවුරුදු පහලවක් විතර වයසැති කොලුවෙක්. ඉස්කෝලෙන් කට්ටි පැනපු පොරගේ චරිතය හොඳ නෑ. ඒ වගේම ෆෝන් එක කිහිප වතාවක් අතපත ගාල බලලත් තිබුන. කොලුවගෙන් ප්‍රශ්න කලත් උගේ කටින් වචනයක් ගන්න බැරිවුනා. පොලිසියෙ පැමිණිල්ලක් දැම්මත් වැඩක් උ‍නේ නෑ.

මේ අතරෙ ඩ්‍රයිවර් මහත්තයගෙ තවත් ඥාති පුතෙක් වයිබර් වලින් දැකල තියනව තමුන්ගෙ මාමා ඔන්ලයින් ඉන්න බව. ෆෝන් එක නැතිවෙච්ච කතන්දරයත් දන්න නිසා මෑන් කෝල් එකක් අරගෙන තියනව. කතා කල එකා කියල තියෙන්නෙ මීගමුව පැත්තෙ ඉන්නව කියල. ඩයලොග් නම්බරයක් තමයි තිබිල තියෙන්නෙ. ඊට පස්සෙ තමයි වැඩේ පත්තුවුනේ. ඒ දවස්වල මීගමුවෙ ඉඳල ආපු බාස්ලා සෙට් එකකුත් ඩ්‍රයිවර් මහත්තයගෙ ගෙවල් කිට්ටුව වැඩ කරල තියනව. ෆෝන් එක නැතිවුන බව කිව්වම එකෙක් කිව්වලු ලැබුනොත් ගෙනත් දෙන්නං කියලත්. මේ ගැන දැනගත්තට පස්සෙ මේකෙ තාක්ෂණික පැත්ත ගැන මම ඇහුව ‍අපේ බුකි මිත්‍ර චමීර ජීවන්තගෙන්. බැලුවම සීන් එක හරි. ෆෝන් එකට වයිබර් දැම්මම පරණ අයිතිකාරය නමින් තමයි තියෙන්නෙ. හොරාට වැරදුනේ එතන.

මේ විස්ත‍රයත් අරගත්ත අපේ ඩ්‍රයිවර් මහත්තය ආයෙත් පොලිසියට ගිහිල්ල දුරකතන අංකයත් එක්ක ආයෙ පැමිණිල්ල අලුත් කරල. උසාවි නියෝගයක් අරගෙන සැකකරුව අල්ලාගැනීම විතරක් ඉතිරිව තියෙද්දි ෆෝන් හොරා වයිබර් වලට තමුන්ගෙ පවුලේ පින්තූරයකුත් දාල. හොරා කවුද කියල මේකෙන් හරියටම තහවුරු වුනා. ඒ අර ෆෝන් එක ලැබුනොත් දෙන්නං කියපු මෑන්මයි. ඒ විස්තරයත් පොලිසියට කියල මගේ ෆෝන් එකෙන් පින්තූරයත් ගත්ත. නමුත් පොලිසියෙ රාජකාරිය අපිට උවමනා කරන වේගයෙන් සිදුවුනේ නෑ. අපරාධ අංශයේ ඕඅයිසී මහත්තයගෙ මේසෙ උඩ තිබුන අල්ලගත්ත ෆෝන් බෑග් එකක්ම එයා අපට පෙන්නුව.

පොලිසියට ගිහිල්ල එලියට එද්දි ඩ්‍රයිවර් මහත්තය අඳුරන පොලිස් රාලහාමි කෙනෙක් මුනගැහුන. එයාට විස්තරේ කිව්වම ගත්ත එවලේම කෝල් එකක්.

"උසාවි යන්නෙ නැතුව ගොඩිං බේරෙන්න ඕනනං ෆෝන් එකත් අරගෙන දැන්ම වරෙං!" රාලහාමි ගර්ජනා කලා. බයවෙච්ච හොරා පවුල පිටින්ම මීගමුවෙ ඉඳල ආව. ඊට පස්සෙ උසාවි! ඇප අරගෙන අතින් පාඩු කරගෙන ගෙදර ගියා. දැං ඉතිං නඩුව අහන දවසට මීගමුවෙ ඉඳල තංගල්ලට වරෙංකො!

බුවාගෙ විස්තරේ අනුව හොරකම කරල තියෙන්නෙ මුලින් සැකකල කොළුවම තමයි. බාස්, කොලුවට රුපියල් පන්දාහක් දීලයි අරගෙන තියෙන්නෙ. නමුත් කොලුව කියන්නෙ තමුන් කිසි දෙයක් දන්නෙ නෑ කියල. වැඩ කරපු දවස් ටිකේ හිතවත්ව ඉඳපු මිනිහ ඇයි එහෙම වැඩක් කලේ කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්. මෑන් ඒ ගැන කියල තියෙන්නෙ මෙහෙමයි,

"මහත්තයගෙ ෆෝන් එක බව දැනගත්තත් මට ෆොන් එක දැක්කම ආස හිතුන මහත්තයෝ"

උසාවි නියෝගයක් ගන්න තියෙද්දි පොලිසියෙ කෙනෙක් ලවා කතා කිරීම ගැන මම නං හිටියෙ සැකයෙන්. ඒ කතාවට පස්සෙ හොරා, ෆෝන් එක විසිකරල දැම්ම නං ඇතිවන තත්වය ගැන එක සැරේටම හිතාගන්න බෑ. ෆෝන් එකේ එමි අංකයෙන් හෙවිල්ල නං සාර්ථකයි වගේම නීතියට එකඟයි. වයිබර් වලින් මේ වගේ ඔප්පු කිරීමක් කරන්න පුළුවන්ද කියන එක නීති ප්‍රශ්නයක්.

77 comments:

  1. වැරැදිකරු වැරැද්ද පිළිගන්නවානම් ප්‍රශ්නයක් නෑනෙද?

    ReplyDelete
    Replies
    1. පිලිගන්නෙ නැත්තං?

      Delete
    2. පිළි නොගන්න වැඩිය ඉඩ තියෙනවා. එතකොට ඔප්පු කරන්න ඕනැ ෆෝන් එක අයිතිකාරයා නෙවෙයි පොලිසිය. අපේ පොලිසිය දන්න වයිබර් බැරියැ. උන්ට කවදාවත් ඕක ඔප්පු කර ගන්න බැහැ. හැබැයි හොරා හොඳ කට්ටක් කයි, නඩු වලට නීතිඥයින්ට වියදම් කරගෙන. ෆෝන් එක අයිතිකාරයාත් කට්ටක් කයි. ඔය කේස් එක උසාවියට දැමීමෙන් වාසි නීතිඥයින්ට විතරයි.

      Delete
    3. @ AnonymousAugust 12, 2015 at 4:33 PM

      හරියට හරි. සම්පූර්ණයෙන් එකඟයි. අපේ නීතිය ක්‍රියාත්මකවීම හරියට ළමයෙක් වදනවා වගේ. බඩවෙච්ච දවසේ ඉඳලා ක්ලිනික් යන්න ඕනේ(පැමිණිල්ල දාපු දවසේ ඉඳලා පොලීසියට නැවත නැවත ගියොත් තමයි උනන්දු වෙන්නේ) හොඳ රෝහලක් හොයාගන්න ඕනේ ( හොඳ පොලීසියක් වෙන්න ඕනේ හොඳ රාලහාමි කෙනෙක් කේස් එක හැන්ඩ්ල් කළොත් විතරයි කේස් එක ඉස්සරහට යන්නේ) ළමයා වදනකොට දොස්තර ඉන්නම ඕනේ(නඩුව සාර්ථක වෙන්න පොලීසිය නඩුව මෙහෙයවන වැඩේ හරියට කරන්න ඕනේ)

      පොලීසියේ තාක්ෂණික දැනුම මෙන්න මමෙහෙමයි. දැන් පොලිස් මහත්තුරුන්ටත් තියනවනේ රිවෝල්වර් දීලා. මම දවසක් පොලිස් මහත්තයකුගෙන් ඇහුවා පිස්තෝලයකින් වෙඩි තියනවට වඩා රිවොල්වරයේ ඇති වාසිය මොකක්ද කියලා. උන්නැහේ මඤ්ඤං වෙලා ගියා. පස්සේ මම හෙමිහිට කියලා දුන්න පිස්තෝලයෙන් වෙඩි තියනකොට හිස් කොපු එතන වැටෙන නිසා ඒ අවිය ගැන හොයාබලන්න හෝඩුවාවක් ඉතිරි වෙනවා. නමුත් රිවොල්වරයෙන් වෙඩි තියනකොට හිස්කොපු රිවොල්වරයේම රැඳෙන නිසා අපිට වෙඩි තියලා මාරුවෙන්න පුළුවන් හෝඩුවාවක් නොතියා කියලා.

      ඔන්න ඔහොමයි මෙහෙමයි උන්නහෙලාගේ වැඩ කිඩ. වයිබර් කියන්නේ අර සයිවර් කඩේට මෙහාපැත්තේ තියන කඩේද කියලා අහයි. නවීන තාක්ෂණයට අනුගතවීම අතින් අන්තිම පහලින් ඉන්නේ පොලීසිය.තවමත් යතුරුලියන වලින් වැඩ කරන්නේ. බොහොමයක් උසස් පොලිස් නිලධාරීන්ටත් පරිගණක සාක්ෂරතාවයක් නැහැ.

      Delete
    4. ගොඩක් නීතිඥ තුමන්ලාත් පොලීසියට දෙවනි නෑ. මොකද, දන්නෙ නීතය විතරනෙ ඉතිං.

      Delete
    5. මේක තමයි මට අවුල වුන ප්‍රශ්නය.

      Delete
  2. මමත් ඉක්මණටම වයිබර් ඇක්ටිව් කර ගන්න ඕනි.. අහ! ඊට ඉස්සෙල්ල ස්මාර්ට් ෆෝන් එකක් ගන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. ඇයි යකොව් ඒ විතරක් ඈ... :/ හොරෙක් හොයා ගනින් ඒක හොරකම් කරව ගන්නත් :P

      Delete
  3. නීතිය පැත්තකින් තියහංකෝ.... ෆෝන් ඒක ලැබුනානේ...... හැබැයි මෙහෙම ඒකකුත් තියෙනවා රාජ්.... මගේ ෆෝන් ඒකනං මලාට නැති වෙන්නෑ කියලා මට ෂුවර්.... ඒ වෙන දෙයක් නිසා නෙමයි.... ඒක කැම්පස් ඒකේ දෙවැනි වසර ඉද්දි කිරිබත්ගොඩින් ගත්ත නොකියා 1100 ඒකක් නිසයි.. දැන් ඒකට වයස අවුරුදු 9 යි... තාම ගත්ත දවස වගේ ම වැඩ... කෝලුත් ඒනවා මැසේජුත් යනවා... තවත් මොනවද ෆෝන් ඒකකින්..... වයිබර් දාගන්න ඔ්න්නැත්ත් ඒකයි.... දාගන්න හිතුණත් අාය පියන ගලවලා අැතුලට දාන්න යෑ........

    ReplyDelete
    Replies
    1. පල යන්න බොරු නොකිය!

      Delete
    2. කුරුටු ඒක නම් මරු පියන ගලවලා හරි දැම්ම නම් තමා වැඩේ......

      Delete
  4. වයිබර් මම අල්ලලාම නැහැ බං.. පොලෝසිය හෙමින් තමා ඔය වැඩ කරන්නේ..

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්න පොලීසිය ඕක උසාවියට දාල ෆෝන් එක අරන් දෙනකල්ම!

      Bicycle Thieves කියන ලෝක ප්‍රකට ඉතාලි චිත්‍රපටයෙ කතානායකයා බයිසිකලේ නැතිවුණාම පොලීසියට යනවා. පොලීසියෙන් මිනිහගෙ පැමිණිල්ල ලියා ගන්නවා. ඊළඟට දෙබස මෙහෙමයි.

      දැන් මොකද වෙන්නෙ? ඔය ගොල්ල මගේ බයිසිකලේ හොයා ගන්න නිලධාරීන් පිරිසක් යොදවනවද?

      තමුසෙට පිස්සුද ඕයි? මේ බලනවා අපට අද විතරක් නැතිවෙච්චි බයිසිකල් ගැන ලැබුණු පැමිණිලි. මේ ඔක්කෝ හොයන්න අපට මිනිස්සු ඉන්න්වා කියලද තමුසෙ හිතන්නෙ?

      එහෙනම් මේ පැමිණිල්ල ලියා ගත්තු එකේ තේරුම මොකද්ද?

      මේකෙ තේරුම තමයි තමුසෙගෙ බයිසිකලේ නැති වුණා කියලා නිල වශයෙන් පොලීසියට දැන්නුවා කියලා සහතිකයක් තියෙන එක. එච්චරයි.

      (අසරණව) එතකොට දැන් මම මොකද කරන්නෙ?

      තමුසෙට බයිසිකලේ අඳුනගන්න පුළුවන්ද?

      පුළුවන්.

      දැන් තමුසෙ යනවා. යාළුවො ටිකක් හොයාගෙන පටන් ගන්නවා බයිසිකලේ හොයන්න. හොයා ගත්තොත් ඒකත් අරගෙන ළඟම තියෙන පොලීසියට ගිහින් මේ ලියවිල්ල පෙන්නනවා. තමුසෙට බයිසිකලේ ලැබෙයි.

      Delete
    2. ඒකත් මරු කතාව. ඇත්තටම මේ වගේ සීන් තමයි සිද්ධවෙන්නෙ.

      Delete
  5. ෆොන් හොරා වයිබර් වලින් දැනේ

    ReplyDelete
  6. ඔය කෙහෙම්මල් ස්මාට් ෆෝං ගන්නෙ නැතුව අපි වගේ රු. 2900 ට තියෙන චයිනීස් නොකිය එකක් පාවිච්චි කළානං කිසි අවුලක් නෑනෙ.

    ReplyDelete
    Replies
    1. හැබෑව! හැබැයි ඉතිං මේව්ව කොල්ලො පාවිච්චි කරන ඒව නෙව!

      Delete
  7. මං ඊයේ වයිබර් අන්ස්ටෝල් කළා, ඒකෙන් හැම තිස්සෙම on ලයින් පෙන්නනවා ෆෝන් එකේ ඉන්ටර්නෙට් තියෙන නිසා, එපා වෙනවා. වට්ස් app ඊට වඩා හොඳයි . හොරා ස්මාර්ට් වුණා නම් වයිබර් වලින් හොයන්න හම්බෙන්නේ නෑ. වයිබර් සෙටින්ග්ස් ගිහින් නම්බර් එක චේන්ජ් කළා ,, එහෙම නැත්තං අන්ස්ටෝල් කළා ආයේ ඉන්ස්ටෝල් කළා අලුත් සිම් නම්බර් එක එන්ටර් කළා එච්චරයි.. විනාඩි 5 ක් ඇතුලත මුළු ෆෝන් එකේම සෙටින්ග්ස් ටික වෙනස් කලාකිනේ.. ඒත් එයා බාස් කෙනෙක් නේ බය වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මූලික කේස් එක. දන්න එකෙක් නං ලෙසටම වැඩේ දෙනව.

      //මං ඊයේ වයිබර් අන්ස්ටෝල් කළා, ඒකෙන් හැම තිස්සෙම on ලයින් පෙන්නනවා ෆෝන් එකේ ඉන්ටර්නෙට් තියෙන නිසා, එපා වෙනවා. //
      මොකද්ද අවුල? මේ කතාව මට තේරෙන්නෙ නෑ නෙව?

      Delete
    2. ඕං බලාං බුකියෙනුත් අයිං වුණු එකේ උඹ එක්ක මලක්වත් කඩන්නේ දැන් කෝමෙයි. ඔමාරියෝ

      Delete
    3. //ඒකෙන් හැම තිස්සෙම on ලයින් පෙන්නනවා ෆෝන් එකේ ඉන්ටර්නෙට් තියෙන නිසා, එපා වෙනවා//
      ඔන්ලයින් දැක්කාම ඔච්චර කරදර කරන්නෙ කවුද?

      Delete
    4. ඔමායා ෆෝන් බාස් කෙනෙක් වගෙයි!

      Delete
    5. රාජ් අයියේ ෆෝන් එකේ වයිබර් app එක තියෙනවා... ඒ වගේම wts app වගේ ඒවත් තියෙනවනේ... wts app වල මගේ යාළුවන්ට මං ඔන්ලයින් කියලා පෙන්නන්නේ මං wts app ඇප්ලිකේෂන් එක ඕපන් කරන් ඉන්න වෙලාවට විතරයි,,, ඊට පස්සේ එයාලට පෙන්නන්නේ මගේ last seen ටයිම් එක. ඒත් viber වල එහෙම නෙමේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් තියෙනවා නම් හැම තිස්සෙම ඔන්ලයින් කියලා පේනවා.. කෙනෙක්ට ඒක කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නේ නෑ.. මහ රෑ 2 ට තුනට වයිබර් on line තිබ්බට මං නිදි කියලා.. ඩේටා ඔෆ්ෆ් කරන්න මතක් වෙන්නේ නෑ නේ රෑට ඔහේ වැටුණු තැන නිදාගන්නවා මිසක්. (වයිබර් ෆෝන් එකෙන් අන්ස්ටෝල් කලාට ලැප් එකේ තියෙනවා,, ඕනේ වෙලාවට විතරක් යන්න නලින් අයියට අවුලක් වෙන්නේ නෑ )

      Delete
    6. My life as a Gaijin! ,, රසිකොලොජිස්ට් ඔයාලා දෙන්නගේ කමෙන්ට් දැක්කේ කමෙන්ට් එක පබ්ලිෂ් කලාට පස්සේ..

      මට යාළුවො කියන්නේ මකබාස් කියලා. ගයිජිං.. ඇත්තටම වයිබර් පාවිච්චි කරන්නේ නැති තරම්. ලංකාවේ ඉන්න බ්ලොග් වල යාළුවො කීපදෙනෙක් තමයි කලාතුරකින් msg කරන්නේ දුක සැප අහන්නේ අඩුගානේ අපේ මල්ලි msg කරන්නෙත් නෑ.. ඒත් අර කෙනා නිසා අයින් කරලා දැම්මා අනේ. ඉස්සර වගේ ෆෝන් එක එක්ක ගත කරන්න දැන් ආසාවක් නෑ. හැමදේම වෙනස් වෙලා. :(

      Delete
    7. ඇ නලින් අයියේ උඹ බුකියෙන් දොට්ට බැස්සද .  එල එල  කොහෙද බොට දැ අවුරුද්දකට කලින් මම කියු දෙ කනකට ගත්ත යැ.  ....හරි හරි ....දැං ආයෙත් උඹ අපිට ඉන්නවනෙ.

      Delete
    8. .. //ඒත් එයා බාස් කෙනෙක් නේ බය වෙන්න ඇති.// ...................................බාස්ල බය නැ හරිද නංිගි

      Delete
    9. යකෝ අර සෙල්පි පොල්ලට ටැග් කරන්න නලින් අයියව බුකියෙ හොයපු තරමක්. එහෙනං මේකයි සීං එක.

      Delete
    10. ඔමා..වයිබර් වලත් සෙටින්ග්ස් වලට ගිහින් ඔන්ලයින් ස්ටේටස් චේන්ජ් කරන්න පුලුවන්...පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න...මම නම් කරල තියෙන්නේ..නැත්නම් අර කමියට වගේ රෑ එලිවෙනකං මල් කඩනවය කියල ලෝකෙටම දැනෙන්න කාඩ් ඉරා ගන්න ඇහැකි..අටමාගෙන් අහන්නකො..

      Delete
    11. සෙටින්ග්ස් ව්ල ප්‍රිවසි ක්ලික් කරලා 'online' status off කරාම ඉවරයි ඔය කේස් එක...අත්දුටුවයි...ස......! හෙක් හෙක්..

      Delete
    12. මේ වගේ රහස් පිටට දෙන්නේ ඇයි අප්පා...:P

      Delete
    13. අම්මේ මට වැදගත් කතන්දර ටිකක් තියෙනව... හි හි ...

      අර කිව්ව වගේ ස්මාට් ෆොන් නං මල වාත තමයි.... ඔක්කොම කරන්න පුළුවන් ඒකෙන්.. හැබැයි හදිස්සියට කෝල් එකක් යන්න නං වත්ත වටේ යන්න ඕනෙ.. අර පරණ ෆොන් වල ඇස් දෙක පියාගෙන හරි කෝල් එක ගන්න පුළුවන් නෙ...

      Delete
    14. ඔමා,
      ‍මේක වයිබර් අවුලක් නෙවේ කියල විතරක්(ම) කියන්නං .... ඒ මදෑ....

      Delete
    15. වරිබර් එකේ PC වර්ෂන් එක දාගෙන හිටියා නම්... ඌ වයිබර් එකේ යවන ඔක්කොම මැසේජස් ටිකත් බලාගන්න පුළුවන්.

      Delete
  8. // "මහත්තයගෙ ෆෝන් එක බව දැනගත්තත් මට ෆොන් එක දැක්කම ආස හිතුන මහත්තයෝ" //

    සමහර හොරු කියන්නෙ අතිදක්ෂ නළුවො !!!

    ReplyDelete
    Replies
    1. පත්ත්රයා අති දක්ෂ නළුවෙකි

      Delete
    2. මේසන් බාස් ඔහොම හොරා නං සයිට් මැනේජර් කොහොම ඇද්ද..
      නෑ මං මේ උඹටම කීව නෙමේ :D

      Delete
  9. ඔය එමි අංකයෙන් ෆෝන් හොරු අල්ලන කතන්දරේ ආවම මට මතකයි එවකට විදුලි සංදේශන එකේ හිටපු ලොක්කා කිව්වා

    "අපේ බලාපොරොත්තුව මිනිස්සු බිම වැටිලා තියෙන අනුන්ගේ ෆෝන් එකක් උනත් ඇහිදලා අයිතිකාරයාටම දෙන තත්වයක් ඉදිරියේ මේකෙන් ඇති වේවි" කියලා.

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි ඔය කතාව. නමුත් දන්නා තරමට නං හොරකමකින් පස්සෙ කාලයක් ගතවුනාම හෙවිල්ල නවතිනව.

      Delete
    2. හෙවිල්ල නවතින්නෙ නෑ. හොයාගෙන ගෙදරට ලිව්මක් එවනවා. එ් වෙනකොට ඒ ෆෝන් එකේ මූල්‍ය වටිනාකම හොඳටම බැහැලා. ඉතිං පොලිසි ගානෙ රස්තියාදු වෙන්න කම්මැලි කමේ අපිම වැඩේ අතාරිනවා.

      Delete
  10. මෙතන මට ඇති අවුල මේකයි.

    මං වයිබර් දැම්මේ ඉතාලියේ හිටි දවසක නිසා තාමත් තියෙන්නේ එහේ් දී අනුමත වුනු වයිබර් අංකයයි. එහෙම නම් මේ ෆෝන් එකේ මුල් අයිතිකරවාගේ අංකය නැතුව වෙනත් අංකයක් තියෙන්නේ ඇයි?

    හොරා වෙනස් කරලා නේද?

    ReplyDelete
    Replies
    1. වයිබර් ඉන්ස්ටෝල් වෙන්නෙ ෆෝන් එකටනෙ. නම එහෙම මුලින් දෙන නම තමයි තියෙන්නෙ සිම් එක මාරු කලත්. හැබැයි අංකය වෙනස් වෙනව සිම් එක දානකොට. මෙතනදි වුනේ ෆෝන් එකේ තියන්නෙ මුල් අයිතිකාරයගෙ නම. එයාට කෝල් එකක් දුන්නම ඒක යන්නෙ ෆෝන් එකට. නම්බර් එක අහුවෙන්නෙ එහෙමයි.

      Delete
  11. මාරයිනේ බං. වයිබර් අපිටත් දෙයියෙක් තමයි.

    ඒ නඩු ඉවරවෙනකොට ෆෝන් මොඩල් එකත් යල්පැනලා හුඟක් කල් වෙන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ෆෝන් එක දීල. පොලිසියෙන් කිව්වලු පරෙස්සමින් තියාගන්න. නැතිකරගන්න විකුණන්නෙ නැතිව කියල.

      Delete
  12. /ඩ්‍රයිවර් මහත්තයට කුප්පියකුත් දාල ගූගල් එකවුන්ට් එකකුත් හදල දීල සොෆ්ට්වෙයා කෑලි ටිකකුත් දාල දුන්නෙ මම/

    හවස් කොරේක බාගෙකුත් අරන් එන්න වෙයි වගේ... (ඔව්වැයින් එකක් හම්බුනු දවසට)

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඒව යුතුකං නෙව.

      Delete
  13. හොරා වැඩියෙ වැඩ නොදන්න එකෙන් නිසා අහුවුනා.

    ඔය වගේ තව හොරෙක් අහුවෙලා තිබුන නේද ෆෝන් එකෙන් ගන්න ෆොටෝස් කෙලින්ම ෆේස්බුක් අප්ලෝඩ් වෙන්න සෙටින්ග්ස් හදලා තිබීමෙන්? දැන් ටිකක් පරණයි ඒ කතාවනම්.

    ReplyDelete
    Replies
    1. එහෙමත් පුළුවන්ද? ඇහුවෙත් අදයි.

      Delete
    2. ඔව් මමත් කොහෙන්දෝ කියෙව්වා ඒ කතාව. ෆෝන් එකේ අයිතිකාරයා ගුගල් ඔටෝ බැකප් දාල තිබිල පින්තුර වලට. ඉතින් ගන්න ගන්න පින්තුරේ අප්ලෝඩ් වෙලා. හොරා සාක්කි සහිතවම අහු වෙලා.

      හොඳම රාජ්‍ය නායකයෝ වෙනකොට එහෙම බැහැ... නැද්ද? මම කිව්වේ හොරු කියන්නේ එයාලටනේ

      Delete
  14. හොරාගෙ නම පර්සිද?

    ReplyDelete
    Replies
    1. අන්න දවසේ කියමන.

      Delete
    2. වෙනද නම් මෙහෙම දෙයක් දැම්මහම බයියෝ බුරාගෙන පනිනවා. දැන් උන්ම පරාජය බාර ගෙන හින්දා මීක් සද්දයක් නෑ.

      Delete
    3. @AnonymousAugust 13, 2015 at 7:54 AM
      දැන් ඔය බයියො කියන්නේ චතුස තුෂර කුමාරල වගේ අයටද? නැත්තං සුමිත් නිරිඇල්ල වගේ අයටද? දෙන්නම දෙවිදියකට බය් පාට් තමයි දාන්නෙ.

      Delete
  15. ෆෝන් එක රිසෙට් කරල තිබ්බ නං ඔය පුස්නයක් නෑනෙ. පව් අසරණ අහිංසක හොරා.
    බුහැක්

    ReplyDelete
    Replies
    1. දන්න තරමට ප්‍රතිපල ලැබුන.

      Delete
  16. දුප්පත් හොරුනටමයි ඔහොම් දේවලුත් වෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං ලොකු ලොකු එවුන් නං හොරකම් කරල අහන්නෙ "කෝ ඇල්ලුවද" කියලනෙ.

      Delete
  17. බස් එකේ යන ගමන් 'මචං ක්‍රෙඩිට් ඉවරයි,බහින තැන අහගන්න කෝල් එකක් ගන්න පුලුවන්ද?' කියලා අහලා ෆෝන් එකත් අරං බැහැල දුවන එවුන් දැං ඉන්නෙ.උං දුවන ගමන් ෆෝන් මස් කරන ජාතියේ එව්වො.. අපි කොහෙ හැරෙන්නද?
    හොරාට එන්න තංගල්ල-මීගමුව හයිවේ බස් එක තියනවානෙ.ඒ නිසා අවුලක් නෑ.
    (ඇත්තටම තංගල්ලෙන් හයිවේ බස් යන වෙලාවල් හොයාගන්න විදිහක් තියෙනවාද අයියෙ? ඩිපෝ එහෙනුත් හරි උත්තරයක් නෑ.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අර බස් ගැමුනුගෙන් අහපංකො මචෝ...කෝ ඌ...

      Delete
    2. ඒ වගේ හොරුත් ඉන්නව.
      මූ නං වාහනයක් හයර් කරගෙන ආවෙ. මීගමුවෙ ඉඳල හයිවේ එකේ ඇවිල්ල නීතීඥ මහත්තයටත් ගානක් දීල යද්දි සනීපෙට තියෙයි.
      හයිවේ බස් ගැන හරියටම වෙලාවල් දන්නෙ නෑ බං. උඹට ඕනනං හොයල කියන්නං.....

      Delete
  18. ශේහ් මේ හොරාට හොඳ පුහුණුවක් නෑ . නැත්නම් කියනවනේ ෆෝන් එක මගේ ගාව තිබ්බට මම ගත්ත කියල කාටවත් ඔප්පු කරන්න බෑනේ කියල

    ReplyDelete
    Replies
    1. ඔව්. වැඩකාර හොරෙක් නෙවේ.

      Delete
    2. මෝඩ හොරෙක්. හොරාගෙ වාසගම රාජපක්ෂ හෝ එදිරිසිංහ විය නොහැක.

      Delete
  19. කරුමේ බන් කරු‍මේ!

    ReplyDelete
  20. ඇති යන්තම් රාජ් දේශපාලනෙන් එලියට ඇවිත්. :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් එලියට ගත්තට හෙට විතර ආයෙ ඇතුලට යනව

      Delete
    2. දේශපාලනෙන් එළියට ඇවිත්? මට නම එහෙම පෙනුණෙ නැහැ. හොරා හොරා හොරා කියන කොට කාවද අනිවාර්යෙයෙන් මතක් වෙන්නෙ? ඒක දේශපාලනේ නෙවෙයිද?

      Delete
  21. මේ වගේ දෙයක් මටත් උනා. මීට අවුරුදු අටකට විතර කලින් මම බයික් සර්විස් කරන මනුස්සයාගේ නොම්බයර සේව් කරගත්තා. මේ ලගදි මට මැසේජ් එකක් ආවා මිනිහා වයිබර් ඇවිල්ලා කියලා. ගිහින් බලද්දි වෙන වෙන කාගෙද පින්තූරයක් තියෙන්නේ. දවසක් මම ඒපාරේ යනගමන් මේ ගැන කිව්වා. මිනිහා කියනවා ඒ සිම් එක මිනිහා හපලා විසික්කලාලු. ඒ වුනාට කාලයක් බලලා ඒ සිම් එක ඩයලොග් එකෙන් ආය වෙන කාටද විකුණලා.

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද? මගේ ලඟ ඉස්සෙල්ලම තිබුනෙ ඩයලොග් සිම් එකක්. දැං අවුරුදු ගානක ඉඳල පාවිච්චියක් නෑ. ලඟදි දවසක ඒ නම්බර් එක ඩයල් කරල බැලුව. කවුදෝ ගෑල්ලමේක් කතා කරනව. එහෙනං ඒකයි සීන් එක.

      Delete
    2. මාස හයක් පාවිච්චි කලේ නැත්නං නම්බර් එක වෙන කාටහරි විකුණනවා බං.මගෙ සිම් දෙකකට ඔහොම උනා.දැන් නිවාඩුවට ලංකාවට ගියාම සිම් ගන්නෙ නෑ වැඩේ පාඩුයි.

      Delete
    3. මාස 6කට වඩා බලනව... මගෙ සිම් එකක් අවුරුදු එකාමාරකට වඩා පාවිච්චි නොකර හිටියට අවුලක් උනේ නෑ... මගෙත් පරණ 777 නම්බර් එක ආපහු ගන්න බැලුවම ඒක වෙන කාටද දීල තිබ්බ... මං ඉතිං අලුත් 777 නම්බර් එකක් ගත්ත.. ඒකට මට එන කෝල්ස් වලට වඩා එන්නෙ රෝන්ග් නම්බර්ස් කෝල්... පස්සෙ මං කෝල් කරල ඩයලොග් එකෙන් ඇහුව කොච්චර කාලයක් පාවිච්චි නොකර තිබ්බ නම්බර් එකක්ද මට දුන්නෙ කියල... අවුරුදු 2ක් කියල කිව්වෙ.. අනේ මන්ද...

      Delete
  22. උන් ඕක ජෑම් කරලා දෙන්නෙ. මමත් 777 නම්බර් එකක් ගත්තා. නැන්දා කෙනෙක් හෙන සද්දෙන් අහනවා, ඔයාට කොහෙන්ද ඔය නම්බර් එක කියලා. මම කීවා ඩයලොග් එකෙන් අහගන්න කියලා. ඇයි අපටත් කියලා තද වෙන්නේ නැද්ද? :D

    ReplyDelete