Tuesday, August 25, 2015

සාමකාමී මැතිවරණයේ ඡන්ද රාජකාරි කලහැටි!

මෙදා ඡන්දෙ සාමකාමියි. වෙන කවරදාටත් වැඩිය සාමකාමියි. ඒ වගේ සාමකාමී වටපිටාවක ඡන්ද රාජකාරී කරන්න ලැබෙනව කියන්නෙත් ‍ලොකු දෙයක්. රාජකාරිය ඉෂ්ට කිරීමේදී අවුරුදු දහයක විතර මගේ සේවා කාලය තුල ඔය කටු කන බල්ලෙක් එහෙම ඇවිත් පොඩි පොඩි අරියාදු කලා හැරෙන්න ලොකු ලොකු ප්‍රචන්ඩ ක්‍රියාවලට මුහුණ දෙන්න නොලැබුන බවත් කියන්න ඕන.

ඒ වගේම ගියවර තිබුන ඡන්ද මධ්‍යස්ථාන ලඟ රතිඥ්ඥා දැල්වීම්, මනාපය සලකුණු කල කුඩා කඩදාසි විසිරවීම වගේ දේවලුත් තිබුනෙ නෑ. නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට බලය දීල තිබුන නිසා ඡන්ද මධ්‍යස්ථානය අවට පෝස්ටර් කටවු‍ට් ආදිය තිබුනෙත් නෑ. ජනාධිපතිවරණයේදි නං ඡන්ද විමසීමේ දිනයට කලින් දවසෙ ඡන්ද මධ්‍යස්ථාන අවට ශුද්ධ කරන්න වෙනම පිරිසක් යොදවල තිබුන.

මගේ ඡන්ද මධ්‍යස්ථානය තිබුනෙ ගෙදර ඉඳල කිලෝමීටර තිහක් හතලිහක් විතර දුරින්. කලින්දා හවස දෙක විතර වෙද්දි අදාල තැනට ලඟාවුනා. ඊට පස්සෙ ඉතිං නෝනල ටිකක් අල්ලගෙන සම්පූර්ණ කරන්න පුළුවන් ආකෘතිපත්‍ර ආදිය සම්පූර්ණ කරල SPO මහත්තයට පොඩි සප් එකක් දුන්න. ඊට පස්සෙ රාලහාමි නෝනගෙ වතුර බැරල් එකෙන් ඇඟපත එහෙම හෝදගෙන රැය ගෙවාගන්න විදිය ගැන කල්පනා කලා. මෙදා ඡන්ද මධ්‍යස්ථානයට දාපු නිලධාරී මණ්ඩලය නං අන්තිමයි. කාන්තාවන්ම එකොලහක් හිටිය. පිරිමින්ට හිටියෙ මමයි SPO මහත්තයයි තව දෙන්නෙකුයි විතරයි. ඒ මදිවට ග්‍රාම නිලධාරී තනතුරේ හිටියෙත් නෝන කෙනෙක්. SPO මහත්තය රහමෙර පාවිච්චියක් නැහැ. එයා ගෝලය විදියට අරගෙන ඇවිල්ල හිටියෙත් ඥාති පුත්‍රයෙක්. මාම ඉන්න තැන බොන්න බෑ කියල බුවාත් මඟහැරිය. පොලිසියෙ රාලහාමිලාටත් උපදෙස් ලැබිච්ච විදියට එයාලත් අමුවෙන් ඉන්න තීරණය කරල. අන්තිමට මමයි අනිත් ඉස්කෝලෙ මහත්වරු දෙන්නයි හීනියට අනුමත වෙලා නිදාගත්ත.

මෙදා ඡන්ද පත්‍රිකාව අඩියක් විතර දිගයි. හුඟ දෙනෙකුට එකවරම සලකුණ බලාගැනීමත් අමාරුයි. සමහර වෙලාවට (වයසක අය එහෙම ආවම) සෑහෙන්න තදබදයක් ඇතිවෙනව. ඡන්ද පත්‍රිකාව මෙච්චර ලොකු වෙන්නෙ ඇයි?
හේතුව වැඩි පක්ෂ/ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් මැතිවරණයට ඉදිරිපත් වීම. ඒකටත් හේතු තියනව.

♠ තමන්ගෙ ඡන්දපොල නියෝජිතයන් ඡන්ද මධ්‍යස්ථාන වලට පත් කිරීම.
♠ ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලට නියෝජිතයන් පත්කිරීම.
♠ පක්ෂයක ලැයිස්තුවක් ප්‍රතික්ෂේප වූ අවස්ථාවක වෙනම ලැයිස්තුවකට ඡන්දයට ඉදිරිපත් වීමේ හැකියාව ලබාගැනීම.
♠ ඡන්දය ඉල්ලීම තුලින් යම් යම් වරප්‍රසාද ලබාගැනීම. (ගුවන් විදුලි සංවාද ආදිය-දැනට එතරම් ක්‍රියාත්මක නොවේ)

මේවායේ අවසාන ප්‍රතිපලය තමයි ඡන්ද පත්‍රිකාවේ දිග වැඩිවීම. දිග වැඩිවුනා කියන්නෙ වියදමත් වැඩියි. ගණන් කිරීමට ගතවන කාලයත් වැඩියි.
මේකට විසඳුම විදියට මගේ යෝජනාව නම් මේ අනවශ්‍ය ස්වාධීන කණුඩායම්-පක්ෂ ඉදිරිපත් වීම වැලැක්වීමට පියවර ගැනීම.

♣ ගණන් කිරීමේ මධ්‍යස්ථාන-ඡන්ද මධ්‍යස්ථාන ආදිය සඳහා පක්ෂයකට ඉදිරිපත් කල හැකි නියෝජිතයන් ප්‍රමාණය වැඩි කිරීම.
♣ ඡන්ද ලැයිස්තුවක් ප්‍රතික්ෂේප වූ විට (අදාල කාලය තුලදී) යලි ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම.
♣ ඇප මුදල් ප්‍රමාණය ඉහල දැමීම. මෙමඟින් නිකරුනේ ඉදිරිපත් වන ලැයිස්තු අවම කිරිම හා යම් ප්‍රතිශතයක් ලබාගත් විට ඇප මුදල් ලබාදීම. (යම් ලැයිස්තුවකට ලැබෙන ඡන්ද ප්‍රමාණය අපේක්ෂකයන්ගේ සංඛ්‍යාවටත් අඩු නම් ඡන්දයට ඉදිරිපත් වීමේ තේරුමක් තිබේද?)

මේවගේ යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමෙන් ඡන්ද පත්‍රිකාවේ දිග අඩුකරගන්න පුළුවන්. එහෙම වුනාම අවලංගු වන ඡන්ද ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන්.

සුළු සුළු ආබාධිත අයගේ ඡන්දය සලකුණු කරන්නත් අපි උපකාර කලා. අත වෙව්ලන වයසක උදවිය එහෙම ඡන්දය සලකුණු කරන්න කියල ඉල්ලනව. එයාලගෙ ඡන්දය ලකුණු කරල දුන්නට පස්සෙ එයාල ඒක ඡන්ද පෙට්ටියට දාන්න ඕන. එතනදිත් පොඩි පොඩි ගැටළු ඇති නොවුනාම නෙවේ.
ඔන්න සමහර වයසක ආච්චිලා සීයලා එනව ඡන්දෙ ලකුණු කරල දෙන්න කියාගෙන. කාටද දෙන්න ඕන කියල ඇහැව්වම අතේ ගුලි කරගෙන ඉන්න කොලයක් දෙනව. ඡන්ද මධ්‍යස්ථානයට එවැනි දේවල් ගේන්න අයිතියක් නැති නිසා අපිට ඒව බලන්නත් බෑ. ඒ අයට අංක මතක තියාගන්නත් බෑ!
තවත් සමහරු කෙලින්ම කියනව අහවලාට ඡන්දෙ දෙන්න කියල. "නාමල් මහත්තයට දෙන්න" "සජිත්ට දෙන්න" "නිරූපමාට දෙන්න"....
මෙහෙම කිව්වට අපි දන්නෙ නෑ නෙව මේ උදවිය මොන පක්ෂෙද කියල. ඇත්තටම දැනගත්තත් ඒ වගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න බෑ. අපේ කාර්ය වෙන්නෙ "එයාල කියන පක්ෂයට හෝ සලකුණට හා මනාප අංකයට/අංක වලට එයාලගෙ කැමැත්ත සලකුණු කිරීම" පමණයි. මනාප අංක කියාගන්නම බැරි අයගෙන් පක්ෂය අහගෙන මනාප නැතිව සලකුණු කල අවස්ථාත් තිබුන. ඒ වගේම සිහි මඳ ගතිය ඇති කෙනෙක් සහ මන්ද මානසික අයෙකුටත් ඡන්දය සලකුණු කලා.

හැබැයි මම හිතන විදියට "ඡන්ද අයිතිය හිමිවිය යුත්තේ අඩුම තරමින් තමන්ගේ කැමැත්ත කාටද කියල කියන්න පුළුවන් අයට" පමණයි. ඒ හැකියාව නැති අයට ඡන්ද බලය දීම කියන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නං නෙවේ.

82 comments:

  1. //ඒ වගේම සිහි මඳ ගතිය ඇති කෙනෙක් සහ මන්ද මානසික අයෙකුටත් ඡන්දය සලකුණු කලා.//
    දෙන්න කාටද චන්දෙ දුන්නෙ?

    ReplyDelete
    Replies
    1. රාජ් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න එපා. කෙනෙකුගේ චන්දය කියන්නෙ රහසිගත දෙයක්.

      Delete
    2. කාටද දුන්නෙ කියන එක නෙවේ අවුල. එතන ආව පවුලේ තුන් දෙනෙක්. අච්චි සීයා සහ මිනිබිරියක්. ආච්චි සහ සීයා යම් පක්ෂයකට ඡන්දය ලකුණු කරවාගෙන යන ගමන් කිව්ව දුවටත් ඡන්දය දාන්න ඕන බව සහ ඔවුන්ගේ පක්ෂයටම ඡන්දය දාන්න කියල. නමුත් අපි ඒ ළමයගෙන්ම උත්තරය ගන්න බැලුවත් වැඩක් උනේ නෑ. අර මුලින් කිව් පක්ෂයටම ගැහුව. මේක නීතියට එකඟද කියන එක අවුලක්. නමුත් කරන්න දෙයක් නෑ.

      Delete
    3. //රාජ් මේ ප්‍රශ්නයට උත්තර දෙන්න එපා. කෙනෙකුගේ චන්දය කියන්නෙ රහසිගත දෙයක්.//
      ඇත්තටම කාටද චන්දෙ දුන්නෙ කියන එකෙන් මම අදහස් කලේ පක්ෂය සහ මනාප දෙන්නෙ කාටද කියන එක ඔවුන්ට දැනීමක් තිබ්බද කියන එක. රාජ්ගෙ පිලිතුර පැහැදිලියි.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. රත්නපුරේ වෙන්ටැති හිටං...!

      Delete
    6. හි හි මං නම් දන්නවා කාටද දෙන්න අත්තේ කියලා..

      Delete
    7. රාජ් මම ඔබේ ලිපි කියවන රසිකයෙක්. මමත් 2000 වර්ෂයේ සිට මේ දක්වා පැවති සියළුම මැතිවරණ වලදී ජන්ද රාජකාරීවල නියැලී තියෙනවා.( ජන්ද මධ්‍යස්ථාන ලිපිකරු සිට සහකාර තේරීම්භාර නිලධාරී දක්වා වන හැම තනතුරකම) ඒවායින් වඩාත්ම හොදම රාජකාරිය තමයි ජන්ද මධ්‍යස්ථාන ලිපිකරු තනතුර මොකද වගකීම් අඩුයි. නොදන්නා නුපුරුදු ප්‍රදේශයකට ගිහිල්ලා සාමාන්‍ය රාජකාරිවලින් පරිබාහිර කටයුතුත්තක යෙදීමත් අර කිවුවා වගේ ටිකක් අනුමත වෙන්නත් පුළුවන්. ඔව් සමහර මධ්‍යස්ථාන බාරව ඉන්න ග්‍රාම නිලධාරීවරු ඉහලින්ම සලකනවා. සමහර අය දෙන කෑම එක කන්නවත් බෑ. හැබැයි. මේ මොන තත්වයකදී උනත් රාජකාරිය හරියටම ඉටුකෙරෙනවා. එක් අවස්ථාවකදී (2005දී) වල් ඌරු මස් මඤ්ඤොක්කා බයිට් එක්ක ගල් 3ක් රාලහාමි සැපයුවා. මම උන්දගේ ගෙවීම් වාර්තාව ඉහළින්ම දාලා දුන්නා.(අපිට සලකන හැටියටනේ අපිත්)

      රාජ් අපි ජන්ද මධ්‍යස්ථානයකදී හරි ගනන් කිරීම් ශාලාවකදී අත්සන් කරන රහස්‍යතා ප්‍රකාශය අනුව ඇතුළත සිදුවන ජන්ද විමසීමට අදාල තොරතුරු කිසිවක් උසාවියක දී හැර හෙළි කිරීම තහනම් නේද?

      ඒ නිසා මා සතු අත්දැකීම් නොකියා ඉන්නම්

      Delete
    8. //රාජ් අපි ජන්ද මධ්‍යස්ථානයකදී හරි ගනන් කිරීම් ශාලාවකදී අත්සන් කරන රහස්‍යතා ප්‍රකාශය අනුව ඇතුළත සිදුවන ජන්ද විමසීමට අදාල තොරතුරු කිසිවක් උසාවියක දී හැර හෙළි කිරීම තහනම් නේද?//

      එහෙම දෙයක් නං තියනව තමයි. නමුත් නිශ්චිත නොවන තොරතුරු කීම මම හිතන විදියට ලොකු අවුලක් නැතිව ඇති නේද?
      ඔය කාරණය අර "ආබාධිත ළමයාගේ ඡන්දය කාටද?" කියල කම්මල අහපු ප්‍රශ්නෙට ඇනෝකෙනෙක් දුන්න උත්තරෙන් පස්සෙත් මම ටිකක් කල්පනා කලා. පස්සෙ මට හිතුනෙ ඒකත් 'නිශ්චිත' කෙනෙක් ගැන කියන දෙයක් නොවන නිසා අවුලක් නෑ කියලයි.
      කොහොම උනත් පරෙස්සමින් කටයුතු කරන්න ඕන කියල දැන් හිතෙනව.

      Delete
  2. චන්ද දායකයා යම් පක්ෂයක නමක් එක්ක අපේක්ෂකයකුගේ නම (හෝ හඳුනාගත හැකි පරිදි නමක කොටසක්. උදා: නිරුපමා කියලා විතරක් වුණත් - නිරුපමාලා වැඩි ගණනක් නැතිනම්) සඳහන් කරනවා නම් විතරක් වුවත් කාර්ය මණ්ඩලයට ඒ අපේක්ෂකයාට චන්දය දාන්න හැකි විය යුතුයි. ඉලක්කම මතක තියා ගන්න අවශ්‍ය නැහැ. ඉලක්කම කියන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ පහසුවට කරන දෙයක්. චන්ද දායකයා චන්දය දෙන්නේ පුද්ගලයකුට මිසක් ඉලක්කමකට නෙවෙයි. ඉලක්කම් තුනක් මතක තියා ගන්න අමාරු නැති වුණත්, චන්ද දායකයාට ඒ අයිතිය ලැබිය යුතුයි. දුබල මතකය කියන්නේ චන්ද අයිතිය ප්‍රතික්ෂේප කරන්න කාරණාවක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඔය තර්කය මාත් දැම්ම. නමුත් අපිට ලැබුන උපදෙස තමයි මම සඳහන් කලේ. ඡන්දය කියන්නෙ කෙනෙකුගෙ කැමැත්ත. ඔවුන් නමින් හෝ කැමැත්ත ප්‍රකාශ කරනව නම් (ඔබ කිව්ව විදියට/අනන්‍යව) ඡන්දය සලකුණු කිරීමේ බලය දියයුතුයි කියන මතයේ මාත් ඉන්නෙ. කොහොම උනත් මේ ගැන කතාකරන්න අවස්ථාවක් ලැබුනොත් අනිවාර්යෙන්ම මේ තර්කය ගේනව.

      Delete
    2. කාලෙකට ඉස්සර කළුතර වැලිපැන්නේ ඡන්දපොළක් බාරව ඉද්දි ඔය වැඩේ හරියට උනා.මිනිස්සු ඇවිත් නම්වලින් කියනවා.ඉතිං අපිත් ඒ අනුවම ඡන්දය සලකුණු කළා.

      Delete
    3. මේ ඇත්ත හැලපෙද බොරු එකාද?

      Delete
    4. බොරු හැලපෙක් නෑ බං..

      Delete
    5. මොකෝ නැත්තෙ? කලින් මගේ පෝස්ට් බලපං

      Delete
  3. //ඒ වගේම සිහි මඳ ගතිය ඇති කෙනෙක් සහ මන්ද මානසික අයෙකුටත් ඡන්දය සලකුණු කලා.//

    :O ඒ වගේ අයට ජන්දේ දෙන්ට පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. පන ඇති හැමෝටම ඡන්ද අයිතිය හිමියි

      Delete
    2. සිහිය තියෙන අයගේ චන්දෙවත් සිහියෙන් පාවිච්චි නොකරන එකේ ඒකෙ ලොකු අවුලක් නෑ අයියේ

      Delete
    3. සර්වජන ඡන්ද බලය කියලයි මේකට කියන්නේ.

      Delete
  4. බලාගෙන හිටිය එකක්.. ඔය ඇස්පීඕ එන විදුහල්පත් මහත්තුතුරු තමා ජන්දේ ඉවර වෙලා හය හත වෙනකං ලිස්ට් බැලන්ස් කරන්නේ.. රාජ්‍ය කළමණාකරණ සේවයේ අය නං වැඩේට ලැහැස්ති වෙලා ඔක්කෝම හදාගෙන ඉදල අන්තිමට ඉවර වෙලා පැය බාගයක් යන්න කලින් පෙට්ටි සීල් කරනවා. හීනියටවත් අනුමත වෙන්න එපා කියල කියලයි බං අපේ පොලිස් මාමලට.. මං දන්නැනේ..

    ReplyDelete
    Replies
    1. කවුරු හිටියත් මම නං කරන්නෙ ඡන්දෙ දවසෙ හතරයි තිහ විතර වෙද්දි යන තැනට කටයුතු සැලැස්වීම. ගිණුම් හැදිලි බැලන්ස් කිරිලි මම ම භාරගන්නව. (ඕවත් වැඩද අපිට!) අවුලක් වෙන්නෙ නං නෑ.
      පොලිසියට ටිකක් තදින් දැනුම්දිල තියනව අනුමත වීම ගැන. හැබැයි සමහර තැන්වල බුවාල නං කරටි කැඩෙන්න ගහල ඉඳල තියෙන්නෙ.

      Delete
    2. පෙට්ටි වහන එකත් වැඩක්ද බං.මම නං හතර පහු උන ගමන් වහන්න ගන්නව හතරහමාර වෙද්දී පෙට්ටිය උස්සලත් ඉවරයි.2010 මහ ඡන්දෙදි මම හිටියෙ කැස්බෑවේ ඡන්ද පොළක.එක ඉස්කෝලෙ ඡන්ද පොළවල් දෙකක් තිබ්බා.අයිති ග්‍රාම සේවක හෙන යු ඇම පී කාරයා.රාත්තිරියෙ ඡන්දපොළේ ඔක්කොටොම මිනිහ ගානෙ ඕල්ඩ් ඇරැක් සහ ප්‍රයිඩ් රයිස් සංග්‍රහයක්.හොඳට ගහල පොර ඩෙස්ක් එකක් උඩ නැගල කතා පවත්තනවා.

      Delete
    3. පෙට්ටි අරින එකයි වැඩේ

      ඔහොම රාලහාමිල වාසනාවන්. වැ‍ඩේ කියන්නෙ මෙතුවක් කාලෙකට මුනගැහිල නෑ ඔහොම බුවාල

      Delete
  5. මම හිටියේ ඡන්ද ගණන් කිරීමේ රාජකාරිවල. ‍ඔය එක එක නම් තියෙන පක්ෂවලින් ආපු නියොජිතයො උන්ගෙ පක්සෙ සලකුණවත් දන්නෙ නෑ. හැම එකාම මොකක් හරි වෙන පක්ෂෙකට කඩේ යන උං. මමත් හිතන්නෙ ඇප මුදල් වැඩි කිරීම කාලෝචිත යෝජනාවක්. නැත්නම් ගණන් කරනකොට බැලට් පේපර් එක දිග අරින්න වෙනම කාලයක් යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. බැලට් පේපර් එක දිගහරින්න තමයි වැඩි වෙලාවක් යන්නෙ. ඒ වගේම ඡන්ද හාරසීයක් විතර වැටෙද්දි පෙටිටිය ලඟ ඉඳගෙන අඩිරූල ඔබන්නත් ඕන.

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මේ කියන සිහි මද අය සහ සෙමෙන් මනස වැඩෙන අය ඡන්දය දෙන්නේ කොහොමද කියන එකන්ම් ප්‍රශ්නයක් තමයි. මමත් දන්න තරමින් ඒකට පිලිගත් ක්‍රමවේදයක් නෑ. දෘශ්‍යාබාධිත අයටනම් තමන් ට කැමති අයෙක් කැඳවාගෙන යන්න පුලුවන්. (ඊට ක්‍රමවේදයක් ඇත.) නමුත් මේකනම් හැබෑම ප්‍රශනයක්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ කෙනෙක් කියන විදියට මේක රාලහාමිගෙ වැඩක්.
      දෘශ්‍යාබාධිත අයට නං පුළුවන් තවත් කෙනෙක් ගෙනියන්න.

      Delete
    2. මම දන්න විදියට නම් ජන්දය ළකුණු කරන ස්ථානයට පිටස්තර කිසිවෙක් යා නොහැකියි. ට උපදෙස් දෙන්නේ තවත් නිළධාරියෙකු සමග එවන් අයට සහය දක්වන්න කියලයි.

      Delete
    3. ඇනෝ,
      ඔය නීතිය තියෙන්නෙ ඡන්දය සලකුණු කරන්න අපහසු අයට. නමුත් පූර්ණ දෘශ්‍යාබාධිතයෙකුට පුළුවන් තව කෙනෙක් ගෙනියන්න.

      Delete
  8. මම මැද කොළඹ ඡන්ද මධ්‍යස්ථානෙක වැඩ කරන කොට ආවා සුදු ඇඳගත්ත දැවැන්ත පස්සක් තියෙන උඹලා කවුරුත් දන්න හඳුනන රදල ටයිප් කාන්තාවක්. ඇවිත් අපිට කිව්වා
    මම අර කන්ද උඩ එනකොට දැක්කා බ්ලු/ග්‍රීන් කැප් ඇඳගත්ත නරක ෆෙලෝස්ල වගයක් බ්ලූ/ග්‍රීන් කැප් ඇඳගත්ත ෆෙලෝස්ලා වගයකට හොඳටම හිරිහැර කරනවා. මට ඒක ඇන කම්ප්ලේන් කරන්න ඕනෙ" කියලා. SPO මොනව කිව්වද කියලවත්, පොලිසියෙන් ඒකට මොනවා කරාද කියලවත් මට මතක නෑ. මට මතක තියෙන්නේ අර දේ කිව්ව ඇක්සෙන්ට් එකයි, පස්සෙ ප්‍රමාණයයි විතරයි.

    ඒ එක්කම මම ලුම්බිණියෙ ඡන්ද ගණං කලා. ඒක අස්සේ ඕනෙවටත් වඩා කට්ටිය ඉන්න හන්දා රිසර්ව් පූල් එකේ හිටපු අපි හුඟක් වෙලාවට කලේ අර ‍ෆ්‍රී මීල්ස් කකා කිරිකෝපි බිබී සිගරට් ඇද ඇද හිටපු එක. වරින් වර ගිහින් අතනට ඔලුව දාලා සපෝර්ට් එකක් දෙනවා.

    ReplyDelete
    Replies
    1. පස්සෙ ප්‍රමාණයයි ඩූඩ් ගෙ ප්‍රමාණයයි සැසඳීමේදී ඩූඩි කොච්චර ඈතින් ඉඳං මේ සිදුවීම රසවින්දද කියලා හිතාගන්න පුළුවන්. බැරිවෙලා අර නෝන කකුල පැටළිලා ඩූඩිගෙ ඇඟට ඇදං වැටුනනං එහෙම...

      Delete
    2. හෑ! කවුද පස්ස ලොකු ඒ බවලතා. ඔය බවලත්තුන්ගෙ මූන බලනව මිසක් පස්ස බලන්නෙ නෑ නෙව ටීවී බැලුවත්.

      Delete
    3. නම කියන්න බෑ බං ප්‍රසිද්ධ මාධ්‍යයකින්. පෞද්ගලිකත්වයට ගරු කරන්න එපායැ. ඇමති බිරිඳක්. ඡායාරූපකරණයෙ යෙදුනා. හිතාගනිං. එයාද කියලා අහන්නෙපා.

      Delete
  9. මං ගිය ඣන්දපොළකදි, කලින් මහ මැතිවරණෙ මට මතක හැටියට 2010 දි, සීය කෙනෙක් බුලත් කොලේට කතිරෙ ගහලා, මට කතා කරලා ඇහුවා “මේකෙ පංචායුදේ තියෙන්නෙ කොතනද?“ කියලා, ඒකටත් කතිරෙයක් ගහන්න.

    මං මේ පාර ගියෙ කොච්චිකඩේ. එතනත් ග්‍රාමසේකර නෝන කෙනෙක් හිටියෙ. අපිට බ්‍රැන්ඩි බාගෙකුයි, කූල් හේන්කන් බියර් එකකුයි, කොකාකෝලා ලීටර් 1 1/2 කුයි, සිගරැටුයි, බයිට් එකට චිකන් ඩෙවල් එකයි.... ඔය ආදී දේවල් ගෙනත් දුන්නා. උදේ කෑමට රතු හාල් බත් සහ පාන්, ඉස්සො, පරිප්පු, සම්බෝල, ආදිය... දවල් කෑම ගැන තව විශේෂෙන් කියන්න ඕන් නෑනෙ. මම ඉහළින්ම රෙකමන්ඩ් කරනවා ඡන්ද රාජකාරි යනවනං ඕං තැන...

    ReplyDelete
    Replies
    1. තව සැරයක් (ඇටිකෙහෙල්ගල්ල පාසලේදි) මොබයිල් එකෙම්ම ඕල්ඩ් බෝතල් දෙකක් ගෙනත් දුන්නා පොලිසියෙ උදවිය...

      Delete
    2. ඩ්‍රැකී රාජ්‍ය සේවෙ කියල දැනගෙන හිටියෙ නෑ නෙව!
      ඔහොම සැලකිලි ලබන්න පෙර පින් ඕන ඇති බං.

      මෙදා සැරේ ආච්චි කෙනෙක් කූඩුව ඇතුලට ගිහිල්ල ඡන්දෙ ලකුණු කරල අපට කිව්ව මනාප ගහල දෙන්න කියල. බැලට් පේපරේ අරගෙන බලද්දි බුලත් කොලයටයි සීනුවටයි දෙකටම ඡන්දෙ දීල. ඊට පස්සෙ අංක දෙකක් කිව්ව ගහන්න කියල. අපිත් ඒ දෙකට ගහල දුන්න. ආච්චිගෙ ආසාවනෙ කියල.

      Delete
    3. මං ප්‍රෙස් එකේ රාජ්... කලිං පීඑස්සී ත් හිටියා... පෙර පිං නං නෙවෙයි, කතෝලික පැති වල ඔහෙම තමා. හොඳට කන ‍බොන උදවිය හොඳට සළකනවා. ඒක අපේ රටේ තියෙන හොස්පිටල්... (මොකද්ද ඔය වගේ වචනයක්)

      අර ආච්චිගෙ සීන් එක නං හිනා හතයි...

      Delete
  10. https://www.facebook.com/photo.php?fbid=164333217233987&set=gm.1630197200582255&type=1&theater

    ReplyDelete
    Replies
    1. බුකිගත වෙන්න බෑ බං මේ මැසිමෙන්...

      Delete
  11. රසකතන්දර නිමක් නෑ..
    මේ පාර නිකුත්කිරීම්, භාරගැනීම් සහ ගනන්කිරීම් පමණයි...
    ඒ නිසා මධුවිතට තිත..

    මොනව උනත් කථාකරන්න තරං දෙයක් ඉතුරුවෙන්නේ නයිටක් ගහනවනං තමයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මම නං කැමතිම නැති ඩියුටියක් ඕක. කිසි ගතියක් නෑ නෙව.

      Delete
  12. ඔය ස්වාධීන කණ්ඩායම් වලටත් සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ලැබෙන අවස්ථා තියෙනවානෙ. ඉතිං ඒකෙන් වෙන්නෙ අවාසියක් කියන එක තේරෙන්නැද්ද ඔය කණ්ඩායම් හදන මහ පක්ස කාරයින්ට?

    ReplyDelete
    Replies
    1. ඡන්ද ටිකක් ලැබෙනව නං ඒ ඇත්තම ස්වාධීන කණ්ඩායම් වලට. බොරු ඒවට නං උංගෙ ඡන්දෙත් නෑ.

      Delete
  13. අපේ රටේ සාක්ෂරතාව ඉහලයි කිව්වාට තව පරම්පරාවක් විතර යනතුරු සළකුණු, පාට, අංක මත යැපීම තියෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. කෙලින්ම නමට තිබුන නං හරි. එතකොට කියන්න බෑ "අපේ අංකය ජනතාව අතරෙ යවන්න පෝස්ටර් නැතුව බෑ" කියලත්.

      Delete
  14. උඹ මන්ද මානසික එකාටයි සළකුණු කරලා තියෙන්නේ.. ඒ උනාට ෆයිනල් රිසාල්ට් එක ආවම මන්ද මාන්සික උන් ලක්ෂ 45 කටත් වඩා උන්නා...

    ReplyDelete
    Replies
    1. 45 ට නම් වැඩියි තමයි . ලක්ෂ 50 ක්ද කොහෙද
      හැබැයි හොර ඡන්ද නෙමෙයිනම් විතරයි

      Delete
  15. Replies
    1. යකේ පත්තරෙත් දාලද ඒටිකට

      Delete
  16. / හැබැයි මම හිතන විදියට "ඡන්ද අයිතිය හිමිවිය යුත්තේ අඩුම තරමින් තමන්ගේ කැමැත්ත කාටද කියල කියන්න පුළුවන් අයට" පමණයි. ඒ හැකියාව නැති අයට ඡන්ද බලය දීම කියන්නෙ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නං නෙවේ. /

    ඉලෙක්ෂන් ඩිපාර්ට්මෙන්ට් එකේ වෙබ් සයිට් එකෙන් කොපි කරපු අදාල තැනින් කොපි කරගත් ටෙක්ස්ට් එක පහත පේස්ට් කර ඇත, මෙවැනි ජන්ද කපා හැරීම ග්‍රාමසේවකගේ වගකීමක් බවයි හිතන්නේ.
    /.....................
    Qualifications to register as an Elector
    01 Must be a citizen of Sri Lanka.
    02 Must have attained the age of 18 years on the qualifying date for the relevant register June 1st.
    03 Must not have been found or declared to be of unsound mind under any law in force.
    04 Must not have been serving or not served imprisonment during the immediate proceeding seven years.
    05 Must be ordinary resident at the relevant address on the operative date.
    06 No person is entitled to have his name entered or retained in more than register or more than once in the same register.

    ReplyDelete
    Replies
    1. හරි. බොහොම ස්තුතියි. මේක ග්‍රාම නිලධාරීන් කරන්න ඕන වැඩක් වගේ.

      Delete
  17. කායික ආබාධ තියෙන අයට තිබුණට මානසික ආබාධ තියෙන අයට ඡන්ද අයිතිය නෑ කියල අද ලංකාදීපෙ තියෙනව මම දැක්ක.

    ReplyDelete
  18. රාජ් හම්බන්තොටද??
    කොච්චර කොහොම මොන දේවල් උනත් මේ පාර ඡන්දය සාමකාමීව තිබ්බ එක නම් ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒක නම් ඇත්ත. ඇත්තටම සාමකාමී නම් හොඳයි. සාමකාමීකම තිබුනෙ මතුපිටින් විතරයි කියලත් සමහරු කියනව

      Delete
    3. හම්බන්තොට

      මධ්‍යස්ත
      මතුපිටින් කියන්නෙ?

      Delete
    4. බුකියෙ එක එක කතා යනව නේද
      මගෙ පෝස්ට් එකටත් කොමෙන්ට් දෙකක් ඇවිත් තිබුන විකල්ප මතයක් දරන දෙදෙනෙකුගෙන්.
      බොහෝ විට පදනම් විරහිත ප්‍රකාශ වෙන්න පුළුවන්. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් සත්‍ය පහදන වැඩමුළු තියන එක හොඳයි. නැත්නම් තැන් තැන්වල කසු කුසු ගානවනෙ.
      මගෙ මතයනම් ගනන් කරනකොටනම් කොහොමවත් හොරකරන්න බෑ කියන එක.

      Delete
    5. පදනම් විරහිත ප්‍රකාශ

      Delete
  19. ඉන්දියාවෙ නම් ඡන්ද මැසිමක් තියෙන්නෙ. ඒ මැසිමෙ බොත්තමක් ඔබන්නයි තියෙනව කියන්නෙ. අඩුතරමෙ ප්‍රාදේසිය සබා එකකදි වත් පයිලට් පොජෙක්ට් එක්ක විදියට සෙට ්ෙවනවා නම්... ඡන්ද ගනින්න යන ලොකු වෙලාවක් ඉතුරු වෙනවා ඉලෙක්ටොනික් ක්‍රමයෙදි..

    ReplyDelete
    Replies
    1. ලෝකයේ සාපේක්ෂව විශාලතම රාජ්‍ය සේවයක් තියන ලංකාවේ, රාජ්‍ය සේවකයන්ට රටට සේවය කරන්න තියන ඉතාම සීමිත අවස්ථා ගණනින් එකක් තමයි, ඉලෙක්ෂන් ඩියුටි, ඡන්ද මැෂිිමක් ගෙනත් ඒම අවස්තාවත් රාජ්‍ය සේවකයාට නැති කරන රාජ්‍ය ද්‍රෝහී යෝජනාවට මගේ බලවත් විරෝධය. ඉලෙත්ෂන් ඩියුටිත් නැතිවුනොත් වෙසක් එකට කූඩු හදන එක විතරයි ඉතිරිවෙන්නේ.

      Delete
    2. ලංකාවෙත් ඡන්ද මැසිමක් තිබුන. වැඩේ කියන්නෙ ඒ ඡන්ද මැසිමෙ තෙල් ඉවර වෙලා ජාතික ලැයිස්තුවෙන් ඇතුලට ආවෙ.

      Delete
    3. රාජ්,

      අන්න කතාව... :-)

      Delete
  20. රස්සාවල් දෙන එකයි, සමුර්ධි වගේ දුප්පත් කම නැති කරන ව්‍යාපාරයි, අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, මහා මාර්ග, ඉඩම්, සුරාබදු ලයිසන් වගේ දේවල් ස්වාධීන කොමිසම් වලට දුන්නනම් චන්දෙ ඉල්ලන්න කට්ටිය හොයන්න වෙයි. 1972 පටන්ගෙන 1977 දරුණු උන වුන ජන ජීවිතය දේශපාලණීකරනය නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්ණ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. තීරණ ගැනීම ප්‍රතිපත්ති හැදීම වගේ දේවල් තිබුනනං කවුරුවත් යන එකක් නෑ.

      Delete
  21. ස්වාදීන කණ්ඬායම් සමහරක් ඉදිරිපත් කරන්නෙත් මහ පක්ෂ වලින්මනේ.. ඇත්තටම ඉතින් ඔය වයස්ගත් එහෙමත් නැත්නම් ආභාද තත්වයන් තියෙන අයගේ ඡන්ද වෙන්න ඇති වැඩි හරියක් ප්‍රතික්ෂෙප වෙන්නෙත්..

    ReplyDelete
    Replies
    1. ඔව්.
      ඒ වගේම ඡන්දෙ කටුගාන එවුනුත් ඉන්නවනෙ

      Delete
  22. අර හිටපු ගැහැණු අය ඔක්කොම ඔයාට වඩා වැඩිමල් වෙන්න ඇති නේද.. නැත්තං ඉතින් ගැහැණු අය වැඩිවෙනවට පිරිමි අකමැති නෑනේ.. හොඳ වැඩේ බොන්න බැරිවෙච්ච එකට...

    අපේ අම්මා කියනවා ඔය ස්වාධීන කණ්ඩායම් අනම් මනම් කරවන්නෙත් පරාදවෙන ලකුණු තියෙන මහපක්ෂේකින්ලු. චන්ද කඩන්නලු.. චන්ද පත්‍රිකාව ගැන ඔබේ අදහස ගොඩක් පැහැදිළි යි

    ReplyDelete
    Replies
    1. ඔව් අනේ. හතලිහ පැනපු එවුන් ටිකක් නෙව හිටියෙ.

      Delete
  23. //"මෙදා ඡන්ද මධ්‍යස්ථානයට දාපු නිලධාරී මණ්ඩලය නං අන්තිමයි. කාන්තාවන්ම එකොලහක් හිටිය. පිරිමින්ට හිටියෙ මමයි SPO මහත්තයයි තව දෙන්නෙකුයි විතරයි."//
    අන්තිමයි කියලද අන්තිම හොඳයි කියලද කිව්වේ

    කොහොම වුනත් අනවශ්‍ය ලෙස ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් වීම වැලැක්වීම හොඳයි. ඒ වගේම චන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වුනාම නැවට ඉල්ලුම් කිරීමට කාලයක් දෙන එක හොඳ වැඩක්

    ReplyDelete
    Replies
    1. ඔව්. පක්ෂයට ලැයිස්තුවෙ පොඩි වරදක් තිබුන කියල ප්‍රතික්ෂේප කිරීම හොඳ නෑ.

      Delete
  24. මම දන්නා එක අක්කා කෙනෙක්ට මේ ගමන ජන්ද රාජකාරි වැටිලා තිබ්බේ ඒයාලාගේම ජන්ද මධ්‍යස්ථානයේ.එක එහෙම වෙන්න පුලුවන්ද රාජ්?එයා ඉල්ලපු පහෙන් එකක්වත් නැතුව තමයි ඒ ජන්ද මධ්‍යස්ථානය ලැබිලා තිබුනේ.

    ස්වාධින කණ්ඩායම් වල ඇප මුදල වැඩි කිරීම හොඳයි.ඔය සමහර ස්වාධින කණ්ඩායම් අපේක්ෂකයෝ හොයා ගන්නේ පත්තරේ දැන්වීම් දාලා හිටං.

    ReplyDelete
    Replies
    1. කාන්තාවන්ට එහෙම වෙන්න පුළුවන්.

      Delete
    2. වෙන්න පුළුවන්. ඒත් මේබව කියලා මධ්‍යස්ථානය වෙනස් කරගන්න පුළුවන්. වඩාත් හොඳ ඒ ක්‍රමය තමයි.

      Delete
  25. සිහිමඳ ගතියෙන් නේන්නම් අනේ මේ පාරත් හුඟ දෙනෙක් චන්දේ දීලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. :-)
      මාතලන් නං ගානත් එක්ක කියල තිබුන.

      Delete
  26. මේ පාර තමයි මං මුල් වතාවට ඡන්ද රාජකාරි ගියේ.අපි අහලා තිබුන ප්‍රචන්ඩ මැතිවරණයක් නම් නෙමෙයි තිබුනේ.හුඟ දෙනෙක් මනාප ලකුණු කරන කොටු ටික දැකලා තිබුනෙත් නෑ.(වයසක අය වගේ)
    ඡන්ද පතිුකාවේ දිග ගැන කිවුව කතාවට මාත් එකඟයි.ඒ වගේම එක ස්වාධීන පක්ෂයක් ඉදිරිපත් වෙලා හිටියා.එයාලම දන්නවළු එයාලට ඡන්ද නෑ කියලා..ඉතින් අපි ඇහුවා ඇයි ඉදිරිපත් වුනේ කියලා
    උත්තරේ ප්‍රධාන පක්ෂෙකින් ඉල්ලන කෙනෙක් වෙනුවෙන්ළු.එතකොට ඡන්ද පොලවල් වලට ගනන් කරන තැන්වලට ඇත්ත පක්ෂෙනුයි බොරු පක්ෂෙනුයි 0 2දාන්න පුළුවන් හින්දා කාටවත් බොරු කරන්න බෑළු.හැබැයි ඒ අපේක්ෂකයා නං පැරදුනා

    ReplyDelete
  27. ඉලෙක්ට්‍රොනික නිල චන්ද හැඳුනුම්පතක් හදල ඒකෙන් චන්දෙ පාවිච්චිකරන්න පුලුවන් ක්‍රමයක් හැදුවනම්(atm කාඩ් පතක් වැනි), ඊටපස්සෙ තමන්ගෙ චන්දෙ සිස්ටම් එකකට අප්ඩේට් වෙන විදියට්๬ හැදුවනම් කෝටි කීයක් ඉතිරිවෙයිද.

    ReplyDelete