Thursday, December 15, 2016

ආගමික සංකේත සහ ආගමික පොලිසි!

"නැව් සුක්කානමක" හැඩය ගත් සලකුණක් සහිත සපත්තු විකිණූ වෙළඳසැලක් වැටළූ චීවරධාරීන් කිහිපදෙනෙකු උක්ත සලකුණ බුදු දහමෙහි කියැවෙන ධර්මචක්‍රය බව පවසමින් පිස්සු කෙලින වීඩියෝවක් අන්තර්ජාලයේ වෛරල් වෙමින් පවතී. සියල්ල අතහැර පැවිදි වුවද සියල්ල බදාගන්නා පැවිද්දන් ගැන කතාකිරීම අනවශ්‍යය. ඔවුන් පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමකි. එසේ නොවුනහොත් පසුගිය රජය සමයේ මෙන් චීවරධාරීන්ගේ පිස්සුව උත්සන්න වීමට ඉඩ ඇති අතර ඒ හේතුවෙන් පාලකයන්ට මෙන්ම රටටද බොහේ දේ අහිමි විය හැකිය.

චීවරධාරීන් කුමක් කලද ආගමික සංකේත සම්බන්ධයෙන් රටකට නීති රීති අවශ්‍යය. කුමක්ද මේ ආගමික සංකේත?
ආගමික සංකේත යනු ඕනෑම ආගමක ශාස්තෘන් විසින් දේශනා කල දෑ සහ ආගම්වලට අනන්‍ය වූ දේවල් ආදියයි. ඒවා සියල්ල ඒ ඒ ආගම්වලට සහ ආගමිකයන්ට අයත් බුද්ධිමය දේපල ලෙස සැලකිය හැකි අතර ඒවා යොදාගැනීම හෝ පාවිච්චිය සම්බන්ධව සීමා තිබිය හැකිය. උදාහරණයක් ලෙස ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ආගමික නායකයෙකුගේ නම යොදාගත නොහැකි යැයි නීතියක් තිබේ. බුද්ධා වයින් ස්ටෝර්ස් හෝ මුහම්මද් නබි මස් වෙළඳසල හෝ ජීසස් බේකරිය වැනි ව්‍යාපාර ලංකාවේ ලියාපදිංචි කල නොහැකිය. බුදු පිළිම හා ඡායාරූප, බුදුදහමේ සඳහන් සංඝ්‍යාගේ පිළිම සහ ඡායාරූප ආදියද ව්‍යාපාරික හෝ වෙනත් අරමුණු වෙනුවෙන් යොදාගැනීම නොකල යුතුය. මේවා සම්බන්ධ නීති රීති ඒ ඒ රටවලට ගැලපෙන ලෙස යොදාගෙන තිබේ. උදාහරණයක් ලෙස ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක වන මැදපෙරදිග රටවල කුරාණයට අපහාස සිදුවන ආකාරයේ ක්‍රියාවන්ට ලැබෙන දඬුවම් බරපතලය.


◄මෙවන් රෝද සහිත කරත්තයක් අදින ගොණුන් පවුකාරයන්ය!

කෙසේ වුවත් එක් එක් ආගම්වල පවතින නීති රීති ඒ ඒ ආගම්වල දර්ශනය සමඟ බැදී පවතී. ඉස්ලාමයේ පවතින නීති රීති දැඩි වන අතර කතෝලිකයන් තම ආගමික සංකේත සම්බන්ධයෙන් එතරම් දැඩි පිලිවෙතක් අනුගමනය නොකරයි. උදාහරණයක් ලෙස ‍ජේසුස් වහන්සේගේ හෝ කුරුසිය වැනි රුව සහිත ඇඳුම් පැළඳුම් කතෝලිකයන් පාවිච්චි කරන අතර දෙවියන් වහන්සේ ඡායාරූපයට නැඟිම පවා ඉස්ලාමයට අනුව නොකල යුත්තකි. අනෙක් ප්‍රධාන ආගම් දෙකට සාපේක්ෂව ආගමික සංකේත විශාල ප්‍රමාණයක් ඇති බෞද්ධයන් ඒවා සම්බන්ධයෙන් දක්වන්නේ ගෞරවය මුසුවූ ප්‍රතිචාරයකි. බුදුන් වහන්සේ හෝ රහතන් වහන්සේලා නියෝජනය වෙනුවෙන් කිසිවකු පෙනී නොසිටින අතර නාට්‍යමය අවස්ථාවක වුවද යොදාගන්නේ සංකේත පමණකි. ඒ ගැන ප්‍රශ්නයක්ද නැත.


මේ කොකිස් කෑවොත් පවුද?►


මතභේදයට තුඩුදෙන කරුණ වන්නේ ආගමික සංකේත නිසි පරිදි අර්ථදක්වා ගැනීමයි. අවුල් ඇතිවන්නේ එසේ නොවූ විටය. මගේ විශ්වාසය අනුව ආගමික සංකේත ලෙස සැලකිය හැක්කේ කෙලින්ම ශාස්තෘටත්, එවැනි අනෙකුත් පුද්ගලයන්ටත්, අදාල ශාස්තෘ හෝ ආගම විසින් හඳුන්වා දුන් යම් යම් දෑ වෙතොත් ඒවාය. ඒ අනුව ආගමික නායකයන්ගේ රූප-පිළිම ආදියත්, ඔවුන්ගේ දේශනා පාඨ-ගාථා-යාඥාපාඨ ආදිය මීට අයත්ය. එමෙන්ම ආගමිකයන්ගේ නිෂ්පාදන වන ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, මක්කම වැනි ස්ථානවල අයිතියද ඔවුන් සතුය. එහෙත් මිනිසා විසින් නිපදවන ලද හෝ ස්වභාවයේ පවතින දේවල්වල අයිතිය ආගමිකයන්ට නොමැත. උදාහරණයක් ලෙස බුදුන් වහන්සේ එක් අවසථාවක යම් ධර්ම කරුණක් [මෙය බ්ලොග්කරුට අමතකය] විස්තර කිරීමට යොදාගත්තේ එකල පහසුවෙන් පෙන්විය හැකි උදාහරණයක් වන කරත්ත රෝදයක්ය.කරත්ත රෝදය 'ධර්මචක්‍රය' ලෙස බෞද්ධයන් හැඳින්වූ පමණින් එය වෙනස් වන්නේ නැත. තවත් උදාහරණයක් ලෙස කුරුසිය, කතෝලිකයන්ගේ සංකේතයක් වන අතර කුරුසිය කතෝලිකයන්ට පූජනීය වීමටත් ප්‍රථම මිනිසුන් යොදාගත් උපකරණයකි. ඉස්ලාමයේ ඇති අඩ සඳ හා තාරකා සලකුණ සම්බන්ධ තත්වයද එසේමය. සරළව කිවහොත් ඔවුන්ගේ දේවල් ඔවුන්ටය. අනෙක් දේවල් ඕන කෙනෙකුට විවෘතය.

ආගමික සංකේත සම්බන්ධයෙන් මා ඉහත සඳහන් කල ආකාරයේ නීති රීති පද්ධතියක් රටේ පොදු නීතියට අවශ්‍යය. එවිට ඕනෑම අවස්ථාවක් සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කල හැකි අතර නීතිය අතට ගැනීමට කිසිවකුට ඉඩ ලැබෙන්නේ නැත. ආගමික සංකේත තිබුනාට ආගමික පොලිසි අවශ්‍ය නැත. ආගමික හෝ නිර් ආගමික ඕනෑම අයෙකු ආගමික සංකේත අවභාවිතා නොකල යුතු අතර එකිනෙකා සම්බන්ධයෙන් ඇති ගෞරවයේ තරමට සමානුපාතිකව ජනවර්ග අතර සමඟියද පවතිනු ඇත.

29 comments:

  1. කොයිතරම් හොලිවුඩ් කොමෙඩිවල කතෝලික/ප්‍රොතෙස්තන්ත පූජකයින් හා කතෝලික කන්‍යා සහෝදරියන්, මදර් සුපීරියර්වරියන් හාස්‍යයට ලක් කරලා තියනවද කියලා දැකලා ඇතිනේ. වෙන එකක් තියා ජස්ට් ෆෝ ලාෆ්ස් වල ජීසස් ලෙස ඇඳගෙන පිලිම හදලා කොයිතරම් ජෝක් කරනවාද කියලා.
    මෙහෙ කිසිම ආගමක පූජකයෙක් ගැන එහෙම කලොත් මරාගන්න එයි

    වෙන එකක් තියා කතෝලික බහුතරයක් ඇති රටවල පෙන්නුව ඩා වින්චි කෝඩ් එක මෙහෙ තහනම් කරන්නෙයි කියලා කිව්වෙ. කතෝලික විතරක් නෙමෙයි හාමුදුරුවරුත් කිව්වා ආගමකට අපහාසනම් තහනම් කලයුතුයි කියලා. අපි මාර සීරියස් රටක්
    අපි ආගම් පිලිනොපැද්දාට ඒවා ආරක්ෂා කිරීමට මරා ගන්න කැමති රටක්

    http://www.adweek.com/adfreak/10-uncool-ads-and-products-featuring-jesus-11816

    ReplyDelete
    Replies
    1. වැල සයිට් එකකට ගිහිල්ල බලපං. නත්තල් සීයලාම කොච්චර ඉන්නවද කියල. :-)

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. :) බුදුහාමුදුරුවෝ උදාහරණයට ගත්තේ කරත්ත රෝදෙනේ, දැ ඔය බුද්ධාගමේ තියෙන්නේ ගරාදි පොලු එලියට පැන්න වර්ෂන් එකක්නේ ඕවා දෙකක් කරත්තෙකට හයිකොරාත් කරත්තේ යන්නේ කොහොමද කියා මට පුංචිකාලේ නම් අවුලක් තිබ්බා.

    ඉන්දියාවේ ජාතික කොඩියේ තියෙන්නේ අශෝක අධිරාජ්‍යයාගේ ධර්මචක්කරේ එකේ ස්පොක් 24යි (සමහරු කියන්නේ නම් ඒක ගාන්ධිගේ කපු කටින රෝදේ කියා), දැන් එතකොට ස්පොක් එළියට පැනපු මේ ධර්මචක්කරේ කොහෙන් ආව එකක්ද?

    ReplyDelete
    Replies
    1. අශෝක තමයි රෝදේ (චක්‍ර) කරකවපු කෙනා නොහොත් චක්‍රවර්තීන්

      Delete
    2. ඇත්තටම ධර්මචක්‍රය තිබුනත් අවුලක් නෑ

      Delete
  4. අනිවාර්යයෙන්ම යම් ආගමකට ශාස්තෲවරයෙකුට අපහාසයක් අගෞරවයක් කිරීම හොඳ නැහැ.නමුත්,
    දකින කරත්ත රෝදෙයි, කොකිසයි, නැවේ සුක්කානමයි ධර්ම චක්‍රය විදියට දකින එකත් ධර්මයට කරන අගෞරවයක්. ( මම පෝයකටවත් පන්සලකට නොයන නමුත් හොඳ බෞද්ධයෙක්)

    ReplyDelete
  5. බුදුදහමෙන් පෙන්වා දුන් මාර්ගයේ නොයා බුදු දහම 'රැකීමට' පමණක් කැමති මිනිසුන් ගෙන් වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. රටේ නීතිය එයාල අතින් කැඩෙනකොට අනිත් මිනිස්සුන්ට කට අරින්න වෙනව

      Delete
  6. සහතික ඇත්ත රාජ් එකගයි!

    ReplyDelete
  7. මොනවා කියන්නද රාජ්. දෙකක් දාගෙන නිදාගන්නවා මිසක්. නොදකින්.

    ReplyDelete
  8. ඔය ධර්මචක්‍රයෙ අර්ථය අටලෝ දහමනෙ ඉතින් කකුල දිහා බලන වාරයක් පාසා ඕක මතක් වෙනවා කියන්නේ හොද දෙයක්නේ

    ReplyDelete
    Replies
    1. මේකනෙ. මෙයාලට ඕන ගොඩයන්න නෙවේ, ඔරුව කර තියං යන්න

      Delete
  9. /* උදාහරණයක් ලෙස බුදුන් වහන්සේ එක් අවසථාවක යම් ධර්ම කරුණක් [මෙය බ්ලොග්කරුට අමතකය] විස්තර කිරීමට */

    ඇයි රාජ්, මේක අර ධම්ම පදයේ යමක වග්ගයේ පලමුවෙනි ගාථා ධර්මය නේ!

    http://rasikalogy.blogspot.com.au/2016/08/truth-will-eventually-prevail.html

    මනොපුබ්බංගමා ධම්මා
    මනොසෙට්ඨා මනොමයා
    මනසා චෙ පදුට්ඨෙන
    භාසති වා කරොති වා
    තතො නං දුක්ඛමන්වෙති
    චක්කංව වහතො පදං

    කුසල්-අකුසල් ධර්මයෝ සිත පෙරටු කොට ඇත්තෝ ය, සිත ප්‍රධාන කොට ඇත්තෝ ය. සිතින් ම උපන්නාහු ය. එනිසා යමෙක් දූෂ්‍ය වූ සිතින් ක්‍රියා කෙරේ නම්, නපුරු වචන කියයි නම් ඒ කරණකොට ගෙන, කරත්තේ බැඳී ගොනා ගේ පය අනුව යන රෝදය මෙන්, දුක ඔහු පසු පස්සේ ගමන් කරනු ඇත!

    ReplyDelete
  10. ඔය සංකේත සහ ඒ ගැන කරන සටන් මධ්‍යතන යුගයටත් එහා නොදියුණු වැඩ. අද සමාජයට සුදුසු නැ.

    ReplyDelete
    Replies
    1. කෙනෙකුගේ කැමැත්ත අකමැත්ත වෙනස් කරන්න බෑනෙ. ඒ අර්ථයෙන් ආගමික දේවල් එයාල තියාගත්තාවේ කියන මතයේ මම ඉන්නෙ.

      Delete
  11. Ceewara Dareen kiyanne mona padanamenda?

    ReplyDelete
    Replies
    1. චීවරධාරියා=චීවරය දරන්නා.
      චීවරය දරන්නා ඊට අදාල ලෙස දිවිපැවැත්ම සකසා නොගන්නේ නම් ඔහු නිකංම චීවරය දරන්නෙකු පමණයි.

      Delete
  12. මේ මැතක වගේ ඉඳන් තමයි ඔය වගේ එව්වා හොයා හොයා යන්නේ.ඉස්සර කොච්චර ඕව වගේ එව්වා තිබ්බද ?කවුරුවත් එව්වා ප්‍රශ්න කර ගත්තේ නැහැ.එන්න එන්න රට යන්නේ කොහාටද මන්දා?

    ReplyDelete
  13. දකුණු ඉංදියානු මානසිකත්වයක් රටේ වැපිරෙන හැඩයක් තියෙන්නෙ.. ටෙලියක් දැම්මත්,පත්තරයක් බැලුවත්,පාරට බැස්සත්.. අනේ මන්දා
    ජයවේවා..!!

    ReplyDelete
  14. Den me hamuduruwaru me sapattu gena beluwama ceewaradareen wenawada,me karanayedi mokada siwrata nogala pena deya

    ReplyDelete
  15. ධර්මය දකින්නේ නැතිව, එහි තේරුමක් නැති අහුකොන් අල්ලාගෙන, නිමනොවන වාද විවාද වල පැටලෙන්නෝ, සංසාරයෙන් එගොඩවීමට ප්‍රමාද වෙති.

    ReplyDelete
  16. මේ හාමුදුරුවෝ පොලිසියේ ගහගෙන ඉන්න ධර්ම චක්රේට මොනවා කියනවද දන්නේ නැහැ? ඒක ගහ ගෙන මනේ ආයුධ පෙන්වන්න එක්ක ගියෙත් ඒ දවස් වල.

    ReplyDelete
  17. රාජ් තෝරාගෙන තියෙන්නේ විවාද සම්පන්න කාලෝචිත මාතෘකාවක්.
    ඇත්තෙන්ම දැන් සංඛේතාත්මකව යොදාගන්නා ආලවට්ටම් යෙදූ ධර්ම චක්‍රය කරත්ත රෝදයක් නෙවෙයි ඒක නිකන්ම නිකන් සංඛේතයක් පමණයි. ධර්ම චක්‍රයේ පදනම රසික කියා ඇති මනෝ පුබ්බංගමා ධම්මා කියන ධම්ම පද ගාථාව නෙවෙයි.
    බුද්ධත්වයෙන් පසු සිදුකල පළමු ධර්ම දේශනාව වූ පස්වග තවුසන්ට දෙසූ ධම්ම චක්ක පවත්තන සූත්‍රයයි මෙහි අරුත් ගැන්වෙන්නේ ලෝක දර්මතාවයන් එකිනෙක මත පැවතෙන හේතුන් මත යැපෙමින් චක්‍රීයව පවතින ආකාරය පහදා දීමයි. එහිදී යොදා ගන්නා උපමාව කරත්ත රෝදය මෙන් නොකඩවා කරකැවෙන චක්‍රයක්.
    ඒත් ඉතින් මේ සංඛේත වන්දනාව හා ඒ හරහා කරන පොළු මුගුරු අරන් කරන සටන විකාරයක් බෞද්ද විරෝධී පිලිවෙතක්.

    ReplyDelete
  18. මෙවැනි ගැටලු අරභයා ක්‍රියාත්මක වෙන නීතිමය ප්‍ර‍තිපාදන සහිත විශේෂ ඒකකයක් තිබිය යුතුයි කියලයි මම හිතන්නෙ. ස්වාමීන් වහන්සේලා නීතය අතට ගන්න ගියාම ගැටලු ඇති වෙනවා වැඩියි. ඒ වගේම එය ගැලපෙන්නෙ නෑ.

    දිඹුලාගල පුංචි පාසලේ අඩුපාඩු සපුරාලන්න කැමතිද ? කාමරෙන් විස්තර බලාගෙන අප යන පාරේ එන්න...

    ReplyDelete