Friday, November 11, 2011

විහිළු කතා. (අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි)

ඇගිල්ලක තියන තුවාලයක් නිසා මේ දවස් ටිකේම පෝස්ට් දාන්නවත් කියවන බ්ලොග්වලට කොමෙන්ටු දාන්නවත් බැරිවුනා. වැඩිය දිග පෝස්ට් එකක් ටයිප් කරන්නත් අමාරු එකේ ‍පුංචිපහේ කතා දෙකක් දාන්නයි යන්නෙ. දෙකම දහඅට ප්ලස් නිසා පොඩි ලමයි අයින්වෙනව හොදයි. මේ කතා අහල තියනවද දන්නෙ නෑ. හැබැයි බ්ලොග් එකක නං මම දැකල නෑ.

පළවැනි එක බැටළුවො අයිත්කාරයෙක් ගැන. මෙයාට ඕන උනා බැටළුවන් රංචුව ගැබ්ගන්වන්න. ඉතිං මෑන් ගියා පශුවෛද්‍යවරයෙක් ලගට. කතාව අහල වෛද්‍යවරයා කිව්ව "හරි මට පුළුවන් වැඩේ කරන්න. සාර්ථක උනොත් බැටළුවො වැතිරිලා ඉන්නව බලාගන්න ඔයාටම පුළුවන්" කියල.

මෙතනදි බැටවවො අයිති මහත්මයා බරපතළ වැරදි වැටහීමක් ඇතිකරගත්ත, බැටළුවන්ව ගැබ්ගන්වන්නෙ දොස්තර මහත්තය අහවල් එක කරල තමයි කියල. ඉතිං මිණිහ කල්පනා කලා "ඕක මටත් කරන්න පුළුවන්නේ" කියල. එහෙම හිතපු මහත්තය ගෙදර ගිහිල්ල බැටළුවො රංචුව ලොරියට දාගෙන කැළේට ගියා. ගිහිල්ල උන්ට අහවල් කාරිය කලා. ඊට පස්සෙ දවසෙ බැලුව බැටළුවො වැතිරිලාද කියලා.

ම්හු! ඔක්කොම හිටිය වගේම ඉන්නවා. එදත් කැළේට ගෙනිච්චා. වැඩේ කලා. ගෙදර ආවා. ඇගටත් ටිකක් අමාරුයි. පහුවදා බැලුව, ඒත් ප්‍රතිඵලයක් නෑ.

තුන්වැනි දවසෙත් ලොරියට දාගෙන කැලේට ගිහිල්ල එකාට දෙපාර ගානෙ කලා. කරල ගෙදර ඇවිල්ල වැතිරුනේ මහත්තය.ඇයි හත්දෙයියනේ සුළුපටු රාජකාරියක්ද කලේ. උදේ වෙනකොට මෑන්ට නැගිටින්නත් බෑ. ඒගමන නෝනට කතාකරල කියනවා "බලන්න බැටළුවො ටික වැතිරිලාද ඉන්නෙ කියල" කියල.

ඒගමන නෝන බලල ඇවිත් කියනවා, "වැතිරිලා නං නෑ, අන්න උං ලොරියට නැගල ගේ දිහා බලාගෙන ඉන්නවා. ඔයා එනකං වෙන්නැති" කියල.

දෙවැනි කතාවත් දොස්තර කෙනෙක් ගැනම තමයි.

එක මණුස්සයෙක් බඩේ අමාරුවකට බෙහෙතක් ගන්න ගියා දොස්තර කෙනෙක් ලගට. ලෙඩා බලල දොස්තර කියනවා "මේකට වස්තියක් කරන්න ඕන. ඒක දාන්න වෙන්නෙ පස්ස පැත්තෙන්. ටිකක් රිදෙයි, ඒත් ඉවසගෙන ඉන්න බලන්න" කියල. මෑනුත් හා කියල ඉස්සරහට නැමිල ඉන්නකොට දොස්තර අදාල කාර්ය කලා. ඊට පස්සෙ කිවුව තවත් එකක් අතට දීල "මේක ගෙදර ගිහිල්ල තව පැය දෙකකින් විතර දාන්න, එතකොට හොදවෙයි" කියල.

මෑන් ගෙදර ගිහින් පැය දෙකකින් නෝනට කතා කරල කිවුව බෙහෙත දාන්න කියලා. නෝන මිණිහගෙ උර හිසට අතක් තියාගෙන බෙහෙත දැම්ම. එක පාරටම මිණිහ බණින්න ගත්ත

"........බල්ල" කියල. නෝන අහනවා "ඇයි ඔයා මට ඔය විදියට බණින්නෙ? මම කරපු වැරැද්ද මොකද්ද?" කියල. ඊට පස්සෙ මිණිහ මෙහෙම කියනවා,

"නෑ මම බැන්නෙ ඔයාට නෙවෙයි, අර දොස්තරයා මට ඕක දැම්මෙ උගේ අත්දෙකම මගේ උරහිස් වලට තියාගෙන"

23 comments:

  1. කණගාටුවෙන් දැණුම්දෙමි. දෙවැනි කතාව අපේ සිංහල ජෝක් අඩවියේ පළවී ඇති අතර ඒ පිළිබදව සමාව අයැදිමි. එහි සබැදිය මෙන්න:http://apesinhalajokes.blogspot.com/2011/11/blog-post_2197.html

    ReplyDelete
  2. //(අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි) //

    මේකෙන් තේරෙන්නේ කතාව කියවන අය, අතිශයින්ම වැඩිහිටියන් වෙන්ට ඕනි බවද?...:D:D:D

    ReplyDelete
  3. මෙහෙම දෙයක් දැම්මට ස්තුතියි. දෙවනි කථාවත් මට මතක හැටියට අන්තිම පේලියේ පල වී තිබුනා. මම කොහේ හෝ මෙය කියවා ඇති බව මතකයි. ඒත් ඔබේ මහන්සියට ගරු කරමි. ජය.

    ReplyDelete
  4. ඉක්මනට ඇඟිල්ල හොඳ කරගනින්...යාලු

    ReplyDelete
  5. Podi Kumarihami
    යුතුකමක් විදියට වෝනින් එකක් දුන්නා විතරයි.කොහොමහරි පොඩ්ඩිත් වැඩිහිටියෙක් ූනා එහෙනං:D

    වෙද ගෙදර මහ වෙදනා
    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.

    Raj
    ඔව් බං මම ඉන්නෙ මාර අමාරුවකින්.දකුණු අතේ දබර ඇගිල්ල නැතුව ටයිප් කිරිල්ල ලේසි වැඩක් නෙවේ.ඔක්කොටම හපං කන්න ගියාම.

    ReplyDelete
  6. මක්කැයි උනේ ඇඟිල්ලට ? අතිශයින් වැඩිහිටියන්ට පමණක් වැඩක් කරන්න ගිහින් චකබ්ලාස් උනා වත්ද ?

    ReplyDelete
  7. රාජ් ගේ ඇඟිල්ලට හානිවීමයි අන්තිම කතාවයි අතර මට යම් කිසි සම්බන්ධයක් පේන්නේ ඇයි ?

    ReplyDelete
  8. දිව තුවාල උනේ නෑනේ..?

    ReplyDelete
  9. කතා දෙක නම් පට්ට. !!!
    ඉක්මනටම ඇඟිල්ල හොද කරගෙන හිටින් !!

    ReplyDelete
  10. සදරු අයියා කියපු දේ ගැන මටද සාධාරණ සැකයක් එන්නේ ඇයි ;)

    ඉක්මණට ඇගිල්ල හොදකරගන්න මචෝ :)

    ReplyDelete
  11. ඇඟිල්ල පෙන්සිල් කටර් එකකට වත් අහු වුනාද?

    ReplyDelete
  12. මරු කථා දෙක....
    ඇඟිල්ල මොකේ එබුවෙ...

    ReplyDelete
  13. ඇඟිල්ලෙන් අනම් මනන් වැඩ කරන්න යනවට හොඳ වැඩේ...
    ඒ මදිවට ලැජ්ජ නැතුව කරපු හපන්කමත් ලියල......

    (ඉකමන් සුවය පතව අයියෙ....)

    ReplyDelete
  14. මාත් කල්පනා කලේ ඇඟිල්ලට මක් වුනාද කියලා.
    henryblogwalker the Dude

    ReplyDelete
  15. සියල්ලන්ට‍ම
    ඇගිල්ල දැං දැං හොදවෙමින් පවතී. උඔලගේ අ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළුකුත්තේරු කතා ටික දැක්කම, ඇගිල්ල නැතිම උනානං හොදයි කියාද සිතේ.

    ReplyDelete
  16. me katha dekama Udurawana.Com eken gaththa eva ne

    ReplyDelete
  17. Anonymous
    මේ කතා දෙකම කිවුවෙ යාළුවොත් එක්ක සෙට්වෙච්ච වෙලාවක. හැබැයි උඩුරාවන සයිට් එකේ තිබුනද දන්නෙ නෑ. මොකද ඒක මම බැලුවෙ නෑ. ඒකෙ මේ කතා තිබේනම් මාගේ බළවත් කණගාටුව. කෙසේ වෙතත් මෙය කොපිපේස්ට් කිරීමක් නොවේ. බොහොම ස්තුතියි දැනුම්දීමට.

    ReplyDelete
  18. kathawa niyamai. Batalu dennu kiyala tibbnam maxxa.....!!!

    ReplyDelete
  19. අප්පොච්චියේ...රාජ් අයියගේ ජිවිත කතාවද? හෑ...

    ReplyDelete
  20. පට්ට කතා බන් මෙව්ව

    ReplyDelete
  21. කතා දෙක නං මීට කලින් අහල ටියෙනවා...මෙකෙදීම ද වෙන කොහෙදිද කියලා නිච්චියක් නෑ

    ReplyDelete