Wednesday, March 21, 2012

රූප පෙට්ටියෙ විකාර.

මේ වනවිට ලංකාවේ ප්‍රභලම ජන මාධ්‍ය කුමක්දැයි විමසුවහොත් ලැබෙන පිලිතුර කුමක්දැයි සැක නැත. එය රූපවාහිනියයි. එයින් සැටලයිට් සේවාවවන් අත්හැරිවිට ප්‍රධාන වන්නේ-බොහෝ දෙනෙක් නරඹන්නේ-ලාංකීය රූපවාහිනී නාලිකාවන්ය. එහෙත් අපේ රූපවාහිනී නාලිකාවන්ගේ හැසිරීම කෙබදුද? විකාරය-විහිළු සහගතය. පක්ෂවලට කඩේයෑම ඕපාදූප කෙරෙහි ඇති නොනිත් ආශාව... වැනි ලෝකයටම පොදු දුර්වලතා අත්හැරදැමූ විට? ලැබෙන පිළිතුර තවමත් එසේය. මේ මාදුටු එවැනි විකාර සහගත සිදුවීම් කිහිපයක්ය.

යකා නගින වෙලාව!
සෑම පැය භාගයකට වරක්ම වේලාව දැක්වීම සිදුකරන අතර විකාශය වන වැඩසටහන කොතරම් වැදගත් වුවත් ප්‍රශ්නයක් නැත. ඊට බාධා කරමින් වේලාව දැක්වීම සිදුකරන්නේ එය ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකමින්ය. මෙහි ඇති අනෙක් හාස්‍යජනක කරුණ වන්නේ එක් එක් නාලිකාවල වේලාවන් අතර පවතින වෙනස්කම්ය. ශ්‍රී ලංකාව තුල නිවැරදි වේලාව සකස්කරගැනීම සදහා http://sltime.org වෙබ් අඩවිය ආරම්භ කලත් ඒ අනුව වේලාව දැක්වීමක් සිදු නොකරයි.

සිංහලෙන් කතාකරන දෙමළුන්...
මෙය මා දුටුවේ දෙරණ රූපවාහිණියේ විකාශය වන ටෙලි නාට්‍යකය. එහිදී දෙමළ ජාතික පියා සහ දියනිය අපහසුවෙන් මෙන් කැඩිච්ච සිංහලෙන් කතාකරනු දැකියහැකි විය. කෙසේ වුවද එය සිංහල ප්‍රේක්ෂකයාගේ රසවින්දනය සදහා නිපදවූවක් නිසා එතරම් වරදක් නැත.

අගල් ගාන අපට දියව්!
ඕනෑම අයෙකු රූපවාහිනියක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වන ප්‍රධානතම කාරණාව වන්නේ එහි තිරයේ ඇති විශාලත්වයයි. අගල් දොලහේ පටන් ඉහලට ඇති විවිධ ප්‍රමාණ වලින් යුතු රූපවාහිනී මිලදීගන්නා ප්‍රේක්ෂකයාට දැන් නැරඹීමට සිදුව ඇත්තේ තමන් ලබාගත් ප්‍රමාණයට වඩා අගල් කිහිපයකින් කුඩා රූපරාමුවකි. හේතුව වෙළද දැන්වීම්ය. නැරඹීමට ඇති තිරයේ ප්‍රමාණය මෙලෙස කුඩාවීම නැවැත්වීමට නීතිරීති ගෙනඑන්නේ නම් යහපත්ය.

පොල්කිරි වෙනුවට එලකිරි දාන්න බැරිද?
මෙවැනි ප්‍රශ්න නැගීම සිදුවන්නේ ඉහුම් පිහුම් වැඩසටහන් වලදීය. කවදාවත් කුස්සියට නොයන්නේ යැයි විශ්වාස කලහැකි, ඒවා මෙහෙයවන නිවේදිකාවන් සූපවේදීන්ගෙන් අසන්නේ එක් ප්‍රශ්නයක් පමණි. "...එතකොට චෙෆ් මේකෙ පොල්කිරි වෙනුවට එලකිරි දාන්න බැරිද?". සූපවේදීන්ගේ පිළිතුරද බොහෝවිට "ඔව් පුළුවන් හැබැයි එතකොට හැදෙන්නෙ ...... කෑම නෙවේ. වෙන එකක්. :P

පොදුවේ ගත්විට නාලිකා සියල්ලක්ම පාහේ ඒකාකාරී වන අතර වෙනස් යමක් සිදුකරන නාලිකා දක්නට නොමැත. උදෑසන නවය පමණ වනවිට මේවායේ ඇත්තේ "නුගසෙවන" වැනි වැඩසටහන්ය. දහවල් වනවිට ගීත ඉල්ලීම්ය මධ්‍යාහ්න කාලයේදී කසිකබල් චිත්‍රපටිය. සවස් වනවිට යලිත් සංගීත වැඩසටහන්ය. නාලිකා ප්‍රමාණය වැඩිවුවද ඒවා සියල්ල එකම අච්චුවේය. පිටරටින් කොපිකිරීමට හෝ විදියක් නැත, මක්නිසාද යත් ඉන්පසු සැවොම එකම වැඩසටහන කොපිකිරීමට පටන් ගැනීම නිසාය.

79 comments:

  1. සිරා පෝස්ටුව..සම්පූර්ණ ඇත්ත,
    අඟල් 24" තිරේකින් බලන්න ලැබෙන්නෙ අඟල් 12" විතර ඉඩක් විතරයි. වටේම ඇඩ් වලට කපාගෙන, මැදිනුත් තව පෙට්ටි කෑලි දානවා.

    අපේ ගෙදරනම් ටී.වී එකක් නෑ. මගේ මිතුරන් බොහෝ දෙනෙකුගේ ගෙවල් වලත් ටී.වී නෑ. තියෙන අය බලන්නෙ නිවුස් විතරයි. ඊට අමතරව තිරය පාවිච්චි කරනවා වීඩියෝ බලන්න.

    ReplyDelete
    Replies
    1. ටීවී කියන්නෙත් අභාවයට යන සතෙක් වෙලාද?

      Delete
  2. මම නම් ටීවි බලන්නේ නෑ. මේ ලගදී අම්මා ඉන්න ගෙදර ගිහින් අර ලක්ෂපති කියලා වැඩ සටහනක් තියෙන්නේ ඒක නම් බැලුවා. අනේ අම්මා කිව්වා ඒකට කොල් කරන්න යන්න පුළුවන් කියලා. ඕං ඉතිං බට්ටි ඒකට කොල් කරලා එකසීය ගනට සල්ලි කපා ගත්තා. ආයෙනම් වැරදිලාවත් ටීවි බලන්නෑ. මැච් එකක් ඇරෙන්න.

    ReplyDelete
    Replies
    1. මම නං කම්මැලිකමට බලනව.

      Delete
  3. ඕව ගැනනම් කියල වැඩක් නැහැ. ඔකුන් ගෙ මගුල් බලනවට වඩා හොදයි සල්ලි දීල සැටලයිට් චැනල් බලන එක.
    වැඩ සටහනක් යද්දි එව උඩ ඇඩ් දානකොට ඒකට විරුද්ද වෙන්න ඔනෙ ඒවගෙ නිෂ්පාදකයො මොකද උන් මහන්සිවෙලා එවගෙ රූප‍රාමු ලස්සනට හදුවට වැඩක් නැහැ මු ඒව කැත ක‍රනව වශී ගුරුකම් ගැන උඩින් යටින් දාල.

    අනිත් එක හුගක් මිනිස්සු සිරසට බනිනව මිනිස්සුන්ගෙ ඔලු අවුල් ක‍රනව කියල බාල වැඩ ක‍රල හැබැයි අනිත් උන් ඊටත් වඩා හොදට සිරස ක‍රන දේ ක‍රනව දේශප‍්රෙමී ලොගුව දාගෙන මුලින්ම ඉන්නෙ සෝම ආච්ගෙ පච වාහිනිය උන්ගෙ ලව් @ 8 බැලුවම බඩ යනව.

    ReplyDelete
    Replies
    1. සැටලයිට් බැලිල්ල ගැන සුපිරි කතන්දරයක් තිබුන චාමිගෙ http://reargate.blogspot.com එකේ. කරුමෙට හොයාගන්න බැරිවුනා. ට්‍රයි එකක්දීල හොයාගෙන කියවන්න.
      නිව්ස් වලින් ෆස්ට් නං කුජීතයි.

      Delete
    2. හහ් හා සියඹලා කතාව නේද

      Delete
    3. හරිනේ! ඒක තමයි.

      Delete
  4. "...එතකොට චෙෆ් මේකෙ පොල්කිරි වෙනුවට එලකිරි දාන්න බැරිද?". සූපවේදීන්ගේ පිළිතුරද බොහෝවිට "ඔව් පුළුවන් හැබැයි එතකොට හැදෙන්නෙ ...... කෑම නෙවේ. වෙන එකක්. :P
    hak hak hak me wage debas matath onaa tharam ahilaa thiyenawaa ayiyo pana yanna hinaa unaa meka dakalaa :D

    hmm TV eke yannema bahubutha thamai. dawal ta yanawa ekadahas namasiya bara ganan wala films :D
    aththatama balanna deyak naha dan..

    ReplyDelete
    Replies
    1. :D
      ඔව්ව ඔහොම තමයි. මොකෑ සිංගිරිසියෙන්?

      Delete
    2. ඔෆිසියේ ඉන්නකොට කොටා බෑවේ එකයි :)

      Delete
  5. මමනම් වැදගත් දේකට කියලා ටිවී එකේ බලන්නේ හවස යන කාටූන් ටික විතරයි. මොකද අනික් විහිලු බලනවට වඩා කාටුන්වල යන විහිලු හොදයි..

    ReplyDelete
    Replies
    1. අනෙක් ඒවාට සාපේක්ෂව බැලුවම කාටුන් නං හොද තමයි. ඒවත් පිටරට ඒව. අපේ කාටූන් නං ගතියක් නෑ.

      Delete
  6. ape tv eka den ain karala godak kal ban, eka den comade ekak vidiyata pawichchi karanawa.

    ReplyDelete
  7. ටීවි එකේ හත හමාරෙ ඉඳන් දහය වෙනකන් මෙගා නාට්‍ය. ඒ කෙහෙම්මල් හින්දා හදිස්සියකට මැච් එකක්වත් බලන්න නෑ.
    ප්‍රවෘත්ති කියලත් යන්නෙ විකාර.තූ විතරක්.

    ReplyDelete
  8. හී හී...එහෙනම් ලංකාවේ ටීවී වැඩ සටහන් නොබැලුවා කියලා එච්චරම පාඩුවක් වෙන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. කුකරි ප්‍රෝග්‍රෑම් බලන්න. මරු!

      Delete
    2. අම්මපා...ඉතිරි කොටස හෙට, හොද්ද ලිපේ....:D

      මම දවසක් දැක්කා ශාන්තා මායාදුන්නෙ බණ්ඩක්කා කරියක් හදන හැටි
      අපේ ගෑණු වගේමයි...
      පෑන් එකට හැන්ද දාලා කරකවනකොට බණ්ඩක්කා ලිප පල්ලෙ....

      Delete
    3. මේ කීවේ ඉතින් පොඩ්ඩි උයන හැටි දැකලා නෙමේ නේද? :D

      Delete
    4. මායාදුන්න.... මොකද... පලිපාන මොකද....:D:D

      Delete
  9. ගොඩක් අය කියන එක තමයි මටත් කියන්න තියෙන්නේ
    ඇඩි එකක් බලන්න ටිවි එක දැමිමා කොහෙද තැනින් තැන ෆිල්මි එකක් දානවනේ

    ReplyDelete
    Replies
    1. නිදහසේ ඇඩ්එකක් බලන්න නෑනේ....

      Delete
  10. ටී.වී. සහ රේඩියෝවේ දෙකේම කතා කරන්නේ සිංහලෙන් නෙමේ, බාගෙට ඉංග්‍රීසි කෑලි දාගෙන බොරුවට පොෂ් වෙන්න හදන එවුන්

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒවුනාට ඕව ගැන කතාකලාම කියන්නෙ "අමාරුවෙන් මොකටද සිංහල කතාකරන්නෙ" කියලනේ.

      Delete
  11. අපි නම් සල්ලි දීලා සැටලයිට් ටීවී අරගන කොම්පැනිවල ඇඩ් බලනවා. ටෙලි නාට්‍යයක් බලනවානම් නාට්‍යය තියෙන්නේ විනාඩි පහලවක් දහ අටක් වගේ කාලයක්. ඒත් රෑ නවයට පටන් ගන්න නාට්‍යය ඉවර වෙන්නේ දහයට.

    ReplyDelete
    Replies
    1. කොම්බුවෙ නේද? කලිං නං තිබුනෙ පැය 1/2 නාට්‍යට ඇඩ් දාන්න පුළුවන් විනාඩි 7යි. 23ක් නාට්‍ය වෙනුවෙන්. දැං ඒදෙක මාරුවෙලා.

      Delete
  12. සල්ලි හොයන්න නිවැරදි ක්‍රම නොදන්න පරිපාලකයො ඒ පු‍ටුවල ඉන්න කාලය වැඩිවෙන්න වැඩි වෙන්න ටී වී එකේ ඇඩ් දාන තීරුවෙ ප්‍රමාණයත් වැඩිවෙයි මචං. සමහර වෙලවට පැය බාගෙන් පැය බාගෙ වෙලාව අතක් කරන්නත් බැරි නෑ ඉස්සරහට. හෙහ් හෙහ්....

    ReplyDelete
    Replies
    1. පැය 1/2න් 1/2? දැකල නැද්ද දැං එහෙමනේ තියෙන්නෙ. පැය 1/4න් 1/4 වෙන්න ඉඩ තියනව ඉස්සරහට.

      Delete
  13. කියලා තියෙන කාරණා සහතික ඇත්ත.. ඔය ඔක්කොම පාඩු විඳදරා ගත්තැකි හොඳ වැඩසටහන් පෙන්වනවා නම්..
    කොහෙද මුං එහෙම කරන්නේත් නෑනෙ..

    අනික පැයෙන් පැයට යන ප්‍රවෘත්ති.. මෙලෝ වැඩකට නැති කුනුහර්ප එව්වල යන්නෙ..

    ඔක්කොම චැනල් එකම අච්චුවේ බව හොඳටම පැහැදිලියි..

    1.උහේ පාන්දර හැම එකේම පත්තර..
    2.ඊට පස්සෙ ගෑණුන්ට උයන්න, මහන්න උගන්නනවා 12 වෙනකන්..
    3.ඊට පස්සෙ එක විතර වෙනකන් සිංදු..
    4.ඊට පස්සෙ කසිකබල් චිත්‍රපටියක් හවස් වෙනකන්..
    5.ළමයින්ට කියලා පෙන්වන විකාර කාටූන්.. (මේක නම් ටිකක් බැලුවැකී )
    6.ඊට පස්සෙ 7ට විතර යන ප්‍රවෘත්ති හෙවත් දෙස්පාලු කතා හා රටේ ජනතාව මැට්ටන්සේ සිතා පෙන්වන ආණ්ඩුවේ පඩ ශෝ..
    7.නාට්ටි කියන එව්වා..එකක් ඉවර වෙද්දි එකක්..
    8.විකාශය නිමාව (හැමදාම බලන්න හිටියට එහෙම එකක් යන්නෙ නෑ..)

    දැන් නම් ඇඩ් ඕනාවට වැඩී.. මම බලන්නෙ ගොවිතැන් ගැන යන වැඩසටහන් ටිකයි.. ජාතිකේ යන සැරිසර විතරයි..

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
    Replies
    1. ඕක තමයි පොදු අච්චුව. මොනව කරන්නද. කාල්ටන් චැනල් එකේ යන ක්‍රීඩායි ටීඑන්එල් එකේ යන ටිකක් විතර වෙනස් වැඩසටහන් ටිකයි හැර ගන්න දෙයක් නෑ.

      Delete
  14. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු!!!!!

    ReplyDelete
  15. මේවට තමයි කියන්නේ නයි රෙද්ද අස්සෙ දාගෙන කනෝ කියනවා කියලා.

    මොකටද බං ඕවා බලන්නේ?

    මං නං සතියටම බලන්නේ පැය කාලක් විතරයි. ඒකත් සමහර සතිවල වැරදෙනවා.

    ReplyDelete
    Replies
    1. එතකොට කෝ අපිට ආතල්? වැඩ ඇරිල ගෙදර ගියාම කතන්දර බලන්න බෑනේ?

      Delete
  16. මං නම් ලේසියෙන් ටී.වී. බලන්නෙ නෑ දැන්...

    ReplyDelete
    Replies
    1. දැං බැලුවම ටීවී බලන්නෙ මං විතරනේ.

      Delete
  17. මම නම් අවුරුදු ගානකට පස්සෙ ලංකාවට ආවත් ටී වී නම් බලන්නෙ නැහැ.....නිකම් අපි අපිටම හිනා වෙනව වගේ....අනේ ඇත්තට මේ මිනිස්සු කවදා ලෝකෙ දකීවිද??

    ReplyDelete
  18. ලංකාවේ චැනල් වලින් මං බලන්නේ ඩ්‍රීම් ටීවී, ස්ටෑන්ඩ්බයි විතරයි

    ReplyDelete
    Replies
    1. මම ඔය දෙකම බලල නෑ. අපිට නැහැ මගෙ හිතේ.

      Delete
  19. දෙමල අය කැඩිච්ච සිංහලෙන් කතා කලහම මොකද රාජ්, සිංහල අයටත් සිංහල පුළුවන් "ටික්ක ටික්ක කටා කරන්නනේ"

    ReplyDelete
  20. අර අගල් ගානේ කතාව නම් සහතික ඇත්ත.. මැච් වලදි තමයි ඕක වැඩියෙන්ම වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් මැච් බලන්න නං වෙන්නෙ ඔය ගාන අඩුවෙන්.

      Delete
  21. ඔය සීන් එක සැටලයිට් වලින් එක කේබල් ටීවී බලන අපිටත් ඔය විදියමයි. මෙහෙ පෙන්නන්නෙ ඉන්ඩියන් සහ හොංකොං සැටලයිට් වලින් එන චැනල්නෙ. ස්ක්‍රීන් එක වටේට මුන්ගෙ දැන්වීම්. හිටපු ගමන් ලඟදීම පෙන්නන ඒවා කඩාවැටෙනවා පෙන්නමින් තියෙන ප්‍රෝග්‍රෑම් එක මැද්දට.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද. මම හිතුවෙ සල්ලි දීල සැටලයිට් ගත්තම හරි කියල.

      Delete
  22. උදේට යන ඒවා නම් මල ජරාව බං!

    ReplyDelete
    Replies
    1. හපොයි ඔවු. කෑම හැදිලියි, ව්‍යායාමයි, කොට්ට උර මැහිල්ලයි....

      Delete
  23. බුකියේ දැක්ක ස්ටේට් එකක්

    c.s.n එකේ මැච් එක බලනවා නම් අගල් 54 TV එකක් ගන්න ඕන
    උඩින් කුස පබා යටින් දයියා දෙපැත්තෙන් කාර් ලීසින්ග් මැද්දෙන් පොඩියට මැච් එක

    :D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත බං. දයිය දකිනකොට මළපනිනව.

      Delete
  24. //ප්‍රේක්ෂකයාට දැන් නැරඹීමට සිදුව ඇත්තේ තමන් ලබාගත් ප්‍රමාණයට වඩා අගල් කිහිපයකින් කුඩා රූපරාමුවකි.//

    මේ සීන් එක අපි නොදන්න ලයිව් එකේ ජෝක් එකක් විදිහට දැම්ම ඒ දවස්වල. දැන් ඒක හැබෑවෙලා..

    මතක ඇති කස්ටියට..

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඒක ඇත්ත ‍වුනා අවුරුදු දෙකක් ගතවෙන්න කලින්.

      Delete
  25. මං නම් අවුරුදු 4ක ඉඳන් ටී.වී බලන්නේ නෑ.... මල මගුල ඊට වැඩිය හොඳයි, පාන් පෙත්තක් කාලා නිදා ගන්නවා...

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ උඹ බලන ඒව ගැන.

      "ඔන්න ඔහොමයි රටක් වටින දේශිය නිෂ්පාදනය අදටත් මගේ ස්ටෝරේජ් වල නොනැසී, අන්සතු නොවී පවතින්නේ. අන්සතු වුනත් ගන්න එකාම දවසක් ඇතුලත මකන්නෙත් මේ .zip ෆයිල් එක එක්ස්ට්‍රෑක්ට් කරන්න බැරි ඉතුරු කොටස් නැති නිසා කියලා හිතාගෙන"
      (උපුටාගැනීම ගෝල්ඩ් ෆිෂ්) ;-)
      ඉතිං බොට මොකටෑ ටීවී.

      Delete
  26. කතාව ඇත්ත මොකද වැඩ කරලා ගෙදර ආපු වෙලාවට කිසිම වින්දනයක් ඒ ටීවී ඒකෙන ලැබෙන්නේ නැත්නම් ඒ දෙ වැඩක් නැහැ.නීති හදන්න කිසිම කෙනෙක් මුලිකත්වය ගන්නෙත් නැහැ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. චීනෙද කොහේද ඇඩ් දානවට නීති දාල තිබුන.

      Delete
  27. මම නම් ඔය ටීවි බලන්නෙම නෑ. ඊට වඩා සැපයි බ්ලොග් එකක ලිපියක් දෙකක් කියෝගෙන ඉන්න එක !

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත. ගෙදර ගියාම බ්ලොග් නෑනේ.

      Delete
  28. බලන්න බැරි තරම්ම ජරාවක්‌ වෙලා ටී.වී. එකත්! දැන් ඉතිං ආපහු සිංදු අහන යුගයට තමයි යන්න තියෙන්නේ! :))

    ReplyDelete
    Replies
    1. ඒකෙත් තියෙන්නෙ හෙන අවුල්.

      Delete
  29. මමත් දැන් ටි.වී බලන එක සෑගෙන්න අඩු කරලා තියෙනෙන්..නිකන් විනොදෙට වගේ තමයි බලනේ..හැබයි නිව්ස් නම් අනිවා බලනවා..

    ReplyDelete
    Replies
    1. මාත් විනෝදෙට වගේ බලන්නෙ. උඹට එවු මේල් එකට උත්තර නැත්තෙ මොකද?

      Delete
  30. පොඩි එකාට බත් ටික කවා ගන්න තමා ටීවී එක දාන්නේ....ඇඩ් පෙන්නලා බත් ටික කවාගන්නවා.....

    ReplyDelete
  31. කාටුන් බලනව ඇරෙන්න මමනං ඔය මගුලෙ යන කිසි දෙයක් බලන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. නිව්ස්වත් බලන්නෑ?

      Delete
  32. සියල්ලන්ටම,
    ලැබී ඇති අදහස් අනුව පෙනී යන්නේ රූපවාහාණී නැරඹීම පිළිබද පහත ප්‍රථිපලයන්ය.
    පිරිස-33
    සාමාන්‍යයෙන් ටීවී බලන-12
    කාටූන් හෝ ක්‍රිකට් තරග ප්‍රවෘත්ති
    වැනිවිශේෂ වැඩසටහන් නරඹන්නන්-4
    නාලිකාවන්හි දුර්වලතා නිසා නැරඹීම නවත්වා ඇති පිරිස-15

    "අපි එක" යයි කියාගන්නා සියලුම නාලිකා මෙවැනි සමීක්ෂණයක් කලහොත් සැබෑ තත්වය කුමක්දැයි අවබෝධ කරගත හැකිය.

    ReplyDelete
  33. මට නම් ඔය කිසිම ප්‍රශ්නයක් නැත. මගේ ගෙදර රූපවාහිනියක් නැත. ඇත්තෙන්ම කියනවා නම් තිබෙන රූපවාහිනී යන්ත්‍රය කැඩී දැන් ගෙවෙන්නේ 3 හෝ 4 වසරයි. ඒ නිසා මම සතුටින්, දුවත් මමත් හාමිනේත් හොදට කථා කරමින් කෑම ගන්නවා.

    ReplyDelete
    Replies
    1. රූපවාහිනිය කැඩුන එකත් හොද දෙයක් වගේ තමයි. හැබැයි අයියේ මම නං කියන්නෙ අද ළමයින් රූපවාහිනියෙන් 100%ක්ම ඈත් කරන එකත් හොද නැහැ කියල. ඒකෙන් ගන්න පුළුවන් හොද දේවල් පරිස්සමින් දරුවන්ට දුන්නට කමක් නෑ.

      Delete
    2. හොඳ දේවල් තියෙනවද බන් ගන්න... ඉස්සර නම් ඩිස්කවරි චැනල් වල ඒවවත් ටිකක් පෙන්නුව.. ඒවත් ටික කාලයයි තිබුනෙ... දැන් ඒවගේ එකක්වත් නෑ මගේ හිතේ...

      Delete
  34. මමත් ටී.වී බැලිල්ල නවත්තලා තියෙන්නේ.. කවුරු හරි කිව්වොත් අන්න නිව්ස් වලට මෙහෙම කිව්වා කියලා හුගක් වෙලාවට මම ඒක දන්නේ නෑ. කළින්නම් නිවුස් විතරක් බැළුවා. දැන් ඒකත් නවත්තලා තියෙන්නේ.. ඊට වඩා සැපයි නෙට් එකෙන් විස්තර දැන ගන්න එක.. මම ටී.වී එක පාවිච්චි කරන්නේ ෆිල්ම් බලන්න විතරමයි. :)

    ReplyDelete
    Replies
    1. නෙට් එකෙන් සියළු මාධ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න පිරිසකුත් ඉන්නව.

      Delete
  35. මැච් එක බලන කොට තමයි ලොවෙත් එපා වෙන්නෙ... දෙපැත්තෙන් අගලක විතර මාජින් එකක් 4 කොනේම ලොගෝ.. මැදින් පොපප් ඇඩ්... 4ක් 6ක් ගැහුවොත් ස්ක‍්‍රීන් එක පුරා නූඩ්ල්ස්.... ඔවරේ 1 වෙනි බොලෙයි 6 වෙනි එකයි බලන්න වෙන්නෙත් නෑ....

    ReplyDelete
    Replies
    1. අන්තිම බෝලෙ නෝබෝල් එකක් උනොත් බලන්න වෙන්නෙම නෑ.

      Delete
  36. උඹ බලනවද බන් ‍ටීවී එක... මට නම් ඕක බැලෙන්නෙ රෑට කන වෙලාවට විනාඩි 5ක් 10ක්... එහෙම නැත්තන් ෆිල්ම් එකක්(සිංහල ෆිල්ම් අදාල නෑ) යන වෙලාවට විතරයි...

    ReplyDelete
    Replies
    1. මම නං බලනව බලන්න දෙයක් නැතිකමට. හොද වැඩසටහනුත් යනව ඉදහිට.

      Delete
  37. රූප පෙට්ටිය බැලෙන්නෙ සෑහෙන අඩුවෙන් රාජ් අයියෙ....මැච් එකක් යනදාට බලනව....මේකෙ කියපු ඒව නම් සහතික ඇත්ත.....

    ReplyDelete