Monday, June 4, 2012

මිහිඳු හාමුදුරුවනේ....



අනුබුදු හාමුදුරුවනේ,
පුළුවන් නම් යලි වඩින්න.

ආයෙත් ඇවිල්ල මෙහේට,
බණ පදයක් කියල යන්න.

ඒකාලේ කිව් බණ පද,
හුඟහරියක් වෙනස් වෙලා.

කන්න ඕන වෙච්ච එවුන්,
තලගොයි කරගෙන කාලා.

අරං ආව ශිල්ප කලා,
මේ වෙනකොට මතකත් නෑ.

තිස්සලාගෙ කාලෙ හිටිය,
හොඳ වැ‍ඩකාරයො අද නෑ.

ඒගොල්ලගෙ නිධන් ටිකත්,
හාර හාර අද ගන්නව.

ලොකු ලොකු අඹ ගස් නැතිමුත්,
බට් අඹ ගස් නං තියනව.

අඹ ප්‍රශ්නයෙ ඉඳලම යං,
එහෙම උනොත් ලෙහෙසියි නොවැ!

ඉස්සර වගේ කැලේ කොලේ,
දැං නං නෑ මුවො දකින්න.

මස් කන්නට ආස එවුන්,
උං ඔක්කොම මරා කාල.

මිහිරි හඬින් බණ කියන්න,
ගොඩාක් කට්ටිය හිටියට,

සල්ලි ටිකක් දෙන්නෙ නැතුව,
කවුරුත් බණකට එන්නෑ.

වඩිනව නං ඔබ වහන්සෙ,
වේලපහෙන් කියල එන්න.

කොතනදි හරි මුණගැසිලා,
"මිහිඳුට" බණ කියල යන්න.

59 comments:

  1. උදා වූ පොසොන්
    සඳ
    දිලි සනසයි
    උතුම් හදවත්
    දහම්
    සිසිලෙන්
    අමා රැස්
    දහරින් .........
    පිරි නලියයි
    මතේ
    සොමි බව
    ගගේ දිය
    අතරින් .................

    (දෙහදකට දැනුනු පොසොන් )

    ReplyDelete
    Replies
    1. //දෙහදකට දැනුනු පොසොන්//
      හරියට හරි! එක එක්කෙනාට දැනෙන විදිය තමයි. සෑම දැකල තියෙන්නෙ තවත් විදියකට.

      Delete
  2. මිහිදුට/මහින්දට බණ කියල යන්න.. ?

    රාජ් මේක පුවත්පතකට දැම්මනම් අද මුල් පිටු අතර තියෙනවා ෂුවර්..

    බණ කියන්න හිටපු අයත්
    දියවන්නා තරනය කර..
    භව තරනය කරගන්නට
    පිං නැහැ තෘෂ්ණාව වැඩී..

    //ඒගොල්ලගෙ නිධන් ටිකත්,
    හාර හාර අද ගන්නව.//

    පුරාවිද්‍යා චක්‍රවර්තී හිමි (දැහැමි මනසක් තිබිය යුතු හිමිවරු නේද?) පාර්ලිමේන්තුවේ දේශනා කලා නිධන් හෑරුවට කමක් නැහැ කියලා. ආරංචි ඇති නේද?

    - ඉස්සර කවි බැහැ කියපු එකා පද අමුනනවා කිව්වම සතුටුයි.. -

    ReplyDelete
    Replies
    1. තැන්කූ වර්ණනාවට. එල්ලාවල හාමුදුරුවො එහෙමකට වැරැද්දක් කිව්වෙ නෑ. මාධ්‍ය වලින් විකෘති කලා.

      Delete
    2. මම අමු අමුවේ පත්තරේ දැක්කෙ ඒමනේ..

      Delete
  3. //කොතනදි හරි මුණගැසිලා,
    "මිහිඳුට" බණ කියල යන්න.//

    මිහිඳුට බණ කියලා යන්ට???

    කවි ටික නම් හරිම ලස්සනයි රාජ්.

    ReplyDelete
    Replies
    1. පාලි - සිංහල
      ශාරිපුත්‍ර- සැරියුත්
      මොග්ගල්ලාන- මුගලන්
      මිහිඳු - මහින්ද

      Delete
  4. මිහිඳුට තමා බන කියන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. ඇයි බං ඒ මනුස්සය හැම පෝයදාටම මුළු රටටම පේන්න බණ අහන්නෙ. දැන් අවුරුදු කීයක ඉඳන් ද? මගේ ජීවිත කාලෙටම මම එච්චර බණ තොගයක් අහල නෑ.

      Delete
  5. මිහිදු හිමියනි අනෙ අසන මැන
    ඒදා නෙවෙයි අද වැඩියම ලස්සන

    ReplyDelete
    Replies
    1. නියමයි. හෙඩිමට දාන්නයි හොඳ.

      Delete
  6. මිහිඳුට ගොඩ දෙනෙක් බණ කියනවා... මිහිඳු ඒ බණ අහන්නෙ නැද්ද, එහෙම නැත්තන් තමන්ට වාසි බණ විතරක් අහනවද කියන එක තමයි ප්‍රශ්නෙ... :)

    ReplyDelete
    Replies
    1. අමතක උනා කියන්න... හොඳ කවි ටික... :)

      Delete
    2. අහනව පිලිපදින්නෙ නෑ.

      Delete
  7. මචන් කවිය නම් ලස්සනයි,
    මට මේ සීන් එක කියන්න හිතුනේ මහින්දාගමනය ලංකාවේ සංදිස්තානයක් නිසා,පලවන මහින්දාගමනය නිසා බොහො දේ රටට උරුම විය,දෙවන මහින්දාගමනය නිසා යද්දයෙන් තොර රටක බඩගින්න උරුම විය.....

    ReplyDelete
    Replies
    1. ඇත්ත. දෙවන නෙවේ සත්වැනි මහින්ද.

      Delete
  8. "මහ රජ... ඔබට නෑයෝ සිටිත්ද...?"...

    මුවා : "හම්මට සිරි..!!....ඔබ වහන්සෙ ළඟදිද ලංකාවට ආවේ...?? මෙයාට නෑයො ඉන්නවද කියලත් අහන්නෙ...! "

    මේ අතර අනුරාධපුරයේ...

    "අම්මේ, තාත්තේ, නංගියේ, මල්ලියේ..!!.. මේ රට ඇවිත් තියෙන්නෙ ඓතිහාසික අවස්ථාවකට...!!.. මේ අශෝක, මහේන්ද්‍ර, සංඝමිත්‍රා මේ රට ඔවුන්ගේ කොළණියක් කරන ද්‍රෝහී කුමන්ත්‍රණයට අපි මුහුණ දෙන්න ඕන...!! .. අපි එකාවන්ව දහස් ගණනින් අනුරාධපුරයට රැස් වෙලා මේ සටන අතට ගන්න ඕන...!!... මගධයේ සියළු නිෂ්පාදන වර්ජනය කරමු...!"

    Modern Patriot

    ReplyDelete
    Replies
    1. පට්ට!
      ඔබට නෑයෝ සිටිත්ද...?
      "හම්මට සිරි..!!....ඔබ වහන්සෙ ළඟදිද ලංකාවට ආවේ...?? මෙයාට නෑයො ඉන්නවද කියලත් අහන්නෙ...! "

      හිනා වෙලා පන යනව.

      Delete
    2. හිකිස්..... පට්ට පට්ට....

      Delete
    3. ස්තුතියි කමෙන්ටු වලට. තව අදහස් තියනවා..පොඩියට බ්ලොගක් ලියන්න නම් මාර ආසයි. මම වැඩේට අතිශයින් ආධුනිකයි. වෙලාවත් හරි අඩුයි. හැබැයි ඔය උදවිය වගේ බ්ලොග් යාලුවන්ගේ පෝස්ට් දැක්කහම ලැබෙන උත්තේජනය හරි වටිනවා. පොඩි 'සප්' එකක් දෙන්න පුලුවන් යාලුවෙක් දෙන්නෙක් ඉන්නව නම් හරි වටිනවා.

      Modern Patriot

      Delete
    4. http://www.thelastrow.net/ එකට ලියන්න. ඒක විවේකය අඩු කාටත් සම්බන්ධවෙලා ඉඳල හිටල ලියන්න පුළුවන් තැනක්.

      Delete
    5. Modern Patriot
      ඔන්න දැනටමත් ඉන්නව. මාත් පුළුවන් උදව්වක් කරන්නම්. raj_wvp@yahoo.com

      Delete
  9. වටිනවා වටිනවා....
    ගහලා තියෙනවා කන කුඩු වෙන්න.
    වදින උන්ට වදී...

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  10. නියමයි..! රාජ්..
    //ඉස්සර වගේ කැලේ කොලෙත් නැහැ නොවැ..දැන්//
    මුවෝ ඉන්න කැලයකුත් නැහැනෙ තව ටික දවසක් යනකොට..
    මිහිඳු හිමිට වඩින්න වෙයි..කොල්ලුපිටියටම

    ReplyDelete
  11. අන්තිම පද දෙක මරු....

    රාජ්ගෙ කවියක් කියෙව්වමද කොහෙද.. ජයෙන් ජය

    ReplyDelete
  12. අපෝ .. මිහිඳු හාමුදුරුවො අද දවසෙ වැඩියොත් අපේ ඉන්න උන්නාන්සෙල මිහිඳු හාමුදුරුවො ශාසනෙනුත් නෙරපල තමයි පස්ස බලන්නෙ, ඒ උන්නාන්සෙල කීයක් හරි හම්බකරන් දැහැමෙන් සෙමෙන් ඉන්න එකත් නැතිකරන්න ආව අන්‍යාගමික බළල් අතක් ය කියල. අද භික්‍ෂූන් වහන්සේලට වැඩිය ඉන්නෙ සිවුරු පොරවගත්ත බිස්නස්කාරයො.

    රාජ්ට දැන් කවි සංකල්පනාත් පහළ වෙනව නෙව.

    ReplyDelete
  13. එක නම් ඇත්ත. දැන කියන්නෙ පුල් ඒසී ඩබල් ඒසී බණ.වීල් එක යැව්වෙනැතොත් එන්නෙ නෑ. හ්ම් ඒ මදිවට සීඩී පොත් ගන්නත් ඕන.
    ලස්සනයි අයියේ කවි ටික.

    ReplyDelete
    Replies
    1. ඉස්සර අපේ පැතිවල ලෑන්ඩ් මාස්ටර් වලිනුත් හාමුදුරුවො වැඩැම්මුව. දැං නං වෑන් 1ක් නැතුව බෑ.

      Delete
    2. මගුලක් කථා කරනවා.. වෑන් එකක් යවලා බේරෙන්න් පුලුවන්නම් හොඳයි.. මගේ ගම මීගොඩ උනාට හැදුනෙ නුගේගොඩ.. බොහොම ප්‍රසිද්ධ පන්සලක් තමයි ආසන්නයේ තියෙන්නේ.. පන්සලක් කිව්වට ඒක බිස්නස් සෙන්ටර් එකක්.. දානෙ බාරගන්න කලින් හාමුදුරුවෝ පන්සලේ අඩුපාඩු ලිස්ට් එකක් දෙනවා.. එකෙන් මොකක් හරි එකක් අනිවාර්යයෙන්ම සපුරල දෙන්න ඔනෙ. නැත්තම් දානේට වැඩලා බනට කියන්නේ ඇනුම්පද...

      ඒ පන්සලට දුප්පත් මිනිහෙක්ට දානයක් දෙන්න බෑ... පන්සල්වලටත් දේශසීමා තියන හින්ද වෙන පන්සල්වලට යන්නත් බෑ...

      Delete
    3. ඒක නං හරි. ඔය ප්‍රශ්නෙ වෙනම පෝස්ටුවකින් උනත් කතාකරන්න පුළුවන් තරම් දිගයි.

      Delete
  14. 'මිහිඳුට බණ කියන්න' කිව්වේ මේ අපේ ...ද්‍රට ද????

    ReplyDelete
  15. අඩේ උඹව රාජ අදහසට ලක්වෙයිද දන්නැ

    වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න ලිපිය බලන්න ආයෙත් එන්න.
    එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

    අටම්පහුර

    ReplyDelete
  16. ඇයි අප්පා අර හාමුදුරුවෝම කියන්නේ රජයෙන් නිධන් හෑරුවාට කමක් නෑ කියලා.
    අනේ මන්දා රටකට වෙච්ච වැඩක් !!!

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවො කිව්ව එක වැරදියට තේරුම් අරගෙන ඒකයි.

      Delete
  17. මරු පද ටික .. හැමදෙයක්ම දැන් නමට විතරයි..යටින් ඔක්කොම පුස්..

    ReplyDelete
  18. කවි නොකියවන මාත් ඔබගේ කවි පෙළ කියෙව්වා. අනර්ඝයි!

    ReplyDelete
  19. හරි ඇත්ත............

    ReplyDelete
  20. මට උඹව අල්ලලා ඉඹින්න හිතුනා .මිහිදු හාමුදුරුවෝ රහත් වෙලා නිසා කල කිරෙනකක් නැහැ කියල හිතුවට දැන් තියෙන තත්වේ උඩ රහතානං වහන්සේලාත් කල කිරෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
  21. ගෙන එන්න ආයෙම
    ඒ නිර්මල බුදු දහමම
    නෑ අද එදා ගෙනා ලෙසම
    වෙනස් වෙලා කාලෙත් එක්කම..

    හැබැයි අයියේ පොඩි ප්‍රශ්ණයක්.. මිහිදුගෙන් බණ අහලා ඒ පැත්තට එකතු වෙයිද දන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. "මිහිදුගෙන් බණ අහලා ඒ පැත්තට එකතු වෙයිද දන්නේ නෑ"
      සෑහෙන හිතන්න ඕන කාරණාවක්.

      Delete
  22. අපිට කියන්න දෙයක් ඉතිරි කරලා නෑනෙ අයියා... පෝස්ට් එක නම් පස්ට. ඒත් අපේ එවුන් ඒකත් මාකට් කරයි තමන්ගේ වාසියට!

    ReplyDelete
  23. රාජ් ගෙන් කාලීන ධර්ම දේශනා...


    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. රාජ් ගොයියො‍්,
      අසනා බණ බොහොය - කියනා බණබොහොය
      රකිනා කෙනෙක් ගං හතකත් නැතුවාය

      Delete
  24. කොතනදි හරි මුණගැසිලා,
    "මිහිඳුට" බණ කියල යන්න..
    නියමය් !!

    ReplyDelete