Monday, June 25, 2012

කාර්යාලවල බඩු!

ලියන්න කියලත් එහෙමකට දෙයක් නෑ. චුට්ටකට කලින් මගේ බ්ලොගේ මැරිල ඉපදුනා කිව්වොත් පුදුම වෙනවද? උදේ පාන්දර බ්ලොගේට එන්ටර් වෙලා පොඩ්ඩක් වෙලාවකින් හම්බන්තොටට යන්න උනා. සයින් අවුට් උනෙත් නැතිවයි ගියේ. මොකද ඔපීසියෙම මම විතරයි ගිණි නරිය පාවිච්චි කරන්නෙ. ආව ගමන් ‍කීප දෙනෙකුට කොමෙන්ටු දාල මගේ බ්ලොගේ ඇරිය. මොන! Blog not found කියලයි කිව්වෙ. පස්සෙන්පහු පෝන් එකට මැසේජ් එකක් ගෙන්නගෙන වැඩේ ගොඩදාගත්තෙ. හැබැයි විනාඩි ගානකට බ්ලොග් ආසාව අත්හැරිය.

ආව එකේ පොඩි පොඩි කතා දෙක තුනක් කියලම යන්නං.
අපේ ඔපීසියෙ එක එක කාලෙට එක එක "ට්‍රෙන්ඩ්" ඇතිවෙනව. රවි අයියයි මායි කියන්නෙ "මේ දවස්වල ට්‍රෙන්ඩ් එක ......." කියල. මේව ඇතිවෙන්නෙ කාර්යාල තරග, ඵලදායීතා තරග.... වගේ දේවල් තියන කාලෙට. ෆයිල් කවර වටේට (නැවීම/පොඩිවීම වැලැක්වීමට) සෙලෝටේප් අලවනව. ඉතින් ඒකාලෙට සෙලෝටේප් ගෙනල්ල පිරිමහන්න බෑ. එක අතකට මේව තේරුමක් ඇති වැඩත් නෙවේ. මොකද හුඟක් ෆයිල් තියාගන්නෙ අවුරුද්දයි. ඊට පස්සෙ ඒව ලේඛණාගාරයටත් තවත් අවුරුදු පහකට විතර පස්සෙ "ගිණි දෙයියටත්" භාර වෙනව. සල්ලි වියදම් කරල සෙලෝටේප් ඇලවිල්ල මම දකින විදියටනං පාඩුයි. ඒත් තනි මම කියල මක්ක කොරන්නද!

තවත් කාලවලට පාට ෆොටෝ කොපි ඕන වෙනව. අනේ මංදන්නෙ නෑ මොකටද කියල. එක්කෙනෙකුට දුන්නම අනිත් අයත් ඉල්ලනව. මොන්ටිසෝරි යන පොඩි එවුන් වගේ! තවත් කාලෙකට "continuous sheet" කියන කොල ජාතිය ඕන වෙනව. පිටපත් ගන්න කෙනෙකුට ලඟදි කාබන් තියන ඩබල් continuous sheet එකක් ගෙනල්ල දුන්න. ඒක දැක්කට පස්සෙ කස්ටියටම ඕනවුනා ඒව.

කාර්යාල වල කරපු සමීක්ෂණයකට අනුව "අල්පෙනෙති" වලින් පාවිච්චියට ගන්නෙ 35% ප්‍රමාණයක් කියල හොයාගෙන තියනව. අපේ කාර්යාලයේ ගබඩාව භාරව ඉන්නෙ රවි අයිය. සාමාන්‍යයෙන් ඉස්සර කාලෙ ඉඳල මාසයකට පෑන් දෙකක් දෙනව. දැන් ඒක පුරුද්දකට ගිහිල්ල,
"රවී මහත්තයා මේ මාසෙ පෑන් දුන්නෙ නෑ" ඔය වගේ මතක්කිරීම් ආවත් අයිය නෙවේ සැලෙන්නෙ. දවසක් ස්ටාෆ් මීටින් එකකදිත් මේක කතාවුනා.
දවසක් රවි අයිය ගියා ලොක්ක ලඟට,
"සර්, පෑනක් ඉවරවුනාම පෑනක් දෙන්න ඕන තමයි වැඩකරන මිනිහට, හැබැයි මාසෙකට සැරයක් පෑන් දෙන්න කියල කොහේවත් කියල නෑනේ, අනිත්එක මේ ගෑනුංගෙ පෑන් හරියටම තිස්එක්වෙනිද වෙද්දි ඉවරයිද?"

සර්ටත් කට උත්තර නෑ. මේවගේ දේවල් වලින් ටික ටික හරි කාබාසිනියා වෙන්නෙ ජනතා මුදල්ම තමයි.

බඩු ගැන කිව්වම මතක්වුනේ, මම ඉස්සෙල්ල කිව්වනේ "බඩු බාරව" ඉන්නෙ රවි අයිය කියල. සාමාන්‍යයෙන් මාසයකට විතර සැරයක් තමන්ට ඕන බඩු ලැයිස්තුව බොසාගෙන් අනුමත කරවගෙන රවි අයියට දීල අදාල දේවල් ලබාගැනීමයි කරන්නෙ. ඊයෙ පෙරේද දවසක මට පෙන්නුව මේවගේ ලිසිට් එකක්. ඒකෙ තියනව "එපෝ බන්ඩලයක්", අයිලයිට් එකක් කියල. බලනකොට ඉල්ලල තියෙන්නෙ A4 බන්ඩලයක් සහ හයිලයිට් පෑනක්! :-)

අපි බඩු මිලදීගන්න සමාගම් තියනව. ටෙන්ඩර් කැඳවල තමයි ඒව කරන්නෙ. සංගීත භාණ්ඩ සපයන මේවගේ සමාගමක් තමයි "බොම්බේ හාමෝනියම්" කියන්නෙ. අපේ එක මහත්තයෙක් යවපු ලියුමක තිබුන "බොම්බේ හා මෝනියම් සමාගම" කියල :-)

ඔයවගේ කතා ගොඩයි. දැනට ඇති. ගිහිං එන්නං.


82 comments:

  1. ඔයා Blog not found ඇවිත් මගේ පපුව පිච්චුන තරම් දවසක්. එක්කෙ මේ නරියා මස් කොරන්න ඕන නැත්නම් හරි යන්නෑ....
    කාර්යාල වල වැඩ නම් කියලා වැඩක් නෑ. පහුගිය කාලේ ඒජී ඔෆිස් එකක මිස් කෙනෙක් ‍කැබ් එකෙන් තමයි ආවේ නිතරම ලොකු පොටෝ කොපි එකක් මට කියලා කරගෙන ගියා. මයෙ හිතේ කොල තුන්හාර දාහක් විතර. A3. ඉතිං මම ගත්තේ රු. 6 දෙපැත්තම. මෙයා බිල හදාගෙන ගියේ එකකට රු. 10 ගානේ. ලාභ කාටද කියලා මට‍ හිතා ගන්න බැරි වු‍නා අනේ...හිකිස්

    ReplyDelete
    Replies
    1. ඔයා දීපු බිල අමුනනවා "පොදු35" කියන වවුචරයක පිටිපස්සෙ. ඊට පස්සෙ සල්ලිටික එයා ගන්නව. හරිම සිම්පල්. හිඟා කනව හොඳයි ඊට වඩා!

      Delete
    2. රෙද්දක් ඇඳගෙන මේ දේවල් කරන්න හිතෙනවනෙ ඇත්තට...

      Delete
    3. නොදකින් කාලකණ්නි....
      ඔහොම හොරකම් කරන ගමන් ආණ්ඩුවේ හොරකම්වලටත් බණින එකනෙ වැඩේ.

      Delete
    4. ඔය වගේ ඒත් සාධාරණ වැඩක් කරන්න වුනා අපිට.

      කලින් වැඩ කරපු ආයතනයේ එක දවසක් හදිසියේ කොළඹ එන්න කිව්වා. රත්නපුර ඉඳලා අපි සෙට් එකක් ගියා. ට්‍රැවලින් එක්ස්පෙන්ස් දෙනවා කියල ගන්න ගියාම බස් ටිකට් ඉල්ලනවා. කොන්දලා ටිකට් දුන්නෙත් නෑ. අපි ඉල්ලුවෙත් නැහැ. පස්සේ ඉතින් අපි කලේ සුදු පත්තර කොළ A4 තරමට කපලා ඉන්ක්‌ ජෙට් ප්‍රින්ටරයක උපරිම කොලිටිය දාලා බස් ටිකට මුද්‍රණය කර ඉදිරිපත් කිරීම. අඩු නැතිව අපි ඔක්කොම ගිහින් තිබුනේ AC බස් වල (ටිකට් අනුව). බෑ නොකිය සල්ලි දුන්නා...

      ඔය පහළ කමෙන්ට් දාල තියෙන Modern Patriot හිටියෙත් ඒ ඔෆිස් එකේ..

      Delete
    5. තමන්ට ගිය වියදමක් එහෙම බිල් පෙන්නලා ගන්නවනම් එකේ වරදක් නෑ. ඒත් මෙහෙම ගන්න කොට යාදෙන්නෙ නෑ.ඒ මිස් සංගණන වලට නම් මාරම ආස ඇති. ඇයි ඉතිං කෑම හොදයිනේ...

      Delete
    6. හුටා..ඒක තමා අපේ ඔෆීසිය හරි ඉක්මනින් මුල්‍යය අර්බුදයකට පත් වුනේ. හෙ..හෙ...(මෙව්වා මොනවද කොළඹ ඔෆීසියෙ වෙච්ච දේවල් එක්ක බලනකොට). කොහොම වුනත් ඔයවගේ ලේසි ක්‍රමයක් හොයන්න ගිහින් තමා ඔය රාම අවතාරේයි මායි මිතුරු වුනෙත්.

      Delete
    7. රාමා
      තමන්ට හිමි දෙයක් ලබාගන්න ඒවගේ දෙයක් කලාට කලත් කමක් නෑ. ඒත් බට්ටි කියල තියන ජාතියේ වැඩ නං හොඳනෑ. කර්මානුරූප ප්‍රතිඵලය මොකක්ද දන්නවද? සිද්ධ වෙන්නෙ මෙහෙමයි,
      1. බිල ගත්ත වෙලාවෙ බට්ටිට බොරු කියන්න උනා.චාටර් උනා.
      2. වව්චරය හදන වෙලාවෙදි ආයෙත් ඔලුවට එනව මේ කරන්නෙ බොරු නේද කියල.
      3. වව්චරය නිර්දේශ කරන වෙලාවෙ ආයෙත් වධ දෙනව.
      4. අනුමත කරන වෙලාවෙ ආයෙත් ඔලුවෙ වැඩ කරනව.
      5. සල්ලි ගන්න වෙලාවෙ ආයෙත්,

      මෙන්න මේ විදියටයි මේක තමන්ගෙ හිතේ තදින් තැන්පත් වෙන හොරකමක් වෙන්නෙ. :)

      ස්පෑම් ගොඩට වැටිල තිබුන කොමෙන්ටු රාශියක් පබ්ලිෂ් කරන ලදී. අවුල මොකක්දැයි නොදනී.

      Delete
  2. මමත් සතියක් උඩ බලාගෙන හිටියා බ්ලොගේ නැති වෙලා. හැබැයි මම නම් පාවිච්චි කරන්නේ ක්‍රෝම්. ඔය එස් එම් එස් කතන්තරෙත් දන්නේ ඊට පස්සේ. ගුගල් දෙයියා සතියකින් පස්සේ බ්ලොගේ ආයේ දුන්නා. නැත්තම් ඉතින් දුක තමා. ආණ්ඩුවේ කන්තෝරු වල වැඩ තව ටිකක් දන ගන්න ඕන අප්පා. මමත් කොහොම හරි රාජ්‍ය සේවෙට එන්න තමයි මේ දවස් වල ට්‍රයි එක.

    ReplyDelete
    Replies
    1. මේකට බ්‍රව්සරයේ සම්බන්ධය ගැන මට නං හිතාගන්න බෑ. මොකද එක එක්කෙනා පාවිච්චි කරන්නෙ විවිධ බ්‍රව්සරනෙ. අනේ මංද!
      එන්න එන්න කොහොමහරි. රාජ්‍යසේවයට හොඳ පිරිමි නිලධාරීන් අඩුයි.

      Delete
  3. 31 පෑන් ඉවර වෙන සීන් එකනම් අපේ ඔපීසියෙත් තිබ්බා.... දවසටැ කොළ දෙකක අස්සන් කරන ඇන්ටි කෙනෙක්ගෙත් හරියටම 31 පෑන ඉවර වෙනවා.. නිල් කළු පෑන්නම් කමක් නෑ රතු පෑන්.. ඔව් ඔව් එව්වත් හරියටැම 31 ඉවර වෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් බං පෑන් දෙකම එක දවසෙ ඉවරයි.

      Delete
  4. අර අල්පෙනෙති වලින් ඉතුරු 65% ට මොකක් වෙනවද දන්නෑ ???

    ReplyDelete
    Replies
    1. දත් සුද්ද කරන්න වගේ දේවලට වැය වෙනව ඇති. :-)

      Delete
  5. මගේ යාළුවෙකුත් ඉන්නව ඔය වගේ ආණ්ඩුවෙ ඔෆීසියක "බඩු බාරව" ඉන්න සබ්ජෙක්ට් එක කරන. ඌ ඒ ඔෆිස් එකට ගියපු මුල දවස්වල වෙන එකෙක් ඕක කළේ. මූ අපිත් එක්කත් බනිනව ඌට පළු යන්න ඒ දවස්වල, ඒ යකා බඩු ඉෂූ කරන්නෙ උගේ අතින් පයින් යනව වගේ කියල. ඉතින් අවුරුද්දකට විතර පස්සෙ පොරට හම්බවුණා ඔය සබ්ජෙක්ට් එක. ඊට පස්සෙනම් ඌ කිව්වෙ මේක මරු බං, අවුරුදු දෙකක් කළොත් ගොඩ කියල. උගේ හැටි දන්න නිසා මම හිතාගත්ත වැඩේ යන හැටි. මගේ හිතේ කොතනත් එහෙම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බට්ටිගෙ කොමෙන්ටුවෙ අන්තිමට මම දුන්න උත්තරේ බලන්න.

      Delete
  6. ගැහැනු පෑන් මසකට වරක් ඉවර වෙන එක් ස්භාව ධර්මය වෙන්න ඇති කියල රවි අයියට තේරුම් කරපං සෑමා කිව්ව කියලා. මොකද එයාලා මසකට වරක් කෝමත් සුද්ද පවිත්‍ර වෙනව නොවැ..

    බඩු බාර රවි අයියා.. හිකිස්.. මාර බිසී ඇති නේද ?

    අර කොම්පැනි නම ලියපු එක සිරා :)
    මට මතක් වුනේ කොටුවේ "සායි සංගීතා" වගේ එකක්

    ReplyDelete
    Replies
    1. රවි අයියගෙන් බඩුවක් ගන්නඑක ලේසිනෑ. අපේ ඔපීස්වලට ලැබෙන ප්‍රතිපාදන අනුව එහෙම නොකලොත් මුල් මාස 6දී බඩු ඉවරයි.

      Delete
  7. බ්ලොග් එක බේරීම ගැන බොක්කෙන්ම සතුටුයි. ඒත් දුක හිතෙන කාරණය තමා අපේ රාජ් ගොයියා, රවී මහත්තයා වගේ රාජ්‍යය සේවකයො (තමන්ගේ සුදුසුකම් අනුව සේවය කරණ ) සුළු මුදලක් හෝ අපතේ යාම ගැන හූල්ලද්දී, ලොකු ඇත්තෝ (පිච්චියක සුදුසුකමක් නැති, කවුද කියල දන්නවනේ) කෝටි ගණන් වළ පල්ලට යවන්නේ හරිම ලේසියෙන්. ඔබලා වැනි රාජ්‍යය සේවකයන්ට නූතන දේශප්‍රේමියන්ගේ ආචාරය!

    ReplyDelete
    Replies
    1. තැන්කූ. ඒ දේවල් වෙනව තමයි. ඒවට නීති රීති තියෙන්න ඕන. මේවගේ දෙකයි පනහේ වැඩ වලටත් පිලියමක් තියෙන්න ඕන. මොකද ලොකු උනත් පොඩි උනත් වැරැද්ද වැරැද්දමයි.

      Delete
  8. අපේ ඔෆීස් එකේ කරන බොරු වැඩ හා නාස්තිකාර දේවල්වල හැටියට රාජ් ගෙ ඔෆීස් එකේ වෙන්න නොගිණිය හැකි තරම් කුඩා එව්ව වගේ.

    ///පිටපත් ගන්න කෙනෙකුට ලඟදි කාබන් තියන ඩබල් continuous sheet එකක් ගෙනල්ල දුන්න. ඒක දැක්කට පස්සෙ කස්ටියටම ඕනවුනා ඒව.//

    ඔව්වනම් මොනාද මෙයා. අපේ කස්ටිය අනික් කෙනා ලඟ ලැප්ටොප් එකක් තියනවා දැක්කෝත් තමන්ටත් ඒකම ඉල්ලනවා. තමන්ට අළුත්ම ඩෙස්ක්ටොප් එකකුත් තියෙද්දි. සමහරවිට ඔය දෙකෙන්ම කරනවා ඇතිතෙ නිකම් ඉන්න වෙලාවට පොඩි කාඩ් ගේම් එකක් ගහන එක හරි වැඩිම වුනොත් වර්ඩ් ෆයිල් එකක වැඩක් කරයි. ගෙදර ගිවාම දරුමල්ලො ඉන්ටනෙට් යනවත් ඇති.
    ඒ විතරක් නම් මදෑ...
    ලොක්කා ගන්න වර්ගයේම කාර්යාල උපකරණ සියල්ලත් ඕනෑ.
    (ඉහත සියල්ල කරන්නෙ මාණ්ඩලික නිලධාරීන්. මෙහේ මාණ්ඩලික කියන ඈයෝ හැට හුට හමාරකුත් තවත් ටිකක් ඉන්නවා. ඇයි උන්ගෙ වටේ ඉන්න හෙංචයියලා... උන් සේරටම හපන්)
    කියන්න ගියොත් දවසක් කීවහැකි.

    ReplyDelete
    Replies
    1. මේ රාජ්‍ය සේවයේද?

      Delete
    2. අපොයි ඔව්! රාජ්‍ය සේවයේ නේන්නං. මම කලින් පුද්ගලික ආයතන 03ක වැඩකළා. එක තැනකවත් තිබුනේ නෑ මෙහෙම කෝළං.

      Delete
  9. තාම ඉතිං ඔපීසි වල වෙන දේවල් දන්නේ නෑ...
    දැනගත්ත එක හොදයි...

    ReplyDelete
  10. ඔව්වා ඉතින් අර කිව්වා වගේ රටේ සුලු ජනතාවගේ සල්ලි නේ ඉතින්.

    ReplyDelete
  11. හයියූ සල්ලි අර අග්නියා කියනවා වගේ

    ReplyDelete
  12. කෝ අනේ මගේ කමෙන්ට් එක. බ්ලොග් කීපෙකටම මම අද හවස දාපුව එකක් වත් දැන් නැහැ. කමෙන්ට් එක දාපු ගමන් පෙන්නනව. ටිකකින් බලනකොට නෑ. කවුරුහරි දන්නවද එහෙම වෙන්නෙ ඇයි කියල? මේකටත් ඒ වැඩේ වෙයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. ස්පෑම් වෙලා වෙන්න ඇති, අද මම දාපු සමහර කමෙන්ට් වලටත් කෙළවිලා.

      Delete
    2. කොමෙන්ටු 7ක් 8ක්ම ස්පෑම් එකට ගිහිං තිබුන දැං හරි.

      Delete
  13. අනේ මන්දා ඉතින් ඕවා... අපි ඔපීසි වල වැඩකරලා නෑනේ.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් ලැබෙයිද මෙහෙම වෙනකොට!

      Delete
  14. ඔෆිස් වල වැඩ ඔච්චර චාටර්ද?

    ReplyDelete
    Replies
    1. ඔව්. මීට වඩා ගොඩක් චාටර් තැනුත් තියනව

      Delete
  15. මගේ ඉංගිරිස් බ්ලොග් එකත්(බ්ලොගර්) දවසක් අතුරුදහන් උනා තමයි. පස්සෙ sms එකකින් ගොඩ ගත්තා. ඔය බට්ටියි රෙප් මහත්තයයි දාලා තියෙන කමෙන්ට් අනුව බැලුවම මේක බ්‍රව්සර් ප්‍රශ්ණයක්ද?
    එහෙම වෙන්න බෑ නේද?
    මම හිතුවෙ බොම්බේ හාමෝනියම් විකුනන්නෙ සංගීත භාන්ඩ කියලා. ඉස්සර මම ගිටර් පික්ස් හෙම ගන්නව ඒකෙන්.
    හිත් රිදවාගන්නෙ නැත්නම් එක දෙයක් කියන්නම්. ලංකාවෙ ඔෆීස්වල ඔය ලිපිද්‍රවය නිකුත් කරන්නෙ හරිම ලෝබකමින් කියලා කියන්න පුලුවන්.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. මාත් කිව්වෙ බ්‍රව්සරේ අවුලක් වෙන්න බෑ කියලයි.

      බොම්බේ හාමෝනියම්ල විකුණන්නෙ සංගීත භාණ්ඩ තමයි. මම හිතුව කවුරුහරි ඕක අහයි කියල. අපි සංගීත භාණ්ඩ මිලදීගන්නව නෙව කලායතන වලට දෙන්න. ඒ ටෙන්ඩර් යන්නෙ අපි හරහ ඒකයි.

      Delete
  16. DDT ට වුන වැඩේමයි මටත් වුනේ. මම කමෙන්ටුව දානකොට අන්තිම කමෙන්ටුව දාල තිබ්බේ 'මී ගොඩයා'. මොනව උනාද මන්දා මගේ කමෙන්ට් එකට. ඒ වෙලාවෙනම් පෙන්නුවා.

    ReplyDelete
    Replies
    1. හි හී ..... මමත් කමෙන්ට් එක දාන කොට අන්තිමටම කමෙන්ට්කරල තිබුණෙ මී ගොඩයා. අනේ මන්ද ඌ අපේ ඒවත් ගෙනිහින්ද කොහෙ ද? කැතයි හොඳේ ...

      Delete
    2. මම මේ දවස්වල විශ්ව ශක්තීන් එක්ක සංනිවේදනය කරන්න භාවනා අභ්‍යාස පුහුණු වෙනවා... සාර්ථක ප්‍රථිඵල තියනවා.. ඒවගෙ බල පෑමක්ද දන්නෙ නෑ

      Delete
    3. Mee Godayaa
      උඹේ විශ්ව ශක්තිය මගේ ස්පෑම් ගොඩට යන්නෙ ඇයිද කියල කියපං.

      Delete
  17. එපෝ බන්ඩල් එපෝ......

    රටේ සල්ලි පුළුවන් හැම තැනින්ම ඉතුරු කරන්න පුලුවන්නම් හොඳයි. ලොකු වුන් කාබසින්යා කරද්දී පොඩි වුනුත් එහෙම කලොත් දැන් ඉන්න පොඩි උන්ට පොඩ්ඩක්වත් ඔලුව උස්සන්න වෙන්නේ නැහැ.

    පොඩි වැඩක් තියෙනවා ගිහිං එන්නම්.

    ReplyDelete
  18. හපෝ ප්‍රා‍.ලේ. කාර්යාලවල කඩදාසි පුච්චන හැටි මම දැක්කා හොරණදි, ට්‍රැක්ටරෙකට වැඩියි ලෝඩ් එක, දවස්ගානක් ඒ විදියට පිච්චෙනවා ඇති පළාතම දුමින් වහගෙන....

    එපෝ බන්ඩල් හා අයිලට්....:D

    ඔය sms ප්‍රතිකර්මය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද ?
    මම පාවිච්ච් කරන්නෙ ක්‍රෝම් සහ ඔපෙරා (ඔපෙරා- සින්ඩියෙන් බ්ලොග් කියවනකොට විතරයි)
    බ්ලොග් එක පටන්ගත්තම "පුදනකොටම කාපි යකා" වුනොත්...මේවා දැනගෙන ඉන්න එක වටිනවනෙ.

    ReplyDelete
    Replies
    1. sms මම කල දෙයක් නෙවේ. ඒකෙ අහල තිබුන දෙයක්. කියල තියන විදියට කලාම හරි. ආ...... අයියේ උඹේ බ්ලොග්එක පරිස්සං කරගනිං. මොකද ඕක මැකුනොත් කොච්චර පෝස්ටුද! මොන අපරාධයක්ද!

      Delete
  19. රාජ් අයියා, ඔය නරියා පාචිචිචී කරන එකනමි දැන් භයානකයි. මොකද පටස් ගාලා පිස්සු කෙලින්න පටන් ගන්නවා. මමත් අද තමයි ඔය මගුල හරියට තේරුමි අරගෙන නරියත් එක්ක තිබිබ සමිබන්ධය නතර කලා.

    ReplyDelete
    Replies
    1. එහෙමද මගේ මැසිමට ක්‍රෝම් දාන්න ගියා ඒකත් හරිගියේ නෑ.

      Delete
  20. ඔවුවා ඉතින් තමන්ගේ සාක්කුවෙන් යන එකක් යෑ. :)
    අම්බෝ ආයෙම අර වගේ ලෙඩ එන්ඩ එපා කියලා පතනවා !

    ReplyDelete
  21. මගේ හම්මියෝ දැන් අව්ලක් නෑ නේ දිගටම ලියන්න එහෙනම් :)))

    ReplyDelete
    Replies
    1. හ්ම්. තැන්කූ මලයෝ. :)

      Delete
  22. අපෝ ඔපීසී වල වැඩ ගැන නම් කියලා පලක් නෑ ඉතින්....

    ReplyDelete
  23. ඒ වුනාට ඔ‍ෆිස් එකකින් වැඩක් කරගන්න පලයල්ලකො බලන්න මුංගේ ගෑස්...හික්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත! ඒවගේ උදවිය ගැන වෙනම ලියන්න වෙනව.

      Delete
  24. අයියෝ රජයෙ සල්ලි ගැනනම් කතා කරන්න එපා. යකෝ මොන ආණ්ඩුව තිබුනත් මෙ නාස්ති කරන්නෙ අපෙ සල්ලි කියලා හිතෙන්නෙ නැති එකනෙ ප්‍රශ්නෙ. කොල නිල් රතු නෙමයි යකුනෙ මෙ තියෙන්නේ අපෙ දේ මේක අපෙ ඔලු තුලට වැටිච්ච දවසට තමා අපිට නැගිටින්න පුලුවන් වෙන්නේ. හැබැයි මෙක මහ එකාගෙ හිටන් පොඩි එකා දක්වාම යන්න ඕන

    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  25. රාජ්‍ය සේවය මහජන සේවය පිණිසයි :D

    ReplyDelete
  26. මේ වගේ උන්දලා දැන් එමටයි. පාසල් ගුරුවරුත් දැන් මේ වැඩේට පෙළඹිලා

    ReplyDelete
    Replies
    1. හැමතැනම වෙනව මේ දේවල්.

      Delete
  27. රවි අයියගේ උත්තරේ තමයි නියම.. හැම තැනම ඉතින් ඔහොමනේ.. අපරාදේ සල්ලී.

    ReplyDelete
  28. ලංකාවෙ ඔය වගේ දේවල් නොකෙරෙන තැනක් තියනවද? :(

    ReplyDelete
  29. කොච්චර හොඳයි කිවුවත් මම තාම ගිනි නරියා මගෙ ලැප පලාතකටවත් වැද්දගෙන නැහැ.. මට ඕකා විස්වාස නැහැනේ..නරියෙක්නේ ?

    ReplyDelete
    Replies
    1. ගිණි නරියට මං නං කැමතියි.

      Delete
  30. වෙයාර් ඉස් මයි කොමෙන්ට්.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ බැබලි බැබලි.

      Delete
  31. එක්තරා ආයතනයකට මම යනවා මහන මෙෂීන් හදන්ඩ,

    මම එක මෙෂින් එකකට 850ක් ගන්නවා
    අදාල නිලධාරියා ඉල්ලනවා මෙහෙම බිලක්

    මෙෂින් එකකට =1250

    මෙෂීන් 6 ක් සදහා =1250*6= 7500

    මගේ අහිංසක 850 අඩු කරපුවහම 7500-850= 6650

    වීශ්වාස කරන්න අමාරැයි නේද

    මාස තූන හතරකට සැරයක් අනිවා මෑන් ඔය වැඩේ කරනවා

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි! ඔය මහත්තය ඉන්න තැනට යාගන්න ට්‍රයි එකක් දීපං. එතකොට 1250ම ගන්න පුළුවන්නේ :)

      Delete
    2. අටම්පහුරට ගනන් බෑ නෙද ?

      Delete
    3. අනේ Loku John

      මම නං O/L කරෙත් නැ.අමු මෝඩයා,
      උඹ ගියේ කොළඹ ඉස්කෝලයකට නේද,
      කැම්පස් එහෙමත් ගියාද,

      ගාන හරියටම හරි
      1250 වැඩිකරනවා 6 යෙන් = 7500 යෙන් අඩුකරනවා 850ක් =6650
      මැන්ට 6650 යි
      මට 850 යි

      හු හු හු හු හු හු හු හු හු හ .......වැරදුනා Loku John ට හු හු හු හු හු හු හු හු හු

      Delete
    4. උබ මැශින් 6ක් හදලා 850ක් ගන්න Charity ආයතනයක්ද දාලා තියෙන්නේ
      …(කෑ ගහන්න එපා යකො මාත් උබෙ බෝටූවෙම තමා )
      …උබට ගනන් බෑ බෑ මයි

      …850 x 6 = 5100 මේ තියෙන්නෙ උබේ ගාන
      …1250 x 6 = 7500 මේ තියෙන්න හදපු බිලට අනුව ගාන
      …7500 - 5100 = 2400 මේ තියෙන්න ඌ මාටියා ගහපු ගාන

      Delete
    5. මචං එක දවසකට හදන්නේ එක මෙෂින් එකයි බං,

      ඌ 6ක් හදපු විදිහට බිල දාන්නේ,

      මට දෙන්නේ එක මෙෂිමක සල්ලි විතරයි,

      මම මෙෂින් 6ක්ම හැදුව නං මට ඔයා කියන ගාන හම්බෙනවා

      අපි දෙන්නටම ගණන් පුළුවන් දෙන්නම හරි

      Delete
  32. ගිනි නරියා ඊයේ මට කරපු කරදර මතක් උනාම පෝස්ටුවේ තිබුනු කතාවත් ඇස් ඉදිරියේ නොපෙනී ගියා. ඊයේ දවසම පොඩ්ඩි හිටියේ මෙච්චර වැඩ මැද්දේ, එයා එක්ක හටන් කරමින්.

    තව ටික වෙලාවක් එහෙම තිබුනානම් ඔය රවි අය්යා කල විදියේ වැඩත් කරන්ට තිබුනා සමහර විට.:D

    ReplyDelete
    Replies
    1. හහ්! පොඩ්ඩිට කරදර කල නරිය මට අහුවුනානං....

      Delete
    2. ගිනි නරියා අතෑරපං....උඹ හැත්තෑව දශකයෙනේ බං තාම ඉන්නේ...

      Delete
  33. ඔය නොට්ෆවුන්ඩ් කතාව මටත් උනානේව පස්සෙන් පහු ෆොන් මැසෙජ් එකෙන් තමා වැඩේ ගොඩ ගියේ. ඔය කෙස් එක වෙන්ට ඇත්තේ ලොගවුට් නොවි ගොඩක් වෙලා හිටිය නිසා වෙන්ට ඔන..පාස්වර්ඩ් නොට් මැච් කියල මැසෙජ් එකක් කලින් ආවනේද ගුගල් උන්නැහේ හිතන්ට ඇත්තේ අපේ සයිට් හැක්කොරල කියල එකයි ඔහොම වෙන්ට ඇත්තේ....

    ReplyDelete
    Replies
    1. ඒක වෙන්න පුළුවන්. මම හම්බන්තොට ගිහිල්ල එනකොට පැය තුනක් හතරක් ගියානෙව.

      Delete
  34. ගසා කෑම පහල තැන ඉඳලා ලොකු තැන දක්වා විවිධ පරිමාණයෙන් සිද්ධ වෙනවා. අවුරුදු බර ගානකට කළින් මං වැඩකලේ උතුරු මැද පලාතේ අති දුෂ්කර තැනක. සප්ලයි එන දවසට උදේ ඉඳලා ඔෆිස් එක ඇරගෙන බලාගෙන ඉන්න ඕන Admin එවුන් එනකන්. ඒකරලා බඩු දෙන්නෙත් stock එක check කරලා. උන් ලඟ ඉතුරු වෙන stationery, regional office එක තියන ටවුමේ පොත් කඩේට මාසේ අන්තිමට විකුණනවා කියලා තමයි කවුරුත් කිව්වේ....

    ReplyDelete
  35. උඹලගේ කාර්යාල ජීවිතේ විනෝද සමය වගේ ඇති . . හික්ස්

    ReplyDelete
  36. මන් කාලයක් ගාමන්ට් එකක ස්ටෝස් වල වැඩ කලා ඒකේනම් ඔහොම පෑන් දෙන්නේ නැහැ පෑනක් ඕනේ නම් ඉවර වෙච්ච පෑන ගෙනත් දෙන්න ඕනේ
    හැබැයි ස්ටෝස් වල ඉන්න අපිට නම් ඕනේ තරම් දේවල් ගෙන්න ගන්න පුළුවන්
    ඒකේ මාසෙට සැරයක් බඩු ගේන්න කීප දෙනෙක්ගෙන්ම අවසර ගනන් ඕනේ බඩු ලැස්යිතුව.

    ඒකේදී මන් ඉගෙන ගත්ත දෙයක් තමා මිනිස්සුන්ට ඉල්ලන ඉල්ලන වෙලාවට දුන්නම ඕහේ නාස්ති කරනවා හැබැයි බඩු නැති උනා කියලා වැඩ නවතින්නේ නැහැ ඒත් කොහොම හරි වැඩේ වෙනවා කියලා

    ReplyDelete
  37. සහමුලින්ම අපේ ඔෆිස් එක වගේ. කොහෙත් එහෙමයි බලාගෙන ගියාම. සමහරු වෙන වෙන බිස්නසුත් කරනවා ඒ අස්සෙ. සමහරුන්ගෙ පෑන් හැමදාම නැති වෙනව. අවුරුද්දකට ප්ලාස්ටික් රූල් 4ක් විතර ගන්නව. ප්ලැටිග්නම් මළාට පාවිච්චි නොකලත් ගන්නව. තව ඉල්ලන ඉල්ලන විධියට. මම ගියපු අළුත එහෙම ඉල්ලුවෙ නෑ. ඒ වුණාට මට ඒකට කේස් එකක් ආව අර කට්ටියගෙන්.

    හැබැයි ලියුම් ගහන්න ෆොටොකොපි කොල ගන්න එක තමයි ලොකුම වදේ. සතියකට කොල 50ක් වගේ දෙන්නෙ. ලියුමක පිටපත් යද්දි කොළ 4-5ක් වත් ඕන වෙනව. ඒ මදිවට කොලේ අනිත් පැත්ත ආයෙ පාවිච්චි කරන්නත් බෑ...

    මම ළඟදි මේකටනම් කොක්කක් අදින්නයි ඉන්නෙ ;-)

    ReplyDelete
  38. කන්තෝරු ජීවිතේ මරු ඈ...මමත් ටික කලක් වැඩ කරා...උදේට කෑවා නෙට් ගියා,දවල්ට කෑවා මේල් ටික බැලුවා 4.30ට ගෙදර ආවා....

    ReplyDelete
  39. මටත් ආසයි බං ආණ්ඩුවෙ ඔපීසියක රස්සාවක් කරන්න. බලාගෙන යනකොට ඕව රස සාගරයන් නෙ. මේවයෙ වගේ මැරෙන්න ඕනෙත් නෑ.

    මගෙ මිත්‍රයෙක් ඉන්නව ගාල්ලෙ රාජ්‍ය ආයතනයක, ඒකෙ ඉන්න සීනියර් ඔ‍ෆිසර්ස්ල රාජ්‍යපරිපාලන අමාත්‍යංශයේ තියන පුහුණු පාඨමාලා වලට අයදුම් කරන්නෙ බටා එකේ ගාන අහල ලු. හෙහ් කොහොමද ඒ වැඩේ..

    ReplyDelete