Wednesday, June 27, 2012

ලහිපිට.

ප්‍රථිකාර.
දැඩි අසාධ්‍ය තත්වයේ සිටින ලේ අතීසාර රෝගීන් දෙදෙනෙකුට කඩිනම් ප්‍රථිකාර අවශ්‍යයි. මිල ගනන්-වියදම් ප්‍රශ්නයක් නැත. ප්‍රථිකාර අවසානයේ සතියක් ඇතුලත චෙක්පත් වලින් මුදල් ගෙවනු ලැබේ.

සුදුබණ්ඩා මහතා,
උසස් අද්යා-පන අමාත්ය අංශය,
වෝඩ් පෙදෙස,
කොළඹ 07.

හෝ

බී. ගුණවර්ධන මහතා,
අද්යා-පන අමාත්ය අංශය
ඉසු-පාය,
බත් තර මුල්ල

**********************************************
ඔබත් පසුගිය උසස්පෙළ විභාග ප්‍රථිපල ප්‍රශ්නය නිසා සිත් තැවුලෙන් සිටින සිසුවෙක්ද? ඉසෙඩ් අගය වෙනස්වේ යයි බියෙන් පසුවෙනවාද? එසේනම් ගන්න අපගේ "ඉසෙඩ්කපාල යන්ත්‍ර රාජයා". පලඳින්න. නැතිනම් "ඉසෙඩ්ගාලක තෛලය" ගාන්න. තැපැල් මඟින් ගෙන්වාගත හැක. අත්දුටුවයි සත්තයි. හරිගිය පසු ගාස්තුව ගෙවන්න.

අභාග කොමසාරිස්,
අභාග දෙපාර්තමේන්තුව,
කොළඹ.

**********************************************

රැකියා අවස්තා.
ඔබ තරුණ කැමරා ශිල්පියෙක්ද? එසේනම් මෙන්න මහඟු අවස්තාවක්!

සිත් සසළ කරවන හැඬීමේ දර්ශන සහිත මළගෙවල්, දියේ ගිලී මියයාම්, මිණීමැරුම් අවස්තාවන් ආදී දර්ශන අපවෙත එවන්න. සිත්ගන්නාසුළු ගෙවීම්. සුපිරි වෙළඳසල් වලින් භාණ්ඩ සොරකම් කරන දර්ශනද භාරගනු ලැබේ.(බාගත කල යූ ටියුබ් වීඩියෝ වුවද කම්නැත).

දේශමාන්‍ය දේශ ශක්තී ආචාරිය එස්. එදිරිසිංහ මැතිනිය,
සුවර්ණවාහිණී,
අංක 67_,
ගාලුපාර
කොලඹ.

*************************************************

විපක්ෂයේ රැස්වීම් පාගමන් සාමකාමීව විසිරුවාහැරීම සඳහා ශක්තිමත් සිරුරැති තරුණයන් බඳවාගනු ලැබේ. දැළිපිහි, කඩු-කිණිසි, සහ ටී පනස්හය අවි භාවිතයේ මනා පළපුරුද්දක් ඇති අයවලුන් විය යුතුය.

ලුහුඞු දැන්වීම් පිටුව භාරයේ විමසන්න.


*************************************************

යන්ත්‍ර මන්ත්‍ර

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට වැසි වැස්සවිය හැකි යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මනාව දත් මන්ත්‍රාචාර්යවරුන් සඳහා ඇබෑර්තු ඇත. ගිහි පැවිදි දෙපක්ෂයෙන්ම අයදුම්පත් භාරගැනේ. (පැවිදි අයවලුන්හට සම්මුඛ පරීක්ෂණයේදී අමතර ලකුණු 20කි). කාලය සීමිත බැවින් සතියක් ඇතුලත අයදුම්පත් යොමුකරන්න. මාසයක් තුලදී බඳවාගනු ලැබේ. තනතුර ස්ථීරය. විශ්‍රාම වැටුප් සහිතය. අමතන්න,

සී. රනවක මහතා,
විදු ලිබල හා බ_ශක්ති අමාත්ය අංශය,
කොළඹ.

හෝ

හෙළ කරුමය කාර්යාලය.

**************************************************

ඔබේ දැන්වීම් නොමිලයේ "ලහිපිට" පලකරගන්න. ලියන්න පහතින්.

84 comments:

  1. ලහි ලහියෙ ආවට දැන්වීමක් දාන්නට
    අනේ දෙයක් මට කොටන්නට..

    ReplyDelete
  2. සුදු පැහැ ති වෑන් රථයක් රියදුරු රහිතව කුලී පදනමට උවමනා කර තිබේ.. ( වර්ගය/ සැප පහසුව අවශ්‍ය නොවේ )

    මැරවින්
    කැලණිය

    ReplyDelete
    Replies
    1. කට වරද්ද ගන්න එපා මී ගොඩයෝ. ඔය මැරවින් ඔයාට අනිවා සුදු වෑන් එකක් එවයි මෙව්වා දැම්මොත් ..
      (අපොයි දෙයියනේ මාත් කට වරද්ද ගත්තද මන්දා)

      Delete
    2. දෙන්නටම වැරදුනා. ඔක්කෝටම වැඩිය මට වැරදුනාද කොහෙද. කට වරද්දගන්න නෙවේ අත වරද්දගන්න. ටයිප් කරන්නෙ අතින්නේ.

      Delete
    3. බොරුවක් එහෙම නෙමේ ඕන්.
      http://punchicar.com/MoreDetails.aspx?id=8719

      Delete
  3. ආවා..ආවා..ලහිපිට ගන්න කියවන්න ජයගන්න...අප්පේ ඒ සතර නේද...

    ReplyDelete
  4. අනිවාර්යෙන්ම හිටු කියලා ප්‍රතිඵල බලාගත්තෑකි.
    ලහිපිටේනේ දැම්මේ !!!
    ඇත්තමයි මේකාටත් හිතෙන එවුවා. අද දැන්වීම් ටික දැකලා හිනා වෙලා හක්කත් රිදෙනවා !!!

    ReplyDelete
    Replies
    1. හරි නොගියොත් ගාස්තු ආපසු දෙනවනේ.:-)

      Delete
  5. අද නම් දැන්වීම ගොඩයි. මේ යන්ත්‍ර මන්ත්‍ර ගැන කියවනවා.:)

    ReplyDelete
    Replies
    1. හ්ම්. වශියක් කරගන්න ඕනද?

      Delete
    2. ලංකාවෙන්ද අප්‍රිකාවෙන් ද?

      Delete
  6. මස් ගොඩක නැතිවුණු මීයෙක් සෙවීමට තරුණ හෙදියන් අවශ්‍යයි. කෙහිවලු සටන් පළපුරුද්ද අමතර සුදුසුකමකි.
    විදුලි පන්දම් අවශ්‍යයි.
    අමතන්න
    N.S. ද සිල්වා
    වා රී මාර්ග අමාත්‍යාංශය
    කොළඹ.

    ReplyDelete
    Replies
    1. අන්න නියම දැන්වීමක්! අම්මාපල්ල සල්ලි දෙන්න වටිනව.

      Delete
    2. අනේ අම්මප මේකනම් ඇත්තටම දාන්න වටිනවා.

      Delete
  7. "ලහිපිටේ" දැම්මොත් ප්‍රතිපල ශුවර්.....

    ReplyDelete
  8. හිකිස්... තව තව? :) :)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. තව තියනව. දාන්න කම්මැලියි.

      Delete
  9. කෙසෙල්වැවීමට සහ ගොල්ෆ්පිටියක්,සංචාරකහෝටලයක් සෑදීමසඳහා අක්කර100ට වැඩි රක්ෂිතඉඩම් අවශ්‍යකරතිබේ.

    ReplyDelete
    Replies
    1. අන්න තවත් දැන්වීමක්. බොහොම හොඳා.

      Delete
  10. අප්පොච්චියේ ..... මේ දැන්වීම් ටික පබ්ලිෂ් කරොත් ලහිපිට තියා ඒකෙ අංශුවක්වත් ඉතුරුකරනකන් නෑ .....

    ReplyDelete
  11. ලේ අතීසාරෙට බේත් කලා කියමු....එතකොට වාචාල කමටයි මොලේ කොලොප්පමටයි මොකෑ කොරන්නේ ;-)

    ReplyDelete
    Replies
    1. ඒක උපන්ගෙයි අවුලක්නේ. ඔහෙ තිබුනාවෙ. බේත්කලාට ගොඩදාන්න බෑ.

      Delete
  12. අයියු...රාජ් අයියාට මරු ටොපික් එන්නේ...

    ReplyDelete
  13. පට්ටයි ඕයි . . .. වෙන මොකුත් කිව්වොත් අගේ අඩුවෙයිද මන්දා . . .

    ReplyDelete
  14. Replies
    1. අන්න මීගොඩයා සුදුවෑන් දැන්වීමත් දාල!

      Delete
  15. මරු නිර්මාණයක්නෙ. නියමෙන් නියමයි!!!

    ReplyDelete
    Replies
    1. මහ වෙදනට බොහොම ස්තුතියි. ඒක නෙවේ... උඩම තියන දැන්වීමට ඉල්ලුම් කරන්න වෙදනට පුළුවන්. ට්‍රයි කරල බලන්න :)

      Delete
    2. මමද ? මම ඔකුන් දෙන්නට දෙන්නේ ජාපාල. බඩ ගිහිල්ල මැරෙන්න.

      Delete
  16. අඬෙනවා......

    ReplyDelete
  17. //බාගත කල යූ ටියුබ් වීඩියෝ වුවද කම්නැත//

    මේක ඇත්ත හැබැයි. අරුන් වැඩ කාරයෝ වගේ දාන්නේ මේවා..

    මගෙ ලග තියෙනවා "කපු කටින" යන්ත්‍රයක් ඇඩ් එකක් දාමුද ?

    ReplyDelete
  18. වචන උවමනා නැත. ඇඩ් ටිකනම් මරු

    ReplyDelete
  19. කොළඹ වරායේ ගල් කපන්නත් කට්ටිය හොයනවලු! ගල විදින්නලු තියෙන්නෙ! :D

    ReplyDelete
  20. ශ‍්‍රීලංකා ක‍්‍රිකට් ආයතනයෙ ඉදිරි තරග විකාශන අයිතිය සඳහා වූ ටෙන්ඩර් කැඳවීමයි... ටෙන්ඩර් කැඳවීම සඳහා නියමිත දිනට පෙර ලැබෙන අයදුම්පත් පමණක් සලකා බැලේ


    (මේවා දාන්නෙත් ලහිපිටේ නේද...)

    ReplyDelete
  21. පික්ෂුහැදෙන ෂඳ කිව්වලු...ෂික්...අපිට ඩාන්න එක ජොබක්වත් නෑනි..! ර්රගර් පිටිවල නටන්න කොල්ලො ගන්නෑනි..ෂික් ..ආෂම ජොබ..!

    ReplyDelete
    Replies
    1. ලඟදිම ගන්නව ඔහොම ඉන්න.

      Delete
  22. විනාස වී යන නිධන් ගොඩ ගැනීම සඳහා හොඳ අලවන්ගුත් සමග ළිං වැසිකිලි වලවල් කපල පුරුදු ඔබ සියලු දෙනාම විසඳන්න. ඇමති කෙනෙකුගේ ලිපියක් ඇතොත් රස්සාව ෂුවර්.

    සුදු අරලිය ගසක් ඉදිරිපිට ඇති නිවාස.

    ReplyDelete
  23. හෙහ් හෙහ් මං හිතුවෙ මංගල යෝජනාවක් කියල

    ReplyDelete
    Replies
    1. මංගල යෝජනා නෙවේ. ලුහුඞු දැන්වීම්.

      Delete
  24. බලහන් ලගදිම මෙහෙම දැන්වීමකුත් යයි
    "බ්ලොග් කරුවෙකු ඉස්සීමට සුදු වෑන් රථයක් හා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු අවශ්‍යයි"

    ReplyDelete
  25. බුල්ඩෝසර් බැකෝ යන්ත්‍ර හා ඒවා නැති විට උදැලු පිකැස් මගින් වලවල් හෑරීමට හා අධි තාක්ෂනික පොලොව ස්කෑන් කිරීමේ උපකරණ වල මනා නිපුණ තාවයකින් යුතු පුද්ගලයන් බදවා ගනු ලැබේ..
    සිත්ගන්නාසුළු වැටුප්
    රාජ්‍ය ආරක්ෂාව
    නොමිලේ කෑම බීම(සැර නං සැර)

    විමසන්න
    මරා
    මරා මන්ධිරය
    කොළඹ..

    ReplyDelete
    Replies
    1. කණගාටුයි! සැර වැඩියි.

      Delete
  26. ඕනෑම නැවක්,බෝට්ටුවක්,පාරුවක් අඩු මිලට ගාල් කිරීමට අවශ්‍ය නම් විමසන්න

    ලහිපිට බාරේ
    හම්බන්තොට වරාය අධිකාරිය

    ReplyDelete
    Replies
    1. හක හක හක හික් හික් හිකිස්ස්ස්ස්ස්ස්...........

      Delete
  27. මංගල දැන්වීම් නැද්ද අයියේ... :)

    ReplyDelete
    Replies
    1. එකක් දාන්න හිටියෙ. ඒත් ෆේස්බුක් බැලුවම හිතුන ඕන නෑ කියල.:)

      Delete
  28. රට වටේ මෙහෙම දන්වීමක් තියෙයිද?
    …රජයට මඩ ගසා කීර්ති නාමයට හානි කරන රාජ් නමින් පෙනී සිටින පුද්ගලයා පිලිබදව දන්නේ නම් ලගම පොලීසියට දන්වන්න.
    …පොලිස්පති.

    ReplyDelete
  29. මොළයට කිඳා බැස ඇති මූනිස්සමක් සෙවීමට අංජනම්කරුවෙකු විමසන්න. වෛද්‍යවරු අනවශ්‍යයි.

    …අදීක්සණ මන්ත්‍රී
    …ආ....රක්ෂක අමාත්‍යංශය
    …කොළඹ 2.5

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි. //කොළඹ 2.5//;-)

      Delete
  30. ඔබත් ඉතා ජනප්‍රිය රූපවාහිනී ආයතනයක සේවය කිරීමට කැමතිද?

    පහත සුදුසුකම් සපුරා ඇත්නම්, ඔබටත් අවස්ථාවක් දීමට අප සූදානම්,

    1. ඕනෑම මොහොතක රජ පවුල වෙනුවෙන් කඩේ යෑමට ඇති හැකියාව.
    2. දිනය පුරා නාසය වසාගෙන සිටීමට ඇති හැකියාව.
    3.යකඩ තොග අතුරුදහන් කිරීමට ඇති හැකියාව.
    4. ගණිකා නිවාස සමග ඉතා කිට්ටු සම්බන්ධතාවක් පවත්වා ගැනීම. (ටෙලි නිළියන් සපයා ගැනීම වෙනුවෙන් මෙය අත්‍යවශ්‍යය වේ)

    අමතර සුදුසුකම්,

    1.
    2.
    3.

    විමසීම්,

    සුද ඇරි මෑන් රදල ලිය ගොඩ,
    නයි ටී එන් මදන ජාලය,
    වි ක්‍රම සින් හපු ර,
    බත් අර මුල්ල.

    (අමතර සුදුසුකම් වලට හිස්තැන් පුරවන්න උදව් වෙයල්ලකො)

    ReplyDelete
    Replies
    1. හොදයිද මන්දා මේකත් දාමුද
      සාකච්ඡාවන් අතර තුර නිතර කොණ්ඩය සැකසීමේ පිස්සුව ඇත්නම් වඩා හොදය...

      Delete
    2. හෙහ් හෙහ් ඔය තියෙන්නෙ නියම ඇඩ්. පිටුවක් පටන්ගන්නම හිතෙනව.

      Delete
  31. බුදු අයියෝ සුදු වෑන්.......:O

    ReplyDelete
  32. ලහිපිටේ දැම්මොත් හිටු කියලා ප්‍රතිඵල :D

    ReplyDelete
  33. ටැබුගේ ලිපි අපි දැන් එක එක්කෙනා සේව් කරලා තිබිච්චා , තැන් තැන් වලින් හොයාගන . සමහරැ කියන එව්වා අහගන , අමාරැවෙන් බලනවා වගේ
    අනාගතේ අළුත් බ්ලොග් කාරයන්ට බලන්ඩ වෙයිද දන්නැ

    http://raj1st.blogspot.com/2012/06/blog-post_27.html
    රාජ්ගෙ නවාතැන

    ReplyDelete
  34. අනේ ඔයාල මරු අනේ...අපිට ඉතින් මෙහෙ ඉඳන් ලංකාවෙ දේවල් බලන්න වෙන්නෙ ඔහොම තමා..හික්ස්ස්ස්ස්...

    ReplyDelete
    Replies
    1. කැමති නැද්ද ඇවිල්ල පොඩ්ඩක් පහන් සංවේගය උපදවාගන්න.

      Delete
  35. රුපියලට කෙලවීමට පෙර අතීසාරෙට අමුඩ ගහන්න දන්නා වෙදමහතුන් ඕනා කර තිබේ .. සිරි ඉල්ලන්කා හම යන බැංකුව, කොළඹ එක..

    ReplyDelete
    Replies
    1. ඇයි අර ගොං බාන දෙපැත්තට අදිනවලු නේද? හොඳ කාලෝචිත ඇඩ්එක!

      Delete
  36. ප්‍රවෘත්ති සාකච්ඡා ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන් අවශ්‍යව ඇත. අනවශ්‍ය ප්‍රශ්න නොඅසා සිටීමේ හැකියාව, කියන දෙයක් පිළිගැනීමේ හැකියාව අත්‍යාවශ්‍ය සුදුසුකම් වේ. ඇමති කෙනෙක්ගේ ලියුමක් තිබීම අමතර සුදුසුකමකි.

    අමතන්න -

    විස්ස විජ්ජාල ප්‍රති-පාදන කොමිසම
    උකස් අද්යාපන මෙව්ව එක
    කොළඹ

    ReplyDelete
    Replies
    1. //අනවශ්‍ය ප්‍රශ්න නොඅසා සිටීමේ හැකියාව//
      ඊයෙ දකින්න ඇති නේද බන්දු අංකල්ගෙ චන්ඩි පාට්එක.

      Delete
  37. එලවලු ගෝනි වලින් පෙට්ටි වලටත් පෙට්ටි වලින් ගෝනි වලටත් මාරු කලහැකි කම්කරුවන් අවශ්‍යයි. ගෙවීම් එලවලු වර්ගය අනුව.

    ජොනී
    බෝරපාගික අමා___ශය

    ReplyDelete
  38. හැක හැක හැක බලාගෙනයි ඇස් බි කාරයා එයි උස්සගෙන :D

    ReplyDelete
  39. සිරි දේසේ ලහිපිට...

    ReplyDelete
  40. වට පට ලබ ලබ ඉන්නේ නැතුව ලහි පිට බැලුවනම් වඩේ ගොඩ.....
    පට්ටස්....

    ReplyDelete
  41. ලේ අතීසාරයට ගැසීමට යුරෝපා රටකින් ආනයනය කල උසස් තත්වයේ අමුඩ 2ක් (පැකිං නොකැඩූ) විකිණීමට සිරාගේ යාලුවෙකු ලග ඇත.... පළමු වැඩිම ඉල්ලුමට..... විමසිම් බ්ලොගියෙන්...

    ReplyDelete
  42. ඉතිරි වී ඇති අබලි නිදන් ද්‍රව්‍ය හාරා ඉවත් කිරීමට ටෙන්ඩර්පත් කැඳවනු ලැබේ..

    ReplyDelete