Monday, June 18, 2012

කටුවන වෙඩිතැබීම.




හම්බන්තොට කටුවන වෙඩිතැබීම ජ.වි.පෙ. දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක්.
-ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුලූගල්ල.

ජ.වි.පෙ. අභ්‍යන්තර ගැටුමක ප‍්‍රතිඵලයක් විය හැකියි නැතහොත් ජ.වි.පෙ. හැරගිය පිරිසක් විසින් සිදුකල කි‍්‍රයාවලියක් විය හැකියි, .......
-පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක.

මෙවැනි මාධ්‍ය ප්‍රකාශක වරුන් ලද ඒ ඒ ආයතන භාග්‍යවන්තය.
මෙවැනි මාධ්‍ය ප්‍රකාශක වරුන් ලද ජනාධිපතිතුමා භාග්‍යවන්තය.
මෙවැනි මාධ්‍ය ප්‍රකාශක වරුන් ඇති රටක ජනතාව භාග්‍යවන්තයෝය.
අනේ වාසනාවන්!

එක්නැලිගොඩගෙ අතුරුදහන් වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ලලිත්-කූගන් පැහැරගැනීම,....... වගේ දේවල් ගැනත් මේ/මේවගේම සෑර්ල අදහස් දැක්වුව නෙව! පොඩි පරහකට තියෙන්නෙ ඒ මිනිස්සු ආවෙ නැති එක විතරයි. ඒ ඇරුනම වචන එහෙ මෙහෙ වීමකින් එක්කෙනෙකුට උසාවි එන්නත් උනා.


ඒ වගේම, නොකිව්ව උනත් කටුගේ කැඩුවෙ කවුද කියලත් මේ සෑර්ල දන්නව කියල අපි දන්නව.

ප.ලි.- ලංකාවෙ කෙනෙකුට කරන්න පුළුවන් ලේසිම රැකියාව මොකක්ද කියල "රැඩිකල් අදහස්" කියල තිබුන. රැඩිකල් වැරදියි! මම නං කියන්නෙ මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙන එකයි ලේසිම රැකියාව.

ප.ප.ලි.- ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන ලියාගෙන හිටිය විහිළු කතාව බදාදාට කල්දාන්න සිද්ධ උනා. ඒත් ඔන්න හිනාවෙන්න තිබුන අවස්තාවට හානිකලේ නෑ.

45 comments:

  1. මෙව්වා විහිලුවක් නොවෙන විහිලු ගණයට අයිති වෙන්නේ!

    ReplyDelete
  2. අපිම වගාකළ දේවල් වල අස්වැන්නයි මේ නෙලන්නේ.තව ඉදිරියට මීටත් වඩා බරපතල දේවල් දකින්න අසන්න ලැබේවි.මතක තබාගත යුතු කාරණයක් ඇත.මුදාහැරි දඩ බල්ලන් යම් විටක ස්වාමියාටද එරෙහි වීමට ඉඩ ඇති බව.

    ReplyDelete
  3. ක‍ටුවන කලින්නම් ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ නියම කිතුල් පැණි වලට කියලා මේ දැන් මගෙ වයිෆ් කිව්ව. ඉතිහාසය නැවත ලියවෙමින්නෙ තියෙන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඇයි ඩූඩ් කටුවන පැරණි ලන්දේසි බලකොටුවක් තියනව නේද? මමනම් කටුවන ගැන අහල තිබ්බෙ ඒ නිසා. කොහොමටත් ඔය වලස්මුල්ල පැත්ත කිතුල් පැණිවලට ප්‍රසිද්ධයි.

      Delete
  4. අනේ වාසනාවන්....වෙන මොනවා කියන්නද බන්..

    ReplyDelete
  5. කිසිවක් නොදුටුවෙමි කිසිවක් නෑසුවෙමි......^_^

    ReplyDelete
  6. කියන්නට කිසිවක් නැත.. කීවාට පලක්ද නැත....

    ReplyDelete
  7. // නොකිව්ව උනත් කටුගේ කැඩුවෙ කවුද කියලත් මේ සෑර්ල දන්නව කියල අපි දන්නව. //

    නෑ. නෑ... එයාල තාම හොයාගෙන තියෙන්නෙ අර සියඹලාපිටිය උත්තමය මේ කේස් එකට කිසිම සම්බන්ධයක් නෑ කියල විතරයි. පරීක්‍ෂණ ඉවර නැතුවත් අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන චරිත සහතික දෙන්නෙ ඒකනේ.

    ඔය මාධ්‍ය ප්‍රකාශකකම්වලට වැඩිය හොඳයි ගෙදර ගිහින් ලොන්ඩරියක් දා ගන්න එක. මට නම් වැඩිය තරහ ලොකු පුටුවල ඉන්න උත්තමයො එක්ක නෙවි, රටේ ඉන්නෙ හරක් කියල හිතාගෙන මාධ්‍ය ඉස්සරහට ඇවිත් ගොන් කතා කියන මේ වාහෙල එක්ක.

    ReplyDelete
  8. හුදී ජනයාගෙ පහන් සංවේගය උදෙසා මෙවැනි ජෝකරයන් ඇත්ත දැන දැනම (මාධ්‍ය ප්‍ර‍කාශක) කියනා කථා වල විපාක... උන් දිණෙක මෙලොවින් චුත වෙන දවසක පල දෙනු ඇත.

    ReplyDelete
  9. මාධ්‍ය ප්‍රකාශකලා කරන්නේ වෙන උත්තමයෙක් ලියලා දෙන script එක කියවන එක විතරයි.

    ReplyDelete
  10. අනේ මන්දා මේවා නම්....

    ReplyDelete
  11. මෙව්වට හිනා වෙන්න ඕනේ කටින් නෙවේ පු*න්

    ReplyDelete
  12. අනේ ඉතින් අපිත් මේ වගේ රටකනේ ජීවත්වෙන්නේ ....

    ReplyDelete
  13. ohoma ekekta kawuru hari kagahuwoth onna ayithivasikam kada kadakara kiyala vidi bahinawa .unta rate nathi dewal kiyanna hodai.g

    ReplyDelete
  14. පව් බං රාජ් අපි... මේ වගේ එවුන් මැද්දේ උපදින්න ලොකු පිනක් කරලා තියෙනවා.

    ReplyDelete
  15. ආශ්චර්යට යන පාරේ ඔය වගේ පොඩි පොඩි වෙඩි තැබීම් බෝම්බ පිපිරීම් වගේ දේවල් සිද්ද වෙන්න පුළුවන්. අපි ඒ වගේ දේවල් වලින් සැලෙන්න හොද නෑ. ආශ්චර්යමත් සුඛිත මුදිත ජනතාවක් ඉන්න මේ සිරි ලංකාවේ ඔය වගේ දේවල් සිද්ද වෙනවා කියන එක ජාත්‍යන්තර ප්‍රජාව අතරට ගියෝතින් මොකද වෙන්නේ. දේශද්‍රෝහියෙක් වෙන්නේ නැතුව ඕවා ඇහුනේ නෑ දැක්කේ නෑ කියලා ඇස් කන් පියාගෙන ඔයත් ආශ්චර්යට යන දේශප්‍රේමී ජනතාව අතරට එකතු වෙන්න රාජ් අයියේ......

    ReplyDelete
  16. මමත් මේ ගැන 'පෝස්ට්' එකක් ලිව්වා. ලියල ඉවර වෙලා බලන කොට සෞම්‍යය වචන තිබ්බේ 10කටත් අඩු ගානක්. බ්ලොග් ලියන්න පටන් ගන්න කොටම කුණු හබ්බ දෙසා බාන එක ප්‍රතිරූපයට හානි වෙයි කියල බයට ඒක කුණු කූඩෙට දැම්ම.

    කොහොම වුනත් රාජ් ගොයියෝ මගේ මිත්‍රයෙක් කිව්ව කතාවක් විතරක් පහළින් දාල ඇති.

    //"ජූලම්පිටියෙ අමරේ නැමති අහිංසක, නිර්ව්‍යාජ ගැමියාට අතවර කරන්නට ගිය, 18 හැවිරිදි තරුණයෙකු සහ 50 හැවිරිදි තිදරු මවක්, අද අවසන් ගමන් යන බව පොලෝසිය පවසති.. රජයේ මාජ්ජ පකාසක ලස්මන් හෙලුගල්ල පවසා ඇත්තේ, අමරයා කිතුල් ගසක් මත, කිරි වීදුරුවක් පානය කරමින්, "වයි දිස් කොළවෙරි ඩී" ගීතය ශ්‍රවණය කරමින් සිටියදී මේ ප්‍රහාරය එල්ල වු බවයි.. ප්‍රහාරයට පැමිණි තරුණයා සහ කාන්තාව සතුව තිබී මිලි මීටර් 120 වර්ගයේ ඩෙනිමක්, ටී ෂර්ටයක්, සෙරෙප්පු කුට්ට්ම් දෙකක්, සායක්, හැට්ටයක් ඇතුලු භයානක අවි රැසක් සොයා ගත් බව, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලොස් පති පවසයි..

    මේ පිළිබඳව අප වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන ඔස්සෙ සම්බන්ධ කොර ගන්නවා පුරා-විජ්ජා සක්විති උන්නාන්සේව..

    "පොලෝසිය මේ සිද්ධියෙදි තමන්ගෙ පතිවත ආරක්ෂා කරගෙන ඉන්නා ආකාරය හලි ප්‍රසංසනීයයි.. පොලෝසියෙ "පති" ( ස්වාමි පුරුසයා ) කවුද? .. මහ රජ්ජුරුවන් වාන්සෙ නෙ..? ඉතින් පොලෝසිය උන්නාන්සෙට තියෙන සුවාමි භක්තිය ආරස්සා කරගෙන ඉන්නවා.. ඒකට කියන්නෙ පතිවත රකිනවා කියලා අපේ සංස්කෘතියෙ..! "//

    ReplyDelete
  17. හසන්ත මහත්තයෝ මේ අපේ ජාතියේ පින.

    ReplyDelete
  18. ඔව්වාට ඔන්න මොනාත් කියලා සුදු වැන් වලින් ඉස්සුවොත් අප්පා..

    ReplyDelete
  19. ලොක්කෝ එහෙම කියනවා නම් ඉතින් ඇත්ත වෙන්න ඇති ලොක්කෝ කවද්ද බොරු කිව්වේ.

    ReplyDelete
  20. අනුර දිසානායක කිව්ව වගේ මේ නම් අංජනම් බලන උදවිය.(සිද්ධිය වෙලා පැය 2ක් යන්නත් කලින් තමයි ප්‍රකාශ නිකුත් කරල තියෙන්නේ)

    ReplyDelete
  21. ජේ.වී.පී ය තමා තරමක් දුර්වල අඩියක හිටියත් මිනිස්සුන්ට තියෙන විකල්පය. යූ එන් පී මල්ල ලෙහලා බලපු එකක් නිසා තව ඒකෙ ඔබලා බලන්නත් දෙයක් නෑ. මේ ගැන දේශපාලනිකව සලකා බැලුවම ආණ්ඩුවට ඇත්තටම අභියෝගයක් විය හැකි ජේ.වී.පී ය මර්දනය කිරීම තාර්කිකයි.

    ජේ.වී.පී ය පැත්තෙන් ගත්තම නම් මේක කියලවත් කරගන්න බැරි වටිනා උදව්වක්....

    ReplyDelete
    Replies
    1. //ජේ.වී.පී ය තමා තරමක් දුර්වල අඩියක හිටියත් මිනිස්සුන්ට තියෙන විකල්පය.//

      මිනිස්සුන්ට විතරක් නෙවේ ගොඩක් ආණ්ඩු පිහිටවන්න විකල්පය වුනෙත් ජේවීපිය තමා මචං.

      Delete
  22. ඊයෙ රාත්තිරි පෝත්ති වලට පෙන්නුවා අපේ ජලාදිපති තුමා කියුබාවෙ කටු ගේ බලන්න ගිහින්.

    දන්නවනේ සෑමාගේ තාත්තගේ කතා..

    "එහෙ ගිහිනුත් කඩුව හොයනවද දන්නෙ නැහැ" එච්චරයි එයා කිව්වේ :)

    ReplyDelete
  23. මොනවා වුවත් මට කියන්න තියන්නේ පළමු ඇනෝගේ කතාවමයි. ජය!!! කාටද මන්ද???

    ReplyDelete
  24. හනේ ඉතින් අපි මේවට මොනා කියන්නද??

    ReplyDelete
  25. ඇයි තව ගොන් වාහෙ කෙනෙක් කියලා තිබුණෙ "සැකකරුවෝ ගැන කිව්වට මදි, ඒක ඔප්පු කරලා පෙන්නන්නත් ඕන" කියලා. එතකොට පොලිසිය ඉන්නෙ මොකටද කියලා අහගෙන ඉන්න වුන්ට හිතෙනවා ඇති කියලා මේ හරක් ට තේරෙන්නෙ නැහැනේ...බල්ලොන්ට ගිය රටනෙ!

    ReplyDelete
  26. මට මේක තේරුනේ නැත්තේ ඇයි ? දන්න කෙනෙක් කියන්ඩ !!

    ReplyDelete
  27. මෙවා විහිලු නෙමෙයි .....එහෙමම කියන්නත් බෑ නෙ :D :D

    ReplyDelete
  28. අබුද්දස්ස කාලෙනේ, ඇඬේනවා හිනායන්නේ නෑ :(

    ReplyDelete
  29. අම්මප දේශප්‍රේමියෙක් කියන කතාද මෙව්ව...ඈ...!!!!

    ReplyDelete
  30. මම නම් කියන්නේ පව් බන් ඔය ප්‍රකාශ නිකුත් කරන ය.
    කව්රු හරි දෙන ඕනෑම දෙයක් කියවන්නේ තමන්ගේ ජොබ් එක බෙරගන්නනේ.
    කොන්දක් නැති එකටයි, තියන මෝඩ කමටයි අනුකම්පා කරනවා ඇර මොනා කරන්නද?

    ReplyDelete
  31. රජතුමෝ....තමුන්නාන්සේට,

    නෑ එක්කෝ ඕන නෑ.

    ReplyDelete
  32. මේ සිද්ධියෙන් මිය ගියපු ළමයා(ඔව්, ඒ තාම චන්දෙවත් නැති ළමයෙක්) පොඩි කාලේ මම දැකල තියනවා. ඔහුගේ පියා පුදුමාකාර උත්සාහයකින් ජිවිතේ හදා ගත්ත අහිංසක මනුස්සයෙක්.

    මගේ රට තිරිසනුන්ට යන හැඩයි. නැවත කවදාහරි මේ රටට එන්නේ මොන එකකටදැයි හිතෙන වෙලාවල් අනන්තයි :(

    ReplyDelete
    Replies
    1. ඔය රටේ වෙන තරමක් වෙන්නෙ ඔය වගේ විහිලු..කරන තරමක් කරන්නෙ විහිලු..අනේ අපිත් ඉපදුනානෙ ඔය වගේ ගොන් නාම්බො ඉන්න රටක.....

      Delete
  33. අපි නම් චන්දෙ දීල රජවරු පත් කරල නැහැ..ඒකත් එක සැනසීමක්..කියන්න දේවල් නම් කටට එනව....................

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...මමත් නැහැ. ඇත්තටම මට අවස්තාවක් ආවේ නෑ. කවදාහරි ආපහු ජන්දේ දාන්න යන්න පුළුවන් උනොත් කොලේ පිරෙන්න කතිරයක් ගහල එන එක තමයි කරන්න තියෙන්නේ...

      Delete
    2. ඒ ගැන කරදර වෙන්න ඕන නෑ සයුරි, ඒ ගොල්ලො ඡන්දෙ දා ගනියි....:D

      Delete
  34. හිත රිදෝ ගන්ට එපා රාජ් . . . ඔය සාක්ෂරතාවය 92%ක් වුනු තාර්කිත බුද්ධිය 2%ක්වත් නැති මහා උගතුන් ඉන්න රටක මාද්‍ය උපදේකලනේ . . .ඒ නිසා දුක් නොවී ඉඳින් . . ලෝකෙන් උතුම් රට ලංකාවයි .. ලංකාවයි සිරි ලංකාවයි . . .

    ReplyDelete
  35. ඔබ නොදු‍ටු ලොවක් !!!!! හික් හික් හික් ....

    ReplyDelete
  36. උඹේ පොටෝ කෑල්ලනං පට්ට....

    ReplyDelete