Friday, June 22, 2012

කතන්දරකාරයාට අභියෝගයක්! නරකයාටත් සෑමාටත් පිළිතුරු.

xxx මුලට දාල කක්ක ගැන ලිව්ව පෝස්ටුවෙදි ඇනෝකෙනෙක් කියල තිබුන කක්ක කතා වලින් කතන්දරට ගහනව බොරු කියල. ඒ මදිවට ඒ පෝස්ටුවෙ මම පාවිච්චි කල "xxx" බුද්ධිමය දේපලක් කියල ලහිරු මලය කියල තිබුන. ඒත් මදිවාට ප්‍රේමදාස මහත්තයගෙ පෝස්ටුවට කොමෙන්ටුවක් දාන "නරකය" කියනව මට දේශපාලනය ගෑවෙන්නෙ නැතුව කතා ලියන්න බෑ කියල. ඒකට සෑම +1කුත් දාල තිබුන. ඔන්න ඔය කතන්දර වලට උත්තර විදියටත්, කතන්දරකාරයට පොඩි අභියෝගයක් කරන්නත් එක්ක ඇනෝනිමසයාත් නැතිඑකේ තවත් කක්ක කතා දෙකක් දාන්න අන්තිමට හිත හදාගත්ත. මේ දෙකම ඇත්ත කතා සිද්ධවුනේ විශ්ව විද්‍යාල කාලෙ.

එක
මට මතක විදියට මේක අපි තර්ඩ් ඉයර් එකේ ඉන්න කාලෙ වෙච්ච සිද්ධියක්. අපේ බැච්එකේ කොල්ලො ටික ට්‍රිප් එකක් ගියා බදුල්ල බන්ඩාරවෙල පැත්තෙ හීතල බලන්න. ගෑල්ලමයි ගියේ නෑ. කොල්ලො විතරක් යද්දි යන විදිය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. පටන්ගත්ත තැන ඉඳලම අපි හිටියෙ ලංකාවෙ තියන හුඟක් දේවල්වලින් අනුමත වෙලා. මේ අතරෙ, හැමතැනකම ඉන්නව වගේ තවත් සෙට්එකක් හිටිය හැදිච්ච සංවර සීලාචාර දරුවො ටිකක්. එයාල මොකුත් පාවිච්චි කලෙත් නෑ. සිංදුවක් කියකිය ගමනෙ ගියා. මට මතක විදියට බන්ඩාරවෙල බස්එක නැවැත්තුවම කස්ටිය බස් එකෙන් බැහැල තම තමන්ගෙ වැඩ කරගත්ත. මම කිවුව හොඳ පුතාල සෙට්එකත් කඩේකට ගිහිල්ල එළවලු රොටී වගයක් කාල තේ බීල ආව. ටික වෙලාවකින් එක්කෙනෙකුගෙ "අවුට්පුට් එක" වැඩ කරන්න පටන් ගත්ත.

ඊට පස්සෙ සිද්ධවුනේ මේවගේ දෙයක්,
අරූ කෑගහනව "කක්ක බරයි කියල", කොල්ලො ටික ඩ්‍රයිවර්ට කියනව "අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න" කියල. ඊට පස්සෙ අහිංසක මූනත්තහඩුවක් තියන එකෙක් යනව ලඟ තියන ගෙදරකට ගිහිල්ල කියනව "ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ(අනව්‍ය වචන කපාහරින්න), අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද....."කියල.
ගෙදරින් ඇපෘවල් එක ලැබුනම වැඩේ කරගන්නව.
ආයෙත් ටිකදුරක් යනව

"කක්ක බරයි"
"අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
"ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ, අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද..... "

"කක්ක බරයි"
"අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
"ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ, අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද..... "

"කක්ක බරයි"
"අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
"ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ, අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද..... "

"කක්ක බරයි"
"අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
"ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ, අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද..... "

ක්‍රියාදාමය ඔය විදියට සිදුවෙද්දි අපේ මෑන්ට අර "විශේෂ ප්‍රාගුන්‍යය"ද මොකක්ද එක ඇතිවුනා ඉබේම. ඊට පස්සෙ සිද්ධිය මෙහෙමයි,

"කක්ක බරයි"
"අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
"ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ.........."!
"හරි යං" (ඒ කියන්නෙ ලෙඩා).
කස්ටිය ගෙදර උදවියට ටෝක් කරන අතරෙ ඌ පිටිපස්සෙන් ගිහිල්ල ටොයිලට් එකත් හොයාගෙන වැඩෙත් කරගෙන ඇවිල්ල ඉවරයි! කොහොමද පලපුරුද්ද!

දෙක
මේක අහපු කතාවක්. සිද්ධිය වුනා කියන්නෙ අපේ සුපර් සීනියර් බැච් එකේ අයියල සෙට් එකකට. මේ උදවිය රූම් ‍එකේ යාළුවෙකුගෙ ගෙදර ගිහිල්ල. ඒ ගෙදර දානයක්ද මොකක්ද තිබුනලු. හැන්දෑ වෙලාවෙ ගෙදරට ගිහිල්ල රූම් එකකට වෙලා ඉන්නවලු. ටික වෙලාවක් ගියත් කන්න බොන්න යමක් ලැබිල නෑ. මේ අතරේ එකෙක් අපූරු හොයාගැනීමක් කලා. ජෑම් බෝතලයක්! නිකං ඉන්න එකේ ඒකවත් කන්න ඕන කියල එකෙක් කාල බලල. [සිද්ධියෙන් පස්සෙ නං කියල තියෙන්නෙ කෑවෙ නෑ කියලයි] බෝතලේ තිබිල තියෙන්නෙ මොකක්දෝ වෛද්‍ය පරීක්ෂණයකට ගෙනියන්න ගත්ත පොඩි ළමයෙකුගෙ කක්ක ටිකක්ලු.


96 comments:

  1. විශේෂ ප්‍රාගුන්‍යය

    :D

    ReplyDelete
    Replies
    1. විශේෂ (කක්ක) ප්‍රාගුන්‍යය :D

      Delete
  2. රාජ් මේ පෝස්ටුවේ දේශපාලනේ නැහැ කියනවද ?

    ""කතන්දරකාරයාට අභියෝගයක්! නරකයාටත් සෑමාටත් පිළිතුරු"" ‍හෙඩ් ලයින් එකේම දේශපා‍ලනේ :)

    මැති ඇමතිවරුන්ට අභියෝග කිරීම, අවස්ථානුකූලව ප්‍රති උත්තර ලබා දීම අන්න ඒකයි බොල දේශපාලනේ..

    හිකිස්.. මම හරිද මන්දා !!

    ජයෙන් ජය සහෝ !

    ReplyDelete
    Replies
    1. කක්කා කාපු එක අප්පිලියයි බං.. ගෑල්ලමයි මුනු ඇබුල් කරගෙන කියවයි.. :)

      Delete
  3. සංඝටක හැටියට ගත්තොත් අපි හැමෝම කක්කා තමයි කන්නෙ. අපි කන කෑමට ආහාර මාර්ගයේදි එකතු වෙන්නේ හෝ එයින් ඉවත් වන්නේ ඉතාම පොඩ්ඩයි. ඉතින් කක්කා කියන්නේ 99%ක් අපි කන කෑමම තමයි. කක්කා ගැන තියෙන පිළිකුළ අපේ හිතේ තියෙන දෙයක් විතරයි.

    1. අදත් අභ්‍යවකාශගාමීන් ප්‍රතිචක්‍රීකරණය කරපු කක්කා වලින් හදපු ආහාර ගන්නවා.

    2. මෙන්න ජපන් විද්‍යාඥයෙක් කළ සොයා ගැනීමක්. http://www.digitaltrends.com/international/japanese-scientists-creates-meat-out-of-feces

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඇඟ ඇතුලෙදි නරක්වීම නිසා තමයි අවුල හැදෙන්නෙ. ජපනුන්ගෙ වැඩේ නං ඊ........යා.

      Delete
  4. හෙහ් .. රාජ් අයිය දියුණු වෙලා නෙව, ඒ පාර හතර අතට අභියෝග කරනව. :)

    // "කක්ක බරයි"
    "අයියේ පොඩ්ඩක් බස්එක නවත්තන්න"
    "ඇන්ටී/අංකල්/අයියේ/අක්කේ, අපි රුහුණු විස්ස විජ්ජාලෙ සිස්සයො, ට්‍රිප් එකක් ආව, එලවළු රොටියක් කාල යාලුවෙකුට බඩේ අමාරුව හැදිල, ටොයිලට්එකට යන්න පුළුවන්ද..... " //

    උඹල විශ්ව විද්‍යාලෙ නම උඩත් කක්ක කරලනේ බං. පුදුමයි ඊට පහුවදා පත්තරේ නොවැටුන දීපු පබ්ලිසිටියෙ හැටියට.

    ReplyDelete
    Replies
    1. මොනව කරන්නද බං. අපි නෙවෙයි අරුංගෙ වැඩ. අපි කරටි කැඩෙන්න ගහල ආතල් එකේ හිටිය. ලෙඩවුනෙත් නෑ.

      Delete
    2. මෙන් කොල්ලො.. :)

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මට මතකයි තණමල්විල ඉඳලා බස් එක ඇතුළේ සීත මීදුමක් වගේ එකක් තිබුණා....

      Delete
    5. oya wage seen 1k upe untat una 2007 faculty trip ekedi..et eka une kello tikata...bt karume kiyanne apit ruhune

      Delete
  5. විශේෂ ප්‍රාගුන්‍යය"ද මොකක්ද එක ඇතිවුනා//

    :D :D :D

    ReplyDelete
  6. අපේ පවුලේ කට්ටිය(සියළු නෑදෑ පිරිවර සමඟ) කතරගම ද කොහෙද ගිය ට්‍රිප් එකකදි ඔය වගේ සීන් එකක් වුණා.. පිස්සු ගොඩයි.. තාම මතක් කර කර ආතල් ගන්නව කට්ටිය සෙට් වෙච්ච වෙලාවට එක එක්කෙනාගේ සිද්ධි ගැන කිය කිය..

    ReplyDelete
    Replies
    1. ඔයවගේ සීන් එකක් අපේ කලින් ඔපීසියෙත් වෙලා තිබුන. කට්ටිය තාම කියනව. යාලෙ ගිහිල්ල වල් ඌරු මස් කාල බඩ අවුල් වෙලා එක්කෙනෙක් අලි එනබවත් අමතක කරලලු රාත්තිරියෙ ගඟට දිව්වෙ.

      Delete
  7. මෙය කක්ක සතියක් වන බව පෙනී යන හෙයින් මගේ කක්කා කතාවත් නොබෝදිනකින් බලාපොරොත්තු වන්න.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ. මම දෙකක් දැම්ම. අටම්පහුරත් එකක් දැම්ම.

      Delete
    2. කක්කා කතා කක්කා උනාට හෙන රසයි

      Delete
    3. මටත් හිතෙනවා එකක් දාන්න

      Delete
  8. උඹටත් මාර ඉතිහාසයක් තියෙනවා වගේ නේද

    ReplyDelete
    Replies
    1. හී ..... කක්ක ඉතිහාසෙ.

      Delete
    2. නැතුව. තට්ටෙ පෑදිලා තියෙන්නෙ නිකංද.

      Delete
  9. කක්කි බබාලා..

    නියම කතාව.

    ReplyDelete
  10. බ්ලොග් අවකාශේ කියවපු හොදම කක්කා කතාව. හැබැයි මේකෙ තියන්නෙත් තනිකරම දේශපාලනේම තමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ. කක්ක කලත් දේශපාලනේ තියනව තමයි.

      Delete
  11. ඕන් මම කිව්වේ මේ සැරේනම් රාජ් ගොයියා කක්කා සම්මානේ ගන්නවා. ඇයි බොල ගල් අරක්කු පොඩ්ඩක් දුන්න නම් ඔය අමාරුව ඉවරයිනේ...

    ReplyDelete
    Replies
    1. කොහෙද! උන්ට ගල් පොවන්න ට්‍රයිකරනවට වඩා හොඳයි කලු ගලක ඔලුව ගහගන්නව. සම්මාන දෙන්න "ඇනෝනිමසය" නෑ නොවැ.

      Delete
    2. ගල්..? සැන්ඩි නැතුව ගල් ගැහුවොත් වෙන්නෙත් ඒ සන්තෑසියම තමයි...:/

      Delete
  12. යෝගට් වල හැමවෙලේම E.coli ප්‍රසන්ට් :පි

    ReplyDelete
  13. 2 වෙනි කතව නම් එලය 1 ත් නරකම නැත ........... දෙසපලනයට වැඩ මෙවන් කතා කියවීමට මන් නම් රුචිය

    ReplyDelete
  14. හොඳ වැඩේ අරූට බඩජාරිකමට ජැම් කන්ඩ ගියා..ඔඇක්...

    අන්තිමට අරු ෆුඩ්බොර්ඩ් එකේම ඉඳන් බෙට්ට දැම්මලු...

    ReplyDelete
  15. අර විස්තර ටික කියල ඇපෲවල් එක ගන්නකං අරූ මුලදි ඉවසගෙන හිටිය පුදුමයි.

    ReplyDelete
    Replies
    1. කොකොහොම හරි ඉවසගෙන හිටිය. තව අපි නොදන්න ට්‍රබල් උනාද දන්නෑ.

      Delete
  16. දෙවෙනි කතාව නම් පට්ට !!!
    කොහොමද ජෑම් කියලා කක්කා කනකොට !!
    බලාගෙන ගියහම රාජ් අයියාත් කකාට දෙවෙනි නෑ නේ..

    ReplyDelete
    Replies
    1. හැහ් හැහ්.... ඔය සිද්ධියට අපේ හොස්ටල් එකේ කැලෑපත්තරත් ගැහුව.

      Delete
  17. අර ජෑම් බෝතලේ සීන් එක නං නියම කක්කා කථාව....

    ReplyDelete
    Replies
    1. අනිත්එක කක්ක නෙවේ, අනිත් එව්ව.

      Delete
  18. ජෑම් වෙනුවට මාරු වෙලා කොහොම අරක කෑවද මන්දා...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි. අපේ එකෙක් කිව්ව කතාවක් මතක් උනා. සඳුද දවසක කොල්ලො සෙට් එකක් බත් එකක් කන්න සෙට්වෙලා. මාලු බිත්තර වගේ දේවල් වලටනේ වැඩි ඉල්ලුම තියෙන්නෙ. කෑම පැකට් එක ලිහපු ගමන්ම එකෙක් පැනල මාලු කෑල්ල කාල. බලනකොට ඒක සිකුරාද කෑම එකක්. "අඩේ මාලු කෑල්ල නං එච්චර අවුලක් නෑ බං". ඒ මාලු කෑල්ල කාපු එකා නෝන්ඩිය වහගන්න කිව්ව කතාව :)

      Delete
    2. අපේ එකෙකුත් ඉන්නවා සිකුරාදා කාම එකේ මාළු කෑල්ල කාල අවුලක් නැහැ බං කියපු එකෙක්.

      Delete
  19. ඊයා....අපෙත් දහම්පාසලෙන් ට්‍රිප් එකක් ගිහින් එද්දී ගෑණු ළමයින් වගේකට ඔහොම වුනා . කොල්ලෝ නම් කිව්වේ පටන් ගත්තු වෙලේ ඉඳන් උන්ගේ බස් එකට පෙන්න පෙන්න කාපු නිසා වෙච්ච දෙයක්ලු

    ReplyDelete
    Replies
    1. හපොයි ගෑනු ලමයින්ට ඔහොම උනොත් කරදරේ වැඩියි.

      Delete
  20. කස්ටිය ගෙදර උදවියට ටෝක් කරන අතරෙ ඌ පිටිපස්සෙන් ගිහිල්ල ටොයිලට් එකත් හොයාගෙන වැඩෙත් කරගෙන ඇවිල්ල ඉවරයි!
    එල කොල්ලෙක් ඈ...

    ReplyDelete
    Replies
    1. එල නේන්නං. ඒකනෙ කිව්වෙ විශේෂ ප්‍රාගුන්‍ය කියල.

      Delete
  21. දෙවෙනි සීන් එකනම් පජාතයි ඈ :D
    අරු මොන මී හරකෙක්ද? ඌට යන්තම් කටේ තියද්දීවත් තේරිලා නැද්ද?

    ReplyDelete
  22. මේ දවස් වල කක්කා කතා..කක්ක හෝදන කතා..කක්ක කන කතා ටොයිලට් කතා....අයියෝ..අප්පිරියාවෙ බැහැ.....

    ReplyDelete
    Replies
    1. හපෝයි මෙන්න මෙයා....:)

      Delete
  23. මටත්නම් ඔහොම වෙලා තියෙනවා.
    බැරිම තැන නඩේ අනිත් අයට කිව්වා මගේ අතේ සල්ලි තියෙනවා. මං මොකක් හරි කරගෙන පස්සෙ එන්නම්, ඔයාලා යන්න කියලා. මොකද මං හින්දා අනිත් අය රස්තියාදුවෙන එක හරි නෑනෙ.
    ඒත් පස්සෙයි මම දැනගත්තෙ තවත් හතරපස්දෙනෙකුටම වැඩේ වෙලා කියලා, බස් එක නතර කරලා තියෙන්නෙ උන්ටත් එක්ක.

    ReplyDelete
    Replies
    1. :D බැරිවීම් අනන්තයි.("බැරිවීමකින්" කියන්නෙ අපේ බාප්ප කෙනෙක්. පොඩි එවුන්ට කලිසමේ චූ, කක්ක ගියාම එයා කියන්නෙ "ආ මේ දරුවට බැරිවීමකින් .... ගිහිල්ලනෙ" කියල)
      අපරාදෙනෙ! ඒවග කලින් දැනගත්තනං සුමිත් අයියට ග්‍රේට් පිට(අනිත් අය පිටින් දාල) බොගදාන්න තිබුන.

      Delete
  24. ඇත්තටම..වතුර බෝතල් අරන් ගස්,ගල් අස්සෙ ගියේම නැතෙයි....!

    ReplyDelete
    Replies
    1. නෑ රෑ වෙද්දි නවාතැනට ආව.උදේ වෙනකොට හොඳවුනා මට මතක විදියට.

      Delete
  25. අයියෝ.. මම විහිළුවටනෙ කිව්වෙ!!! මිනිසා ඇවිල්ලා දේශපාලනික සත්වයෙකි කියලා ඇරිස්ටෝටල් ද කොහෙද කියලා තියෙනවා මම හිතන්නෙ!! ඉතින් ඒක නැති තැනක් නෑ ඒ නිසා. කක්කි ජෑම් එක සසයි ලුද ?

    ReplyDelete
    Replies
    1. මාත් විහිළුවක් තමයි කලේ. :)

      Delete
  26. අපි කොයි කවුරුත් දවසට එක සැරක් කරන වැඩක් නේ මේ කක්කා කේස් එක.

    ඒ කියන්නේ මේ ලෝකේ දවසකට "සෙවන් බිලියන් කක්කා ස්ටෝරීස් ඇන්ඩ් කවුන්ටින්...." Seven billion KAKKA stories and counting (http://7billionactions.org/organization/166-seven-billion-stories-and-counting)

    ට්‍රිප් ගිය කතාව කියනව කොට මට මතක් වුනේ අපි කැට අරන් බස්වල ගිය හැටි ශිෂ්‍ය සටනට ආධාර එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න අන්තිමේදි ආව. පොහොම ස්තුතියි මේව්ව ලියන්න ස්ටාර්ට් එක දුන්නට. :)

      Delete
  27. උඹ ආයේ කක්කා කතා ලියල තිබුනොත් උඹේ ගුද මාර්ගේ සීල් තියනවා දැන ගනින්.

    කතන්දර --

    ReplyDelete
    Replies
    1. ඕක ටිකෙන් ටික අපේ දේසපාලන මහත්වරු කරන්නෙ. බඩුමිල වැඩි කරනවා... කන්න විදියක් නැතුව සීල් උනොත් පුදුම වෙන්න එපා.

      Delete
  28. ආයි කක්කි කතා රැල්ල පටන් ගන්න වගේ යන්නේ :D

    ReplyDelete
    Replies
    1. මගේ කතා මෙතනින් අහවරයි.

      Delete
  29. ඊයා. සික් (ඒ කිව්වේ දෙවැනි කතාවට)

    ReplyDelete
  30. කක්කා අනේ කොහෙන් හරි ඇනෝ කෙනෙක් ඇවිත් බැනපියො ............... :ඪ්

    …;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;
    මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්

    ReplyDelete
  31. අප්පා මෙහෙ ගද........... :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  32. හරිම අප්‍රසන්නයි. මෙහෙම දිගටම ලිව්වොත් කතන්දරගෙ බ්ලොග් එකට වෙච්ච එක වෙයි

    ReplyDelete
  33. ඊයා කතාව හෙන පොඩ්ඩයි නේ.

    පලවෙනි කතාවේ රියදුරා කියන හැම වෙලාවේම නවත්තුවාද උතුරා යන සෙනහසින්.

    ReplyDelete
    Replies
    1. නැතුව ඉතිං මොනව කරන්නද.

      Delete
  34. මෙච්චර කාලෙකට කියවාපු හොඳම කක්කා කතාව තමා බං මුල් කතාව .. ++++

    දෙවනි කතාව නම් මම වෙන විදිහකට අහලා තියේ

    ReplyDelete
    Replies
    1. දෙවැන්න ඇහුවනං මේ සිද්ධියම වෙන්ටැති. ඒක ඇත්ත එකක්.

      Delete
  35. අනේ මන්දා... කොහොම වුනත් මුල් කතාවනම් මරු

    ReplyDelete
  36. ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශයේ කක්කා සමය තවම ඉවර නැහැ වගේ!

    ReplyDelete
  37. ගමන් මහන්සියත් එක්ක උදේ පාන්දර බලන්ට වටිනම වර්ගයේ පෝස්ට් එකක්. :D

    ReplyDelete
    Replies
    1. හා..... පොඩ්ඩි ඇවිල්ල. ;-)

      Delete
  38. දෙවැනි කතාව ඇත්තම එකක්ද?කොහොම වැදගත් කමක්ද? කක්ක කාපු බැච් එකේ කොල්ලන්ට...

    ReplyDelete
    Replies
    1. ඔයාලගෙ සීනියර් බැච් එකේ.

      Delete
  39. අම්මෝ.. කක්කා කතා ගෝනිය..

    ReplyDelete
  40. හප්පටි සිරි! අන්තිම වෙනකොට ටොයිලට් එකට දුවන එක ඩිෆෝල්ට් සෙටිං එක වෙලා. ඒකයි ඔය!!

    henryblogwalker the Dude

    ReplyDelete
  41. අපොයි මම ජෑම් කන එක නවත්තනවා. කක්කා ස්ටෝරි...

    ReplyDelete
  42. රාජ් අයියේ..මෙන්න කක්කා........................

    ReplyDelete
  43. හපෝයි..... අරූට නහයක් කියලා එකක් තිබිලා නැද්ද මංදා

    ReplyDelete
  44. අපෙත් ඉන්නවා මේ වගේ එල කොල්ලො... උන්ට කක්කුස්සියක් දැක්කොත් ඒකෙ ලගින්නෙ නැතුව ඉන්නම බෑ.... එකෙක් රැන්නොත් අනිත් උන් ඔක්කොටම ලෙඩේ බෝ වෙන්න යන්නෙ සුලු වෙලාවයි.... කාත් කවුරැවත් නැති.. රැන්න තැනකුත් නැති තැනක කොහොමද අමාරැව කරටියටම සෙට් උනාම තියෙන පන්ක් එක... මල් හතයි නේද ?

    ReplyDelete
  45. හෙහ්.. කක්කා ඔච්ච්චර ගනන් ගන්න එපා මචං. උඹටත් ඔය කක්කා කෝස් එකට තව වැඩි දවසක් නැතිව ඇති මයෙ හිතේ. හෙහ් හෙහ්....

    ReplyDelete
  46. අඩේ මේක මං අද දැක්කේ... ඕං බලාපල්ලකා මං කොච්චර බිසි වෙලාද කියලා හා...
    හොදා හොදා... මරු කක්කි ටික..... හැබැයි ඉතිං දේශපාලනයට කක්කි සමානුපාතික නිසා... නන් පොලිටික්ස් නම් නන් කක්කි කතාවක් වෙන්න ඕන.... නැද්ද..

    ReplyDelete
  47. වතුර එකක් දියන් මචන්. හිනාවෙල තාම කැස්ස

    ReplyDelete