Monday, June 11, 2012

භාරත හිරුණිකා සහ දුමින්ද- හන්දියෙ කඩේ ලඟදි.


හංදියෙ කඩේට ගියා විතරයි අපේ දේශපාලන වසවර්තියො ටික එතන අරක්ගෙන ඉන්නව. කොටින්ම කියනව නං බංකු දෙකම හවුස් ෆුල්. මාත්රුකාව උනේ හිරුණිකා නංගි.

"කොච්චර උනත් පවු කෙල්ල!" එකෙක් කියනව.

"අනේ....... එයා දැං හීනෙන් නැඟිට්ට වගේ කෑ ගහනව. මොකෝ එයාගෙ තාත්ත කොලොන්නාවෙ රජකරන කාලෙ කුඩු තිබුනෙ නැද්ද? පාතාලෙ තිබුනෙ නැද්ද? හා කියාපං බලන්න රාජ් මල්ලී?" ඒ ධර්මෙ අයිය.

"හ්ම්"

"අන්න ඒකනෙ කියන්නෙ. ඕක තමයි යතාර්තෙ. තුවාලෙ කොච්චර ලොකු උනත් ඒක තියන එකාට විතරයි රිදෙන්නෙ. අනිත් එකාගෙ අමාරුව තේරෙන්න නං ඉතිං තමන්ගෙත් ඒවගේ තුවාලයක් හැදෙන්නම වෙනව. ඔතනයි අවුල!"මූ දේසනාව නවත්තන්නෙම නෑ.

"නීතියක් තියන රටක උනානං මෙලාකට දුමින්ද ඇතුලෙ!"මාටින් මාමත් කතාවට එකතුවුනා.

"එහෙමම කියන්නත් බෑ බං. එක එක තැන්වලදි ලැබෙන රිසාල්ට් වෙනස්."මං කිව්ව.

"උඹ දන්නවද ඒක වෙන්නෙ කොහොමද කියල?" සුදු මල්ලි ඇහුව.

"හ්ම්...!"

"කියපං බලන්න"

"අපි හිතමු ඇමරිකාවෙදි මෙහෙම දෙයක් උනා කියල. දුමින්ද අල්ල මරණ දඬුවම දෙයි. භාරත නං මැරිලනෙ. ඒ නිසා එහේ මිනිස්සු ජීවත් වෙන දුමින්දගෙ මානව හිමිකම් වෙනුවෙන් වයිට් හවුස්එක ඉස්සරහට යයි බෝඩ් ලෑලි ඇඳගෙන"

"හහ් හහ් හහ්........"

"එංගලන්තෙදි උනානං මෙහෙමයි. ඉස්සෙල්ලම දුමින්ද මන්ත්‍රීකමෙනුයි අධීක්ෂණයෙනුයි ආ.... අධීක්ෂණයක් දීල නැහැල්ලුනෙ, මන්ත්‍රී කමෙන් අයින් වෙනව. ඊට පස්සෙයි ඉතිරි වැඩ"

"ඔව්වොව් සුද්ද එහෙම තමයි"

"අප්‍රිකාවෙදි උනානං අවුල්. එහෙම උනානං හිරුණිකා නංගි දුමින්ද මරල මස් කන්නත් ඉඩ තිබුන"

"හහ් හහ්........ ඉඩියමින් වගේ නේද!"

"පැපුවා නිව්ගිනියාවෙදි නං භාරතගෙ බරට සමාන බර කියන ඌරෙක් දුමින්ද හිරුණිකා කෙළීට දෙන්න ඕන, එහෙම උනොත් ගොඩිං ‍බේරගන්න ඉඩක් තියෙයි."

"දකුණු ඇමරිකාවෙදි සිද්ධ වෙන්නෙ මොකද්ද දන්නවද?"

"හිරුණිකා නංගි දුමින්දට අභියෝග කරනව ද්වන්ධ සටනකට. එහෙම කරල හරියටම ඔරලෝසුවෙ 12 වදිනකොට වෙඩිතියනව නළලටම"

"රුසියාවෙදි නං කූල් විදියටයි ප්‍රශ්නෙ විසඳෙන්නෙ. වොඩ්ක ටිකක් බිවුවම ඔක්කොම හරි"

"අපිටත් හොඳයි ඒ ක්‍රමේ"

"මැදපෙරදිගදි නං දුමින්දගෙ අතපය කපනව. මරනීය දණ්ඩනය ලැබෙන්නත් බොහෝවිට ඉඩ තියනව"

"ඉන්දියාවෙදි වෙන්නෙ මොකද්ද කියල දන්නවද?"

"හා කියපං බලන්න"

"හිරුණිකා තරහ හිතේ තියාගෙන හිටියත් දුමින්දව බඳිනව"

"මොකක්?"

"ඔහොම හිටපංකො කියනකං, ඊට පස්සෙ අවස්තාවක් ලැබුන ගමන්ම දුමින්දට ගේම දෙනව!"

"හරිනෙ මම හිංදි පිචැර් එකකත් දැක්ක"

"මට පොඩි අවුලක් තියෙන්නෙ බං ඔතනදි. ඔය කිව්ව හැම රටකම මොකක්හරි විසඳුමක් අන්තිමට ලැබෙනවනෙ, ඒත් මෙහෙදි මොකුත්ම වෙලා නෑනෙ?" මෙච්චර වෙලා මුකපූට්ටු කරගෙන හිටිය බාලයිය ඇහුව.

"ඒක තමයි බං අපේ ක්‍රමේ! කොච්චර කෑගැහුවත් වැඩක් කෙරෙන්නෙ නෑ. අන්තිමට කෑගහන එකාටම එපාවෙලා නවත්වනකල්!"

oඈහ්!.....ධර්මෙ අය්ගෙ කටේ තිබුන බීඩිකොටේ බිම වැටුන!

91 comments:

  1. "ඒක තමයි බං අපේ ක්‍රමේ! කොච්චර කෑගැහුවත් වැඩක් කෙරෙන්නෙ නෑ. අන්තිමට කෑගහන එකාටම එපාවෙලා නවත්වනකල්!"

    හෙහ් හෙහ් හෙහ් අම්මපා ඇත්ත. කෝ දැන් ජෙනරාල්ට කඩේ ගිය උන්. ඔහොම යනකොට හිරුනිකා නංගිටත් ඇති වෙලාම කතාව නවත්තලා දායි.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන්.

      Delete
    2. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  2. මටත් හිතාගන්න බැරි නිතිය බල්ලට ගිහින්ද බල්ලෝ නීතියට ගිහින්ද කියලා

    ReplyDelete
    Replies
    1. රට බල්ලට ගියා බල්ල රට ගියා...!

      Delete
  3. // හරිනෙ මම හිංදි පිචැර් එකකත් දැක්ක //

    මාත් දැකල තියෙනවා වගේ ඒ කතාව!

    ReplyDelete
    Replies
    1. 80/90 දශකයේ හින්දි චිත්‍රපටි ගොඩක ඔය කථාවම එහාට මෙහාට වෙච්ච වර්ශන් ඇති

      Delete
    2. එහෙමම කියන්නත් එපා බුවෝ. එතකොට ලැජ්ජ හිතෙනවනේ.

      Delete
  4. //"ඒක තමයි බං අපේ ක්‍රමේ! කොච්චර කෑගැහුවත් වැඩක් කෙරෙන්නෙ නෑ. අන්තිමට කෑගහන එකාටම එපාවෙලා නවත්වනකල්!"// :D:D:D

    ReplyDelete
  5. මල්ලි හරි මල්ලි... ඒක තමා අපේ ක්‍රමේ...

    ReplyDelete
  6. රටේ ගිනිගන්න ප්‍රෂ්නමයි උබ ලියන්නේ.. මොන කරුමෙද මන්ද බං රාජ් අය්යේ එව්ව කියෙව්වහම මට හිනා යනවනේ... හැහ් හැහ් හෑ.....

    ReplyDelete
    Replies
    1. නැව ගිලුනත් බෑන්චූන්. අපි එහෙමනේ බං.

      Delete
    2. ඒකත් අපේ එක කොරමයක් වෙන්ටැති මයෙ හිතේ.. ඒ කොරමේනම් මරු

      Delete
  7. ඒක තමා අපේ ආශ්චර්යය කියලා කියන්නේ.

    "අපේ රටේ මිනිස්සු වෙනස් !!! අපි ඒ වෙනසට ගරු කරමු !!!"

    ReplyDelete
  8. කෑගහන හුඟක් එවුන් ඒ වැඩේට බහින්නේත් ටික දවසකින් කෑගහිල්ලේ රැස් බහින බව නොදැන නොවේ. ඊළඟ කෑගැහිල්ල සඳහා නිමිත්තක් සොයාගන්නා තුරු පමණයි, දැන් තියන කෑගැහිල්ල කරගෙන යන්නේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නං හරියට හරි. ඌෂ්ණෙ බැස්සම වෙනත් හේතුවක් හොයාගන්නව.

      Delete
  9. ඔය කෙමේ ඔය විදියටම පවත්වාගෙන ගියොත් අපට..2099 අනිවා ලෝකයේ දියුනු රටක් උනෑකි...හැබැයි ප්‍රශ්ණය...එතකොට මේ රටේ මිනිස්සු කියල ජාතියක්...නැති එක තමා....!!!!

    ReplyDelete
  10. හිරුනිකා කෑ ගැහවේ ප්‍රසිද්දිය ලබා ගන්න. මධ්‍යවේදියෝ මයික් අල්ලනකොට එකීට වැඩි උනා. අනිත් එක එක හරි මෝඩයි.

    නදුන්.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනව. ප්‍රසිද්ධිය කෙසේ වෙතත් අවබෝධයක් නෑ.

      Delete
  11. දැන් ඕක සිද්ද උනේ ලංකාවේද නැත්නම් ඉන්දියාවේද ? අලුත්ම පුරාවිද්‍යා පරීක්ෂණ අනුව නම් ඕක වෙලා තියෙනවා කියන්නේ ඉන්දියාවේ..

    ReplyDelete
    Replies
    1. අලුත්ම පුරාවිද්‍යා පරීක්ෂණ....
      හෙහ් හෙහ් හෙහ්....

      Delete
  12. එoගලන්තේ එහෙම උනත් ලකාවෙ එහෙම වෙන්නෙ නෑ...ලෝකෙන් උතුම් රට, ලoකාවයි.... ලoකාවයි, සිරි ලoකාවයි.....ලු......

    ජොලි වැඩේ බන් කෑ ගගහ ඉන්න එකත්....කෑ ගගහ ඉන්නකොට වැඩේ කෙරෙන්නෙත් නැති නිසා තවත් ජොලි.

    Modern Patriot

    ReplyDelete
    Replies
    1. බ්ලොග්එක පටන්ගන්නෙ නැද්ද?

      Delete
  13. හරියට හරි..... මේක තමා ක්‍රමේ...
    බඩු බනිස්..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මං ඉස්සෙල්ලත් කිව්ව ඔය රාජ සම්පත් කතාව කියන්න එපා කියල.

      Delete
    2. ඇයි'රාජ ' කථාව දැකලා කාට හරි තදවෙයි කියල රාජ්ට බයද ?

      Delete
    3. රාජ සම්පත්= රජාට ලැබෙන සම්පත්
      ඒ කියන්නෙ රජාට ලැබෙන සම්පත් ලබාගන්න රජවෙන්න එපැයි. ඒ කියන්නෙ දැං ඉන්න රජ්ජුරුවො එලවන්න එපැයි. බුදු අම්මෝ..... මේක සුදුවෑන් කේස්එකක් නෙවේ කියලද කියන්නෙ?

      Delete
  14. එක්කො කෙල්ල මෝඩයි. එක්කො තාත්තට ආදරෙයි. එක්කො දෙකම

    ReplyDelete
  15. හෙහේ මරු... අපරදේ මේක වෙන්න තිබ්බේ ඉන්දියාවේ..එහෙම නම් අපිට ලස්සන ෆිල්ම් එකක් බලාගන්න තිබ්බා,,

    ReplyDelete
    Replies
    1. දැනුත් තියනව ඔයවගේ ෆිල්ම්.

      Delete
  16. හූ ඈ
    සිරාම විදියට ලියලා තියෙනවා රාජ් සහෝ :)

    ReplyDelete
  17. හරියට හරි.අපිට ඔනි දෙයක් මතක සති දෙකයි නේ!

    ReplyDelete
    Replies
    1. බුදු සන්තෝ .... මම හිතුවෙම ප්‍රභාකරන් ගොයියා කමෙන්ට් කරල කියල. මේ අපේ ජයශ්‍රී අයිය නෙව ... :)

      Delete
    2. ;-)
      ප්‍රභාකරන් ඕක දැනගෙන ගොඩක් කල්. නේද ජයශ්‍රී.

      Delete
    3. විහිලුවක් නෙවේ.ඒක තමයි ඇත්ත. සිංහලයෝ වෛරය හිතේ තියාගෙන ඉන්න ජාතියක් නෙවෙයි.ඒක අතකට ඒකේ ඇති වරදතුක් නෑ.

      ආ.... මටත් DDT ප්‍රහාරයක්!අවුලක් නෑ මං මදුරුවෙකයෑ. :-)

      Delete
  18. // "ඒක තමයි බං අපේ ක්‍රමේ! කොච්චර කෑගැහුවත් වැඩක් කෙරෙන්නෙ නෑ. අන්තිමට කෑගහන එකාටම එපාවෙලා නවත්වනකල්!" //

    සමස්ථය කෙටියෙන්. ඕක තමයි අද සිස්ටම් එක.

    හිරුණිකාගෙ ඉන්ටවවිව් එකක් නම් ඔන්න ඊයෙ රාවය පත්තරෙත් තිබුණ. මට හිතෙන්නෙ කවුරුහරි එයාට තිරයෙන් පිටිපස්සෙ ඉඳන් උපදෙස් දෙනව. අනේ මන්ද ඒ දැරිවි මොනව කරගනීද කියල. කොහොම උනත් භාරත ඉඳිද්දි ඔවුන් හිටපු තත්ත්වෙයි දැන් ඉන්න තත්ත්වෙයි ගැන හිතනකොට එයාගෙ ඔය හැසිරීම ගැන වැරැදදක් කියන්නත් බෑ.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ! මේ සතියෙ රාවය බලන්න බැරිවුනානෙව.

      Delete
  19. හික්ස්....පට්ට පෝස්ට් එක......

    ReplyDelete
  20. හිරුණිකාට පුලුවන් උපරිම දේ පොල් ගැහිල්ල තමා දැන් නම් , වැඩිම උනොත් මොකකින් හරි ඡන්දේ ඉල්ලයි පලාත් සභාවට

    ReplyDelete
    Replies
    1. හොඳකට නෙවේ, ඒත් "ලංකාව වගේ රටක" ඡන්දයෙන් වෙනසක් වෙන්න නම් "උණු උණු" බඩු තියෙන්න ඕන. රස්නෙ අඩුවෙන්න අඩුවෙන්න වැඩේ අමාරු වෙනව. "පබා" නාට්‍යයෙන් "පබා" අයින්කල හැටියෙම ඡන්දෙට ඉදිරිපත් වෙන්න "පබාට" තිබුන වාසනාව හිරුණිකාට නෑ කියන එකයි මගේ හැඟිම.

      Delete
    2. රාජ් ++++ කථාව...

      Delete
  21. කාලීන දේවල් නිර්මාණාත්මක විදියට දීලා තියෙනවා හිතට එලටම වදින්න නියමයි අයියේ....

    //"ඒක තමයි බං අපේ ක්‍රමේ! කොච්චර කෑගැහුවත් වැඩක් කෙරෙන්නෙ නෑ. අන්තිමට කෑගහන එකාටම එපාවෙලා නවත්වනකල්!"//

    මේක නම් සහතික ඇත්ත... බොහෝ වෙලාවට කෑ ගහන එකාට අමතක වෙනවා තමන් මොකටද කෑ ගහන්නේ කියලත්...

    මේක ලියන්න තිබුනේ පත්තරේකට ඒ තරම් පට්ටයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ වර්ණනාවට. :D

      Delete
  22. ලංකාවනෙ

    ReplyDelete
  23. ඉතින් බලහං අපේ ක්‍රමේ කොච්චර හොඳද

    ReplyDelete
  24. නියම කතාව සහ සහතික ඇත්ත.....

    ReplyDelete
  25. හැම රටකටම වගෙ අපෙ රටටත් වෙනම ක්‍රමයක් තිබීම විශාල අාඩම්බරයක්නෙ....

    ReplyDelete
    Replies
    1. අනිවා...එකනෙ කියන්නේ 'ගන්න අපේ දේ' කියල.

      Modern Patriot

      Delete
  26. අපේ ක්‍රෙමේ හොඳයි වගේ...කාටත් කරදරයක් නෑ...:-)
    ආ...කෑ ගැහිල්ලට අලුත් කෑල්ලක් එක්කහු වෙල තියනවා..."පොල් ගැහිල්ල"!

    ReplyDelete
    Replies
    1. මාත් දැක්ක පොල් ගහනව.

      Delete
  27. අන්න කොරෝමේ.... මුලු ලෝකෙටම ආදරුසයක්....අපේ රට කොහොමත් සැහෙන ආදරුසමත් රටක්නෙ....පස්ට....... හැහ්...හැහ්....

    X-Porter

    ReplyDelete
  28. ඉන්දියාවේ ක්‍රමේ ලංකාවේ වුණත් ක්‍රියාත්මක නොවෙනවා නොවේ :D

    ReplyDelete
    Replies
    1. එහෙමද! මතකයක් නං නෑ...

      Delete
  29. හිරුනිකා මුලදි තනියම නැ‍ටුව. ඒත් දැන් නම් කවුරුහරි බෙර ගහනව නටන්න. කොහොම උනත් බෙරේ පළුවකුත් නැති කරගෙන තමයි වැඩකට නැති නැ‍ටුම නවතින්නෙ.

    හිරුණිකාට මේ කල දේම මීට වඩා ස්ථාවර විදියට, ලෝකෙට පජාති නොවී, තාත්තෙගෙ කුණු නො ඇවිස්සෙන්න කරන්න තිබුන. ඒත් කලබල උනාම කොරොස් කටෙත් අත දාන්න බෑ කියල කියනවනෙ.

    හැබැයි වැඩේ කියන්නෙ ඔය ක්‍රමවේදයටත් හුරේ දාන කොටසක් ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. හිරුණිකාට මේ කල දේම මීට වඩා ස්ථාවර විදියට, ලෝකෙට පජාති නොවී, තාත්තෙගෙ කුණු නො ඇවිස්සෙන්න කරන්න තිබුන//
      ඔව්. ඒවගේම හුරේ දාන කොටසක් ඉන්නව කියන එකත් ඇත්ත. ඒවට අහු නොවී ඉන්න ඕන.

      Delete
  30. හිරුණිකා දිගටම මේ වගේ ම නාගනිවී... සැකයක් නැහැ! පියසේන පුත්‍රයත් ෂේප් එකේ කර ඇරියනේ!

    ReplyDelete
  31. මට නම් පේන්නෙ හොඳම දේ තමයි අර හින්දි පිචෑර් වල වෙනවයි කියපු විදිහට, හිරුණිකා, දුමින්දව බඳින එක. ඊට පස්සෙ ටික දවසකින් දුමින්ද බෙල්ලෙ වැල දාගෙන මැරෙයි.....!

    ReplyDelete
    Replies
    1. ;-)
      බොලේ මට ඒක කල්පනා උනේ නෑ නෙව.

      Delete
  32. දුමින්ද ලබන මාසේ එනවලුනෙ, ඒ ආවාම අට පිරිකරත් උස්සගෙන මහා නායකයො බෑ දකින්න යනවා,එතකොට ඒ දියවැඩියාභිදාන උන්නාන්සෙලා සුපුරුදු යාදින්න කරලා අතේ පිරිත්නූලකුත් බදිනවා. මේ විස්තරය සියළුම රූපවාහිනි චැනල්වල ඒ ඒ අනුපාතයට (අදාල අනුපාන සහිතව)විකාශනය වෙනවා,විශේෂයෙන් හිරු ටී වී වල.මේවා බලලා ටික දෙනෙක් බණියි, වැඩිදෙනෙක් ඈනුම් අරියි...ඊ ළග සතියේ දුමින්දයෝ පාර්ලිමේනතුවට යහපත් වෙයි. පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීවරු පෝලිමේ ගොස් එතුමෝගේ සුවදුක් විචාරණ අයුරු පසුදා පුවත්පත්වල ඡායාරූප සහිතව ඵලවේවි.

    හිරුණිකාට අවශ්‍යමනම් මුන්නේසරමෙ ගිහින් පොල් ගහන්න පුළුවන්....සීනිගම ප්‍රසිද්ධ මිරිස්මෝලෙදි මිරිස් අඹරන්න පුළුවන්. හුදී ජනයාට,
    "..එහෙනම් ඒකත් ඒ විදියටම වුනා..." යනුයෙන් සැනසුම් සුසුමන් පාකර සිත් සතොසින් නින්දට යාමට ද පුළුවන්....:'(

    ReplyDelete
    Replies
    1. ඔක අනාගත වාක්‍යක් මයෙ හිතේ. වාක්‍යක් නෙවේ රචනයක් කියමු.

      Delete
  33. අන්න සිරා කතාව මතක තියාගන්න වටිනවා..:ඩ්

    ReplyDelete
  34. //අන්තිමට කෑගහන එකාටම එපාවෙලා නවත්වනකල්!//

    මුකුත් කියන්න ඉතුරු කරල නැහැ.

    ජය !

    ReplyDelete
  35. ඔය වගේ විසදුම් වෙන කොහේවත් නෑ.. තියෙන්නේ මෙහේ විතරයි.... ලොකෙන් උතුම්---------------------

    ReplyDelete
  36. වැඩේ කියන්නේ කෑගහන එකාට ටිකක් කල් ගියාම කෑගහපු හේතුව මතක නැහැ. ඕක තමා වෙන්නේ.

    මොනවා වුනත් අසාධාරණ වැඩේ හිරුනිකාට වුනේ. අද කාලේ සාධාරණයක් බලාපොරොත්තුවෙන්න බෑ නේ.

    ReplyDelete
  37. සිරාම කථාව මචං..... විහිළුවකට ගත්තත් ඇත්ත තතවේ ඕක තමයි.

    ReplyDelete
  38. අර හින්දි පිචෑර් වල වගේ කලොත් නම් වෙන්නෙ ඉතිං දුමින්ද බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා හිරේ යෑමක් තමයි.
    රුසියාවෙ වගේ වොඩ්ක ටිකක් බීලා හිටිය නම් අලි අනේ. ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්නේ.....

    ReplyDelete
    Replies
    1. බට්ටිටත් හිතෙන දේවල්.

      Delete
  39. කවුරු මොනවා කිව්වත් මේක නේද ඇත්ත...
    මටත් මතක් උනේ හින්දි ෆිල්ම් එකක්...

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයින්ට හින්දි පිචැර් අමතක වෙයිද!

      Delete
  40. හිකිස්‌ නියම කතාව :පි
    බ්ලොගේ පාට මාරු වෙලාද මට අදුනගන්නත් බැරි උනා

    ReplyDelete
    Replies
    1. ඉඳහිට අපිත් පාට මාරුකලාම මොකද.

      Delete
  41. කෑගැසීම..උඩුබිරීම..මඩ ගැසීම.....ශ්‍රි ලංකා...!!

    ReplyDelete
  42. අනේ ඒ උනාට ඒ නංගිගේ සුදු මූණ දකිනකොට පපුව හෝස්ගාලා යනවා.

    ReplyDelete
  43. ඕක ඉතිං ශ්‍රී ලාංකාවට ඈත අතීතයේ සිට උරැම වූ දෙයක් නොවැ

    ReplyDelete
  44. අපිටත් ක්‍රමයක් තියෙනවද ??? නැත්නම් නැති කමට එකක් හදාගෙනද ???

    කටින් බතල හිටවන්න අපේ අය හරි දක්ෂයි කියලා නොක්ස් මුත්තත් පොතක්ම ලියලා තිබුණේ !

    ReplyDelete