Monday, March 4, 2013

හලාල්, මගේ ඇසින්

හලාල් පිලිබඳ කතාබහ මේ වනවිට යම්තාක් දුරට නතරවී ඇත. උලමා සංවිධානය විසින් හලාල් සහතිකය දීමේ වගකීම ආණ්ඩුවට පැවරීමත් ආණ්ඩුව පාර්ශවයෙන් ප්‍රථික්ෂේප කිරීමත් සිදුවිය. හලාල් විරෝධය මුලින්ම පැමිණියේ ෆේස්බුක් හරහාය. "බොදු බලසේනා" වැනි නම් ඇසෙන්නටත් පෙර හලාල් විරෝධී බැනර් අන්තර්ජාලය තුල සංසරණය ව්‍න අයුරු අප දුටිමි. එක් අතකට අන්තර්ජාල මාධ්‍ය ඉදිරියට පැමිණීම හොඳ ප්‍රවනතාවයකි. අනෙක් අතින් බොබසේ වැනි සංවිධාන බිහිවීමටද හේතු වියහැකිය.

හලාල් සම්බන්ධයෙන් ලිපියක් මේ බ්ලොග් අඩවියේ නොලියවුනද දන්නාකියන මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනෙකු සමඟ මේ පිලිබඳව කතාබහ කිරීමට මේ බ්ලොග්කරුට හැකිවිය. මේ ඒ ඇසුරින් ලියවෙන බ්ලොග්කරුගේ ඒක පුද්ගල කොමිසමේ වාර්තාවයි.

හලාල් ප්‍රශ්නයේ මුල්ම වගකිවයුත්තා වන්නේ "සමස්ථ ලංකා ජමියතුල් උලමා" සංවිධානයයි. අප දන්නා කාලයේ හලාල් යයි කියාගත් "මාංශමය" ආහාර කිහිපයකට සීමාවූ නිෂ්පාදන සංඛ්‍යාව තීන්ත ගාන බුරුසුවත් ඇතුළුව හාරදහසක් පමණ වනතෙක් වර්ධනය කිරීම මඟින් මූල්‍යමය වාසියක් ලබාගැනීමට කටයුතු කලේ ඔවුන්ය. මෙහි ප්‍රථිඵලය වූයේ තම වැයික්කියට පැමිණ සරම උස්සාගෙන කෑගසන පිටස්තර චන්ඩියාට එරෙහිව ගමේ චන්ඩින් එකතුවීම වැනි සිද්ධියකි. හලාල් විරෝධීන්ගෙන් විශාල සංඛ්‍යාවක් සැබෑ "හලාල් විරෝධීන්" නොව "හලාල් සහතික විරෝධීන්ය". මා හලාල් ගැන කතාබහ කල අප ප්‍රදේශයේ ගවමස් ව්‍යාපාරය කරන මුස්ලිම් ජාතිකයා පවසන පරිදි මුස්ලිම්වරුන් මස් සඳහා සතුන් ඝාතනය කරන්නේ හලාල් ක්‍රමයටය. ඔවුන්ට අමුතුවෙන් හලාල් සහතික අවශ්‍ය නොවේ.

මා සඳහන් කල හලාල් සහතික විරෝධීන් නොව "හලාල් ක්‍රමයට" සැබවින්ම විරුද්ධ වන්නන් ගැන බලමු. ඔවුන්ගේ තර්කය වනුයේ හලාල් කෑමට මුස්ලිමුන්ට ඇති අයිතිය සේම හලාල් නොකෑමේ අයිතිය තමුන්ට තිබියයුතු බවයි. දැන් මෙහි ඇති ප්‍රායෝගික පැත්ත බලමු. මස් පිණිස සතුන් ඇතිකරන සිංහලයන්ගෙන් බොහොමයක් සතුන් මරණ අවස්ථාවේදී ඒ සඳහා යොදාගන්නේ මුස්ලිම් ජාතිකයෙකි. (මා ජීවත් වන ප්‍රදේශයේ සත්ව ගොවිපලවල් කිහිපයක් මගේ නිරීක්ෂණයට හසුවූ අතර ඒ එකකවත් සිංහලයෙකු ඝාතනය කිරීමේ කාර්ය නොකරයි. අනෙකුත් ප්‍රදේශවල තත්වය කේසේදැයි නොදනී). මීට අමතරව දීප ව්‍යාප්ත කුකුළුමස් අලෙවියේ යෙදෙන සමාගමක අනුග්‍රහයෙන් පවත්වනු ලබන ප්‍රාදේශීය ගොවිපලකද තත්වයද මෙසේ විය. එක්තරා එබැවින් හලාල් සහතිකය තිබුනද නොතිබුනද හලාල් විරෝධීන්ට (නිර්මාංශ නොවේ නම්) වුවද කෑමට සිදුවන්නේ හලාල් බව කිවයුතුය. එය එසේ නොවීමට නම් හලාල් නොවන සේ සිංහලයෙකු අතින්ම ඝාතනය කලයුතු යයි බලපෑම් කිරීමට හලාල් විරෝධීන්ට සිදුවේ.

එසේ නම් මේ සඳහා ගතහැකි විසඳුම කුමක්ද?
මුස්ලිම්වරුන්ට හලාල් ලේබලය යටතේද සිංහලයන්ට හලාල් නොවන ලෙසද නිෂ්පාදනය කර බෙදාහැරීම ප්‍රායෝගිකව අතිශයින් දුෂ්කර කටයුත්තකි. කෙසේ වුවත් පිටරටට යැවීමේදී නම් හලාල් ලේබලය අවශ්‍යම නම් ගහගතහැකිය. මගේ අදහස අනුව නම් මේ සඳහා ඇති විසඳුම මෙයයි,

1.සමස්ථ ලංකා ජමියතුල් උලමා සංවිධානය ගෙනයන ව්‍යාපාරය සීමා කල යුතුය. (මෙහි ව්‍යාපාරය යයි කීවේ බිස්නස් එකය) අවශ්‍යම නම් මාංශමය ආහාර වන මස් වර්ග, සොසේජස් වැනි කිහිපයක් සඳහා දුන්නාට කමක් නැත

2.අනෙක් වගකීම පැවරෙන්නේ හලාල් අවශ්‍ය යයි කියන මුස්ලිම් වරුන්ටය. සියළුම භාණ්ඩ "හලාල්" යටතේ බලාපොරොත්තු නොවිය යුතුය. මෙහිදී අදහස් වන්නේ "හරාම්" දෑ භාවිතයට ගන්නා ලෙස යෝජනා කිරීම නොව සත්වමය කොටස් අඩංගු නොවන නිෂ්පාදන හලාල් යටතේ බලාපොරොත්තු නොවන ලෙසයි. වෙනත් විදියකින් කිවහොත් අන්තගාමී දැඩි ස්ථාවරයකට නොයන ලෙසයි.

3.පළමු සහ දෙවන කාරණා ඉෂ්ඨ වන්නේ නම් හලාල් ලේබලය සහිත සුළු ප්‍රමාණයක් වූ නිෂ්පාදන කෙරෙහි ඇති විරෝධය ඉවත්කරගැනීමට තරම් ඉවසීමක් සිංහල සමාජයට තිබිය යුතුය.

තමුන් සිටින තැනින් අඩියක් හෝ පිටුපසට ගැනීමට අකමැතිවීම සියල්ලන්ම ලබන පරාජයක ආරම්භය විය හැකිය.

70 comments:

  1. ඒක පුදගල කොමිසමක් තමයි කොච්චර කමිටු සාමාජිකයෝ දැම්මත් අන්තීමට එන්නේ... හිකිස්..

    අර ඇතිකරන සතා මැරුවේ නැති උනාට උඹලයි පැත්තේ හක්ක පටස් තියන්නේ, තුවක්කු බඳින්නේ, මාළු වලවල් ඉහින්නේ, කොක්කු, වඳුරො වෙඩි තියන්නෙ, සෑට සෑට දඩයමේ යන්නෙත් තම්බිලම වෙන්ටෑ මයෙ හිතේ..... අපෙ ගමේ නම් තම්බි නෑ දොරේ... ඒ උනාට ඔය වැඩ හඳුනා නොගත් තුවක්කුකරුවොද මක්කුන්ද මන්දා, එකසිය ගානට කරනවා...

    ReplyDelete
    Replies
    1. ඒක හරි. මම කිව්වෙ ප්‍රසිද්ධියෙ විකුණන මස් ගැන.

      Delete
    2. ethokota ube kona kapala wwenna ethi, awajaathakaya

      Delete
    3. "සිංහල බෞද්ධ" කට්ටියට ආවේණික කුනුහරප

      Delete
  2. මාංශ ආහාර වලට නම් බටහිර රටවල වගේ නිර්වින්දන ක්‍රමය නිතිගත කරන්න ඕනි . මෙහිදි හලාල් ඕනි කියල මැරෙන්න හැදුවට බොහොමයක් බටහිර රටවල , නිර්වින්දනය නොකර මරන එක තහනම් . මේවා හම්බුවුනේත් අර එක උලමෙක් ජර්මනියේ කරපු පරීක්ෂණයක් ගැන දීපු ටෝක් එක ගැන හොයන්න ගිහින් . හලාල් කෙලියෙ ඇතිවුනු මුස්ලිම් විරෝධය නිසා සාධාරණ විදිහට වෙලඳමක් කරගෙන බිස්නස් කරගෙන පාඩුවේ ජීවත් වුනු මුස්ලිම් මිනිස්සුන්ටත් අයහපතක් සිද්ධවුනා . ආගමික ව්‍යාප්තවාදයට සප් එක දෙන රෙදි කඩේ ආදිය වර්ජනය කලාට සාමාන්‍ය මුස්ලිම් ව්‍යාපාරත් වර්ජනය කරල ගැටුමකට යා යුතුයි කියලා මම හිතන්නේ නැ , හැබැයි වෙලා තියෙන්නේ ඒක . අර රෙදි කඩෙන් නම් විවිධ උපක්‍රම මගින් මිනිස්සු ඇදගන්නවා , නමුත් මුස්ලිම් විරෝධය නිසා තේ කඩයට ආපු සෙනග අඩුවීමෙන් සමාන්‍ය මුස්ලිම් මනුස්සයට වෙච්ච පාඩුව එහෙමමයි , උලමලාට හලාල් බිස්නස් එක මිස අර පොඩි මිනිහා පෙන්නේ නෑ .

    ReplyDelete
    Replies
    1. //හලාල් කෙලියෙ ඇතිවුනු මුස්ලිම් විරෝධය නිසා සාධාරණ විදිහට වෙලඳමක් කරගෙන බිස්නස් කරගෙන පාඩුවේ ජීවත් වුනු මුස්ලිම් මිනිස්සුන්ටත් අයහපතක් සිද්ධවුනා//

      ඔය කතාව මට අර මස්කඩේ මනුස්සයත් කිව්ව.
      බුවා, නිර්වින්දනයෙන් තොරව සත්තු මැරීම තහනම් රටවල් මොනවද කියල බලාගන්න තැනක් තියනවද?

      Delete
  3. අපි කියන්නෙත් සහතික එපා කියල එක එකාගේ බඩ වඩාගන්න අපිට ගෙවන්න උවමනාවක් නැහැයි කියන එකයි අපිට දැනට පැටවෙලා තියෙන බදු බර හොඳටම ඇති. NGO වලට ගෙව්වේ නැති උනාට.

    ReplyDelete
    Replies
    1. අපි කියන්නෙත් සහතික එපා කියල//
      අන්න එහෙම කෙලින්ම විරෝධය දක්වනව නම් හොඳයි. නැත්තං හලාල් සහ හලාල්සහතික විරෝධය තවත් අවුල් වෙනව

      Delete
    2. ඔව් ඉතින් කොහේ තියන අමරුවකටද උලමා සංවිදානයට අපි සල්ලි දෙන්නේ...
      අනික ඕක ඉතිං අයිමත් යන්නේ අරාබියට නේ...

      Delete
    3. හලාල් දෙන්ඩ කලිනුත් එකම මිල දුන්නට පස්සෙත් එකම මිල..ඇයි?

      සහතිකෙට ගෙවන්නෙ නිෂ්පදකයා මිස පාරිබොගිකයා නොවෙන නිසා

      Delete
  4. ලංකාවේ ඇතුලේ සිංහලයෝ නැතිව මුස්ලිම් පොරවල් වලට බිස්නස් ගෙනි යන්න බෑ...

    මැදපෙරදිග නැතුව ආර්ථිකේ බැලන්ස් කර ගන්න බෑ...

    කවුරු කවුරුත් මෝලේ පාවිච්චි කොරලා වැඩකලොත් හොදයි....බලය තිබ්බට මදි..ඒක හරියට පාවිච්චි කලේ නැත්නම් බලය තියෙන අයටම තමයි කෙල වෙන්නේ...සාමාන්‍ය සරල සිද්ධාන්තයක්....

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමයි මමත් කියන්නෙ.

      Delete
  5. "තමුන් සිටින තැනින් අඩියක් හෝ පිටුපසට ගැනීමට අකමැතිවීම සියල්ලන්ම ලබන පරාජයක ආරම්භය විය හැකිය"
    ආයිත් මට කියන්න්න දෙයක් නෑ. අවුරුදු තිස් හතලිස්ගානකට ඉස්සර දසමයක් පස්සට නොගිහින් ඊට පස්සෙ කල්පයක් විඳවවුවා. තාමත් ඉවර නෑ. දැන් තව මඟුලක් පටන් අරං..
    අර සිංහල මිනිස්සු සත්තු ඇතිකරලා අනිත් ආගම්වල අය ලවා මරවන එක සහතික ඇත්ත.. අර මුන්නේස්වරම් දේවාලෙ කපු මහත්තය කී හැටියට වෑඩිහරියක් එලුවො බිලිදෙන්නෙ සිංහල බවුද්දයො.. හැබැයි මරන වැඩේ කවුරුහරි ලවා කරවාගන්න ඕනෙ..

    ReplyDelete
  6. ඉතා හොද විවරණයක් රාජ්... සත්‍ය ලෙසම විය යුත්තේ මෙයයි.

    ReplyDelete
  7. "තමුන් සිටින තැනින් අඩියක් හෝ පිටුපසට ගැනීමට අකමැතිවීම සියල්ලන්ම ලබන පරාජයක ආරම්භය විය හැකිය"

    මෙන්න මේ අදහස රාමු කරල ඔළුවේ තියෙනවනං හුගක් ප්‍රශ්න විදසගන්න හැකියි. ඇත්තටම මටත් තියෙන පුරස්නේ තමා දැං තියෙන්නේ ඇත්තටම හලාල් විරෝදි වැඩ පිළිවෙලක්ද නැත්නං ඔබ කිව්ව වගේ සහතික විරෝධතාවයක්ද කියන එක. අටම ඉන්නව නං උත්තර දෙයි මං හිතන්නේ...

    ReplyDelete
  8. හොඳ ලිපියක් රාජ්...

    ReplyDelete
  9. ඇත්තටම මේ සම්බන්ධයෙන් කියවපු සමබරම ඒවායින් එකක්. මෙතෙක් සිදු වෙච්ච් දේවල් ආපස්සට ගන්න බැරි නිසා, උලමා වරුයි, බොබොසේ වරුයි සාකච්චා කරලා මේ සඳහා සියලුම ජාතීන් වල සාමාන්‍ය ජනයාට අඩුම බරක් පැටවෙන විදියට කටයුතු කර ගත්තනම් ඉතා වටිනවා.

    ReplyDelete
  10. ඉල්ලුම සහ සැපයුම මගින් මෙය නොවිසඳේද?

    හලාල් බඩුවලට මෙන්ම නැති බඩුවලට ද ඉල්ලුමක් ඇත.

    හලාල් නොමැති බඩු මිළද අඩුවේ යැයි කියවෙන නිසා සැපයුම ඇති නම් ප්‍රශ්නය විසදෙණු ඇත.

    ReplyDelete
    Replies
    1. ඉල්ලුම සහ සැපයුම් න්‍යාය හොඳය්.
      කවුදෝ සමාගමක අයිතිකාරයෙක් කියල තිබුන හලාල් කේස්එක නිසා එයාලට කෝටි ගනනක පාඩුවක් උනා කියල.(ඒ කියන්නෙ සිංහලයන් ඒක වර්ජනය කරල), ඒ වගේම කුකුල්මස් සමාගමක ඇඩ්එකේ අග තිබුන "හලාල් සහතිකය සහිතයි" කියන කොටස අයින්කරල තිබුන ලඟදි. ස්වභාවිකව සිදුවියහැකි මේ දේ සිදුවෙනකල් බලා සිටින්න අපේ මිනිස්සු සූදානම් නෑ. හලාල් හලපිය නැත්තං අරාබියට පල! වගේ සටන්පාඨ නේ තියෙන්නෙ.

      Delete
  11. මම ඉන්නෙත් ඔබේ ස්ථාවරයෙමයි. හැබැයි මේ වැඩේ දැන් අනාගෙන යන විදිහට කොහෙන් කෙලවර වෙයිද කියන්න බැහැ. හමුදා වල ඉන්න මුස්ලිම් සෙබළු, නිලධාරීන්, කන්නේ හලාල් නෙවෙයි. එයාලට මොකද කරන්නේ?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. අනාගෙන කියනඑක මාත් පිලිගන්නව. හමුදාවල ඉන්න අය හලාල් ඉල්ලුවොත් ලැබෙන්නෙ මොනවද කියලත් කියන්න බැරිද?:-)

      බුදුහාමුදුරුවො කියපු විදියට මධ්‍යම ප්‍රථිපදාවෙන් හිතන්න බැරිකම තමයි සියල්ලට මුල. කට්ටිටක් හැමඑකම හලාල් කරන්නලු, අනෙත් කටිටියට හලාල් එපාලු

      Delete
    2. හමුදාවේ කාටවත් විශේෂයෙන් හලාල් ආහාර සකසන්නේ නැහැ. එයාලා ඒවා ඉල්ලන්නෙත් නැහැ. ඉල්ලුවාට ලැබෙන්නේ නැති බවත් එහෙම ආහාර සැපයුම් ක්‍රමයක් හමුදාවේ නැති බවත් එයාලා දන්නවා. මුස්ලිම් අයකු ඉන්න භෝජනාගාරයක කිසිදු විශේෂත්වයක් නැහැ. සිකුරාදාට පල්ලි යන්න විශේෂ අවසරයක් දීලා තියනවා. නමුත් ක්‍රියාන්විත ප්‍රදේශවලදී දුන්නේ නෑ. හමුදාවල ඉන්න මුස්ලිම් අය අපි වගේම සරලව සියල්ල අවබෝධ කරගෙන ක්‍රියා කරනවා. සමහරු අපිත් එක්ක හොඳට මත්පැන් බොනවා.


      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
    3. මේ යන විදිහට ගියොත්නම් හමුදාවත් හලාල් කරනවා ශුවර් :)

      Delete
  12. මගෙ මතය වෙන්නෙ හලාල් හොද උනත් නරක උනත් ඊට කලින් වර්ජනය කරන්න ගොඩක් දේවල් තියනෙවා....විශේෂයෙන්ම ලංකාවෙ ආරථිකයට මරු පහරක් වෙලා තියන ඉන්දියානු භාණ්ඩ හා සේවා(ලින්ක්,රොටොමැක්,නටරාජ්,මරුටි,හීරෝ,මයික්‍රොමැක්ස්,කාබොන්,එයාටෙල්).

    ReplyDelete
    Replies
    1. ඉන්දියානු භාණ්ඩ හා සේවා වර්ජනය පටන් ගන්න හෙට උදේම ටාටා ලේලන්ඩ් බස් වර්ජනය කරලා , ආ..තව බජාජ් , පියාගෝ ත්‍රිවිල් වල නගින්නත් එපා . සංස්කෘත සම්බවය නැති ශුද්ධ සිංහලම පාවිච්චි කරන්න , බුද්ධාගමත් වර්ජනය කරන්න පුලුවන් !

      Delete
    2. අමතක වුනා , රන්වල මහත්තයගේ සින්දු ඇරුණාම ලංකාවේ අනික් ගායකයින්ගේ සින්දු අහන්නත් එපා

      Delete
    3. බුවා ගේ කතාවට විරුද්දය් , ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරනවා නම් එකට පදනම් ඔවුන්ගේ අදිපති මතවාදය අපිට තල්ලු කිරීම නවත්තන්නය්, එකට ඔවුන්ට ආර්ථික වැසි ලැබෙන දේවල් නවත්තනවා මිස ඉන්දියාවෙන් මෙච්ච්ච්ර කාලෙකට ආපු හැමදේම නවත්වන එක ප්‍රයෝගික නෑ, මොකද අපිට ප්‍රශ්නේ තියෙන්නේ වර්තමාන ඉන්දියාවේ ක්‍රියාකලාපේ එක්ක නිසා.. මුස්ලිම් ව්‍යාපාර වර්ජනය ගැනත් කියන්න තියෙන්නේ ඕක තමා(බුරියානි වටලප්පන් ගැන අහන උන්ට, BTW වටලප්පන් මුස්ලිම් කෑමක් නෙවි)
      -Alex

      Delete
    4. ඉන්දියානු ආධිපත්‍ය ලංකාවට එන එක වලක්වන්න අපිට බෑ , අපිට කරන්න පුලුවන් ඒක අපේ වාසියට හැරෙන විදිහට කටයුතු කරගන්න එක මිසක් ගේම ඉල්ලන්න ගිහින් තවත් නාගන්න එක නෙවෙයි . ඉන්දියාව අද ඇමරිකාව එක්ක දක්වන කුලුපග කම භාවිතා කරන්න අවශ්‍ය , ඇමරිකාවෙන් ගේන යෝජනාවක සැර බාල කරන්න මිසක් "යැංකි මංකි " කුමන්ත්‍රණ පරදවමු කියල පෙල පාලි යන්න නෙවෙයි . දැන් කාට හරි හිතෙනවා නම් ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරල ඉන්දියාවට රිද්දන්න පුලුවන් කියල පටන් ගන්න හොඳම භාණ්ඩ තමයි බස් සහ ත්‍රිවිල් , අර ඉන්ද්‍රජිත් මහත්තය කියල තියන මයික්‍රොමැක්ස් , කාබ්න් මොබයිල් , හුලංටෙල් , නටරාජ් වගේ කොහොමත් වෙලඳ පොලක් නැති ඒවාව වඩා ලංකාවේ පාර පුරා දුවන ලේලන්ඩ් , ටාටා බස් , ත්‍රිවිල් ආදිය වර්ජනය කලා නම් හරි . ජපන් බස් ගේන කන් අපි බස් වල යන්නෙ නෑ කියල වෙල්ගම මහත්තයාවයි ගැමූණු මහත්ත්යාවයි බය කරගන්න පුලුවන් !

      Delete
    5. ඉන්දියානු නෙවේ කුමන හෝ රටක සුළු දෙයක් උනත් නැවැත්වියයුතුයි කියන තත්වයෙන් අපි මිදිය යුතුයි. මොකද අපි එක ගලක් ගහනකොට අපිට ගල් වරුසාවක් එන්න පුළුවන්.
      අනිත් කාරණය ජාත්‍යන්තරය එක්ක ගණුදෙනු කිරීමේදී අල්ලපු ගෙදර මනුස්සය සම්බන්ධයෙන් අනුගමනය කරන පිලිවෙත සුදුසු නෑ.

      Delete
  13. අන්තිම වාක්‍යයට එකඟයි

    ReplyDelete
  14. //තමුන් සිටින තැනින් අඩියක් හෝ පිටුපසට ගැනීමට අකමැතිවීම සියල්ලන්ම ලබන පරාජයක ආරම්භය විය හැකිය. //

    මම කැමතිම හොදම හරිය !

    ReplyDelete
  15. බුකියේ දැම්ම ස්ටේටස් එකක්. මස් වලට නැතත්, හලාල් විරෝධයට නැතත්, එහි දිගුවක් ලෙස සමහරුන් ඉස්මතු කරන පොදු ඉස්ලාම් විරෝධයට අදාල බැවින් මෙසේ පළ කරමි. (සත්‍යය අත්දැකීමකි)

    මම හලාල් සහතිකට පිළිබද පැහැදිලි තර්කානුකූල විරෝධයක් ඇත්තෙක්මි. එසේම ඒ හරහා තලේබාන් ජාතිහිතෛෂීභාවය (ඉස්ලාම්, බෞද්ධ ) ප්‍රචලිත කිරීමට විරුද්ධ වන්නෙක්මි.

    මේ මගේ අත්දැකීමක්ය.

    අද ජංගම දුරකථනයට 5c වර්ගයේ බැටරියක් මිලදී ගැනීම පිණිස නගරයේ ජංගම දුරකථන උපාංග විකුණන සිංහල ව්‍යාපාරික ස්ථාන 4කින් මිල ගණන් සහ වගකීම පිළිබද විමසීමි. ඉන් මිල අඩුම ස්ථානයට අනුව 'ඔරිජිනල් බැටරි එකක් මාස 3ක වගකීමක් සහිතව රු. 700 කි. (මගේ දුරකථනයේ නවතම මිල රු. 2000 කි ) එක් තැනක එය මාස 3ක වගකීමක් සහිතව රු. 1000ක් විය. අඩු ප්‍රමිතිය යයි ඔවුන් හැදින්වූ බැටරියක අඩුම මිල රු. 450ක් විය. වගකීම මාස 3කි.

    අවසානයේ නිකමට මෙන් නගරයේ ඇති එකම මුස්ලිම ජංගම දුරකථන අලෙවිහල වෙත පිය නැගුවෙමි.

    එහිදී මිල ගණන් මෙසේය.

    ඔරිජිනල් බැටරිය මාස 6ක වගකීමක් සහිතව රු. 400කි. ලෝ කොලිටි බැටරිය 3 මසක වගකීමක් සහිතව රු. 300කි.

    මෙසේ වන්නේ ඇයි? ඉස්ලාම් කඩ වර්ජනය ගැන දැනුවත් කිරීමට පෙර සිංහල ව්‍යාපාරිකයන් ව්‍යාපාර පවත්වා ගතයුතු අකාරය ගැන දැනුවත් කළා නම් අගනේ නොවේද?

    ReplyDelete
    Replies
    1. ආ මේ මුස්ලිම් ෆේක් ප්‍රොෆයිල් මාර්කටින්ග් සේවයේ වැඩක්...

      උත්තතර දෙන්නම්..
      වරායේ බඩු හොරෙන් බදු නැතිව පන්නන්නේ, අඩුවට බදු පන්නන බඩු අස්සේ මේ වැඩි බදු ගෙන්නේම මුස්ලිම් ව්‍යාපාරිකයන්... ඒවාගේම මුහුදු යන බෝට්ටු ආධාරයෙන් මේ පරිඝනක උපාංග ගෙනැත් වෙළදාම් කරන්නෙත් මේ ඒහරහා ම කුඩු වැනි ව්‍යාපාර කරන්නෙත් මුස්ලිම් ව්‍යාපාරිකයන්මයි.

      ඔබ මගෙන් අසාවි ඒත් අඩුයි නේද කියලා. මෙලෙස ඔබගේ බදු වංචා කරන්නේ එමගින් මල්ල පුරවා ගන්නේත් මුස්ලිම් ව්‍යාපාරිකයයි.
      ඔබ මගෙන් අසාවි බෝට්ටු සහිත ධීවරයන් සිංහල නේද කියලා. නෑ මුස්ලිම් අයත් ඉන්නවා. ගොඩක්ම මුදලාලිලා. එයාලා තමා මේවා කරන්නෙ.

      ඔබට කවදාවත් මුස්ලිම් ගෙයක් ඇතුලකට යන්න දී තිබෙනවාද? නෑ නේද?

      හැකිනම් මෙය ඔය FB මාර්කටින්ග් පෝස්ටුවේ යටින් දාන්න.

      Delete
    2. යෝධයා
      ඔයා කියන දේවල්වල ඇත්ත නැත්ත මම දන්නෙ නෑ. ඒව ඇත්ත නම් ඒ ගැන ක්‍රියා කිරීම ආණ්ඩුවට භාරයි.
      මම නං මුස්ලිම් ගෙයක් ඇතුලට විතරක් නෙවේ කුස්සියටත් ගිහිං තියනව.(ඒ ලෙවෙල් කල කාලෙ යාළුවෙකුගෙ)

      Delete
    3. යෝධයා...ඔව් මෙයා මම ෆේක්..ඔයා ඔරිමජිනල්. ඇයි අප්ෂෙට්ද..අන්න ඔය ෆේක් පෝස්ට් International Buddhist Council Sri Lanka එක ගෙඩි පිටින් කොපි කරල අද ලොකු එකෙන්ම දාලා. ඒක එයාලගෙම හෙලිදරව්වක්ලු. දැක්කේ නැත්ද...

      Delete
  16. බුරුවොන්ට බණ කියලා වැඩක් නැහැනේ ,නියම ලිපිය මචන්

    ReplyDelete
  17. රාජ් , ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    ReplyDelete
  18. ///කෙසේ වුවත් පිටරටට යැවීමේදී නම් හලාල් ලේබලය අවශ්‍යම නම් ගහගතහැකිය.///
    මැදපෙරදිගට වත් අත්‍යවශ්‍ය නැත, ඉන්දියාවෙන් එන කිසිම දේක හලාල් ලාංචනයක් නෑ. (මස් හැර, මෙහේ සමහර කුකුල්මස් පැකට්ටුත් තියනවා හලාල් ගහල නැති )
    හැබැයි ලංකාවෙන් එන පොල්කිරි පැකට් එකේ. මිරිස් කුඩු පැකට් එකේ. ජෑම් බෝතලෙත් හලාල්. ඒවා හොයාගෙන ගිහිල්ල ගන්නෙත් ලංකාවෙන් ආපු අයමයි. ලංකාවෙන් විතරක් එන හැම දේකම හලාල් ඉල්ලනවද කියල නම් මම දාන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. //මැදපෙරදිගට වත් අත්‍යවශ්‍ය නැත, ඉන්දියාවෙන් එන කිසිම දේක හලාල් ලාංචනයක් නෑ.//

      සිරාවට ?? උඹ ඉන්නේ මැදපෙරදිග නම් හොඳ එකා වගේ හලාල් නැති පැකට් දෙක තුනක පොටෝ එකක් ගහල එවහන්කො amver.reply@yahoo.com ඊමෙල් එකට

      Delete
    2. සුජියා
      "අවශ්‍යම නම්" කිව්වෙ ඒකයි.

      Delete
    3. @ බුවා : මම ඉන්නේ කටාර් මචන් සවුදියට අල්ලපු රටේ. කිරි අහාර යෝගට් වගේ දේවල් මෙහෙට එන්නේ සවුදියෙන්. තව සමහර දේවල් එන්නේ UAE වලින් ඒවගෙත් හලාල් නෑ. කුළුබඩු වගේ දේවල් එන්නේ ඉන්දියාවෙන් (කේරලෙන්). ඒවගේ හලාල් ලකුණු නෑ. යුරෝපෙන් එන ඒවගෙත් හලාල් ලකුණු නෑ. වගකීමෙන් කියන්නේ. හැබැයි ලංකාවෙන් එන හැමදේකම හලාල් තියනවා. උරු මස් කොච්චර හරාම් උනත් ඇමරිකන් කාරයොන්ට කන්න මෙහෙ උරු මස් තියනවා.
      බුවා උබට ඕන මස් ඇසුරුම් වල ද අනිත් ඒවායේ ෆොටෝස් ද.

      @ රාජ් : ඒක තමයි රාජ් ලංකාවෙන් විතරක් ඕක අත්‍යවශ්‍ය වෙන්න විදියක් නෑ නේ. මන් හිතන්නේ මුන් අපිව අන්දනවා. ලංකාවෙන් ආපු මුස්ලිම් එවුන් වත් මෙහෙ හලාල් හොයන්නේ නෑ. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා මිසක්. අපි ලංකාවෙන් අපුවා හොයන ගිහිල්ල ගන්නේ එකේ හලාල් තියන හින්ද නෙවෙයි නේ. අපිට පුරුදු දේ හින්ද නේ. මුස්ලිම් අයත් එහෙම තමයි.

      Delete
    4. අනික මන් දන්නා තරමින් ලංකාව මස් අපනයනය කරන්නේ නෑ නේ, වැරදි නම් නිවැරදි කරන්න

      Delete
    5. මස් නෙවෙයි අනික් ඇසුරුම් වල , හලාල් ලකුන නැති බිස්කට් පැකට් වගේ දෙයක් .

      Delete
    6. බුවා... උඹගේ මේ කර්තව්‍යට සහයෝගය දෙන්නන් පවා මා අහය කරණවා.. දැන් අන්වර්ගේ බලලා මල්ලෙන් එළියට පැනලා තියෙන්නෙ. උඹ දැක්කද සවුදි අරාබි කාරයෙක් ළියපි ලිපිය. ඌට තනිකර ඉන්ෆොමේශන් දෙන්න ඇත්තෙ අපේ අය. මේක මුන්ගේ ජාත්‍යන්තර වැඩක්.. ගේම අත අරින්න එපා.. මම ඒ ගැන ප්‍රශ්ණ කළ කොමෙන්ටුවත් ඌ පබ්ලිෂ් කලේ නෑ..

      ජයවේවා.... බුවා...

      Delete
    7. බුවා උඹෙ මගෙ ප්‍රොෆයි එක හරහ ගිහින් මෙලක් දාපන්. අද හවසම උඹට පොටෝ ටිකක් දාන්නං.

      Delete
  19. මොකක් හරි භාණ්ඩයක් හලාල් තත්වයට පත්කරන්න වෙනම ක්‍රියාපටිපාටියක් අනුගමනය කරනවා නම් ඒවාට 'හලාල්' ලේබලය දුන්නට කමක් නෑ. හලාල් ක්‍රමයට නිෂ්පාදනය කරන මාංශ ආහාර වලට එහෙම. එහෙම නැතුව මෙච්චර කල් මිනිස්සු කකා හිටිය බිස්කට් එකට, ජෑම් බොතලේට 'හලාල්' ලේබල් ගහන එක තමයි ඔතන ප්‍රශ්නේ. භාණ්ඩයක සාමාන්‍ය නිෂ්පාදන ක්‍රියාවලියෙදිම ඒකට කිසිම සත්ව තෙලක් පාවිච්චි කරන්නෙ නැත්නම්.. 'සත්ව තෙල් අඩංගු නැත' වගේ ලේබල් එකක් යෙදීම තමයි වඩත් සුදුසු. වෙන විදියකින් කියනවා නම්, හලාල් ක්‍රමයට සතින් මැරීම වැනි මුස්ලිම් මිනිසුන්ට සුවිශේෂී අකාරයෙන් නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ හැර අනෙත් ඒවාට, ඒ භාණ්ඩයේ අඩංගු වන / නොවන දෑ ගැන ලේබලයක් ගැසීම සුදුසුයි, ආගමික සංකල්පයක් ගාවගන්නෙ නැතුව.

    දැන් ඔය කිරි ඇලජික් අය ඉන්නෙ.. එහෙම භාණ්ඩ වල ගහන්නෙ නැහැනෙ "කිරි ඇලජික් අය සඳහා" කියලා ලේබල්, ඒකෙ ගහන්නේ "කිරි අඩංගු නැත" වගේ ලේබල් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි... තවත් එකක්?

      රාජ් ඉස්සෙල්ලම ලංකාවේ සිවිල් නීතිය ගැන හිතමු. ඔයාගේ බ්ලොග් පෝස්ට් එක පැත්තකින් තියලා. මේ ආගමික මාෆියාව ඒක උල්ලංඝනය කරලානම් මේ උලමලා ඒකට වන්දි ගෙවිය යුතු නැද්ද?

      Delete
    2. සිවිල් නීතියක් සම්බන්ධ වෙන්නෙ කොහොමද?

      Delete
  20. රාජ්‍ය මැදිහත්වීමක් නැතිව එකපාරටම හලාල් සහතියක උලමාට දෙන්න පුලුවන්නම්... කුරාණෙ තියන විදියට අපිව මැරුවත් අපිට ඉවසන්න වෙයිනෙ සහෝ? මොකද කියනවානම් මැදපෙරදිග වෙලද පොල නැති වෙයිනෙව?

    මේ යාන්ත්‍රනයේ නීතියට පටහැනි දේ කලාට නඩු නොයන එකටයි, ඒ පිළිඔද කතා කිරීමට ඔබතුමාට අමතක වීමයි දෙකක්. ඒ ටිකත් දාමු නේද සහෝ?

    නීතියම කටයුතු වලදී පරාජය බාරගෙන පසුබැස්ස උලමාලාට දැන් ශක්තියක් වී තිබෙන්නෙ ඔබලාගේ මේ පුහු තර්කයයි. මැදපෙරදිග ඩොරල් ( හි හි ඩොලර් නෙවී ආ...). ඔහුන්ගෙන් නිසි වන්දියක්.. අයකරගැනීමට වත් බැරි නීතිය අමතක ඔයාලාම නිසයි.

    මොකද ලංකාවේ නීතියට ඉහලින් ඔයාලත් බිස්නස් ගැන කතා කරනවා.

    ReplyDelete
    Replies
    1. ආයෙත් නීතියක් ගැන කතා කරනව. ඉස්සෙල්ලම කියන්නම් මම හලාල් වලට විරුද්ධයි. ඒ විරුද්ධ වෙන්නෙ හලාල් සහතිකයට නෙවේ, සත්වයන් මැරීමේ අමාණුශික ක්‍රමවේදයක් ඒ තුල තියන නිසා. සිංහලයන් තමුන්ගෙ සත්තු මරක්කලයන් ලව්ව මරවන එක තියනතුරු අපිට හලාල් වලින් මිදෙන්න බෑ කියන එකයි මගේ තර්කය.

      අනිත් කාරණාව, හලාල් සහතිකය දීම නීතියට එකඟ නොවන බව කියන්නේ කොහොමද? නීතියට අනුව ඕන කෙනෙකු‍ට ඕන එකක් ගහගන්න පුළුවන්. අවුල තියෙන්නෙ ඒකෙන් නිෂ්පාදනයට මොනවහරි අයහපත් බලපෑමක් වෙනව නම් විතරයි.

      Delete
  21. ආහ් ඔව් රාජ් ඔයාලාට මේ හාලාල් වලින් ඔයාලාට ඇති ඉට්ටකුත් නැතිව, ඔයාලා රජ්‍ය විරෝධී දෙයක් ව්‍යාපාර ඇසකින් බලා සාධාරනීකරන කරනවානම් ඔබලාට සුලු බලයක් ලැබුනහොත් ඔබලා ගරු මර්වින් සිල්වා, රෝහිත අබේගුණවර්ධන, බංදුල ගුණවර්ධන වැනි උන්ටත් වඩා උඩ යයිනේද?

    ReplyDelete
    Replies
    1. රජ්‍ය විරෝධී දෙයක්//
      රාජ්‍ය විරෝධී නම් රජය බලාගනිපුදෙං.

      Delete
  22. කර්නල් මුතාලිෆ් ජීවිතේ දුන්නෙ ලංකාව වෙනුවෙන් යකුනේ .. ඒ වගෙ කරට කර ඉඳන් කීදෙනෙක් අපිට නිදහස දෙන්න මැරුනාද කියල හොයපියවු..පොඩි ප්‍රශ්නයක් අල්ලං මුස්ලිම් මිනිස්සුයි සිංහලයිනුයි බේද කරන්න හදන්නෙ ලෝකෙටම ඔප්පු කරන්න සිංහලයින්ට කා එක්කවත් සමගියෙන් බෙද හදාගෙන ඉන්න බෑ කියල එහෙම පෙන්නන්න ඕනෙ කාටද ? කාටද ඉතින් කොටියන්ටයි උන්ගෙ ගැත්තටයි මිස.

    ReplyDelete
    Replies
    1. එතකිට කොබ්බැකඩුවල, විමලරතනල ඉඳල ලුතිනන් සංජීවල වෙනකල් උන් දිවි දුන්නෙ සිංහල උන් වෙනුවෙන් විතරද? අද බදුදීන්ල මන්නාරමේ උසාවි වල ගල් සෙල්ලම් දාන්නෙ ඔය කාගෙ කාගෙත් ජීවිත උඩින් ඇවිත් නෙමෙයිද?

      උදව් කල පලියට කෙනෙකුගෙ වැරැදි දේ ගැන කට පියාන ඉන්න එකත් නිවට කමක්.

      Delete
  23. මාත් හලාල් වලට විරුද්ධ නෑ.
    හලාල් සහතිකෙට විරුද්ධයි.

    ReplyDelete
  24. හලාල් පිළිබඳ ලිපි ඕනෑ තරම් අන්තර් ජාලයේ තිබුණා.එහෙත් ඉන් එක අකුරක් කියවිමට මම අකමැති විය.රාජ් ගේ ලිපිය මම නිකමට මෙන් කියෙව්වා.බොහෝ සාධාරණ ලෙස කරුණු ගත කොට ඇත.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
  25. තමන් කැමති කෑමක් තමන්ට කන්න නැත්තම් වැඩක් තියද.....?. කන කෑමට මොන සහතිකද..(ISO තත්ත්ව සහතික නෙමෙයි)

    ReplyDelete
  26. අනේ මටනම් මේ කෙහෙල්මල අහලා අහලම එපාවෙලා

    ReplyDelete
  27. මධ්‍යස්තව ඉඳලා මේ ලිපිය ලිව්ව එක හොඳයි.මමත් මේ කාරණා එක පාරක් කිව්වා.කොහෙද බුවාලාට තද වුනානේ මම හම්බයන්ට පක්ෂව ලිව්වා කියලා.ඇත්තටම මම ලිව්වෙත් ප්‍රායෝගික සහ යතාර්ථය.මේ ලිපියෙනුත් ඒ ගැන කතා කිරීම හොඳයි.

    ReplyDelete
    Replies
    1. පුතා ලිව්වෙ ප්‍රයෝගික යථාර්තය නෙවෙයි හිතලුනේ , හලාල් නිසා සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා , ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් එන්නේ අරාබියෙන් වගේ කතන්දරනේ . රාජ් එහෙම දෙයක් ලියල නැනේ .

      Delete
    2. අසූචි කියන්නෙ අපි අකමැති ගඳගහන දෙයක්. මළපහ කිරීම අප්‍රසන්න දෙයක් උනත් කරන්න ක්‍රමයක් තියනවනේ. හැබැයි එහෙමවුනා කියල පාරෙ මළපහ කරන්න දෙන්නත් බෑ.

      Delete
  28. රාජ් මතුකරන අදහස සමග එකගයි.

    නමුත් මම හලාල් වලට සම්පූර්ණයෙන්ම විරුද්ධයි.
    කිසියම් නිෂ්පාදනයක් ගැන තත්ත්ව සහතිකයක් ලබාදෙන්න ඕන ඊට සුදුසු කම් ඇති රාජ්‍ය හෝ ජාත්‍යන්තර ආයතනයකින් පමණයි.
    පොදු මිනිස් භාවිතය උදෙසා වෙළදපොළට මුදාහැරෙන භාණ්ඩයකට ආගමික ලේබලයක් ඇලවීම කිසිසේත්ම සිදු වියයුතු දෙයක් නෙවෙයි.ඒ නිසා අපේ රටට හලාල් අවශ්‍ය නෑ.හැබැයි මුළුමනින්ම ඉස්ලාම් ගෝත්‍රිකයෝ පමණක් ඉන්න රටවල් වලට නම් හලාල් - හිජාබ් ඕන එකක්, ඒක අපට අදාල නෑ.

    ReplyDelete
    Replies
    1. හලාල් වලට විරුද්ධ කෙනෙක් තමයි මමත්. නමුත් මම කියන්නෙ හලාල් වලින් මුළුමනින්ම මිදෙන්න අපිට බෑ. මොකද සිංහලයන්ගෙ ව්‍යාපාරවලටත් මුස්ලිමුන් ගාවගන්න නිසා.

      ලේබලයක් ඇලවීම පෞද්ගලිකව මට නං අවුලක් නෑ. මම විරුද්ධ සත්ව ඝාතනයට යොදාගන්නා හිංසාකාරී ක්‍රමයට.

      Delete
  29. අපිටත් කරන්න තියෙන්නෙ ගවමස් අඩංගු නැති ඒවලට සහිතකයක් දෙන්න හලාල් වගේ.ඊට පස්සෙ උන් වගේ ඒව පන්සල් වලට දුන්නනම් හරිනේ.ඔච්චර නටන්නෙ නැතුව

    ReplyDelete
  30. මමත් හලාල් සහතිකයට විරුද්දයි. කූට වියාපාරයක් බව දැන් හැම දෙනාටම තේරුම් ගිහිල්ල ඉවරයි.

    ReplyDelete
  31. ම‍ට පෙනෙන්නෙ වැඩි දෙනෙක් මේක පටලවගෙන.

    හලාල් ක්‍රමයට සත්ව ඝාතනය කරනව කියන එකත්, හලාල් සහතිකයත් අතර මෙලෝ සම්බන්ධයක් නැහැ. (ජමිලතුල් උලමා සංවිධානය ගාණක් හොයාගන්න අවශ්‍ය නිසා ඉස්ලාම් එවුන්ට නොයෙකුත් කොන්දේසි දාලා මේ ක්‍රමවේදය පටන් ගත්තා කියල මටත් හිතෙනවා. ඒත් ඒක මගේ හිතිවිල්ලක් විතරයි.)

    හලාල් ක්‍රමයට සත්ව ඝාතනය :- සාමාන්‍ය විදිහට ඝාතනය කළ සත්වයන්ගේ මස් අනුභව කිරීම වැරදියි කියල ඉස්ලාමයේ උගන්නනවලු. ඒ වගේම මස් අනුභව කරන්නට නම් සත්වයෙක් ඝාතනය කළ යුත්තේ කෙසේදැයි කියලත් උගන්නනවලු. මේව මං දැනගත්තෙ දැනට අවුරුදු තිහකට විතර ඉස්සර අපේ ගමේ හිටපු තම්බින්ගෙන්. ඉතින් උන් විශ්වාස කරනව උන්ගෙ එවුන් සත්තු මරන්නෙ හලාල් ක්‍රමයට කියල. මේ හලාල් ක්‍රමයට මරනව කියන්නෙ සතා මරණයට පත් කිරීම සඳහා අනුගමනය කරන ක්‍රමවේදය මිසක් මස් වලට අමුතු දෙයක් එකතු කරනවවත් තෙම්පරාදු කරනව වගේ දෙයක් කරනවවත් නෙවෙයි.

    හැබැයි මමත් හිතන්නෙ රාජ් කියනව වගේ උන් සතුන් මරන ක්‍රමය ඉතා අමානුෂිකයි (නිර්වින්දනය නොකර)

    හලාල් සහතිකය:- දැන් දැන් සැකසූ ආහාර වැඩියෙන් තියෙනව. මෙතනදි, එම ආහාරයට සත්ව කොටස් අඩංගු වෙනව නම්, ඒ සත්ව කොටස් ලබා ගත්තෙ හලාල් ක්‍රමයට මරපු සතෙක්ගෙන් ද කියල පාරිභෝගිකයට දැනගන්න හදපු ක්‍රමවේදයක් තමයි හලාල් සහතිකය.

    එක එක්කෙනාගෙ විශ්වාසයන් නෙ. දැන් ඔය සමහර වෙජිටේරියන්ස්ලා මස් මාළු උයපු හට්ටියක් හෝ බෙදපු හැන්දක් හෝ තමන්ගෙ කෑම එක බෙදීමේදි පාවිච්චි කරනවටවත් අකමැතියි. ඉතින් හලාල් සහතිකය භාවිතයට එන්නෙ ඒ විදිහටයි. ඒ කියන්නෙ හලාල් ක්‍රමයට නොමරපු සත්තුන්ගෙ කොටස් රහිතයි කියල පාරිභෝගිකයට දැනගන්න තියන එක්තරා ලකුණක්.

    මගේ තර්කය වුනේ ඒ සහතිකය අවශ්‍ය ඉස්ලාමිකයන්ටනම් ඇයි නිෂ්පාදකයාගෙන් අය කරන්නේ කියන ප්‍රශ්නයයි. දැන් ඒ ප්‍රශ්නයට උලමා සංවිධානය විසඳුම දීලා. එතනින් එහාට මොනවද හොයන්නෙ?

    බෞද්ධයන් අනුභව කළ යුත්තේ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය විතරයි නේද? ඒකට සහතිකයක් දෙන්න බැරිද බොදුබල සේනාවට?

    ReplyDelete