Saturday, November 16, 2013

නානසාරට චැනල් 4ට ගැහුව අය මෙන්න.......! (who fuck c4 & G.sara)

පහුගිය දවස්වල ටීවී බලන්න පත්තර කියවන්න රේඩියෝ අහන්න උනේ නෑ. ඉතිං මම කොහොමද "ඇත්ත" දැනගන්නෙ. ඔහේලවත් මට උත්තර දෙන්න.

චැනල් හතරෙ අයියල ලංකාවට ආව. එන්න වීස දුන්නෙ අපි. ඊට පස්සෙ එයාල උතුරට යන්න යද්දි මගදි ගහල එලෙව්වලු. ඇත්තටම,

⓵ චැනල් හ‍තරෙ අයියල ආවෙ අපිට කෙලින්නද?
⓶ එතකොට අපිට කෙලින්න එන එවුන්ට වීස දුන්නෙ අපිම නේද?
⓷ වීස නොදී "වීස දෙන්නෙ නෑ! ඇයි අවුල්ද?" කියල ඇහුවනං අවුල්ද?
⓸ වීස දුන්නනං උතුරට යන්න නොදී ගැහැව්වෙ ඇයි?
⓹ ප්‍රහාරයේ රටට අවාසිද?
⓺ නැත්තං ප්‍රහාරය මහින්ද ලොක්කට වාසිද?
⓻ මහින්ද ලොක්කට වාසි වීම රටට වාසියක් නෙවේද?
⓼ ආණ්ඩුවෙන් ගැහුව නං ඇයි එන්න දුන්නෙ?
⓽ ආණ්ඩුවෙ පාර්ශවයක් ගැහුව නං එයාල ආණ්ඩුවට කීකරු නැද්ද?

සීරෝ වෙනි ප්‍රශ්නෙ හෙවත් බලවත්ම පුරස්නෙ,.... ගැහුවෙ කවුද ␦

⓵- ගැහීම කලේ ආන්ඩුවෙන්ද, නැත්තං ආණ්ඩුවෙ ඉන්න "නැහැදිච්ච" "අතලොස්සක්ද"?
⓶- එහෙමත් නැත්තං ආණ්ඩුවෙන්(/නැහැදිච්ච එවුන්) ගැහුව වගේ පේන්න වෙනත් අදිසි හස්තයකින් එල්ලවූ ප්‍රහාරයක්ද?
⓷- ඒත් නැත්තං ආණ්ඩුවෙන්(/නැහැදිච්ච එවුන්) ගැහුව වගේ පේන්න වෙනත් අදිසි හස්තයකින් එල්ලවූ ප්‍රහාරයක් කියල පේන්න ආණ්ඩුවෙන්ම(/නැහැදිච්ච එවුන්)ම ගැහුවද?
⓸- නැත්තං ආණ්ඩුවෙන්/නැහැදිච්ච එවුන් ගැහුව වගේ පේන්න වෙනත් අදිසි හස්තයකින් එල්ලවූ ප්‍රහාරයක් කියල පේන්න ආණ්ඩුවෙන්ම(/නැහැදිච්ච එවුන්)ම ගැහුව වගේ පේන්න අදිසි හස්තයකින් ගැහුවද?

.....................................................

ඕයි මේක ඉවර වෙන්නෙ නෑ නොවැ! මෙන්න සමීකරණෙ. කවුරුහරි කෙනෙක් මේක විසඳුව නං ප්‍රහාරකය හොයාගත්තෑකි!

හොයාගෙන මටත් කියන්න!

ප්‍රහාරකයා     =f(x,y)
ආණ්ඩුවෙන්    =x
අදිසි හස්තයෙන් =y


f(x,y)={((((((((((x)y)x)y)x)y)x)y.........x)y)....}

⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈ ⎈

නානසාර සාදුත් ඔන්න ගුටි කාල කියල මේ දැන් දැනගත්ත. මේකෙන් "සෑම කොට්ටෝරුවාටම දිනෙක කෙසෙල් ගසක් හමුවේ" කියන නිව්ටන් නියමය තවත් වතාවක් පෲෆ් කලෑකි!
සිරිකොතේදිලු ගහල තියෙන්නෙ.
ආ....... එහෙනං රනිල් මංගල සෙට් එක වෙන්නැති. මොකෝ ලඟදි (මාතරදි) ප්‍රැක්ටිස් කලත් එක්ක.

ම්හු!

මේං මෙතන තියන විදියට ගහල තියෙන්නෙ සිරිතොතේ හිටිය ආණ්ඩුවෙ පාර්ශවයක්ලු.
දෙයියනේ එතකොට මේකටත් දාන්න වෙන්නෙ අර සූත්තරේම නේද?

36 comments:

  1. දන්නැ දන්නැ.. අපි ඉන්නෙ ඇස්කන් පියාන්.. අපි දන්නෙ මෙච්චරයි.. චොගම් සුන්දරයි

    ReplyDelete
  2. අරහෙ රූංපෙත්ත කැරකෙනව.

    ReplyDelete
  3. වීසා දෙන්න උනේ ඇයි :- නොදී හිටියනම් අපේ නමට හරි නැති නිසා.. ( වීසා දීලා ලංකාවට ගෙන්නගෙන හොඳ ෂෝ එකක් ගහන්න කට්ටිය ප්ලෑන් කරා )

    ඉතින් චැනල් 4 අය ලංකාවට ආව :- 
    ආණ්ඩු විරෝධී අය සමග එකතු වෙන්න  ආණ්ඩුවෙන් ඉඩ දුන්නා . ( එයට හේතුව තමයි " ආන්න පේනවනේ අරුන් එකතු වෙලා විදේශ කුමන්ත්‍රණ කරන හැටි " කියලා ITN එකේ පෙන්නන්න )

    චැනල් 4 සෙට් එක උතුරට ගියා :- මගදී නවත්තලා අපේ දේශප්‍රේමීත්වය පෙන්නුවා .. (  මන් මුළින්ම කිව්ව ෂෝ එක )

    ලස්සනට ෂෝ එක ගැහුවා :-
    ඒ උනාට ෆිල්ම් එක බංකොලොත් උනා..

    අන්තිමට උනේ :- චැනල් 4 එකට ඕනෙවටත් වඩා සාක්ෂි ලැබුණා " ලංකාව යනු නින්දිත රටක් " කියලා ලෝකය හමුවේ කියන්න...


    " චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත හැකි ඵල. channel 4 drama".

    ReplyDelete
    Replies
    1. ඔය විසංවාදෙ තමයි මගෙත් පුරස්නෙ!

      Delete
    2. රාජ් මට දැන් කල්පනා උනේ.. ලිපි දෙකක් ලියන්න පුළුවන් මෙන්න මෙහෙම ..

      01. චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත හැකි ඵල.

      02. චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත් ඵල.

      සමස්තය සමග යම් යම් එකඟතාවයන් තිබුණත් ඔය දෙක සෑහෙන පරස්පරයි . :P

      Delete
  4. යන්න නොදුන්නේ තාම එහෙ පොඩි පොඩි සීන් යන නිසාලු. තාම ඉතුරු කළු කොටි හොයනවලු කියලයි යාපනේ වැඩ කරන මගේ යාලුවෙක් කිව්වේ. තව තව පොඩි පොඩි සීන් ටිකකුත් තියෙයිලු :D අනික යාපනේ මිනිස්සු කොච්චර කිව්වත් ප්‍රභාකරන්ට ටිකක් ලැදියිලු. අපිට කොටි පේන්න බෑ වගේ උන්ට හමුදාවත් එච්චර දිරවන්නේ නෑලු. ඔන්න ඔහොම සීන් නිසා මම හිතන්නේ චැනල් 4 නොගිය එක හොඳයි. මොකද උන් ගියානම් ඔව්වා ඔක්කම අල්ලාගෙන දෙන වීඩියෝ එක මහා අමන එකක් වෙන්න තිබුනා.
    උන්ට වීසා නොදී බෑ කියන්න තරම් කොන්දක් නෑ අපේ උන්ට කියලා කියන්න අයිඩියා ආවත් ඕකේ ඇතුලේ මොනවා මොනවා වෙනවද හරියටම නොදන්නා නිසා ඔහේ කට වහගෙන ඉන්නවා.

    ReplyDelete
  5. අනේ මන්ද...... මොනවත් කියලත් බෑ නොකියත් බෑ. මට නම් හිතෙන්නේ නානසාර ගුටි කාපු එකත් ප්ලෑන් එකේම කොටසක්ද කොහෙද

    ReplyDelete
  6. ඔබේ සහ මගේ දොරට තට්ටු කල දාට ඔබ මා වෙනුවෙන් සී4 වත් මංගල වත් වික්‍රමබාහු වත් නොසිටිනු ඇත එහෙත් චාමි හෝ මාතලන් හෝ රාජ් හෝ සහන් හෝ.................................................. වත් සිටිනු ඇතැයි සතුටු වෙමි එහෙත් ඒ කිසිවකුද නොසිටිය හැක

    ReplyDelete
    Replies
    1. අනියත ජීවිතේ, කුණු ශරීරේ...... යන වෙලාවට යන්න වෙනව බුවා. ඕන වෙලාවක මම නං ඉන්නව.:-)
      මේ අලුත් බුවෙක් නේද?

      Delete
    2. මේක බුවා ලන්තයනෙ රාජ්

      Delete
    3. බුවා ,

      මේ රටේ සියලු දෙනාම යන්නේ තනි ගමනක්. සහයෝගය , සහජීවනය , යහපාලනය වගේ දේවල් අපි දන්නේ නැහැ.අඩුම තරමේ මාතලන් ලොක්කා තමන්ගේ සින්ඩියෙන් හැමෝටම දෙන සහය හරි අගය කරන්න ඕනේ ( ඔහුගේ අදහස් සමග යම් යම් පරස්පරතා තිබුණත් සමස්තය හා එකඟයි ) . කෙසේ උනත් බුවා මෙතැනදී කියන්න හදන දේ ඇත්ත.. සාමාන්‍ය චන්ද දායකයෝ විදිහට අපි මීට වඩා එකතු වෙන්න ඕනේ. ඔටුවෝ වගේ ඉඳලා බැහැ.මේ තියෙන්නේ සාක්කි ..

      __________________________________

      එදා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රෙජීමය...
      පලමුව මිලදීගත්තේ විපක්ෂ මන්ත්‍රීවරුන්ය...
      මම නිහඬව සිටියෙමි..
      මන්ද මට මන්ත්‍රීකමක් නොමැති නිසාය...

      ඉන්පසු ඔවුන් පැවිද්දන්-පූජකයන් මිලදීගත්හ...
      මා කුමක් කියම්ද..
      මා පැවිද්දෙකු හෝ පූජකයෙකු නොවූයෙමි...

      ඊලඟට ඔවුන් මිලදීගත්තේ කලාකරුවන්ය..
      මා බලා සිටියෙමි..
      මා කලාකරුවෙකු යැ..

      ඉන්පසු ඔවුන් වෘත්තීය සමිති නියෝජිතයන් මිලදීගත්හ..
      කුමට බිය වම්ද...
      මා වෘත්තීය සමිති නියෝජිතයෙකු නොවූ කල..

      ඔවුන් මාධ්‍යවේදීන්ද නිදහස් මතධාරීන්ද උගතුන්ද බුද්ධිමතුන්ද මිලදීගත්හ....
      මා ඔවුනතර නොවිනි...

      ඔවුන් අවසානයේදී...
      පැමිනියේ මා වෙතය...!
      ඔවුන්ගේ ලංසුවට එකඟවනු හැර විකල්පයක් මා හට නොවිනි!

      ඡන්ද දායකයාගේ පාපොච්චාරණය.........(අවසානයේ ඔවුන් පැමිණිය් මා වෙතය!-by Matin Nimal)

      Delete
  7. මහින්දය දැන් අන්ද මන්ද වෙලා ඉන්නෙ.ඒ හින්ද හතර වටේටම ගහනව.ඒත් ඔය මනුස්සයගෙ ගොන් ඔලුවට ,තේරෙන්නෙ නැහැ ලන්කාව කියන්නෙ හතර වටේටම නය වෙච්ච, එදා වේල හිඟා කාල ජීවත් වෙන රටක් කියල.

    ReplyDelete
  8. වෙන කිසිවක් නැත ඇනෝ එන එන විදිහට ගහ උළුඅස්සා යනු එකම සූත්‍රයයි

    ReplyDelete
  9. සීරෝවෙනි පුරස්නෙට උත්තරේ හොයා ගත්තනම් අනිත් බොහෝ පුරස්න වලට උත්තර ලැබේවි
    මේ ඔක්කොම අස්සේ චෝගම් මාධ්‍ය සාකච්චාවකට අස්වර් පැනල එතනත් ගූ බෙට්ටක් කරලා

    ReplyDelete
  10. උත්තර නැති, ඔළුව අවුල් කරන ප්‍රශ්න වලට අපේ වටිනා කාලේ ( බ්ලොග් කියවන, ෆේස් බුක් රස්තියාදු ගහනව වගේ) නාස්ති කරන්න මම නම් කැමති නෑ. ඒක හින්දා උත්තර දෙන්නෙත් නෑ.
    ;)

    ReplyDelete
  11. ඕකට සමීකරණ ඕනෙ නෑ...ගැහිල්ල සෙට් කරගෙන තියෙන්නේ C4 කස්ටියමයි...ඒගොල්ලන්ටම ගහගෙන ලංකාව පීචං කරන්ට :-)

    ReplyDelete
  12. යකඩෝ...දැන් සිරිකොතෙත් ආණ්ඩුවෙ පාර්ශව ඉන්නවද...බලාන ගියාම මාමගෙ මිනිස්සු නැති තැනක් නෑනෙ...

    ReplyDelete
  13. ඔක්කොම බොරු අනේ. මැක්රේ කාරයා එහෙන් එන්ඩ කලින් මෙහෙ කට්ටියකට සල්ලි දීලා තිබුනා උඹලා සැට් වෙලා අපිට ගහන්න වරෙල්ලා කියලා. ඒක කලින් හදාගත්ත නාට්ටියක්. අපේ මැරවියා වත් ඔය පැත්තේ හිටියේ නැහැ. කුරුඳු පොලු කාරයෝ හිටියෙත් නැහැ.

    නානසාර ලොක්කාගේ සද්දන්ත අතපය එහෙමෙහෙ වනනකොට එව්වා ආපහු ඇවිත් එයාටම වැදිලා තියෙන්නේ. අපි නොදන්න නානසාර.

    ReplyDelete
  14. චැනල් 4 ගැන කිසිත් නොකියමි,කරපු දේවල්වල ප්‍රතිපල නුදුරේදීම දැනගත හැකිය.
    චෝගම් හිතට හරිම සනීපය නානසාර ගෙ වොටර්ලූව සිරිකොත වීම කෙතරම් අපූරුද,සිතට දැනෙන කාලකන්නි සතුට කියා නිමකළ නොහැක.

    ReplyDelete
  15. නානසාරට ගැහුවේ දේශද්‍රෝහියෝ.නානසාරට අකමැති ආණ්ඩුවට කැමති අයට අනුව දේශද්‍රෝහියෝ ගැහුවේ මහා සංඝයාට )
    සිරිකොතට ගැහුවේ දේශප්‍රේමියෝ (නානසාරට අකමැති ආණ්ඩුවට කැමති අයට අනුව සිරිකොතට ගහන්න ආවේ මහා සංඝයා)
    චැනල් 4ට බැන්නේ {ගැහුවේ නෑනේ(තාම )} දේශප්‍රේමීන්

    උඹ ඕක ඔච්චර සරළ සමීකරණයකට දාල විසදන්න හදන එක අපේ අභිමානවත් ආණ්ඩුවට කරන අවමානයක්.

    ඕක x විෂයෙන් අවකලනය කරලා, පොදු ගුණාකාරයකින් වැඩි කරල එන උත්තර ඛණ්ඩාංක ගත කරලා, ඒකෙන් එන ප්‍රස්තාරේ වර්ගඵලය හොයගත්තහම සීන් එක තේරෙන්න ගන්නවා.

    සරළව කිව්වොත්, ඕකට උත්තරේ ගහපු එවුන් දන්නෙත් නෑ, ගුටි කාපු එවුන් දන්නෙත් නෑ, ඕන පැටලිලා පැටලිලා කොයි වෙලේ හරි ලොක්කම ඕඩරේ දෙනවා ලොක්කටම ගහන්න කියලා.

    ReplyDelete
  16. ඕක අර මහාචාර්ය වරයා ගේ පැහැදිලි කිරීමට අනුව මෙහෙමයි.

    "ගැසීම යන ක්‍රියාපදය තුළ, ගසන්නෙක් සහ ගුටි කන්නෙක් ඉන්නා බවක් අදහස් වේ. හරියටම වැටෙනවා කී විට ඉබේම 'උඩ/යට' යන සංකල්ප ඇතුලත්ව ඇත්තා සේ ය. මෙකී පහර දෙන්නා සහ පහර කන්නා වශයෙන් ද්වියාර්ථයක් ඇත්තේ බටහිර ග්‍රීක් යුදෙව් ක්‍රිස්තියානි ද්විකෝටික තර්කන ක්‍රමය තුළ ය. අපට අනුව නම් ඕක ද්විකෝටිකය නොව චතුෂ්කොටිකය විය යුතුය. එනම්, ගැහුවා, ගැහුවේ නෑ, ගැහුවේ නැත්තේ නෑ සහ ගැහුවේ නැතුව නොහිටියේ නෑ වශයෙන් අවස්ථා හතරක් පවතී. දැන් අපි ගැසීම යන පදය මෙසේ විභේදනය කරනු දුටුවිට මෙරට අනුකාරක පඬියන් සහ බටහිරින් ගෙන්වා බෙදාහරින පුස්කාච්ච දැනුම් ඇන්කරයන්, ගැහුවා නම් කවුරු කාටද කියා විමසන බව අපි දනිමු. ගසන්නෙක් හෝ නොගසන්නෙක් හෝ, නොගසා ගසන්නෙක් හෝ, නොගසා නොසිටින්නෙක් වශයෙන් පුද්ගල පඥ්ඥප්තියක් ඇත්තේ ඊශ්‍රායලයේ මෝසෙස් ගේ ඊනියා හීබෘ-දේවවාදී බටහිර රේඛීය චින්තනය තුළ මිස, අපේ දේශීය සිංහල බෞද්ධ චක්‍රීය චින්තනය තුළ නොවේ. අපට අනුව මෙතැන සත්ත්ව පුද්ගල පඥ්ඥප්තියක් නැත. ඇත්තේ පංචස්කන්ධ පමණි. එසේ සත්ත්වයෙක් සිටිනවා, එනම් ගසන්නෙක් සිටිනවා ය කීම මනසේ නිර්මාණයක් වෙයි. මනස ද මනසේ නිර්මාණයක් ම බැවින්, මා එකදාස් නවසිය බරගණන් වල 'මගේ මෙවුවා එක' නම් පොතේ අහවල් පිටුවේ යට දාරයේ විස්තර කර ඇති ආකාරයට, මෙහි ගත යුත්තක් හෝ විභේදනය කළ යුත්තක් නැතිව යයි. මෙය සම්බන්ධයෙන් අප එතරම් කලබල නොවිය යුත්තේ එබැවිනි. එහෙත් අප කලබල විය යුතු දෙයක් ද තිබේ. එනම්, මේ හරහා පරාජිත විදුලි වසන්තය, රතුපස්වල ජල වසන්තය, වෙනුවට (අනාගත ක්‍රිකට් වසන්තය එනතුරා) ගුටි වසන්තයක් බිහිකරගන්නට සහ එමගින් මේ දේශප්‍රේමී ආණ්ඩුව පෙරළා දමන්නට කැස කවන, දෙමළ වෙල්ලාල ඩයස්පෝරාවේ ඩොලර් කාක්කන්ගේ රූකඩ බවට පත්ව සිටින, ඇමරිකාවේ නූල් සූත්තර අනුව නැටවෙන, දේශද්‍රෝහී කාලකන්ණි බලවේග සූදානම් වෙමින් සිටින බව පෙනේ. අප මේ මොහොතේ සියලු විවාද පසෙක ලා අපේ අතිගරු ජනපති තුමා මෙකී බලවේග වලින් බේරාගෙන රැකගත යුත්තේ එබැවිනි. "

    ReplyDelete
    Replies
    1. මහාචාර්‍ය මැක්කා ද සිල්වාගේ සතියේ පලාපල. එළමැයි සහෝ!

      Delete
  17. පොඩ්ඩක් හිටහන්, සමීකරණය විසදන්න කලින් පොඩි මේව්වා ටිකක් මතක කරගන්න ඕනා.

    චැනල් හතර කියන්නේ මොකක්ද ?
    මැක්‍රේ කියන්නේ කවුද ?
    නානසාර කියන්නේ කවුද ?

    ReplyDelete
  18. නැටුම්, ගැයුම්, කචල්, බචල් හැරුනාම ඇත්තටම චොගමක් තිබුනාද? මෙහේ ඉන්න සිංහල අය හැරෙන්න අනිත් උන් හිනාවෙන්නේ බුරියෙන්......මම එදත් කියන්නේ අදත් කියන්නේ රැජිනගේ චොගම අවලංගු කලයුතු කාසියක් කියලා. අපේ උන්ට ලොකු උනාට. මෙහේ නිව්ස් වලින් අපිව හම ගහනවා. ලැජ්ජයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත, මමත් කියන්නෙ ඔය උලව්වෙන් වහාම ඉවත් වෙන්න ඕනා කියලා. මොන ලජ්ජානැති වැඩක්ද බන්...

      Delete
    2. අපේ රටෙන් මංකොල්ලකාගෙන ගිහින් උන්ගේ වගේ ප්‍රදර්ශනය කරන තාරාදේවී පිළිමය ඇතුළු වැදගත් පුරාවස්තු ටික අපිට දීපියවූ කියලා එංගලන්තෙට කියන්න එකෙකුට කොන්ද පන නෑ.

      Delete
  19. c4 කට්ටිය ගැන නම් නොදනිමි. ඒත් නානසාරට නම් ගහලා තියෙන්නේ සිරිකොත ඉස්සරහ තියෙන බුදු පිලිමෙ නැගිටලා ඇවිත්

    ReplyDelete
    Replies
    1. පට්ටම පට්ට ඇත්ත. අයි සිම්ප්ලි කාන්ට් ස්ටොප් ලාෆින්.

      Delete
  20. අපි ඕවා දන්නෙත් නෑ ඇහුනෙත් නෑ ඉතින් කියන්නත් කොහෙත්තම බෑ..

    ReplyDelete
  21. මට නම් කොටියෙක් වුනත් කමක් නැහැ රාජ් නානාසාරයාට හොදි නැතුව කෙලිනවනම්

    ReplyDelete
  22. රාජ් ඹ්කට ගහන වීඩියෝ තියනවනම් ලින්ක් දීපන්කෝ බලන්ඩ........... ආසාවේ බැහැ

    ReplyDelete