Sunday, November 17, 2013

අමාරුව [පෝදා කතා]

යාළුවෙකුගෙ මළගෙදරකට ආපු පැරණි පාසල් මිත්‍රයො හතරදෙනෙක් සෙට්වුනා. එක්කෙනෙක් රජයේ සේවකයෙක්, තවත් කෙනෙක් පෞද්ගලික අංශයේ, තවත් කෙනෙක් තමුන්ගේම ව්‍යාපාරයක් කරන කෙනෙක්. අනෙකා බර යන්ත්‍ර රියදුරෙක්. මේ එයාලගෙ කතාබහේ කොටස් කිහිපයක්.

"පඩි ලැබෙනඑක ඇත්ත මචං.... ඒත් බලපං හෙට නිවාඩුව ගත්තෙ කොච්චර අමාරුවෙන්ද.... වැඩ කරනව වැඩ කරනව ඉවරයක් නෑ... ජීවිතයකුත් නෑ බං....උඹලට නං මොකද ,... ආණ්ඩුවෙනේ,... ඕන වෙලාවක නිවාඩු ගන්න පුළුවන්.... ආතල් එකේ ඉන්නඑකනේ... බලපං අපේ අම්ම ඉන්නෙ අසනීප ගානෙ... හදිස්සියකට මට එන්න විදියක් නෑ......"

"නිවාඩු තියන එක ඇත්ත. ඒත් බලපං අපිට ලැබෙන්නෙ කීයද? සතියක් යද්දි පඩිය ඉවරයි. ඊට පස්සෙ ණයට. ගෙයක් හදාගන්න වාහනයක් ගන්න හීනෙංවත් හිතනංන බෑ බං.....මේ මගුල අල්ලල දාල බිස්නස් එකක්වත් කලානං හරි!"

"ඒක කියන තරං ලේසි නෑ බං.... අපිට ඕන විදියට වැඩකරන්න පුළුවන් උනාට මේව කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑනේ.... සති ගනං බිස්නස් නැති කාල තියනව... කොච්චර උනත් ඔලුවට නිදහසක් නෑ මචං.... බොරුනං කරල බලපල්ලකො..... අනෙක උඹලට පැන්ෂන් එකක් හරි තියනව අන්තිමට. අපිට ඒකත් නෑ.... අනාගතේ මොනව වේවිද කියල කවුද දන්නෙ....."

"සල්ලි නං ලැබෙනව බං. ඒත් ඉතිං වියදම ඊට වැඩියි.... දවස් දෙකතුනක් වැඩ නොකලොත් සල්ලි නෑ.... පැන්ෂනුත් නෑ..... වැඩ වැඩි දවසට හවසට සනීපත් නෑ...."

◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

මේ ගිණුම් අංශෙක ලිපිකරුවන් කට්ටියක් විටින් විට අංශ ප්‍රධානියා ලඟට ගිහින් කියන දුක් ගැනවිලි.

"සර්, මට වැඩ වැඩියි සර්,.... අහවලා ඉන්න කාලෙ ඉන්වෙන්ට්‍රිය දාල තිබුනෙ එයාට..... එයා වෙනුවට ආපු අහවලීට ඒක දුන්න නං හරිනේ......."

"සර්, මගේ අත්තිකාරම් ගිණුම් ටික අහවලාට දෙන්න බැරිද? මගේ වැඩටික කලින් කරපු අහවලා මෙච්චර වැඩ කලේ නෑනේ....."

"සර්, සරප් රාජකාරිය මට අමාරුයි.... ඒක අහවලාට දෙමුද? මට තියන වැඩ ටික දවසෙම කලත් ඉවර කරන්න බෑ සර්....."

"සර්............................................ "


◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

මේක හෙන පැරණි කේස් එකක්. කොටින්ම බුදු හාමුදුරුවන්ගෙ කාලෙත් මේ "තමුන්ගෙ වැඩේ අමාරුව" තිබිල තියනව. හාමුදුරුවරු කට්ටියක් දවසක් වාද විවාද කරනව බුදුහාමුදුරුවන්ට ඇහුනලු. තමුන් සංවර කරගත් කොටස තමයි සංවර කරගන්න අමාරු කියල හැම කෙනාම කියනවලු.
සියළුම දොරටු සංවර කරගැනීම ලේසි නෑ. ඒත් කරන්න ඕන කියල බුදු හාමුදුරුවො දේශනා කලාලු.

31 comments:

  1. සිරාම කථාව.
    තමන්ගේ කොටසේ අමාරුකම ඔක ගොඩාක් දෙනෙක්ට තියෙන දෙයක්.
    තව දෙයක් තියෙනවා රාජ්‍ය හෝ පුද්ගලික අපේ ගොඩාක් අය හිතන්නේ තමන්ට ලැබෙන්න තියෙන දේ ගැන විතරයි තමන්ගෙන් කෙරෙන්න රාජකාරිය මහා වදයක් විදියට තමයි හිතන්නේ.

    ReplyDelete
  2. ඇත්ත කතාව තමයි. තමන්ගෙ කටයුතු සහ ප්‍රශ්න තමයි ලොකුම කියල හිතෙන එක විද්‍යාත්මකයි කියල අහල තියෙනව.

    ReplyDelete
  3. හැමෝම හිතන්නේ "මම තමයි අමාරුම වැඩ කොටස කරන්නෙ" කියලනේ.

    ReplyDelete
  4. මම මේ කොමෙන්ටුවම කලින් කාගේ හරි පොස්ටුවකටත් කෙටුවා.... එත් මේක වඩාත්ම ගැලපෙන්නේ මෙතනට ඒ තමයි "හැමෝම හිතන්නේ තමන් කරන්නේ අමාරුම වැඩේ අනික් ඔක්කොම කරන්නේ ලේසි වැඩ කියලා හිතන එක".... කොහොම උනත් ලදී මම අහපු බණ කතාවකත් හාමුදුරුවෝ කිව්වා අපිට හැමතිස්සෙම පෙන්නේ උස අයව විතරයි ඒ නිසා අපි හිතනවා අපි තමයි මිටි කියලා එත් අපිට වඩා මිටි ය කොච්චර ඉන්නවද කියලා අපිට පෙන්නේ නෑ මොකද එයාලා එච්චරටම මිටි නිසා කියලා ...... මේ කතාව තේරෙන්නේ
    උස අය = සල්ලි කාරයෝ = වැඩ අඩු අය එහෙම නැත්නම් සැපට ඉන්න අය කියලාත්,
    මිටි අය = දුප්පත් = වැඩ වැඩි අය එහෙමත් නැත්නම් දුක් විදින අය කියලා වගේ හිතනකොට තමයි

    ReplyDelete
  5. ඔතන වෙන්නේ මට හිතෙන හැටියට අද ලංකාවේ ගොඩක් අය රස්සාවක් තෝරාගන්නේ එක්කෝ දෙමව්පියන්ගේ බලකිරීමට එහෙම නැත්නම් වෙන වෙන හේතු නිසා. උදා : කළා අංශයෙන් ඉදිරියට යන්න ඕනි කම තිබුනත් දෙමව්පියන්ගේ බලකිරීමට විද්‍යා අංශය තෝරාගැනීම.
    තමන් ට කැමති දෙයක් කරන අය අඩුයි.රැල්ලට යනවා විතරයි හැමෝම.ඉතින් අන්තිමට හිතේ සතුටක් නෑ.රස්සාවක් කරන්න ඕනි නිසා කරනවා.තමන්ට වැඩකුත් නෑ රටට වැඩකුත් නෑ.

    ReplyDelete
  6. මට නම් එපා වෙන්නේ නිදහසේ වැඩ කරන්න නැති උනාම..අරහෙන් මෙහෙන් කෝල් එද්දී , එක එක්කෙනාව හුරතල් කර කර ඉන්නයි ගියාම මට මාරයා ආවේශ වෙනවා..

    ReplyDelete
    Replies
    1. වැඩ කරන වෙලාවට එන කෝල් ගැන නම් කියලා වැඩක් නෑ.

      Delete
    2. සහතික ඇත්ත සහන්. ඇයි වැඩ ගොඩ ගැහිලා තියෙද්දි දාන තේරුමක් නැති මීටින්. ඒවත් එහෙමම තමයි.

      Delete
    3. නලියෝ උඹට කෝල් එද්දි නරකයි. විටින් විට වැඩ අස්සේ බුකියේ ඕප දූප බලන එක හොදයි. අහුවෙයංකෝ. :-D

      Delete
    4. සහන් මල්ල ගොඩක් අයව හුරතල් කරන්නෙ නැතිව එක්කෙනෙක් හුරතල් කරන්නකො.
      එතකොට කිෂි කරදරයක් නැහැ මේ මං වගේ :).

      Delete
    5. රාජකාරීමය වශයෙන් සහන බලාපොරොත්තු වෙන අය ගැන කිව්වේ මන් කෙන්ජි අය්යේ ..........

      Delete
    6. මම දන්නවා බං මල්ලියෝ.
      උබව ඔරොප්පු කරන්න කිව්වේ :).

      Delete
  7. ඔක මනුස්සයගෙ තියෙන තෘප්තියට පත් නොවිමෙ ගතිය නිසා එන එකක් මට හිතෙන්නෙ

    ReplyDelete
  8. තෘප්තියෙන් තමන්ගේ වැඩ කොටස කරන්න හැකි නම් මේ කියන තත්ත්වයන් උදා නොවේ. අනිත් කාරණය තමා ගේ කොටස නිසි ලෙස ඉටු නොකරන්නන් තමා මේ වගේ දේවල් කියමින් මන්දෝත්සාහී වන්නේ.
    ඒ වගේම පාලකයන් දැන ගන්න ඕන ඒකාකාරි බව ඇති නොවන සේ සේවකයන් යොදවන්නත්. එකාකාරී බවත් මේ තත්ත්වයන්ට බලපානවා.

    ReplyDelete
  9. ඔය තත්වය වැඩිපුරම රජයේ කාර්යාලවල දකින්නට පුළුවනි,කවුරුත් හිතන්නෙ අමාරුම රාජකාරිය තමන් කරනවය කියලයි.වැඩ වැඩියි කියලයි ඉතිං ගෝරි ගොඩයි.ඔය කතාව පරපුරෙන් පරපුරට යනව මිසක් විසඳුමක් නෑ.

    ReplyDelete
  10. මටනම් හැබැයි දැනට එහෙම නෑ..

    ReplyDelete
  11. ඇත්තමයි රාජ්. මට තියන්නේ ඕකේ අනිත් පැත්ත. දවස පුරා කොච්චර වැඩ කළත් දවස අන්තිමට හිතෙන්නේ මම කරපු වැඩ කොටස මදි කියල.

    මටනම් හිතෙන්නෙම ඔය තමන්ගේ කොටස අමාරුයි කියන අය කරන්නේ කම්මැලි කම වහගන්න කරන රගපෑමක් කියල. ඒ සිතිවිල්ල එච්චරම හොද නම් නෑ, මොකෝ එතනදි අවිශ්වාසය වැඩි වෙනවා.

    ReplyDelete
  12. මමත් අමුතු සතෙක්. වැඩ කරන තැනදි වැඩ කරන එක නවත්තගන්න බැහැ ඕෆ් වෙනකම්. ගෙදර ආපුවහම කිසිම වැඩක් පටන්ගන්න හිතෙන්නේ නැහැ.

    ReplyDelete
  13. උඹ නම් ලේසියට බ්ලොග් පෝස්ට් ලියයි... අපි අමාරුවෙන් කොමෙන්ට් දාන්න එපැයි...

    ReplyDelete
  14. කාන්තා පක්ශෙ කරන වැඩේ තමයි බරම වැඩේ.. අපිලා කරන ඒව නිකං සෙල්ලං කියලයි එයාල හිතන්නෙ.. අපිත් හිතන්නෙ එහෙමයි.. ඕං මං අපේ හාමිනේව නිවාඩුවකට ඇරියා තනියම .. කෙල්ලත් නිවාඩුවට ගෙදර එන දවස්වල. මං ගෙදර බලාගත්තා දවස් දහයක්.. ලේසියි කියලද හිතන්නෙ ? ..මං හොඳ කට්ටක් කෑවා.
    හාමිනෙත් ගමන ඉවරවෙලා ඇවිත් මට කියනවා "'ආයිත් නං මං තනියම යන්නෙ නෑ ඕං"

    ReplyDelete
  15. කතාවනම් සහතික ඇත්ත..මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් දේශපාලනය හරහානේ ගොඩක් රැකියා වලට රිංගන්නෙ..එතින් ඔය වගේ ජල්චර රජයෙ වගේම දැන් පුද්ගලික ආයතනවලත් වැහි වැහැල...

    ReplyDelete
  16. හැමෝම හිතන්නේ තමුන් කරන්නේ අන්තිම අමාරුම වැඩේ කියන එක මේ පොස්ටුව හින්දා මට කතාවක් මතක් වුනා

    (සිරාවට රාජ් අයියේ ඔය මට පොස්ට් ගැන හින්ට් දෙන කප්රුකක් වගේ වෙලානේ) හිකිස්.........

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. යකා නම් රජයේ සේවයට කැමතියි.තමන්ගෙ වැඩක් හොඳයි, ආදායමේ සීමාවක් නෑ වාගෙ රස කතා කිව්වට තමගෙම වැඩක් කරන්න හැමෝටම බෑ.පෞද්ගලික අංශයෙ දරුණු පීඩනයක් තිබෙන බව නොදන්න කෙනෙක් නෑ.අඩු පඩියේ තාලයට අඩවු අල්ලන,ලද දෙයින් සතුටු වෙන යකා ල රාජ් ල රටකට සම්පතක්.ඉර පායන්නෙ අපි වගෙ අල්පේච්ඡ මිනිසුන් නිසා කියල මට හිතෙනවා.හැකියාව තිබෙනවා නම් රජයේ වුනත් දහ අට සන්නිය නටන එකත් අමාරු නෑ.

    ReplyDelete
  19. සල්ලිත් නෑ සනීපත් නෑ කියන්නෙ මෙහෙම අවස්ථා වල වෙන්ට ඕනෙ...

    ReplyDelete
  20. තමංට ගැලපෙන රස්සාවක් නොලැබුනාම තමයි ඔය වගේ කේස් වෙන්නෙ කියලයි මටනං හිතෙන්නෙ.

    ReplyDelete
  21. ඒ අතරේ ඉන්නවා "මං නැත්තං කොරයි මේක " කියලා කියන සෙට් එකකුත්. අම්මප මටනම් පෙන්නන්න බැරි උන්ව තමයි.

    ReplyDelete
  22. ඇත්තට.. එහෙම ද හැමෝම හිතන්නේ.. අනේ මන්දා මට නම් එහෙම හිතෙන්නේ නෑ.. මං දන්නවා මට වඩා දස්සයො ඉන්නවා කියලා.. මං වැඩේ ට බැස්සොත් වෙළ ඉහලා හරි ගොඩ දාන්ඩ පුළුවං කියලා විස්සාසයක් ඉතරයි තියෙන්නෙ.. ඒක වරදක් ද මංදා.. කොයි දේත් ලේසි නෑ.. බැරිත් නෑ..

    ReplyDelete