Friday, May 2, 2014

නිල්පාට මැයි දිනේ කම්කරු දෑසින්.......

දේ ගෙදර ලඟින් බස් එකට නැග්ග. බස්එක ස්ටෑන්ඩ් එකේ නැවැත්තුව. මට පිටිපස්සෙන් හිටියෙ අවුරුදු හතලිහක විතර මනුස්සයෙක්. ඉස්සරහ හිටිය එයාගෙම වයසෙ කෙනෙක් අරය දැකල ඇවිල්ල එතනින් ඉඳගත්ත. එයාලගෙ කතාබහ මටත් ඇහුන. අනුංගෙ කතා අහන එක හොඳ නැතිවුනත් මේ කතාව මගේ හිතට ඇල්ලුව. ඒ දෙන්නගෙ කතන්දරේ තමයි මෙතන ඉඳල.

"අද බස්එකේ සෙනඟඟ නෑනේ සීට් ගානටවත්"

"මොන! ඊයෙ කොළඹ ගියපු එවුන් එද්දි රෑ දොලහත් පහුවෙලා. කොහොමෙයි අද වැඩට එන්නෙ!"

"හා උඹත් ගියාද?"

"ඔව් මාත් ගියා. හහ් හහ් හහ්... වැඩකට නෙවේ ඉතිං අපේ එවුන් යද්දි යන්නත් ඕන.... හහ් හහ් හහ් ආතල් එකටත් එක්ක ගියා... අනිත් එක මම කවදාවත් ගිහිල්ල තිබුනෙත් නෑ..."

"බස් තිබුනද යන්න එන්න?"

"ඔව්... ඇති තරං තිබුන... හැබැයි අපරාදයක් කරල තිබුනෙ... මෙහාට බස් ආවෙ කොළඹින්.... එයාල මෙහේ ඇවිල්ල අපි අරගෙන කොළඹ ගිහිල්ල ආයෙත් අපි දාන්න මෙහේ ඇවිල්ල ආයෙත් කොළඹ ගියා... ගමං හතරක්නෙ! අපි මෙහේ බස්වල කොළඹ ගිහිල්ල ආවනං ගමං දෙකයිනෙ"

"ඔව් ඉතිං තෙල් වලට විතරක් උනත් රුපියල් දහ පාලොස්දාහක් එපැයි නේ?"

"ඔව් ඒකනෙ..."

"සෙනග හිටියද?"

"සෙනග කියන්නෙ..... බස් එද්දාස් පන්සීයකින් විතර සෙනඟ ගෙනාවම හිතල බලහංකො.... "

"ග්‍රව්න්ඩ් එකේ හිටියෙ කොහොමද?"

"ග්‍රව්න්ඩ් එක ඇතුලෙ නැවතුනේ නෑ බං..... මෙහෙමයි සෙට් කරල තිබුනෙ.... එක දොරටුවකින් ඇතුල් වෙනව අනිත් එකෙන් පිටවෙනව.... නැවතුනා නං බ්ලොක් වෙනව... එච්චරට සෙනඟ... හැබැයි රැස්වීම තිබුන හරියට නං වෙනම ඇතුල් කලා.... පනස් පාරක් විතර චෙක් කරල ඇතුලට ගත්ත.... ඕකට ගියානං තාම එන්න වෙන්නෙ නැති නිසා අපි ආව බං..."

"කෑම බීම එහෙම දුන්නද?"

"හොඳට තිබුන... අපි ගියේ හයිවේ එකේ.... හයිවේ එකට 'සල්ලි ගෙවල' ගත්ත පාස් වගයක් තිබුන... බස්වලට දුන්නෙ ඒව තමයි.... මාතරින් යද්දිම දුන්න වතුර බෝතලයයි මයිලෝ එකයි රෝල් එකයි කෙසෙල් ගෙඩියයි.... කොට්ටාවෙන් දුන්න වතුර බෝතල් දෙකයි උදේ කෑම එකයි..... කොහොමහරි උදේ දවල් රෑ කෑම දුන්න.... දවල්ට ෆ්‍රයිඩ් රයිස් දුන්නෙ.... උදේ දවල් තේ වෙලාවට ෂෝටීස් දුන්න මයිලෝ එක්ක....."

"කෑම බීම සෑහෙන්න ගේන්න ඇති නේද?"

"ඔව් ඔව්.... නාමල් මහත්තය තමයි ඒව සෙට් කරල තිබුනෙ.... කොට්ටාවෙදි කැප් එකයි ටීෂර්ට් එකයි දුන්න... ඒව ඇඳගෙන පාර්ලිමේන්තු පාරෙ......(ඉතිරිය නොඇසුනි).... කොහොම උනත් එතනම ඡන්ද ලක්ෂයක් විතර තියනව.... දැං අපි ගිය බස් එකේ හිටිය අයගෙන් හයිවේ එකේ ගිහිල්ල තිබුනෙ දහයක් විතර... අනිත් අය ඇවිල්ල තිබුනෙ වැඩියෙන්ම හයිවේ එක බලන්න.... ඒ මිනිස්සු ඡන්දෙ දෙනවනේ...."

උපුටාගැනීම ඔතනින් ඉවර කරන්න වෙනව. මොකද බස් එක අද්දන්න හදනකොටම ඩ්‍රයිවර් මහත්තය එෆ්එම් එකක් ඇල්ලුව කන පැලෙන්න. වටිනා, අවංක කතාවක් මිස් උනේ මට විතරක් නෙවේ. එෆ්එම් එක දුමින්දගෙ අයියගෙ එකක්. ඒකෙ නිව්ස් වල යන්නෙ දුමින්ද සිල්ව ඇතුළු කට්ටිය මැයි දිනේ පෙළපාලි ගියහැටි. කරූ ජයසූරිය ජනාධිපතිවරණයක් ඉල්ලනවත් ජේවීපී කට්ටිය රජයේ සේවකයන් ගැන කතා කරනවත් තමයි ඇහුනෙ. ඒ අතරෙ අපේ මිත්‍රයගෙ කතාවෙ වටිනාම කොටසක් මිස් උනා.

"....... ඒව නං අනවශ්‍ය වැඩ!.... කන්න ‍ටිකක් දෙන්න වියදං කලාට නං කමක් නෑ කියමු......"[මුගෙ අම්මගෙ &^%$&^# ෂා එෆ්එම්....]

මං හිතන්නෙ මෑන් මතට තිත පොරක් වෙන්න ඕන.... අනේ අරක්කු ටිකක් බොන කටකිනුත් මේ කතාව අහන්න තිබුනනං.....

43 comments:

  1. නියම කම්කරු දිනේ කියන්නේ කම්කරුවට කන්න බොනන දීල නිකං බස් වල එක්ක ගිහින් ආයි ගෙනැත් දාන එකට තමා.. අන්න නියම කම්කරු නායකයො. (බොන කතන්දර බොට ඇහුනේ නැත්තේ ජාතියේ වාසනාවට වෙන්ටැති)

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්......

      Delete
    2. ලෝක බේබද්දන්ගේ සහ වෙසගනන්ගේ දිනය. මැයි 1.

      Delete
  2. කන්න බොන්න අඳින්න පළඳින්න දීල නම් සෙනඟ අද්දගන්නෙ, ඒ එන සෙනඟින් කිසිම තේරුමක් නෑ. උන් එන්නෙත් ඒ වරප්‍රසාද ටික ගන්න. එහෙම නැතිව මැයි දිනේ ගැන හැඟීමකින් නෙවෙයි. ඒ අතින් ජවිපෙ මරු. කෑම බීම, ට්‍රාන්ස්පෝර්ට් කවුරුත් දෙන්නෙ නෑ. ඒව එන කට්ටියගෙ වියදමින්ම සපයගන්නවා. ඒ විතරක් නෙවෙයි, රැස්වීම ඉවර වෙලා ග්‍රවුන්ඩ් එක හිස් උනාම ග්‍රවුන්ඩ් එකේ කොල කෑල්ලක්වත් නෑ. හැමෝම තමන් ලඟ වැටිල තියෙන දේවල් අහුලගෙන යන්නෙ. පුදුව විනයක්. සංවරකමක්. දකිනකල් මේවා ඇත්තද කියල හිතාගන්න බෑ. මැයි රැලිය, පෙලපාලිය උනත් කොච්චර පිළිවෙලද. සංවරද. මැයි දිනේ ගැන ඇතිවිය යුතු සැබෑ හැඟීම ඇතිවෙනවා. කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී ඒ සහභාගි වුනේ රටේ හොඳම ඔලුගෙඩි ටික කියලයි මට හිතෙන්නෙ. බත් පැකට් එකට, අරක්කු බෝතලේට තමන්ගෙ රට, තමන්ගෙ පංතිය, තමන්ගෙම අනාගතේ පාවල දෙන උන් මොකටද.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ මැයි දිනේ අවුලක් නෑ. සියල්ල හොඳයි, ඒ වගේම උංගෙ කතාවත් හොඳයි. අඩු තරමින් කම්කරුවන් ගැන කතා කලා. ප්‍රශ්න මතුකලා. ලොක්ක මොනවද කිව්වෙ... හම්බන්තොටදි ගහපු එක හොඳයි කියල ආයෙත් කිව්ව... කාටවත් යට වෙන්නෙ නෑ කියල කිව්ව... යට කරන්නත් බෑ කියල කිව්ව... කම්කරුවන් ගැන ඇරෙන්න අනිත් හැම දෙයක්ම කිව්ව.

      Delete
    2. මේ රටේ මිනිස්සුන්ට කවද බුද්ධිය පහල වෙයිද කියන්න බෑ බන්. දන්නවද අලුත්ම සීන් එක .රතනට අලුත් ඉසිවරයෙක් හමුවෙලාලු.ඌ ඕනම ලෙඩක් සුව කරනවලු. ඊලඟට සතියක් දෙකක් ඒක කතා කළ හැකි.
      මිනිස්සුන්ට හිතන්න බැරි ඇයි මුන් මේ වියදම් කරන සල්ලි මුන්ට කොහෙන්ද කියලවත්.

      Delete
    3. ඕක ජවිපෙ ට විතරක් තියෙන විනයක් නෙමේ සහෝදරයා, හැම ත්‍රස්තවාදී සංවිධානයකටම ඒ අයට අනන්‍ය විනයක් තියෙනව, LTTE, අල් කයිඩා, තලේබාන් ඔක්කොටම. උන් හොඳයි කියන උන්ට පේන්නෙ ඒ බොරු විනය විතරයි ත්‍රස්තවාදී වැඩ පේන්නෙ නෑ!

      Delete
    4. ලොක්කට ගහන දවසත් වැඩි ඇතක නෙමේ ඔහොම ගිහින්.

      Delete
    5. ජවිපෙට හැමදාම ඔය විනය තිබ්බා ටිකක් බලේ අතට එනකල්..ගමේ පොලිසිය රෑ පොලිසිය වෙලා ඊට පස්සෙ කල වැඩ අපි 89/90 ජීවත්වෙච්ච අය හොඳට දැක්කා. අත් වින්දා. අපෙ බිරින්දෑට පෙන්නන්න බෑ. ගල් කටස් එක පපුවට තියල අයිඩෙන්ටිටි එක ගත්ත හැටි තමයි හැමදාම මතක් කරන්නෙ. අවුරුදු පහ හයකට වතාවක් ශෝට් කට් යන්න හදනවා. 71 ශෝට් කට් යන්න ගිහින් තරුණයෝ දාස් ගානක් බිලි උනා. 89 ඊටත් වැඩියි.. යන්න හැදුවෙ ඉන්දියන් විරෝධයේ කර පිටින්. ඊට පස්සෙ රිමෝට් කොන්ට්‍රොල් ආණ්ඩුව. ඊටපස්සෙ ජෙනරාල් පාවිච්චි කරලා රජ වෙන්න හැදුවා. අන්තිමට පක්ෂෙ දෙකට කැඩුනාම ආයිත් ජෙනරාල් හලලා අළුතින් ප්‍රතිපත්ති හදනවා. කවද්ද මෙයාල එක ප්‍රතිපත්තියක් එක ඉලක්කයක් අරන් ඉවසීමෙන් දුරදිග බලල ගමනක් ගියේ ?
      පෙලපාලි ලස්සනට හදන්නෙ බිලිබාන්න.. රතු ඇන්දගත්ත යන්නෙ කොහෙද නොදන්නා කල්ලියක්.. ලෝකෙ තාමත් තියෙන්නෙ 1950/60 කියල හිතන් ඉන්නෙ. චීනෙ ශීඝ්‍රගාමීව ධනවාදෙට යන්නෙ ඒකාධිපතිවාදෙ කර පින්නාගෙන කස්ත්‍රො මලාම මල්ලි කියුබාව අනිත් පැත්තට යවනවා.

      Delete
    6. Rajage bath balayekuta sahenna ridila. Obathuma monawa kiwwath tharuna chanda okkoma JVP yata thamayi. Hora thakkadinta chande denna tharunayo kamathi na. Oya 88, 89 paramparawa issarahata nathiwela giyama JVP anduwak hadenawa sure

      Delete
    7. @ Anonymous,

      ela macho.

      Delete
    8. ජවිපෙ උනත් කට්ටියට තෙල ගහලනේ ගෙන්නන්නෙ.. නැතුව ඕකට ජවිපෙන් එන ඔක්කොම කම්කරුවො වෙනුවෙන්ද එන්නේ.. බම්බුව. හේමාකට් ගැන දන්න කීදෙනෙක් ඔතන ඉන්නවද? ජවිපෙට සංවිධානයවීමෙ හැකියාව උපරිමෙන් තියන්වා ඔතනින් පේන්නෙ එච්චරයි. ඊට එහා දෙයක් නෑ.. ජවිපෙට බලයක් තිබුණ නම් රජයෙ සේවකයො ගෙන්නන්නෙ ඔහොම නෙවෙයි..

      Delete
  3. මල්ලි හරි මල්ලි පාලිමන්ට් රෝඩ් නවත්තල තමා සෙට් වෙලා හිටියෙ. මම දැක්කා හැබයි බීපු ටික එක පේලියට හිටගෙන පාර්ලිමන්ට් එක දිහා බලාගෙන සිප් එක පාත්කරලා දියවන්නා ඔයට හලනවා පෝලිමට. වෙන දවසක දැම්මනම් කූරු ගනින්නත් වෙනව. පබාට රෝසිට අහවල් එක පෙන්නුවා කියලා

    ReplyDelete
  4. කඩාකප්පල්කාරයා!

    ReplyDelete
  5. //අනිත් අය ඇවිල්ල තිබුනෙ වැඩියෙන්ම හයිවේ එක බලන්න.... ඒ මිනිස්සු ඡන්දෙ දෙනවනේ...."//
    ඊ ලඟ පාර ජන්දේ ලං වුණාම,වාරය සවාරි,එයාර්ෆොර්ට් සවාරි එහෙම ලෑහැස්ති කරයි වාගේ...

    ReplyDelete
  6. නිර්වින්දනය වූ මනසින් සටින ලාංකිකයන් සිටින තාක් කල් සියලු දේම එලෙසින්ම අඩුවක් නැතිය සිදුවේවි

    ReplyDelete
  7. එක දවසක් හරි පට්ට ආතල් එකක් දෙන එකම මදෙයි මං අහන්නේ..

    ReplyDelete
  8. මටත් කියන්න තියෙන්නෙ මාතලං කියල තියෙන දේම තමයි. මේ වගේ මිනිස්සු ඉන්න රටකට වෙන මොනවද.

    ReplyDelete
  9. ඔච්චර දෙනවනං ගියාම මොකද?

    ඊලග චනදෙ එනකං ඔයටික හොදටම අැති..
    ජය වේවා!!

    ReplyDelete
  10. ඊයේ කම්කරු දිනේද බන් ලංකාවේ ????

    ReplyDelete
  11. අනේ මන්දා ඉතින් ඕවා හැමදාම ඔහොමයි..උන්ට අපි රැවටුනා.. අපි උන්ට රැවටුනා බලන් ගිහාම දෙකම එකයි

    ReplyDelete
  12. අපෙන් පැහැර ගන්නා සල්ලි වලින් සොච්චමක් වියදම් කර, අපිට තාවකාලික ආතල් දෙන ආණ්ඩුව... වෙන මොනව කියන්නද?

    ReplyDelete
  13. ඔයාට අර 500 ගානේ දීපු සල්ලි හම්බුනේ නැද්ද?

    :O

    ReplyDelete
  14. කම්කරුවාත් විකුනන් කන වුන්ගෙන් මොන කම්කරු අයිතිවාසිකම් බලාපොරොත්තු වෙන්නද...?

    ReplyDelete
  15. කම්කරු දිනේ, කම්කරුවව ගොනාට අන්දන දිනේ වෙච්ච එකත් මහ සරදමක් නේද ? ආණ්ඩුවේ කම්කරු රැළියනම් හිරිකිතයි.. දකිනකොට අපිට ලැජ්ජයි..

    ReplyDelete
    Replies
    1. සෙන්න, ඈත්තටම දෑන් ආගම් වෙනුවෙන් කරනදෙවල්, ජනප්‍රිය චරිත කඩේ යාම, ජන්ද කරන හෑටි සහ වියදම්, දේශ ප්‍රෙමයෙන් කියල කරන කතා, පිටරට එවුන්ට අපේ රට, දේශපාලුවන් සහ නායකයින් පෙනෙන ආකාරය ආදී දෙවල්වලට සාපේක්ශව බෑලුවහම මේ මෑයි පලමුවෙනිදා තියන කානිවල් ඒතරම්ම ලෑජ්ජ හිතන දෙයක්ද?

      Delete
    2. ඒකත් ඇත්ත තමා.. එතකොට අපිට හැමදාම ලැජ්ජයිනෙ...

      Delete
  16. අපේ පැත්තේ නං මැයි දිනේට එක්ක යන්නේ සමෘද්ධි මුද්දර කාඩ් තියෙන අයව. එවුන්ගේ මුද්දර පොත කපනවයි කියපු හැටියේ උදේ නවත්තලා තියෙන බස් එකට ගොඩ වෙනවා. පවු ඉතින්... දුප්පත්කම නෙ

    ReplyDelete
  17. ලෝක කම්කරු දිනයලු, වේදිකාවේ ගහලා තිබුණේ ලොක්කගෙ දැවැන්ත කටවුට් එකක්. ලොක්කම කියනවා පෙළපාලිය තවම නෙලුම්පොකුන් හරියේ එනවලු. කෝ ඉස්සර කියපු කම්කරු ප්‍රඥප්ති? තූ නොදකින්.

    ReplyDelete
  18. රාජ්‍ය බලය තිබුණු හැම ආණ්ඩුවක්ම මැයි දින සැමරුවේ මේ ක්‍රමේටම තමා රාජ්. ප්‍රෙමදාස මහත්තයා මැරිලා වැටුණු රැස්වීමෙත් තත්ත්වෙ මේ විදියම තමා.

    ReplyDelete
    Replies
    1. නලින් හරි..හැම ආණ්ඩුවක්ම මැයි දිනය කලේ මෙහෙමයි.. ප්‍රේමදාස මහත්තයා නියෝග කලා හැම රාජ්ජ ආයතනයකින්ම අනිවාර්යයෙන් නිලධාරීන් ඇතුලුව පෙලපාලියට සහභාගී වෙන්න ඕනෙ කියලා. නොයන අයගෙ ලිස්ට් ඉල්ලුවා. එක අවුරුද්දක් රස්සාව නිසා නිලදාරීන්ටත් යන්න උනා. අපෙ ලොක්ක ගියේ හදවත් රෝගයට බේත් පෙති සාක්කුවේ දාගෙන රස්සාව බේරා ගන්න. ඊලඟ අවුරුද්දෙ ඔක්කොම තීරණය කලා නොයන්න. එදා තමයි ඔහු අවසන් ගමන ගියේ..

      Delete
  19. මරු දෙබස බං.......නොදකින් අර ඉලව් එෆ්.එම් එක. ලොක්කා මැරකම් අනුමත කරා වගේ නේද හම්බන්තොට ගැන කියලා.

    ReplyDelete
    Replies
    1. මහින්ද මහත්තයත් බෙලිඅත්ත වලස්මුල්ල මිද්දෙනිය හක්මන වීරකැටිය තංගල්ල හම්බන්තොට ලයින් එකේ නම තියාගෙන හිටපු එක්තරා ජාතියක පොරනේ අරූ අයියේ..ඔබතුමාල දන්නවනේ
      .. හිතට එකඟව කියන්නෙ කෝමෙයි වැරදියි කියලා .රෑට නිදාගන්නත් එපයැ පැයක් හරි.

      Delete
  20. කොහොහොමත් මට නං මතක හිටියි කලක් යන තුරු රිලාසිරිගේ රිලා නැටුම්..... හෙක්...හෙක්.....

    ReplyDelete
  21. බලාගෙන යද්දි නාමල් කියන්නෙ දැන් සෑහෙන පොරක් නේද ගොයියො...නීති විභාගෙනුත් ලකුණු 97 ක්ද කොහෙද ගත්තලුනෙ....

    ReplyDelete
  22. බත් පැකට් එකට,බොතලේට,රු: 100ට මහින්දයගෙ අහවල් එක ශක්තිමත් කරලා,රටට හෙන ගැහුවත් මොකද නේද?

    ReplyDelete
  23. මම දන්න විදියටනම් විනයක් ඇතිව තිබුණු එකම මැයි දින පෙළපාලිය තමයි ජනතා විමුක්ති පෙරමුණ පවත්වපු එක..

    ReplyDelete
  24. supiri,,,

    Political LK - www.politicallk.blogspot.com

    ReplyDelete
  25. //දැං අපි ගිය බස් එකේ හිටිය අයගෙන් හයිවේ එකේ ගිහිල්ල තිබුනෙ දහයක් විතර... අනිත් අය ඇවිල්ල තිබුනෙ වැඩියෙන්ම හයිවේ එක බලන්න.... ඒ මිනිස්සු ඡන්දෙ දෙනවනේ...."//
    මෙන්න ලන්කාවෙ නියම චන්දදායකයො

    ReplyDelete
  26. අම්මා පල්ලා මුන්ට තාරකා පාත්වෙන්ට එපාද මං අහන්නෙ

    ReplyDelete
  27. ඕව නම් මහත්තයෝ කවුරු ආවත් ඔහොම තමයි..ඕක මහින්දගෙ අවුලක් නෙවෙයි..

    ReplyDelete
  28. අපේ අක්කලාගේ ඔෆිස් එකට කියලතිබ්බේ මයි දිනේට ආවේ නැත්තං දුරකට ට්‍රාන්සර් වෙන්න බලාගෙන ඉන්න කියල

    ReplyDelete
  29. අප්‍රේල් එක වගේම තමා

    ReplyDelete