ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ගැන ලිවීමට සිතා සිටියේ බොහෝ කලකට පෙර සිටය. පසුගිය දිනෙක ප්‍රියාගේ සිතුවිලි බ්ලොග් අඩවියේද පෞද්ගලික ප්‍රවාහන සේවය ගැන ලිපියක් පලවී තිබුනි. මේ පෞද්ගලික ප්‍රවාහන සේවය පිළිබඳ මගේ අත්දැකීම් සහ අදහස්ය.
ශ්‍රී ලංකාවේ ඕනෑම ක්ෂේත්‍රයක් ගෙන බැලූ විට ඕනෑ තරම් නීති රීති ඇත. නමුත් මේවායෙන් බොහොමයක් සාම්ප්‍රදායික, අදට නොගැලපෙන මෙන්ම ක්ෂේත්‍රයේ උන්නතියට කිසිසේත් අදාල නොවන්නාවූ ඒවාය. පෞද්ගලික ප්‍රවාහන සේවාවටත් මෙය අදාලය.
ප්‍රවේශපත්‍ර සහ නිල ඇඳුම්
ප්‍රියාගේ සිතුවිලි බ්ලොග් අඩවියේ සඳහන් කල මූලික කාරණාවක් වූයේ පෞද්ගලික බස්රථ වල ප්‍රවේශපත් නිකුත් (නො)කිරීම සම්බන්ධවය. දිනක් මා කාර්යාලයට පැමිණෙමින් සිටියදී බස් මඟියෙකු සහ කොන්දොස්තර අතර වචන හුවමාරුවක් ඇතිවූයේ ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම සම්බන්ධවය. මගේ අදහස අනුව පෞද්ගලික බස්රථවල ප්‍රවේශපත් නිකුත් කිරීම හෝ නොකිරීම ඔවුන්ගේ කාර්යයකි. යම් තැනැත්තෙක් පෞද්ගලික බසයකට නැඟ අවශ්‍ය ස්ථානයට ගමන් කිරීම යනු හුදෙක් බස් රථයේ පාර්ශවය සහ මඟියා අතර පමණක් පවතින ගණුදෙනුවකි. එහිදී ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නේද නැද්ද යන්න එතරම් අදාල නොවේ. මඟියා ගමනාන්තයට ගෙනයන්නේ නම් ටිකට් පතක් කුමටද? අනෙක් අතට, දෙපාර්ශවය අතර ප්‍රශ්නයක් ඇති නොවන තාක්, මෙවන් පෞද්ගලික ගණුදෙනුවක් අතරට පැන යම් පාර්ශවයකට දඬුවම් කිරීමට (දඩ ගැසීම-නඩු පැවරීම) රජයට ඇති අයිතිය කුමක්ද? මීට අමතරව ඒ සඳහා අමතර වියදමක් රජය විසින් දැරිය යුතුය. ඇත්තෙන්ම මෙය (අවශ්‍ය නම්) බස් හිමියන්ගේ පැත්තෙන් කලයුතු කාර්යකි. බසයේ ආදායම සම්බන්ධව පාලනය ඔවුන්ගේය. අනුන්ගේ සීනි කිරනවා යයි කියන්නේ මේකටය.
නිල ඇඳුම් සම්බන්ධ නීතියද එසේය. රියදුරු සහ කොන්දොස්තර හඳුනාගැනීමට නොහැකි වීමේ විශාල ප්‍රශ්නයක් නැත.
වියයුත්තේ කුමක්ද?
මෙම ක්ෂේත්‍රයේ වෙනස් වියයුතු අංග රාශියකි. පෞද්ගලික බස් සේවාවේ ගුණාගුන, පොදුවේ යමෙකුගෙන් විමසුවහොත් ලැබෙන පිළිතුර යහපත් වේ යයි සිතිය නොහැක. නීති රීති සකස් කල යුත්තේ අඩු පාඩු ඇති අංග සකස් වන පරිද්දෙනි. මූලිකවම බස් රථයේ තත්වය ගැන සහතිකයක් අවශ්‍යය. සාමාන්‍යයෙන් බස් රථවල ආදායම් බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය වන යෝග්‍යතා සහතිකයේ (fitness) සඳහන් කරුණු ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. උක්ත සහතිකය ලබාදීමේදී මූලිකවම සැලකිල්ලට ලක් කරන්නේ එන්ජිමේ තත්වය තිරිංග වැනි කාරණා කෙරෙහිය. මිනිසුන් ප්‍රවාහනය කරන රථයක තිබියයුතු අනෙකුත් තත්වයන් පිළිබඳ කිසිදු තැකීමක් නැත. "බඳ පිළිබඳ වාර්තාව" යනුවෙන් සටහන් කර ඒ ඉදිරියෙන් "හොඳයි" (good) යනුවෙන් සඳහන් කලවිට එය ආදායම් බලපත්‍රය ලබා ගැනීමට ප්‍රමාණවත්ය. කොටින්ම මෙම "බඳ පිළිබඳ වාර්තාව" යන්නද අදාල ආකෘතියේ මුද්‍රණය නොකිරීමෙන් ම ඒ පිළිබඳ දක්වන සැලකිල්ල කොතරම්ද යන්න පැහැදිලි කරගත හැකිය. මගී බස් රථයක් ධාවනයට යෙදීමේදී නිසි ප්‍රමිතියක් තිබීම අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම ආසන වල තත්වය සලකා බැලියයුතුය. ඇතැම් බස්රථවල ඇති ආසන පළලින් ඉතා අඩුය. දෙදෙනෙකුට අසුන්ගැනීමට ඇති ආසනයේ එකෙකු අසුන්ගත් විට අනෙකාගේ පශ්චාත් භාගයෙන් භාගයක්ම අසුනෙන් පිටය. ඒ පිළිබඳ කිසිදු නීතියක් ක්‍රියාත්මක වන බව නොපෙනේ. තවත් සමහර බස්රථ වල සිටගෙන යන මගීන්ට යාම අපහසුය. අල්ලා ගැනීමට ඇති තිරස් ආධාරක සඳහා නියමිත ප්‍රමිතියක් නැත. බහාලුම් රාක්ක නිසි ප්‍රමිතියට නැත. රාක්ක වල දැමූ ගමන් මළු අසුන් ගත් මඟීන්ගේ හිස් මතට වැටෙන අවස්ථා ඕනෑ තරම් අැත. විවෘත කිරීමට අපහසු ජනෙල් ඕනෑ තරම්ය. මේවා ගැන කිසිදු සොයාබැලීමක් නැතිව නිළ ඇඳුම් හෝ ටිකට් ගැන විමර්ශණ කණ්ඩායම් යෙදවීම විහිළුවකි.
කාලසටහන්.
ධාවන කාලසටහන යනු මඟී බස් සේවාවේ තවත් වැදගත් එමෙන්ම අඩු සැලකිල්ලක් දක්වන අංගයකි. සාමාන්‍යයෙන් වෙලාවට වැඩ නොකරන ශ්‍රී ලංකාවේ කාලසටහනට අඩු අවධානයක් යොමු කිරීම ස්වභාවිකය. දිනපතා මා කාර්යාලයට යන එන මාර්ගයේ බස්රථ ධාවනය අධ්‍යයනය කිරීම ඒ සඳහා හොඳ අභ්‍යාසයකි.
මා සේවයට පැමිණෙන බසය A නම් ප්‍රධාන නගරයේ සිට B නම් ප්‍රධාන නගරය දක්වා ධාවනය වේ. මගේ ගමනාරම්භය මෙන්ම ගමනාන්තයද A හා B අතර පිහිටි ස්ථාන දෙකකි. ඒ අතර මැද ස්ථානයකද ප්‍රධාන බස් නැවතුමකි. ගමන් කලයුතු මුළු දුර කිලෝමීටර විසි දෙකක් හෝ විසි තුනක් පමණ වේ. පුදුම නොවන්න! මේ සඳහා ගතවන කාලය පැයකට ආසන්න වේ. (මෙය රථවාහන තදබදය සහිත අගනගරයේදී පුදුම විය හැකි දුරක් නොවුනද මා ගමන් කරන මාර්ගය රථවාහන තදබදයක් ඇත්තේම නැත).
ගමනාරම්භක නගරයේදී බස් රථය නවත්වා තැබීමට යම් කාලයක් ලබා දුන්නද අතර මැද පිහිටි බස් නැවතුම්පොල වලදී නවත්වා තැබීමට ඉඩදීම නොකලයුත්තකි. මේ වනවිට මාර්ග පද්ධතිය ඉතා හොඳින් සකස් කර තිබුනද කාලසටහන් ඇත්තේ මීට දශකයකටත් එහා තිබූ මාර්ග වලට සකස් කල කාලසටහන් වියයුතුය. බස් රථ සෙමෙන් ධාවනය කිරීම සහ අතරමැද නැවතුම්පල වලදී විනාඩි ගනන් නවත්වාගෙන සිටීම පිළිබඳ මා රියදුරෙකු සමඟ කතා කලෙමි. ඔහුගේ ක්ෂණික පිළිතුර වූයේ ලාභයක් ලබාගැනීමට වැඩි පිරිසක් එකතුකර ගැනීමේ අභිලාශයෙන් එසේ කරන බවයි. නමුත් සත්‍ය තත්වය නම් ඔහු එකතුකර ගන්නේ පසුව බස් රථයේ යායුතු මඟීන්ය. ඔහුගේ බසයේ යායුතු මඟීන් ඊට කලින් බසයේ ගොසිනි. රියදුරෙකු හට මෙය තේරුම් ගැනීමට තරම් බුද්ධියක් නොතිබීම පිළිබඳ පුදුම වියයුතු නොවන්නේ රජයේ බලධාරීන්ද මේවා පිළිබඳ සැලකිල්ලක් නොදක්වන බව තේරුම් ගැනීමෙන්ය.
කාලසටහන් සම්බන්ධ අනෙක් වැදගත් කාර්යය, යම් අවස්ථාවක ගමන් වාරයක් අවලංගු වුවහොත් ඒ සඳහා බසයක් යෙදවීමයි. සිදු නොවන්නේද එයයි. උදාහරණයක් ලෙස පැය භාගයකට වරක් බස් ධාවනය වන මාර්ගයක යම් අවස්ථාවක බසයක් නොමැති වූවිට ඒ සඳහා බස්රථ යෙදීම නිසි පරිදි සිදු නොවේ. මෙහි අනිවාර්ය ප්‍රතිපලය පැයක ප්‍රමාදයෙන් ගමන් ආරම්භ කරන ඊලඟ බස් රථයට ගමන් වාර දෙකක මඟීන් ගෙනයාමට සිදුවීමයි.
ආචාරධර්ම
පෞද්ගලික ප්‍රවාහන සේවාව සඳහා නීති මෙන්ම ආචාරධර්ම පද්ධතියක්ද අවශ්‍යය. ගැමුණු විජේරත්නලා කොතරම් කෑගැසුවද උසස් යයි කිවහැකි මට්ටමේ සේවාවාක් සැපයීමට පෞද්ගලික අංශය අසමත්ය. කිසිදු පුහුණුවක් නොලැබූ රියදුරන් හා කොන්දොස්තරවරුන් මගී ප්‍රවාහනය සඳහා යොදාගැනීම ගැටළු රාශියක් ඇති කරයි. උදාහරණයක් ලෙස ගැබිණි කාන්තාවක් සඳහා බසය නතර කල යුත්තේ ඉදිරි දොරටුවෙන් ඇතුළු වීමට හැකි වන පරිද්දෙනි. නමුත් මෙය රීතියක් ලෙස සිදු කරන රියදුරන් සිටීදැයි නොදනී.
පසුගිය සිංහල අවුරුදු සමයේ කොළඹ කතරගම මාර්ගයේ බස්රථ සඳහා වෙනදා මෙන් මගීන් නොසිටි බැව් වාර්තා විය. හේතුව අධිවේගී මාර්ගයේ බස් ධාවනය වැඩිකර තිබීමය. සුවපහසුව සහ ගෞරවනීය බස් සේවාවක ඇති වැදගත්කම වටහාගැනීමට බස් හිමියන්ට සහ රජයට අවශ්‍යතාවයක් ඇත්නම් එවන් අවස්ථා අධ්‍යයනය කරනු වටී. එහෙත් එය කවදා සිදුවේදැයි දන්නේ දෙවියන් පමණි
Tuesday, May 13, 2014
බස් ගැන කතා බස් (Bus, WTF!)
Subscribe to:
Post Comments (Atom)
අන්තිමට ලියලා තියෙන ආචාරධර්මවල අවශ්‍යතාවය මේ හැමදේකටම වඩා වැදගත් නේද. බස් එක හිමින් ගියත්, කාල සටහනකට නොගියත් පැය ගනන් මග නවත්තගෙන හිටියත් ඒ ඔක්කොම ඉවස ගෙන ඉන්න පුළුවන්. ඒත් ඇතැම් කොන්දොස්තරවරැ සහ රියදුරන් හැසිරෙන ආකාරය පිළිගන්නම බැහැ. පළවෙනි දේ මේ අය දැනගෙන ඉන්න ඕන පිරිසිඳව ඇඳුමක් පැළඳුමක් ඇඳගෙන ඉන්න. සමහර කොන්දොස්තරලා ඉන්නවා බුලත් විට හපාගෙන රැවුල වවාගෙන. දෙවෙනි දේ මගීන්ට කාරැණිකව කතා කරන්නත් වැදගත් විදියට සලකන්නත් එයාලා පුරැදු වෙන්න ඕන.සමහර මගීනුත් කොන්දොස්තරවරැයි රියදුරැ මහත්තුරැයි එක්කක එල්ලෙන්නමයි බලන්නේ.මගීන් එයාලාගේ රථයෙන් යන නිසා තමයි එයාලා කාලා ඇඳලා ජීවත් වෙන්නේ, එයාලා එහෙම කාලා ඇඳලා ජීවත් වෙලා ඊළග දවසෙත් බස් එක පාරට දාන නිසා තමයි මිනිස්සුන්ට ගමනක් බිමනක් යන්න පුළුවන් වෙන්නේ. දෙගොල්ලොම ඕක තේරැම් ගත්තොත් හොඳයි.
ReplyDeleteඕක සමාජයේ තියන පොදු අවුලක්. ඔය කස්ටමර්ට සැලකීම කියනදේ වෙනම උගන්වන්න වෙනව සෑහෙන්න ක්ෂේත්‍ර ගනනාවකට.
Deleteදිලිනි රාවයේ මාද්‍යවේදිනියක් නේද?.බස් කොන්දොස්තර අපිරිසිදු ඇඳුමක් අඳින්නේ ඇයි කියලා ටිකක් ගැඹුරින් හිතනවා නම් නේද හොඳ.දවස පුරාම දුවිලි කළු දුම සිරුරේ ගැටෙන විට ඇඳුම් අපිරිසිදු වෙන එක පුදුමයක්ද. චේ ගුවේරාට,ෆිදෙල් ක්‍රස්තෝට,වගේම වික්ටර් අයිවන්ට එයාගේ එළු රැවුල හොඳ නම් කොන්දොස්තරට නරක ඇයි?
Deleteඇනෝ,
Deleteඋදේ පාන්දරත් අපිරිසිදු ඇඳුම ඇඳගෙන එන කොන්දොස්තරල දැකල නැද්ද? මෙතන තියෙන්නෙ පාරෙ ඉඳීමම නෙවේ. ඔවුන්ගේ අධ්‍යාපනික පසුබිම රැකියාවට ලැබෙන පිලිගැනීම වගේ කාරණාත් එක්ක බැඳිච්ච දේවල් මේව. එකපාර වෙනස් කරන්න ලේසි නෑ.
අපිරිසිඳුව ඉන්න බොහොමයක් බස් සේවකයින් මත්ද්‍රව්‍යවලට හුරුවුනු අය බව මම දන්නවා. ඒ ගැන කිවයුතුදේ බොහොමයි.
Deleteරාජ් බස් වල කරක් ගහන එකෙක් විදියට මටත් ඔය අදහස තියෙනවා. උඹ කියන ටික හරියට හරි. මුන් කරනන ඕන දේ පැත්තක තියල වැඩකට නැති දේ කරන යක්කු. අපේ හැම දෙයක්ම එහෙම නේ බං.. මමත් හිතන්නේ වඩාත් වටින්නේ ආචාර්ධර්ම පද්ධතියක් ඇති කිරීමයි. අර පරණ හුචක්කු ආචාර ධර්ම වලින් වැඩක් නැහැ.
ReplyDeleteඇත්තටම අධිවේගි බස් වල කිසි කරදරයක් නැහැනේ. ටිකට් එක දුන්නත් නැතත් පිළිවෙලකට වැඩේ කෙරෙනවා. කාටවත් අපහසුවක් කරදරයක් නැහැ. අන්න ඒ විදියට හොදයි. හැබැයි එකක් බං ඔය වයිකිං බස් වල යන්නෙත් එක එක ජාතියේ මිනිස්සු නිසා තමන්ට ගැලපෙන මොහොතවල් ආපු ගමන් තනිකර පිස්සු කෙලින්නේ..
එකනම් ඇත්ත.ඩ්‍රයිවර්ලයි කොන්දන්ට විතරක් නෙමැයි,බස් මගීයෝ විදිහට අපිටත් ආචාරධර්ම පද්ධතියක් තියෙන්න ඕනේ....
Delete//තමන්ට ගැලපෙන මොහොතවල් ආපු ගමන් තනිකර පිස්සු කෙලින්නේ..//
Deleteඒක හරි. නමුත් සේවා සපයන්නා වගකීමෙන් කටයුතු කරන්න ඕන.
හලෝ රාජ්, කොහොමද වෙසක් කුඩුව හදලා ඉවරද?
ReplyDeleteමට නම් බස්වල යන අයව පෙන්නන්නම බැහැ. ඒගොල්ලන්ගේ ළඟ ගඳ ගහනවා. බස් ටිකෙට්ස් වලට යන වියදම එකතුකරලා හරි ඇය් මේගොල්ලන්ට වාහනයක් ගන්න බැරි? ලංකාවේ බස් සේවය නවත්තනකම් ලංකාව හැදන්නම නැහැ
හැම එකාටම ඩියුටි ෆ්‍රී කාර් පර්මිට් එකක් දෙමු නේද මගෙ සුදු ඇනෝ පැටිය උම් ම් ම් මහ්.
Deleteමහැඳුරාගේ කවුරු හරි වත් ද මේ?
Deleteමෙච්චර බයිල ගහන රටේ, බාල් නටන රටේ, විහිළු කරන රටේ, පිස්සු කෙලින රටේ, එක අතකට අපි කොහොමද මේ වගේ ප්‍රමිතීන් බලාපොරොත්තුවෙන්නෙ. මේවා විනයානුකූල රටක ප්‍රවාහන පද්දතිය තුල හමුවෙන සාර්ධර්මයන්. ගුණාත්මකභාවයන්. දියුණු රටවල(ජපානය වැනි ) රටවල දකින්න ලැබෙන මේ දියුණු ගුණාත්මක ලක්ෂන අපේ රට වගේ පිස්සු පීකුදු දිවයිනක මේ අහලකවත් බලාපොරොත්තුවෙන එකේ කිසිම තේරුමක් නෑ. හැම දෙයක්ම මුලක ඉඳල අගට වෙනස වෙන්නෝනි. මුලු සමාජ ක්‍රමයම උඩු යටිකුරු වෙන්නෝනි. එහෙම නැතිව මේ විනය හදන්න බෑ.
ReplyDeleteඇත්ත. මේ තියන අනවශ්‍ය නීති වෙනුවට ටිකක් වැදගත් නීති පද්ධතියක් එනව නං ටිකක් හරි හොඳ වෙයි නෙව.
Deleteටිකට් එක කියන්නේ නිකන්ම ඒ ගොල්ලන්ගේ දෙයක් රජය මොකටද සීනි කිරන්න යන්නේ කියලා අහක දාන්න බෑ.. ටිකට් නොදෙන නිසා මගියට අවාසි දෙකක් වෙනවා.
ReplyDelete1. ගමනට අදාල මුදල වෙනුවට හිතූ හිතු ගනන් ගන්න පුළුවන් වෙනවා. ඒ සම්බන්දයෙන් ක්‍රියා කරන්න අවැසි කෙනෙකුට ටිකට් එකක් තිබීම වැදගත් වෙන්න පුළුවන්.
2. අනිත් එක අනතුරක් වුනොත් වන්දි මුදලක්වත් ලබා ගන්න මම මේ බස් රථයේ ගමන් කළා කියලා ඔප්පු කරන්නේ කොහොමද ?
ටිකට් දීම මට තේරෙණ විදිහටනම් අනිවාර්ය කරලා තදින් බලන්න ඕනා දෙයක්..
බස් වල තත්ත්වය සහ සේවකයන්ගේ හැසිරීම අන්තිම සවුත්තුයි. පුද්ගලික බසයකට නගිනවනම් ආත්ම ගරුත්වය බල්ලට දාලා පිට ගැස්ම එන්නත් දෙක තුනක් විදගෙන නගින්න ඕනා.. බස් සේවකයන්ගේ හැසිරීම අපිට ගැමුණුගෙ හැසිරීමෙන්ම මැන ගන්න පුළුවන්නෙ.. ආයෙ වෙන මොනවද ?
දැනට තියෙන්නෙ පුද්ගලික බස් සේවයක් නෙමේ මාෆියාවක්..
"අපේ බස් එකට නැග්ගොත් තොපි අපිට ඕනා විදිහට යන්න ඕනා. අනන් මනන් කතා බෑ එහෙමනම් බැහැලා පයින් යන්න පුළුවන්.. " ඕක තමා වර්තමාන පුද්ගලික බස් සේවයේ ( මාෆියාවේ ) ස්ලෝගන් එක..
හැබැයි, ඩී එස් ගුණසේකරගේ බස් කම්පැනියෙ සැලකිය යුතු වෙනසක් තියනවා. අනිත් උන්ට ඒවා ආදර්ශෙට ගන්න පුළුවන්නම් ලංකාවෙ මගීන්ට වැදගත් විදිහට, කඩිනමින් ගමනක් යන්න ලැබෙන දිනය වැඩි ඈතක නෑ..
1. ටිකට් එකේ ගාන සම්බන්ධයෙන් ඔය අවුල ටිකට් දුන්නත් තියනව. ඕක වෙන්නෙ මෙහෙමයි. ඔන්න A,B ස්ථාන දෙක අතර මුදල 20යි නම් අපේ කෙනෙක් නඟිනව A වලට චුට්ටක් මෙහා ඉඳල. කොන්ද ටිකට් දෙන්නෙ 20ට. අන්න අවුල හැදෙනව. අනෙක බස් එකේ අර චාර්ට් එකක් ප්‍රදර්හනය කලා නං අවුල හැදෙන්නෙ නෑ.
Delete2.අනතුරු සීන් එක නං මටත් මතක් උනා. නමුත් ඒකටත් ටිකට් ඕන කියල මම කියන්නෙ නෑ. අනතුරක් උනා නම් එයා ඉස්පිරිතාලෙකට දාල ප්‍රතිකාර කරනව නෙව. ඒක එච්චර සංකීර්ණ කරගන්න තරම් දෙයක් නෙවේ.
ඒ වගේම ඉලෙක්ට්‍රොනික් කාඩ් එකක් පාවිච්චියත් හොඳ දෙයක්. මාරු සල්ලි අවුල වෙන්නෙත් නෑ. උඹ කියන දේටත් යොදා ගන්න පුළුවන්. මම හිතන විදියට දැනට කොළඹ ක්‍රියාත්මකයි
ඔව් කාර්ඩ් ක්‍රමේ ඕකට හොඳ විසඳුමක්.. අතේ සතයක් නැතිව කාර්ඩ් එක විතරක් තියාගෙන බස් එකට නැග්ගම, මහත්තයා මේ කාර්ඩ් මැෂින් වැඩ නෑ සල්ලි දෙන්න කිව්වොත් තමා කේස් එක..
Deleteතව මට කියන්න අමතක වුන දෙයක් තමා මුන් නොමිළේ සපයන රෙකෝර්ඩ් බාර් සේවාව.. දෙවියනේ කන් පැලෙනවා.. ඒවත් අහන් ඉන්න පුළුවන් සින්දු නෙමේ.. හයයි අටේ දඩි බිඩි ටකරන් මියුසික්.. ඕවට නීති නැද්ද නැත්නම් ඒවත් අනිත් නීති වගේමද මන්දා...!
ප්‍රතිකාර කරනවා, උඹ දැකලා තියෙනවාද කතරගම කොළඹ දිව්ව සිගරි කියන සෙමි ලක්ෂරිය බෙන්තරදි හැපුනු හැපිල්ල. ඔය කයන කථා හොඳයි 103 බස්වලට
Deleteකාඩ් ක්‍රමයක් එනව නං හොඳයි. අතේ සල්ලි නැතුව නං ඉතිං බෑ.
Deleteඇනෝ
මම දන්න අනතුරු ගනනාවකදි නං එච්චර අවුලක් උනේ නෑ. වැඩේ නිසි පරිදි සිදුවුනා
ඕක වැදගත් වෙන්නෙ අතක් පයක් කැඩිච්ච වෙලාවක තමා
Deleteමෝඩ තර්ක
ඇතැම් බස්රථවල ඇති ආසන පළලින් ඉතා අඩුය.////
ReplyDeleteමේ ගැන නම් කියලා වැඩක් නෑ දුර ගමන්ක් යන්න වුනාම එපා වෙනවා,මෙවාගේ යන්නෙ අපි වගේ උන් නිසා වෙන්න ඇති උඩ ඉන්න ඇයොන්ට වැඩිය ගානක් නැත්තෙ,
දුර ගමන් බස්වල මේ අවුල තියනව.
Deleteබස් එකට මුදල් ගෙවා ඇතුල් වෙනවා කියන්නෙ දෙපාර්ශවයක් අතර නයිතික ගනුදෙනුවක්, එහෙම නැතිනම් ලීගල් බොන්ඩ් එකක්. එතැනදි ටිකට්පත තමයි ප්‍රධානම සාක්ෂිය එය නඩු භාන්ඩයක් විදියටහ් පාවිච්චියට ගැනෙනෙවා අව්ශ්ය උනොත්. එමනිසා පැහැදිලව ගමනාන්තය සහ ගාස්තුව සඳහන්ව ටිකට් පතක් නිකුත් කිරීම බස් හිමියාගෙ වගකීම වගේම ටිකට් පතක් ඉල්ලීමට මගියාට අයිතියක් ඇත.
ReplyDeleteරජයේ සේවකයෙක් වන රාජ්ට මේ වගේ මූලික නීතිමය දෙයක්වත් නොතේරෙන එක ගැන කණගාටුයි
ඇනොගේ උඩ අදහස නම් හරියටම හරි, එත් එක එක්කෙනාට වෙනස් වූ මත දරන්න පුළුවන් නේද? ඒ මතය අනිත් ඇය ඉදිරියේ පවසන්න පුළුවන් නේද? මුඋලික නිඉතිමය දෙයක් උනත් එය සම්බන්ධව වෙනස් මතයක් දැරීමේ වරදක් මා නම් දකින්නේ නෑ.
Deleteනිල ඇඳුමක් තිබිමත් අතයාවශ්‍යයි.මෙකද බස් එකකට ඉන්න ප්‍රළුවන් නීතියේ හැටියට එක කොන්දොස්තර කෙනෙක් පමණයි. කොන්දොස්තර නොවන කෙනෙක් පුට් බොඩ් ඉඳන් මට කිවනවා උඩට යන්නළු. මම කිව්වා මට කියන්න කළින් තමුන් උඩට යනවා කියලා.
Deleteනෛතික කාරණාව නොතේරෙනව නෙවේ ඇනෝ. ඔතන තියෙන්නෙ මෙහෙම කේස් එකක්. "නීතියක්" සාමාන්‍යයෙන් හැම පැත්තක්ම ආවරණය වෙන්න හැදුවට ප්‍රායෝගික පැත්ත ඊට වෙනස්. අපි කරන්න ඕන ප්‍රායෝගිකව කලහැකි දේවල් අධ්‍යයනය කරල. උදාහරණයක් විදියට හැමෝටම ටිකට් පත් නිකුත් කලොත්, ලංකාවේ දවසකට නිකුත් වන ටිකට් ප්‍රමාණය කොපමණද, එයින් නීතිමය කරුණු සඳහා ඉදිරිපත් වන ටිකට් පතු ප්‍රමාණය කීයද වගේ අවබෝධයකට එන්න ඕන. උදාහරණයක් විදියට ලක්ෂ විස්සක් ටිකට් නිකුත් කරන විට අරවගේ අවුලක් එන්නෙ ටිකට් එකක නම් එකක් වෙනුවෙන් ලක්ෂ විස්සක ටිකට් නිකුත් කිරීමක් මම නං අනුමත කරන්නෙ නෑ. ඊට වෙනත් වැඩපිලිවෙලක් තියෙන්න ඕන.
Deleteඅද ලෝකයෙ හැමතැනම තියෙනෙ e-Card ක්‍රමයෙදිනම් ඔය කියන කඩදාසි කොල ලක්ෂ ගානක් ඉතිරියි තමයි. ඒතනත් නයිතිකව කාඩ් එකේ සටහන් වෙනවා.
Deleteඒත් ඉතින් අපේ රටේ අපි ඔය කාඩ් ක්‍රමය ගැන කතාව පටන් අරන් අවුරුදු 10කටත් වැඩියි නොවැ.
ඊ කාඩ් බස්නාහිර නැද්ද? මට මතකයි ඡන්දෙ දවස්වල උපාලි කොඩිකාර ලොක්ක එහෙම කතාවක් කිව්ව කියල
Deleteජපානයෙ 100%ක්ම බස්. one man bus . e-card සහ කෑෂ් කැමති විදියට ගෙවන්නත් පුලුවනි.
Deleteඉතිරි සල්ලිත් මැෂින් එකෙන් හරියටම ලැබෙනවා.
වෙලාවට නැවතුම් පලට පැමිණීම..........
Deleteමන් නම් කියන්නේ ටිකට් එකක් ඕන, නැත්තන් මේ යන විදියට මුන් අපිව මගින්ම තමා බස්සන්නේ, අනික රජයේ පැත්තෙන් ගත්තම හධිසි අනතුරකදී ඔය ටිකට් පත වන්ධි මුදලක් හෝ රක්ෂණ මුදලක් ලබා ගැනීමට ඔය ටිකට් පත සෑහෙන්න වැදගත් වෙනවා (හරිද දැන් නෑ) මොකද හොරාට යන අපතයොත් ඉන්න නිසා, මොකද මගේ පිලිගැනීමනම් මන් සේවයක් ලබා ගන්නවා නම් එයට සරිලන ප්‍රමාණයක් මන් ගෙවිය යුතුයි, එත් දැන් නං මටත් හොරා යන්න හිතිලා තියෙන්නේ (හැක හැක), අනික ගනුදෙනුවකදී වටින්නේ විස්වාශය තමයි, එක නැත්තන් එතින් එතන යහපත් ගනුදෙනුවක් නෑ, සාමාන්‍යයෙන් ධියුනු රටවල බස් සේවයේ කොන්දොස්තර කෙනෙක් නෑනේද, යන මිනිස්සු එතකොට හොරාද යන්නේ, ඕවට තියෙන එකම විසඳුම ස්වයං විනයක් මුළු සමාජය තුලම ගොඩ නැගිය යුතුයි , එත් එක මේ කපේදී වෙන දෙයක් නෙවේනේ.
ReplyDeleteටිකට් එක ඕන ම යි කියනව නං අවුලක් නෑ. මාත් එකඟ වෙන්නං. නමුත් මම මතුකරපු ගැටළු වලට උත්තරත් ඕන.
Deleteදියුණු රටවල කොන්දොස්තර කෙනෙක් නෑ කියල මාත් අහල තියනව.
බස්වල කොන්දොස්තරලාට සහ රියදුරුවරුන්ට නිල ඇඳුමක් ලබා දීම වැදගත් වෙන්නේ නැත්නම් වෙනත් අය බස් රථ වල රියදුරු හෝ කොන්දොස්තර ලෙස පෙනී සිටිමින් වංචා කරන්න පුළුවන් හින්දා.එක පැත්තකින් සේවාව සපයන්නන් ගුණාත්මකව වර්ධනය වෙනවා වගේම මගීනුත් බස් වල යන්න හරි හැටි දැන ගැනීම වැදගත්.
ReplyDeleteඔන්න මම පිටකොටුවෙ ඉඳල ගෙදර එන්න කතරගම බස් එකකට නැග්ග දවසක්. ඒ වෙනකොට හෙන කලබලයක්. කුඩ්ඩෙක් ඇවිල්ල ටිකට් කඩල. පොලිසියත් ආව. අන්තිම තීන්දුව උනේ (පොලිසියෙ) රියදුරා සහ කොන්දොස්තර බසය ගැන තියන සෙවිල්ල මදි නිසා කුඩ්ඩ ටිකට් කඩපු අයට අසාධාරණයක් නොවෙන්න එයාලට ටිකට් දෙන්න. ඒක ඒ විදියට සිදුවුනා.
Delete//පෞද්ගලික ප්‍රවාහන සේවාව සඳහා නීති මෙන්ම ආචාරධර්ම පද්ධතියක්ද අවශ්‍යය.//
ReplyDeleteඋඩ කොමේට්ස් වල කියන විදිහට නිතීමය රාමුව තුල බසයේ ගමන් කල බව ඔප්පු කරන්න ටිකට්පතට නැතිව බැරි නම්, නීති පද්ධතියත් යවත්කාලීන වෙන්ඩ ඕනේ....
එහෙමයි.
Deleteමටත් හිතෙන විදියට ටිකට් එකක් නිකුත් කරන එක වැදගත් දෙයක් මගියගෙ පැත්තෙන්. සමහර බස්වල අවසන් තමන්වාරෙදි ගමනාන්තයට යන්න මිනිස්සු නැති උනාම ඉන්න කීපදෙනා මගින් බස්සන වෙලාවල් තියෙනව. ඒ වගේ වෙලාවකදි ගමනාන්තය සඳහන් ටිකට් එකක් තියෙනවනං මගියට ඒ සම්බන්ධව මොනව හරි ක්‍රියා මාර්ගයක් ගන්න පුලුවං. ගොඩ දෙනෙක් ඔය සම්බන්ධ නීති කටයුතු වලට යන්නැත්තෙ ලංකාවෙ තියෙන අධිකරණ ක්‍රියාමාර්ග වල තියෙන අකාර්යක්ෂම භාවය සහ කල් ඇදීම නිසා.
ReplyDeleteඔය සීන් එක මම යන බස් එකෙත් තියනවලු.(මගේ ගමනාන්තයට ටිකක් එහා). ටිකට් නැතත් පැමිණිලි කරන්න පුළුවන් කේස් එකක් ඕක.
Delete// යම් තැනැත්තෙක් පෞද්ගලික බසයකට නැඟ අවශ්‍ය ස්ථානයට ගමන් කිරීම යනු හුදෙක් බස් රථයේ පාර්ශවය සහ මඟියා අතර පමණක් පවතින ගණුදෙනුවකි. එහිදී ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නේද නැද්ද යන්න එතරම් අදාල නොවේ. //
ReplyDeleteමේ කතාවට ෆන්ඩමෙන්ටලි විරුද්දයි. රෙගියුලේෂන් කියන ඒව තියෙන්නෙ බොහෝවිට මෙහෙම ගනු දෙනු වලට තමා. ඒව තියෙන්නෙ මිනිස්සුන්ට ඉන්ඩිවිජුවලි රන්ඩු වෙන්න තියන ඕන කම නැති කරන්න සහ මිනිස්සුන්ගෙ නොසැලකිලි කම් වලින් උන්ටම කරදර වෙන එක නවත්තන්න. රාජ් ගෙ මේ "ද්විපාර්ශ්වික ගනු දෙනු" තර්කෙ ගත්තොත් එහෙම නම්, සීට් බෙල්ට්, මිල පාලනේ, හොර වෙද්දු වගේ මොකටවත් නීති ඕන නැහැ නෙ.
ටිකට් එකෙන් ලොකුම වැඩක් නැතත් උඩිනුත් කියල තියනව වගේ වැඩක් නැත්තෙත් නෑ. මම කියන්නෙ ටිකට් ඕන නැහැ කියල තියන දේකුත් නැති කරගන්න ඕන නෑ. ගෙවපු දේකට රිසිට් එකක් ගන්න එක මිනිහෙක් ගෙ අයිතියක්. නිල ඇඳුම් එකත් එහෙමයි. ඒව අනවශ්‍ය උනත් හරි පැත්තට ආපු නීති, ඒව වැඩක් නෑ කියල වඳුරන්ට ඉනිමං බඳින්න ඕන නෑ. වෙන වැඩ තියෙද්දි ආණ්ඩුවෙන් ටිකට් ගැන විතරක් හොයන එක වැරදි තමයි.
මොකවත් කරන්න බැරි "ජනතාව" කියන කාලකන්නි නිසා. ඉස්සර මට මතකයි ඒසී බස් එකක මගදි ඒසී නැති වෙලා මිනිහෙක් කෑ ගැහුවොත් "යන්න බැරි නම් ටිකට් එකේ සල්ලි දෙන්නම් බහින්න" කියන බස් සෑහෙන්න තිබුනා. තවත් කෑ ගැහුවොත් ඩ්‍රයිවර් කියන්න ඕන "එහෙනම් බස් එක හරවන්නම්" කියල විතරයි, බස් එකේ අනික් මගී ජනතාව ඔක්කොම පටන් ගන්නව "මේ අපිට පරක්කු වෙනවා ඔහොම යං, මෙයාල නිකන් ගෙදරත් ඒසී පිට ඉන්නව වගෙ නෙ" කියලා. අපේ මිනිස්සු නිවට කමට ඉන්න එකෙන් තමයි ඔක්කොම උන් ඔලුවට අත හෝදන්නෙ.
මට මතකයි අර අවුරුදු කීපෙකට කලින් රේස් ගිහින් කුඩු වුනු බස් එකක් ගැන නිවුස් වල ගියා ඒක මාර ජනප්‍රිය බස් එකක්, පොරවල් සෙට් වෙලා ඉඳල ඒකටම නගින්නෙ ඉක්මනට යන නිසා කියල.
බොහොම ස්තුතියි අදහසට
DeleteAno මචන්, ඔය ඒ සී බස් කාරයො මුලින් මට මතක විදියට අනූවෙ විතර පටන් ගත්ත කාලෙ නියමෙට තිබ්බ. පස්සෙ පස්සෙ ඔය කිව්ව වගේ නඩත්තුවෙ අවුල් නිස ඒ සී නෑ, ඉස්සර කරනකොට ඒසී ඕෆ් එකරන්ව වගේ වැඩ නිසා ටිකෙන් ටික මිනිස්සුම ඒ සී බස් වල යන එක අතෑරල දැම්ම. ඉස්සර මොරටුව කොළඹ හිටන් ඒ සී බස් කීපයක් දිව්ව. දැන් එකක්වත් නෑ. මොකද දෙන ගානට වැඩේ පාඩු නිසා.
Deleteඒතනදි විකල්පයක් තිබ්බ ඒ සී නැතුව නිකන් බස් වල යනව කියල. ඒත් නිකන් බස් වලට විකල්පයක් නැති තැනදි මිනිස්සු නැගී හිටියෙ නැත්තන් බස් කාරයො දිගටම අරිනව. ඒට් ඉතින් කොන්ද බිඳිච්චි, බොරුවට නිදා ඉන්න ජාතියක් කොහෙ නැගිට්ටවන්නද!
හොඳ ප්‍රවේශයක්. අදහස් කිහිපයක් දක්වමි.
ReplyDelete1. ටිකට් පත: ටිකට් පතක් නිකුත් කිරීමේ අප නොසිතන වැදගත්කමක් තිබේ. සමහර කාරණා ඉහත සාකච්ඡා වී ඇති හෙයින් නැවත සඳහන් නොකරමි. නමුත් ටිකට්පතක් නිකුත් කිරීමේ ප්‍රධාන කාරණාව ඒ සියල්ලන්ටම මඟ හැරී තිබේ. ටිකට් පතක් යනු නෛතික ගනුදෙනුවක සාක්ෂියකි. පෞද්ගලික බස් රථ වල ටිකට් නිකුත් කිරීමට කොන්දොස්තරලා ඔය තරම් පැකිළෙන්නේ ඇයි? එවිට බස් හිමියාට නියම ආදායම දැන ගැනීමට නොහැකි වේ. එසේ වීම මාටියා ගැසීමට හොඳ ඉඩකි. බස් හිමියාට ලැබිය යුතු ආදායම නොලැබීමෙන් වන්නේ කුමක්ද? ඔහු ගාස්තු වැඩි කිරීමේ විකල්පයකට යාමය. එනිසා මේ මාටියා ගැසීමෙන් අවසාන පාඩුව මඟියාටය. බස් රථයන්හි නිකුත් කරන ටිකට් වටිනාකම කොතැනක හෝ සටහන් වන්නේ නම් බස් හිමියන්ට මීට වඩා ලාභයක්ද මඟීන්ට මීට වඩා හොඳ සේවාවක්ද අත්වනු ඇත්තේය.
අරමුණ ඒක තමයි. නමුත් මම ප්‍රශ්න කරන්නෙ ඔය චෙක් කිරීම කරගන්න ඕන බස් හිමිය තමයි. තවත් උදාහරණයක් දෙන්නං කඩයක් කරන මනුස්සයෙක් තමුන්ගෙ ගෝලයන්ගෙ මාටිය ගැහැලි බලාගන්න ඕන. ඒකටත් ආණ්ඩුවෙන් දාන්න ඕන ඔය කියන විදියට.
Deleteඅර නෛතික තත්වය ගැන උඩින් උත්තර දීල තියනව.
ඒක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්. බස් හිමියා කියන්නෙ මේ කාරණාවෙදි අසරණයෙක්. ඒ එක්කම අමතක කරන්න එපා බස් හිමියන් වැඩ කරන්නෙ ඉතාම විශාල පීඩනයක් මත. මාසෙකට සැරයක් ෆිනෑන්ස් ගෙවන එක ලේසි නැහැ. මොකක් හරි ලොකු රෙපයාර් එකක් ආවොත් අනිවාර්යයෙන්ම බස් හිමියා වැටෙනවා. අපට හොඳ සේවාවක් අවශ්‍ය නම් බස් හිමියාට මේ ඇති පීඩනය යම් පමණෙකින් හෝ අඩු විය යුතුයි.
Deleteකඩයක් කරන මනුස්සයකුට පවා මාටියා ගැහීම පාලනය කරන්න අමාරුයි. කඩ කාරයො අපිව හූරගෙන කනව කියල අපට හිතෙන්නෙත්, සමහරවිට සේවාව අකාර්යක්ෂ්ම වෙන්නෙත් මේ නිසා.
Delete2. ඩ්‍රැයිවර්ලා හා කොන්දොස්තරලා: අද පෞද්ගලික බස් ක්ෂේත්‍රයේ ඇති බොහෝ ගැටළු ඇති වී තිබෙන්නේ ඩ්‍රැයිවර්ලාට හා කොන්දොස්තරලාට කරන වැරදි වලට නිසි දඬුවම් නොලැබීම නිසාය. ඩ්‍රැයිවර් මාර්ග නීතියක් කැඩුවොත් දඩ ගසා පලක් නොමැත. එවිට දඬුවම් විඳින්නේ බස් හිමියාය. කළ යුත්තේ ලයිසන් එක යම් නිශ්චිත කාලයකට අවලංගු කිරීමයි. (වරද අනුව සතියක්, සති කිහිපයක්, මාසයක්, මාස කිහිපයක් විය හැක.) කොන්දොස්තරලාටද නිශ්චිත පුහුණුවක් අවසානයේ පමණක් රැකියා ලබා දිය යුතු අතර ඔවුන්ගේ වරද වලට එම ලයිසන් එක තහනම් කළ හැකිය. එවිට ඔය කොට කොටා යෑම, මඟීන්ට ආචාරශීලී නොවීම යනාදී බොහෝ ගැටළු ඉබේම විසඳෙනු ඇත්තේය. කොටින්ම ඩ්‍රැයිවර් හා කොන්දොස්තර කරන වැරදි වලට බස් හිමියාට අලාභයක් නොවන සේ නීති වෙනස් විය යුතුය. එවිට බස් හිමියාද මඟියාගේ පැත්තට ගත හැක. අද බස් හිමියා හා මඟියා ඉන්නේ දෙපැත්තකය.
ReplyDeleteබොහොම හොඳ තැනකට ආව. සමහර බස් තියනව නේද දවසෙ ගානට බදුදීම වගේ කරන? අපි හිතමු දවසකට රුපියල් විසි දාහක් දෙන්න ඕන බස් හිමියට. වැඩිපුර හම්බකරන ටික කොන්දොස්තරට.
Deleteමේ වගේ තාවකාලික ගනුදෙනු නිසා පීඩනය මඟියාට. මොකද කොන්දොස්තර මොන මගඩියක් හරි දාලා ගාණක් හොයා ගන්න ඕනැ. ඉතින් පොල් පටවනවා. කොට කොටා යනවා. මාර්ග නීති කඩනවා. රේස් පදිනවා. විය යුත්තේ ආදායම නියමිතව සටහන් වීම හා ආදායම මොනවා වුණත් (රුපියල් දාහක් වුණත් තිස් දාහක් වුණත්) ඒක බස් හිමියාට යෑම. කොන්දොස්තර මුදලාලි කෙනෙක් විය යුතු නෑ. කොන්දොස්තරට හිමිවිය යුතු නිශ්චිත මාසික වැටුපක්. මේ වගේ සේවාවකදි කොන්දොස්තරලට ඉන්සෙන්ටිව්ස් දීම අන්තිම භයානකයි.
Deleteපොඩ්ඩක් හිතන්න මේ වගේ කෝච්චිත් ඩ්‍රැයිවර්ටයි ගාඩ් ටයි දුවන්න බාර දුන්නොත් මොකද වෙන්නේ කියලා. ("හා, අද සමුද්‍ර දේවි උඹලගෙ. කොළඹ ඉඳන් ගාල්ලට දුවලා අන්තිමට රුපියල් ලක්ෂයක් රිටර්න් කරන්න ඕනැ. වැඩියෙන් හම්බවෙන ඔක්කෝම උඹලට")
Deleteකොහොම වුනත් පුද්ගලික ප්‍රවාහනසේවා වල හරි ගුණත්මකභවයක් නැති නිසානේ බස් සේවය ගුණත්මක කිරීමේ පරම,පිවිතුරු චේතනාවෙන් "පුද්ගලික ප්‍රවාහන"අමත්‍යන්ශයක් හදලා එක අර සි.බි කාරයට බාර දීලා තියේන්නේ.
ReplyDeleteටිකට් පතක් අවශ්‍යයි කියලා මාත් හිතනවා. ඔබ විශ්වාස කරනවද එක් වරක් මුදල් දුන් පසු තවත් වරක් මුදල් ඉල්ලන කොන්දොස්තරවරුත් ඉන්න බව. අමතක වීම හෝ චංචාමය අරමුණක් මත එසේ ඉල්ලිය හැකියි. අපි මුදල් ලබා දුන් බව පැවසුවත් ඇතම් මඟීන් අපි දිහා බලන්නෙ හොරෙකු දෙස බලන බැල්මෙන්. පෞද්ගලිකව මා පවා එවන් අවස්ථාවන්ට මුහුණ දීලා තියෙනවා.
ReplyDeleteඑසේම කොන්දොස්තර අප මුදල් ලබා දුන් නැති බවම පවසා සිටියොත් අපි ඔප්පු කර ගන්නේ කෙසේද අපි මුදල් ලබා දුන් බව.
නෛතික කරුණු හා විශේෂෙන්ම ඔවැනි ප්‍රායෝගික ගැටළු නිසා මම කැමතියි ටිකට් පතක් නිකුත් කරනවා නම්.
එසේම ප්‍රයෝගිකව බොහෝ අවස්ථා වල එය ක්‍රියාත්මක නොවන බව අප (මඟීන්) ත්, බස් රථ හිමියාත්, ඔය චෙකර්ලත් නොදන්නවා නොවේ. නමුත් එය දැන දැනම ටිකට් පතක් නිකුත් නොකර අසාධාරණයට ලක් කරන මඟියාව චෙකර්ලා තවත් අපහසු තාවයට පත් කරන්නෙ ඇයි? (කාලය නාස්ති කරමින්.)
අනෙක් ආචාරධර්ම සමඟ නම් 100ක් එකඟයි.
ඒ වගේම තවත් අවධානයට යොමු විය යුතු කරුණක් සුඛෝපභෝගි සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවා. නීති රීති තිබුනාට කිසිසේත්ම ක්‍රියාත්මක නොවෙන තැනක් තමා ඔයත්.
//එසේම කොන්දොස්තර අප මුදල් ලබා දුන් නැති බවම පවසා සිටියොත් අපි ඔප්පු කර ගන්නේ කෙසේද අපි මුදල් ලබා දුන් බව.// මෙහෙම ප්‍රශ්නයක් මටත් උනා. මම සල්ලි දුන්නට පස්සෙත් කොන්දෙක් සල්ලි ඉල්ලනවා දෙතුන් පාර හරියට මම හොරෙන් යනවා වගේ. බැරිම තැන 'ටිකට් එක දුන්නා නම් පෙන්නන්න තිබ්බා' කිව්වම කටවහගෙන හිටියා.
Deleteදැන් තියෙන ලොකුම වදේ බස් කොන්දොස්තරල ඉස්සරහින් සහ පස්සෙන් ගොඩ වී බස් එක යන අතරතුර දෙපැත්තට යමින් ටිකට් කැඩීමයි.ඉස්සරහෙන් නැග්ගම පස්සට යන්න කියලා කෑ ගගහ පස්සට ටිකට් කඩා ගෙන එනවා.පස්සෙන් ඉස්සරහට එද්දි ඉස්සරහට එන්න කියල ටිකට් කඩා ගෙන එනවා.මේ වගේ වෙලාවටනම් අර දිලිනි කියපු කාරණය වෙනවා.සමහර බස් කොන්දොස්තරල කිසිම පිරිසිදුකමක් නැහැ.ඒ කැතේ සහ ගදේ පීඩනයත් අපි විදින්න ඕනි.හිතුමතේ හැසිරෙන්න තියෙන ඉඩ-කඩ තමයි මේකට හේතුව.ගැමුණුල බස් හිමියො මිස බස් එකක යන අය නෙමෙයිනෙ.ඒ අයටත් ඉදල හිටල බස් එකක ගිහිං බලන්න තියෙන්නෙ.රජය සහ බස් හිමියන් බස් සේවකයන් කියන පාර්ශව පසෙකින් තබා මේ යාන්ත්‍රනය දුවන්නෙ බස් මගියා නිසා.ඒක හැම වෙලේම අමතක වෙනවා.මිනිස්සුත් එහෙමයි.කතා කරන එකා බෙල්ලෙන් අල්ලල එළියට දැම්මත් අනිත් අයට වගේ වගක් නැහැ.ඕකව ඉක්මණට ඇදල දාලා යමු අයියෙ අපි වගෙ එකක් තමයි කියවෙන්න ඉඩ තියෙන්නෙ.
ReplyDeleteඕක ගොඩක් අමාරු අර එක පැත්තකට ශීට් තුනක් හයි කරපු බස් රථ වල.
Delete(Bus, WTF!)
ReplyDeleteWorld Taekwondo Federation buses?
ප්‍රා එක්ක බෑ කියන්නෙ ඕකනේ! :-)
Deleteඔය බස් එකක අසාධාරණේට ලක් වෙච්චි මිනිහෙක් කෑ ගහන කොට අනෙක් මඟීන් නිශ්ශබ්දව සිටීමේ හා සමහර විට කොන්දාට සපෝට් එකට කතා කිරීමේ කැත සිරිත අපට එන්නෙ ඉස්කෝලෙන් (හා දහම් පාසලෙන් වෙන්නත් පුළුවන්) . මොකද හෝඩියෙ පන්තියෙදි "හොඳ ළමයි" වෙන්නෙ කෑ ගහන්නෙ නැති, ටීචර්ට කරදරයක් වෙන්නෙ නැති එවුන්නෙ. කෑ ගහන එකා නරක ළමයා කියල තමයි අපේ හිතට ගිහින් තියෙන්නෙ. අවිඥානකව කොන්දා තමයි දැන් අපේ ටීචර්. මේ කැත මොඩ්ල් එක අපි පිළි පදින්නෙ බස් එකේදි විතරක් නෙවෙයි. සමාජයේ හැම තැනකදීම අපි හැසිරෙන්නෙ ඒ විදිහටයි. මේවා ප්‍රාථමික අධ්‍යාපනයේ සිට නිවැරදි කළ යුතු වැරදි.
ReplyDeleteවෙල් සෙයිඩ් මචං. අපි වැරැද්ද දැක්කම කට පුක පියාන " අනේ මොකට ඉල්ලන් කනවද" කියන නිසා තමයි ඔතන ඉන්නෙ හැමදාම.
Deleteයකෝ මොනවා නැතත් ටිකට් එක ඉල්ල ගනින්. හදිසි අනතුරකදි හෝ මොනයම්ම දෙකදි උඹ ඒ බස් එකේ අහවල් තැන ඉඳලා අහවල් තැනට ගමන් කලා කියලා ඔප්පු කරන්න තියෙන එකම දේ ඒක. මට පුදුම හිතුනා උඹේ කතාව දැකලා. විශේෂයෙන් හදිසි අනතුරකදී, රක්ෂණ වන්දි ලබාගැනීමට.
ReplyDeleteමගේ අදහස නම් බස් ගමනට සම්බන්ධ දේවල් විතරක් කාලයක් තිස්සේ පැවතගෙන ආපු ක්‍රමයෙන් එක පාරට වෙනස් කරන්න බැරිය කියලයි.
ReplyDeleteඔය බස් ටිකට් දෙන කතාව දැන් දශක දෙකක් විතර පරණයි නේද?
අළුතින්ම පටන් ගන්න කොට නං නිසි පිළිවෙලකට වැඩේ කළ හැකි බව පසුගිය දා මාතර සිට මහරගම දක්වා කළ බස් ගමණකින් පැහැදිලි වුණා.
ඔය රාජ් බලාපොරොත්තු වෙන දේවල් සේරම අඩු නැතුව නියමෙට සිදුවුණා. එකම එක වරද තමයි, පැ.කි. 100 පාරේ බස් එක ආවේ පැ.කි. 90 හො ඊට අඩුවෙන් වීම.
කකා, ඔන්න කියල කතාවක්.
Deleteපැයට සීයෙ සීමාව දාල තීන්නෙ හැමෝම ඒ ගානට යන්න ඕනෙ නිසා නෙමෙයි, පවතින සම්මත තත්වයන් යටතේ වඩාත් ආරාක්ෂාකාරීව වාහනයකට ( ඔය කියන පාරෙ මගේ පුදගලික අත්දැකීම අනුව සැහැල්ලු වාහනයකට ) යන්න පුලුවන් උපරිම වේගයයි. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ 100 යායුතුමයි කියන එක. ඔන්න සීය කියන්නෙ අවම වේග සීමාව උනානම්, කකා කියන දේ හරි.
ඉතින් ඔය ඩ්‍රයිවර් 90 ආව කියන්නෙ මිනිහ හොඳ වේගයක් පවත්වන් ඉඳල තීනව.
ඔහේ නං කියයි, මට සයිබර්අවුරුදු උත්සවයේ බනිස් කෑමේ තරගය මිස් වුනා පැ.කී.මී. 100 ට ආපු නැති හින්දා!
Deleteඩ්‍රැවා ආවේ හැම විටම 90 ට අඩුවෙන්. ඒයා ගේ උපරිමය 90 යි, ඒකනේ අපි දෙන්නාම කියලා තියෙන්නේත්!
ටිකට් පත කියන එක ඔය තරම් සරල නැ.ඔනම කෙනෙක්ට අයිතියක් තියෙනව තමන් ගෙවන ඔනම මුදලකට ලදුපතක් ලබාගන්න.එවගෙම අනතුරකදි වන්දිගන්න තමන් පැමිනිබව ඔප්පුකරන්න හොද සාධකයක්.එවගෙම පොදුසෙවයක යොදවනකොට එක එක කෙනාට ඔනවිදියට වැඩ කරන්න බැ.
ReplyDeleteනිල ඇදුමත් අනිවාර්යෙන් අවශ්යයි.මොකද ඔවුන් ඉතාම වගකිවයුතු රැකියාවක් කරන්නෙ.එතකොට ඔවුන් රැකියාවතුලම රැදෙන්න එක වැදගත්.
ෂිට් වලටනම් නිති තිඔයෙනව.මට මතක හැටියට අගල් 14 ක්ද කොහෙද ෂිට් එකක් පලල.ලෙග් ස්පෙස් ගැන වගෙ හැම එකටම නිති තියෙනව.ක්‍රියාත්මක විම තමයි ගැටලු සහගත්
රාජ්, මගී ප්‍රවාහනය කියන්නෙ ලංකාව වගේ රටකදි සම්මත තත්වයන් යටතෙ ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් නෙමෙයි . ඉතින් ව්‍යාපාරිකයො නොයෙකුත් උපක්‍රම දාල ගොඩ යන්න බලනව.
ReplyDeleteඉස්සර ගොඩක් මිනිස්සු හිටිය බස් එකක් දෙක උපරිම තීන. ඒත් දැන් එහෙම අය අන්තිම අඩුයි. ඉන්නෙ බස් පහට වගේ වැඩි අය. ඒකට හේතුව බස් කර්මාන්තෙ රෝල තනි බස් එකෙන්දෙකෙ කරන්න බැරි තරන් සංකීර්ණ නිසා. ඉතින් එක්කො පොඩි උන් හැලෙන්න ඕන, එහෙම නැත්ත් වෙන තැනකින් ප්‍රග්ධනය යොදල බිස්නස් එක ලොකු කරගෙන කරකවගෙන යන්න ඕන.
බස් හිමියොත් අමාරුවෙන් තමයි කරන්නෙ. බස් වලට අද ඩ්‍රයිවර්ල හොයන්න අමාරුයි. කොන්දො ඊට අමාරුයි. හොයාගන්න උන් තියා ගන්න ඔකොටමත් වඩා අමාරුයි.
ඒකට හේතුව බස් ඩ්‍රව්යිවර්ල, කොන්දොස්තරලට වැඩ කරන්න වෙන්නෙ බොහොම අප්‍රසන්න, තදබදය දූවිලි පිරුණු පරිසරයක ලොකු ටාර්ගට් ඊකක් එකතු කරන්න. නිකන් හිතන්න මොරටුවෙ ඉඳන් පිටකොටුවට බස් එකක් ගෙනියන ඩ්‍රව්යිවර් කෙනෙක් කොහොම ගේමක් දෙන්න ඕනද? ඒ නිසා ඔය රස්සවට එන්නෙ අන්තිම පදඩ පන්තියෙ යමක් කමක් කරගන්න බැරි උන් විතරයි.
ඒත් අපි කම්පෙයාර් කරන බටහිර රටක පාරෙ වගේම වාහනෙත් පහසුකම් නිසා සේවක ආතතිය අඩුයි. අනික් පැත්තෙන් ඒ රටවල ලැබෙන ආදායම නිසා සමාජෙ අන්තිම පහත් මෙලෝ දෙයක් කරගන්න බැරි උන් තල්ලුවෙන කුනුගොඩක් නොවී වඩා හොඳ වෘත්තියක් බවට බස් සේවක වෘත්තිය පත්වෙලා තීනව. ෆුල් සූට් ගහල හොඳ පඩියක් ලැබෙන ක්ලීන් බස් එහෙක වැඩ කරන එක එහෙදි අභිමානයක්.
මෙහෙ වගේ හවසට ගේ ගාව නවත්තල බස් එක හෝදන්න, ඇතුලෙ කාපර්ට් හෝදන්න ඕනෙ ඩ්‍රව්යිවර්ල කොන්දල නෙමෙයි. ඉතින් එහෙ තත්වෙයි මෙහෙ තත්වෙයි වෙනස්.
ඊළඟට ඇයි මෙහෙත් ගෙවන්න බැරි, හොඳ බස් දාන්න බැරි? ඉන්දියන් අලුත් බස් එහෙක ගාන වගේ හතර ගුණයක් විතර වෙනව ජපන් බස් එකක්. යුරෝපියන් ඒව තවත් වැඩියි. ඊලඟට ඒවගෙ පාර්ට්ස්, ටයර් කීදාහක්ද? මේවට ගෙවන්න ලංකාවෙ රුපියල් දහයෙ ටිකට් කඩල, සීට් ගානට මිනිස්සු දාල බෑ.
මේ හින්ද මම හිතන්නෙ තියෙන ප්‍රශ්ණ එක්ක බැලුවම ලංකාවෙ තත්වෙ කලාපෙ අනික් අයට වඩා සෑහෙන ඉස්සරහින් තියෙන්නෙ. ඒත් කොන්දලගෙ ඩ්‍රයිවර්ලගෙ ගොන්කන් වලට මිනිස්සු තව ටිකක් විරුද්ධ උනානං, සෑහෙන තරමෙ සේවයක් හදා ගන්න බැරිවෙන්නෙ නෑ. නමුත් දියුණු රටවල බස් සේවා එක්ක අපේ එව්ව සසඳන්න යන එක නොකල යුතු දෙයක්.
බස් මාෆියාවේ ඉන්නෙ යමක් කමක් කතාබහ කරලා බේරගන්න පුළුවන් උන්නම් මිනිස්සු විරුද්ධ වෙයි. හැබැයි උඹම හරියටම කියලා තියනවා වගේ ඒවයේ ඉන්නේ පාදඩයෝ. පාදඩයෝ එක්ක ගැටෙන්න පොඩි හරි වැදගත් කමක් තියන මිනිහෙක් කවදාවත් ඉදිරිපත් වෙන්නේ නෑ.. ඒකයි ඔතන අවුල..
Deleteමගේ අදහසනම්, ගැමුණුලා වගේ පාදඩයන්ව මෙල්ල කරගෙන මිනිස්සුන්ට මීට වඩා වැදගත් සේවයක් සළසන්න, පුද්ගලික බස් සේවයට මීට වඩා රාජ්‍යය මැදිහත් වීමක් අවශ්‍යයි.. ලංගම හොඳ තරඟයක් දෙන්න පුළුවන් මට්ටමට ශක්තිමත් කළා නම් වැඩේ 50% ක් ඉවරයි...
සී.ටී.බී. සේවය තවමත් ඉතා හොඳයි. ප්‍රමාණවත් තරම් බස් නැතිවීම තමයි ලොකුම අවුල. අනිත් එක බස් එකක් කැඩුනොත් ඊළඟ එක එනකන්ම ඉන්න එපායැ.
Deleteසීටීබී කොන්දොස්තර සහ ඩ්‍රයිවර් මහත්වරුන්ට හොඳට ඇඳලා පිරිසිදු වෙලා රැවුල් කොණ්ඩා පිලිවෙලකට හදාගෙන 'මහජන් සේවය' කරන්ට පුළුවන්නං පුද්ගලික බස්වල 'කොන්දලාටයි' 'ඩැයිවර්ලාටයි' බැරි මොකද?
ReplyDeleteඅනික ප්‍රයිවට් බස් මුදලාලිලාට ලාබ උපයන එකත් එතිකල් විධිහට කරන්ට බැරි නෑනෙ.
ඉස්සර කොන්දෝ බස්වල යන කෙල්ලෝ එක්ක සෙට් වුනා. ඒ වගේ කතාවක් තිබුණු චිත්‍රකතාවක් තමයි හිතට වහල් වීමි. ඒ චිත්‍රපටිය හින්දා සනත් ගුණතිලක මාලනී ෆොන්සේකාට සෙට් වුනා!
Deleteඩ්‍රැවාලා සහ කෙල්ලන්අතර ලව් ගැනත් නවකතා පවා තිබුණා මට මතකයි. ඉන් එකක් රිවිරැස පත්තරේ කොටස් වශයෙන් පළවුණා!
දැන් නං ඒ වගේනිර්මාණ පළවෙන්නේ නෑ. හේතුව පැහැදිලියි!
@ කකා......ඔය කියන චිත්‍රකතාවෙන්ද කොහෙද විජය ධර්මශ්‍රී සිටුකුමරියෝ ෆිල්ම් එක කලේ. සනත්ගේ ෆස්ට් ෆිල්ම් එක. බස් කොන්දොස්තර කෙනෙකුට හිටියේ.
Deleteබස් කොල්ලන්ට දීලා රාජ්, බස් කොල්ලන්ට දීලා. ඒ නිසා ඔය බස් කන කොල්ලෝ එළවලා බස් පාලන ක්ෂේත්‍රයම පිරිසිදු කලයුතුයි.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
Deleteමේ ඇනෝ කලවැද්දා වෙසක් දවසේ ගහපු ගංජා සුරුට්ටුව තවම කටේ තියාගෙන ඉන්නවා වගේ
Deleteසමහර බස්වල වහලෙට සම්බන්ධ කරලා තියෙන පොල්ල කෙළවර වෙන්නෙ පිට වීමේ දොරට මෙහායින් (බොහෝ විට ටාටා බස්වල)
ReplyDeleteපොල්ල අල්ලගෙන බස් එකෙන් බහින්න එන මගියෙක් පොල්ලෙ කෙළවරට ඇවිත් දොරේ පොල්ල අල්ලගන්න හදනකොටම බ්රේක් පාරක් ගැහුවොත් මගියා දොරෙන් එළියට විසිවෙලා බස් එකටම යටවෙනවා.
මගියගේ ආයුෂත් ඉවරයි - බස් එකේ ආයුෂත් ඉවරයි... මොක ද මගියා යටවුන ගමන් බස් එක ගිණිතියන නිසා.
සුමිත් මට මතක හැටියට පළල දොරටු සහිත බසයක වාඩිවී ගමන් කළ කාන්තාවක් බසයෙන් විසිවී තුවාල ලබා මියගිය පසු එම දොරටු වල පළල අඩු කරන්න උසාවි නියෝගයක් ලැබුණා.
Deleteනිල ඇඳුම් සහ ටිකට් කතාව හැර ඔබගේ අන් අදහස් සමග එකඟයි
ReplyDeleteඑක අතකට බලන්න, මෙහේ බස් වල කොණ්දලා නෑ.. බස් එකට නඟින්න කලියෙන් ටිකට් එක බස් ස්ටෑන්ඩ් එක ලග තියෙන පත්තර කඩේකින් ගත්තා බස් එකේ ටිකට මැශිමට ගැහුවා මිනිස්සු පාඩුවේ ගියා.. හොරෙන් යනවනම් ඒත් යන්න පුලුවන්.. හැබැයි ටික්කෝ අනිවා පනිනවා.. වාසනාව තිබ්බොත් අහුවෙන්නේ නෑ.. ඒ ක්‍රමේ හොදයි.. ඒත් ඒක ලංකාවට ආදේශ කරන එකනම් ලේසි වෙන්නේ නෑ..
ReplyDeleteඉස්සර අපේ ඉස්කෝලේ පැත්තේ යන තනිදොර ප්‍රයිවට් බස් එකක් තිබුනා.. ඕකේ තිබුනා කාසි දාන්න මැශින් එකක්.. කොණ්දෙක් නෑ.. මාසයක් වගේ බස් එක නියමෙටම දිවුවා.. සෙනගත් උතුරන්න.. ඒත් බස් එක පාඩුවට දුවලා නැවතුනා.. ඇයි, අපේ අය සද්දේ ඇහෙන්න විතරක් සත පනහේ ඒවා දාලා.. ඉතින් ඔන්න ඔහොමයි තත්වේ..
ඉන්ට පොඩ්ඩක් බස් එකක ගිහින් එනකල්...:D:D
ReplyDeleteඔය බස් ගැන කතා බස් කොරල වැඩක් නැහැ මචං ....
ReplyDeleteබස්වල එවුන් කරන විකාර ලියන්න පෝස්ට් දහයක් ලියලත් බෑ. උදේට අපේ පැත්තෙ කෙටි දුරක් යන්න බස් එකක් නෑ. එන ඔක්කොම බස් ගමනාන්තෙට විතරයි සෙනඟ ගන්නෙ. මොකද මුල් ටිකේ බඩගාලා බඩගාලා උන්ට පරක්කු වෙලායි තියෙන්නෙ. ඒක හින්දා මඟින් බහින්න කට්ටිය ගන්නෙ නෑ..
ReplyDeleteමම යන දෙවෙනි බස් එක පටන් ගන්න තැනින්ම නඟින්න වෙන්නෙ. ඉතින් බඩ ගානවා. හෝල්ට් එකක දුර යන්නත් පැය කාලක් යනවා.. ළඟදි තලවිල ගියාම තව හොඳ වැඩක් උනා. බස් එකේ සෙනඟ අඩුයි කියලා මුන් ටිකට් එක වැඩිපුර කඩන්න යනවා. හැබැයි එවලෙ නම් සෙනඟ කෑගැහුවා. ඒක හින්දා නියමිත ගානම ගත්තත් උන් බස් එකේ ළඟට ළඟට සෙනඟ අරන් බඩ ගගා ආවෙ. කලින් කියපු දෙම අනිත් පැත්ත.
අනිත් වැඩේ තමයි හවස් වීගෙන එනකොට බස් ගමනාන්තෙට දුවන්නෙ නැති එක. ප්‍රයිවට් බස් සේවය නම් මකවලාම ගන්න ඕනා.
Delete"ම"යන්න නෙමේ හරී ඔතනට වඩාත් ගැලපෙන්නෙ "හු"යන්න. ඒ තරම් තුච්චයි..
Deleteබස් සේවාව පුද්ගලිකකරණය වෙන්න කලින් ලංගමේ හොඳට දුවන කාලවල අර අන්තිම කරුණ හැර අනිත් දේ නියමෙට සිද්ද උනා. කෙල උනේ කිසිම චාරයක් විචාරයක් නීති රීති පද්දතියක් නැතූව කාපල්ල කියල ඒක කපුටන්ට විසි කලාට පස්සෙ ..
ReplyDeleteරාජ්......ටිකට් එක ඕන නේද බන් රක්ෂන වන්දියක් ක්ලේම් කරන්නවත්.
ReplyDeleteඑංගලන්තයේ තියෙන්නේ පෞද්ගලික බස් කම්පැනි. මේවා විශාල සමාගම්. රජය මේ කම්පැනිවලින් ටෙන්ඩර් කැඳවා ඒ ඒ මාර්ගවල බස් සේවය පවරාදෙනවා. මේ සියළුම ආදායම් රජයට දෙනවා. රජය විසින් මේ සේවය පවත්වාගෙන යෑම වෙනුවෙන් ඒ කම්පැනි ඉල්ලන මුදල ගෙවනවා. ඕක තමයි බේසික් එක වැඩි විස්තරයක් කියන්න දන්නේ නැහැ.
ඉතාම ක්‍රමවත් වැඩ පිලිවෙලක්. පුදුම සංවිධානාත්මක බවක්. නගරවල පැය 24 පුරාම සේවය. සමහර බස්වල මගීන් එකයි දෙකයි. ඒත් වෙලාවට තත්පරයට බස් එක හෝල්ට් එකේ. හෝල්ට් එකේ ඩිස්ප්ලේ වෙනවා තව විනාඩි පහෙන්, හතරෙන් තුනෙන් එනවා කියා. Route No 122 is due කියලා වැටෙන කොට බස් එක හෝල්ට් එකේ. අපි කවදා කරයිද?
සුද්දාව පතුරු ගහන ගමන් උගෙන් ඉගෙනගන්න එපැයි. අපි දන්නේ ගහන්න විතරයි.
Route No 122 Awissaawella - Colombo next bus is due on next year
Deleteමටනම් හිතෙන්නේ රාජ් බස් සේවකයන්ට හොඳ පුහුණුවක් හා නිල ඇඳුමක් තිබ්බොත් ඔවුන්ට මීට වඩා සමාජ පිළිගැනීමක් ලැබේවි. අනික ටිකට් කඩන්නේ නැත්නම් ඉලෙක්ට්‍රොනික් කාඩ් ක්‍රමය ඉක්මනින් එනවානම් හොඳයි.
ReplyDeletemaru
ReplyDelete