Tuesday, May 27, 2014

අයිපීඑල් සහ ගනං අවුල් ආයෙත්.....

මේ දවස්වල අයිපීඑල් එක ජයටම යනව. නමුත් අපේ රටේ නං එච්චර බලන්නෙ නෑ වගේ. දන්නකියන මිත්‍රයන් මුනගැහුනම මම අයිපීඑල් ගැනත් පොඩ්ඩක් අහනව. හුඟ දෙනෙක් බලන්නෙ නෑ. එහෙන් මෙහෙන් බැලෙනව විතරයි. මේකට මූලික හේතුව තමයි අපේ සෙට් එක නැතිවීම. අනිත් හේතුව මෙදාප‍ාර දක්ෂතා පෙන්නන්නෙ 'ලොකු නම්' තියන ක්‍රීඩකයන් නොවීම. වැඩිම ලකුණු ගහල ඉන්නෙ රෝබින් උත්තප්පා. මෑන්ගෙ පිතිහරඹය එච්චර රහක් නෑ. ග්ලෙන් මැක්ස්වෙල් නං පොල්අඩි ටික ගහනව ගානට. පොලාඩ්, ගේල් දෙන්නම අසාර්ථකයි. නමක් තියාගෙන ඉන්න ක්‍රීඩකයන් දක්ෂතා දක්වද්දි ප්‍රේක්ෂක අවධානය වැඩියි. පන්දු යවන්නන් උනත් ජනප්‍රිය වෙන්නෙ යම් විශේෂත්වයක් තියනකොට. එතනදි දක්ෂතාවය විතරක් තිබිල මදි. උදාහරණයක් විදියට මාලිංග, අධික වේගයෙන් පන්දු යවපු අක්තාර් බ්‍රෙට් ලී වගේ උදවිය හොඳ උදාහරණ.

ඉස්සෙල්ල ලිපියෙන් කතා කල ඩක්වර්ත් ලුවිස් අවුල වගේ අවුලක් හැදුන අයිපීඑල් මූලික වටයේ අන්තිම තරගය වෙච්ච මුම්බායි රාජස්ථාන් තරගයෙදි. හුඟ දෙනෙක් මේ තරගය බලල තිබුනෙ නෑ. මොකද ලංකා එංගලන්ත තරගය තිබුන නිසා. වෙලාවට මම නං ඉන්ටනෙට් එකෙන් බැලුව. මුලින් බැට් කල රාජස්ථාන් ලකුණු 189ක් ගැහුව. ඊලඟ වටයට යන්න ප්‍රසාද ලකුණක් අඩුවෙන් හිටිය මුම්බායි කණ්ඩායම තරග ජයග්‍රහනයට අමතරව ලකුණු වේගය අනුව ඉස්සරහට එන්න නං ඉලක්කය වෙච්ච 190 ඕවර 14.3කදී ගහන්න ඕනවුනා. නවසීලන්ත ක්‍රීඩක කොරී ජේ ඇන්ඩර්සන් ඇතුළු පිරිස සාර්ථකව ඒ ඉලක්කය කරා ආව. ජේම්ස් ෆෝක්නර් පහලොස්වෙනි ඕවරය ආරම්භ කරද්දි පන්දු තුනකට ගතයුතු ලකුණු ගණන නවයක්. පළමු පන්දුවට එකයි දෙවැනි පන්දුවට හයයි! දැන් තුන්වෙනි පන්දුවට දෙකක් ගත්තොත් මුම්බායි ගොඩ! නමුත් තුන්වැනි පන්දුවට, දෙවැනි ලකුණට දුවද්දි පිතිකරුවෙක් අවු‍ට්! දැං අලුත් අවුලක්. මැච් එක ගහන්නෙ දිනන්න බලාගෙන. ඕවර විස්සට කලින් ගහන්න කියන්නෙ ලකුණු වේගය වැඩි කරගන්න ඕන නිසා. දුන්න ඉලක්කයේදි ලකුණු ගාන ගහන්න මුම්බායි කණ්ඩායම අසමත් උනා. එහෙනං රාජස්ථානය ඊලඟ වටයට යන්න ඕන? නමුත් තරගය තියෙන්නෙ සම ලකුණු තත්වයේ. ඊලඟ පන්දුවට හයක් ගැහුවම මුම්බායි ඉන්නෙ උඩින්. එයාල ඊලඟ වටයට ආව.

දල ලකුණු වේගය කියන්නෙ මෙහෙම දෙයක්

දල ලකුණු වේගය=(R/O)-(r/o)

R=සියළු තරගවලදි ලබාගත් ලකුණු
O=ඊට වැයකල පන්දුවාර ගණන
r=සියළු තරග වලදී ප්‍රතිවාදීන්ට දුන් ලකුණු
o=ඒ සඳහා යැවූ පන්දුවාර ගණන

[තරගය පැරදුනා කියල හිතල අඬන මුම්බායි කණ්ඩායමේ රයුදු.(ක්‍රික්ඉන්ෆෝ)]

ඔය සූත්තරේට අනුව තමයි වැඩේ සිද්ධ වෙන්නෙ. එහෙනං මොකද්ද අවුල? මේකත් ඩක්වර්ත් ලුවිස් ක්‍රමය වගේ තමයි. ගණිත ක්‍රමය හරි උනාට හරියට යොදා නොගත්තොත් අවුල් ඇතිවෙන්න පුළුවන්. දැන් බලමු මේකෙ අවුල මොකද්ද කියල.

තරගයක් දිනන්න විධි ක්‍රම බර ගණනක් තියෙන්න පුළුවන්. මේ තරගය ගනිමු. ගන්න ඕන ඉලක්කය 190යි. පළමු කණ්ඩායම 189යි. ඔන්න දෙවනි කණ්ඩායම බැට් කරගෙන එනව. එයාලගෙ ලකුණු ගණන් සහ ඉස්සරහ‍ට ගන්න ලකුණු ගණන අනුව, අවසන් ලකුණු ගණන බලමු

184 තියෙද්දි 6ක් ගහනව---190
185 දි 6 ගැහුවොත්-------191
186 දි 6 ගැහුවම---------192
187 දි 6---------------193
188 දි 6---------------194
189(සම) 6-------------195

ඔය විදියටම හතරෙ පහරකින් අවසන් වෙනව කියල හිතුවොත් තවත් චක්කරයක්. ලකුණු තුනකින් දෙකකින් එකකින් අවසන් උනොත් තව තව විධි. ඒ කියන්නෙ දෙවනුව පන්දුවට පහරදෙන කණ්ඩායමේ අවසන් ලකුණු ගණන නිශ්චිතව කියන්න බෑ. 195 වෙනකල් ඕන ගණනක් වෙන්න පුළුවන්. එතකොට අර සූත්‍රය අනුව නෙට් රන් රේට් එක වෙනස් වෙනව. ඔය කතාව කලින් කියන්නෙ නැතුව ඒ මොහොතෙ කිව්වම ඕන කෙනෙකුට මල පනිනව. රාහුල් ඩ්‍රාවිඩ් තොප්පියත් පොලවෙ ගහලයි ගියේ. ක්‍රික් ඉන්ෆෝ අඩවියට කමෙන්ට් කල කෙනෙක් කියල තිබුන හතරවෙනි පන්දුව හිතාමතා වයිඩ් එකක් කලා නම් රාජස්ථානයට වාසියි කියලත්. ඒකත් ගණනය කරන්න පුළුවන් අර සූත්‍රය දාල. නමුත් ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ.

මේකත් අර ඩක්වර්ත් ලුවිස් වගේ හුඟ දෙනෙකුට ග්‍රීක් වෙන්න පුළුවන්. කමෙන්ට් වලින්වත් බලමු තෝරගන්න පුළුවන්ද කියල.

59 comments:

  1. බොට ඔෆීස් එකේ වැඩ නැත්ද බන්?

    ReplyDelete
    Replies
    1. මේකා වැඩ කරන එකෙක්යැ.. බං

      Delete
  2. අනේ මන්දා රාජ් මේවනං මට ග්‍රීක් වගේම තමා මේ අවුල ලිහාගන්න වෙන්නේ වැටෙන කමෙන්ට් කියෝලම තමා. එත් මං වගේ එවුන් දාන කමෙන්ට නොවේ මේ ගැන දන්න ගණන් කාරයෝ දාන කමෙන්ට් වලින් තමා අපි බලමු අපේ ක්‍රිඩකයා සූදික එහෙම මොනව කියයිද කියල මේ ගැන.

    ReplyDelete
    Replies
    1. සුදීක මොනව කියයිද බලමු! ස්ලෝ මැෂින් වලට ටිකක් තේරෙනව අඩු තමා

      Delete
    2. ඔය විෂයට මං ටිකක් ස්ලෝ තමා රාජ්..බොරුවට හයිස්පීඩ් වගේ ලෝකෙට පෙන්නල වැඩක් නෑනේ.

      Delete
  3. මට ඒක නං පැහැදිලියි. හැබෑට උන් ෆයිනල් ෆෝ වලට ගියාද බං. මම නං අයිපීඑල් බැලුවවේ නැහැ මේ ටකේ..

    ReplyDelete
    Replies
    1. ඇයි මේ ටිකේ ටකේ හොල්ල හොල්ලද ඉන්නේ...

      Delete
    2. ඕකගේ වැඩේ ටකේ නොල්ලන එක නොවැ වෙන මොනවද.

      Delete
    3. ටකේ නෙමෙයි බොල ටිකේ. ටිකේ.. චිකේ මුංගේ වල් කං... වයසට ගියාම වැඩි වෙනවා මං හිතන්නේ.. හැක්

      Delete
    4. සරළ පැහැදිලි කිරීම කමෙන්ට් වලදි කරන්න තමයි හිතුවෙත්.
      නෙට් රන්රේට් කියන එක තේරන්න ඇතිනෙ අර සූත්‍රයෙන්. මෙතනදි සිදුවුන අවුල මේකයි.
      කලින් තීරණය කලා ඒවර 14.3දි ටාගට් එක (ඒ කියන්නෙ 190)ක් ගත්තොත් යන්තමින් ගොඩයනව කියල. නමුත් 14.3දි ගන්න පුළුවන් උනේ 189යි. ඒ කියන්නෙ සම ලකුණු ගණන. මේගොල්ලන්ට ලොකු වැරදීමක් උනා. ඒ තමයි 189 ඉඳගෙන 14 ඕවරයේ හතරවෙනි බෝලෙට 6ක් නැත්තං 4ක් ගැහුවත් රේට් එක අඩට එන බව. සාමාන්‍යයෙන් කවුරුත් හිතන්නෙ 190 ගැන නෙ. මීට පස්සෙ ඔය වැරැද්ද වෙන එකක් නෑ. ඊයෙ තිබුන ලිපියකට අනුව 15.1දි 6ක් ගැහුවත් වැඩේ ගොඩලු.
      දැං තේරුනාද?

      Delete
    5. කරෙක්ෂන්, //රේට් එක අඩට එන බව.//
      උඩට!

      Delete
    6. ඔන්න දැන් නං ටික ටික වැටහෙනවා මචෝ...

      Delete
  4. පටන් ගත්ත දවස්වල අයිපීඑල් බැලුවා ලංකාව මැච් ගහන්න ගත්තට පස්සෙ අපෝවෙලා ගියා,අනික මාලිංග විතරනෙ ඉන්නෙත්.මම කොහොමත් ඔය මෝඩ ඉන්දියානුවන්ගෙ ගොන්පාට් වලට කැමතිත් නෑ.සමහරවිට ෆයිනල් එක බලයි ලංකාවට මැච් එකක් නොතිබුණොත්.

    ReplyDelete
    Replies
    1. හල්පේ,උඹේ අලුත් පොස්ට් එක මම බැලුවා. එකේ උඹ අමරේ ගැන කියන්න පටන් අරන් වෙන සුත්ත්කගේ ඔයි ලියලා තියෙන්නේ. මට උඹේ ඇට දෙක තලන්න හිතුනා.
      වෙරි හින්දා අකුරු වැරදි ඇති.සමාවෙන්න.

      Delete
    2. මාලිංග විතරයි තමා හිටියෙ. ආ.... මුරලි හිටිය තරග හතරක විතර. මාත් ඉස්සරහ ටික බලනව.

      ඇනෝ
      දන්නෙ නැද්ද හැලපෙගෙ ස්ටයිල් එක?

      Delete
    3. සමාවෙන්න කියන්න අවශ්‍ය නෑ ඇනෝ,උඹ ඔයටික මගේ බ්ලොගේ ලිව්වනං හරි වටිනවා බං.මේ වෙලාවෙ වෙරි වෙන්න උඹ උදේ පාන්දර පටන් ගන්න ඇති නේද.

      Delete
    4. මං දැන් ගොඩක් වෙලාවට උදේ දාහය හමාරට විතරට ඔෆිස් එකෙන් පැනලා ගිහිං, 11 ට බාර් එක ඇරපු ගමන් එකට ගිහිං කාලක්/භාගයක් ගහන්නේ. ඇයි මං හැලපගේ බ්ලොග් එකෙත් කිව්වේ. දවල් කෑමට කලින් කාලක් ගහනවා කියලා.

      දැන් හවසට වැටෙන්න ගහන එක අඩු කරලා, උදේට භාගයක් ගහන්න තමයි මම ඉන්නේ. රෑට අඩියක් ගහලා ගෙදර ගියාම බර බරේ.

      Delete
  5. අදනං රාජ් මේ පොස්ට් එකේ මොලේ දෙයක් තේරුනේ නෑ.මම මේ දවල් 11 ට හොරෙන්ම ඔපිස්‌ එකෙන් පැනලා ගිහින් ජයේ අයියගේ පොට් එකෙන් ෆ්‍රෑන්ක්ලින් භාගයක් ගහලා,චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක ඌරු මස් කරියක් ඇදලා ආවේ.
    දැන් නං හොදටම බඩු. මර් ටිකේ ප්‍රශ්න වැඩි බං රාජ් මට. ණයම තියෙනවා ගෙවන්න රුපියල් 64,000 ක් බං.
    එපා වෙනවා බං වෙලාවකට. මම ඉතින් ඔව්වා ගැන හිතන්නේ නැතිව අරක්කු ටිකක්,බියර් උගුරක්‌ බිලා හිත සැහැල්ලු කරන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සොරි මචෝ. මාත් කැමති නෑ මල් වගේ හිත් තලන්න. වෙන පෝස්ටුවකදි මුනගැහෙමුකො.
      ආ..... අර පැරාගෙ සයිට් එකේද කොහෙද ඉඳල, බාගයක් ගහල මට ඒකෙ පින්තූරයක් එවුව ඇනෝද මේ?

      Delete
    2. ගණන් ගන්න එපා බං ඇනෝ,64,000 ත් ගානක්ද.කාලක් බාගයක් ගහගෙන ඉන්න එකයි.උඹ ඔෆිස් වෙලාවෙ බොනවා රාජ් බ්ලොග් ලියනවා ඔව්ව ඔහොම තමයි.

      Delete
    3. මචං ඇනෝ...ගණන් ගන්න එපා බං.70000ක් වෙන්නම කියලා තව හයක් කාගෙන් හරි ඉල්ලගනින්. ඒකෙන් බෝතලයක් දෙකක්, බයිට් එකක්, සිගරට් ටිකක් සෙට් කරපන්. මායි, රාජුයි එන්නම් ඇවිල්ලා යන්න. එනකොට උඹට කඹයක් ගේන්නද?

      Delete
    4. ඇනෝ
      මම හිතන්නෙ මේ වෙද්දි බඩ බැහැල වෙන්න ඕන. ආයෙ ගත්තෙ නැත්තං.
      අරූ
      මූට අපි සාරියක් දෙමු

      Delete
    5. හලෝ රාජ්. දැන් නං බඩු බැහැලා ගොඩක් වෙලා. දැන් ඉතින් රෑට කළා ඔහේ ගෝලිප් එකක් ගගහා ඉන්නවා. රාජ් කැමති නං දවසක අපි සෙට් වෙමු. මම කැමතියි පැරාවත් සෙට් කරගන්න. රාජ් කැමති නැද්ද පැරා එක්ක සෙට් වෙලා,දේශපාලනේ කතා කරන්න. පොරගෙන් මම ඇහැව්වා අඩියක් ගහන ගමන් දේශපාලනේ කතාකරමුද කියලා. ඌ රිප්ලයි නෑ.

      අයේ රාජ් පොස්ට් එකක් දැම්මම එන්නංකෝ.
      (මම තමයි පැරාගේ සයිට් එකේ V&A එකේ ෆොටෝ එකත් දැම්මේ. දැන් නං ගොඩක් වෙලාවට මම දවල් 11 ට විතර තමයි බොන්නේ. රෑට බිලා ගෙදර ගියාම බර බරේ බං. ඒ හින්දා හවසට බියර් එකක් විතරයි ගහන්නේ.)

      Delete
    6. උඹ නම් ආතල් කමෙන්ට්ස් දාන්නේ ඇනෝ!!!

      Delete
    7. ඇනෝ, උඹ සෙට් වෙන්න කතා කරන්නෙ වැරදි මිනිහට. මං කියන්නං, කතා කරහං නලියට. සෙට් වෙන්න නියම මිනිහ.

      දවල්ට බීල උඹෙ ජොබ නැති උනොත් හැට හතර නෙමෙයි ඇට දෙකත් නැතිවෙයි ඒ නිසා පරෙස්සමින් මචෝ.

      Delete
    8. මට අමතක වුනා බං ඇනෝ,ඔන්න උඹගෙ වැඩේට ටක්කෙටම හරියන මනුස්සය ඇවිත් ඉන්නව,ප්‍රශ්නෙ කියල බලපංකො,ඌ ඔය වගේ පිං අතේ වැඩ හරියට කරනව.

      Delete
    9. උඹ නං බං බීල ප්‍රශ්න වැඩි කරගන්න එකෙක්..

      Delete
    10. ඇනෝ මචං.. දවල්ට ජොබ අස්සෙ බොන්ඩෙපා බං.ඕව හෙන කේස් වැඩ....බැනුං අහගෙන හරි රෑට බීහං .. ජින් වගේ එකක් ගැහුවම ගඳත් නෑනෙ බං..

      Delete
    11. ජොයින්ට් එකක් ගහලා බියර් එකක් බීපන්. ඊට පස්සේ පිඹුරා වගේ කාලා ඇලට් එකක් ගහපන්. වැඩ කරන්න එපා :D

      Delete
  6. මොකා දින්නත් එක නිසා අවුලක් නෑ. මොකෙක් හරි කමක් නෑ හතර වටේ නෙලනවනම්. මොකෙක් හරි කමක් නෑ පොලු ගැලවෙන්න බෝල කරනවනම්. පිස්සු බම්ප් වෙන කැච් ගන්නවනම්. ස්ටම්ප් ගන්නවනම්. ඒ නිසා අර කතා කිව්වා වගේ ඩක්වර්ත් ඉස් නොට් වර්ත්..

    ReplyDelete
  7. පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. දැන් ඔය 190 ඉක්මවා යන්න පුළුවන් වෙන්නෙ අවසාන ලකුණුවලදි 4 හෝ 6 පහරක් ගැසීමෙන් පමණයි. ලකුණු 3 ඒවා 2 ඒවා වලින් බෑ. මෙහෙම හිතමු, ලකුණු 189දි, 6ක් හෝ හතරක් ගහන්න පුළුවන්. එතකොට 6ක් ගහුවොත් 195යි, 4ක් ගැහුවොත් 193යි. හැබැයි දුවලා ලකුනු 3ක් හෝ 2ක් ගන්න බෑ. මොකද පලවෙනි ලකුණ දුවපුවාම 190යි, තරඟය දිනුම්. දෙවැනි ලකුන දිව්වත් ඒක වලංගු නෑ, මොකද තරඟය අවසාන නිසා. IPL නම් මම බලන්නෙ නෑ, හැබැයි රාජස්ථානෙට ඊලඟ වටයට එන්න නම් ඔය කියන හැටියට 14 ඕවරයේ හතරවෙනි බෝලෙට වයිඩ් හරි, නිපන්දුවක් හරි යැව්වනම් හරි. නිපන්දුව තමයි ලේසිම, මොකද ඕනකමින් සීමා ඉර පන්නල බෝලෙ දානවා. එතකොට ඒකට 6ක් ගැහුවත් වැඩක් නෑ, මොකද නිපන්දුවෙදි ලකුණක් එකතු වුනාම තරඟෙ දිනුම්, ඊට පස්සෙනෙ 6 එකතු වෙන්නෙ, එතකොට ඒක වලංගු නෑ. අකිල

    ReplyDelete
    Replies
    1. මුලින් නිවැරදි කිරීම හරි. මට වැරදිලා.
      නමුත් වයිඩ් කතන්දරේ නං වැරදියි. ටාගට් එක වුනේ 14.3ට 190යි නෙ. තිබුනෙ 14.3ට 189යි. 4 වෙනි එක වයිඩ් එකක් දැම්ම නං කොහොමත් 14.3ට 190යි. මොකෝ වයිඩ් එක ගනංගන්නෙ නෑ නෙව.

      Delete
    2. රාජ් හරි

      …වයිඩ් එකක් හරි නිපන්දුවක් හරි දැම්මම බෝලෙ ගණන් ගන්නෙ නෑනෙ..

      Delete
    3. වයිඩ් කතන්දරේ වැරදි තමා, රාජ් හරි.
      අකිල

      Delete
  8. ඔහොම දෙයක් වුනා ලංකාවයි ඉන්දියාවයි අතර එක් දින තරඟයකදි. එතකොට ඉන්දියාව ලකුණු සම කළා (තව ඕවර් කීපයක් තිබුණා ) හැබැයි ෂෙවාග් හිටියෙ 99, මිනිහට එකක් ගන්න ඕනෙ 100ට, තරඟෙ දිනන්නත් 1 ලකුණයි. මේ වෙලාවෙ පන්දු යැව්වෙ සුරාජ් රන්දිව්. මිනිහා ඕනකමින් නිපන්දුවක් දැම්මා. ඒකට මට මතක විධියට ෂෙවාග් 6ක් ගැහුවා, හැබැයි වැඩක් නෑ. තරඟෙ දිනලා ඉවරයි. ෂෙවාග්ගෙ 6 වලංගු නෑ, මිනිහා 99යි. මේකෙදි ක්‍රීඩාවෙ මහත්මා ගුණය නැති කළා කියලා සුරාජ් රන්දිව්ට ෂෙවාග්ගෙන් සමාව ගන්න කියලා ලංකාවෙ ක්‍රිකට් බෝඩ් එක කියල තිබුණ.
    අකිල

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඔය කේස් එක. දිල්ෂාන් තමයි රන්දිව්ට කිව්වෙ මූට නෝ එකක් දාපං කියල කියල. ඒක සෑහෙන්න කැත වැඩක් නේද?

      Delete
    2. ඒ උපදෙස දුන්නේ ටී ඇම් ඩිල්ෂාන්

      Delete
    3. තරඟ මානසිකත්වයෙන් බැලුවම ඒක කැත වැඩක් කියලා කියන්න බෑ නේද? හැබැයි ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා පැත්තෙන් බැලුවම කැත වැඩක්. මට හිතෙන්නෙ ඒකට ක්‍රිකට් බෝඩ් එකෙන් අවවාද කළාම ඇති කියලා. හැබැයි ෂෙවාග්ගෙන් සමාව ඉල්ලනවා කියන්නෙ මහ මදි කමක්, මානසිකත්වය බින්දුවට වැටෙන වැඩක්. ඊට පස්සෙ රන්දිව් කෙටි කාලෙකින් ටීම් එකෙන් කැපිලා ගියා. රන්දිව්ගෙ balling action එක classic action එකක් විධියට විචාරකයො වර්ණනා කළා මට මතකයි.
      අකිල

      Delete
  9. හොඳ දැනුවත් කිරීමක්. මේ දැණුම ඇතුව තරග නරඹනවානම් තරගය ගැන අනාවැකි කියන්නත් පුළුවන්

    ReplyDelete
    Replies
    1. අනාවැකි කියන්නත් ක්‍රමයක් තියනව. සීයට සීයක් නිවැරදි නෑ. නමුත් තරමක් හරි

      Delete
  10. රාජ්,

    ඇත්තට ම ඔය අයිපීඑල් මැච් එක බලන්න බැරි වුණා. මං එංගලන්තේ පැරදුනු විදිහ බලාගෙන හිටියා....

    මාර කේස් එක නේද?? සිද්ධිය හරියට තේරුම් ගත්තේ දැන් රාජ්. ඒක මුම්බායිලට මැච් එක දිනන්න පුළුවන් විකල්ප විධි පෙන්නුවානම් තේරෙනවා නේද? අවුල තියෙන්නේ ඒ ගණනය කිරීම හරියට කරලා නැති වීමයි. මැච් එක දිනන්න පුළුවන් විකල්ප ක්‍රම ටික ගැන තව ටිකක් මුලදිම බැලුවානම් හරිනේ...

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං ඔය තේරුනේ අගේට

      Delete
  11. අනේ මන්ද.... නලියට වගේම තමයි මටත් බං ....

    ReplyDelete
    Replies
    1. උඹ තාම හැක්ද? මොකෑ පෝස්ටුවක් නැත්තෙ?

      Delete
  12. හෙක් හෙක් රාජ් අයියා මේ දවස් ටිකේ අයි පී එල් පට්ට පතුරු ගහල වගේ, අනේ ඔය මැච් ඉතින් ලංකාව ගැහුවොත් බලනවා, නැත්තන් නෑ, අපේ උන් ඕක ගැන කතා කර කර හිටිය, මට නිකන් මැජික් වගේ, ඔය තියෙන්නේ තිරේ පස්සේ සීන් එක.

    ReplyDelete
    Replies
    1. කමක් නෑ ඉතිං එහෙමවත් බලනව මදෑ!

      Delete
  13. වැඩේ ටිකක් විතර තේරුණා කමෙන්ට්ස් වල උදව්වෙන් එහෙම.

    ReplyDelete
  14. අපිට ක්‍රිකට් ගැන තේරෙන්නේ නෑ නේ රාජ්. ඔන්න ෆූටි ගැනවත් කීවනම් දෙක පහ අනාගන්න පුළුවන් යම්තමට හරි. :)

    නරකද රාජ් රවී අයියගේ කතාවක්වත් කියන්න ගත්තොත්.

    ReplyDelete
  15. ගනන් හිලවු කෝම වුනත් එදා මැච් එකනම් එලටම ගියා.. හැබැයි කෝම වුනත් ලකුණු සමවුනාට පස්සේ සිද්ද වුන දේවල් ටික නම් හැමෝටම ටිකක් අපහැදිළි වගේ.. අන්න මම අද දැක්කා ඊලග මැච් ටිකටත් මොකද්ද අංක ගණිත වගයක් දාලා තියෙනවා.. මටනම් මෙලෝ දෙයක් තේරුණේ නෑ..

    ReplyDelete
  16. http://easycalculation.com/sports/duckworth-lewis-calculator.php

    ReplyDelete
  17. ක්‍රිකට් ගැන මං දන්නේ නැතිය දන්නෙ පිත්ත අරන දමන බොලයට පහරක් එල්ල කරන්න පමණි ,එකත් ඇස පියන් කරකන විට වැදුණොත් හොදය ...නැත්නම් එකත් නැතිය, කොටිනම ක්‍රිකට් කම්මැලිම ක්‍රීඩාවකි මං පොරට ,

    ReplyDelete
  18. රාජ් ලන්කාවෙ මාධ්ය කරන අවුලක් දෑකල/ අහල තියනවද?
    තරගාවලියක ටීම් එකක් ගන්න පොයින්ට්ස් වලට උන් කියන්නෙ ප්‍රසාද ලකුනු කියල. ප්‍රසාද ලකුනු කියන්න ඕනෑ බෝනස් පොයින්ට්ස් වලට ඒත් සාමාන්ය පොයින්ට්ස් වලටත් සින්හල මාද්ය කියන්නෙ ප්‍රසාද ලකුනු කියල

    ReplyDelete
  19. මේ තරගෙට කලින් රාජස්තාන්
    ලබාගත් ලකුණු 1966 යි ඕවර් 249 යි පන්දු 5 යි.
    ලබාදුන් ලකුණු 1969 යි ඕවර 258 යි පන්දු 2 යි.
    එතකොට (1966/249.83 - 1969/258.33)=0.247 (පන්දු පහ ඕවර දශම කරන්න 5/6 වශයෙන් ගන්න ඕනේ)

    මුම්බායි ඉන්දියන්ස්

    ලබාගත් ලකුණු 1985 යි ඕවර 256 යි පන්දු 5 යි
    ලබාදුන් ලකුණු 1981 යි ඕවර 253 යි පන්දු 3 යි
    එතකොට (1985/256.83 - 1981/253.5) = -0.086

    මෙතනදී රාජස්තාන් ඕවර 20න් ලකුණු 189 ක් ලබා ගත්තම
    ලබාගත් 2155 ඕවර 269 පන්දු පහයි
    ලබාදුන් 2164 ඕවර 273
    එතකොට (2155/269.83 - 2164/273)=0.06

    ඊට පස්සේ ගණනය කරන්නේ මුම්බායි 0.07 වෙන්න නම් ලකුණු 190 ඕවර කීයකින් ඕනද කියලා
    1985+190=2175 /(256.83+x) - 2170/273.5 = 0.07
    x කියන්නේ අවශ්‍ය ඕවර ගණන
    මෙතන අපි දශමස්ථාන දෙකකට ගත්තට තුනකට අරන් තමයි හදන්න ඕනේ. එතකොට රාජස්තාන් 0.06a නම් මුම්බායි 0.06a+.001 විදියට ගන්න ඕනේ.

    ReplyDelete
  20. අඩේ මේක මාරයිනේ...මේ දවස්වල රවි චන්ද්‍ර කුජ බුධ එක්ක නිසා දැන් අපි මේවට ටියුබ් ලයිට්....

    ReplyDelete
  21. අයි පී එල්...යල්පැන ගිය ක්‍රීඩාවක්නෙ අප්පා...කිසි රසයක් නෑ ඒකෙ දැන්...

    ReplyDelete
  22. රාජ්ගේ ඩක්වර්ත් ලුවිස් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාන්න වෙලාවක් ලැබුණේ නෑ... ඒක T20 වලට ගැලපෙන්නේ නෑ කියලා අදහසක් මට තියනවා, තව ඒ ගැන හොයන්න ඕනේ. දෙවනියට බැට් කරන කණ්ඩායමේ ඉලක්කය, විකට් ගණන අනුව වෙනස් වෙන එකට මම විරුද්ධයි.

    හරි, මේ ගැන කතා කලොත්... මුම්බායි 16.1 දි හය ගැහුවත් හරි තමයි. ඒත් එහෙනම් 15.3 දි ලකුණු සම වීමේ ඉඳලා ඊලඟ බෝල තුනම ඩොට් බෝල් වෙන්න ඕනේ. 15.4 පස්සේ වයිඩ් එකක් හරි නෝ බෝල් එකක් හරි දාලා රාජස්තාන් කණ්ඩායමට ලේසියෙන් දිනන්න පුළුවන්.

    සමහර වෙලාවට ක්‍රිකට් වලදි ක්‍රීඩාව යට කරගෙන ගණිතය ඉහලට එනවා. ඩ/ලු ක්‍රමයත් ඒ වගේ එකක් තමයි. හැබැ‍යි මේක සරල කරන්න ගත්ත උත්සාහයන් මීට වඩා අසාර්ථකයි. ඉදිරියේදි ක්‍රිකට් කණ්ඩායමක පුහුණුකරු, වෛද්‍ය, කළමනාකරු තනතුරු වලට අමතරව ගණිතඥයෙකුත් ඕනේ වෙයි. මතකනේ වර්ල්ඩ් කප් එකක දකුණු අප්‍රිකාව අනාගත්ත හැටි ශ්‍රී ලංකාව එක්ක තරඟයකදි.

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නෙ ගණිතඥයා කියලා නෙවෙයි, Match Analyser නැත්නම් තරඟ විශ්ලේෂක කියලා. මේ කියන්නෙ විස්තර විචාරය කරන විශේෂඥ විශ්ලේෂකයො ගැන නෙවෙයි. කණ්ඩායමේම පුහුණුකරුවන් සමග සිටින කෙනෙක් ගැන. මෙයා හැමතිස්සෙම Laptop එකක් තියාගෙන පුහුණුකරුවන් සමග තමයි ඉන්නෙ.
      අකිල

      Delete