Sunday, December 11, 2016

ගෝරිල්ල‍ාගේ කනේපාර සහ වරායේ අවුල.

ඊයේ රාත්‍රියේ රූපවාහිනී ප්‍රවෘත්ති නැරඹීමේදී දුටුවේ අපූරු දසුනකි. අපූරු කීවාට එය අපුල දනවන දසුනකි. වරාය සේවකයන්ගේ අත්අඩංගුවට පත්ව තිබූ හම්බන්තොට වරායේ නැව් දෙකක් නිදහස් කරගැනීමට පැමිණි නාවික හමුදාව අතර කොට කලිසමකින් සහ ටීෂර්ටයකින් සැරසී සිටි 'ගෝරිල්ලකු' මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන පහර දුන් ආකාරයයි. පසුව දැනගත් පරිදි මේ අන් කිසිවකු නොව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවී විජේගුණරත්නය!

හම්බන්තොට වරාය ගැන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නැත. චීනයෙන් ලබාගත් බිලියන එක්දස් පන්සීයකට අාසන්න ණය මුදල්වලින් වරාය සෑදුවද පැමිණි නැවක් නොවූ අතර වරායේ තිබුනා යැයි කියූ ගල, දයාසිරි ජයසේකරගේ බඩපිනුමට පින් සිදුවන්නට කුඩුවී ගිය බව පෙනුනි. රාජපක්ෂ යුගයේදී වරාය ක්‍රමයෙන් ලාභ ලබන තත්වයට පත්වෙමින් තිබූ බව හිටපු ජනාධිපතිවරයා පැවසුවද ඇත්තටම සිදුවූයේ කොළඹ වරායට පැමිණෙන නැව්වලින් කොටසක් බලහත්කාරයෙන් හම්බන්තොටට තල්ලු කර යැවීමයි. එමඟින් උත්සාහ කලේ හම්බන්තොට වරාය ආදායම් උපදවන ස්ථානයක් බව පෙන්වීමයි. ආණ්ඩු මාරුවත් සමඟ මේ තත්වය වෙනස් වූ අතර හම්බන්තොට වරාය ලැබුවා යැයි කියන ලාභයද නැතිවිය. වරාය අධිකාරිය, ලංකාවේ පාඩු ලබන ආයතනයක් නොවුවද කොළඹ වරායෙන් ලබන ලාභය හම්බන්තොට පාඩු පියවීමට වැය කිරීමට සිදුවිය. හම්බන්තොට වරාය චීන සමාගමට ලබාදීමට සිදුවන්නේ මෙවන් පසුබිමකය.

වරායේ තත්වය එසේ වනවිය එහි සේවකයන්ගේ තත්වය තවත් අයහපත් විය. වසර ගණනාවක් තිස්සේ රජ කුමරුවන්ට‍ බැල මෙහෙවර කල තරුණ තරුණියන් වරායේ සේවයට ගත්තේ ඔවුන්ගේ 'වරාය රස්සා' සිහිනය සැබෑ කරන බව පවසමිනි. එහෙත් සොච්චම් වැටුපක් හා කිසිදු දීමනාවක් රහිතව වසර ගණනාවක් සේවය කලද 'වරාය රස්සා' සිහිනය සැබෑ නොවූ අතර ආණ්ඩු පෙරලියෙන් පසුද කොම්පැනි සේවකයන් ලෙස රැකියා සුරක්ෂිතතාවයක් නොමැතිව සේවය කිරීමට ඔවුන්ට සිදුවිය. වරායේ කොටස් චීන සමාගමට විකිණීමේදී රැකියා සුරක්‍ෂිතභාවය ගැන යම් සහතිකයක් ලබා දුන්නද සේවකයන්ගේ අපේක්‍ෂාව වූයේ තවම දිනාගත නොහැකිව තිබූ වරාය අධිකාර‍ියේ රැකියාවයි.

දින කිහිපයකදී අවුල දුරදිග ගිය අතර මුහුදට පැනගත් සේවකයන් නැව් මාර්ගය අවහිර කිරීමත්, පෙරේදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ‍වරායේ තෙල් සංචිත ගැන කියමින් රජයට අනතුරු හැඟවීමට ඔවුන් කටයුතු කිරීමත් හේතුවෙන් වරාය තමන් අතට ගැනීම හැර විකල්පයක් රජයට නොමැති විය. නාවික හමුදාව සිද්ධියට මැදිහත් වන්නේ එලෙසය.

සේවකයන් ඉවත් කර වරායේ පාලනය තමන් අතට ගැනීමේ කාර්යයේදී නාවික හමුදාවේ මැදිහත් වීම, රතුපස්වලදී පිරිසිදු ජලය ඉල්ලූ ජනතාව මර්ධනය කිරීමේදී හෝ කටුනායක ඇඟළුම් කම්හල් සේවකයන් බලහත්කාරී විශ්‍රාම වැටුපට විරුද්ධ වීමේදී හෝ හලාවත ධීවර විරෝධතාවයට ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ හමුදාවේ කාර්යභාරයට වඩා ප්‍රශංසනීයය. වෘත්තීය අරගල පාලනය කිරීමේදී වෛරී සහගතව කටයුතු නොකිරීම ආරක්ෂක අංශ විසින් ප්‍රගුණ කලයුතු නිපුනතාවයකි. මක්නිසාද යත් උද්ඝෝෂකයන් සමඟ පෞද්ගලික අමනාපයක් ආරක්ෂක අංශ සතුව තිබිය නොහැකි බැවිනි. ඒ අර්ථයෙන් නාවික සෙබලුන්ගේ හැසිරීම මෙවන් අවස්ථාවක පොලිසියේ හැසිරීමට වඩා සතුටුදායකය. එහෙත් කිරි කලයට ගොම දැමීමක් වූයේ නාවික හමුදාපතිවරයාගේ අනවශ්‍ය මැදිහත් වීමයි. වරාය තුල වෘත්තීය අරගලයක් කරමින් සිටි නිරායුධ පුරවැසියන් සීයක් දෙසීයක් පාලනය කිරීම සඳහා නාවික හමුදාපතිවරයා මැදිහත් වීම මැස්සෙකුට වෙඩි තැබීමට කාලතුවක්කුවක් පාවිච්චි කිරීමකි. නිල ඇඳුමක් හෝ නොමැතිව පැමිණි නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදීන්ට අසභ්‍ය වචනයෙන් බැනවදිමින් පහරදීම නාවික හමුදාපති තනතුරෙහි තත්වය කෙලෙසීමකි. නීතිය ක්‍රියාත්මක වන රටක නම් මේ වනවිට ඔහු සිටිය යුත්තේ නිල ඇඳුම් රහිතවය.

අවසාන වශයෙන් කිවයුත්තේ හම්බන්තොට වරාය සේවකයන්ගේ ගැටළුව විසඳීමට ආණ්ඩුවේ මැදිහත් වීම මීට වඩා ඇවැසි බවය. මේ සේවකයන් රැකියාවට පැමිණියේ කෙසේද, රැකියාවට කලින් සිටියේ කා සමඟද යන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු කුමක් වුවද ඔවුන් මේ රටේ තරුණ තරුණියන්ය. අවුරුදු පහක් හයක් සේවය කල ඔවුන්ට වර්තමානයේ ඇති රැකියා සුරක්‍ෂිතභාවය හෝ ලැබෙන ආකාරයේ විසඳුමක් ලබා දීමට ආණ්ඩුවට හැකි නම් එය දේශපාලන වශයෙන්ද පාඩුවක් සිදුවන දෙයක් නොවේ.

55 comments:

  1. කමාන්ඩර් යන්නේ තේරුම දෙකයි පනහේ චණ්ඩි පාට් දැමීම නම් ඔය ජොබ් එක නල්ලූරුවේ නොන්ඩි සෝමෙට දෙන්න තිබුණා.

    නේවි කමාන්ඩර් සේවයෙන් පහ කළ යුතුයි.

    ආරක්ෂක ඇමති ඉල්ලා අස්විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවෙ හාබර් එකක් වැටලුවත් එහෙමද දන්නෑ කරන්න ඕන.

      Delete
    2. නේවි කමාන්ඩර් සේවයෙන් පහ කළ යුතුයි.ආරක්ෂක ඇමති ඉල්ලා අස්විය යුතුයි......
      අනේ රසික කොලේට පමණක් ලංකා පුරවැසි බව තියාගෙන ඉන්න ඔබ නොදන්නා මගුලක් තමන්ගේ මගුලක් කරගන්නේ නැතිව ඔසී සුර සැපයි කියලා සිතාගෙන ඉන්න විදිහට ඉන්න .

      Delete
    3. අයුතු ජන රාශියක් විසිර වීමේ වුව ද යම් ක්‍රමවේදයක් තිබේ. පසුගිය වසර දෙක පුරා විශ්ව විද්‍යාල සිසු විරෝධතා මැඩලූයේ එලෙස ය.

      නමුත්, ආබාධිත විශ්‍රාමිකයින්ට පහර දීම සහ මෙතැනදී කමාන්ඩර් විසින් හන්දියේ චණ්ඩියා ගේ පාට් එකට ඇඳීම නීති විරෝධී වේ.

      Delete
    4. ලොකුම විහිළුව කියන්නම්-

      මං මෙතැන ලියා ඇති අදහස් සහ රාජ් ගේ ලිපියේ ලින්ක් එකක් ෆේස්බුකියේ දැමූ විට එයට ප්‍රතිචාර දක්වන ටොයියෙකු මට මහින්දට කඩේ යන බයියෙකු යැයි කියා තිබේ!!!

      Delete
    5. හන්දියේ චණ්ඩියෙකු මෙන් අතින් පයින් වැඩ පෙන්වූ වත්මන් නාවික හමුදාපති දැක, හිටපු නාවික හමුදාපතියෙකු ගේ චණ්ඩි පාට් එකක් ගැන පැරණි කතාවක් සිහිවිය.

      https://rasikalogy.blogspot.com.au/2015/02/sri-lankan-high-commissioner-in.html?m=0

      Delete
  2. මං මේ ගැන කියවෙන පෝස්ට් කීපයකම දැක්කා නාවික හමුදාපති ඇඳං ඉන්නෙ එක්තරා ආකාරයක නාවික ඇඳුමක් තමා කියල... පොඩ්ඩක් ඒ ගැන හොයල බලල දැම්ම නං නේද හොඳ....

    ReplyDelete
    Replies
    1. එහෙනං අර හාමුදුරුවො පාංශුකූල වස්තරේ ඇන්දම ඒකට 'සිවුර' කියනව වගේ, නාවික හමුදාපති මෙහෙම ඇන්දම ඒක 'නිල ඇඳුමක්' වෙනව ඇති මං හිතන්නෙ!

      Delete
    2. From KALAHITHA blog

      "හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන 'සද්දන්ත රැවුල්කාරයා' දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. 'අදනම් බඩුම තමයි' යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය."

      Delete
  3. යහපාලනය ලැබිය යුත්තේ සාමාන්‍ය ජනතාවට මිස එය දඩමීමා කරගෙන තම ආර්ත්මාර්ථකාමී ඉල්ලීම් මහජනතාවගේ වියදමින් ලබා ගැනීමට උත්සාහ කරන දොස්තර වරුන්, බස් හිමියන්, සහ පසුගිය රජයේ හොරුන්ට නොවේ.

    රතුපස්වල සිද්ධියට මැදිහත්විය යුත්තේ පොලිසිය මිස හමුදාව නොවේ. එය සිවිල් සිද්ධියකි. වරායක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පිරිසකින් එය බේරාගැනීමට නාවික හමුදාව හැර වෙන කෙනෙකුට නොහැකිය. එහි තෙල් ගබඩා වලට හානියක් කිරීමට සහ ජාත්‍යන්තරව අවලාදය ලැබිය හැකි විදේශ නැව් වලට හානියක් වීමට ඉඩ තිබුණි.

    ReplyDelete
    Replies
    1. ඔය ටික ඔක්කොම හරි එතනට එනකන්. නමුත් අර ජන මාධ්‍ය කාරයා හිරු හෝ මොකේ හරි ඒ මිනිහට ගහපු එක වැරදියි. තනතුරේ ගෞරවය තියාගෙන හැසිරෙන්න දැන ගන්න එපයි. පොලිස්පතිත් ඒ වගේනේ.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අනේ පුතේ යන්න කිව්ව නං යයි. රවි විජේගුණරත්න මගේ බැච් එකේ කෙනෙක්. මම දන්නා තරමින් ඔහු හරිම නිහතමානී කෙනෙක්. ඔහුගේ රාජකාරිය කරන වෙලාවේ ඔහුගේ ක්‍රියා හමුදා ක්‍රියාවලට අනුකූල ඇති කියා මා සිතනවා. මහජන දේපල වලට හානියක් නොකල රතුපස්වල සහ හානි කරන බවට තර්ජනය තිබූ මාගම්පුර වරායත් දෙකක්. කමියාගේ පෝස්ට් එකෙන් ඔහු රාජකාරියේදී ඉදිරියට යන්නෙක් බව කියා තිබෙනවා.

      Delete
    4. අජිත් අයියා.. ප්‍රාදේශීය මාද්‍ය්වේදියෙකුට සීමාවක් හා සදචාරයක් තියෙන්න ඕනේ නැද්ද?

      Delete
    5. කමි
      ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ සීමාව මොකක්ද? ඔහු අතින් කඩවූ ආචාරධර්මයක් තියනවද?

      Delete
    6. ඉයන් එක්ක ටිකක් එකඟ නෑ. හැබැයි එක එක මතවාද තියෙන්න පුළුවන් මේ ගැන.
      නමුත් පහරදීම වැරදියි

      Delete
    7. //යහපාලනය ලැබිය යුත්තේ සාමාන්‍ය ජනතාවට මිස එය දඩමීමා ..... පසුගිය රජයේ හොරුන්ට නොවේ//

      පිටින් සාධාරණ වගේ පෙනුනට මේක බොහොම භයානක කියමනක් ඉයන්. යහපාලනයක්(තියනවා නම්) තියෙන්නෙ ඕනෙ හැමෝටම. එහෙම නැත්නම් වෙන්නෙ, අපි ආයෙත් මරාගෙ යුගයට, ආපසු ගමන් කිරීමක් -(eg: Star Chamber)

      මම දැක්කා පැරාත් මේකම නූනත් , මේ වගේම ගෝරි.., සමාවෙන්න නා.හ ව සාධාරණීකරන්න හදනවා. මෙතන තියෙන ප්‍රධාන ප්‍රශ්ණෙ , අපේ සමාජයටම ආවේනික ප්‍රශ්ණයක්- call a spade a spade.

      අපි වගේ හුදීජනයාට කමියට වගේ හමුදා පුහුණුවක් ලැබිලා නෑ නෙව? ඉතිං අර ස්විමින් කීට් එක, සොරි සී රිග් එක නිල ඇඳුමක් කියල දැනගෙන හිටියෙ නෑ. මං විතරක් නෙමෙයි තව බොහෝදෙනෙක් දැණගෙන හිටියෙ නෑ. මං හිතන්නෙ අර ගුටිකාපු එකාත් දන්නෙ නෑ වෙන්ටෑ? හමුදාව වගේ ඉහල විනයක්, හික්මීමක් තියෙන්නෙ ඕන ආයතනයක ප්‍රධානියෙක්ගෙ ඒ හැසීරීම දැක්කාම, ඔහුට ලැබුනු "නම්බුනාමය" ගැන මගේ නං අකමැත්තක් නෑ - you reap what you sow


      Delete
    8. කට්ටියක් නේව් කන්නාඩියෙන් බලනවා. කට්ටියක් රෝයල් කන්නාඩියෙන් බලනවා. මේ ආන්ඩුවට පහුගිය ආන්ඩුව වගේ වැඩ කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒත් ඒ ටිකම තමයි වෙන්නේ. මේවට උඩ ගෙඩි දෙන්නෙත් වෙනසක් බලාපොරොතුවෙන් මේ ආන්ඩුව පත්කරගත්ත අය වීමම විහිලුවක්. මේ පෙන්නන්නේ කැපුවත් කොල, නිල්,රතු බයිභාවය හැර මොකක්ද..වැරැද්දට වැරඩ්ද්ද කියන්න ලැජ්ජද.. එක්ස් නේවී සහ එක්ස් රෝයල් අමතක කරමු. මේක රෝයල් එකේවත් නේවි එකේවත් ප්‍රශ්නයක් නෙමේ.

      Delete
    9. අරූ එක්ක 100% ක් එකඟයි...

      Delete
    10. @ Aruna PereraDecember 13, 2016 at 2:25 PM;

      Thumbs up dude!

      Delete
  4. Safeguarding commercial harbours is under the purview of naval role. It was a military operation. Any where in the world responsible media has ethics in military reporting. May be the CoN has over reacted. But in a military operation you can't cuddle the culprits. Regarding the CoN's clothes, as far as I know it is a legal uniform in the sea. Military was called upon. If they failed in their task and law and order didn't prevail on that day, it would have been the end of law and order in the country. Right or wrong have we ever seen these kinds of media reports in western, Indian, Chinese, Cuban or anywhere other than Africa.This country should not be a Swaziland.

    ReplyDelete
    Replies
    1. Dhamso Putha,

      If this comes under the purview of naval code then there are standard codes and procedures to plan and execute it. If Ravi W joins the operation then there is no problem but direct participation of CoN?, This is not like any foreign force trying to take over a country. Man, this is pure dog shit.

      it is not 'may be' he in fact over reacted.

      You know what, there is a reason why there are ranks and responsibilities delegated to those ranks.

      He may be a good guy, brave officer but he certainly lacking professionalism.

      At the end he should be lucky he had only one disturbance to cope with. Otherwise we need more than one commander. How was that sound?

      Take care buddy.

      Delete
    2. //At the end he should be lucky he had only one disturbance to cope with. Otherwise we need more than one commander. How was that sound?//

      Don't Moo like a Cow my dear. It is merely The Commanders choice. Yes at the past war Three Forces Commanders were played multiple roles.

      Delete
  5. මහින්ද ගේ ආණ්ඩුව ගිය පාරේම මේ ආණ්ඩුවත් යනවා බලන්න නෙමේ අපි චන්දේ දුන්නේ.හැබැයි අපි අකමැතිවුනත් මුන් යන්නේත් ඒ පාරේම බවයි පෙන්න තියෙන්නේ.අම්මාගේ රෙද්දේ යහපාලනය.
    අනිත් පැත්තෙන් නිරායුද පොඩි මිනිසුන්ට තග දාන මුන් වගේ උන්ටද රණවිරුවෝ කියන්නේ.

    ReplyDelete
  6. මම නම් නාවික හමුදාපතිගේ කියා කලාපය කෙසේවත් හෙලා නොදකිමි. මල්ල අතට දුන්න විට ඔහු ලස්සනට කඩේට ගොස් ඔනවටත් වැඩියෙන් බඩු ගෙනාවේ ය. උනේ බඩු වැඩි වීම නිසා මගදී මල්ල කඩා වැටීම යි. මීට පෙර ජඩමාධ්‍ය අංස ලේකම්ගේ මල්ලද පොලිස් ලොක්කාගේ මල්ලද මෙලෙස ඕනවට වැඩිය බඩු ඇදීමට ගොස් කඩා ගත්තේ ය. ඔවුන් මේ කරන්නේ කලගුණ සැලකීම යි. කලගුණ සැලකීම උතුම් ගුණයක් නිසා අපි මෙවට මුකුත් කියන්න නරකයි නේද බොලව් එම්.ආර්

    ReplyDelete
  7. නාවික සෙබලුන්ගෙ හැසිරීම අතිවිශිෂ්ටයි. රතුපස්වලක් කටුනායක ,හලාවතක් නොවී නතරවුනේ සාමාන්‍ය නාවිකයන්ගෙ විනය ගරුක වෘත්තීය හැසිරීම නිසා.

    හම්බන්තොට වරායගැනනම් රජය කලේ හොසම විකල්පය. කොළඹ ලාභය හම්බන්තොට පාඩුපියවීමට යෙදවීමත් හම්බන්තොට ණයබර රටේ සියලුම ජනතාවට ගෙවීමට සිදුවීමෙන් රට මුදාගැනීමත් පැසසුම්කටයුතුයි.
    නාමල්ගෙ බැලයන්ට රස්සාදීම අැර වරායෙන් වුන වෙන සෙතක් නෑ.

    ReplyDelete
  8. යහපාලනේ අන්තිම තුරුම්පුවත් ඇද්දා වගේ...
    මේක නම් ඊයා.
    ජයවේවා..!!

    ReplyDelete
  9. මාධ්‍ය වේදීන් යයි කියා ගන්නා උන් දෙවෙනි වන්නේ පාර්ලිමේන්තුවට රිංගන මගෝඩිස්ලාට පමණක් වන්නේ මේ රැකියා දෙකටම කිසිම සුදුසු කමක් නැතුව රිංගා ගත හැකි වීම නිසයි. එහෙව් එවුන්ට පොඩ්ඩක් රිදුනම කලබල වෙන්නෙ ඇයි ආයිබොවන්

    ReplyDelete
    Replies
    1. ඊලඟ ලිපියෙන් උත්තර දෙමි!

      Delete
  10. ඉංගලන්තේ නාවික හමුදාපතිත් මාජ්ජ කාරයෙකුට ගහනව...මං දෑහින්ම දැක්ක ආයුබොවං...ලැජ්ජයි...අම්මප !

    ReplyDelete
  11. උඹ කියන විදියට නාවික හමුදාපති තුමාගේ මැදිහත් වීම හැර අන් සියල්ල හොඳයිනේ.. එහෙනම් ඒක ඒ පුද්ගලයගේ ප්‍රශ්නයක් කියල ඔන්නොහේ අතෑරල දාමු බං..

    ReplyDelete
    Replies
    1. සිද්ධියෙ බැලූ බැල්මටම පේන්නෙ මොකද්ද? ඔහුගේ වානර හැසිරීම. නාවික හමුදාවට කැලලක්

      Delete
  12. Thopi okkoma baiyo. bolaw oka navy sea rig eka. thopi Honda hambanthotatama thamai.

    ReplyDelete
  13. රාජ්, බ්ලොග් ලෝකෙ ගොඩක් ගොබිලයො මේ හැම එකක්ම බලන්නෙ තමන්ගෙ පාට කණ්නාඩිය දාගෙන, රනිල්ගෙ පස්ස ලෙවන උන්ට අනුව මේක හෙන වීර ක්‍රියාවක්. අර ගුටි කාපු මාජ්ජකාරයා වැරදි වැඩක් කරල තියෙන්නෙ, ඌට හැසිරෙන්න දන්නෙ නෑ. මහින්දයගෙ බත් ගොට්ටොන්ට මේක හෙන වැරදි වැඩක්, හැබැයි උන්ගෙ කාලෙ මාජ්ජකාරයො මරනකොට, අතුරුදහන් කරනකොට, ඒවා හොඳයි, උන් කොටි. තව නේවි හිටපු ගොබිලෙක් ලියල තියෙන්නෙ හරියට කළු කොටි කඳවුරකට ගහල බිමට සමතලා කරපු ගානට. දුමින්ද සිල්වා අහිංසකයෙක් වෙච්ච මේ රටේ, ඔය ගෝරිල්ලා ගැන මොන කතාද. ඌ දැන් හෙන වීරයෙක්. මුහුදු කොල්ල කාරයන්ගෙන් නැව් බේරගෙන තියෙන්නෙ, සෙල්ලම් නෑ.

    ReplyDelete
  14. මෙය හිතා මතා පරණ කොන්තරයක් නිසා කළ පහර දීමක්දැයි රවීන්ද්‍ර විඡේගුණරත්න ගේ පහත ප්‍රකාශය අනුව සැක සිතේ!

    "මම මාධ්‍යවේදියකුට පහරදුන්නා නම් ඔහු රෝහල් ගතව ඉන්න ඕනෑ. එයා මාධ්‍යවේදියෙක්‌ නම් කියන්න ඕන මම අහවල් ආයතනයේ මාධ්‍යවේදියෙක්‌ කියලා. එයා මාධ්‍ය ආයතන කිහිපයක ඉන්නවයි කියලා කිව්වා. මෙයා කවුද කියලත් කා සමඟද හිටියේ කියලාත් මා කාලයක සිට දැනගෙන හිටියා."
    http://www.divaina.com/2016/12/12/news02.html

    ReplyDelete
    Replies
    1. අලුත් ලොජික් එකක්. ගැහුව නං ඉස්පිරිතාලෙ ඉන්න ඕන.

      ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එක එක ආයතනවලට නිව්ස් දෙනව.

      Delete
  15. පළවෙනි අවුල හැදෙන්නෙ සාමාන්‍ය සමාජය හමුදා එක එක පක්ෂවලට දාගෙන කතා කරන එකෙන්...ඉස්සර මහින්දගෙ හමුදාව දැන් මෛත්‍රී නෙමෙයි රනිල්ගෙ හමුදාව...ඒක එන්නෙ තවම මහින්ද කණ්ඩයමට ශ්‍රී ලංකා එක ගැන දොලක් තියෙන නිසා කොහොමහරි සෙට් වෙන්න හිතාගෙන මෛත්‍රීව ෂේප් කර ගන්න..එතනම තියෙන දේශපාලන අවුල පැහැදිළි නෙ.
    ඒ වගේම නාවික හමුදාව එක් සීමාවකින් එපිටට කණ්ඩායම තබන බව ඒ වීඩියෝ එක බලද්දි පැහිදිළි වෙනවා.ඒ කුමන හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණයක්.පහර දෙද්දි ඒ සීමාවට ඇතුළත්ව ඉන්නෙ ඔහු පමණයි.ඒක ඔහුට රාජකාරිය කරන්න තිබෙන ආසාව වගේම ඔහු ආයතන ගණනාවකට ප්‍රවෘත්ති සපයන්නෙක් නිසා ආයතන ගණනාවකටම ප්‍රවෘත්තිය විකිණීමට ඇති උවමනාව විය හැකියි.
    දැන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආයතන තියෙනවා.උදාහරණයකට x කියා ගන්න.ඔහු ලංකාවෙ තිබෙ සෑම මාධ්‍ය ආයතනයකටම ප්‍රවෘත්ති ලබා දෙන පුද්ගලයෙක්.එහෙම වුණාම ඔහු ආයතනයක් පිහිටුවාගෙන කණ්ඩායමක් හසුරුවනවා.ඒ කණ්ඩායමේ සාමාජිකයන් තැනින් තැනට යවා ප්‍රවෘත්ති ලබා ගන්නවා.ඒ විදිහට මේක ව්‍යාපාරයක් වෙලා තියෙන්නෙ.
    මේ තරඟය නිසා ව්‍යාපාරය නිසා ඔහුට ඒ සීමාවෙන් පිටත රදවන්න නාවික හමුදාව කියන එක ඇහුණේ නැති ද?එහෙමත් නැත්නම් මාධ්‍යවේදියාට ඒ සීමාව අදාළ නොවේ කියන හැඟීම ආවාද කියන දේ හිතන්නත් වෙනවා.දෙවන සිතුවිල්ලෙන් ක්‍රියා කළානම් මාධ්‍යයටත් ආරක්ෂාව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ අදාළ වෙනවා.මතුපිටෙන් ඒ අදාළ භාවය රැක ගනිමින් ප්‍රවෘත්තියේ අප නොදකින තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කිරිම සිදුවන්නේ ඔහු තුළ ඇති අත්දැකීම් සහ බුද්ධිය අනුවයි.
    සේවකයන් පළමුව නාවික හමුදාවට කියන්නේ ඔවුන් දියට පනින බවයි.එසේ පැන ජීවිතයක් අහිමි වූවේනම් නාවික හමුදාපති ඉදළත් ඒක නවත්තගන්න බැරි වුණානෙ,ඌ පොන්නයෙක්ද කියන පැනය අහන්නෙත් ඔය ගෝරිල්ලා වචනය ලියන අයමයි.ඒ තත්ත්වයට මුහුණ දී සිටි නාවික හමුදාපති ගැන කවුරුත්ම ඒ කෝණයෙන් බලන්නෙ නැහැ.ඔහු නිවැරදි කරන්නට අවශ්‍යය නැහැ.ඔහුටත් පීඩාවක් තියෙනවා මාධ්‍යකරුවාට ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඇති උවමනාවට සමානවම.අපි ඒක තේරුම් ගන්නත් ඕනි.
    පහරදීම වත්තට එපා කියද්දි මනුස්සෙක් ආවම කරනව වගේ වැඩක්.ඒත් එපා කියලා ආවාට ගහන්න බැහැ.නීතිය කියන්නෙ ඒකයි.සාමාන්‍ය තත්ත්වය ගහන එකයි.ඒ නිසා මේක සිදු වූ වීශාලතම සිදුවීම නෙමෙයි....
    රැකියා ලබා ගත්තේ කෙසේද?දැන් ඒ කාරණය ගැන හොයන්න වෙනවා.ලංකාවෙ තිබෙන හෝ තිබුණ දේශපාලනයේ කැත එළියට පෙන්නන්න මේක අවස්ථාවක්.රැකියාවට ආවේ කොහොමද?
    කවුද දුන්නේ ඒ වෙනුවෙන් යමක් දෙන්න වූවානම් කවුද ගත්තෙ?මෙ සියල්ල සොයා හෙළිදරව කර ප්‍රසිද්ධ කර මේ පිරිසගේ අනාගතයට යමක් කළ යුතුයි.එය කළ සිදු කළ නොහැකිනම් සියල්ල වෙනුවෙන් (එසේ පුරවා ඇති රාජ්‍ය ආයතන අපමණයි)ඉතිරි පිරිසට වන්දියක් හෝ ලබා දිය යුතුයි.ඔවුන්ට ජීවිත පවත්වාගෙන යන්න උදව් කළ යුතුයි.

    ReplyDelete
  16. කාලෙකට පස්සෙ අදහසක් දක්වන නිසා තව කාරණයක් කියන්නම්...මාධ්‍ය සමාජයේ හැරෙන්නට ඒකාබද්ධ විපක්ෂය මේ සම්බන්ධයෙන් දැක්විය යුතු විරෝධය හරියට එළියට දාන්නෙ නැතිකමක් තියෙනවා නේද?
    ඊට හේතුව යෝෂිතව අනවශ්‍යය විදිහට සුදුසුකම් නොසළකා පුම්බා තැබීමේ චෝදනාවට වගකිව යුත්තේ මේ නාවික හමුදා නිලධාරියා බැවින්ය.ඒ ආකාරයට චෝදනා තිබියදි පත් කළ මොහුව එළවා දැමීමට ආණ්ඩුවට තල්ලුවක් දීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නැත.එය නැවත අලුත් නාවිකහමුදාපතිවරයෙක් හරහා යෝෂිත සම්බන්ධ ක්‍රියාදාමය සක්‍රීයවීමට හැකි බැවින්ය..
    අපිට අදාළ වන ලංකාවේ දේශපාලනයට අදාළ නැති බොහෝ දේ ඇති බව පැහැදිළිය...හමුදාවද,මානව සමබන්ධතා ද දේශපාලන පක්ෂ හරහා දකින සිතන නඩත්තු කරන පිරිසට ස්වාධීන වීමේ අවශ්‍යයතාවය සපුරා ගන්නට ආරාධනා කරන්නේ එබැවින්ය

    ReplyDelete
  17. Raj mahaththayo......
    Navy uniform godak thitenawa.....
    Me Kota kalisamai T shirt ekai muhudedi bavitha Karana nila anduma. Mekata thamai sea rig kiyananne. Umbata akuru liyanna puluwan unata wachana galapa gaththata gon part Danna epa.....

    ReplyDelete
    Replies
    1. හරි. පිලිගන්නං. දැං ප්‍රධාන ප්‍රශ්නය, ඕක ඇන්දම කනට ගහන්න අයිතියක් එනවද?

      Delete
    2. ඒක නිල ඇඳුමක් නෙවෙයි ශෝටක් සමග ටී ෂර්ට් එකක් කියන්න අයිතියක් තියනවද?

      Delete
    3. මොහාන්,

      සී රිග් එකට ඔය ඉට්ටයිල් පාට පාට සපත්තුත් දෙන්නේ මොන නේවි එකේද කොල්ලෝ.
      එතකොට ආපු අනිත් උන්ට පුල් යුනිෆෝම්!
      අනේ උඹයි මැයි දන්න සී රිග්.

      Delete