Wednesday, June 20, 2012

ප්‍රේමදාස ජනාධිපතිතුමා සහ සාජන් මහත්තය.

මේක ඇත්තම කතාවක්. එක්දහස් නවසිය බර ගනන්වල ප්‍රේමදාස ජනාධිපතිතුමා රට පුරාම ගම්උදා පිහිටෙවුව මතක ඇතිනේ. අසූ ගනං වල අගහරියෙ සහ ඉන් පස්සෙ ඉපදිලා බ්ලොග් ලියන හිච්චි එවුන්ට නං මතක නැතුවැති. අනිත් උදවියට මතක ඇති. මේ කියන්න යන කතාව ඒකාලෙ එකක්.

හරියටම කියනව නං ඒ කතරගම ගම්උදා උත්සවය වෙලාව. ප්‍රේමදාස ජනාධිපතිතුමා විවෘත කිරීමට ඇවිල්ල ස්ටේජ් එකේ ඉන්නව. ස්ටේජ්එක කවර් කරල යකඩ වැටක් තියනව. දන්නව ඇතිනෙ අර යකඩ බටවලින් හදන්නෙ- මනුස්සයන්ට එයින් ඇතුලට එන්න බැරි විදියට- ඔන්න ඔය වැටේ එක තැනකින් තිබුන ඇතුල්වෙන්න පුළුවන් ඉස්තානයක්. චෑන්ස් එකක් ලැබුනොත් එතනින් ඇතුල් වෙන්න බොහෝ දෙනෙක් බලාගෙන හිටිය. නිකං නෙවේ ලියුං කඩදහිත් ලියාගෙන. ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ තිබුනෙ අමුතු ගතිගුණ. එයා මුනගැහෙන්න එන සාමාන්‍ය මිනිස්සු කිහිප දෙනෙකුට හරි අවස්තාව දෙනව තමන් ලඟට එන්න. ඒක මම එකසැරයක් ඇස්දෙකෙන්ම දැක්ක. ඒ අපේ පැත්තෙ ගාමන්ට් එකක් විවෘත කරන්න ආපු අවස්තාවක. හුඟක් දෙනා ලියුං කෑල්ලක් ලියාගෙනයි එන්නෙ වැඩි හොඳට. ජනාධිපතිතුමාට ඒක දෙන්න පුළුවන්කම ලැබුනොත් බොහෝවිට ප්‍රශ්නෙ විසඳෙනව කියල මම අහල තියනව.

ඔන්න ඔය විදියට ඇතුළුවෙන තැන රැස්කකා හිටිය මිනිස්සු පාලනය කරන්න හිටියෙ අපේ කතා නායකයා වෙච්ච පොලිසියෙ සාජන් මහත්තයෙක්. සෙනඟ තදබදය කොච්චර වැඩිද කියනව නම් සාජන් මහත්තයට සිදුවුනා අත්දෙක දෙපැත්තට විහිදවල ඇතුල්වෙන්න උත්සාහ කරන සෙනඟ නවත්වන්න.

ඒ වෙනකොටත් කවුදෝ කථිකයෙක් වේදිකාවෙ ජනාධිපතිතුමාගෙ ගුණ ගායනයක්ලු. වටපිට බැලුව ජනාධිපතිතුමා දැක්කලු තමන් මුනගැහෙන්න උත්සාහ කරන රටවැසියනුයි ඔවුන් නවත්වගෙන ඉන්න අපේ සාජන් මහත්තයගෙයි රංගනය. එතුමා සාජන් මහත්තයට අතින් කතාකලා. සාජන් මහත්තයට ආව. මිණිස්සුත් නැවතුනා. ජනාධිපතිතුමාට සැලියුට් කල සාජන් මහත්තයට එතුමා ලඟට කිට්ටු කලා.

"කමක් නෑ ඉඳලහිටල එක්කෙනෙකුට දෙන්නෙකුට එන්න ඉඩ දෙන්න" ජනතාව ගැන ජනාධිපතිතුමා කිව්ව.


"හොඳයි සර්" කිව්ව සාජන් මහත්තයට ඩියුටිය පටන් ගත්ත.

රැස්වීම ඉවරඋනාට පස්සෙ තමයි හොඳම සිද්ධිය සිද්ධවුනේ.
සාජන් මහත්තයට ජනාධිපතිතුමා කතාකල බව එතන හිටිය පොලිස් ලොක්කෙක් බලාගෙන හිටිය. උන්නැහේට ඕනවුනා මොකක්ද ජනාධිපතිතුමා කිව්වෙ කියල දැනගන්න. කතාකලා අපේ සාජන් මහත්තයට,

"අයිසෙ, මොකද්ද තමුසෙට ලොක්ක කිව්වෙ?"

සාජන් මහත්තයට ගණදෙවි නුවණ පහලවුනා,

"සර් ජනාධිපතිතුමා ඇහුවනෙ 'තාමත් සාජන්ද' කියල, බලන්න සර් එතුමාට මතක තිබිල මාව"

කොහොමද සාජන් මහත්තයගෙ මොලේ. උසස්වීමක් ලැබුනද කියල නං හරියටම දන්නෙ නෑ!


83 comments:

  1. අන්න සාජන්ල.. කල දුටු කල වල ඉහගන්න දන්න පොරවල්

    ReplyDelete
  2. Ethakota api hichchi aeyoooo... Hmmm onna ohoma thama inna ona... Police lokkata monawa hithunada danne na.. Monawa unath premadasa mahathaya godak hoda wadath kala kiyala ahala thiyanawa...

    ReplyDelete
    Replies
    1. මොකෑ මේ සිංග්ලිෂ්?

      Delete
  3. හෙහ් හෙහ් හොහ් .... පොලිස්කාරයොන්ට ඔය නුවණ පහළ වෙන්නෙ යුනිෆෝම් එක දාගත්තු දවසෙමයි.

    අපිත් පොඩි කාලෙ ගම් උදා දෙකක්ද තුනක්ද බලන්න ගියා මතකයි. වැඩි මතකයක් නම් නෑ, ගුවන් යානයක අනුරුවක් වගේ හදල තිබුණු එකක නියමු කුටියට ගියා. තව ලාඕජී ප්‍රදර්ශන කුටියකින් එයාලගෙ ප්‍රොඩක්ට්ස් මොනව හරි ගත්තම දීපු මග් එකක් මෑතක් වනතුරුම ගෙදර තිබුණ. අපි ඒ කාලෙ ආසාවෙන් බලපු කෝපි කඩේ නළු නිළියො ප්‍රදර්ශන භූමියෙ තැනින් තැන ඇවිදල මිනිස්සුත් එක්ක කතා කරනවත් මතකයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තට අපිත් ඒ කාලෙ ආසාවෙන් බැලුව ඔය කෝපි කඩේ. දැන් නම් වහ කදුරු වගේ. දේසපාලනේ නොවැ නාට්ටිය පුරාම.

      Delete
    2. දැං කෝපිකඩේ අයිටීඑන් එකේ එවුන්වත් බලනවද දන්නෑ.

      Delete
    3. නළු නිලියො වත් බලන් නැතුව ඇති :))

      Delete
  4. හොහ් හොහ් හොහ්! ඔයවගෙ උත්සවයකදි ජාතික කොඩියක ගැගේ බුරුල්වෙලා වැටිලත් පොලෝසියට ඕවගෙ වැඩක් වුනාලු නේද?

    henryblogwalker the Dude

    ReplyDelete
  5. මේ සාජන් ඉන්න ඕනේ සාජන්කමේ නෙමෙයි අඩුම ගාණේ ඩී.අයි.ජී කමේ :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ස්තානෝචිත ප්‍රඥාවද මොකද්ද කියන්නෙ ඕක වෙන්ටෑ.

      Delete
  6. උඹට මේකෙන් ගැලවෙන්න බෑ පුතා.. කොහෙන් ලිවුවත් දේශපාළනේ නැත්තං දේශපාලකයෙක් ඉන්නවාම තමයි....

    ReplyDelete
    Replies
    1. බලාපල්ලකො ඊලඟ පෝස්ටුවෙ දේශපාලනේ තියනවද කියල!

      Delete
    2. හැබැයි 1 කොන්දේසියක්, දියවන්නාවෙ ඇත්තො කට අරින්න ඔට්ටු නෑ. :-)

      Delete
  7. හිකිස්....හැබැයි මමනං ඔය අසූ ගනන් වලත් අන්තිම සූට්ටෙ ඉපදිච්ච හච්චි කොල්ලා හින්දා ඕවා ගැන නම් දන්නෙම නෑ...

    ReplyDelete
  8. පොලිස් කාරයන්ට ඔයිට වඩා මොලේ තියෙනවා මං හිතන්නේ..

    ReplyDelete
  9. මේකත් වුනේ කතරගම ගම් උදා භූමියේදීම තමයි. ඔන්න ලොක්කට ඕනෙ වුනා එතුමට මුලින්ම තිබුනු ඔස්ටින් මිනි කාර් එකෙන් ගම් උදාව වටේ යන්න. හැබැයි මේ කාර්වල ඒ සී නැහැ. දැන් කාර් එක ගම් උදාභූමියට ගෙනත් මැවිසුරුවන්ට හෙන ප්‍රශ්නේ ඇයි මේකට ඒ සී හයි කරන්න තැනක් නැහැ. හිටියලු කොලු පහේ මැවිසුරුවෙක් ඊයෙ පෙරේදා පාස් වෙච්ච ගමන්. පොර කිව්වලු දෙන්නම් වැඩේ කියලා පරණ ශීතරණයක කොම්ප්‍රෙෂර් එක පොඩි ඩිකියට දාල හයි කලාලු. ඩිකියෙන් වැඩක් නැහැ නොවැ. ඔන්න දැන් තිතට ඒ සී . ලොක්ක ගියාලු ෆ්‍රිජ් එකේ බැහැල ගම් උදාව වටේටම.

    ReplyDelete
    Replies
    1. පට්ට ඩයල් එකක් නේ. අද වගේ නම් ඒ/සී බාස්ව සුදු වෑන් එකක දාගෙන යනවා පහුවෙනිදම.
      උතුමානන්ට අවමන් කලා කියල.

      Delete
    2. පට්ට සීන් එකක්නෙ.

      සෑම්
      ඇයි බං සුදුවෑන්වල යන්නෙ මක්කටෙයි, දැං ඉන්න ලොක්ක කවද්ද ඒසී නැති වාහනේක ගියේ.

      Delete
    3. හිකිස්.. වාහන??

      ‍පොර රෙන්න යන්නෙත් චොපර් එකක.. :)

      Delete
  10. එළ සාජන් බුවෙක් නේ..... ඔය සාජන්ගේ නම සිල්වා ලු. අර පොලිස් ලොක්කා අහලා තියෙනවා සිල්වා මිනිස්සු කී දෙනෙක් උබේ අත් දෙක අස්සෙන් රින්ගලා ගියාද මෙහෙමද ඩියුටි කරන්නේ ලොක්කා ඉස්සරහා කියලා, මිනිහා ගත් කටටම කියල තනි සිල්වනේ සර් කියලා...ලොක්කා කොර ලු....

    ReplyDelete
    Replies
    1. සිල්වා මිනිස්සු කී දෙනෙක් උබේ අත් දෙක අස්සෙන් රින්ගලා ගියාද
      :D

      Delete
  11. ඒ කාලේ හොඳ හොඳ රංගන තිබුනා.. 89/90 ගණන් වල රස්සාව;ල හිටි අපි විඳපු ආතල් නම් ආයිත් හම්බ නොවේවා

    ReplyDelete
    Replies
    1. බුදු අම්මෝ සරත් අයිය ඒකාලෙත් රස්සා කලාද? :)

      Delete
    2. Pic එකේ පෙනෙන විදියටනම් මානව වර්ගයා බිහිවෙන්නත් කලින් රස්සාවල් කරන්න ඇතියි කියලා හිතෙනවා.(joke.....:D)

      Delete
  12. කියවන්න පටන් ගත්ත විතරයි මල පැන්නා සෑමාට...

    //අසූ ගනං වල අගහරියෙ සහ ඉන් පස්සෙ ඉපදිලා බ්ලොග් ලියන හිච්චි එවුන්ට නං මතක නැතුවැති.//

    හිටු කියවල ආයෙත් එන්නම්..

    ** ඇයි යකෝ අපි දන්නෙ නැද්ද ගම් උදාව..??

    ReplyDelete
    Replies
    1. ඔම නොදුටු ලොවක් කිව්ව වගේ පොර ගේ නම සිල්වා නම් වෙන්න පුලුවං.

      දන්නවනේ ඔය අපේ පැත්තේ සිල්වා මහත්තයා ගේ වැඩ.

      Delete
    2. හා හා සද්ද නැතුව හිටපං. වයස දැනගනී.

      Delete
    3. @ සෑම්
      උඹලාගෙ පැත්තෙ ඉන්න සිල්වා ඒ කාලේ හිටියෙ ඒ පැත්තෙ...

      Delete
    4. අපි එලවපු සිල්වට සෑම්ල ඡන්දෙ දීල යැව්වනේ. :)

      Delete
    5. අන්න සෑමෝ කතා කරහන් ඇයි යකෝ...

      Delete
    6. අපොයි එහෙද ඒ ජුන්ටා හිටියේ? අපේ බලු කුක්කා වත් දෙන්නෙ නැහැ ඒ ජුන්ටාට.

      හම්බුන වෙලාවක අහපං 'බෙවන් පෙරේරා' දන්නවද කියලා ?
      වටපිට බලලා කවුරුත් නැත්තං උබට වදී..

      අපි නොදන්න සිල්වා.. හිකිස්..

      Delete
  13. Replies
    1. සෑමා බොරුවට තොප්පි දාගෙනනෙ (රහසින්)ඌ මටත් වඩා වයසයි..

      Delete
  14. හික්ස් ආන් හරි අසුගන්න් අග හිච්චි එවුන්..හික්ස්..මොනා උනත් ප්‍රෙමේ උන්නැහේ ගාවත් හොඳ වැඩ තිබ්බා දැන් නවීන විදිහට කෙරෙන ඒවායෙන් සමහරක් ඒකාලේ බෙසීක් එව්වා නොවෙද....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. නම වෙනස් කරල අයිසින් පොඩ්ඩක් දාල. සමහර ඒව නම් පුස් කාල.

      Delete
    2. ඒ කාලෙ හොඳ නරක මිශ්‍රව තිබුන. අයිසින් වැඩත් තිබුන.

      Delete
  15. ඔය වගේම තව සිද්දියක් තියෙනව..., ගම් උදාව කතාවක..කඹුරුපිටියෙ මට මතක විදියට..,ගාල්ලට ඇවිල්ල තමයි එදා යන්න තිබිල තියෙන්නෙ. ගාල්ලෙ කො‍ටුවෙ පරණ ඔරලෝසු කනුවෙ ඔරලෝසුව වැඩ කරන්නැහැ කියල එතුමා දැකල පොලීසියෙ ලොක්කෙකුට කතාකරල සැරෙන් කිව්වලු.." මොකද..?..මේ..මෙච්චර වටිනාකමක් තියෙන ඔරලෝසුව වැඩ නැත්තෙ..මම දැන් කඹුරුපිටි ගිහින් එනව පැය 3කින් වහාම හදල තියෙන්න ඕන" කියල එතුමා කිව්වොත් ඉතින් කිව්ව තමයි..අනික වෙලාව කිව්වොත් වෙලාවටම වැඩ්...කියල ප්‍රසිද්ධයිනෙ කතාව කෙටියෙන් කිව්වොත් ,කරල තියෙන්නෙ.. එතුමා එන වෙලාවට ,ඔරලෝසු කනුවට 3දෙනෙක් නැගල, එක්කෙනෙක්..එතුමා එනවද බලනවා..අනිකා..වෙලාව කියනවා, අනිකා ක‍ටුකරකවනවා..එතුමා ආවා වෙලාව බැලුවා අත් ඔරලෝසුවෙන්...හරි.., ගුඩ්. ගුඩ්..කිව්ව ගියා. මමත් අහපු කතාවක්..!

    ReplyDelete
    Replies
    1. ඔය එන්නෙ හැංගිච්ච කතා. මට මැවිල පේනව අරුං ඔරලෝසුවෙ කටු කරකවන හැටි.

      Delete
    2. හැබැයි කටු කරකවපු උන් ගැන දැනගත්තනම් පාංශුකූලෙවත් නෑ උන්ට...

      Delete
  16. ඔය වගේ පොලිස් නම් අසූ ගණන් වල හිටියා. මාත් ඔය කාලෙම වගේ පොලිසියෙ මහත්තැන් කෙනෙකුට 'පොලිස් කාරයා' කියල මූණටම කියල දේශනාවක් අහ ගත්තා (හැබැයි බැන්නේ නෑ). හැබයි ඔය වගේ පුංචි බොරුවක් කිව්වහම මොකෝ, පොලිස් ලොක්කගෙ අතින් පයින් යනවා ඈ....

    ඒක නෙමේ කෝ අර කිව්ව කක්කා කථාව.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ පොඩිඑකා වෙන්ටැති මගේ හිතේ.
      කක්ක කතා එනව.

      Delete
  17. පොලිසීයේ මහත්තයෙක් වෙච්චි එකේ එහෙම කෙප්පයක් නොකිව්වනම් තමා පුදුමේ!

    ReplyDelete
    Replies
    1. හ්ම්. ඔව්ව මොනවද නැද්ද!

      Delete
  18. සාජන් කාරයා පේමෙ ගැන හොදට දන්න පොරක් වෙන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ඒත් ඌ කලින් දැන හඳුනන එකෙක් නෙවේ.

      Delete
  19. මාර සාජන් කාරයෙක්නේ බං... අනිවා ප්ම්‍රෝට් වෙන්න ඇති...

    ReplyDelete
  20. ලොක්කා බය වෙන්න ඇති සාජන් එක්ක ජනාධිපති කතා කරද්දී.

    ReplyDelete
  21. පොලිස් ලොක්කෝ විශ්වාස කරන්න බැරි ජාතිය. සාජන් කාරයාට ට්‍රාන්ස්ෆර් එකක් වත් දුන්නද දන්නෑ පොලිස්බලු අංශෙට නැත්තං ගරාජ් එකට :-)

    ReplyDelete
    Replies
    1. එච්චරම එඩිතර වෙයිද?

      Delete
  22. සමූහ ගායනා තරගයකින් ජයග්‍ර‍හණය කරලා 1992 පාර්ලිමේන්තු තෙවර්ෂ පූර්ණ උත්සවයේදී එතුමා ලගමටම ගිහින් ගායනා කරපු කණ්ඩායමක සමාජිකයෙක් තමයි සිරා..... ගායනය අවසානයේ හිනාවෙලා එතුමා අපිට සුභ පතපු ඒ මතකය මේ පෝස්ටුව දැක්කට පස්සෙ අලුත් වුනා.....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්.... තැන්කූ. හොඳ මතකයක්.

      Delete
    2. එතුමට හිනා යන්න ඇති සිරාගේ සෘති වලට :)

      Delete
  23. අපි හිච්චි උං හින්ද දන්නෙ නෑ.... කතාව මරු...

    ReplyDelete
    Replies
    1. මාත් වැඩි වයසක නෙවේ බං.

      Delete
  24. ඒකාට උසස්වීමක් ලැබෙන්ඩ ඇති නෙහ් !!

    ReplyDelete
  25. සාජන් කිව්වම මතක් වුණේ වෙන සාජන් කෙනෙක්ව. එයාගෙ මරණෙටත් මේ ජනාධිපති තුමාට චෝදනා එල්ලවුණු බව අහල තියේ.
    (අපිට කොචොක් එක දාලා කතාව පටන්ගත්තට අපිත් අහල තියේ මේ වගේ කතන්දර :D )

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.... ඔය ඉතිං තොප්පිය දාගන්නවනේ. අන්න සෑමටත් මල පැනල :)

      Delete
  26. හෙහේ..එහෙනම් එදා අවස්තාව හම්බුනේ උන්දැට තමා.. ඔයැයි ඔය කතාව දන්නවා නම් ඇයි අප්පා සාජන්ට උසස්විමක් ලැබුනාදැයි කියලා නොදන්නේ...ම්හ්..

    ReplyDelete
    Replies
    1. එතන ඉඳපු එකෙක් කිව්වෙ. ඊට වඩා විස්තර අහන්න ගියේ නෑ.

      Delete
  27. අන්න මොලේ ඇති මිනිස්සු... උසස්වීමක් අනිවා හම්බුවෙන්න ඇති..

    ReplyDelete
  28. පොලීසියෙනං ඔව්ව අමුතුවෙන් කියල දෙන්න ඕන නෑනෙ.උන් දන්නව වල ඉහගන්න...:D

    ReplyDelete
  29. ඔය වගේ උන් තමයි ලේසියෙන් ම ප්‍රමෝෂන් ගන්නේ. මොකෝ බොරුවක් කිව්වට අතින් පයින් යන එකක්යැ! (මමත් හිච්චි එකෙකි!). මෙවන් ඉතිහාස කතා අපගේ දැනුම වඩවන බව නම් සිකුරු ය.

    ReplyDelete
  30. අපි ඒ කාලෙ පොඩ්ඩොනෙ

    ReplyDelete
  31. හා අසූ ගනන්වලද.. එහෙනං ඉතිං මම නෑ නොවැ.

    ReplyDelete
  32. ආයේ ඉතින් මොනවද.....හෝදන්න දෙයක් ඇත්තෙම නෑ හි හි

    ReplyDelete
  33. අන්න දියුණු වෙන්න පුළුවන් මොලේ ඇති අදකාලෙටත් ගැලපෙන මිනිහෙක් :ප

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉස්පිල්ල හැලිල :පී

      Delete
  34. පට්ට සිල්වා.. අර වෙඩි තියල රට ගිය සිල්වට හොදයිලු නේ ?

    ReplyDelete
    Replies
    1. හ්ම්. අගමැතිතුමා බලන්නත් ආව කියන්නෙ!

      Delete