Thursday, April 11, 2013

පෝලිමක් දාමුද?.......

ඊයෙ ගියා පෙට් මැසිම ලඟට පඩිය ගන්න. අප්පට හුඩු! පොලිම මීටර සීයක් විතර ඇති. බදාදා කඩපොලට ආපු මනුස්සයො බඩු මළු උස්සගෙන පෝලිමේ. ඔය සීන්එක අපේ බැංකුව ලඟකදි ඉඳල දියත්කල වැඩපිලිවෙලක ප්‍රතිපලයක් විදියට වෙච්ච කේස් එකක්. අතගාල වැඩිවුනාම අර මොකද්ද යනව වගේ ප්‍රතිපලේ පොලිම. පෝලිම කිව්වම ඉතිං ඉස්සර තිබුන පෝලිම් යුගයක්. 70-77 අම්මගෙ ආණ්ඩුව කාලෙ බැටරි කෑල්ලක් ගන්නත් පරණ බැටරිය තියාගෙන පෝලිමේ ඉන්න උනාලු. ඉස්සර මේ පැත්තෙ ගාමන්ට් එකක් ඕපන් කරන්න ආපු ප්‍රේමදාස මහත්තය කිව්ව විදියට ඔය පෝලිම් වලදි සමහර අම්මලාට බබාල ලැබුනලු. කොහොමහරි ඔන්න ඒ කාලෙ සමූපකාරයක තිබුනලු මොනවද පෝලිමක්. සෑහෙන දිගයිලු. එක මරුමුස් ඩයල් එකක් ටික වෙලාවක් පෝලිමේ ඉඳල බනිනවලු මැනේජර්ට. මෑන් ඒ වෙද්දිත් ටිකක් අනුමත වෙලා ඉඳල තියෙන්නෙ.

"අරි! මං මේක මැනේජරෙයත් එක්ක බේරගන්නංකො" කියපු මෑන් ගියාලු පිටිපස්ස පැත්තෙන්.
ඊට විනාඩි දහයකට විතර පස්සෙ මෙන්න බොලේ මෑන් හිමීට පෝලිමේ පිටිපස්සට ඇවිල්ල සෙට්වුනාලු. මේ අතරෙ ටිකක් කට තියන මහත්තයෙක් ටෝකක් දුන්නලු.

"ඇයි ආපහු පෝලිමට ආවෙ?"

"කොඒද බොෂ්, ඌට ගේම දෙන්ඩ ඉන්න එවුන්ගෙ පෝලිම මේවගේ තුනක් විතරෑති"

ඉස්සර අපි අට වසරෙ විතර ඉන්න කාලෙ සාපෙල හිටිය අයියල අක්කලගෙ විවාදයක් සංවිධානය කලා. ඒ කාලෙ දැං වගේ විවාද ටීම් හිටියෙ නෑ ඉස්කෝල වල. ඒකට දැං. ඕන ඉස්කෝලෙක ඉන්නව විවාද ටීම් එකක්, ඒ මදිවට දැං හැමතැනම බිග් මැච්. හරි ඔය විවාදෙ කලේ විවෘත ආර්තිකේ හොඳයි-නරකයි විදියට. එක අයියකෙනෙක් කියනව මෙහෙම.

"ගුරු මව්වරුනි පියවරුනි නංගී මල්ලී 70-77 කාලෙ බඩු ගන්න බැරිවුනේ අපිට විතරයි. දේශපාලනය කරපු අපේ මාම කෙනෙක් ඒකාලෙ ගිහිල්ල තිබුන ඇමතිකෙනෙකුගෙ ගෙදර. යනකොට ඇමතිතුමාගෙ ‍ගෙදර ලඟ පාරෙ අලුත්ම අලුත් ටයර් එකක් පදිනව ඇමතිතුමාගෙ ලොකු පුතා,.....(ඒ කාලෙ ටයර් එකක් ගන්න උපරිම කට්ටක් කන්න වෙනව, ටයර් පැදිල්ල ගැන ඔහේල දන්නවද මංද!)...ගේට්ටුව ඇරගෙන ඇතුලට යනකොට ඇමතිතුමාගෙ දුව යාලුවො එක්ක මිදුලෙ ලීකෙළි ගහනව උම්බලකඩ පොලු වලින්...... ඒක බලාගෙන කුස්සිය පැත්තට ගියාම චූටි දුව පරිප්පු වලට වතුර දාල කෝම්පිට්ටු හදනව......අන්න එහෙමයි ආර්තිකේ..."

ළමයි හිනාවෙනව ආතල් එකට. ගුරුවරු හිනා වෙනව 'මුගේ පණ්ඩිතකම' කිය කිය.

කතාවෙන් කතාවෙන් බැංකුවෙ කතාව අමතක වෙනව. පඩි දවසට එහෙම අපේ බැංකුව හරි බිසි. එහෙම දවසකට පොල දවසක් සෙට් උනොත් සොරි තමයි. ඔන්න ඊයෙත් ඒ වගේ. හේතුව මේකයි. මේ පැතිවල එච්චර සල්ලිබාගෙ තියන මිනිස්සු නෑ. කීයක් හරි හොයාගෙන ටිකක් බැංකුවෙ දාල අනිත් ඒවයෙන් තමයි බඩු ගෙනියන්නෙ. හුටා! සල්ලි ඇතත් නැතත් කරන්නෙ ඕකනේද. අර එකෙක් කිව්ව උගේ කුඹුරෙ ගොයම් කපල පාගල අවසානයේ, "වැඩක් නෑ බං කන්නයි විකුණන්නයි විතරයි තියෙන්නෙ" කියල. කොහොමහරි පොඩි පොඩි ගනන් ගන්න බැංකුවට එන මිනිස්සුන්ට ඇප්ලිකේෂන් පුරවල දීල පෙට් කාඩ් එක ගන්න වැඩ සලස්වනව. මේ වැඩේ මාස ගානක ඉඳල කලාට පස්සෙ බැංකුවට යන්නෙ ලයිට්බිල ගෙවන්න විතරයි. ගැජමැටික් ගැන තියා සාක්ෂරතාවයවත් නැති මිනිස්සුන්ට කාඩ් එකෙන් සල්ලි ගන්න තේරුමක් නෑ. ඉතිං පෙට් එක ලඟ පරක්කුව ඩබල්. සමහර මනුස්සයො ලඟ ඉන්න කෙනෙකුට කියල තමයි සල්ලි ගන්නෙ. එක දවසක් මම වයසක අම්ම කෙනෙකුට සල්ලි අරන් දුන්න. කාඩ් එකේ පින් එකත් ඒක ඇතුලෙ තිබුනෙ. අන්තිමට වෙන්නෙ මේවගේ වැඩ තමයි.

පොලිං ගැන කිව්වම මතක් උනේ මම ඉස්සර ගියා ඉංග්‍රීසි පංතියකට. සර් කියනව වාක්‍ය හදන්න වාක්‍ය වලට ඕනවෙන වදන සහ ඒවායේ අකුරුත් කියල දෙනව. ඔන්න 'පෝලිම'ට කියන්නෙ මොකද්ද කියල ඇහුව. සර් කිව්ව කිව් කියල. ඊට පස්සෙ අකුරු මොනවද කියල අහනව.
"කිව්යූඊයූඊ" කියල කිව්ව. කාටවත් තේරුනේ නෑ මේ කියන කුනුහබ්බෙ මොකද්ද කියල. ආයෙත් ඇහුවම ඒ උත්තරේමයි. පස්සෙ බෝඩ් එකේ ලියල පෙන්නන්න උනා. ඔහෙලටත් ඕන්නං ඔය වඩනෙ සද්ද කරල බලන්න. අකුරු ටිකක් කියල හිතාගන්න බෑ කොහොමටවත්.

පෝලිං කතා ඉවරයි. හැබෑට ඔහේල පෝලිං දාල නැද්ද?

73 comments:

  1. නැහැ රාජ් අපි පෝලින් දාල නැහැ ..


    \\\\"වැඩක් නෑ බං කන්නයි විකුණන්නයි විතරයි තියෙන්නෙ" ////
    +++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. දාන්න හිතන්නත් එපා :-)

      Delete
  2. අපි අවුරුදු උත්සවේ දවසෙ සෙට් එකකට පෝලිමක් දාන්නයි ඉන්නෙ.....

    ReplyDelete
  3. ඇයි ඉල්ලං පරිප්පු කන්න චන්දෙ දාන්නත් හෙන දිග පෝලිමක අපි යන්නෙ ?

    ReplyDelete
  4. නෑනේ. මේ පැත්තේ පෝලිම් තිබුනත්, ඒවා ඉක්මනින් ඉස්සරහට ඇදිලා වැඩ හරියට වෙනවා.:D

    ReplyDelete
    Replies
    1. රාජ් අන්තිමට කියපු කතාව තේරුණේ නෑ නේද පොඩ්ඩියෙ.ඒක තේරුම් ගන්න ඕනැත් නෑ.

      Delete
    2. gangbang ගැන නම් නොදන්නවා වෙන්න බැහැ
      හැලප අයියේ ... එහෙම අහල බලන්න ...:P

      Delete
    3. Helapa kade & silentsahan
      පොඩ්ඩි නරක් කරන්න එපා උඹල

      Delete
  5. ලංකාවේ දැන් කොහෙද බං පොලිං? පෝලිමේ හිටියොත් පොලිමේම තමයි, පුළුපුළුවන් හැටියට අස්සෙන් රිංගලා වැඩේ කරගැනීමනෙ සිද්ධවෙන්නේ. උසමහත පොරවල්, ගෑනුන්ව තල්ලු කරගෙන කෝච්චිවල නගිනවා දැකලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. තිසරගේ කථාව නම් ඇත්ත.

      Delete
    2. ඇත්ත. ලංකාවෙ එහොම තමයි.

      Delete
  6. ඔය පෙට් එක නැත්තං සල්ලි ගන්න බැංකු කවුන්ටරේ පෝලිම ඔයිට දිගයි.

    ReplyDelete
    Replies
    1. අපේ වෙලා තියෙන්නෙ බැංකු පෝලිමට වඩා පෙට් පෝලිම වැඩියි.

      Delete
  7. දහ දෙනෙක් හිටපු පෝලිමක අන්තිමටම සෙට් උන මම සල්ලි ගන්න විනාඩි 45ක් බලාගෙන හිටියා.බැරිම තැන පෝලිමේ මුලට ගිහින් බැලුවහම කෙල්ලෝ රොත්තක් ඉන්නවා පිරිලා.උන් ටික කාර්ඩ් එකෙන් සල්ලි ගන්න දන්නේ නැ.බොහොම අමාරුවෙන් කියල දුන්නා සල්ලි ගන්න විදිය.
    එක කෙල්ලෙක් අහනවා "අයියේ ඇතුලේ කවුරුහරි බලන් ඉන්නවද සල්ලි ගන්න දිහා?" කියලා .

    මැෂින් එක ගාවට ගියාට පස්සේ තමා කාර්ඩ් එකයි පින් නම්බර් එකයි කොහෙද කියල තඩි හෑන්ඩ් බග් අස්සේ හොයන්නේ.
    මට මේ සීන් එක උනේ මහරගම ෆූඩ් සිටි(දෙහිවල පාරේ) එකේ කොමර්ෂල් බෑන්ක් ATM එකෙන් සල්ලි ගන්න ඉන්නකොට.
    මම හිතුවේ ගාර්මන්ට් යන කෙල්ලෝ ටිකක් වෙන්න ඇති කියලා.
    එත් ATM එක ඇතුලට දැක්කේ ඒ කෙල්ලෙක්ගෙ ID එකක් වැටිලා තිබුණා.එක දැක්කහම මම හොල්මන් උනා.එකී ජ'පුර කැම්පස් කෙල්ලෙක්.
    එහෙම බැලුවහම උඹලගේ පැත්තේ ඉන්න සාක්ෂරතාවය අඩු මිනිස්සු හොදයි කැම්පස් ළමයින්ට වඩා.

    ReplyDelete
    Replies
    1. නයා.....

      Delete
    2. "Garment kello" dan credit card use karnawa. Garment ehama pahalta dana epa.
      Jayawewa

      Delete
    3. @AnonymousApril 11, 2013 at 1:44 PM--මම නයා නම් තෝ ගැරඩියා.


      @sanjeewa mendis--තත්වය පහලට දැමීමක් නෙමෙයි.මට ඒ වෙලාවේ දේ මම කිවුවේ.ඒ කෙල්ලෝ හැසිරුණ විදිය දකින ඕනිම කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්.

      Delete
    4. ඔයවගේ කෙල්ලො දෙන්නෙකුගෙන් එකෙක් ඇහුව "නංගිලා ඇතුලෙ සල්ලි අච්චු ගැහුවද?" කියල

      Delete
    5. මචං කැම්පස් කෙල්ලො ඒටීඑම් කාඩ් ගැන අහලවත් නැති කාලෙක තමයි ගාමන්ට් කෙල්ලො කාඩ් පාවිච්චි කරන්න ගත්තෙ :)
      ලොකු ෆැක්ටරිවල මුදල් ප්‍රවාහන ප්‍රශ්න එන්න ගත්තාම ෆැක්ටරිවලින්ම බැංකු ගෙන්නලා ලමයින්ට කාඩ් අරං දුන්නා. මං හිතන්නෙ දැනට වසර පහ හයකට වත් කලින්.....

      Delete
    6. මේක උනේ 2012 මාර්තු මාසෙදි මචන්.

      Delete
  8. අපි පෝලිම් වල යන්නෑනේ. අපි යන්නේ තනියම! ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  9. කොහේ හරි ගියොත් පෝලිමක් තිබුනොත් මම කීයට හරි පෝලිමේම ගිහින් තමයි වැඩේ කරගන්නේ පෝලිම් පනින එවුන්ට හිතෙන බැන බැන..

    අප්පා...ඔව් පෝලිමක් දැම්ම මට ඉස්සර පොඩි කාලේ...


    මොකකටවත් නෙමෙයි සෙම වැඩි වෙලා "පෙනිසිලින් ඉන්ජෙක්ෂන්" පෝලිමක්

    ReplyDelete
    Replies
    1. පෝලිම් පැනීමත් අර පාරෙ කුණු දැමීම වගේ නවත්වාගන්න ඕන ලෙඩක්.

      Delete
  10. අම්මෝ මාත් හිටියා අද පෝළිමේ පඩිය ගන්න පැය භාගයක්.

    ReplyDelete
    Replies
    1. ජී මංජු :
      මොකෝ අනේ ඔයා නම වෙනස් කලේ ?

      Delete
    2. හ: මාත් බැලුව නම වෙනස්වෙලා මොකද කියල.

      Delete
  11. රාජ්ගේ මේ කතාවේ හොඳ හික්මීමක් මම දකිනවා. අපේ බැංකුව කියලා ආමන්ත්‍රණය කිරීමෙන්ම තමන්ගේ ගමේ තියෙන බැංකුව පිටස්තර දෙයක් නොකරගෙන තියෙනවා[මේක අපෙත් බැංකුව නේ. :)]. රාජ් කිසිවිටකත් බැංකුවට බැන්නේ නෑ. ඒකත් බොහොම වටිනවා. අපිට තරම් ගනුදෙනුකරුවන් ඉන්න බැංකුවක් නෑ. කාඩ් මිලියන ගණනකින් ATM යන්ත්‍ර ගාවට එන්නේ බොහොම සුළුතරයක්. හැම කෙනෙක්ම එකම වෙලාවේ පෝලිමට ආවොත් මට හිතා ගන්න බෑ දිග. අපේ ගනුදෙනුකරුවන්ගේ දැනුම් මට්ටම බොහොම අඩුයි. බොහෝ දෙනා සුළු වැටුප් ලබන අය. ඉතිං පඩි දවසට අනිවාර්යෙන්ම පෝලිමේ ඉන්නවා. මම එක දෙයක් ඉල්ලනවා මේක කියවන දැනුම් තේරුම් තියෙන මහත්ම/මහත්මීන්ගෙන් පෝලිමේ තමන්ගේ වාරයට කලින් කෙනා යන්ත්‍රය ළඟ ඉන්න වෙලාවට ඔබේ කාඩ් පත සුදානම් කර ගන්න. ඔබට ගන්න අවශ්‍ය මුදල කලින් තීරණය කරගෙන එන්න. එහෙම කරන්න කලින් වතාවේ මුද්‍රිතය ළඟ තබා ගැනීම වැදගත්. ඔබේ ගිණුමට වැටුප එනවා නම් ඒ ගණන සොයා බලා පැමිණෙන්න. වෙනත් ඇයගේ කාඩ්පත් රැගෙන එමෙන් වලකින්න. පෝලිමේ ඉන්න කෙනාට කේන්ති ඇතිවෙන වැඩක් මේක. මතක ඇතුව රිසිට් පත ඇරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. හපොයි බැංකුවට බැනල කොහොමද, මම ණයත් අරගෙන තියන බැංකුව!
      බැංකුවෙ වැරැද්දක් නෑ. සීය දෙසීය පන්සීය ගන්න දාන්න එන මිනිස්සු මේ පැතිවල ඉන්නව. ඒ වගේ උදවියට කාඩ් පහසුකම හොඳයි.
      කිව්ව වගේ අපේ උදවිය (විශේෂයෙන් කාන්තා පාර්ශවය) කාඩ් එක ගන්නෙත් ඇතුලට ගිහිල්ල.

      Delete
  12. පෝලිම්වලින් පුල් ෆන් පෝලිම දන්සල් පෝලිමයි-මට මතක ඇති කාලෙක අපේ සෙට් එකත් එක්ක පෝලිමක දංසල් වදින්න ගිහින් නැතිය-එක්කො පිටිපස්සෙ දොරින් පනිනවා-නැත්තන් පෝලිමේ මැදට හරි මුලට හරි සෙට් වෙනවා-ගිය වෙසක් දවසෙත් අපි කස්ටිය සෙට් උනා බත් දන්සලක පොලිම මැදට-සෙට් උනා කියුවට සෙට් උනේමත් නෑ පැන්නා-පැන්න විතරක් නන් කමක් නෑ අපෙ එවුන් කොහෙන්දෝ කොංගො කට්ටක් හොයාගෙන ඒකට තල තල පටංගත්තෙ නැතෑ සරිගම කන්න-ජෝතිපාලට එහෙම අපෙ සිංදු අහුන නන් වලෙන් ගොඩ ඇවිත් තව අඩි 7ක්වත් ගැබුරට හාරගෙන වැලලෙනව ආයෙ ලොවෙත් සුවර්ය-වටේ පිටේ පෝලිමෙ හිටිය අය රැවුව රවිල්ලක් අපිව මරාගෙන කෑවෙ නැති එක විතරයි-අපෙ කොල්ලො සැලෙයි ඕවට-නොනවත්ව සිංදු අනුබව කලා-ටික වෙලාවකින් පොලෝසියෙ අංකල්ල 3දෙනෙක් ආවෙ නැතැයි අපෙ පැත්තට-එයාල දැක්ක විතරයි කට්ටිය මීක් නෑ-අංකල්ලා කියද්දී අපි දන්නෙ එහෙම දංසල් පොලිම් වල සිංදු කියන්න බැරිලු-මොනව උනත් හොද අංකල්ල ටික අපිට අවවාද කරලා ගියා-අනේ ඉතින් කාට කියන්නද අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්නෙ-

    ReplyDelete
    Replies
    1. "අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක්" කියන්නෙ මොන වැඩේ කරන්න ගියත් කරදරයක් කියන අදහසින් නෙවෙයි. පැහැදිළි ඍජු තීරණයක් ගතහැකි අවස්ථාවකදීත් දෙපසට වැනෙන්න වෙනවයි කියන අදහසිනුයි.(පුවක් ගහේ කෙළවර දක්වාම තියෙන්නෙ තනි කඳක්, දෙබල් [අතු බෙදුන තැන්]නෑ)

      Delete
    2. තමන් දන්නවා කියල පෙන්නන්න හදන්න එපා.මුළු ලංකාවටම සිංහල උගන්නන්න වගේ යන්න ඉන්නද ඔහේගේ කල්පනාව සුමිත්?එදා ඉඳන් පැවතගෙන එන සිංහල පිරුළක් අරන් ඒකෙ මහප්පරාන හොයන්න යන්න එපා.කොටිම්ම පීචන් වෙන්න එපා නොදන්න මගුල් කියවන්න ගිහින්.

      Delete
    3. අපි නැංගොත් පුවක් ගහෙත් දෙබලක්
      පැනිල්ල හොඳ නැත

      AnonymousApril 12, 2013 at 12:30 AM
      සුමිත් කියල දීල තියෙන්නෙ "නොදන්න මගුලක්" තමයි.
      //එදා ඉඳන් පැවතගෙන එන සිංහල පිරුළක් අරන් ඒකෙ මහප්පරාන හොයන්න යන්න එපා//
      පිරුළ වැරදියට පාවිච්චි කල නිසයි කියල දුන්නෙ. ඒකෙන් ඉගනගන්න බැරිනං පාඩුවෙ ඉන්න.

      Delete
    4. අනේ ලෙවල් කාලේ එක දවසක් ලොවෙත් නැති වෙන්න ගුටි කෑවෑට මම වලියට බර පොරක් නොවෙමි- සාහිත්ය ගැන මගෙ දැනුම මරියානා ආගාදෙ පතුලෙ හරියෙ වගේ තියෙන්නෙ- ඒ හිංදා මං ඕවා දන්නේ නැතිය- නොදන්නා දේ කියලා දුන්නාට රොම්බ තෑන්ක්ය-

      Delete
  13. අපි දාල තියෙන පෝලිං කතා ඇහැව්වොත් පිරිමින්ටත් ළමයි හම්බ වෙනව රාජ් මලේ.

    ReplyDelete
    Replies
    1. අපොයි මට හිතුන ඒක! ටික ටික එලියට එනව තැන තැන දාන කමෙන්ට් වලින්. ඔයටික එක තැනකට ගන්න බැරිද?

      Delete
  14. හයියෝ , දවසක් ඇන්ටි කෙනෙක් ඇවිත් කාඩ් එකයි, පොතයි බැංකුවෙන් පින් නම්බර් එක ප්‍රින්ට් කරල එවන කොලෙයි තුනම දීල "පුතා මට මේකෙන් 5000ක් අරන් දෙන්න කිව්ව" මම සල්ලි ටික දීල කාඩ් එක එලියට එන ටිකට ඇන්ටි යන්නත් ගිහින්.බොහොම අමාරුවෙන් පන්නල ගිහින් කාඩ් එක දීල ආවෙ.

    ReplyDelete
  15. ලයිට් බිල ෆුඩ් සිටියට ගෙවන්න පුළුවන් කම තියෙද්දී සමහර මිනිස්සු රුපියල් 15 ගැන හිතලා හෙන දිග පෝලිම් වල ඉන්නවා දැකලා තියෙනවා මම මහජන බැංකුව ළඟ.ඒ ටි එම් මැෂින් වල පෝලිම් වල නම් මාත් ඉඳලා තියෙනවා ඒ ඇරෙන්න ආයේ දන්සල් පෝලින් වල තමා ඉතින් :)

    මේ ලඟදි නම් ගම්පහ කච්චේරියේත් පෝලිමේ හිටියා ලයිසොමට ඇඟිලි සලකුණු තියන්න.

    ReplyDelete
    Replies
    1. රුපියල් 15ට උනත් වටිනකමක් තියන මිනිස්සු ඉන්නව. පෙට් එකෙන් සල්ලි ගන්න පොලඹවන්නෙ එතනදි කැපෙන රුපියල් පහ නිසා කියන මිනිස්සුත් ඉන්නව

      Delete
    2. ඔහොම රුපියල් 15ක් ගන්න බව දන්නෙත් අදයි.. වෙනදා ල.ං.වි.ම. ට ගෙවන මම අද ෆුඩ් සිටියට ගෙව්වාම රු.15ක් ඉල්ලනවා.. මම ඇහුවා ඒ මොකටද කියලා.. බලද්දි චාර්ජ් එකලු..

      Delete
    3. රුපියල් 15 වගේද කාලය? වෙලාව තියෙනවා නම් ඉතින් අවුලක් නැහැ පෝලිමේ ඉඳලා හරි ඕක ගෙවලා එන එක.

      Delete
  16. මේ දවස් වල නම් ATM මෙෂින් ළඟ දිග පෝලිම් තමයි. අවුරුදු පෝලිම්.. :)

    ReplyDelete
  17. ලංකාවේ පෝලිං කියල ජාතියක් නෑ නේද? :)

    ReplyDelete
  18. සමහර අය කාඩ් එක හොයන්නෙත් ‍මැෂිම ගාවට ආවම! බහුතරයක් දෙනා සල්ලි ගන්න කලින් බැලන්ස් එක චෙක් කරනවා. එහෙම කරල කාඩ් එක එළියට අරන් ආපහු දාල සල්ලි ගන්න අයත් ඉන්නවා. අනික ඔය සමහර ඒටීඑම් වල ඉන්ටර්ෆේස් එකත් මන්දගාමීයි. මේ වගේ දවස්වලදි වැඩේ දන්න නිසා සූදානම් ශරීරෙන් යන එක වඩා හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න අද නං කිට්ටු වෙන්න බෑ

      Delete
  19. නිදහස් වෙළද කලාපේ ලග ATM එකකට ගියානම් සංසාරේ එපා වෙනවා මොකද එක කෙල්ලෙක් card 10 ක් වත් ගේනවා. pin එක තියෙන්නේ කාර්ඩ් එක තියන් පෝච් එකෙමයි ගන්න ඕන ගණන ලියල තියනවා එකේම . සල්ලි ගන්නවා පෝච් එකට දානවා .අනික ගන්නවා සල්ලි ගන්නවා පෝච් එකට දානවා,එක්කෙනෙක් 10ය ගානේ කෙල්ලෝ 10ක්.

    මම දවසක් පෝලිමේ හිටිය කොක්ගල zone එක ලග.පෝලිම හෙල්ලෙන්නේ වත් නෑ.මමත් ඒ ලගම වැඩකරන නිසා එතන ලග තියන කඩේට ගියා කඩේ මුදලාලි තමයි විස්තරේ කිව්වේ

    ReplyDelete
    Replies
    1. පෝච් එක නෙවෙයි පවුච් එක Pouch

      Delete
    2. මම නං යනව වෙන තැනක් හොයාගෙන

      Delete
    3. මට මේ සිද්ධිය වුනා ඊයෙ... කාඩ් මිටි මිටි අරන් ඇවිත් තමයි සල්ලි ගන්නෙ.. එ මදිවට එක එකාව පෝලිමට ගන්නවත් එක්ක...

      Delete
  20. ලංකාවෙ දි ATM යන්තරේත් ජලනන්දන යන්තරේ ගානටම වැටිල වගේ.

    ReplyDelete
  21. QUEUE එකේ කතාව දැකල මතක් වුනේ, ළඟදි අපේ යාළුවෙක් ගිය ලෙක්චර් එකකදි දේශකතුමා එයාගෙ ලෙක්චර් එකට ගෙනාපු පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකේ කොපියක් ක්ලාස් එකේ ප්‍රසන්ටේෂන් එක පෙන්වන කම්පියුටර් එකට දාල සහභාගි වෙච්ච අයට කොපි කරගන්න කියලා. එ‍්ත් ප්‍රසන්ටේෂන් එකට පාස් වර්ඩ් එකක් දාල තිබිල තියනව මොකක් හරි හේතුවක් නිසා. ලෙක්චරර් "පාස්වර්ඩ් එක කිව්වා" කියාගෙන යන්න ගියාලු. කට්ටිය මූනෙන් මූන බලාගෙන අහනවලු අනිත් අයගෙන් කාටද පාස්වර්ඩ් එක දුන්නෙ කියල. පාස්වර්ඩ් එක අහගත්තු කෙනෙක් හොයාගන්න බැරි වුනාලු.

    පස්සෙ බලපුවහම සර් කියල තියෙන්නෙ "පාස් වර්ඩ් එක කිව්, ආ" කියලලු. "කිව්, ආ" කියන එක ඇහිල තියෙන්නෙ "කිව්වා" කියනව වගේ.

    ReplyDelete
  22. හැක් හැක්, ඔව් බං. දැන් වෙනසකට තියෙන්නේ, ඉස්සර බැංකුවේ ඇතුලේ තිබ්බ පෝලිම දැන් තියෙන්නෙ එලියේ පාර අයිනේ.

    Queue තමයි මම අහලා තියෙන විදියට, මුල අකුර ඉතුරු වෙන්න ඔක්කොම අකුරු අයින් කලත් කිසිම වෙනසක් නැතුව උච්චාරනය කරන්න පුලුවන් එකම ඉංග්‍රීසි වචනය.

    ReplyDelete
    Replies
    1. අන්න 'අපේ ඉංග්‍රීසි සර්ගෙන්' අපූරු පැහැදිලි කිරීමක්.

      Delete
    2. මේ මචං,උඹ ඔන්න දේශකයගෙ හැක් හැක් කොපි කරපු පාර ඌ ඒක නැතුව කමෙන්ට් එක දාල

      Delete
  23. ඇත්තටම මමත් බොහෝ දිනවල ටෙලර් යන්ත්‍රය අසලදී ඉවසීමේ ගුණය ප්‍රගුණ කරනවා. මට මුණගැහිලා තියනවා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම අය තම කාඩ්පත යන්ත්‍රයට ඇතුළු කර මුදල් ගැනීමේ ක්‍රමය නොදන්නා. වෙනත් කෙනෙකුට උදව් කිරීම හොඳ තමයි. නමුත් කාඩ් එකෙන් මුදල් අරන්දුන්නාට පසු ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙන නිසා මම එවැනි අයට කියන්නේ කළමනාකරු හමුවන්න කියලයි. මම මගේ විශ්‍රාම වැටුප ගන්නෙත් කාඩ් එක මගින්. මට හිතාගන්න බැහැ ඇයි සමහරු විශ්‍රාම වැටුප ගන්න පැය ගණන් පෝලිමේ ඉන්නේ කියලා. ඔවුන් කාඩ් එකක් පාවිච්චි කරන්න ඉගෙනගත නොහැකි තරම් නූගත් අය නෙවෙයි.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ඉවසීම ප්‍රගුණ කිරීම විශ්‍රාමික හමුදා මහත්තයට හොඳයි. (මොකද හරියට තරහ යනව) :-)

      Delete
  24. අයියෝ රාජ් අද උදේම මටත් ඔය පෝළිමක ලගින්න වුණානේ..ඒ වුණාට අපිනං පෝලිං දාලා නෑ ඔන්න.

    ReplyDelete
    Replies
    1. අද උදේ පෝලිමේ හිටිය නං හවස් වෙද්දි මොනව හරි වෙයි.

      Delete
  25. සික් මාත් ඔක්කෝම ප්‍රතිචාර ටික කියෝගෙන පෝලිමේ ආවේ. මාත් මේ දවස් වල පෝලිං උනක් හින්දා පෝලිමට දුක් වින්ද. ඒ මදිවට පෝලිමට නිවාඩු දාන්නත් උනා..

    ReplyDelete
  26. මූ කියන බොරු... //බදාදා කඩපොලට ආපු මනුස්සයො බඩු මළු උස්සගෙන පෝලිමේ/// සල්ලි ගන්න කලින් කෝමද බඩු ගන්නේ? :D :D

    ReplyDelete
  27. හප්පේ.. පෝලිං වල ඉඳලා නැත්තෙ මොකෝ........

    ReplyDelete
  28. ලංකාවේ කොහෙද රාජ් පෝලිම් තියෙන්නේ. මුලින්ම පෝලිම ඊට පස්සේ ........
    හාපෝ අර එයාපොර්ට් එකේ විසිටර්ස්ලට ඇතුලට යන්න ටිකට් දෙන තැන පෝලිම තමයි මම දැකපු හොදම පෝලිම කියලා වැඩක් නෑ... :(

    ReplyDelete
  29. queue, queu,que,qu,q ලු නෙද?:D

    ReplyDelete