Friday, April 19, 2013

කොච්චර ඇරියත් ගානක් නැත්තෙ ඇයි?


ආණ්ඩුව නැකතට වැඩ අල්ලා ඇත. ඒ තංගල්ල කාල්ටන් නිවසේ සිට නොවේ. විදුලිබල මණ්ඩලයේ සිටය. විදුලි ගාස්තු සියයට අනූ ගනනක් දක්වා පරාසයකට වැඩිකර ඇත. ඒ පිලිබඳ කතාබහද වැඩිවී ඇත. ඉදිරියේදී බස් ගාස්තුද වැඩිවීමට නියමිතය. කෙසේ වුවත මේවා සාමාන්‍ය සිද්ධීන්ය. සතියක් දෙකක් යනවිට සියල්ල යථා තත්වයට පත්වීමත් ඊලඟ ඡන්දය වනවිට සම්පූර්ණයෙන් අමතක වීමත් අනිවාර්යෙන් සිදුවන්නකි. ඊ‍ට හේතුව කුමක්ද? සාමාන්‍ය ජනතාවට මේ ප්‍රශ්න ප්‍රශ්න නොවන්නේද? එසේත් නැතිනම් ආණ්ඩුවේ කතා හිස්මුදුනින් පිලිගන්නේද? මෙවන් අවස්ථාවකදී ජනතා නැඟිටීමක් ඇති නොවන්නේ ඇයි?

මීට හේතුසාධක කිහිපයකි.
සංශෝධන දහ අටකට ලකවී මේ වනවිට ඉතිරිව ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැමිණීමට පෙර පැවති කාලයේ සත ගනනක බඩුමිල ඉහල යාමකදී පවා ආණ්ඩු මාරුවූ අවස්ථා තිබූ බව අප අසා ඇත. එහෙත් මෑත ඉතිහාසය වෙනස්ය. 1994දී එජාප රජය පෙරලෙන අවස්ථාව වන විටත් 'ස්ථාවර' ඡන්ද පදනම අනුව ඉදිරියෙන් සිටියේ ඔවුන්ය. ඉදිරිපෙල නායකයින් සියල්ල ඝාතනය වූ පසුවද ආණ්ඩුවට වඩා එක් අසුනක් පමණක් පිටුපසින් සිටීමට විපක්ෂයට හැකිවිය. එහෙත් ඉන් පසුකාලයේ එජාපයේ ඡන්ද පදනම සීයට විසි ගනනක් දක්වා පහල බැස ඇත. මෙය ජේආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවේ ආනුභාවයෙන් සිදුවන්නකි.

මෙම ක්‍රමයේදී රටේ පාලකයා කෙතරම් ඒකාධිපතියෙකු වුවද ඔහු උපායෙහි දක්ෂයෙක් නම් අවුරුදු පහලවක් විස්සක් පාලනය කිරීම අසීරු නොවේ. අවශ්‍ය වන්නේ තම පාලන කාලය තුල තමාට හිතෛශීන් පිරිසක් ඇතිකරගැනීම පමණි. ආණ්ඩුව කොතරම් පිරිහී ඇති තත්වයක් තුල වුවද ඕනෑම අවස්ථාවකදී 'පාරට බැසීමට' සූදානම්ව සිටින පනස්දහසක් පමණ වන උපාධිධාරී සේනාංකයක් ඇතිකරගැනීම වර්තමානයේ මීට හොඳ නිදසුනකි. ඥාතී සංග්‍රහය සහ ගජමිතුරු සංග්‍රහය වර්තමාන ආණ්ඩුවේ ප්‍රමුඛ අංගයකි. ආණ්ඩුවේ ඇත්තන් පවා එය ප්‍රථික්ෂේප නොකරයි. එය තවත් උපක්‍රමයකි. අනෙක් අතට පොදුවේ රටවැසියන්ට සේවය කිරීමට වඩා මෙම ක්‍රමය ලාභදායකය, පහසුය.

"සරළ උදාහරණයකින් කිවහොත් සිය දෙනෙකුගෙන් යුත් කුලකයකින් බහුතර ඡන්දයක් ලබාගැනීමට අවශ්‍ය අයෙකු, සිය දෙනාටම සාමාන්‍ය ආකාරයට සැලකීම වෙනුවට ඔවුන්ගෙන් හරි අඩක් තෝරාගෙන ඔවුන් හොඳින් තෘප්තිමත් කර අවශ්‍යතාවය ඉෂ්ඨ කරගැනීමට සමානය. එවිට අසතුටින් සිටින්නවුන් පිලිබඳ සිතීම අවශ්‍ය නොවේ"

මෙය අන් කිසිදු නායකයකු නොගිය නව මානයකි. ඒ අතින් ලංකාවේ මෙතෙක් බිහිවූ දක්ෂතමයා වත්මන් ජනාධිපතිවරයාය. මෙවන් තත්වයක් පැවතීම තුල ජනතා නැඟිටීම් වලට ඉඩක් නැත. වෙනත් විදියකින් කිවහොත් මෝහනයට ලක් වූවන්ගේ හැසිරීමට වෙනස් හැසිරීමක් ඔවුන් නොපෙන්වයි.

අනෙක් කරුණ වන්නේ විපක්ෂයේ දුර්වලතාවයයි. විපක්ෂය දුර්වල වූ විට ජනතා නැඟිටීම්වලට ඇති ඉඩකඩ අවම වේ. කෙ‍සේ වුවත් මෙම තත්වයටද හේතුව පාලන ක්‍රමය මිස අනෙකක් නොවේ. ආණ්ඩුවේ සිටින ජනතා නියෝජිතයන් පමණක් නොව විපක්ෂයද පාලනය කිරීමේ හැකියාව විධායක ජනාධිපතිධූරයේ සිටින්නාට නිතැතින්ම හිමිවේ. ලංකාවේ අද විපක්ෂයේ දුර්වලතාවයට හේතුව මෙයයි. මෙහිද අවසාන ප්‍රතිඵලය ජනතාවගේ නැඟිටීම ප්‍රමාද වීමයි.

මෙවන් පාලනයක බිඳවැටීම (බොහෝවිට) සටහන් වන්නේද වෙනස් ආකාරයකටය. එනම් අභ්‍යන්තර පිපිරීමක ප්‍රථිඵලයක් ලෙසය. මේ සමඟම නිද්‍රාශීලී ජනතාවගේ යම් පිබිදීමක් ඇතිවේ. තම පාලන කාලයේ කල කී දෑට සමානුපාතිකව ලැබෙන ප්‍රතික්‍රියාවද සකස් වේ. ඉන්පසු බිහිවන නව රජය (වෙනසක් නොවුවහොත්) ගමන් කරන්නේද පෙර කී ලෙසමය.

පසුගිය දිනෙක රාවය පුවත්පතෙහි අපූරු ලිපියක් පලවිය. එහි ලියුම්කරුවාට අනුව ලංකාවේ ජනතාවට ඇත්තේ ඒකාකාරී වූ ප්‍රශ්න නොවේ. ගොවියාට එක් ප්‍රශ්නයක් ඇතිවිට ධීවරයාට ඇත්තේ තවත් ප්‍රශ්නයකි. කම්කරුවාට ඇත්තේ හාත්පසින්ම වෙනස් ප්‍රශ්නයකි. විවිධ වූ ප්‍රශ්න ඇත්තන් එකට එක් නොවන තත්වයක් තුල වාසිය හිමිවන්නේ ආණ්ඩුවටය. ඕනෑම තැනකට ගොස් මිනිසුන්ගේ ඇ‍ඟේ එක් එක් තැන් වලට අනිමින් කිතිකවමින් විහිළු කරමින් සිටීමට ජනාධිපතිවරයාට හැකිවී ඇත්තේ එබැවිනි.

දැනට පවතින දේශපාලන තත්වය සලකා බැලූ විට තවත් කාලයක් ජනතාව කිතිකැවීමේ වාසිය මහින්ද රාජපක්ෂ මහතා සතුය.

59 comments:

  1. සීයට සීයක් එකඟයි.
    ප්‍රථිපලය නොව ප්‍රතිපලය සහ ප්‍රථික්‍රියාව නොව ප්‍රතික්‍රියාව නිවැරදි අක්ෂර වින්‍යාසයයි.

    ReplyDelete
    Replies
    1. හැදුව. බොහොම ස්තුතියි අයියන්ඩි.

      Delete
    2. හ්ම්, ප්‍රථික්ෂේප නෙවෙයි ප්‍රතික්ෂේප

      Delete
  2. උබේ කතාව හරි මචන්.... අපේ උනට ඊයෙ වෙච්ච දේ හෙට අමතකයි....

    ReplyDelete
    Replies
    1. අමතක වීමට වැඩිය මම කියපු කාරණාව.

      Delete
  3. මහජන නැගිසිටීමක් නිසි ආකාරයෙන් ඇතිවන තෙක් මේ ආණ්ඩුව පෙරලිය නොහැකිතත්වයට පත්වෙලා තියෙන්නේ මහජනයගේම වරදින්. රාජ්ගේ මතය 100% ක් නිවැරදියි. අනිත් එක ආණ්ඩුව පෙරළලා දෙන්නේ කාටද? අද දේශපාලනයේ හොරුන් දුෂකයින් වන්චාකාරයින් හැර පිරිසිදු දේශපාලකයන් 2වත් නැති කොට .. විපක්ෂයක් කියල එකක් හෝ වාමාංශික පිරිසිදු පක්ෂයක් හෝ නැති කොට.?

    ReplyDelete
  4. //කොච්චර ඇරියත් ගානක් නැත්තෙ ඇයි?//

    අරිනවට කැමති නිසා...

    ReplyDelete
  5. රාජ් අයිය දැන් වෙනස් වෙලාද මන්ද අෆ්ෆ.

    ඔයා නිකන් අපේ හීන කඩාවැටෙන කතා කියන්ට එපා හරිය. බලමුකො කිතිකවන හැටි. :p

    ReplyDelete
  6. ඇරලා ඇරලා බෝර් වෙලා තියෙන්නේ.
    ඒ නිසා දැන් කොච්චර ඇරියත් දැනෙන්නේ නෑ.

    ඇද කඩිච්චදෙන්
    අපි මරිච්චදෙන්
    පුක පලිච්චදෙන්
    අරින්න රජතුමන අරින්න !!

    ReplyDelete
  7. ඔය දේ මටත් හිතිලා ගොඩක් කල්. ඒත් ඕක ලංකාවේ ඉන්න බහුතර ජනතාවකට තේරෙනවද කියන එක මට ගැටළුවක්. උබ කියනව වගේ ලංකාවේ ඉන්න මෝල් වෙච්ච ජනතාවක්........අනිත් කරුණ මහින්ද රාජපක්ෂ කියන්නේ මෙච්චර කාලෙකට ලංකාවේ බිහි වෙච්ච සිරාවටම නියම නායකයා......මොකද මෙච්චර කාලෙකට මේ වගේ මිනිස්සු මෝල් කරන්න පුළුවන් නායකයෙක් මම ලංකාවේ ඉතිහාසයේ දැකල නැහැ........උබල දන්නවද කියන්න මම දැන් නැහැ.

    ලංකාවේ මිනිස්සු හෙනම මුලධර්ම්වාදීන්.......තමන් දරන සංකල්පයෙන් එලියට ගිහින් බලන්න ඔවුන් හිතන්නෙම නැහැ.....උන් එකට පට්ට බයයි. ඒ ඇයි කියන්න මම දැන් නැහැ.

    ReplyDelete
  8. මහජනයා කවදාවත් ආන්ඩු පෙරලුවේ නෑ. ආන්ඩු පෙරලුවේ දේශපාලඥයෝ. රාජ්ගේ දැක්ම හරියටම හරි. ඊට අමතරව තව ප්‍රධාන දෙයක් මේ පාළණ ක්‍රමය තුල තියෙනවා. ඒ තමයි තගරිය. තගරියට ලයිසන් දීලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු බයයි. ඒකට කවුරුන් හෝ මූලිකත්වය ගන්න ඕන. ඒත් එහෙම චරිත එකක්වත් නෑ. ඔක්කෝම මහ රජතුමාගෙන් යැපෙන්නෝ. සරත් ෆොන්සේකා උනත් වැඩිය දැඟලුවොත් ආයෙත් ඇතුලට යන්න වෙනවා. රනිල් කතා කරන්න පුළුවන් උන්ගේ කටවල් ටික වහලා දාලා. ඒක සජිත් ලව්වා ලස්සනට ආන්ඩුව ක්‍රියාවේ යෙදෙව්වා. ඒ නිසා දයාසිරිලට අද එහෙත් නෑ මෙහෙත් නෑ. සොභිත හාමුදුරුවෝ ගාවත් අළුත් දෙයක් නෑ. 94 ගහපු තැටිය පිහදාලා අරගෙන ඇවිත්.

    ජනතාවට නම් අබ සරණයි. කොහොමත් ආර්ථික විෂේශඥයෝ කිව්වා වගේ ජූලී අගෝස්තු වෙන කොට ආර්ථිකය නම් කඩාගෙන වැටෙන එක සිකුරුයි. සල්ලි නැති නිසා සල්ලි අච්චු ගහනව කියලත් ආරංචියි.

    ReplyDelete
    Replies
    1. //මහජනයා කවදාවත් ආන්ඩු පෙරලුවේ නෑ. ආන්ඩු පෙරලුවේ දේශපාලඥයෝ.//

      දේශපාලඥයො පෙරලපු ආණ්ඩු වෙන රටවල මහජන්යා පෙරළලා තියනවා නේද? ඇයි අපිට බැරි?

      Delete
    2. එකඟයි, මෙහෙ නම් මහජනයා ආණ්ඩු පෙරලනවා බොරු! කවුද කැමති හිටිගමන් අතුරුදහන් වෙන්න??? ලොක්කාට කිව්ව ගමන් ඕනදෙයක් කරගන්න පුළුවන් හින්දා විපස්සෙ වුන්ටත් ආණ්ඩු බලය ගන්න වුවමනාවක් නෑ කියන්නෙ... එතකොට?

      Delete
  9. රටේ ජනතාව වෙනුවෙන් තීන්දු තීරන ගන්න කොට ජනාධිපතිතුමා මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ.

    ReplyDelete
  10. \\\\\\\සිය දෙනාටම සාමාන්‍ය ආකාරයට සැලකීම වෙනුවට ඔවුන්ගෙන් හරි අඩක් තෝරාගෙන ඔවුන් හොඳින් තෘප්තිමත් කර අවශ්‍යතාවය ඉෂ්ඨ කරගැනීමට සමානය. එවිට අසතුටින් සිටින්නවුන් පිලිබඳ සිතීම අවශ්‍ය නොවේ" \\\\

    මේ රටේ ඕනෙම දෙයක් කරන්න පුළුවන් මොන්ටේරෝ 4 , 5 දීල
    මිලියන 200 විතර දුන්නනම් කීප දෙනෙක්ට ( 225 න් 50කට දුන්නොත්
    සැපට තව 100 ඉන්නවා කෙල හල හල ..)

    ඔන්න ඕකයි යථාර්තය රාජ් ..ඒ කියන්නේ ලංකාව තෑගී ඔප්පුවකින්
    ලියා ගන්න උනත් පුළුවන් ඒ විදිහට හැසිරෙන කෙනෙක්ට ..හරි ලාබයි .
    ඕනේ කරන්නේ මිලියන 40,000 වගේ මුදලක් ...


    ඒකත් ඉතින් අතින් යන එකක් යැයි ..බිලියන 40 කියන්නේ මොකක්ද
    ඔය වගේ සෙල්ලමක් දාද්දි ..ඊට පස්සේ සෙල්ලම් ගේම මගේ ..
    පස්සේ බෝනික්කෝ , බෝනික්කියෝ ටික එලවලා දානවා ..
    තනි අයිතිකරු මම ...

    ReplyDelete
  11. අපේ රටේ ජනතාව බුද්ධිමත් වැඩී...
    ඒකයි වෙලා තියෙන්නේ...

    ReplyDelete
  12. උගතුන් නැති කර රස්තියන් දේශපාලනයට ගෙනා ප්‍රේමදාස තමාට පහලින් ඕන මගුලක් න්‍යායය හදුන්වා දෙන ලදී.
    චන්ද්‍රිකා/මහින්ද සමග එකතු වුන රතු කට්ටිය විපක්ෂයේ ඉන්න බඩගෝස්තරයන් ට සැලුන් ජනේලය සාදා දෙන ලදී.
    මහින්ද,වෙන්න ජනපති කිව්ව සම හරක් එව්වන්ට මරණයද/කැපිල්ලද/කඩේ යන එව්වන්ට මාලිගාද දෙන ලදී.
    ඔය සේරටම කතිරය ගහපු ජනතාව පුක දෙමින් සිටින බව දැක දැක මගෙ සියොලග දැවෙන ලදී.

    ReplyDelete
  13. අර රස්තියාදු කාරයා කියල තියනව වගේ මහින්ද කියන්නේ ලංකාවේ ජනතාවට ගැලපෙනම නායකයා . හරක් රංචුවක නායක කම හරකෙකුට මිසක් බුද්ධිමත්ය කියල අලියෙකුට හම්බුවෙන්නේ නැනේ .

    ReplyDelete
  14. හැමදේටම වඩා ෙම් පාලනයට ෙයා්ධ අාශීර්වාදයක් ෙවලා තිෙයන්ෙන් ෙකාටි පරද්දල රට ඒක්ෙස්සත් කිරීම.
    දිගට ෙම් ගැන ලියන්න පුලුවන්, ඒ්ත් බලන්න සිංහල අකුරු මට වද ෙදනවා.

    ReplyDelete
  15. media එක කීකරු කරගැනීමත් ලොකු දක්ෂතාවයක්...

    ReplyDelete
  16. ලංකාවේ මිනිස්සුන්ට දැන් ඕවා හිතන්න වෙලාවක් නැහැ ඊට වඩා හිතන්නේ කොහොමද ඊළඟ මාසේ ශේප් කරගන්නේ කියලා.ඒත් මේ යන විදියම මෙහෙමම ගියත් අවුලක් නැහැ මොකද දැන් මේක අපිට හුරුයිනේ.ක්‍රමය වෙනස් වුනොත් ඒකත් දරාගන්න බැරි වෙනවා.අපේ ගොනා අපිට හොඳා වගේ තමා!

    ReplyDelete
  17. ඊ ළඟ චන්දෙට කලින් ආයෙ අඩු කරනවා. එතකොට කට්ටිය ආයෙ චන්දෙ දෙනවා.

    ReplyDelete
  18. මගේ ඔෆිස් එකේ ඉන්න මිතුරියක් දවසට දෙපාරක් වත් ආණ්ඩුවට බනිනවා. එහෙම වෙලාවට මම කියන්නේ ඕකට වැරැද්ද ජේ.ආර්. පප්පගේ ව්‍යවස්ථාව කියලා. ඇත්තටම මේ හැම දේකටම මුල ඒක. ඒක එන්න කලින් දේශපාලනයේ හිටියේ නියම මහත්වරු. කුඩු කාරයෝ, මංකොල්ලකාරයෝ, මැරයින්ට පවතින්න පුළුවන් සමානුපාතික ක්‍රමය තුල විතරයි. ආසන චන්ද ක්‍රමය තිබ්බ නම් මිනිස්සු පක්ෂ බලන්නේ නැතිව හොඳ මිනිහා වටේට ගොනු වෙනවා. අනිත් එක ඔයා කියන ලිපියේ කතාවත් ඇත්ත. එක එක්කෙනාට තියෙන්නේ එක එක ප්‍රශ්ණ. පොදු ප්‍රශ්නයක් තිබුණා නම් ජනතාව ගොනු කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. බොල මාමේ ඔක්කොටොම පොදු ප්‍රශ්නයක් තමයි බන් තියෙන්නේ හැබැයි එක එක කොටස් වලට දැනෙන විදිහ වෙනස් නිසා පොදු ප්‍රශ්නයක් කියල තේරෙන් නෑ

      Delete
    2. ලේසිම වැඩේ ජේ.ආර් ට වැරැද්ද දාන එක

      01) ණයට අරන් බම්බු ගහන සංවර්ධන ව්‍යාපෘති කරන්නේ ජේ.ආර් ගේ ව්‍යවස්ථාව නිසාද

      02) නොරොච්චෝලේ හැමදාම කැඩෙන්නේ ජේ.ආර් නිසාද

      03) විදුලි ඉංජිනේරුවව එලවලා ලෝයර් නෝනට අමාත්‍යංශය දෙන්නෙත් ජේ.ආර් නිසාද

      රෙද්ද තමා මහත්තයෝ , ජේ.ආර් ල මහවැලිය ඉවර නොකල නම් , මේ වෙනකොට ඒකකයක් 100 කටත් එහා ගිහින් , නැත්නම් රටෙන් බාගෙකට කරන්ට් එක නෑ

      Delete
    3. ඔය වැඩ කරන්නේ ඉතිං ඒ ව්‍යවස්ථාවෙන් ආපු අයනේ ? හී හී

      Delete
    4. රාජපක්ෂ මහත්තය දේශපාලනය පටන් ගත්තේ ඔය ව්‍යවස්ථාව එන්න කලින් , අනික ඒක තිබුනත් නැතත් එයා දේශපාලනයේ ඉන්නවා . ලෝයර් නෝනටත් ආසන මට්ටමෙන් දිනන්න පුලුවන් . ආසන මට්ටම ගෙනාවොත් දිනන්න බැරි විදුලි ඉංජිනේරුවා වගේ අයට . ආපු ක්‍රමය සහ මම කියපු දේවල් ක්‍රියාත්මක කිරීම අතර තියන සබඳතාවය පැහැදිලි කරන්න පුලුවන්ද ? දැනට ඔයාගේ තර්කය සිසේරියන් සැත්කමෙන් එලියට ළමයි දඟයි කියනවා වගේ කථාවක් ,

      Delete
    5. මුලින්ම කියන්න ඕනේ මම කමෙන්ට් කලේ රාජගේ මාතෘකාවට අනුව. ඉතිං රාජ් කමෙන්ට් එකට ප්‍රශ්නයක් නැගුවොත් මම උත්තර දෙනවා.ඒත් ඔයා ඉල්ලනම නිසා උත්තර දෙන්නම්
      පලවෙනි ප්‍රශ්නෙට උත්තරය ඔව්.
      දෙවෙනි එකට නෑ.
      තුන්වෙනි එකට ඔව්.

      මහවැලිය කඩිනම් කිරීම නිසා සිදු වූ අතුරුඵලත් තියෙනවා. වික්ටෝරියා වේල්ලේ ඇති වෙච්ච් පිපිරීම. කාලගුණික විපර්යාස. පලවෙනි එකට නම් විසඳුමක් යෙදුවා. ප

      Delete
    6. ඔව් නැ බෑ වගේ උත්තර දුන්නාම කොහොමද ඔයාගේ තර්කයේ පදනම දැනගන්නේ . ඔයාගේ උත්තර පදනම් වෙන තර්කය දාන්න සංවාදයකට කැමති නම් . දේශපාලන ලිපියකට කමෙන්ට් දාල ලියුම් කරු හැර වෙනත් අයත් එක්ක සංවාද කරන්න අකමැති නම් ඒ ගැන සඳහනක් (එක වතාවක් හරි ) කරල තියන්න . මොකද සාමාන්‍යයෙන් ප්‍රතිචාර වලටත් උත්තර දෙනවා , මම විතරක් නෙවෙයි තව බොහෝ අය

      අතුරු පල නැති සංවර්ධන ව්‍යාපෘති නෑ , හැබැයි ජේ.ආර් කරපුවායේ ප්‍රථිපලය සහ අතුරු පලය සැසඳුවාම අතුරු පලය අමතක කරන්න පුලුවන් . දැන් හදන ඒවායේ අතුරු පලය විතරයි ප්‍රථිපලය නෑ . මත්තල කුරුල්ලන්ට යන එන මන් නෑ , හැබැයි බලෙන් බාන ප්ලේන් ඇරුණාම ප්ලෙන් එන්නෙත් නැ .අන්න ඒවගේ

      Delete
    7. කෙස් පැහුනට මොලේ වැඩෙන් නෑ කියල තේරුණා

      Delete
    8. 1978 ව්‍යවස්ථාව එන්න කලින් අපි ලෝකෙට ණය වෙලා තිබුණේ බොහොම ස්වල්පව. මෙතනදී 77 කලින් කිව්වම 48 ඉඳලා ඒ දක්වා පාලනය කරපු ප්‍රධාන දෙපක්ෂයම ඇතුලත්. ඉතිං ජේ.ආර්.ගෙන් පස්සේ තමයි අපි ණයත් එක්ක යන්න ගත්තේ. ඒ ක්‍රමය අද වෙනකොට වඩාත් විකාශණය වෙලා තියෙනව. ණය මත යැපෙන රටකට සංවර්ධනය කරන්න වෙන්නේ ණය මතම තමයි. හොඳයි මේ ජනාධිපති නැතිව එජාප රජයක ජනාධිපති කෙනෙක් හිටියොත් මේ දේ වෙනස් වෙයිද? අනිත් එක මේ රජය ශ්‍රී.ල.නී.ප. කියලා කියන්න කොහෙත්ම බෑ. මොකද මේකෙත් වැඩිපුරම ඉන්නේ එ.ජා.ප. අය ඇමැතිකම්වල.

      නොරොච්චෝලේ කැඩෙන එක ගැන මට තාක්ෂණිකව කියන්න තේරුමක් නෑ. කැඩෙන එකට සැබෑම හේතුව මම දන්නෙත් නෑ. මේ ආණ්ඩුව තියෙන වෙලාවේ කරලා, කැඩෙනඑක ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරුන්ගේ වරදක්ද කියන්න මම දන්නේ නෑ. දැන් ඔබ කියයි මට විචාර බුද්ධියක් නෑ කියලා. එහෙම කැඩෙනවා නම් අපි හොයන්න ඕනේ ඒ ව්‍යාපෘතිය කරපු සමාගම කරපු අනිකුත් ව්‍යාපෘති ගැන. ඒවාත් එහෙම වෙලානම් තීරණයකට එන්න පුළුවන්. දැන් ඔබ කියන විදුලි ඉංජිනේරුවා මගෙත් මේ රජයේ ඉන්න හොඳම ඇමතිවරයා. මේ ගැන දැන ගන්න ඕනෙම කෙනෙක් තමයි එතුමා. එතුමා මේවා දන්නවා නම් නොකියා ඉන්නෙත් නෑ.

      තුන්වෙනි එකට පිළිතුර විස්තර කරන්න අවශ්‍යත් නෑ. ජේ.ආර්ගේ ක්‍රමයේ පාලකයෙක් තමන්ට අවශ්‍ය පරිදි අමාත්‍යංශ වල අය එහා මෙහා කිරීම ගැන පුදුම වෙන්න අවශ්‍ය නෑ. රාජ්ගේ මේ ලිපියෙන් ඒවා හොඳට විස්තර වෙලා තියෙනවා.

      මට හිතෙන විදියට අවශ්‍ය වෙන්නේ මිනිස්සු මාරු කරන එක නෙවයි. මේ ක්‍රමය වෙනස් කරන එක. මේ ක්‍රමයේ හොඳ පාලකයා කවුද ? කියලා මම අහනවා. සාපේක්ෂ පිළිතුරකින් වැඩක් නෑ. විජේතුංග මහත්මයා වගේ අහම්බෙන් පත් වූ කෙනෙක් පාලනය කල කෙටි කාලය ගැන කතා කරලා වැඩකුත් නෑ. ජේ.ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා, චන්ද්‍රිකා-රනිල්(2001-2004), මහින්ද කියන මේ අයගෙන් කවුද හැම අතින්ම හොඳට ලංකාව පාලනය කලේ?

      මහත්තයෝ මත්තල කුරුල්ලන් ගැන කතා කරනවා නම් මහවැලි ව්‍යාපෘති නිසා කඳුකරයේ රක්ෂිත වල ජීවත් වූ සතුන්ට අත් වෙච්ච් ඉරණමත් කතා කරන්න. මම නම් ඒවායේ වරදක් දකින්නේ නෑ. ඒ දෙකම දැන් කරලා ඉවරයි. කුරුල්ලෝ ටික කාලෙකදී එයාලගේ ගමන් මග වෙනස් කර ගනියි. මතක තියා ගන්න මම මේ රජයේ මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි. මේ රටේ ජීවත් වෙන එක් සිවිල් වැසියෙක් විතරයි.

      මම එක දෙයක් කියන්න කැමතියි. මොනවත් නොකර ඉන්න අයට වඩා මම නම් මොනවා හරි කරන අයට කැමතියි. සර්ව් අසුබවාදීව බලන්න මම කැමති නෑ. මම දැන් කරන රැකියාව නිසා රට පුරා ඇවිද්දා. ඒකෙදී මම දැක්ක ප්‍රේමදාස ජානාධිපති වරයා මේ රටට වැඩක් කළා කියන එක. එතකම් මම මුහුණ දීපු අත්දැකීම් එක්ක මට ඒ නමවත් අහන්න බැරිවයි හිටියේ. හැබැයි මම මගේ මතය වෙනස් කර ගත්තා. චන්ද්‍රිකා මහත්මිය රටට කරපු වැඩක් නෑ. හැබැයි මහින්ද ජනාධිපතිවරයා මේ රටට වැඩක් කරනවා. මම ඒවා විස්තර කරන්න යන්නේ නෑ. ඕනෑම කෙනෙක් දන්නවා. හැබැයි ප්‍රසිද්ධියේ පිලි ගන්න කැමති නෑ. අධික බලයක් මේ තනතුරට එකතු කලේ ජේ.ආර්. එයා හිතුවේ එයා ගැන විතරයි. ඒ ක්‍රමය ගෙනෙද්දීම ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පොතක් ලිව්වා විධායකයයි ව්‍යවස්ථාදායකයි දෙපැත්තකින් හිටියොත් කොහොමද කියලා. ඒ පොත කියවලා තියෙනවද කියන්න මම දන්නේ නෑ. නැති නම් හොයාගෙන බලන්න. ඒ වගේ මොළ වලට මේ රටේ ඉහලට එන්න බැරි වුනේ අපි හැමෝගෙම කරුමක්කාර කම් වලට වෙන්න ඕනේ. මත්තල ගැන කතා කරන්න කල් මදි කියන එකයි මගේ විශ්වාසෙ. පටන් ගත්තු ගමන් හොයාගෙන එන්න තරම් අමාරුවක් ගුවන් සමාගම් වලට නැතුව ඇති. ඒක ගැන අපි තව අවුරුදු දෙක තුනකින් කතා කරමු.

      රාජ්ගේ පොස්ට් එකට වඩා වැඩි ප්‍රමාණයක් උදුරාගත්ත එකට රාජ්ගෙන් සමාව ඉල්ලනවා.

      Delete
    9. ඕනිම රටක් ණය ගන්නවා ,ඒ ණය යොදවන විදිහ , ණය කොන්දේසි , පොලි අනුපාත සහ දල දේශීය නිශ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය වගේ දේවල් තමයි වැදගත් . සන්ධාන රජයේ තියන ලොකුම අවුල ණය අරගෙන කරන ව්‍යාපෘති අසාර්ථක වීම , ඊලඟට රටේ අවශ්‍යතාවයන්ට එහා ගිහින් දේශපාලනික ප්‍රොජෙක්ට් වලට මුදල් යට කිරීම . එකෙ නිසා තමයි හම්බන්තොටට අවශ්‍ය නැති සුදු අලි එහෙ පිරිලා තියෙන්නේ . ජනාධිපතිසන්ධානද එජාපද කියන ලේබලයෙන් වැඩක් නෑ ඉන්න මනුස්සයගේ ප්‍රතිපත්ති ගැනයි කථා කරන්න අවශ්‍ය

      රජයක් කරපු ව්‍යාපෘතියක් අසාර්ථක වුනාම ඒකේ වගකීම තියෙන්නේ රජයට නෙවෙයිද? මාරයිනේ . විදුලි ඉංජිනේරුවා ඔය ගැන පොඩ්ඩක් කථා කලා , ඒක එයා එන්න කලින් පටන් ගත්ත ව්‍යාපෘතියක් , අනික ආණ්ඩුව ඇතුලේ "පැවැත්ම " රැක ගන්න ගමන් ලොකු ලොකු කථා දාන්න පොරට බෑ

      දේශපාලනයේදී සාපේක්ෂ පිලිතුරු නැතුව නිරපේක්ෂව "යුග පුරුෂයෝ" හොයන්න ගියොත් දියසේන කුමාරය එනකන් බලා ඉන්නවෙනවා . මේ ක්‍රමයේ හොඳම විධායක ජනාධිපති කියල මම කියන්නේ ජේ.ආර් , අගමැති කාලයත් සලකනවා නම් හොඳම පාලන කාලය රනිල්ගේ . මේ ආර්ථික කලමණා කරණය , විදේශ ප්‍රතිපත්තී, රාජ්‍ය වියදම් පාලනය ,සංස්කෘතික සහ සමාජීය ලක්ෂණ කියන හැම එකම සලකලා . මහවැලිය සාර්ථක ව්‍යාපෘතියක් මත්තල අසාර්ථක නිසයි කුරුල්ලො ගැන කථා කරන්න වෙලා තියෙන්නේ , ඔබතුමා අවුරුදු තුනකින් කථා කරමු කියනවා , එහෙම කියපු වරාය දැන් සාර්ථකද ? අවුරුදු තුනකින් මත්තල සාර්ථක වෙන්න හම්බන්තොට අවුරුදු තුනෙන් පටස් ගාලා සංවර්ධනය වෙනවාද? ඒ අවුරුදු තුන යන කන් හරි ඕක පිනට නඩත්තු කරන්න , නගින්න මිනිස්සු නැතුව බලෙන් ගොඩබාන දැනටමත් පාඩු ලබන ශ්‍රි ලංකන් එයා ලයින්ස් එකේ වියදම් ආදිය කරන්නේ කාගේ හරි ගෙදරින් ගෙනාපු ඒවයින්ද ? ඔබතුමා මාධ්‍ය ප්‍රකාශය නොවුනට , ඒ තනතුරේ කෙනා වගේම රජයට සුදු හුනු ගාන එකයි කණගාටුව . එන් එම් ල වගේ මොලේ කරවෙච්ච වාමාංශිකයින්ගෙන් රට බේරුන එක් ගැන නම් මට බොහොම සතුටුයි (මහින්ද මහත්තය ඊට වඩා ගොඩක් ඉදිරියෙන් ) . තුන්වෙනි කරුණ ගැන කියනවා නම් ඇමති තනතුරු මාරු කරන්න විධායක ජනපති ක්‍රමයම ඕනි නෑ , පාර්ලිමෙන්තු සම්ප්‍රාදයෙ නම් අගමැතිට ඒ බලය තියනවා . සුදුසු පුද්ගලයට සුදුසු තැන දෙන එක ඒ අදාල තනතුරු දරන පුද්ගලයා අනුව වෙනස් වෙන දෙයක් මිසක් ජේ.අර්ගේ ක්‍රමයක් නිසා වෙන දෙයක් නෙවෙයි

      Delete
    10. ණය ගැන තවත් දෙයක් 1948 ඉඳන් 2004 දක්වා සියලුම රජයන් ගත්ත ණය ප්‍රමාණයයි , එතනින් පස්සේ ගත්ත ණය ප්‍රමාණයයි සංසන්දනය කරල බලන්න .

      Delete
    11. බුවා මහත්මයා හම්බන්තොට වරායට ගිහිං තියෙනවද ? අපි වරාය, ගුවන්තොටුපොළ කොළඹ ආසන්නයේ තියෙන්න ඕනෑ කියන මතයේ ඉඳන් බැලුවොත් තමයි ඕවා ප්‍රශ්ණ වෙන්නේ. ලංකාවේ සංචාරක කර්මාන්තය කෙරෙන්නේ කොළඹ ආශ්‍රිතව පමණක් නොවෙයි. දකුණේ, නැගනහිර පළාත් වලත් තියෙනවා. ඒ පැති වලට එන සංචාරකයන්ට පාරට කාලය ගත කරනවාට වඩා කැමති වෙයි අඩුම වශයෙන් තමන්ගේ නවාතැනට පැය 2-3ක් වත් ඇතුලත ලඟා වෙන්න. නැතිනම් කොළඹ බැහැලා ඩොමේස්ටික් ෆ්ලයිට් එකකින් දකුණෙන් බහින්න. ඔයා දන්නවාද කටුනායක එයාර් බස් 380 බාන්න නම් එය පුළුල් කරන්න අවශ්‍යයි කියලා. ඒ වගේ දෙයක් කරන්න නම් අපිට තව ගුවන්තොටක් තියෙන එක වාසියක්. අපට මේ දෙක අතර සමබරතාවකින් ගුවන් යානා ගොඩ බස්සවන්න පුළුවන්. දැන් බ්‍රිතාන්‍ය ගුවන් සේවාවත් ලංකාවට නැවත ගුවන් ගමන් එන්න කැමති වෙලා තියෙනවා. ඉතිං අපට පුලුවන් කැමති වෙනත් අයව හම්බන්තොටට යොමු කරන්න. එකක් වෙනුවට දෙකක් තියෙන එකේ වාසියක් කොයි මොහොතක හෝ ඇති වෙනවා. ඔබ කියන විදියට නඩත්තු කරන්න බැරිම නම් වෙන කෙනෙකුට බදූ දෙන්න හරි පුළුවන්. එන්.එම්. ගේ හැකියාව ගැන ඔය විදියට කතා කිරීමෙන් පේනවා ඔබ එක්තරා දෘෂ්ඨි කෝණයකින් බලන කෙනෙක් කියලා. නැතිනම එ.ජා.ප. පැරැන්නන් පවා ඔහුගේ හැකියාව ප්‍රසාදයට ලක් කර තිබෙනවා. මේ තියෙන ක්‍රමයේ විතරයි විපක්ෂයේ කෙනෙකුට ඇමති තනතුරක් දුන්නම අනිත් පැත්තේ වාඩි වුනත් මන්ත්‍රී කම අහිමි නොවෙන්නේ. ඔබ තුමාලගේ කැමැත්තෙන් ආව අයත් අද මේ රජයේ ඉන්නවා. පැරණි ක්‍රමයේ නම් ඇමති කම මාරු කරහම අනිත් පැත්තෙන් වාඩි වෙන්න පුලුවන්. දැන් ආණ්ඩුවේ ඉන්න කෙනෙක්ට විපක්ෂයට යන්න අවස්ථාවක් නෑ. මොනවා වුනත් ඔහේ බලන් ඉන්න වෙනවා. ඇමති කම නැතිව හරි ඉන්නවා.

      Delete
    12. මහත්තයෝ ජේ.ආර්. ගේ පාළන කාලයේදී තමයි, උතුරේත් දකුණේත් තරුණයින් ආයුධ අතට ගත්තේ. ඒවාට හේතු මොනවද ? මම විස්තර කරන්න යන්නේ නෑ. ඉතිං සමාජීයව හොඳ වුනා නම් මෙහෙම වෙයිද ?

      Delete
    13. වරායට මම ගියත් නැතත් එකේ වෙනසක් නෑ , හදපු දවසේ ඉඳන් අද වෙනකන් නැව් කීයක් ඇවිත් තියේද කියන්න කො? වරාය ගුවන් තොටුපල ඉදිවෙන්න අවශ්‍ය ඉල්ලුමේ හැටියට මිසක් එක එකාට ඕනි විදිහට නෙවෙයි කියලයි මම කියන්නේ . සංවාරක කර්මාන්තය නිසා එහෙම ඉල්ලුමක් ඇති වෙනවා නම් දෙවන ගුවන් තොටුපොලට සුදුසුම තැන උතුර හො උතුරු මැද . දකුණට වේගයෙන් ලඟාවෙන්න අධිවේගි මාර්ග පද්ධතිය තියනවා . ඒ නිසා අවශ්‍යතාවයක් තිබුනත් හම්බන්තොටට වඩා සුදුසු ප්‍රදේශ තියනවා , හැම මගුලම හම්බන්තොට අටවන එක දේශපාලනික ප්‍රජෙක්ට් එකක් , කොයි මොහොතක ඇතිවෙන අවශ්‍යතාවයන් වලට යටිතල පහසුකම් හදන්නේ නෑ , අවශ්‍යතාවය ඇසතමෙන්තු ගත කරලා නියමිත කාලයේදී වැඩ අවසන් වෙන්න යමක් කරනවා මිසක් . එහෙම ගුවන් තොටුපලක් හැදුවා නම් විවෘත කලායින් පස්සේ ගුවන් සේවා දෙක තුනක් හෝ "සැබැ" මෙහෙයුම් කටයුතු කරන තැනක් බවට මත්තල පත්වෙන්න ඕනි . ශ්‍රි ලංකන් ගුවන් යානා නිකන් බොරුවට බාගෙන බලාඉන්නවා වගේ පීචං වැඩ කරන්න අවශ්‍ය නැ . ඔව් මගේ දේශපාලන දෘශ්ටියක් තියනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ ඉඳන් තමයි මගේ දේශපාලන කියවීම තියෙන්නේ , එතනදි එන් එම් පෙරේරා ගැන කියන්න තියන දේ තමයි කියල තියන්නේ . එජාපයේ නායකයින් ඔහු ගැන කියන දේවල් මට අදාල නෑ . කැබිනට් කම් දාලා විපක්ෂයට යන්න බැ කියන්න අමු බොරුවක්නේ , මංගල සමරවීර ගියේ කොහොමද එහෙම නම්, . හැබැයි ඉතින් ගියාට පස්සේ ආණ්ඩුවට තමන්ට කෙලවන්න බැරි වෙන්න යහපත් කල්ක්‍රියාවෙන් ඉඳලා තියෙන්න ඕනි

      සාමාජීයව හොඳ වුනාය කීවේ රනිල් ගැන . වෙනත් අර්ථයක් නිරූපණය වෙලා තියනවා නම් සමාවෙන්න . හැබැයි ඔය ප්‍රශ්න දෙකම ජේ.ආර් ගේ කාලයට කලින් ඓතිහාසික පසුබිමක් තියන ප්‍රශ්න . දකුණේ තරුණ නැගිටීම මැතිණිගේ කාලයට අයිති දෙයක් . උතුරේ ප්‍රශ්නයට ජේ.ආර් ගත්ත සිංහල ජාතිවාදී පියවර වැරදියි කියල මාත් කියනවා

      Delete
    14. මේකට උත්තර දෙන්න මෙතරම් පමා වුනේ අද දවස සයිබරයේ සිහින බක් මහ උළෙලට ගිය නිසා. මම හොයා බැලුව මේ වනවිට නැව් 58ක් ඇවිත් තියෙනවා.

      Delete
    15. ආ ප්‍රමාදයට හේතුව මම අනුමාන කලා . මේ ලිපියේ තියනවා පහුගිය වසරට අදාලව වරාය අධිකාරියේ දත්ත . ගිය අවුරුද්දේ නැව් 34 ක් ඇවිත් තියනවා . ලංකාව ලඟින් දවසට 400ක් යන නැව් වලින් 40ක් ආවත් ඇතිය කිව්ව වරායට අවුර්ද්දටම ඇවිත් තියෙන්නේ 34යි . ඔයාට අනුව මුලු කාලයටම 58යි . වැදගත්ම ප්‍රශ්නය ඔයා ආපු ප්‍රමාණයෙන් කීයක් හම්බන්තොට වරායේ අවශ්‍යතාවය මත පැමිණි ඒවාද කියන එක . ඒ කියන්නේ , බලහත්කාරයෙන් හම්බන්තොට යවපු වාහන නැව් ඇරුණාම , ඉතුරු ගාණ කීයද කියන එක (මෙහෙම නැව් ගාල්ලට සහ ත්‍රිකුණාමලයට ගිහින් තියනවා ) .
      http://lankacnews.com/sinhala/news/93294/

      Delete
    16. සොරි වෙන්න ඕන දවස් දෙකකින් එන්න බැරිඋනාට.
      මගේ පෝස්ටුවක් ඇතුලෙ ඕන කෙනෙක් කටින් ගහගත්තට මම අමනාප නෑ:)

      ආර්ථික කාරණා ගැන කෙසේ වෙතත් සුදීක මතුකරපු මුල් කාරණාව ගැන මම එකඟයි. අද ඇතිවෙලා තියන තත්වයට මූලික උනේ ජේආර්ගෙ ව්‍යවස්ථාව කියනඑක මම විශ්වාස කරනව. ඒ ව්‍යවස්ථාවෙන් ජේආර් හම්බකරගත්තෙ නැතිඑක වෙනම දෙයක්. ඒත් ව්‍යවස්ථාවක් හැදෙන්න ඕන එන මිනිහ හොකා උනත් ඒකාධිපතියෙක් වෙන්න බැරි විදියට. අන්න ඒකයි එතන වැරැද්ද.
      වැරැද්දේ ආරම්භකය එයා වගේම දැන් තියෙන්නෙ මහින්ද රාජපක්ෂගෙ ව්‍යවස්ථාව. අවංක උවමනාවක් තිබුනනම් ව්‍යවස්ථාව නිවැරදි කිරීමේ හොඳම අවස්ථාව ලැබුනෙ එයාට. ඒකෙන් කරගත්ත දේ කියන්න ඕන නෑනේ.

      Delete
    17. රාජ් - විධායක ජනාධිපති ක්‍රමයට මමත් විරුද්ධයි , නමුත් සුදික කථා කරල තියෙන්නෙ සමානුපාතික ඡන්ද ක්‍රමය ගැන . ඔය දෙක දෙකක් .

      Delete
    18. මම ඔය මුළු ක්‍රමයටම විරුද්දයි. විධායක ක්‍රමයට කොහොමත් විරුද්ධයි. ඒකට එකතු කරලා තියෙන අසීමිත බලය ඉස්සරහ සිහි විකල් නොවෙන කෙනෙක් නෑ. අපිට එතනදී ඒකට ආරුඪ වෙලා ඉන්න කෙනාගෙන් වැඩක් නෑ. මම උදේට වැල්ලවත්ත මැරීන් ඩ්‍රයිව් එකේ ඇවිදින්න යනවා. ඒ දවස් වල මම දැකලා තියෙනවා නැව් පෝලිමේ ඉන්නවා. මේ ගැන මම වාරයේ මිතුරකුගෙන් ඇහුවාම කිව්වේ, ඒ නවත්වන්න බලාගෙන ඉන්න නැව් කියලා. ඉතිං අපි ඒ තදබදය හම්බන්තොට යොදාගෙන අඩු කර ගන්න එක හොඳ නැද්ද ?

      Delete
    19. වරාය හදන කොට පාරම් බැවේ තදබද නැති කරන්න කියල නෙවෙයිනේ . තදබදයක් තියේ නම් කොලඹ වරාය ලොකු කරන්න ඕනි . එතකන් ගාල්ල ත්‍රිකුණාමලය වරායවල් තියනවා . චීනේ මිලිටරි ප්ලැන් වලට උන්ගෙන්ම ණය අරන් වරාය වල් අටවන එක නෙවෙයි විසඳුම . ලංකාවේ වාහන අලවිය කරන්නේ බස්නාහිර , වයඹ පලාත් වල . හම්බන්තොට වාහන ටික බාලා ආපහු අරහෙට අදින කොට සිද්ධ වෙන නාස්තිය , මාර්ග තද බදය ගැන මොකද කියන්නේ ?

      Delete
    20. බුවා
      .............

      මොනවා වුනත් උඹ කතා කරන්නේ එක මතයක ඉඳගෙන. උඹ හරි කියන දේ වැරදි කියල කොතෙකුත් කරුණු තිබුනත් ඒ හැම දෙයක්ම වැරදි උඹේ මතය තමා හරි කියල එදා ඉඳලම හිටියේ. පිටතින් බලන කෙනෙකුට තේරෙනවා උඹ මොනවගේ දේශපාලනයක්ද කරන්නේ කියල.

      ලංකාවේ හොඳම පාලනය තිබුනේ රනිල්ගේ 2002 පාලනය කාලේ කියපු උඹ ගැන කවර කතාද? නොපෙනෙන කොතෙකුත් දේවල් සිදු වුනාද? උඹත් සුදු හුණු ගාන කෙනෙක්.

      Delete
    21. එක මතයක ඉඳන් තමයි මචෝ කවුරුත් දේශපාලනය කථා කරන්නේ , සුදීකට කිව්වා වගේ මම විශ්වාස කරන දේශපාලන දෘශ්ටියක් තියනවා , ඒක විශ්වාස කරන්න හේතුව ලෝක මට්ටමෙන් ඒකේ සාර්ථකත්වය පිලිබඳ තියන උදාහරණ. රනිල් පාලන කාලේ ගැන කිව්වාම ගොඩ දෙනෙක්ට සටන් විරාමය වගේ "දේශද්‍රෙහි" කාරණා මතක් වෙලා තදවෙන්න පුලුවන් බව මම දන්නවා , නමුත් මම දීල තියන නිර්නායක කිහිපය අනුව , රනිල්ගේ පාලන කාලයත් අනික් අයගේ ඒවත් සංසන්දනය කරලා බලමු , ඊලඟට ඒ නිර්නායක වලට දෙන්න පුලුවන් ප්‍රමුඛතාවය ගැනත් කථා කරමු .

      හැබැයි ඔය කාරණා වලින් ස්වායක්තවය මම සුදීකත් එක්ක කථා කරල තියන කරුණු පිලිබඳ වාද කරන්න පුලුවන් , කාගේ පාලන කාලයද හොඳ කියන එකට මම දෙන "සාපේක්ෂ" පිලිතුර විතරයි රනිල් පාලන කාලය. අපි දැන් කථා කරන්නේ වර්ථමාන රජයේ ව්‍යාපෘති ගැන , ඒවායේ සාර්ථක අසාර්ථක බාවය ගැන කථා කරන්න ඊලඟ පාලන විකල්පය ගැන කථා කිරීම අතුරු කාරණාවක් විතරයි

      ප.ලි- උතුරු පලාත් සභාව තියලා ඒක දෙමල සංධානය දිනුවොත් , රනිල් මිනිස් ජීවිත දේපල මුදල් ඉතුරු කරගෙන, ජාතින් අතර වෛරය නැතිකරගෙන කරන්න හදපු දේයි , ඒ දේවල් විනාශ කරගෙන යුද්ධ කරලා ලබන අවසන් ප්‍රථිපලයයි අතර ලොකු වෙනසක් නැති බව ඔය "දේශප්‍රේමි" මහත්තුරු කාටත් දැක ගන්න ලැබෙයි !

      Delete
  19. රටට ආදරේ ඇති කොල්ලෙක් ගේ සැබෑ සටහනක් .

    ReplyDelete
  20. හිතෛෂීන් කියන උන්ටවත් හිතෙන්නෙ නැද්ද බං මේක පාපයක් කියල?

    ReplyDelete
  21. අපි නම් මොන දේ උනත් මහෙන්ද්‍ර මම එක්ක ඉන්නවා,මහෙන්ද්‍ර අපිට අපි මහෙන්ද්‍රට :)

    ReplyDelete
    Replies
    1. අපි පර්සිට පර්සි අපිට !

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
  22. අයි ඉතින් අරින්ට දෙන්නේ?

    ReplyDelete
  23. කොච්චර ඇරියත් ඉරිච්ච පුක මහගෙන ආයිත් අල්ලන මාරයාගෙ ජාතියේ බුබ්බඩයොනෙ වැඩිය ඉන්නෙ යකෝ ...තේරෙන්නෙ නැද්ද ?

    ReplyDelete
  24. හැමදේම මතක තියෙන්නේ සති දෙකයිනේ රාජ් අයියේ..

    ReplyDelete
  25. //කොච්චර ඇරියත් ගානක් නැත්තෙ ඇයි?//
    පැහැදිලිවම අරිනවාට කැමති නිසා.

    ReplyDelete
  26. මාමාගේ බහින කලාව ආරම්භවී තිබේ. එය ඉක්මන් කරගන්න දක්ෂයෙක් නැති එකයි අවාසනාව.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ෆොනීගෙ කස්ටිය හිතන්නෙ ඔහොම තමයි.... ඒත් ෆොනීට වැලේ වැල් නෑ....

      Delete
  27. මහින්ද හුත්තිගෙ පුතා අනේ මේකා මැරිලවත් යන්නෙ නෑනෙ.මේ ගොන් ජනතාව කියන උන් පුකේ ඇර ඇර ඉන්නවා මිස නැගිටලා ඉතිහාස ගත වෙන විදිහට මේ ආන්ඩු හුත්තට හුකවලා කොන්ද පන තියන ආණ්ඩුවක් හදාගන්න කිසිම උවමනාවක් නෑනෙ බලාගෙන ගියාම.මම නම් දන්නෑ ඉතින් මේ රට තවත් පහලට වැටෙනවා මිස කවදාවත් ඉහලට යාමක් නෑ.තව මෙහෙම කාලයක් ගියොත් අපිට මේ රට අත්හැරලා යන්න තමයි වෙන්නේ.ඒත් යන්න කියලා තැනකුත් නැති එකේ අවසන් ගමන් යන්න තමයි වෙන්නේ.කුනුහරුප ලිව්වට සොරි හොදේ...මුන්ට කතා කරන්න තියෙන්නේ මේවා තමයි.

    ReplyDelete