Tuesday, December 2, 2014

විඥානයේ අවිඥානය හෙවත් හිස වසාගන්නා විට පුක එලියට පැනීම!

කොච්චර යටපත් කලත් ඇත්ත කියන දේ කවදා හරි එලියට එනව කියල අපි අහල තියනව. මේකෙ විශේෂ අවස්ථාවක් තමයි බොරු කරන්නන් තුලින්ම ඇත්ත හෙලිවීම. මේ ගැන කියවෙන කියමන් එමටයි. කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නෑ කියල කියන්නෙත් මේකට. පහුගිය දවස් වල ආණ්ඩුවෙ මැතිවරණ ව්‍යාපාරය ඇතුලෙ මේ සිද්ධිය දැක්ක. ප්‍රධානම සිද්ධිය තමයි ජනාධිපතිතුමගෙ ෆයිල් කතාව. පුරාජේරුවක් හැටියට, ඒ කියන්නෙ 'උඹ [මෛත්‍රී] මට මොකෙක්ද' වගේ අදහසකින්, මේ ෆයිල් කතාව කිව්වත් එතුමා හිතන්න නැතිව ඇති මේකෙන් තමුන්ගෙ පැත්තට ඇඟිලි හතරක් දික්වෙනව කියල. සරළව කිව්වොත් 'හොරු ගැන හෙලි නොකර සිටීමේ අවුල' කවුරුවත් ප්‍රශ්න නොකරයි කියල ජනාධිපතිතුමා හිතන්න ඇති. අන්තිමට සිද්ධවුනේ විරුද්ධ කාරයන්ට පට්ට ගහන්න පුළුවන් මාතෘකාවක් ලැබීම. මේ ඒ වගේ අවිඥානකව එලියට පනින අප්සට් කතා ටිකක්.

1.මේක නිල් බලකායෙ ඇඩ් එක ගැන. [බුකියෙ තිබුනෙ] ඔන්න නිල් බලකායෙ ඉලන්දාරියෙක් කඩේට එනව. ඇවිල්ල සිගරට් එකක් ගන්නව. එතකොට දකිනව එතන බඩගින්නෙ ඉන්න මනුස්සයෙක්. ඒ ගමන සිගරට් එක රිටන් කරල අර මනුස්සයට කන්න දෙන සීන් එකක් මේ අැඩ් එකේ තියෙන්නෙ. එක පැත්තකින් නිල් බලකායෙ ඉන්නෙ සිගරට් බොන උදවිය. ඒක අවුලක් නෑ කියමුකො. අනිත් පැත්තෙන් ඈස්චර්යට ගියාට කඩවල් ලඟ කන්න නැතිව ලතවෙන මිනිස්සු. තවත් පැත්තකින් සිගරට් එකක සල්ලි වලින් වේලක් කන්න පුළුවන් තරමට සිගරට් මිල ඉහල ගිහිල්ල.

2.මේක තිබුනෙ රාවය පත්තරේ පුංචිහේව මහත්තයගෙ කොලමෙ. ඔන්න රාජපක්ෂ නම බොරුවට විකුණල එකෙක් අත්අඩංගුවට අරගෙන උසාවි දාල. මේක අද දකින්න ලැබෙන දුලබ නොවන සිදුවීමක්. නීති විරෝධීව කෙනෙකුගෙ නම විකිණීම දඬුවම් ලැබියයුතු වැරැද්දක් බව හැබෑව. නමුත් අවුල තියෙන්නෙ ඇත්තටම රාජපක්ෂ නම පාවිච්චි කරල නමේ අයිතිකරුවන් දැනුවත්ව යම් යම් කටයුතු සිදුවීම. මේක නිකං අර යම්කිසි ජනප්‍රිය භාණ්ඩයකට ඩුප්ලිකේට් එකක් එනව වගේ. දැනට තියන ජනප්‍රිය දේකට ඩුප්ලිකේට් එනව මිසක් මහපොලවෙ නැති දේකට ඩුප්ලිකේට් එනව අපි දැකල නෑ. මේවගේ සමාජ විරෝධී ඩුප්ලිකේට්, සිස්ටම් එකෙන් අයින් වෙන්නෙ ඒකෙ ඔරිජිනල් එක අයින් වෙච්ච දවසට තමයි. ඒකෙත් හැටි!

3.අජිත් පැරකුම්ගෙ බ්ලොග් එකේ අද තියනව ඔය උඩ තියන පින්තූරෙ. ඒක අද දිණමිනේ මුල් පිටුව. ඒකෙ කියන විදියට ජනාධිපතිතුමා කිව්වලු "ඩොලර් වලට පවුම් වලට විකිණෙන ඇමති මණ්ඩලයක් මා ලඟ නෑ" කියල. නමුත් අපි දැන් දන්නව ඡන්දෙ ප්‍රකාශ කලාට පස්සෙ මෛත්‍රී පිලට මාරුවුන මැති ඇමතිගොල්ලක් ඉන්නව කියල [සහ ඉදිරියෙදිත් ඉන්න පුළුවන් කියල]. ඒ කියන්නෙ ජනාධිපතිතුමා මේ කරල තියෙන්නෙ ඉවත්වූ අයට [සහ එනව කියන අයට, ඊයෙත් එක්කෙනෙක් ආව] පොඩි චරිත සහතිකයක් දීම. ඒ කියන්නෙ මේ පිල් මාරු කල අය එහෙම කලේ හැබෑවටම අවුලක් තිබුන නිසා. කට බොරු කිව්වත් දිව බොරු නොකියයි කියන්නෙ ඕකට.

4.ඊයෙ ෆේස්බුක් එකේ ඉන්‍නකොට අපේ සාතන් ස්ටේටස් එකක් දාල තිබුන මෙහෙම, '12ක් ගේන්න 4ක් පන්නමුද?' කියල. මෙතන දොලහ කියන්නෙ මෛත්‍රීගෙ පවුලෙ සහෝදරයො ගණන. හතර කිව්වෙ ජනාධිපතිතුමාගෙ සමාගමේ සහෝදරයන් ගණන. මිනිහෙක් උපදිනකොට තමුන්ගෙ සහෝදරයන් ගණන තීරණය කරන්න තරම් බලයක් සර්වබලධාරී දෙවියන් වහන්සෙ දීල නෑ. ඒ අනුව එක එක්කෙනාට අඩු වැඩි වශයෙන් සහෝදරයන් ඉන්න පුළුවන්. නමුත් ඔය ඉහලින් කියෙව්ව අනිත් කතාවල වගේම මෙතනදිත් මේ කත‍ාව කියන්නාගෙන් අවිඥානකව එලියට පනින්නෙ 'සහෝදරයන් කණ්ඩායමක්' සමාජයට කරපු බලපෑම කොච්චරද කියල. 'හතරක් ඉඳල මෙහෙම නං දොලහක් හිටියොත් කොහොමද' වගේ ප්‍රකාශයක් කරන්න සිද්ධවෙන තැනට වැටීමෙන් පැහැදිලි වෙන්නෙ 'හතරෙ' තත්වෙ තමයි.


[2014.12.01]

55 comments:

  1. ඇර ඇඩ් එක හදපු කොම්පැණිය හරි නෑ. මේන් මම හැදුවා නම් හදන ඇඩ්.

    ඉස්සරහා සාක්කුව හරියේ නාමල්ගේ මූණ ගහපු පිටිපස්සේ නිල් බලකාය කියලා ටී එකක් ගහලා. නයික් දෙකක් දාලා, ජෙල් ගාලා, ලීවයිස් එකක් ඇඳලා ඒකට ඉටැලියන් බෙල්ට් එකක් දාපු කොල්ලෙක් එනවා විසිල් එකක් ගහගෙන කඩේට. කඩේ පෙරේරා ඇන්ඩ් සන්ස් එකේ ලෙවල් එකටවත් තියෙන්න ඕන. කොල්ලා 5000 කොලයක් දීලා ගෝල්ඩ් ලිප් පැකට් එකක් ගන්නවා. අරගෙන කියනවා. අපේ ජනධිපති තුමා නැත්නම් අර ගොබ්බ සිරා පොර මේකත් කනවා කියලා. පොර සිගරට් එකක් අරගෙන එලියට ඇවිල්ලා පත්තු කරන්න යනකොට දකිනවා වයසක බුවෙක්. නෙස් කැෆේ එකක් ගහනවා. අරූ අහනවා සීයා සිකරට් එකක් බොනවද කියලා. සීයා කියනවා. පිස්සුද පුතා මම ඕවා ගහන්නේ නෑ. මම බොන්නේ ඩන්හිල් කියලා. කොල්ලා සිකරට් එක පත්තු කර ගන්න කොටම පොලිස් කාරයෙක් ඇවිල්ලා කොල්ලට කියනවා. ප්ලීස් එක්ස් කියුස් මී සෑර්. ප්‍රසිද්ධ තැන්වල සිකරට් බොන්න බෑ කියලා. එතකොට කොල්ලා කියනවා අනේ මට අමතක උනා ඔෆිසර් කියලා. කඩීඅ පිටිපස්සට ගිහිල්ලා සිකරට් එක ගහනවා. එතකොට සීයත් එනවා ඩන්හිල් පැකට් එක අතේ තියාගෙන. පොලිස් කාරයත් පිටිපස්සර එනවා. කමිස කෝට් එකට අත දාලා ගන්න බෙන්සන් ඇන්ඩ් හෙජස් පැකට් එකක්. එතනින් ඇඩ් එක ඉවරයි.

    තව ඕන නම් කියහන්... මේවා වැඩිය ප්‍රසිද්ධ කරන්න එපා මාව ගනීවී ඇඩ් හදන්න.

    ReplyDelete
    Replies
    1. යකෝ ලංකාවෙ සිගරට් ඇඩ් තහනං. :D

      Delete
    2. ඒකත් මරු තමා. උඹ පරෙස්සමින් ඉඳපං.

      Delete
    3. මාතලන් මේ හදන්න හදන්නේ නිල් බලකායේ ඇඩ් එකක්ද එහෙම නැත්නම් ලංකා දුම්කොළ සමාගමේ ඇඩ් එකක්ද?

      Delete
  2. අපි මොකටද සෙකන්ඩ් වෙන්නෙ. මෙන්න දෙවෙනි ඇඩ් එක. ඉරු එලිය තීරූ තීරූ කාපට් පාරට වැටිලා .වේගෙන් එනවා ලම්බෝගිනියක්. පාරේ නවත්තන්වා. කාර් එකෙන් බහිනවා ඩෙනිමක් ගහපු ගොවියෙක්. පාරේ ගහලා තියෙනවා බෝඩ් එකක් සියඹලාණ්ඩුවට සැතපුම් 2යි කියලා. රෝදෙක හුලන් ගිහින්. පොර ස්පෙයාර් වීල් එක මාරු කරන්න හදනකොටම. හාර්ලි ඩේවිසන් එකක් ඇවිත් නවත්තනවා. ගොයියා කියනවා "ආ ග්‍රාමසේවක මහත්තයා" කියලා නිල් බලකාය ටී ශර්ට් එකක් ඇදී කොල්ලට. ඌ ජෙල් ගාලා, හීනියට ගෝටියක් තියලා

    ග්‍රාමසේවක කියනවා "ඉන්න මම උදව් කරන්න, මාමාට පරක්කු උනොත් රටටනේ පාඩුව "කියලා.

    ඇඩ් එක ඉවරයි. හුටා එහෙම බෑනේ දැන් ගොයියෝ ඇලජික් නේ

    ReplyDelete
    Replies
    1. උඹ දැකලා තියෙනවද අර පොළොන්නරුවෙම වටදාගෙයි හැටදාගෙයි පීසා කුළුන වගේ එකයි තියෙන තැනම තියෙන ලංකාවේ ළොකුම ඉන්ස්ක්‍රිප්සොන් එක. ඒක කොටවලා තියෙන්නේ මේ මහින්ද මහත්තයා වගේම රජ කෙනෙක්, නිශ්ශංක මල්ල කියලා. පොරටත් තිබුනා ලංකාවේ හැම තැනම නම ගහ ගන්න ලෙඩේ. ආන් ඒකේ තියෙනවා ගොයියා මඩ සෝදා ගත් කළ රජ කමට උනත් සුදුසුය කිව්වට ගොයියෙක්ට නම් රට දෙන්න එපාය කියලා. සමහර විර තාම මහින්ද මහත්තයා ඒක කියවලා නැතිව ඇති.

      Delete
    2. උඹ පරෙස්සමින් ඉඳපං. *2

      Delete
  3. අපේ මාරයා අයියා නම් දැන් ඒ පැත්තට පනිනවාද මේ පැත්තට පනිනවාද කියලා හිත හිතා තමයි ඉන්නේ. මොකද මාරයා අයියාගෙ වීරයෝ දෙන්න දෙපැත්තට ගිහිල්ලා. මාරය අයියා දකුණු කකුල එක පිළකත් වම් කකුළ අනෙක් පිළේත් තියාගෙන කාරණා කටයුතු ෂේප් කර ගන්න උත්සාහයක් දරණවා. ඒ වුණත් මේ යන විදිහට නම් දෙපිළ දෙපැත්තට ගිහිල්ලා මාරයා අයියා අන්තිමට ඉක පුරාගෙන තමයි නවතින්නෙ. පින්වත්නි සාදු කියන්න.

    ReplyDelete
    Replies
    1. මාරය වගේම බොහෝ දෙනෙක් ඉන්නව 'දැං දෙපැත්තෙංම ඉන්නෙ අපේ එවුන්' කියල හිත හදාගන්න. නමුත් ඉතිං ඕව දුකට කියන කතා. මහින්දගෙ ලොකුම කෙරුමෙක් ගැලවිලා ගියාම කියන්න දෙයක් තියෙන්නත් එපාය.

      Delete
    2. ඉදිරි මැතිවරණයේදී අපේ ජනාධිපතිතුමන්ගේ ලොකුම ශක්තිය අපේ මාරයා අයියා. අපේ මාරයා අයියා නැත්නම් ජනාධිපතිතුමන්ට පවුල පිටින්ම අකුලාගෙන යන්නයි වෙන්නේ. ඒ නිසා මාරයා අයියාට ගරු කරමු.

      Delete
  4. දැන් ලොක්කා කතා කරන්නෙත් මලෙන්,අනික දැන් ලොක්කා කියන ඔය සල්ලි වලට පැත්ත මාරු කරන කතාවෙන් ඉස්සර අර යුඑන්පි කාරයෝ දෑත් ශක්තිමත් කරන්න ගියාම උන් ගියේ සල්ලි වලට කියලා කියපු කතාවත් ලොක්කම තහවුරු කරනවා.සමහර විට මෙහෙන් එහෙට ඩොලර් වලට,පවුම් වලට ගියාට එහෙන් මෙහෙට එන්නේ රුපියල් වලට වෙන්න ඇති දේශීය චින්තනේනේ.

    ReplyDelete
  5. මෙන්න තව එකක්
    එදා ඉරිද පොල, ත්‍රීවීල් එකකින් අවුත් බැහැපු කලු මිටි මහත්මයා කවුරුත් හඳුනා ගත්තා, හිටපු ජනාධිපතිතුමා අනුර කුමාර. හැමෝටම හිනාවකින් සංග්‍රහ කරමින් ළඟින් ගිය අයට පිටට තට්ටුවකුත් දමාගෙන සිය බිරිඳත් එක්ක පොලට ඇතුල් වෙන්න හදනකොට, ඊට මඳක් එහායින් මිනිස්සු වටවී බලන් ඉන්නවා නිකටට අත තියාගෙන අනේ කොහොම හිටපු මනුස්සයෙක්ද කියල. උඩු රැවුල නම් සුදු උනත් වටේ ඉඳල විහිලු කරන කොල්ලන්ට කුනුහරුපයක් කියල බනින කොටනම් තවමත් ඒ ගොරහැඩි කටහඬමයි. වම් කකුලෙ මැස්සො වහන වනය කිලුටු වුනු දම් පාට පටියකින් බැඳගෙන. කබල් බෙලෙක් පිඟානට පරිප්පු හොද්දක් දමාගෙන පාන් බාගෙ බැම්ම උඩ තියාගෙන පොඟව පොඟව කනවා.
    හුටා ඇඩ් එකක් නෙවෙයි නේද

    ReplyDelete
    Replies
    1. //හිටපු ජනාධිපතිතුමා අනුර කුමාර//?????

      Delete
    2. තව අවූරුදු 20කින් හෝ සමාන්තර විශ්වයක

      Delete
    3. හිටපු ජනාධිපතිතුමා අනුර කුමාර ත්‍රීවිල් එකේ යනව වගේ නෙවි බං, අර අනිත් පොරට නම් ඔය කියන කළ යනකන් නෑ කවදාවත්. ව්‍යවස්ථාව තව සියපාරක් සංශෝධනය කරත් හිටපු ජනාධිපතිවරයෙක්ට ව්‍යවස්ථාවෙන්ම වෙන්කරල දෙන වරප්‍රසාද අහිමි කරනකන් නෑ. අපි කැමති උනත් අකමැති උනත් එයාව නඩත්තු කරන්න අපි ගෙවන බදු මුදලෙන් කොටසක් වෙන්කරන්න වෙනව.

      ඒ නිසා තව අවුරුදු 20 කින් නම් හරියනකම් නෑ, සමාන්තර විශ්වයක නම් ඔන්න වෙන්න පුළුවන්. :)

      Delete
  6. මොනාද රාජ් ගහනවයි කියලා ඔහොමත් නැතිවෙන්න ගහනවද? නෑ...නෑ...වැරදුනා, නිරුවත් කරනවා කියලා ඔහොමත් රෙදි ගලවනවද?

    ReplyDelete
  7. ආ මෙන්න තවත් එකක්.

    දර්ශනය කිලිනොච්චි නගරය පේන මායිමේ ශ්‍රිලන්කන් ටැමිල් ඊලාම් බෝඩරය අසල.

    වන්දනාවේ යන සිංහල පෙනුමක් ඇති මැදි වියේ මව්පිය යුවළක් සහ ඔවුන්ගේ තරුණ පුතා යැයි කිව හැකි අයෙක්. වීසා ගැනීම සඳහා පෝලිමක ඉන්න ආකාරය. ඔවුන් දැඩි වෙහෙසටත් ප්‍රශ්න කිරීම්වලටත් ලක්වන ආකාරය තරමක් වේගයෙන් ඇඳීගෙන යන සිතුවම් පෙලක්. ඒ අතරේ එක් කොටි නිල ඇඳුමින් සැරසුන අයකු සැරෙන් කතා කරන අන්දම නිසා දත් මිටි කන තරුණයා “රට බෙදපු කාලකණ්නි හින්දා වෙලා තියෙන දෙයක් යැයි කියමින්“අත මිටි මොලවන ආකාරය... මෙය දුටු ද්‍රවිඩ නිලධාරියා තරුණයාගේ කමිස කොලරයෙන් අල්ලන ආකාරය. එය වලක්වන්න අත තබන මැදිවියේ පියාට නිලධාරියා විසින් එල්ල කරන වේගවත් පහරක් සමග ක්ෂනිකව දර්ශනය වෙනස්වේ.

    ඇඳක් මත නිදා සිටින තරුණයා “තාත්තේ“ කියමින් නින්දෙන් අවදිවන ආකාරය. සැනෙකින් සිහි එළවාගන්නා තරුණයා නැගිට සූදානම් වී ඡන්ද පත්‍රිකාවත් රැගෙන ගෙදරින් එළියට බසින ගමන් “මම ඡන්දය දාලා එන්නම් අප්පච්චි“ යැයි හඩ නගා ගේ තුල සිටින අයට ඇසෙන සේ කියා ගෙයින් පිටවීමක්.නිවසේ දොරටුව අසල සිට රූගත කරන දර්ශනයේ තරුණයා නිවසේ ගේට්ටුවෙන් එළියට යන ආකාරය බොඳ වූ ආකාරයට පෙන්වන ගමන් රූපවාහිනී තිරය මත නිල් පැහැති අකුරින්
    “නපුරු සිහින කිසිදා සැබෑ නොකරනු පිණිස“ යන අකුරු මතු කරවීම.

    ReplyDelete
    Replies
    1. මරු! ටක්කෙටම හරියනව.

      Delete
    2. තව අවූරුදු 20කින් හෝ සමාන්තර විශ්වයක

      Delete
    3. ඇත්තටම නිර්මාණාත්මකයි. ඔය නිල බලකායෙ එවුං මේක දැක්කොත් ඔය ජාත්යෙ ඇඩ් එකක් ෂුවර්...

      Delete
    4. මම මේ බොක්කෙන්ම කියන්නේ, මේක යවන්න පුළුවන්ද කියලා මම චෙක් කරන්නම්.
      බොහෝ දුරට අද හෙටම මේක TV එකේ බලන්න පුළුවන් වෙයි.

      Delete
    5. එල ද බ්‍රා...උඔගේ හැකියාව ඇනෝ

      Delete
    6. ‘තාත්තේ‘ කියන් නින්දෙන් නැඟිටින එකා ‘අප්පච්චි‘ කියන් ඡන්දෙ දාන්න යන්නෙ ඇයි බං. :)

      හොඳ හැකියාවක් තියෙනව ඔබට. ඇත්තෙන්ම නිර්මාණාත්මක අදහසක් !

      Delete
    7. ඔබේ හැකියාවට ප්‍රශංසා කළ යුතුමයි.දැන් ආණ්ඩුවෙ මෙහෙම හිතන දක්ෂයො නෑ.හීතලට ඌව කල්දානව වගෙ තකතීරු අතේ කයිතන් වෙන කතා කියන මෝඩයො ටිකක් ඉන්නෙ.

      Delete
    8. මෙන්න අපේ මහින්ද අයියාට ඔය ඔක්කෝටම වඩා හොඳ ඇඩ් එකක්.

      අපේ මාරයියා බුලත් විටකුත් කකා වත්ත පහළ බොග දානවා. ඊට පස්සෙ නැඟිටින ගමන් බොගට රතුපාටට බුලත් කෙළ පාරකුත් ගහනවා. කැමරාව බොගේ සමීප රූපයකින් නවතිනවා. පසුබිමින් ඇහෙන්නේ අපේ මාරයියාගේ ගැඹුරු කටහඬ.

      "අපට ඉතින් මහින්ද අයියා නැතුව වෙන කවුද? මේ සැරෙත් අපි ඔක්කෝම මහින්ද අයියාටම තමයි."

      Delete
  8. මේ මහත්මයගේ ගණන් හැදීමේ තියෙන පළමු වරද තමයි ප්‍රතික්ෂේපිත සහ ප්‍රකාශිත නොවන ඡන්ද සියල්ල සිංහල ඡන්ද ලෙස පමණක් ගණන් ගැනීම. එහෙම වෙන්න විදියක් නැති නිසා ඔය අප්‍රකාශිත ප්‍රමාණයට සුළු ජාතික ඡන්දත් එකතු කලාම එකී සුළු ජාතික ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 28-29 ක් වන්නේ නැත. විශේෂයෙන්ම උතුරේ ඡන්ද වැටීම ඒ තරම්ම සාර්තක නොවන නිසාත් මේ දේ සිදු වේ. එම තත්වයද මත ගිය වර ජනාධිපතිවරණය තුලදී ප්‍රකාශිත ඡන්ද වලට අනුව කල දළ ගණනය කිරීම් වලට අනුව ප්‍රකාශිත ඡන්ද වලින් ඡන්ද ලක්ෂ 19 ක් පමණ සුළු ජාතික ඡන්ද විය. එම නිසා නැවත එකී දත්තය ඇතුලත් කොට මෙම ගණන සාදා බලන්න.

    එසේම සුළු ජාතික ඡන්ද අතුරින් බහුතරය මරාට විරුද්ධ බව සැබෑය. එහෙත් මරාට විරුද්ධ පාර්ශවයට සුළු ජාතික ඡන්ද වලින් 75%ක ප්‍රතිශතයක් ලබා ගැනීම අසිරුය. එය උපරිම සියයට 65-70 ත් අතර පවතී. කැමතිනම් මෙම සාධකයත් සලකා බලා නැවත ගණන් සාදන්න.

    (ඉහත කරුණු දෙකටම අනුව අප විසින් කර ඇති ගණනය කිරීම් වලට අනුව මරාට විරුද්ධව ගිය වර ප්‍රකාශය තිබූ උපරිම සුළු ජාතික ඡන්ද ප්‍රමාණය ලෙස සැලකිය හැක්කේ ලක්ෂ 12 ත් 14 ත් අතර ප්‍රමාණයකි.)

    එජාපයේ ඡන්ද ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීම නිවැරදි වන මුත් ඇතැම් විට මෛත්‍රී/චන්ද්‍රිකා/මංගල යන ත්‍රිත්වය පිළිබඳව ඇති සාධාරණ සැකය මත ඔය ඡන්ද ලක්ෂ 25න් සැලකිය යුතු ප්‍රමාණයක් නොවැටීමට ඉඩ ඇත. එසේ අඩු වීම විය හැකිම තත්වයක් වූවද සැකයේ වාසිය මෛත්‍රීට ලබා දී අප එම ලක්ෂ 25 එසේම ඉතිරි කරමු.

    එසේ උපරිම වාසිය දුන්නත් මෛත්‍රීට ඒ වන විට ලැබී ඇත්තේ ඡන්ද ලක්ෂ (14+25) 37 කි.

    ගිය වර වලංගු සමස්ථ ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 104 ක් පමණ වේ. ඒ අනුව සියයට 50 ක් ලබා ගැනීමට සඳහාත් තව ඡන්ද ලක්ෂ (52-37) 15ක අඩුවක් පවතී. මෙය ලබා ගත හැකි ක්‍රමය අපැහැදිලිය. ගිය වර ජනාධිපතිවරණය තුල ප්‍රකාශිත ඡන්ද ඇතුලේ ජවිපේ ඡන්ද තිබීම නිසා එම ඡන්ද මෙවර අමුතුවෙන් එකතු කිරීම කල නොහැකි අතරම බොහෝ විට ජවිපේ ඡන්දය වර්ජනය කිරීම හරහා ගියවරටත් වඩා ඡන්ද ප්‍රමාණයක් අඩුවීමට හැකියාව ඇත. හෙළ උරුමය එකතු වීම තුලින් එම ප්‍රමාණය නැවත ආවරණය වනවා යැයි සිතුවත් ඡන්ද ලක්ෂ 15ක් අමුතුවෙන් එකතු කර ගැනීම යනු පහසු කටයුත්තක් නොවනු ඇත. චන්ද්‍රිකා සහ මෛත්‍රී නිසා වෙනස් විය හැකි ඡන්ද ප්‍රමාණය ඉතාම අල්පය. එම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 3 ක් පමණ යැයි උපරිම ලෙස ගණනය කල හැක. (පොලොන්නරුව අනුරාධ පුරය සහ අත්තනගල්ල) එය ලක්ෂ 3ක් ලෙස නොව තවත් වැඩි වාසියක් දී ලක්ෂ 5ක් කලද තවත් ලක්ෂ 10ක හිඟයක් පවතී.
    ගිය වර මරා සහ සරත් ෆොන්සේකා මහත්මා අතර ඡන්ද පරතරය ලක්ෂ 19 ක් පමණ වූ බවත් මතක් කල යුතුය. එම පරතරය පියවා ගැනීමට නම් මෙයට වඩා සාර්ථක වැඩ පිළිවෙලක් අවශ්‍ය වේ. මගේ පෞද්ගලික අදහස නම් එය මේ වාතාවරණය තුල සිදු කල නොහැකි බවය. සමස්ථ ප්‍රතිඵලය ෆොන්සේකා සහ මරා අතර තිබූ තරමටවත් සාර්ථක විය නොහැක.

    (ප්‍රධාන මුලාශ්‍රය - http://www.slelections.gov.lk/presidential2010/AIVOT.html )

    ReplyDelete
    Replies
    1. //මේ මහත්මයගේ ගණන් හැදීමේ තියෙන පළමු වරද//
      කවුද මෙතන ගනං හදපු මහත්තය?

      Delete
    2. ගණං හදපු මහත්තය ඔය උඩ ඉන්න ඇනෝම තමයි. මොකද ගණන් හදල පෙන්නලා තියෙන්න ඒ මහත්තයමනෙ.

      Delete
  9. My 3 ට සහ සහෝදර සමාගමට ඕනෙ ඕනෙ විදිහට පිස්සු කෙලින්න බැරිවෙයි හවුලට ඉන්න අනික් පක්ෂ කෙලින් හිටියොත්.

    ReplyDelete
    Replies
    1. ඒවා කොහෙද විධායක ජනාධිපති කෙනෙක් සමග.

      Delete
    2. කවුරුවත් පිස්සු කෙලින්න කලින් අපි බලාපොරොත්තු වෙන වැඩපිලිවෙල යම් මට්ටමකට සාක්ෂාත් කරගතහැකි නම් ඒ ඇති.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මේ සැරේ නම් මහින්ද අංකල් කරපු ඔක්කොම හරහටමයි හිටියේ.
    වැඩිය ඕන නෑ... ලයිට් කණු වල ගහපු බෝඩ් ටිකටම කොච්චර කතා ඇහුවද?

    ReplyDelete
    Replies
    1. නැතුව. මම දැක්ක මේ මුදල් වලින් කරන්න පුළුවන් දේවල් ලිස්ට් එකක් තිබුන බුකියෙ

      Delete
  12. ඇවිත් ගියා..
    අපි පොඩි ළමයි.

    ReplyDelete
  13. රාජ් කෝ අර බෝතල් - චන්ද විශ්ලේෂන පෝස්ට් එක? ඒකත් "මට පුලුවන් ඕන්නන් කරන්න" ජාතියෙ පොරොන්දුවක්ද? :-D එහෙම නැත්නම් ඒක ලියන්නෙ ආතල් ඇනෝද?

    ReplyDelete
    Replies
    1. ප්‍රමුඛතාවය අනුව තමයි ලියැවෙන්නෙ. ඔන්න යටින් තිබුන එකක් ප්‍රා උඩට ඇද්ද දෙවනි වතාවටත්. කලබල වෙන්න එපා. මේ මාසෙ ඇතුලත ලියනව. :-)

      Delete
    2. ඕං ලිව්ව. හිටුකො හෙට දිහා දාන්න.

      Delete
  14. කොටියම කාපං

    ReplyDelete
  15. දැන් තියෙන තත්ත්වෙ අනුව නම් කියන්න තියෙන්නෙ තොපි ඕන මඟුලක් කරගනියව් කියල. ඔය ඇඩ් බලල කට්ටිය ගිහින් කතිරෙ ගැහැව්ව වගේ නෙවෙයි, හැබැයි ලොක්ක දින්නත් ඒක යාන්තම් සීයට පනහ පන්නල දින්නයි කියන්න දිනනව ඇරෙන්න අතිවිශාල ජනවරමක් වගේ එකක උනොත් කිසිවක් මායිම් නොකරන, කවදාවත් පාඩමක් ඉගෙන නොගන්න ලොක්ක කොහොමටවත් පාඩමකට ගන්නෙ නෑ. හුදී ජනයගෙ චූන් එක දෙපිටින් යන්න හම්බවෙයි ඉස්සරහදි. පහුගිය කාලෙ රජයෙ සේවකයොන්ට දීපු දීමනායි, තාමත් දෙන බයිසිමොටෝයි, නොනවතින අතිවිශාල නාස්තියයි පියවන්න වෙන්නෙ අපිටම තමයි. ලොක්කගෙ බූදලේ හොල්ලනකන් නෑ ඒකට. මේක නිකන් සක්විති ගේම් එකක්. ඡන්දෙ දින්නත් ඔය කියන තරම් දශක ගනන් මේක ඇදන් යන්න පුළුවන් වෙයි කියල මම නම් හිතන්නෙ නෑ. එක්කො එයා හැදෙන්න ඕන. නැත්නම් සල්ලි මවන්න ඕන. මොකද මිනිස්සුන්ටත් දරා ගැනීමේ උපරිමයක් කියල එකක් තියෙන්න ඕන නිසා.

    ReplyDelete
    Replies
    1. අපේ එවුවන්ට දරාගැනීමේ ශක්තිය නං උපරිම තියනව.

      Delete
  16. //'හොරු ගැන හෙලි නොකර සිටීමේ අවුල' කවුරුවත් ප්‍රශ්න නොකරයි කියල ජනාධිපතිතුමා හිතන්න ඇති. අන්තිමට සිද්ධවුනේ විරුද්ධ කාරයන්ට පට්ට ගහන්න පුළුවන් මාතෘකාවක් ලැබීම.// ගිය වර ෆෝන්සේකා මහත්තයාගේ හොරකම් එලිකලෙත් මහින්දට විරුද්ද වුනාම නේ. කවුරුවත් ඒ පාර ඔය සිද්දිය පට්ට ගහන්න ගියේ නැති නිසා මහින්ද එහෙම හිතන එක හරි. ගිය පාර ඔය සිද්දිය පට්ට ගැහුවා නම් ෆෝන්සේකා හොරකම් කිරීම පිළිගත්තා වෙනවා එක නිසා කතාව ඇදුනේ නැහැ. නමුත් my3 මෙන්ම අනෙක් ඇමතිලාත් හොරකම් කරනවා කියන එක කට්ටියම පිළිගන්නා නිසා නේ ඔය කතාව පට්ට ගහන්න පුළුවන් වන්නේ. එකියන්නේ හොරකමෙන් තොර දේශපාලනයක් නැහැ කියන එක ලංකාවේ සමාජ සම්මතයක්

    ReplyDelete
    Replies
    1. ෆොන්සේකගෙ කේස් එක මෙච්චර බරපතල වුනේ නැත්තෙ කෙටි කලකින් වැඩේ ඉවරවුන නිසා. ඒ වගේම අනතුරුහැඟවීම් තිබුනෙත් නෑ.

      Delete
  17. දැන් නිකන් බූමරංගේ වගේ. ගහන ගහන එක ආපහුමනේ කැරකෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ. නරක කාලෙ ආවම ඔහොම තමයි.

      Delete
  18. එළ. මේක දාපං ඔපිස් එකේ නෝටිස් බෝඩ් එකේ. තැපැල් ඡන්දවලටවත් බලපෑමක් වෙයිනෙ.

    ReplyDelete
  19. පළවෙනියට ලියලා තියෙන ටීවී ඇඩ් එකනම් මම දැක්කේ නෑ.. කෝම වුනත් සිකරට් එකක සල්ලි වලින් කෑම වේලක් අරන් දෙන්න පුළුවන් කියන කතාවනම් මරු..

    4ක් පන්නලා 12ක් ගෙනල්ලා ඔන්න ඔහේ තව අවුරුදු 6ක් බලමු..

    ReplyDelete