Thursday, December 4, 2014

සකල දේශ වාසී බේබද්දනි, දුම් බොන්නනි වරෙව්!

[පිලිගැන්වීම හිතවත් Pra Jayට]
පසුගිය දිනෙක කාර්යාලයට අනුබද්ධ ආයතනයක සේවය කරන්නියක් පැමිණ කුමක්දෝ කොඩියක් මවෙත දී සුළු මුදලක් ඉල්ලා සිටියාය. කොඩිය බැලූවිට එය මත්පැන් හෝ දුම්වැටි විරෝධී දිනයකට අදාලව මුද්‍රණය කර විකුණනු ලබන්නකි.(මේ දෙකෙන් කුමක්දැයි නිවැරදිව මතක නැත). එක්වරම ඇයට මුදල් නොදුන් මා ඇය සංවාදයට පටලවා ගතිමි.

"අපි මේව නොගත්තට මොකද අපි බොන අරක්කු සිගරට් වලින් අල්ලන බද්ද මදෑ!" මම කීවෙමි.

"ඔයාල තමයි මේව ගන්න ඕන.... දන්නවද, අරක්කු සිගරට් බීල ලෙඩවෙන අය වෙනුවෙන් ආණ්ඩුවට යන වියදම වැඩියි බදු ආදායමට වැඩිය!"

"අම්මප! ඔයා දන්නවද ඒක හරියටම? කවුද ඕක කිව්වෙ? කොහෙන්ද ඔයා සංඛ්‍යාලේඛණ ගත්තෙ?" මා විමසුවේ ඊට දින කිහිපයකට පෙර අන්තර්ජාලයේ දුටු සංඛ්‍යා ලේඛණ කිහිපයක් හේතුවෙනි. නිශ්චිත පිළිතුරක් දීමට ඇය අසමත් වූ අතර ඇයගේ ප්‍රකාශය කියන්නන් වාලේ කියන ප්‍රකාශයකට වැඩි යමක් නොවීය.

මා දුටු සංඛ්‍යා ලේඛණ දත්ත වලට අනුව, 2011 වර්ෂයේ මත්පැන් හා දුම්වැටි වෙනුවෙන් රජය එකතු කල 'බදු' ආදායම පිලිවෙලින් රුපියල් බිලියන 44ක් හා 33කි. මේ සෘජු බදු අාදායම් පමණක් වන අතර දඩ මුදල් ආදිය මීට අයත් නොවේ. අදාල වර්ෂයේ සෞඛ්‍ය වියදම රුපියල් බිලියන අනූවකි! ඒ අනුව 2011 වර්ෂයේ සෞඛ්‍ය වියදම් වලින් 85.5%ක් ම ලබාගෙන ඇත්තේ මත්පැන් හා දුම්වැටි මඟිනි. දඩ ආදිය එකතු වූ විට මෙම අගය සීයට සීය හෝ එයද ඉක්මවා යා හැකිය. සරළව කිවහොත් රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වන වියදම් දරන්නේ මත්පැන් හා දුම්වැටි පරිභෝජනය කරන්නන්ය. ප්‍රශ්නය එය නොවේ.

රජයේ ආදායම් පියවා ගැනීමට භාවිතා කරන කෝකටත් තෛලය මත්පැන් හා දුම්වැටිය. සාමාන්‍යයෙන් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ වෙනුවෙන් යම් ඉහල බද්දක් අය කිරීම අසාධාරණ නොවුවද මේවාට අයකරන බද්ද සීයට පන්සීය ඉක්මවයි. අනෙක් පැත්තෙන් (විශේෂයෙන්ම මත්පැන්) මේවාට පාලන මිලක් නැත. බෝතලයේ සඳහන් මිලට වැඩියෙන් අයකරන මත්පැන්හල් පරීක්ෂා කරන බවක් පෙනෙන්නට නැත. මිල වැඩිකිරීම සිදුවන්නේ හිතුමතේටය. මත්පැන් හෝ දුම්වැටි යනු තහණම් දෑ නොවේ. අනෙකුත් සෑම භාණ්ඩයකටම ලැබියයුතු සැලකිල්ල මේවාටද ලැබිය යුතුය. මෙය හරියට සිරගත කරන වැරදිකරුවන්ට මානව හිමිකම් ලබා නොදීම වැනිය.

මේ මාතෘකාව මේ කාලයට විශේෂයෙන් අදාල වන්නෙ පොදු අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බැවිනි. හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් අමාත්‍යධූරයේ සිටින කල ඔහු ගෙනා යෝජනාවක් වූයේ මත්පැන්-දුම්වැටි හේතුවෙන් ඇතිවන රෝගාබාධයන්ට රජයේ රෝහ‍ලකින් ප්‍රතිකාර ගත්විට ඊට මුදල් අයකල යුතු බවයි. එක් පැත්තකින් සෞඛ්‍ය වියදම් මුළුමනින්ම පාහේ දරන්නේ මත්පැන්-දුම්වැටි පාවිච්චි කරනවුන්ය. අනෙක් පැත්තෙන් එක් වැරැද්දකට ලැබියයුත්තේ එක් දඬුවමක් පමණක් නිසා, රජයට ගෙවන අධික බද්ද ප්‍රමා‍ණවත්ය. එබැවින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරසේන මහතාට කීමට ඇත්තේ මෙයයි,

"මත්පැන්-දුම්වැටි පාවිච්චි කරන්නෝද මනුෂ්‍යයෝය. අපේ ඡන්දය අපගේ අයිතිවාසිකම් සුරකින්නන් හටය!"

77 comments:

  1. රාජ්ට ජයවේවා! මේක සීත රටක් වුණේ නෑනෙ කරුමෙට. එහෙනම් ලෙඩත් අඩුයි, ගෑණුත් බොනවා.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් හෙහ්.....

      Delete
    2. කෑගල්ලෙන් එහාට කොහොමත් සිතලයි දැන් මෙයලටත් බොන්න පුළුවන්. බදුල්ලෙ අරක්කු මිදිල , මම ඊයෙ ගත්ත ගල් බෝතලේ හැන්දෙන් කෑවේ.

      Delete
    3. රශියන් කතාකරන අය බොන්න පටන්ගන්න කොට ටෝස්ට් කරන්නේ ( අපි අර චියර්ස් කියන්නේ) "ස ස්දරෝව්යෙ" කියලා, එකේ තේරුම for (your) health කියන එක, ඇයි එහෙම කියන්නේ කියලා හරියටම තේරුනේ අදයි.

      ස ස්දරෝයෙ!,

      Delete
    4. //////මම ඊයෙ ගත්ත ගල් බෝතලේ හැන්දෙන් කෑවේ.///////////++++++++++++++++

      Delete
    5. අනේ කම්මලේ උඔ වාසනාවන්තයි මටත් තිබුනානම් මගේ ගෑනිට කියන්න තිබුනා මම බොන්නේ නෑ ඩාලිං අරක්කු කනවා.

      Delete
  2. නලින් අයියා පත්තරේ අටමා ප්‍රියා කම්මලේ සින්දු ඇනෝ හැමෝම දුවලා වරෙල්ලා... අපි වෙනුවෙන් කතා කරපු එකම එකා උඔ විතරයි අයියන්ඩි.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා,,,,,,, යකෝ බලං ගියාම බේබද්දෝ වෙච්චි අපි නෙව රටේ බර කරට අරන් තියෙන්නේ......!!

      Delete
    2. මෙන්ඩා,
      වෙනද පොඩි උඹ එකපාරටම ලොකුවුනේ කොහොමද කියපං?

      නිමෝ
      නැතුව නැතුව එකෙන්ම!

      Delete
    3. වරෙවා බොසලා ..රාජ් සහෝදරයා අපේ පොද්දා කරමු ...
      ස්තුතියි - බ්‍රෑන්ඩ් එක ගල්
      @නිමෝ ..බලපන් බන් ඒ උනාට මුන් අපිටමනෙ අරින්නේ ..

      දුම් වැටියේ....දුම් වැටියේ 
      දෙතොල රැඳී දුම් වැටියේ 
      සන්තෝසේ සන්තාපේ ...
      ඔබ නොවෙදෝ ලග හිටියේ දුම් වැටියේ ....

      හද කැලබී ඇති මොහොතේ 
      ඔබ දෙතොලේ රඳවනවා 
      ඒ මොහොතේ ඔබ ඇසුරේ 
      සිත මාගේ සැනසෙනවා ....
      දුම් වැටියේ ....

      අද මිතුරෝ හෙට හතුරෝ 
      දුක් දෙනවා එරෙහි වෙලා 
      ඒවාගේ මතු දවසේ 
      ඔබ එයිදෝ සතුරු වෙලා ...

      දුම් වැටියේ ....

      ගායනය - මේරියන්ස් 

      Delete
    4. මෙන්ඩා මේං...
      http://ada.lk/article/3686/ආදරවන්තයා-ඉදිරියේ-ඉබේ-ගැලවෙන-ස්මාර්ට්-තිසරපටක්-හඳුන්වාදෙයි

      Delete
    5. ප්‍රණාමය රාජ්ට , ප්‍රමාණය අපට.

      Delete
    6. @නිමෝ
      අපිට රඡය මිට වඩා වැදගත් විදිහට සැලකිය යුතුයි
      @රාඡ්
      මම වලිවලට බයයි
      @සින්දු
      බ්‍රෑන්ඩ් එක ගල්
      @මධු
      චෑ..ඒකත් අර විලි රෑදාව තාත්තාට ආවා වගේ වෙයිද?
      @කම්මල
      ප්‍රමණය මම දෙන්නම් වැල වරකා කරනවා බෝත්තං තං කරනවා කූරැලැ පොලෝස් කරනවා

      Delete
  3. මත්පැන් දුම්වැටි වලටක රන කෙනෙහිලිකම් වලට එරෙහි වෙමු !!!

    සැමදා නිසිතැන ලබාදෙනු !!!

    රාජ් ජනපති කරමු !!!

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හා හා ඔය මදෑ කෑගැහුව

      Delete
    2. රාජ් පරිපූර්ණ විධායක 100 % proof ජනපති කරමු !!

      Delete
    3. මම බ්‍රා නැතුව චන්ද ප්‍රචාරනයක් කරවනවා රාඡ් වෙනුවෙන්

      Delete
    4. මෙන්ඩෝ බ්‍රා එකේ එක පැත්තක රාජ්ගේ මුණ ප්‍රින්ට් කරමු ,අනිත් එකට ගල් බෝතලක් දාමු ...

      Delete
    5. පුබ්බෝඩ් එකේ එල්ලුනා..

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
  4. අදින් පස්සේ මම බොනවා හරි බේබද්දා හරි කියලා බැනහන්කෝ කවුරුහරි......

    ජය වේවා....!!!

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ටුවෙන් පස්සෙ දැනටම මට තේරිලා තියනව ලංකාවෙ මන්ත්‍රීල දිනපු ගමන් බාර් පර්මිට් ඉල්ලීම සාධාරණයි කියල

      Delete
  5. පිලිගැනිවීමට ස්තුතියි ( බයිට් වෙන එකක්ද මංද පිලිගැන්වුනේ. රාජ් ? කමක් නෑ දැන් ෂැන්ඩිවලට වැඩි කැමැත්තක් නැති වුනත් බයිට් වලට කැමතියි )

    //ඇයගේ ප්‍රකාශය කියන්නන් වාලේ කියන ප්‍රකාශයකට වැඩි යමක් නොවීය.. //

    දිනපතා දුම්පානය හා ඉතා අධික මත්පැන් පානය අහිතකරබව පිලිගත් කරුණක්.
    ඒත් හුඟක් දේ වගේ කියන්නන්වාලේ දත්ත හා නිගමනයන් කීමත් අපේ ඇබ්බැහියක්. ඒකත් අර අපේ රට අල්ලගන්න බලාගෙන ඉන්න රටවල් තියනවා කියන එක වගේ විශ්ලේෂනයක් නොකර කාගෙන් හරි ඇහුනු දෙයක් ඔප්පු කල දෙයක් වගේ කියන දෙයක්

    1. කසිප්පු හා කුඩු වලින් රජයට කිසිම ආදායමක් නොලැබේ. 2. ලැබෙන්නේ දේශපාලකයන්ට පමණි. ( ඔය නිගමනයේ පලවෙනි කෑල්ලට දත්ත තිබේ. දෙවෙනි කෑල්ලට ඒව හොයන්න යාම දුම්පානයට වඩා ඇඟට අගුණ දෙයකි )

    ReplyDelete
    Replies
    1. [අපොයි නෑ බයිට් එකට නෙවේ ආදරේට]

      Delete
    2. රාඡ්ව මේ වගේ දෙයකට පෙලඔුවිම ගැන මගේ එල ද බ්‍රා එක..
      කට ඇරපන් ගල් කාලක් වක්කරන්න

      Delete
  6. එකෙන්ම එකෙන්ම.. මෛත්‍රි පරදවමු.. හැක්

    සමහර නංගිලා අමධ්‍යප දිනේ දුමිවැටි විරෝධි දිනේ පහු කරල මාස ගානකට පස්සෙත් ඔය කොඩි විකුණනවා..

    ReplyDelete
    Replies
    1. යකෝ මෛත්‍රී පරද්දල කොහොමද? මම කියන්නෙ අර අත්‍යාවශ්‍ය ලැයිස්තුවට මේකත් දාගන්න කියල.

      Delete
    2. මුත් මේ යන්න හිටපු එකෙක්නේ,එක පාරටම බයියා හොඳ වෙලා තියෙන්නේ?:D

      Delete
  7. මම මෛත්‍රිපාලගෙන් අහන්න ප්‍රශ්ණ පත්තරයක් හදමින් ඉන්නේ. ඒකට් මේකත් දාන්න ඕන. අනිවාර්යයෙන්. එහෙනම් ඉතින් මනාපෙ කෙලින්ම ලොක්කට.

    ReplyDelete
    Replies
    1. අනේ බං වැඩේ වල් කරන්න නං එපා.

      Delete
    2. ලොක්කට කිව්වේ???

      Delete
  8. දැනුයි කල්පනාවට ආවෙ.අම්මප රාජෝ උබටත් හිතෙන දේවල්..

    ReplyDelete
  9. //
    "මත්පැන්-දුම්වැටි පාවිච්චි කරන්නෝද මනුෂ්‍යයෝය. අපේ ඡන්දය අපගේ අයිතිවාසිකම් සුරකින්නන් හටය!"//
    මේක අපි මෙතරම් කාලයක් පාවිච්චි කලේ " බේබද්දදෝද මනුෂ්‍යයෝය." කියල
    මේ වෙනකම් හිටපු හැම පලකයෙක්ගෙන්ම අපට ලැබුනෙ කෙනහිලි මිත්‍රවරුනි , අපේ ආරම්බයේදී 110/= ට බීපු ගල් බෝතලයක් අද රුපියල් 1000 /= ට තට්ටු කරන තත්වෙට පත් කරල, අරක්කු සිගරට් වලට සහතික මිලක් දෙන්න බැරිතරමට බංකොලොත් වෙලා.
    බයවෙන්ඩ දෙයක් නෑ රාජ් අපේ මැඩම් අරක්කු වලට කනෙහිලිකම් කරන්ඩ දෙන එකක් නෑ .

    ReplyDelete
    Replies
    1. හෑ! 110ටත් ගල් බිව්වද?

      Delete
    2. නාකි අපිනම් ගහමුල කොටියා සුපියල් 30/-ටත් බීලා තියෙනවා ඕං...

      Delete
    3. ඉක්කෝලෙ ගිය කාලේ (අපි ඉක්කෝලෙ ගියෙ වැඩිහිටියෝ වෙලා..ඒක නිසා පොඩිහිටියොන්ට මෙය අදාල නැත.) හතර දෙනෙක්ගේ ක්ලාස් ෆීස් 25/= x 4 = 100/= එකතු කරල බෝතලෙටයි කඩල/ වඩේ බයිට් එකටයි ගාන හදා ගත්තා මතකයි.. දැන් යකෝ ගල් බෝතලයක් සුපියල් දාහකටත් වැඩියි.. අපි එච්චර 'ලොකු' වෙලාද? අනේ අපොයි..

      Delete
    4. කල්‍යාන මිත්‍ර
      එහෙනං මේක බලපංකො,
      දැං කාලෙ ක්ලාස් ෆීස් එකතු කලොත් නයිට් ක්ලබ් එකකට යන්න පුළුවන්. එහෙම බලද්දි ක්ලාස් ෆීස් වැඩිවෙලා ඊට වැඩිය.

      Delete
    5. කල්‍යාණ මිත්‍ර , ක්ලාස් පීස් විසිපහට තියෙද්දි ගල් බෝතලේ 110/= යි .
      ඉස්සර හය දෙනෙකුට එක බෝතලේ ඇති. දැන් . හය දෙනාට බෝතල් තුන හමාරක් ඕනෙ .
      බලහං අරක්කු බාල වෙලා තියන තරම, අනේ අපොයි .....

      චෙෆාකි , අනේ කොච්චර වාසනාවන්තයොද ? දැන් ඔය බ්‍රෑන්ඩ් එකට පොදු අපේක්ෂකය එකග උනොත් කොටි ලේබලේ වදින හින්ද මේ බ්‍රෑන්ඩ් එක හංගමු.

      Delete
    6. //ඉස්සර හය දෙනෙකුට එක බෝතලේ ඇති. දැන් . හය දෙනාට බෝතල් තුන හමාරක් ඕනෙ .බලහං අරක්කු බාල වෙලා තියන තරම, අනේ අපොයි .....//
      අනේ මගේ කට!

      Delete
    7. @කම්මල/ කල්‍යාණ මිත්‍ර
      එල ද බ්‍රා

      Delete
    8. යකඩෝ ...කාමියා ,කම්මලේ එහෙම පට්ට නාකියිනේ .අපේ සීයලා තමයි ඔය ගානට ගල් ගහලා තියෙන්නේ ...හැක් හැක්

      Delete
  10. මේ පොස්ට් එක සම්බන්ධයෙන් මුලින් සතුට ප්‍රකාශ කරන්න ඕනෑ පොර තවම ඇවිත් නෑනේ. අර නිතරම "ජයේ අයියගෙ පොට් එකෙන් බාගයක් ගහලා ගෝලීප් එකක් පත්තුකරගෙන ඉන්න ගමන්" කමෙන්ට් දාන ආතල් දෙන බෝතල් ඇනෝ...

    ReplyDelete
    Replies
    1. මෑන් කාලයක් තිස්සෙ ඉඳල දැක්කෙ නෑ.

      Delete
    2. ඌ තමයි මේ පෝස්ට් එක ලියලා තියෙන්නේ :D

      Delete
    3. ඡයේ අයියට තමයි ලිපිය පිලිගන්වල තියෙන්නේ

      Delete
  11. ඔන්න මගේ මනාපේ රාජ්ට....ඇප බැන්දනන් චන්දේ දිනන්නත් තිබ්බා අප්පා...!

    ReplyDelete
    Replies
    1. අම්මප! මෙහෙම එකක් දාල ඉල්ලුව නං දිනන්නත් තිබුන.

      Delete
    2. c-a, ඇප කොන්දේසි මොනවද?

      Delete
    3. @ p-Jමරා හරි මසී හරි නොවීම....හෙක් හෙක්

      Delete
    4. 1. දිනකට බෝතල් 500කට නොඅඩුව විකිණෙන වයින් ස්ටෝර් දෙකක් ඇපකරුවන් වීම,
      2. හැම සෙනසුරාදාම බාර් එකට වාර්තා කිරීම.

      Delete
    5. සෙනසුරාදා වෙනකන් ඉවසන්න බැහැ සත්තරනේ..හැමදාම හවස 5 වෙනකොට බාර් එකට වාර්තා කිරීම කියලා සංශෝධනයක් ගෙනාවේ නැත්නම් ඕං අපි සන්ධානයෙන් අයින්.....

      Delete
    6. එහෙම කරන්න එපා ඇප කැන්සල් වුනොත් රිමාන්ඩ්නේ? වෙනදට හවසට ගෙදර පුලුවන්නේ

      ඒක නෙමෙයි. මේ සෙල්ලමත් ක්‍රිමිනල් නඩු වගේමයි නේ. මුලින් ඇප තියනව ඒත් පැරදුනොත් හිරේ

      Delete
    7. ඕකත් නව ප්‍රවනතාවයක්නෙ. ඉස්සර වෙන්න පුළුවන් ලොකුම පාඩුව ඇප නැතිවීම. දැං ජීවිත් නහී

      Delete
    8. අපි ඉතින් එහම හැමදාම බොන වුන් නෙමෙයි..අපි ඉතිං බොන්නේ සදුදා අගහරැවාදා බදාදා බොනවා ඊට පස්සේ බ්‍රහස්පතින්දා සිකුරාදා බිවවට පස්සේ ආයමත් බොන්නේ සෙනසුරාදයි ඉරිදයි විතරයිනේ

      Delete
  12. උඹ විතරයි බං මේ තරමින් හරි අපි වෙනුවෙන් කතා කලේ...
    ඔන්න බලපන් අපි ඔක්කොටම එක්කාසු වෙලා එක දේශපාලන මතයකට එන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ මාතෘකා වලදී විතරයි නේද බං....
    උඹට තිබ්බේ ඔන්න ඔය ජන්ද පොරොන්දුව ඉස්සරහට දාගෙන ජන්දේ ඉල්ලන්න.
    එහෙනම් උඩින් දිනුම්...

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න ගන පිහිටවල කිව්වම ඇති ගැලපීම

      Delete
  13. තියෙන බද්ධ හතර ගුණයක් කරල ගහපිය මෛත්‍රී ආවොත්!!!

    ReplyDelete
    Replies
    1. හෑ? උඹ මතට තිතද?

      Delete
    2. නැ බන් එතකොට වෙල් පැන්ටා බිස්නස් වැඩි වෙනවානේ ...වඩි දෙකෙන් මනෝලා ගොඩ .හැක් හැක්

      Delete
  14. අර මෙතැන නිතරම ගැවසුනු බෝතල් ඇනෝ දැන් කෝ?

    ReplyDelete
    Replies
    1. එයා අපේ මහින්ද අයියාට කටවුට් ගහන්න ගිහිල්ලා. චන්දෙ ඉවර උණාම එයි.

      Delete
    2. බෝතල් ඇනෝ කාලෙක ඉඳල නෑ. සිරෝසිස් වත් හැදිලද මංද!

      Delete
  15. මට මාර අභිමානවත් හැගීමක් දැනෙනව බං

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්න එපැයි බළල්ලු වුනාම

      Delete
  16. දැන් එහෙනම් කට්ටියට පුළුවන් මීලග මැයි දිනේ පෙළපාලි යන්න,අපිත් ජාතික ආර්ථිකයට දායක වෙන්නෝ,අපේ අයිතිවාසිකම් අපිට දියවූ කියලා.

    ReplyDelete
    Replies
    1. මැයි දිනේට යන කට්ටිය හුඟ දෙනෙක් මේකෙන් දායක වෙන අය තමයි

      Delete
  17. මෙන්න මේ පෝස්ට් එක ආශ්‍රයෙන් අපේ මහින්ද අයියාගේ කැම්පේන් එකට ගැළපෙන ඇඩ් එකක්.

    පෙනී සිටින්නේ: අපේ ආදරණීය මාරයා අයියා, මෛත්‍රිපාල ලොක්කා, අපේ ආදරණීය මහින්ද අයියා

    අපේ මාරයා අයියා ගල් බෝතලයකුත් තොළ ගාමින්, 40 ශ්‍රී ලොරියක් එළවාගෙන හබරණ පැත්තේ පාරක යනවා. පසුබිමින් "කන්ඩ දෙනව නම් අපට බොන්ඩ දෙනව නම් මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ..." ගීතය වාදනය වෙනවා. දැන් කණ්ණාඩියේ සමීප රූපයක්. අපේ මාරයියා දකිනවා ආටා එකක් ලොරිය පස්සේ වේගයෙන් හඹාගෙන එනවා.

    දැන් ආටා එකේ සමීප රූපයක්. ආටා එක එළවාගෙන එන මෛත්‍රිපාල ලොක්කා ගිරිය යටින් කෑගහනවා. "යකෝ මගේ අරක්කු ටැක්ස් දීපියෝ....."

    අපේ මාරයා අයියා ඕවාට අහු වෙන්නේ නැහැ. එයා වේගයෙන් ලොරිය එළවාගෙන ගිහින් බේරෙනවා. (ටිකක් දුර මෛත්‍රිපාල ලොක්කාත් සිරා තරඟයක් දෙනවා හොඳේ...)

    එක පාරටම අපේ මාරයියා දකිනවා පාර අයිනේ මහින්ද අයියාගේ කටවුට් එකක්. මාරයියා 40 ශ්‍රී ලොරිය නතර කරනවා. කටවුට් එක මාරයා අයියා එක්ක හිනා වෙනවා. අපේ මාරයියාත් කටවුට් එක එක්ක හිනා වෙනවා. අපේ මහින්ද අයියා එක පාරටම කටවුට් එකෙන් එළියට ඇවිත් අපේ මරයියා බදාගෙන කිස් එකක් දෙනවා. ඊට පස්සේ මාරයියා අතේ තියෙන ගල් බෝතලේ කටේ හලාගෙන ගුඩු ගුඩු ගාලා බොනවා.

    පසුබිමින් ඇහෙන්නේ අපේ මාරයියාගේ ගැඹුරු කටහඬ.

    "අපට ඉතින් මහින්ද අයියා නැතුව වෙන කවුද? මේ සැරෙත් අපි ඔක්කෝම මහින්ද අයියාටම තමයි."

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඇඩ් එකක් කළොත් නරකද?
      “අග්නිදිග ආසියාවේ වැඩියෙන්ම විකිණෙන පුවත්පත” වන සිළුමිණේ සමීප රූපයක්. ඊට පස්සේ ඒක ටිකෙන් ටික සූම් අවුට් වෙනවා. බැරෑරුම් මූනකුත් එක්ක පත්තරේ බලන්නෙ මාරයියා. පසුබිමින් “ආයුබෝවේවා මහරජාණෙනි” සින්දුවේ මියුසික් එක විතරක් වාදනය වෙනවා.
      දැන් පත්තරේ මැද පිටුවක තියන නිවුස් එකක් සූම් ඉන් වෙනවා. ඒකේ තියනවා “ත්රිස්තවාදයෙන් මුදාගත් උතුර සංවර්ධනය කළ අතිගරු ජනපතිතුමන්ට දෙමළ ජනතාව කළගුණ සැළකිය යුතුයි - ඇමති දේවානන්දා ” කියලා.
      දැන් නැවත මාරයියගේ මූණෙ සමීප රූපයක්. මූණෙ තිබුණ බැරෑරුම් ගතිය අඩුවෙලා හීන් හිනාවක් මූණෙ ඇ‍ඳෙනවා.. මාරයා තමන්ගෙ “බයිසිමොටෝ” නැගලා උතුරේ සංචාරයේ යන වීඩියෝ ක්ලිප් කීපයක් ඉක්මනින්ම ගලා යනවා. ඒවයෙ එයා හිනහමුසු යාපන අර්ධද්වීපය පුරා ගිය ගිය තැන්, පල්ලි කොවිල්ගානෙ යන හැටි, හමුදාවෙ අය බොහොම සුහදශීලිව පාරවල් පෙන්නන හැටි, දෙමළ මිනිස්සුන්ගෙ සතුටු මූණු, ගොවියෝ ධීවරයො වාගෙ කට්ටිය, කාපට් දාපු පාරවල් ආදී දේවල් තියෙන්න ඕනෑ.
      ඊළඟට එයා හිනාමුසු සතුටු මූණින්ම ඊළඟ පිටුව පෙරළනවා. දැන් ආයෙම පත්තර පිටුව සූම් ඉන් වෙනවා. මෙන්න බොලේ “මහින්ද පරදන්න රනිල් -මෛත්රී්-චන්ද්රිූකා -ඩයස්පෝරාව එකඟතාව” යක කියලා ප්ර්වෘත්තියක්. දැන් ආයම මාරයියගෙ මූණෙ සමීප රූපයක්. අනේ අර සතුටු මූණ ටිකෙන් ටික අදුරු වෙනවා. දැන් රූපය හිමීට බොවෙනවා. එකපාරටම කොටින්ගෙ ත්රණස්තවාදී ක්රි යාරකම්, කොටි උසාවි, කොටි පොලීසි, මඩකලපුවේ පොලිස් නිලධාරීන් 600ක් මරපු සින් එක කියවෙන පත්තර හෙඩින්, සාම ගිවිසුම ආදී දේවල් තියන කළුසුදු නිශ්චල ඡායාරූප ටිකක් හෝ ගාලා මාරු වෙනවා.
      දැන් ආයෙම මාරයියගෙ මූණෙ සමීප රූපෙ. දිග සුසුමක් පිටකරන මාරයියා ස්ථිර තීන්දුවක් ගත් බව හගවන විදියට හිස වනනවා.
      ඒත් එක්කම “යුධ බියෙන් මර බියෙන් තොර ආශ්චර්යමත් වර්තමානයද? අදුරු අතීතයද? ඔබේ යුතුකම ඉටුකරන්න” කියලා අකුරු ටිකක් මතුවෙනවා. ඊළගට මහින්දගේ අර කැකිරි පැළෙන හිනාව සහිත පින්තූරය සහ බුලත් කොලය.

      Delete
    2. තව එක සීන් එකක් අඩු වෙලා

      ළඟට එයා හිනාමුසු සතුටු මූණින්ම ඊළඟ පිටුව පෙරළනවා. දැන් ආයෙම පත්තර පිටුව සූම් ඉන් වෙනවා. මෙන්න බොලේ “මහින්ද පරදන්න රනිල් -මෛත්රී්-චන්ද්රිූකා -ඩයස්පෝරාව එකඟතාව” යක කියලා ප්ර්වෘත්තියක්. දැන් ආයම මාරයියගෙ මූණෙ සමීප රූපයක්. අනේ අර සතුටු මූණ ටිකෙන් ටික අදුරු වෙනවා. දැන් රූපය හිමීට බොවෙනවා. එකපාරටම කොටින්ගෙ ත්රණස්තවාදී ක්රි යාරකම්, කොටි උසාවි, කොටි පොලීසි, මඩකලපුවේ පොලිස් නිලධාරීන් 600ක් මරපු සින් එක කියවෙන පත්තර හෙඩින්, සාම ගිවිසුම ආදී දේවල් තියන කළුසුදු නිශ්චල ඡායාරූප ටිකක් හෝ ගාලා මාරු වෙනවා.ඒවාට සම්බන්ද කරුණ අම්මාන් KP සමග මහින්ද තුමා කරට අත ගෙනමහින්දගේ අර කැකිරි පැළෙන හිනාව සහිත පින්තූරය සහ බුලත් කොලය. ඉන්නවා පේනවා
      දැන් ආයෙම මාරයියගෙ මූණෙ සමීප රූපෙ. දිග සුසුමක් පිටකරන මාරයියා ස්ථිර තීන්දුවක් ගත් බව හගවන විදියට හිස වනන

      Delete
  18. දාන්න තියෙන ඉල්ලීමක් දැන් දාගත්තොත් ගොඩ තමයි. ඡන්දෙන් පස්සේ නම් සුම්මා තමයි ගොයියෝ. දෙයියනේ කියලා ලොකු ලූණු ගොවියන්ට අනූව ගානෙවත් හම්බවුනා. අරක්කු සහ සිගරට් පාරිභෝගිකයින්ගේ සංගමයේ මුල් පුටුව රාජ්ට. රාජ් අපිට -අපි රාජ්ට!!

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි දාගත්තොත් කාටද ඉතිං

      Delete
  19. ආඩම්බරයි අය්යා.................
    හිහි

    ReplyDelete