Friday, December 5, 2014

මෛත්‍රී අවුල {Break down coz MY 3}

මේ යන විදියට ගියොත් නුදුරු අනාගතයේ සිදුවිය හැකි පොඩි සිදුවීම් ටිකක් තමයි මේ.

1.එදින පෝදා ශීල සමාදාන වැඩසටහනට සහභාගී වූ උපාසක උපාසිකාවන් අශ්ඨාංග ශීලය සමාදන් වීමෙන් පසු භාවනා වැඩසටහන සඳහා එරමිණිය ගොතාගෙන සිටී. භාවනා වැඩසටහනට ස්වාමීන් වහන්සේ වඩිති.

"පින්වත්නි අපි පළමුවෙන්ම මෙත් භාවනාව වඩමු" සිල් ඇත්තන් අතර කසු කුසුවකි.

"අවසරයි, ඒ මොන භාවනාවක්ද අපේ හාමුදුරු‍වනේ?" උපාසක මහතෙකු අසයි.

"මෙත් භාවනාව කියන්නෙ මෛත්‍රී භාවනාවට උපාසක මහත්තය!"

"ඒත් අපේ හාමුදුරුවනේ මෙච්චර කල් අපි"

"උපාසක මහත්තය! අපි මක්කටෙයි වෙන බාසාවකිං කතා කරන්නෙ.... මිම්පස්සෙ මෙත් භාවනාව කියල පාවිච්චි කරමු, කොහොම කිව්වත් මොකෝ බාවනාව කෙරෙනව නං!"
------------------------------------------------------------------------
2.ඉංග්‍රීසි උගන්වන ගුරුතුමියගේ එදින පාඩම වූයේ pronouns ය.

"ළමයි අයි කියන්නෙ මම, මී කියන්නෙ මට, මයින් කියන්නෙ"

"අැයි ටීච මයි කියනෙක අමතක වුනාද?"

"නෑ නෑ ඒක ඕන නෑ. මේ ටික ඉගනගන්නවකො, මේ ළමයි නං හරි පණ්ඩිතයි!"
------------------------------------------------------------------------
3.රාත්‍රී දෙකට පමණ පන්සල් පුස්තකාලයේ බණ පොත් පීරමින් සිටින්නේ සාමනේර නමකි.... උන් වහන්සේ අසල ටිපෙක්ස් කිහිපයකි....හාන්සි පුටුවක දිගාවී සිටින ගුරු හාමුදුරුවන් නින්දත් නොනින්දත් අතරය.

"ලොකු හාමුදුරුවනේ දැං නං හරි වගේ ඔන්න...."

"ඔක්කොම හරිද?"

"හරි! ඔන්න අන්තිම පොතෙත් මෛත්‍රී මකල මෙත් කියල ලිව්ව!"
------------------------------------------------------------------------
4.දුරකතන සමා‍ගමේ ප්‍රධානියාගේ මුහුණේ ඇත්තේ තෘප්තිමත් පෙනුමකි. ඔහු කාටදෝ දුරකතන ඇමතුමක් ගනී....

"ඔන්න සර් අපේ තිබුන මයි ත්‍රී පැකේජ් ඔක්කොම මයි ටූ කලා.... පාඩුවක් තමයි.... ඒත් ඉතිං....සර් කිව්වම නොකර පුළුවනෑ"
------------------------------------------------------------------------
5.ජනාධිපතිතුමා සයනයේ ඒ මේ අත පෙරලෙමින් සිටී. නින්ද අහලකටවත් පැමිණෙන බවක් නොපෙනේ. අවසානයේ එතුමා මේසය මත තිබූ වතුර ජෝගුව එක හුස්මට හිස් කලේය. එවර ජනපති ආර්යාවද පිබිදුනාය.

"ඇයි හරිනෙ ඔක්කොම! ආයෙ මොකට බය වෙන්නද?"

"නෑ හාමිනේ මේ.... මං කල්පනා කලේ...."

"ඇයි වයර් කපන කට්ටිය ඔය යසට වැඩේ කරන්නෙ!"

"නෑ ඒක නං හරි ඒත්...."

"ඉතිං? ග්‍රව්න්ඩ් ටිකත් ඔක්කොම බුක් කරල නේද?"

"ඒක නං හැබෑව! මල්ලිල ඒව කරයි නෙව...."

"සුමනදාස ඡන්දෙ දාන නැකතත් ගෙනත් දුන්න නේද?"

"ඔව්වොව්.... හැබැයි"

"එහෙනං.....?"

"නෑ හාමිනේ මේ මෛත්‍රී....'

"මෛත්‍රී කෑලි ඔක්කොම රටෙන් අයිංකලා කිව්ව නේද?"

"ඔව්වොව් නෑ නෑ මේ..... තව එකක් තියනව හාමිනේ"

"ඒ මොකද්ද?"

"ඇයි ඊලඟට බුදු වෙන්න ඉන්නෙත් මෛත්‍රී බුදුහාමුදුරුවොනෙ..... මං මේ කල්පනා කලේ ඒක අයිං කරන්නෙ කොහොමද කියල"


MY3 to මෙත් converter

65 comments:

  1. අන්තිම එක එළයැ. මේවා කොහෙන් එනවද මන්දා.

    ReplyDelete
  2. සුපිරියැ රාජ්... මෙන්න නියම දේශපාලන කතා. අර මොඩර්න් පේට්‍රියට්ලා පැල් බැදගෙන දත කාගෙන වචන ලක්ෂ ගානක් මුණූපොතේ කිව්වත් වැඩක් තියේද?? එළ රාජ්.. පස්ටයි..

    ReplyDelete
  3. අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට මඩ ගහන්න එපා. එතුමන් තමයි මේ රට බේරා ගත්තු නායකයා.

    ඔය මයිති වගේ කන්න දුන්න අත හපා කන එවුන්ට පුලුවන්ද ජනාධිපතිතුමා පරද්දන්න? ගිය පාර පොන්සේකාට උන දේ තමයි මෙදා පොටේ මයිත්‍රියට වෙන්නේ.

    අතිගරු ජනාධිපතිතුමා මේ විදියට අධිවේගී මාර්ග,ගුවන්තොටුපල, වරාය හදමින් යෝධ සංවර්ධනයක් ඉටුකරමින් යන මොහොතේ කොටි ඒජන්තයන්ට චන්දෙ දීලා දිනාගත්තු ජයග්‍රහණ ආපස්සට ගෙනියන්න අපි ඉඩ තියන්නේ නෑ.

    මේ පාර මයිත්‍රීට වඩා ජන්ද ලක්ෂ 10 කටටත් වඩා අරන් තමයි අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් ජයග්‍රහණය විජයක්ග්‍රහණයක් වෙන්නේ. කොටින්ම කිවොත් පොළොන්නරුවවත් මයිත්‍රී පරදිනවා.

    අපි සැමදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගයි.

    ReplyDelete
    Replies
    1. මළා!
      ඡන්ද ප්‍රතිපල දැන්මම කියලා තියෙන්නේ!!!

      Delete
    2. යකෝ, අපේ මාරයා අයියා අපටත් හොරෙන් ඇවිත් ඇනෝ දාලා.

      Delete
    3. //අධිවේගී මාර්ග,ගුවන්තොටුපල, වරාය හදමින් යෝධ සංවර්ධනයක් ඉටුකරමින් යන මොහොතේ //

      ඕව මොනවද අනේ, අපි බඩ ඉස්සර කරගමු. පහුගිය කාලෙ කිලෝ එක හැත්ත ගනන් අසූ ගනන්වලට කාපු හාල්, අන්න මේ දැන් සතොසෙ දෙනව 50 ට. අදත් හවස ගෙදර එද්දි කට්ටිය සතොසෙ පිරිල ඉන්නව මම දැක්ක හාල් ගන්න. ‘මේ මාසෙ‘ අපිට නිකාාාන් වගේ කන්න දෙන්න හදන්නෙ. මම කියන්නෙ ඒ පිනම අැති අතිගරු ජනාධිපතිතුමාට දිනන්න. ;)

      Delete
    4. තෙරුවන් සරණයි මෛත්‍රී පිහිටයි.

      Delete
    5. පාරවල් ගැන බැලුවා නම් සුද්දා තමා සුදුසුම

      Delete
    6. නිර්මාණාත්මක අදහසක් දැක්කා මූණු පොතේ...මෙතනට උස්සගෙන ආවා ඔන්න..

      ඉල්ලංකාවේ බහුතර බූරු වහන්සේලා මට කැමතියි. මං මේසැරෙත් උඩින්ම දිනනවා. මං කොළඹ, නුවරඑලිය, මහනුවර,කතරගම,ඇඹිලිපිටිය,යාපනේ,මහියංගනේ පලාත්වල මාලිගා හතක ජීවත්වෙනවා...චීන ණය වලින් බාගයක් හොරකං කරනවා, මගේ කොල්ලෝ පාරවල් වහලා ලම්බෝගිනි රේස් පදිනවා...උන් දාන්නේ ලක්‍ෂ එකහමාරේ සපත්තු...බඳින්නේ ලක්‍ෂ අටේ ඔරලෝසු...උන්ගෙන්නන කාර් ඩියුටි ෆ්‍රී...උන් ගේ කෙල්ලොන්ගේ පරණ බෝයිෆ්රෙන්ඩ්ලා මරනවා...කාර් ඇතුලෙම දාලා පුච්චනවා...නඩුනැහැ උසාවි නැහැ...කරුණා, පිල්ලෙයාන්KP වගේ මිනීමරු කොටි මං ආරක්ෂා කරනවා....කොටින්ගේ සල්ලිපොට්ටනි මං ගන්නවා...ටොන්ගනනක රත්තරං ගෑනිට දෙනවා...එයින් ටිකක් චන්ද කාලෙදි බෙදනවා...ආණ්ඩුවේ රේඩියෝ TV මගේ ප්‍රචාරයට විතරක් යොදාගන්නවා...හම්බන්තොට කාන්තාරේ මැද කෝටිගණන් වියදං කරලා කිසිම වැඩකට නැති සම්මන්ත්‍රණ ශාලා හදනවා...හෙලිකොප්ටර් තුනක එකවර යනවා...ආණ්ඩුවේ ප්ලේන් වලින් බුරුතු පිටින් රට සවාරි ගහනවා...මිලඅධිකම හෝටල් වල ආතල් ගන්නවා...බෙහෙත් ගන්නේ ඇමරිකාවේ රෝහල් වලින්...මගේ අයියලා මල්ලිලා සෙට්එකට රටේ ඉහලම තනතුරු දෙනවා...උන්ටත් පුළුවන් තරං හොරකම්කරන්න කොමිස් ගහන්න ඉඩදෙනවා...අය වැයෙන් වැඩිම මුදල මට...මගේ අමාත්‍යාංශ වලට වෙන්කර ගන්නවා...දවසකට කෝටි දෙකහමාරක් වියදං කරනවා...මිලඅධිකම වාහන සියගණනක්...බොඩිගාර්ඩ්ලා සියගණනක්...ඉහල වැටුප් සහිත උපදේශකයෝ සියගණනක් ගන්නවා...OL ඉංග්‍රීසි ෆේල් පුතා නාවික හමුදාපති (නිලනොවන) කරනවා...නාමල් පුතා පාඩම් නොකර නීති විභාගේ හොරට ලියලා... හොර පෙරකදෝරුවකු කරනවා...අනෙත් බාල පුතා උක්කුංට... කෝටි ගනන් වියදං කරලා රොකට් අරින්න දෙනවා...මට මැරෙනකන් ජනාධිපති විදියට ඉන්න ව්‍යවස්ථාව වෙනස්කරනවා...මට ඕන විදියට නඩුකාරයෝ පත්කරනවා...උන් මට ඔනවිදියට නඩුතීන්දු දෙනවා...මර්වින්... ලන්සා..කුඩු දුමින්ද වගේ කුඩුකාරයින්...ලක්ෂ්මන් වගේ එතනෝල් කාරයින්...පොලීසියෙන් රේගුවෙන් ආරක්ෂා කරනවා....මගේ හොරකං කරපු සල්ලී... මොරිෂස් දූපත, සීෂෙල්ස් දූපත...වගේ රටවල ආයෝජනය කරනවා...මගේ ගේ වටේ තාප්පේ නඩත්තුවට මාසෙට ලක්‍ෂ තුනයි...පලතුරු වලට දවසට වියදම ලක්‍ෂ පහයි...දවස ගානෙම මම චන්ද නීති බල්ලට දාලා...බල්ලා චන්ද කොමසාරිස් කරලා...සියගානකට, දවසගානෙම, උඹලගේ සල්ලිවලින් අරලිය දන්සැල දෙනවා...රටේ හැම අඟලේම කෝටිගණන් වියදං කරලා පෝස්ටර් කටවුට් ගහනවා...පොලීසිය උඩබලං ඉන්නවා...මං පාරේ යනකොට උඹලා කානුවලට බහින හැටි දකින මට... පට්ට ආතල් !...මෝටර් බයිසිකල් ...ඉඳිආප්ප වංගෙඩි චන්ද අල්ලස් විදියට මං දෙනවා...යකෝ විධායක ජනාධිපතිට නඩු දාන්න බැරි නිසා... උඹලට පුළුවන් ... නිකං ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්න විතරයි !...මොනවා උඹල චන්දෙන් මාව ගෙදර යවනවා....හහ්..හහ් ...හාආආආආ..... ඇටදෙක තමයි.!!!!! චන්ද ප්‍රථිපලේ දේශප්‍රිය බච්චා හදලා ඉවරයි ! පොඩ්ඩක් ධන රින කරලා...නමවෙනිදට කියන්නං...එතකං නැට්ට පුකේ ගහගෙන ඉඳපල්ලා...දහවෙනිදට මයිත්තිරියා කූඩුවේ ! මං උඹලගේ යාවජීව ජනමූල නායක මහින්ද.

      මේ අදහහස

      Delete
  4. අන්තීමට මේ මළාදානෙත් ඕන නෑ කියලා. ලොක්කගේ මයි ත්‍රී එකත් කපලා දායිද දන්නෙ නෑ.. එළ

    ReplyDelete
    Replies
    1. මයි ත්‍රීත් කපල මොකෙන්ද වැඩ ගන්නෙ? :-)

      Delete
    2. ඒ කියන්නෙ කොහෙන් ගියත් මෛත්‍රී ඕනිමයි නේද!!

      Delete
  5. ඕක මොකක්ද,මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ නම් ටක් ගාල වෙනස් කරමු.ටී වී එකට හරි රේඩියෝ එකට හරි දුන්නම ලස්සනට වැඩේ කරයි.

    ReplyDelete
    Replies
    1. මෙතේ බුදුන් කියමු. ඉවරයිනෙ?

      Delete
    2. එහෙම වෙන්න පුළුවන් ඉස්සරහට.

      Delete
  6. මතු මෛත්‍රී බුදුන් නමින් බුදු වෙන්නේ වර්තමානයේ ඊට කල්ප කාලාන්තරයක් තිස්සේ පෙරුම් පුරණ පාඨලී චම්පික රණවක උපාසක වහන්සේයි. උන් වහන්සේ මේ අත් භවයේදීම දුවලා දෙන්නා දික්කසාද කරපු වයිපරේට බාර දීලා දාන පාරමිතාව පෙරුවා. ඒ වගේම තමන්ගේ බිරිඳගේ නිරුවත් ඡායාරූප මිතුරන් අතරේ බෙදා හැරලා නෙක්ඛම්ම පාරමිතාවත් පිරුවා. තව පුරන්න තියෙන්නේ පාරමිතා ටිකයි.

    ReplyDelete
  7. මේක නියමයි රාජ්.

    මෛත්‍රී නම් පටන් ගත්තෙම මෛත්‍රී කරල, වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියල. ඔඩොක්කුවෙ ඉදිරිපෙළ හිටපු එයා නම් කලින්ම හොඳින්ම අවබෝධකරන් ඉන්න ඇති ඔය ටික වෙනව කියල.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී වෛර කරන බවක් පේන්න නෑ.

      Delete
  8. අපි මක්කටද වෙනත් බාසාවල් වලින් කියන්නෙ. හුදු හෙළුවෙන්ම කියමු.
    මෛත්‍රී බුදුන් = මෙතේ බුදුන්
    මෛත්‍රීපාල සිරිසේන = මෙත්පල් සිරිසෙන්
    පර්සි මහින්ද = පර ඉසි මිහිඳු

    ReplyDelete
  9. කව්ද බෝල මේ මෛත්‍රී මෛත්‍රී කියන්නේ රනිල්ගේ නෝනා වත්ද

    ReplyDelete
    Replies
    1. ‍ඒ මෛත්‍රී ගැන අමතකවුනා බං. නැත්තං අනිවා මේකට දානව.

      Delete
  10. කොහොමද බං උඹට මෙව්වා ඔලුවට එන්නේ

    ReplyDelete
  11. මහින්දය කතා කරනව දැක්කම, මට නම් හිතෙන්නෙ දැනටම සොහොන් ලකුනු පහල වෙලා කියල.

    ReplyDelete
    Replies
    1. මොකක්දෝ එකක් වෙලා තියනව වගේ මටත් පේන්නෙ. දැක්කනේ අර ෆයිල් කතාවට දැං කියන කතාව

      Delete
    2. දැන් කතා කරන්නේ වියරුවෙන් වගේ.කියන දේවල් වල කිසිම ගැලපීමක් නැහැ.අර කලින් පොස්ට් එකකත් රාජ් කිව්වා වගේ දාන ඇඩ්වටිස්මන්ට් පවා වැටෙන්නේ හරහට.

      Delete
  12. උඹට හැමදාම කියනවා මානිගේ තීරුව වගේ එකක් ලියපං කියලා. දිගටම ලිව්වා නම් කොහොමට තියෙයිද ? මෛත්‍රී වෙනුවට සමන්ත භද්‍ර කියන්නත් පුළුවන් ඕනෙම නම්.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී කියන්නෙ සමන්තභද්‍ර කියලලුද දැං කියන්නෙ?

      Delete
  13. Mithree Budunge nama wenas karana wede Jacson ta dunna nam wede hari.(Ranjan)

    ReplyDelete
    Replies
    1. ඕං ලිව්ව යටිනුත් එකක්.

      Delete
  14. අයියෝ රාජ් සුළු ප්‍රශ්නෙකටනේ ලොක්ක නිදිමරාගෙන කල්පනා කරලා තියෙන්නේ. ජැක්සන්ට තව චිත්‍රපටියක් ගහන්න සල්ලි දීල මහනායක හාමුදුරුවරුන්ට පොඩි බෙන්ස් දෙකක් විතර අරන් දීල සූරියප්පෙරුමටයි හසන්තටයි ඔය පොඩි කටු දෙකක් විසික් කරනම් කට්ටිය යස අගේට බුදුවෙන්න ඉන්න පෝලිම රීඇරේන්ජ් කරල දෙයි මෛත්‍රී බුදුන්ට කලින් මිහිඳු බුදුන් බුදු වෙන විදිහට.

    ReplyDelete
    Replies
    1. ජැකා ගැන දාන්න හදලත් වෙලාව මදිවුනා.
      ඔන්න ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකකට ජැකා ඇවිල්ල කියනව මෙහෙම.

      "හරේන්ද්‍ර මහත්තා අපි ඉතිහාසයේ මූල සොයාගෙන යද්දි ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසේ දි තමයි මේ මෙත් කියන එකට මෛත්‍රී කියන්න පටන් ගත්තෙ.... ඊට කලින් අපි පාවිච්චි කලේ මෙත් කියන වදන.... දැන් අපේ ජාතියේ පිනට පහලවූ ජනමූල නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමන් යලිත් මේ වරද නිවැරදි කරල තියනව.... එහෙම නේද අපේ හාමුදුරුවනේ?"

      "කැහ් කැහ් කැහ්....." ඔන්න ඊලඟට එල්ලාවල මේධානන්ද සාදු ගේමට එන්ටර් වෙනව.....

      Delete
  15. දැන් එතකොට ලොක්කා තකහනියේ දුවලා රනිල් බොස්ගේ පවුලගේ නමත් වෙනස් කරයිද දන්නේ නෑ.. ඔය හදිස්සියට කෝපි බොන්න සෙට් වෙන වෙලාවට පවුලත් එක්ක ආවොත් ලොක්කට අප්‍සට් නේ...

    ReplyDelete
    Replies
    1. මට ඔය කෑල්ල මතක් උනේ නෑ බං. නැත්තං දානව මේකටම

      Delete
  16. ඉරිසියා කරන්න හොඳ නැති උනත් මේ වගේ අදහසක් මගේ ඔලුවට ආපු නැති එකට මට හෙන ඉරිසියයි. කොහොම උනත් ඉන්දික මාමා වගේ මමත් මේක ශෙයා කරලා දන්නම් facebook එකේ. අපිනං එහෙමයි මිනිසුන්ට මයිත්තිරි කරන්නෙ.... ආ සමාවෙන්න, මෙත් වඩන්නෙ.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේව ඔලුවට එන්නෙ නැත්තං පුදුමෙ මේ වෙන දේවල් වල හැටියට.

      Delete
  17. Replies
    1. thanx.... උඹ නං පූර්ණකාලීනව ‍බුකියෙ මේ දවස්වල නෙහ්?

      Delete
  18. ඔව්වොව් මේම යද්දි ඕම වෙන්නත් බැරි නෑ
    එතකොට දැං සාටකේට දත කන මයි3 ට මක්කද වුණේ බාං රාජ්ජය්යෙ

    ReplyDelete
    Replies
    1. එතුමා ඉන්නෙ ඔය යසට!

      Delete
  19. දත කට පූට්ටු කරගෙන මහ පතරංග දේශපාලන පෝස්ට් කියවන්නැති උනත් මෙහෙව් එකක් කියවලා හිනා වෙනවා අනිවා නියමයි රාජ් !

    ReplyDelete
  20. My3 ට කියමු නම වෙනස් කර ගන්න කියල මා.තු.පාල කියල... කියන විදිය විතරයි වෙනස් වෙන්නේ අදහස ඒකමයි මා(ගේ) තු(න ) පාල- My 3 පාල.. හැක් හැක්..

    ReplyDelete
  21. http://offair.nethfm.com/article/9584

    ReplyDelete
  22. හැමෝම මෛත්‍රී සොරි හැමෝටම මෛත්‍රී කලා නම් හරිනේ. :P

    ReplyDelete
  23. විප්ලවයට ජය වේවා !!!

    ReplyDelete
  24. SF ගේ නම හමුදා ලේඛන වලින් මකන්න තරම් දුර්වලයෙක් වෙච්චි ලොක්කා ඉස්සරහට ඔහොම කෙරුවත් පුදුම වෙන්න දෙයක් නැහැ.
    සැමට මෙත් වඩමු..!

    ReplyDelete
  25. මාත් එකක් දාන්නං රාජ්, තරහ නෑනෙ.
    ඔන්න සුද්දෙක් එනවා ත්‍රීවීලර් පාක් එකකට. ඇවිත් ඩීසල් ත්‍රීවීලර් එකක් පැත්තට යනකොට පැට්‍රල් ත්‍රීවීලර් කාරයෙක් දුවගෙන ඇවිත් කියනවා "Sir, Don't go by that one. METH wheeler is more convenient. Come with me"

    ReplyDelete
  26. /"ඇයි ඊලඟට බුදු වෙන්න ඉන්නෙත් මෛත්‍රී බුදුහාමුදුරුවොනෙ..... මං මේ කල්පනා කලේ ඒක අයිං කරන්නෙ කොහොමද කියල"/

    මෙන්න්න මේක නම් සුපරි බන්..

    ReplyDelete
  27. SF ට වෙච්ච දේවල් එක්ක මේ මහත්තයට මොනවා වෙයිද මන්දා...

    ReplyDelete
  28. කතාව නං පංකාදුයි!
    ඔන්න අපිත් "මත විමසුමක්" දැම්මා.. කැමති අය ඇවිත් මතය දාලා ගියානං බලන්න...

    ReplyDelete
  29. ලොක්කගේ මරු කියවිල්ල දැක්කම හිතෙන්නේ පොරට ඇත්තටම ඔය වගේ ඒවා හිතෙනවා ඇති කියලා රාජ්.පට්ට කතාව.

    ReplyDelete
  30. උඹෙ කතා ටික පට්ටම පට්ට. මම මූණු පොතෙ ෂෙයා කරල බැලට් එකටත් දැම්ම.

    රනිල්ට කරන්න තීන්නෙ,

    මෛත්‍රී ඔබ හමුවන විශේෂ සජීවී වැඩසටහන ජනවාරි 7 රාත්‍රි 7 සිට සිරස ටීවී වෙතින්.


    කියල පැලෙන්න ඇඩ් කරල එදාට නෝනගෙ ඉංග්‍රීසි පාඩමක් දාන්න.

    ReplyDelete
  31. රාජ් අයියා පට්ට ආ..කොහෙන්ද බන් ඕවා ඔලුවට එන්නේ

    ReplyDelete
  32. ලිපිය කෙටි උනාට අවසානයේ අමුතුම තැනකට ගෙනල්ලා අවසන් කරලා තියෙන විදිය කදිමයි රාජ්....ප්‍රහසනයත් එක්කම හීන් ටොක්කකුත් ඇනලා....

    ReplyDelete
  33. කස්ටියටම ඉස්තුතියි. ඔන්න අලුත් එකක් දැම්ම.

    ReplyDelete