Tuesday, December 30, 2014

මගේ, අපේ සහ ඔවුන්ගේ දේශපාලනය.

රසිකොලෙ‍ාජි අඩවියේ අද පෝස්ටයෙන් කතා කර තිබුනේ මිනිසුන්ගේ දේශපාලන මතවාදයන් පිළිබඳවය. ලංකාවේ මිනිසුන්ගේ දේශපාලන මතවාදයන් (මතවාදයන්ට එහා ගිය ආත්මාර්ථයන් ගැබ්ව ඇති බැවින් මේවා 'මතවාද' ලෙස සැලකීමද සදොස් යැයි කිවහැකිය) සකස් වන ආකාර කිහිපයකි.

1.උප්පත්තියෙන්.
වයස දහඅට එලඹීමත් සමඟ ඡන්ද අයිතිය ලැබී, සාම්ප්‍රදායික ලෙස මව්පියන්ගේ දේශපාලන පක්ෂයට කතිරය ගසන්නන් මේ කුලකයට අයත්ය. තමුන් කැපුවත් අසුවල් පාට අයවලුන් යැයි කියාගන්නා බොහෝ දෙනා මෙසේ උප්පැන්න සහතිකයෙන්ම ඒ ඒ පක්ෂ වලට සහයෝගය දක්වන්නන්ය. තවත් අතකින් දීර්ඝ කාලීනව පක්ෂයක ක්‍රියාකාරී කටයුතු වලට සම්බන්ධවී තිබිම හේතුවෙන් ඔවුන් අත්පත් කරගත් වාසිදායක තත්වයන් හේතුවෙන් මෙවැන්නන්‍ සදාකාලිකව තම මුල් පක්ෂය සමඟ සිටී. පක්ෂයේ ප්‍රතිපත්ති හෝ තමන්ගේ පක්ෂය රට වෙනුවෙන් කරන සේවාවෙහි හොඳ නරක කිරා මැන බැලීමක් සිදුකිරීමට මොවුන්ට අවස්ථාවක් මෙන්ම උවමනාවක්ද නැත. මැතිවරණ කාලයන්හිදී ප්‍රතිවාදීන්‍ගේ ඔලු පැලීමට දායක වන්නන්ගෙන් බහුතරය මෙවන් අයවලුන්ය. රටක සිටින ජනගහනයෙන් සැලකියයුතු තරම් කොටසකට හිමිකම් කියන මොවුන් රටේ අනර්ථයට හේතුවන බැව් නොකියාම බැරිය.

2.ප්‍රතිපත්ති හෝ පෞද්ගලික ලාභ අපේක්ෂාව.
පළමුව සඳහන් කල කුලකයේ සමහර අයවලුන් යම් අවස්ථාවකදී සාම්ප්‍රදායික පක්ෂය ඉවත දමා අනෙක් පක්ෂයක් හා එක්වේ. මේ සඳහා විවිධ හේතු තිබිය හැකිය. විටෙක බලයේ සිටින පක්ෂයෙන් ලබන යම් ලාභ ප්‍රයෝජනයක් හේතු කොටගෙන කලගුණ සලකනු වස් පක්ෂය මාරුකිරීම මොවුන් අතින් සිදුවේ. තවත් විටෙක වෙනත් ආණුඩුවක්/පක්ෂයක් වෙනුවෙන් අවංකවම අැතිවන පැහැදීමක් හෝ කලකිරීමක් මීට හේතුවිය හැතිය. උදාහරණයක් ලෙස 'යුද්ධය අවසන් කිරීම' හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වූ එජාප, ජවිපෙ පාක්ෂිකයන් මා ඕනෑ තරම් දැක ඇත. රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ කලකිරීමෙන් එජාපය අත්හැරීම තවත් උදාහරණයනකි. මේ වර්ගයේ මිනිසුන් අතර අවංකවම යම් ප්‍රතිපත්තියක් සහිත මිනිසුන් සිටින අතර පළමු වර්ගයේ අවස්ථාවාදීන්ද සිටී.

3.නිදහස් මතධාරීන්
කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් තොරව යම් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින්නන් මෙම කුලකයට අයත් වේ. බොහෝවිට මොවුන්ට නිශ්චිත දේශපාලන මතයක් ඇති අතර ඒ ඒ අවස්ථාවන් වලදී තමන්ගේ මතවාදයන්ට ගැලපෙන පක්ෂ සමඟ කටයුතු කරයි. සාමාන්‍යයෙන් අඩු ප්‍රතිශතයක් වන මොවුන් පාවෙන ඡන්ද ලෙසද සැලකිය හැකිය. තවත් සමහර විට ලාභ අපේක්ෂාවලින් තොරව දෙවැනි කුලකයේ සිටින්නේ මෙවැන්නන්ය. උදාහරණයක් ලෙස යුද්ධය අවසන් කිරීම නිසා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව සිටි පිරිස් 2009න් පසු ඇතිවූ තත්වයන් හමුවේ මේ වනවිට මෛත්‍රීපාල මහතා සමඟ එක්ව සිටිය හැකිය. සාපේක්ෂව මෙවන් මිනිසුන් රටෙහි වැඩි වීම යහපත් ප්‍රවනතාවයකි.

දේශපාලනිකව මිනිසුන් මෙලෙස වර්ග කිරීමට සිත්වූවේ පසුගිය ලිපි කිහිපයක/වෙනත් බ්ලොග් අඩවි වල අදහස් දැක්වීමේදී අපට කරන චෝදනාවකට පිළිතුරු සැපයීමේ අරමුණෙනි. නිදහසින් පසු ලංකාවේ දේශපාලනය ගමන් කරන්නේ කුමන දිශාවකටද යන්න අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත. 'එදාට වඩා අද නරක' යැයි බොහෝවිට සඳහන් වන තත්වයක් තුල කල්පනා ශක්තිය අැති මිනිසුන්ට කලයුත්තේ කුමක්දැයි කියාදීම අවශ්‍ය නැත. ටකරං කොලයට, කොන්ත්‍රාත්තුවට, රැකියාවට, වැටුපට.... අාදී වශයෙන් දේශපාලන මත දරන මිනිසුන් අතර අප සිටින්නේ ඔවුන්ට වඩා ඉදිරියෙනි. බ්ලොග් අවකාශයේ සිටින්නන් අතර අපට සමානයින් කොතෙකුත් හමුවේ. ඔවුන්ගේ දේශපාලන මතය සකස් වන්නේ 'නරකට එරෙහිව' බැවින්, දේශපාලනිකව ඔවුන්ගේ පක්ෂපාතීත්වය 'වැඩි නරකට එරෙහිව අඩු නරක' තෝරාගැනීමට සිදුවේ. මෙහිදී මුහුණ දියයුතු අනිවාර්ය සිදුවීම නම් දේශපාලන ලේබල් වලට ලක්වීමයි. ආණ්ඩුවේ සිටින්නන් 'නරක' නියෝජනය කරන විට බලය නැති විපක්ෂය 'හොඳ' න‍ියෝජනය කිරීම දේශපාලනයේ සාමාන්‍ය තත්වයකි. ඒ 'හොඳ' ම වෙනුවෙන් පෙනී සිටින නිදහස් මිනිසුන් වන අපටද විපක්ෂ ලේබල් වැදීම අනිවාර්ය තත්වයකි. වර්තමාන පාලන ක්‍රමය අනුව එක් පක්ෂයක් විසින් දීර්ඝ කාලයක් රට පාලනය කරන තත්වයකදී දීර්ඝ කාලීනව මිනිසුන් ලේබල්වීම සාමාන්‍ය තත්වයකි. සමහර විට හොඳ මිනිසුන් පක්ෂ තුලට තල්ලු වීමද මෙහිදී සිදුවිය හැකි අනර්ථයකි.

පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ලංකාවේ දේශපාලනය/දේශපාලන ක්‍රියාකාරිකයන් ගමන් කරන්නේ නම් යහපත්ය. එහෙත් මෙහි දේශපාලන ක්‍රමය සකස් වී අැත්තේම එසේ නොවන පරිද්දෙනි. සෑම ක්ෂේත්‍රයක්ම දේශපාලනයෙන් වසාගෙන ඇති අතර දේශපාලනයෙන් තොරව පෞද්ගලික වාසි ලබාගැනීම පහසු නැත. මෙවන් තත්වයන්හිදී ප්‍රතිපත්තිගරුක මිනිසුන් බිහිවීම අඩුවන අතර බිහිවන්නේ පළමු සහ දෙවැනි වර්ගවල (නො)මිනිසුන්ය.

46 comments:

  1. දෙමව්පියන්ගෙන් උරුමවෙන දේශපාලනය ඉදිරියට ගෙනියන්නේ බොහෝවිට දෙමව්පියන් දේශපාලනිකව සක්‍රීයව සිටිනවා නම් කියා සිතමි.

    මට නම් අවුරුදු දාහත වෙනකොටම මොලේ පෑදුණි. එනිසා මුල් ඡන්දයම නිවරදිව පාවිච්චි කිරීමට හැකිවිය.

    කිසි දිනක පුද්ගලික වාසි තකා මා ඡන්දය පාවිච්චි කර නැත. එනිසාම, මා ලංකාවේ දී දුන් ඡන්දවලින් දිනුමක් ලැබුවේ එකම එක් වරකි. ඒ ඡන්දය දුන්නේ හිතේ කැමැත්තෙන් නොවේ.

    ඕස්ටේ්‍රලියාවේ දී ත් හැමදාම හිමි වී ඇත්තේ මුල් ඡන්දයේ පරාජයයි. ඒත් මෙහේ ඇති අන්තර්-පක්‍ෂ මනාප ක්‍රමය නිසා දෙවෙනි මනාපයේ ජොකියා දිනපු අවස්ථා කීපයක් තිබී ඇත.

    ReplyDelete
  2. මං හිතුවේ රාජ් මා ලියූ ආකාරයේ ඡන්ද ඔට්ටුවක් ගැන කතාවක් ලියන්න යනවාය කියායි!

    ReplyDelete
  3. අපි නං ජන්දේ දෙන්නේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට. මොකද එතුමා තමයි අපේ රට බේරා ගත්තු නායකයා. අන්න ඒ හේතුවම ඇති එතුමාට මේ පාරත් මනාපය දෙන්න.

    ඔය එන්ජීඕ කාරයෝ ටික දෙනෙක් මයිත්‍රීපාල ගොයියව අල්ලන් දැගලුවාට මේ ජනාධිපතිතුමාව පරද්දන්න පුලුවන්ද? අපි සැමදා මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගයි. එතුමන් යුද්ධය අවසන් කොට, මේ වසර 4 ඇතුලත මොන තරම් වැඩ කටයුතු කන්දරාවක් කලාද රටේ සංවර්ධනය වෙනුවෙන්. අධිවේගීමාර්ග, ගුවන්තොටුපල,වරාය....තව කොයිතරම් ඉදිකිරීම් වෙනවද? ඇයි විදුලිබලාගාර,උතුරු දුම්රිය මග...

    මේ දැවැන්ත සංවර්ධනය කණපිට ගස්සලා,ආයෙත් රට කොටියට භාර දෙන්න අපි කවුරුත් සුදානම් නෑ.

    ජනවාරි 9 වෙනිදා එළිවෙනකොට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට නැවත බලය ලැබෙන්නේ වැඩි ජන්ද ලක්ෂ 25 කටත් වඩා වැඩි සංඛ්‍යාවකින්.

    තැපැල් ජන්ද වලින් 80% ක්ම ලැබුනෙත් එතුමාට තමයි. මොකද රාජ්‍ය අංශයේ සේවකයන්ට පඩි වැඩි කරලා, නොමිලේම වගේ යතුරු පැදිත් ලබා දීලා තිබෙන්නේ එතුමාගේ මහින්ද චින්තන ජාතික වැඩ පිළිවෙල යටතේ. ඉතිං ඒ නිසා රට ගැන හිතන,මව්බිමට ආදරය කරනා එතුමන් සමගයි රාජ්‍ය සේවකයන් බහුතරය ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. අති ගරු ජනාදිපති තුමා 4 ට ඔච්චර කලානම් ඉතුරු 2 ත් කරලාම චන්දෙට ගියානම් ඉතින් මෛත්‍රීට කරන්න දෙයක් ඉතුරුවෙන්නේ නැහැ අනික මහින්ද ට අබ්දුල් සලීම් සල්මාන් කාන්ලා ගෙන්වන්නත් වෙන්නේ නැහැ , ඉතුරු 2 ත් කලානම් මහින්දට වෙන්නේ ...................යි .

      Delete
    2. මාරයා අයියා මොකද ඇනෝ ඇවිල්ලා? නමින් එන්න බයයි බයයි වගේද?

      Delete
  4. මගේ පැත්තෙන් බැලුවොත් මම ඉපදෙනකොට අපේ අප්පච්චි pro unper. අපේ ගෙදර පක්ශේ කාර්යාලයක් වගේ. ඒත් අපේ ලොකු අප්පච්ච්චි pro freedom party. අපි බලංගොඩ හරිය ;) ඒ දෙන්න කවදාවත් නෝක්කාඩුවකින් ඉන්නවා මම දැකලාම නෑ. ඊටත් වඩා ලොකු අප්පච්චි දන්න කියන කාලේ ඉඳන් ක්ලිෆඩ් අන්කල්ගේ හොඳම යාළුවා මියෙන මොහොත වෙනකම්.
    අපේ පරම්පරාව ඇටෙන් පොත්තෙන් එනකොට අයියා ජේ වී පී. අම්මාට පක්ශයක් නැතත් ගෙදර සිටුවේශන් එක හැන්ඩ්ල් කලා. අම්මෝ ඒ කාලේ :) 87 89. මුලින් අප්පච්චිගේ ගෝලයා වුන මම ඒ වෙනකොට අපේ අයියාගේ ගෝලයා.
    ඒත් මටම කියලා කවදාවත් පක්ශයක් තිබුනේ නෑ. 2005 මහින්ද ගේන්න අපි සෑහෙන්න බැහැලා වැඩ කලා. ඒ වෙනකොට ඔහු අපේ හිතවතෙක්. ලංකාවේ දේශපාලනය ගැන මෙලෝ මලදානයක් නොදැන හිටියට අපි එහෙම කලා. ඒත් 2010 වෙනකොට මහින්දව මට නම් එපා වෙලා. ඒකට හේතුව වුනේ ඔහු සරත් ෆෝන්සේකා ට දක්වපු හිරිහැර. යුද්ධය විකුනන් කෑම. ඒත් අන්තිමකාලේ මම ඇන්ටි මහින්ද. පක්ශ බේදයක් මට නෑ. ඒත් රට විනාශයට පත්වෙන්න ඔහු සෑහෙන වගකීමක් ගත්තා කියන තැන මම ඉන්නවා.
    පෞද්ගලික හිතවත්කම්, යාළුකම් ඒකට කොහොමත් බලපාන්නේ නෑ.

    And here I am a Hardcore Leftist

    (comment elsewhere by me)

    ReplyDelete
  5. එක එක කාල වලදී මං මිනිස්සු ගැන වැරදි ආකල්ප වල ඉන්නවා.. මුළින්ම චන්දයක් දාන්න යනකොට හිටියේ චන්ද්‍රිකා ගැන වැරදියට හිතාගෙන.. ඉතින් චන්ද්‍රිකාට මගේ කුළුදුල් මනාපේ දුන්නා.. ඒ ගෑනි ඒක වේස කමේ ගෙනිච්චා.. පස්සෙ කාලයක් රනිල් වික්‍රමසිංහ ගැන වැරදියට හිතාගෙන හිටියා.. ඒ කාලෙම මහින්ද රාජපක්ශ ගැනත් වැරදියට හිතාගෙන ඒ යකාට චන්දෙ දුන්නා රනිල් පරද්දල.. ඌ ඒ චන්දෙ අරගෙන ආපහු අපිටම ඇරියා..
    පහුගිය දවස්වල සමන්මලී ගැනත් සමනලී ගැනත් හිතාගෙන හිටියේ වැරදියට කියලා සමන්මලී ප්‍රසිද්ධියේ රෙදි ගලවලත් සමනලී එහෙම වැරදියට හිතන් උන්නු උන්ගෙ රෙදි ගලවලත් කියල දුන්නා..
    දැන් හිතන් ඉන්න ඒවත් හරිද වැරදිද කවුරු කොහොම කොකා පෙන්නයි ද කියලා හිතා ගන්න බෑ.. හොඳම දේත් එහෙම නොහිතා ඉන්න එක වගේ.. අනේ මංදා..

    ReplyDelete
  6. මම හැමදාම වගේ හිටියේ 3 සහ 2. කවදාවත් එක වෙන්නේ නැහැ...
    එච්චරයි... :)

    ReplyDelete
  7. රසිකගේ එකේ කියපු එකම තමයි මෙතනත් කියන්න තියෙන්නේ. අපේ ගෙවල් තනිකර යූ ඇන් පී. නෑදෑයොත් එහෙමයි. ඒත් බොහෝ වයසට ගිය ඒ අයගෙන් සමහරු, අද මහින්දට. ඒ යුද්දේ දිනපු නිසා.. ඒකට හේතුව ඔවුන් යූ ඇන් පි කාරයෝ වගේම පට්ට බෞද්ධ ජාතිවාදියො වීම. හැබයි එක දෙයක් තිබුනා. අපිට කතා කරන්න, ලියන්න, කියන්න පට්ට නිදහසක් තිබුනා.. ඒ නිසා, ආගම ගැන පවා අපේ ගෙවල් වල විවිධ විවාද තිබුනා. අන්න ඒ පිනෙන් අපේ ගොඩක් උන් නිදහස් මතධාරී උන් උනා.. කොහොමත් එජාපය කියන පක්ෂේ ඇතුලෙත් ඔය නිදහස අදටත් තියෙනවා..

    ReplyDelete
  8. කලින් කොමන්ට් එක දානකොට සිංහල නැය්හි හින්දා කොපි පේස්ට් එකක් දැම්මේ.
    රාජ්ගේ විග්‍රහයට මාත් එකඟයි.
    ලංකාවේ වැඩියක්ම ඉන්නේ පළවෙනි කොටසේ ඉන්න අය කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.
    ඒකනේ මෙ තරම් රට ආගාධයට ගියේ. ඒක තවමත් නොපෙනෙනවා වගේ ඊනියා සංවර්ධනයක් ගැන කියන්නේ.

    දෙවෙනි කොටසේ අයට සාධාරණ හේතු තියෙනවා. විශේශයෙන් තමන්ගේ පෞද්ගලික හිතවත්කම් වලදි එහෙම කරන්න වෙනවා.

    ඒත් රටකට අවශ්‍යම නිදහස් මතදාරින්. ඔවුන්ගේ සක්‍රිය දායකත්වය රටක ප්‍රජාතන්ත්‍රවාදය හා දියුණුව ඇතුළු හැමදේටම තදින් බලපානවා. දැන් දැන් වර්ධනයක් තිබුනත් නිදහස් මතදාරින් බහුතරයක් වුනත් මේ සිදුවෙන හැලහැප්පීම් එක්ක අවුල් සහගත වෙනවා. ඒත් සමුහිකව ඒ අයගේ බලපෑම වැඩියි කියලයි මගේ අදහස මේ වෙනකොට. පොදු අපේක්ශකයා එක්ක රැඳෙන්නෙත් ඒ අය වෙන්න ඕනේ.

    එච්චරයි.
    වෙනසක් වෙනුවෙන් ඡන්ද අයිතිවාසිකමක් නැති වුනත් බලාපොරොත්තුවක් තියාගෙන මාත් ඉන්නවා.

    ReplyDelete
  9. ඡන්දෙ දවසේ උදේ ටයිල් පොළොවේ කාසියක් උඩ දානවා. නෝනා වැටුණොත් කාටවත් ඡන්දෙ දෙන්නේ නෑ. පොල්ල වැටුණොත් ඒත් කාටවත් දෙන්නේ නෑ. කාසිය දාරයෙන් කෙලින් හිටියොත්????????????? අන්න වැඩේ.

    ReplyDelete
    Replies
    1. තමා සොල්දාදුවෙක් නේද? ඒ නිසා තමාගේ භය පක්ෂපාතිත්වය දැක්විය යුත්තේ සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් වෙත. ඒක ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒ නිසා අට වෙනිදා උදේම ගොසින් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන්ට ජන්දය ලබා දෙන්න.

      කොහොමත් මේ පාර එතුමන් නැවත වතාවක් බලයට පත්වෙන්නේ වැඩි ජන්ද ලක්ෂ 20 කින්. රට බේරාගත් නායකයා දන්ගෙඩියට ගෙනියලා, අපේ රට අරාජික කරන්න අපි ඉන්නකන් ඉඩ තියන්නේ නෑ. මේ සිදුකරනා යෝධ සංවර්ධන වැඩ කටයුතු තව තවත් සාර්ථක කරගනිමින් අපේ රට දියුණුවෙන් දියුණුවට පත්කිරීමට උර දෙමු. එතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරමු.

      Delete
    2. @Ano:
      //ඒ නිසා තමාගේ භය පක්ෂපාතිත්වය දැක්විය යුත්තේ සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් වෙත.//
      මට පොඩ්ඩක් කියනවද ඕක තනතුරක්ද නැත්තම් ඉපදෙනකොටම අරගෙන ආපු ඇඟේ කෑල්ලක නමක්ද කියල?

      හෙහ්.. හෙහ්.. හෙහ්... හෙහ්....

      බයබෝයි හාන්දුන්නේ!!! හෙහ්.. හෙහ්....

      Delete
  10. සාමාන්‍ය ජනයා මේ අවස්ථාවේ අවස්ථාවාදී වුවහොත් සිදුවන්නේ 1815 සිදුවූ දෙයම තමා.
    එදා සිංහල ප්‍රභූන් රජකම බලාපොරොත්තුවෙන් වඩුග රජා පාවා දුන්නා වුනේ සුද්දා වඩුග රජා හිර කර රජකම ඔවුන් පවරා ගැනීමයි.
    අද රට එක්සේසත් කල නායකයා පාවා දී වලව් කාරයින් සිරිසේනගේ කර මතින් රජ වීමට තැත් දරනවා. එහෙත් සිදු වන්නේ ඒ හරහා අධිරාජ්‍ය වාදීන් රටේ තීන්දු තීරණ ගැනීමේ බලය පවරා ගැනීමයි.
    අධිරාජ්‍ය වාදීන්ට දැන් රජකම වුවමනා නැත වුවමනා තීන්දු තීරණ ගැනීම මෙහෙයවීම පමණි රජකම යනු අන් කුමක්ද?

    ReplyDelete
    Replies
    1. අන්න හරි. මාත් මේ ඒකම තමයි කිව්වේ. අපේ රට බේරා ගත්තු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් පරාද කොට අපේ රට සුද්දට විකුනන්න අපි සුදානම් නෑ.

      මේ සිදුකරනා යෝධ සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙනියමින්,රට දියුණු කිරීමට එතුමන්ට ජනතාව මෙවරත් බලය ලබාදෙනවා,

      Delete
    2. මහා කළු සිංහලයාDecember 30, 2014 at 7:24 PM

      මේක කියෙව්වාම මට හිතුණේ අපේ රටේ මී හරකුන්ටත් ඡන්ද බලය දුන්නා නම් මහින්ද මහ රජතුමාට මීට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබෙයි කියලා.

      උඩරට ප්‍රභූවරු රජු පාවා දීමෙන් වුණේ උඩරට පාලනය වැටීම ඉක්මන් වීම විතරයි. එහෙම නොවුණා වුණත් ඊට අවුරුදු දහයක් තුළ උඩරට වැටෙනවා. ඒ තරමට දුර්වල වෙලා තිබුණේ.

      මහින්ද පාලනයත් එහෙමයි. මොකක් හරි ජිල්මාට් එකක් දාලා 2015 බේරා ගත්තත් තව අවුරුදු දෙකක් තුළ ෂුවර් එකට වැටෙනවා වැටෙනවාමයි. ඒ තරම් දුර්වලයි. මහින්ද දැන් හැලෙන්න තියෙන දතක් වගේ.

      Delete
    3. මම නම් සුද්දා ලංකාව අල්ලගත්තට කැමති කෙනෙක්.සුද්ද අපට කරපු ලොකුම සේවය තමයි රාජාණ්ඩුව අහෝසි කිරීම.ඒක කලේ අපට ආදරේට නොවෙයි.එහෙම නොවුනානම් එක් පවුලකට ජාතික ආදායමෙන් යම් ප්‍රතිශතයක් වෙන් කරන්න වෙනව නේපාලෙ වගෙ.හැමෝටම දේශපාලන සමානාත්මතාව තිබිය යුතුයි ඇයි එකෙකුට විතරක් අමුතු ගෞරවයක්.
      රුසියාවෙ ප්‍රංශෙ චීනෙ වගෙ සමාජයට වොෂ් එකක් මෙහෙ හම්බවෙන්නෙ ත් නැති නිසා සුද්ද කළ දේ අපට වාසනාවක්.
      ඒ වගේම රාජකාරි ක්‍රමය අහෝසි කරල නූතන ප්‍රජාතන්ත්‍රවාදී රටක් කළේ සුද්ද.මේ කතා කියන්න ගිහින් මං බැණුම් අහපු වාර අනන්තයි.ඒත් මම විශ්වාස කරන සත්ය වෙනුවෙන් පෙනී සිටිනව
      කැප්පෙටිපොලල කළේ රට වැඩවසම් අන්ධකාරයකට ගෙන යන්න හදපු එක.සුද්ද නාව නම් අපි තවම ප්‍රවේණිදාසයො

      Delete
    4. මීහරකුන්ටත් ඉන්ටර්නේට්වල සිංහලෙන් කොටන්නට තරම් තාක්ෂනය දියුණු වී ඇත.මහා කළු සිංහලයාගේ කොමෙන්ටු දකින දකින වාරයක් පාසා මට එහෙම හිතෙනව .

      Delete
    5. @ මධ්‍යස්ථ මතධාරියාDecember 30, 2014 at 9:50 PM
      ///.එහෙම නොවුනානම් එක් පවුලකට ජාතික ආදායමෙන් යම් ප්‍රතිශතයක් වෙන් කරන්න වෙනව නේපාලෙ වගෙ.///

      ඇයි ඔබතුමා සුද්දගේ ගුණ වයන්න නේපාලේ උදාහරණෙට ගත්තේ.
      අපේ රටේ රජ පෙළපත නැති කරනවා වගේ හොඳ වැඩක් කල සුද්දා තමන්ගේ රටේ හම්පඩ ළොම් හැලිච්ච රජ පවුල නඩත්තු කරන්නේ අහවල් දේකටද.
      උන්ට පිස්සු නිසා වෙන්න ඇති නේද...

      Delete
    6. ලොකු පුතාDecember 31, 2014 at 7:25 AM @ සුද්ද ඒක කළේ අපට ආදරේට නොවෙයි.රට අරාජික කරන්න.ඉන්දියාවෙත් බහදුර් ෂා ලගෙ ඥාතීන් බුරුමයට යැව්ව.අපේ එකා ඉන්දියාවට යැව්ව.එහෙම කලේ උන්ගෙ රජුට අධිරාජ්‍යයෙ සියලුදෙනා යට කරවන්න.ඒත් ඒකෙන් අපට වක්‍රාකාරව වාසියක් වුනා.නාමිකව වුනත් මොකටද එකම සුදුසුකම උප්පැන්නෙ වුන අයට විශේෂ සැළකිලි දිදී තියාගෙන ඉන්නෙ .

      මම කියන්නෙ උපත මත කිසිම කෙනෙකුට විශේෂ සැලකිලි දැක්විය යුතු නෑ.රජෙක් හිටියනම් රට තව පසුගාමී වෙනවා.රජවරු ඉන්න රටවල් එහෙමයි.තායිලන්තෙ බලන්න කොච්චර ලෝකෙට විවෘත වුනත් තියන රාජවන්දනව.මම දෙකට නැමෙන්න හුඟක් අකමැති කෙනෙක්.රජවරු කියන්නෙ වැඩවසම් ෆොසිල.රජවරු බිහිවුනේ පුරානයෙ හිටපු මැරයන්ගෙන් උන්ගෙ කිසිම ශුද්ධත්වයක් නෑ.මොකටද එක මිනිහෙක් කේක් ගෙඩියක් වගෙ තියාගන ඉන්නෙ සැප දිදී.
      සුද්ද ඕක නොකළනම් රුසියාවෙ ප්‍රංශෙ වගෙ හෝදලම අරින බලවේග ලංකාවෙ එන්නෙ නැහැ.ලංකාවට එහෙම සටන් වසන්තයන් ආගන්තුකයි.

      Delete
    7. ඌ අපිට කළාට ඌට ඒක කරගත්තේ නැහැ.
      උන් හරි ලොකුවට අර හම්පඩ බැල්ලිවයි පැටව් ටිකයි නාවල කරලා කන්න බොන්න දීල බලා ගන්නවා.
      අන්න ඒකට හේතුව මොකක්ද.
      අපේ හිටපු එකා ගිය එකට මාත් කැමතියි, ඒකට හේතුව ඌ ඇත්තටම අපේ එකෙක් නොවෙන නිසා

      Delete
  11. අපේ මාරයා අයියා අයත් වෙන්නෙ ඔය පළමුවැනි කොටසට. තාත්තා සිරිලංකා. ඉතින් අපේ මාරයා අයියත් කැපුවත් නිල්පාට තමයි.

    ReplyDelete
    Replies
    1. භයානක කුමන්ත්‍රණයක්
      මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ඉතා භයානක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. මේ තොරතුරු අනාවරණය කරගන්න මට දුරකථන ඇමතුම් ඉතා විශාල ගණනක් සහ වැදගත් පුද්ගලයන්ට නොදැනෙන පරිදි ඔවුන්ගේ අදහස් දැනගැනීමක් කරන්නට සිදුවුනා. මෙය දැලිපිහියෙන් කිරි කනවා වැනි භයානක ක්‍රියාවක් වුණා. ලැජ්ජා නැතිව සමහර ලොක්කෝ කිව්වා, අපි හොඳින් හෝ නරකින් මහින්දට බලය අරන් දෙන බව. මෙය ඉතා භයානක තත්වයක් බව මා දැඩිව අවධාරණය කරනවා. මගේ ජීවිතයට එල්ලවියහැකි තර්ජන නිසා මා දන්නා සියල්ල මෙහි හෙළි කරන්නට බැහැ. නමුත් අපි ජනවාරි 8 වැනිදායින් පසුව ඉතා භයානක තත්වයකට මුහුණ දෙන බව කියන්නට පුළුවන්. ජනාධිපතිවරණය සාධාරණව නොපැවැත්වීමටත්, ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගතහොත්, භයානක කුමන්ත්‍රණයක් මගින් එතුමා ඝාතනය කර හෝ බලය අල්ලාගැනීමටත්, සැළසුම් සකසා තිබෙනවා. බීමත්ව කටමැත දොඩවන පුද්ගලයකු කීවා නම් එය ගණන් නොගෙන ඉන්නට තිබුනා. නමුත් මා මෙම තොරතුරු හොයාගත්තේ ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින්. රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග, ඉතා පැහැදිළිව තහවුරු කර තිබෙනවා, ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරදින බව. මේ රටේ යුක්තිය සාධාරණත්වය අගයන ජනතාවගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ගැන අවදියෙන් සිට, අසාධාරණයට එරෙහිව, අවශ්‍ය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන ලෙසයි.

      Delete
    2. කොහේ හරි බ්ලොග් එකක මේ වගේම විකාර කතාවක් ලියල තිබ්බ වගේ මතකයි...

      Delete
    3. අනේ හරි භයානකයිනේ

      Delete
    4. ඩීමන් ආනන්ද ගේ කතාවක් වගේ...

      Delete
  12. අවස්ථාව අනුව ඡන්දෙ දෙන එකෙක් මමත්. හේතුව අපේ දෙමාපියො දේශපාළන සත්තු නොවුන එක වෙන්න ඇති. ඒ අයගෙ ඡන්දෙ කාටද කියල අපි අදටත් දන්නෙ නෑ නමුත් අපි කාටද කියල ඒ අයට දැනෙනව ඇති!

    අපේ වගේ බුද්ධිමත්තු බහුල රටක 77ට කලින් හාල්පොලු වලට බැන බැන අලියට ගහන අය වගේම 88 කතන්දරවලට තාම බැන බැන පුටුවට ගහන උනුත් ඉන්න එක අරුමයක් නෙමෙයි.

    හැබැයි පරෙස්සමෙන් බැලුවොත්, 71 පොලු කාරයොයි 88 වලි කාරයො කළවංවෙලා අවලංවෙලා තීන්නෙ කියල තේරුන්ගන්න අවශ්‍යතාවක් නෑ.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. විශිෂ්ට ලිපියක්.හැබැයි එකතුවෙන්න තව දෙයක් තියනව.ජවිපෙ වගෙ පක්ෂවලට උර දීල වැඩ කරන අයට ඒක ගැන බැදීමක් ඇතිවෙලා තියෙන්නෙ තමන් විදපු දුක් නිසා.මහන්සිවෙලා උපයන දේ වටිනාකම වැඩියි වගෙ.තමන් යමකට මහන්සි වුනොත් ඒකට ආදරේ වැඩියි.
    මම හිතන්නෙ බොහෝ දෙනා පක්ෂවලට බැදිල ඉන්නෙ තමන් ලබපු පුද්ගලික වාසි නිසාත් තමන්ට විදින්න වුන හිරිහැර නිසාත්.තමන් යම් පක්ෂෙකට අයත් වුනහම ඒ නිසාම හිරිහැර විදින්න වුනහම වෙන්නෙ ඒ පක්ෂෙත් එක්ක බැඳීම වැඩිවෙනව.පක්ෂවලින් ලැබුන පුද්ගලික වාසි නිසා පරම්පරා ගනන් කෙළෙහිගුන දක්වන අය ඉන්නවා.කවුරුහරි දේශපාලන බලය යොදවල කාටහරි හිරිහැර කළාම හිරිහැරයට පාත්‍ර වෙන කෙනා වෙනත් පක්ෂෙකට බැදෙනව.මේක විශම චක්‍රයක්


    කැපුවත් කොළ කැපුවත් නිල් චන්ද එන්න එන්නම අඩුවෙනව.

    මම නම් කිසිදාක පුද්ගලික වාසියක් මත දේශපාලන මතය හැඩගස්වාගෙන නෑ.අද මම යම් මතයක් දරනවනම් ඒකට හේතුව පොදු අපේක්ෂකයාගේ ජයෙන් පසු දෙමළ ජාතිවාදය බලවත් වන නිසාත් එජාප ආන්ඩුවකින් රාජ්ය සේවයට කුඩම්මාගේ සැළකිලි දක්වතැයි යන බියත්ය.

    පක්ෂ ක්‍රමයේ යම් වෙනසක් වුනොත් ජනතාවට බැරියර් වලින් තොරව නිදහසේ සිතන්න ඉඩ ලැබේවි.

    ReplyDelete
    Replies
    1. කැපුවත් කොළ ඡන්ද කෙසේ වෙතත් කැපුවත් නිල් ඡන්ද වල නම් අඩුවක් වෙලා නෑ. ඒ අය බුකියෙ ප්‍රොෆයිල් පික් එකට දාන ටයි එකත් නිල් පාටයි. බෙට්ටත් නිල්පාටයි ශුක්‍රාණුත් නිල්පාටයි.

      නව වැනිදා හොඳ හෝටලේකින් කාල සරුවාංගයමත් නිල්පාට වෙයි ඔහොම ගිහිල්ලා...

      Delete
    2. යූඇන්පිය කුල්මත් වෙලා මරන අය ,අත පය කඩන අය,කුඩු කරන ගෙවල් වල ලිස්ට් හදනවලු දැන් ඉදන්ම.2010 දිත් මෙහෙම කළ නිසා අමුත්තක් නෑ.නමුත් විපක්ෂය දිනුවොත් ලංකාව තවත් රතු මුහුදක් වීමට ඉඩ ඇති බව පේනව.
      අවුරුදු හතට 1977 දි සතියක් පොලීසියට නිවාඩු දීපු එකේ අවුරුදු 20 ට මාසයක්වත් දෙන්න වෙයි.පොද්ද දිනුවොත් පෙබරවාරි විතර වෙනකොට රට විසාලා මහනුවර වගෙ වෙයි.යූඇන්පියෙ පාදඩ නිර්ධන කොටස් ප්‍රචන්ඩක්‍රියා කරන්න නැතිව දැන් නලියනව.රනිල්ගෙ ලිබරල් දැක්ම උන්ට අල්ලන්නෙ නෑ.

      Delete
    3. දැන ගන්න අහන්නේ. මධ්‍යස්ථ මතධාරියා 1999, 2001, 2004 මැතිවරන වලදි චන්දෙ දුන්නෙ කාටද?

      Delete
  15. විග්‍රහය විශිෂ්ඨයි...තුන් වෙනි අය තවත් වැඩි විය යුතුයි....ලංකාවෙ දේශපාලකයන්ට දෙන සමාජ තත්වය ඉහළ වැඩියි කියල හිතන්නෙ නැද්ද?(සමාජය විසින් ඔවුන්ට අනවශ්‍ය පොරත්වයක් දීලා.)

    ReplyDelete
  16. අම්ම අප්ප හිටියත් පක්ෂයක එදා
    අලුත් පරපුරේ දරුවෝ වෙනස් මෙදා
    කවුරුන් තම මතය නොවෙනස් කළත් සදා
    උන් නැත සිටින්නේ එක පක්ෂයක් බදා

    ReplyDelete
  17. එකපාරක් රනිල්ව එලවන්න ඡන්දේ දුන්න, ඊලග පාර යුද්ද කරල දිනපු හින්ද ඡන්දේ දුන්න, මේ පාර සුද්ද කල කෙනා පරද්දන්න ඡන්දේ දෙනව.
    මතිවරනේදී වෙනත්ම කඩේකට යනව.

    ReplyDelete
  18. 1යි 2යි නං අනන්ත වත් ඉන්නව
    අර ජාතියෙ උං හිටියත් ඉන්නෙ කලාතුරකින්
    ඒකත් හැංගිල මොකද අර දෙපැත්තෙන්ම කන්න යෙනවනෙව හරියට අර අලියටය ඇතින්නටයි මැදිවුණ රිලව වගේ
    ඒ වගේ උංට කරන්න පුලුවං වැඩේ වත් අර කලිං කියපු ජාති දෙක හන්ද කරගන්නත් ෑ ඊටත් එහෙම කරන්න යන අයත් අඩුයි

    ReplyDelete
  19. ආ... රාජ් මල්ලී. ඔන්නෝව අල්ලලා දාලා යමන් අඩියක් ගහන්න. අද අවුරුද්ද ඉවර වෙන දවසේ.
    සුභ අලුත් අවුරුද්දක් වේවා කිව්වා!!!

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. යුද්ධය අවසන් කිරීම නිසා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව සිටි පිරිස් 2009න් පසු ඇතිවූ තත්වයන් හමුවේ මේ වනවිට මෛත්‍රීපාල මහතා සමඟ එක්ව සිටිය හැකිය. සාපේක්ෂව මෙවන් මිනිසුන් රටෙහි වැඩි වීම යහපත් ප්‍රවනතාවයකි.-
    ------------
    රාජ් ,
    මේ වන විට ඔබ්බ තැපැල් චන්දය පාවිච්චි කරලා ඉවර නිසා මේ පත්‍රිකාවේ අරමුණ තවම චන්දය නොදන් අයට බලපෑමක් ඇති කිරීම් කියලයි මම හිතන්නේ.
    මහින්දගේ සහ ඔහුගේ සගයන්ගේ වැරදි ඇති.ඒවාට විරෝධය පල කරන්නත් ඕනෑ තමයි. ඒත් මේ වෙලාවේදී ඊට වඩා ලොකු අනතුරක් තියෙනවා කියල ඔබට නොපෙනෙන්නේ මන්ද? බෙදුම් වාදය තුවක්කුවෙන් පරාජය උනත් මතවාදීව සංවිධානය වෙලා සටනක් කරනවා කියලා ඔබට නොපෙනෙන්නේ මන්ද? ඒක දැක දැකත් බකම්නිලාගෙන ඉන්නද කියන්නෙ.
    අපි නම් මහින්දව දන්නේ එයා අපේ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයේ සේවය කරන කාලයේදී පටන්මයි. ඒත් අපි මෙහෙම කියල උදව්වක් ඉල්ලා ගන්න ජනාධිපති තුමා, ලඟට හෝ, එස්.බි.,බන්දුල, ගමගේ,විජේසේකර,මිත්‍රපාල,ආදී කා ලඟට වත් ගිහින් නැහැ.(මේ ඔක්කොම විද්‍යොදයේ සිටිය අය තමයි. )ඒ නිසා ලද උදව්වකට කල ගුන සැලකිමක් මෙතන නැහැ. නහයේ දැලි තවරුනාම නහය කපා එන මුහුණ අවලස්සන කර ගන්න තරම් අපි මෝඩ නැහැ.
    අද දවසේ අපිට කරන්න තියෙන ලොකුම කාරිය මේ මතවාදී වශයෙන් එන බෙදුම් වාදය පරාජය කිරීමයි. දෙවනුව එන මහා මැතිවරණයේදී දුෂිතයන් ඉවත් කිරීම කරමු.

    විදුදය කඳුරට මිතුරෝ

    ReplyDelete
    Replies
    1. ///දෙවනුව එන මහා මැතිවරණයේදී දුෂිතයන් ඉවත් කිරීම කරමු.///

      එතකොට මහින්ද නැමැති අති දූෂිතයා ඉවත් කොරංනේ කවද්ද ආයුබෝවං?

      Delete
    2. එක පැහැදිලිකිරීමක් ඕනේ වගේ...
      //ඒත් අපි මෙහෙම කියල උදව්වක් ඉල්ලා ගන්න ජනාධිපති තුමා, ලඟට හෝ, එස්.බි.,බන්දුල, ගමගේ,විජේසේකර,මිත්‍රපාල,ආදී කා ලඟට වත් ගිහින් නැහැ.(මේ ඔක්කොම විද්‍යොදයේ සිටිය අය තමයි. )//

      ඔබ හෝ ඔබේ පිරිස එහෙම නොගියේ මහින්දගේ හෝ අනෙත් අයගේ ගුණයක් හින්දද? නැත්තම් ඔබලාගේ ගුණයක් හින්දද??

      පළමුව එහෙම බලපෑමක් ඉවත්කරගන්න ඕනේ නම්.. දැනට ඒ කොටස අහවරයි මම හිතන්නේ. මොකද 'ප්‍රභාකරන්' මියගියපු හින්ද. දැන් ඕනේ චින්තනයක් මිසක් ඒකට වන්දියක්වත් ඉවරයක් නැති ණය ගෙවිල්ලක් නෙවෙයි... මේ යන විදියට තව ජනවාර්ගික අර්බුදයක් ඇතිවෙන එක වැඩිදුරක් නැහැ. ඒ ඒ වැඩට ඒ ඒ මිනිස්සු හොයන්න වෙලා අපේ රටේ හැටියට. ඒකට තමයි හලෝ චන්දයක් තියන්නේ... ඒ කියන්නේ වෙනසක් ඕනේ නම් වෙනස් කරගන්න අවස්තාවක්! නැත්තම් රට රාජාණ්ඩුවක් පාලනේ කරනවා වගේනේ... ( අනේ මන්ද දැන් එහෙමද කියල....)

      Delete
  22. // එහෙත් මෙහි දේශපාලන ක්‍රමය සකස් වී අැත්තේම එසේ නොවන පරිද්දෙනි. සෑම ක්ෂේත්‍රයක්ම දේශපාලනයෙන් වසාගෙන ඇති අතර දේශපාලනයෙන් තොරව පෞද්ගලික වාසි ලබාගැනීම පහසු නැත. මෙවන් තත්වයන්හිදී ප්‍රතිපත්තිගරුක මිනිසුන් බිහිවීම අඩුවන අතර බිහිවන්නේ පළමු සහ දෙවැනි වර්ගවල (නො)මිනිසුන්ය.//

    ඔන්න ඕක තමා වෙලා තියෙන හෙනේ.ඔය ක්‍රමේ තමා වෙනස් වෙන්න ඕන.
    සුභ අලුත් අවුරුද්දක් වේවා රාජ් අයියට!!! ජය වේවා!!!

    ReplyDelete
  23. රාජ්ට සුබ නව වසරක් වේවා.

    ReplyDelete
  24. රාජ් පවුලට සුබ නව වසරක්!!! :)

    ReplyDelete
  25. උප්පත්යෙන් අපට....

    01. ආගම
    02. දේශපාලනය
    04. සතුරෙක් - උදා - කොටියා
    ලැබීම වෙනස් කිරීමට නම්....

    01. පාසල් පද්ධතිය තුල 6 වසර දක්වා ආගම ඉගැන්වීම නතර කළ යුතුය.
    02. 6 වසරේ සිට දර්ශණයක් ලෙස සියළු ආගම් ඓතිහාසික පදනමක් මත ඉගැන්විය යුතුය.
    03. 6 වසරේ සිට විද්‍යාත්මක ක්‍රමය ඉගැන්විය යුතුය.
    04. නීතිය හා දේශපාලන විද්‍යෙව් මූලිකාංග ඉගැන්විය යුතුය.

    එවිට අද පවතින ප්‍රශ්ණ බොහෝමයකට විසඳුම් ලැබෙතැයි අපේක්ෂා කළ හැක...

    ReplyDelete
    Replies
    1. ඕ යෙස්
      ව්‍යවස්තාවෙන්ද ආගම සම්පූර්නයෙන්ම ඉවත් කල යුතුයි.

      Delete