Monday, December 8, 2014

ඉර දෙයියන්ට!











ඔහෙත් හරි බඩුව
ලොක්කන්ටමයි
පෙන්නන්නෙ
හැමවෙලේ ඔලුව!
වරු දෙකයි එන්නෙ
යන්තං බලන්න අපිව.

යුරෝපෙ ඔලුව
ටිකක් මිදුනාවෙ!
එහේ කාටවත්
පාඩුවක් නෑනෙ
ඔහේ නැති වෙලේ
බලන්න එපාය
මෙහේ ඇති ර‍ඟේ!

පෝස්ටර් ගහනවා
කොඩිවැල් අදිනවා
ප්‍රාඩෝ එනවා
වෙඩිතියල යනවා,
සුදුවෑන් එනවා
උස්සගෙන යනවා.

හරියටම මාසයක්
බැරිද මෙහෙ එන්න
රෑ දවල් එක දිගට?
අපිට නං ඕනෙ නෑ
මේ මාසෙ රෑ වෙන්න!

21 comments:

  1. අද ෆුල් සනි දවසක් වගේ. ඇක්ෂන් ගොඩයි. එහෙන් මෙහෙට පනිනවා. මෙහෙන් එහෙට පනිනවා.

    ReplyDelete
  2. මේ ටිකේ මෙහෙ ඉන්න..
    එකදිගට වැඩ තියෙයි..
    8 වෙනිදයින් පස්සේ..
    බැරියෑ ඕන්නං
    දිග නිවාඩුවක් ගන්න..
    මට හිතෙන්නේ ඔහෙට වගේම
    පොලෝසියටත් හම්බෙයි
    මෙදා පාර නිවාඩුවක්
    සතියක දෙකක
    හැත්තෑ හතේ වගේ..
    යන විදියට..
    කොහොම උනත් අනේ...
    \\\අපිට නං ඕනෙ නෑ
    මේ මාසෙ රෑ වෙන්න!\\\\

    ReplyDelete
    Replies
    1. සැඳෑ තරු නොදිලෙන්න 
      සරා සඳ නොනගින්න
      වෙලී යුඟදුර සතර 
      අනු දිසා ගිල ගන්න
      ගලා යන නදී දොල බිදී...
      හිදී නැවතී ඉන්න

      එපා හිරු පායන්න...

      - වික්ටර් රත්නායක -

      Delete
    2. ඉරෙන් වැටුණ එළියට ගැති වී
      සඳට වඩා ඔබ ගිනි දැල් වී
      මා නෙත් යුග ඔබ කඩා දමා හැර
      සෙසු අය වෙත සෙවණට පිහිටී...

      මිලින සිහිනයයි ඉරේ රැකුම් මැද
      අරුණෝදේ ඔබ දකිනු බැරී
      අපි හෙට දවසේ නොමියෙන මොහොතක
      ජීවිතයේ දොර අගුළු නැතී...

      ඉගිලී යනවා සඳ කැන් අතරේ
      සඳට මුවා වුණු ගිනි අතරේ
      හෙට අලුයම මා ඔබ ළඟ ඉන්නම්
      සඳයි තරුයි නැති ගන අඳුරේ...

      ගායනය : දිනේශ් නාකන්දල
      ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය : වික්ටර් රත්නායක

      Delete
  3. වරේවා මහින්දට පින් සිද්ද වෙන්නේ රාජුත් කවි ලියලා.. එළකිරි.. පළවෙනි එක හැටියට උපරිමයි මචං... ජයවේවා.. කයි පද බඳින්නන්ට ජය වේවා...!!!

    ReplyDelete
  4. එල ද බ්‍රා අයියන්ඩි..අම්මාපල්ල ඔනේ නෑ රෑ වෙන්න මේ කරදරෙන් ගැලවෙන්න පුලුවන්නම්

    ReplyDelete
  5. හැමදාම ගද්‍යයෙන්ම දෙන රාජ්ලත් පද්‍යයෙන් දෙන්න තරමට,
    කාලය මැව් වෙනසක අරුමේ.

    ReplyDelete
  6. ඉර මාමාට වඩා රට එළිය කෙරුවා කියන්නේ මහින්ද මාමා...:D

    ReplyDelete
  7. අද පත්තර වල මුල් පිටුව බැලුව නං උඹ අඩනවා..

    ReplyDelete
  8. ඉර සඳ වැඳලා නෙත් දෙක ඇරලා
    අත ඔබේ නළලේ තියා
    හදවත සපුරා පවසමි ඉඳුරා
    මම දිනනවයි කියා !!!!

    ReplyDelete
    Replies
    1. ඉර පායා, ඉර පායා
      කලුවර හදකට
      අවපස සඳකට
      ඉර පායා,... ඉර පායා...
      අලුත් දවසකට...
      නව මං පෙතකට...
      ඉර පායා... ඉර පායා...

      එදා මෙදා තුර
      බිය සැක රැන්දූ...
      රුදුරු වෙසක්
      හද තුල නිති රැන්දූ...
      අදුරු තිළින පට
      ඉරා දිලින්දූ...
      සොදුරු හෙටක්
      සාදයි මන බැන්දූ...

      ගායනය - සමිතා මුදුන්කොටුව

      Delete
  9. ඇත්ත බං රෑ උනොත් මේ බ්ලොග් ලියන සැට් එකටම බඩු බනිස් වෙනවා ශුවර්

    ReplyDelete
  10. අපේ මාරයියත් මේ දවස් වල රෑට පෝස්ටර් ගහන්න, ආදරණීය මහින්ද අයියගෙ කටවුට් හයි කරන්න යනවා. මාරයියා නම් ගෙවල් ගිනි තියන්න යන්නේ නෑ. ඒවා වැරදි වැඩ. අපේ මාරයියා කරන්නෙ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්.

    ReplyDelete
  11. ලගදි කාවද බං සුදු වැන් එකකින් ඉස්සුවේ

    ReplyDelete
  12. දවල් කියල නෑ බං...බලපංකො තව ටික දොහකිං....

    ReplyDelete
  13. අපිට නං අද උදේ 5:37 ට ගිණිකොණ දෙසින් ඉර පෑයුවා.
    ඉර බැස යාම සවස 7:58 ට නිරිත දෙසින්.
    http://www.timeanddate.com/astronomy/australia/sydney

    ReplyDelete
  14. රැ වෙන්ට ඕන නෑ රාජ් අය්ය
    මේ පට්ට දවාලෙ ඕව වෙන්නෙ...
    පහුගිය කාලෙ දැරණියගල නූරි වත්තෙ පැත්ත ගියා නං දකින්න තිබ්බ එළිපිටම වෙන වැඩ

    ReplyDelete
  15. හිරු බිහිරියි සඳ ගොළුයි තාරකා අන්ධයි...
    බිය නොවන් මුළාවී...
    හිරු බිහිරියි සඳ ගොළුයි තාරකා අන්ධයි...

    බලා සිටින්නට අද දින අප දෙස
    කන් දෙන්නට කවුදෝ ඉන්නේ
    තුරු ලතා මුවාවේ ගයන්න...
    හිරු බිහිරියි සඳ ගොළුයි තාරකා අන්ධයි...

    අකාරුණික වූ ලොව අමතක කර
    දෑසින් සෙනෙහස උතුරා යයි…
    ලිය යහන් තළාවේ නිදන්න...
    හිරු බිහිරියි සඳ ගොළුයි තාරකා අන්ධයි…


    ගායනය - නන්දා මාලනී
    ගී පද - සුනිල් ආරියරත්න.
    සංගීතය - ෂෙල්ටන් ප්රේමරත්න.

    ReplyDelete