Monday, December 29, 2014

අපි මෙහෙමයි තැපැල් ඡන්ද දාන්නේ.....

කලින් වතාවල් දෙකක ඉලෙක්ෂන් ඩියුටි ගිය හැටි ලිව්ව. ඉලෙක්ෂන් ඩියුටි සහ කරදර ජරමර අස්සේ ඉලෙක්ෂන් ඩියුටි කියන මාතෘකා වලින් දාල ඇති. ඊට අමතරව ඡන්දෙට ගිහිල්ල මුනගැහුන කෙනෙක් ගැන මෙතනත් ලිව්ව. මෙදා ඡන්දෙට මොන දීපංකරේක යන්න වෙයිද දන්නෙ නෑ. ඒ ගැන ලියන්න පුළුවන් ගිහිං ආවම. මේ ලියන්න යන්නෙ අපි දැනටමත් පාවිච්චි කරපු තැපැල් ඡන්දය ගැන.

තැපැල් ඡන්දය ගැන ඔහේල දැනටමත් දන්නව ඇති. ඒ රජයේ නිලධාරීන්ට දාන්න තියන ඡන්දයක් විදියට. ඊට අමතරව බොහෝ විට ඉස්සෙල්ලම අහන්න ලැබෙන ප්‍රතිපලයත් තැපැල් ඡන්ද ප්‍රතිපලයක්. තැපැල් ඡන්දෙ ගැන සම්පූර්ණ විස්තරේ මෙන්න.

තැපැල් ඡන්දයක් පැවැත්වීමේ අරමුණ තමයි මැතිවරණ රාජකාරී වලට සහභාගී වන රජයේ සේවකයන්ට තමන්ගෙ කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දීම. සාමාන්‍යයෙන් මැතිවරණ රාජකාරි වලට යොදාගන්නෙ කෙලින්ම රාජ්‍ය නිලධාරීන් විදියට සැලකෙන අමාත්‍යාංශ දෙපාර්තමේන්තු යටතට ගැනෙන මධ්‍යම රජයට හෝ පළාත් සභා වලට අයත් උදවිය. සංස්ථා, මණ්ඩල, අර්ධ රාජ්‍ය සේවකයන් මේ වැඩ වලට යොදා ගන්නෙ නෑ. මැතිවරණය ප්‍රකාශ කලාට පසුව තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරී වෙනුවෙන් ඉල්ලුම්පත් කැඳවනව. තෝරා ගන්නා අයට පුළුවන් ඩියුටි යන්න සහ තැපැල් ඡන්දෙ දාන්න. මෙතනදි තැපැල් ඡන්ද දායකයන් විදියට තෝරා ගැනෙන්නෙ ඩියුටි යන අය හෝ ඩියුටි දාන්න බලාපොරොත්තු වන අය විතරයි. හොඳ උදාහරණයක් තමයි මෙවර ඡන්ද ඩියුටි සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ සංවර්ධන නිලධාරීන් තෝරා නොගැනීම. ඒ නිසා එයාල බොහෝ දෙනෙකුගෙ තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වුනා "මැතිවරණ රාජකාරී සඳහා යොදාගැනීමට බලාපොරොත්තුවක් නොමැත" කියන කාරණාව දක්වමින්. ඒ වගේම දැන් දිවිනැඟුම දෙපාර්තමේන්තුවට අරගෙන තියන, කලින් 'සමෘද්ධි සංවර්ධන නිලධාරීන්' නමින් ඉන්න අයත් ඡන්ද වැඩට ගත්තෙ නෑ.

තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම් කල නිලධාරීන්ගේ අයදුම්පත් සහතික කිරීම මාණ්ඩලික නිලධාරියෙකුට පැවරෙනව. ආයතන ප්‍රධානියා හෝ ප්‍රධානියා විසින් නම්කර යවන ලද නිලධාරියෙකුට මේ කාර්ය කරන්න පුළුවන්. නියමිත දිනයකට කලින් තැපැල් ඡන්ද අයදුම්පත් තමන්ගේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට භාරදෙන්න ඕන. අයදුම්පතේ විස්තර වල යම් දෝශ සහගත භාවයක් තිබුනොත් ඡන්දය ප්‍රතික්ෂේප වෙනව. කාලය තියනව නම් යලිත් අයදුම් කරන්න පුළුවන්. මෙවර මැතිවරණයේ පනස් දාහකට අධික අයදුම්පත් ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වෙලා තිබුන. එයාලට ඡන්ද මධ්‍යස්ථානයට ගිහිල්ල ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. මේ සඳහා බොහෝවිට අවස්ථාව ලැබෙන්නෙ තමන්ගෙ නිවසට කිට්ටු මධ්‍යස්ථානයක රාජකාරී ලැබෙන 'නිලධාරිනියන්ට' පමණයි. 'නිලධාරීන්' රාජකාරී සඳහා දුර ප්‍රදේශයකට යොදවන නිසා ඔවුන්ට අවස්ථාව අහිමි වෙනව.

තැපැල් ඡන්දය සඳහා සාමාන්‍යයෙන් දින දෙකක් ලැබෙනව. ‍මෙවර 23 හා 24 දින යොදාගෙන තිබුනෙ. සමහර ප්‍රදේශ වල ආරක්ෂක අංශ වල අයට 26 දා ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාව සලසා තිබුන. මේ දිනවල ඡන්දය ප්‍රකාශ කරන්න අසමත් වන අයට තවත් දිනයකදි මැතිවරණ කාර්යාලයට ගිහිල්ල ඡන්දය දාන්න පුළුවන්. ඒක අවසන් අවස්ථාව. ඒ අවස්ථාවේදිත් ඡන්දය දාන්න බැරිවුනොත් සො‍රි තමයි.

නියමිත දිනයට ඡන්ද පත්‍රිකා අඩංගු කවර කාර්යාල වලට යැවෙනව. ලියාපදිංචි තැපෑලෙන් ලැබෙන මේ ඡන්ද එක් නිලධාරියෙකුට එක් කවරය බැගිනුයි ලැබෙන්නෙ. ලැබෙන ඡන්ද කවර ඡන්ද විමසීමේ දිනය දක්වා ආරක්ෂිත සේප්පුවක තැන්පත් කරනව. නියමිත දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කරනව. මේ අවස්ථාවට පක්ෂ නියෝජිතයන් සහ මැතිවරණ නිරීක්ෂකයන් සහභාගී වෙනව. මැතිවරණ කාර්යාලයේ සිට පැමිණෙන නිලධාරියෙකුත් මෙතනට සහභාගී වෙනව. එක් එක් නිලධාරියා ඡන්ද සලකුණු කිරීමට පැමිණීමත් සමඟ ඔහුට අයත් ඡන්ද කවරය විවෘත කිරීම සිදුකරනව. ඡන්ද කවර ඉතා ආරක්ෂිතව සකස් කරන බව කියන්න ඕන. මුලින්ම කඩදාසි ලිපි කවරය විවෘත කලාම ඒ තුල අැති පොලිතීන් කවරය තුල "ඡන්ද පත්‍රිකාවත්", "ඡන්ද පත්‍රිකාව නැවත බහාලන පොලිතීන් කවරයත්", "තැපැල් කවරයත් ඡන්දය ප්‍රකාශ කිරීම හා සහතික කිරීම නිසි පරිදි සිදුවූ බවට අත්සන් කරන ලිපියත්", "ඡන්ද ලිපි කවරයට පිටතින් ඇලවියයුතු විශේෂිත ස්ටිකරයත්" අඩංගු වෙනව. අනන්‍යතාව තහවුරු කරගත් පසු සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානයකදි වගේම ආවරණය කල ස්ථානයක ඡන්දය සලකුණු කර නොපෙනෙන සේ නවා කවරය තුලට දැමීමට ඡන්ද දායකයාට පුළුවන්. තමන්ගේ ඡන්ද පත්‍රිකාව සීල් කරන අවස්ථාව දක්වා නිරීක්ෂණය කිරීමට ඡන්ද දායකයාට ඉඩ සැලසෙනව.

ඡන්දය අවසන් වීමෙන් පසු පළමු දිනයේ සලකුණු කල ඡන්ද පත්‍රිකා තැපැල් කාර්යාලය වෙත යැවෙනව. ඉන්පසු දෙවන දිනයේත් එසේම සිදුවනව. සලකුණු නොකර ඉතිරි වන ඡන්ද පත්‍රිකා ඡන්ද හිමියන්ගේ විස්තර පත්‍රිකාවක් සමඟ මැතිවරණ කාර්යාලයෙන් පැමිණෙන නිලධාරියා වෙත භාරදීම සිදුවනව.

තැපැල් ඡන්ද දැමීම සිදුවන්නෙ ඔහොමයි. තැපෑලට යොමුකරන ඡන්ද පත්‍රිකා මැතිවරණ කාර්යාලයේ ආරක්ෂිතව තියනව. ගණන් කරන මධ්‍යස්ථානයේදී මුලින්ම ගණන් කිරීමට යොදාගන්නෙ මේ තැපැල් ඡන්ද. තැපැල් ඡන්ද දැමීමේදී අක්‍රමිකතා සිදුවීමට දන්නා තරමින් ඉඩක් නැති බව කියන්න ඕන. තැපැල් ඡන්ද ගණන් කිරීම ටිකක් අසීරු කටයුත්තක් වෙන්නෙ ආරක්ෂිත කවර විවෘත කිරීමට තියන අපහසුව නිසා. නැත්තං පැයක් දෙකක් යද්දි ප්‍රතිපලය දෙන එක සිම්පල් වැඩක්.

මෙවර තැපැල් ඡන්දයේදි සමහර තැන්වල අවුල් කරගත් අවස්ථා තිබුන. විශේෂයෙන් මාතර අධ්‍යාපන කාර්යාලයක නිලධාරීන් පිරිසක් රස්තියාදු වූ අවස්ථාවක් අසන්නට ලැබුන. කලාප අධ්‍යාපන කාර්යාල දෙකකට එක් සහතික කිරීමේ නිලධාරායෙක් යොදා තිබූ නිසයි මෙවන් ප්‍රමාදයක් අැතිව තිබුනේ. මේවා අක්‍රමිකතා නොවන පරිපාලන ගැටළු පමණක් බව කියන්න ඕන.

ඡන්දය ප්‍රකාශ කිරීම අදට වඩා දියුණු ඉලෙක්ට්‍රොනික් ක්‍රමයක් යොදාගැනීමට අදහස් කරන කාලයක එය අත්හදා බැලීමට තැපැල් ඡන්දය යොදාගන්න පුළුවන් කියන එකත් අවසානයට කියන්න ඕන.

36 comments:

  1. පක්ෂ වල නියෝජිතයන්ට ආරාධනා කරනවා නේද එක් එක් කාර්යාල වලිනෟ නිරික්ෂණ කටයුතු සදහා. බෝම හොද විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. ඔව්. ආරාධනා කරනව. එච්චර දුරට ලිව්වෙ නෑ.

      Delete
  2. නියම විස්තරයක්.

    ReplyDelete
  3. වටිනා විස්තරයක්...නොදන්න අයගෙ හිතේ තිබුනු දූෂන වෙනවාය කියන එකට උත්තරයක් වේවි.

    ReplyDelete
  4. පුද්ගලික අංශය සහ වෙනත් අවශ්‍ය පුද්ගලයන් සඳහාත් තැපැල් චන්දය දෙන්න විදියක් තියෙනවා නම් ලොකු දෙයක්. හිතන්න අනුරාධපුරේ කෙනෙක් කොළඹ ජොබ් කරනවා චන්දෙ තියෙන්නේ සතියේ මැද නම් දවසකට ගමේ යන එක අමාරු වැඩක්.එක්කෝ චන්ද සති අන්තේ තියන්න ඕන. කොහෙද මේ ජොතිශය පිළිගන්න වනචාරී චන්ද අපේක්ෂකයෝ එක්ක ඒකවත් කරන්න බැහැ

    ReplyDelete
    Replies
    1. Remote e-voting / internet voting

      http://en.wikipedia.org/wiki/Electronic_voting

      http://votingmachines.procon.org/view.resource.php?resourceID=000265

      http://en.wikipedia.org/wiki/Electronic_voting_in_Estonia

      Delete
    2. ලංකාවේ ඕවා නැහැ නේ කොහේ තිබුනත්

      Delete

    3. වැඩපොළේ ඉඳන් ඡන්ද මධ්‍යස්ථානයට තියෙන දුර අනුව ඒගොල්ලන්ට නිවාඩු හම්බෙනවනෙ.

      Delete
    4. ඡන්දයට ප්‍රමාණවත් කාලයක් නිවාඩු දෙන්න පුළුවන්. පෞද්ගලික ආයතන වුනත් එහෙම කරන්න ඕන. මම දැක්ක පැය හතරක අවමයකට යටත්ව නිවාඩු දෙනව කියල. ඒ එකක්.

      අපිට ආපු තවත් නියෝගයකට අනුව වෙනත් ස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි එතන කියන්නෙ මම හිතන විදියට තමන්‍ගෙ මධ්‍යස්ථානයේ ඡන්දය දැමීම ගැන ගැටළුවක් තියනව නම්(ආරක්ෂාව සම්බන්ධයෙන් වගේ....). වෙනත් ප්‍රදේශයක ඡන්දය කොළඹදී දාන්න ක්‍රමයක් නං දැනට නෑ.

      Delete
    5. //වැඩපොළේ ඉඳන් ඡන්ද මධ්‍යස්ථානයට තියෙන දුර අනුව ඒගොල්ලන්ට නිවාඩු හම්බෙනවනෙ.//
      අනුරාධපුරේට මාතරට යන්න දවසක නිවාඩුව මොකටද? මාතරට නම් හයිවේ ගියා කියමු ප්‍රවාහන ගාස්තු චන්ද අපේක්ෂකයන්ගෙන්ද? එතකොට අනවශ්‍ය ලෙස නිවාඩු දීමට සිදුවීමෙන් පුද්ගලික වයාපාරිකයන්ට සිදුවන පාඩුව දෙන්නේ කවුද? මම කියන්නේ චන්දය සති අන්තයක තියන්න නැත්නම් පුද්ගලික සේවකයන්ටත් තැපැල් චන්ද හෝ ඉලෙක්ට්‍රොනික චන්ද ක්‍රමයක අවශ්‍ය වේ.

      Delete
    6. @රාජ්
      //ඡන්දයට ප්‍රමාණවත් කාලයක් නිවාඩු දෙන්න පුළුවන්. පෞද්ගලික ආයතන වුනත් එහෙම කරන්න ඕන. මම දැක්ක පැය හතරක අවමයකට යටත්ව නිවාඩු දෙනව කියල. ඒ එකක්.//
      අවමය පැය හතරක් කියමු එතකොට ඒ නිවාඩුව නිසා ආයතනයකට වෙන පාඩුව දෙන්නේ කවුද? චාන්දයක් වැනි සිද්දියක් යොදාගත යුත්තේ සැමට පහසු මෙන්ම පාඩුවක් සිදු නොවන දිනක විය යුතුය චන්ද දිනය තීරණය කිරීමේදී එම සාධක නොසලකා කේන්දර නැකත් ජොතිශය සලකා බැලීම ජාතියේ කරුමයයි. මෙවැනි දේ බොහෝ රාජ්‍ය සේවකයන්ට නොතේරීම පුදුමයක් නොවේ

      ජොතිශය සත්‍යක් ලෙස සලකුවහ්හොත් එය අනුව චන්ද දිනය තීරණය කිරීම ප්‍රජාත්රන්ට්‍රවාදයද?

      Delete
    7. මෙතන කතා කලේ තැපැල් චන්දය ගැන මිසක් චන්දයෙන් වෙන පාඩුව -චන්ද දිනය ගැන නෙවේ. නිවාඩු ගැන කිව්වෙ දැනට තියන නීතිය ගැන මිසක් මගේ මතය නෙවේ.["කොනක් අල්ලගන්න" ලිපි කියවන්න ආවම ඔහොම වෙනව]

      අනිත් කාරනාව තමයි නිවාඩු දවසක චන්දය තිව්වොත් රාජ්ය සේවකයන්ට දෙන දීමනා වැඩි කරන්න වෙනව. ඒවටත් යන්නෙ මිනිස්සුන්ගෙ සල්ලි තමයි. ඒ නිසා උඩින් පල්ලෙන් බලල තීරනය කරපු දේවල් නෙවේ මේව.

      Delete
    8. //නිවාඩු ගැන කිව්වෙ දැනට තියන නීතිය ගැන මිසක් මගේ මතය නෙවේ// මම විවේචනය කලේ ඔබේ මතය නොව තැපැල් චන්දවල පුද්ගලික අංශයට නොලැබීම සහ පහසු දිනයක් චන්දය නොපැවැත්වීමේ ක්‍රියාවයි. අහක යන තොප්පි දාගන්න එපා.

      //අනිත් කාරනාව තමයි නිවාඩු දවසක චන්දය තිව්වොත් රාජ්ය සේවකයන්ට දෙන දීමනා වැඩි කරන්න වෙනව. // රටේ වැඩි පුර ඉන්නේ රාජ්‍ය සේවකයන්ද?

      Delete
  5. //මේ දිනවල ඡන්දය ප්‍රකාශ කරන්න අසමත් වන අයට තවත් දිනයකදි මැතිවරණ කාර්යාලයට ගිහිල්ල ඡන්දය දාන්න පුළුවන්. ඒක අවසන් අවස්ථාව. ඒ අවස්ථාවේදිත් ඡන්දය දාන්න බැරිවුනොත් සො‍රි තමයි. //

    මමත් කාලයක් ඔය ඡන්ද සබ්ජෙක්ට් එක කළා. හැබැයි ඒ කාලෙ නම් තැපැල් ඡන්දෙට නියමිත නියමිත දවසට ඡන්දෙ ප්‍රකාශ කරන්න බැරිවුනු අයට එම ඡන්දය පැවැත්වෙන දිනයට පෙර දිනය දක්වාම (ප්‍රැක්ටිකලි නම් ඡන්දෙ දිනට දින දෙකකට විතර කලින් දවසක් වෙනකල්. මොකද තැපෑලෙන් අදාළ ඡන්ද කොට්ඨාශෙට යවන්න කාලයක් අවශ්‍ය නිසා) අවස්ථාව තිබුනා. ඉතිරි ඡන්ද පත්‍රිකා තිබුනනම් එවා ආපහු යැව්වෙත් ඡන්දෙන් පස්සෙ. හැබැයි මේවා සිද්ධවුනේ මීට අවුරුදු තුන - හතරකට කලින්.

    ReplyDelete
    Replies
    1. දැන් ක්‍රමය මේකයි. දවසයි දෙන්නෙ.

      Delete
  6. හැමෝටම තමං ඉන්න තැන ඉඳල මේ වගේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන් විදියක් හැදුවනම් අක්‍රමිකතා වෙන එකත් ඡන්ද සඳහා නිවාඩු දීම හා අධික වියදම් දැරීමට සිදුවීම කියන කාරනා බොහෝ සෙයින් අඩු වෙයි. ඒ වගේම ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රථිශතයත් ඉහළ යයි.. තව එකක් මේ ඡන්ද උණුසුම අඩුවීම නිසා ගැටුම් අඩුවීමත් ලොකු දෙයක්..හැබැයි 'අරූ' අයියල වගේ ඡන්ද පිස්සො නම් කැමති වෙන එකක් නෑ ඇල්වතුර වගේ මැතිවරණ වලට.. හැක් හැක්..
    අවුරුදු 13ක් රජයේ නිළදාරියෙක් වෙල හිටියට කවදාවත්ම තැපැල් ඡන්ද දැම්මෙත් නෑ.. අයදුම් කරෙත් නෑ.. දැන්නම් හිතෙනව අපරාදේ කියල..

    ReplyDelete
    Replies
    1. Remote e-voting / internet voting

      http://en.wikipedia.org/wiki/Electronic_voting

      http://votingmachines.procon.org/view.resource.php?resourceID=000265

      http://en.wikipedia.org/wiki/Electronic_voting_in_Estonia

      Delete
    2. ඔයවගේ ක්‍රමයක් නුදුරේදිම එන්න ඉඩ තියනව. ඔතන මෙහෙම දේකුත් තියනව.
      සාමාන්‍යයෙන් අපේ රටේ 'ස්ථිර පදිංචිය' කියන එක විතරයි සලකා බැලෙන්නෙ. 'තාවකාලික පදිංචිය' හෝ 'සේවා ස්ථානය' කියන එක ගැන හෙවිල්ලක් කෙරෙන්නෙ ජන සංගණනයක් වගේ අවස්ථ‍ාවක විතරයි. ඡන්දයට තමුන්ගෙ තාවකාලික පදිංචි ස්ථානය යොදාගන්න ක්‍රමයක් හැදුව නං හරි. නමුත් ද්විත්ව ඡන්ද හිමියෙක් නොවන විදියට වැඩේ කිරීමත් ටිකක් දුෂ්කරයි.

      Delete
    3. e voting වගෙ එනවනම් හොඳයි .ඒත් ලංකාවට ඒක ගැලපෙනවද
      ඊ වෝටින් තියා බස් වල ඩිජිටල් ක්‍රමයට මුදල් ගෙවීමේ ක්‍රමයවත් සාර්‍ථක නැහැනෙ.මාටිය ගහන්න බැරි නිසා කොන්දො ඒව කඩනව
      ඩිජිටල් විදියට ඉක්මනට වැඩේ කළත් ශ්‍රී ලංකා සිස්ටම් එකට ඒව මැනුවල් විදියටත් ඕනලු.ඒක නිසා ලෝකෙ අනෙක් රටවල තාක්ෂණයෙන් වැඩ ඉක්මන් වුනාට ලංකාවෙ වැඩ දෙකක් වෙනව.එකක් ඉක්මනට ඩිජිටල් විදියට අනෙක සුපුරුදු විදියට මැනුවල් විදියට
      ඊ වෝටින් ප්‍රතිපල ලංකාවෙ විපක්ෂය පිළිගනීවිද
      ඔක්කොටම කලින් ලංකාවෙ මිනිස්සුන්ගෙ ඔළු ඩිජිටල් කරන්න ඕන

      Delete
  7. හැබයි ඉතින් මහින්ද මහත්තයයි එයාගේ උන් සෙට් එකයි කියන විදියට අපරාදේ ඡන්දයක් තිබ්බේ.. එයා කියන්නේ 9 වෙනිදත් ජනාධිපති එයාය කියලා.. මම නම් යන්නේ නෑ චන්දේ දාන්න.. උදේට ආප්පයක් කාලා දවල්ට ගල් කාලක් ගහලා බත් ඩිංගක් කාලා නිදාගන්නවා.. රෑ වෙලා බලනවා මහින්ද මහත්තයා දිනන හැටි..

    ReplyDelete
    Replies
    1. ඇයි ගෝලිප් එක ගහන්නෙ නැද්ද

      Delete
    2. @ Maathalan
      //මම නම් යන්නේ නෑ චන්දේ දාන්න.. //
      ඇයි බන් මහින්ද මහත්තයා දිනනවනම් එයාට උඹේ ඡන්දෙ දාන්නම එපායැ. මොකද උඹේ ඡන්දෙට වටිනාකමක් එන්න දිනන කෙනාටම දෙන්න එපායැ.

      Delete
    3. //මම නම් යන්නේ නෑ චන්දේ දාන්න//
      "ඒ කියන්නෙ මහින්ද අවුලක් නෑ?" ද "මෛත්‍රී හෝ වෙන කෙනෙකුට බෑ" ද?

      Delete
  8. රාජ් මේක බ්ලොග් එකට සම්බන්ද නැතිව ඇති.

    කිසිම හේතුවක් මත මා ජීවත්වෙන රටේ සතියේ දවසක ඡන්දයක් තියන්නේ නෑ. වීක් එන්ඩ් එකක උදේ හතේ ඉඳන් රෑ දහය වෙනකම් හා පසුදා නැවත මද්‍යාහනය හෝ හවස හතර විතර වෙනකම්.
    (වැඩ කරන දවසක් නාස්ති කිරීම අපරාදයක් විදියට අපි දකින්නේ.) කිසිවකුගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිය මංකොල්ල කන්නේත් නෑ. හොර ඡන්ද දැමීම වගේ.

    විදේශයක ඉන්න අයට එම්බසිය හරහා වෝට් කාස්ට් කරන්න පුළුවන්.
    (ඒක අපේ වගෙ රටකට ගැලපෙයි කියලා නම් මම කොහොමටවත් හිතන්නේ නෑ මා ජීවත් වෙන රටේ ඉන්න බයියෝ ටික දැක්කම. දෙකට ගැනගන්න බෑ ඇප්ලීකේශන් එකක් ෆිල් කරගන්න බෑ ඒ වුනාට බලන්න එපෑයැ ආශ්චර්ර්‍ය සාක්කුවේ දාන් ඉන්න හැටි. වෙනත් ජාතිකයන්ට අවමන් කරන හැටි. ( හැබැයි ඒ මිනිසුන්ටම අම්ම අප්පගේ නොවුන විදේශයක ජීවත් වෙන්න, ඒ රටේ මිනිස් සමාජයට තියෙන අයිතිවාසිකම් බුක්ති විඳින්න හොඳයි. ඒ රටවල තියෙන වැඩිම වෙල්ෆෙයා දීමනා ලබාගන්නත්. ඒකේ කිසිම අවුලක් මට නෑ. ඒත් අරු දෙමළා. අරු මුස්ලිම් කියලා වර්ගිකරණය කරන්නෙත් ඒ මිනිස්සුමයි. )

    ReplyDelete
    Replies
    1. මෙන්න ඕස්ටේ‍ර්ලියාවේ ඡන්දය දීම ගැන පොඩි විස්තරයක්. මෙහෙත් හැමවාරෙම ඡන්දේ තියන්නේ සෙනසුරාදා. සතියකට විතර කලින් ඉඳලා ඕනෑම අයෙකුට ප්‍රධාන නගරයකදී ඡන්දේ දාන්න හැකියි. නැති නම් තැපැල් ඡන්දේ දෙන්න හැකියි.
      http://rasikalogy.blogspot.com.au/2014/11/brief-note-on-australian-elections.html

      Delete
    2. //වැඩ කරන දවසක් නාස්ති කිරීම අපරාදයක් විදියට අපි දකින්නේ//
      අන්න රටවල්. ඇයි අපේ ලොක්කොන්ට මෙන්ම පොඩ්ඩෝන්ටත්හ් ඕවා හිතන්න නැත්තේ. සමහරෙකුට ෆුල් හැපී අමතර නිවාඩුවක් ලැබෙනවාට. හොර ආකල්ප

      Delete
    3. බුරු & රසික,
      ඔය කියන විදියේ ක්‍රමයක් මෙහේට එන්න කොච්චර කාලයක් යයිද කියල කියන්න බෑ. මොකද මෙහේ තියන මූලික අවුල ඡන්දය දාන අවස්ථාවේ ඉඳල ප්‍රතිපලය නිකුත් කිරීම දක්වා මුළු කාලය තුලම ඡන්දය/ඡන්ද පෙට්ටිය එක්ක ඉන්න පිරිසක් සිටින නිසා. එහෙම නොවුනොත් කනපිට හරවපු ප්‍රතිපලයක් ලැබෙන්න පුළුවන්. යහපාලනය කියන දේ එනකල් ඕක හරියන වැඩක් නෙවේ.

      Delete
    4. අපේ රටේ මිනිස්සු වෙනස්. හොරකමක්, වංචාවක් කරන්න පුළුවන් තැනක් දැක්කොත් රිංගනවා. ඒ ක්‍රම තමයි එන්න ඕනේ. නමුත් මේ රටේ පාලකයෝ සහ මිනිස්සු ඒවාට ගැලපෙන්නේ නෑ. තමන්ගේ පාඩුවේ ඉන්න කැමති බොහොම සුළුතරයක්. අනිත් හැමෝම අනෙක් අයගේ අයිතිවාසිකමක් උදුරා ගන්න විදියක් බල බලා ඉන්නේ.

      Delete
  9. තැපැල් චන්ද ගණන්කරන දවස වෙනකන් ගබඩා කරලා තියෙද්දී ඒවා මාරු කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. එතන නං සිදුවන දේ දන්නෙ නෑ. කොහොම උනත් ආරක්ෂිත ගබඩා කිරීමේ ක්‍රම‍ වේදයක් අැති. (අපේ වගේ)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  10. රාජ්‍ය සේවකයෙකුත් වෙලා මේ තරම් “සහන“ දෙත්දිත් රාජ් පෙනී සිටින මතයට මගේ පූර්ණ මෙව්වා එක.
    විශේෂඥ වෛද්‍යවරුන්ට රු.40000 ක් වැඩි කරලා. දැන් අනික් අය කිපිලා. හෙට ස්ට්‍රයික්!
    තොග අවසන් කිරීමේ මහා සේල් දැන් පැවැත්වේ.

    ReplyDelete
  11. එජාපයට හිතවත් රජයේ සේවකයන් පෙනී සිටින මතය ගැන මට ඇත්තේ ප්‍රහේලිකාවකි.යූඇන්පී ආන්ඩුවලි න් කිසිදිනක රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කර නැත.ඔවුන්ගේ දැක්මට අනුව වර්ධනය කළ යුත්තේ පෞද්ගලික අංශයයි.එජාප රජයන් පැවති කාලයේ රාජ්‍ය සේවයේ විශාල වැටුප් විශමතා තිබිනි.යම් රජයේ සේවකයෙකු එජාපයට චන්දය දෙන්නේ නම් එක්කෝ එජාප රජයකින් රාජ්ය අංශයේම ඉහළ තනතුරක් ලබා ගැනීමේ අදහසින් හෝ ( මෙය කළ හැක්කේ සංස්ථා ,මණ්ඩල,අධිකාරි වලය ,බඳවාගැනීම් පටිපාටි නිසා විධායක නොවන සේවා ගණයේ කෙනෙකුට වෙනත් රජයේ රැකියා වල උසස් තනතුරු ලබනට බාධාවකි ) එජාපයේ ප්‍රතිපත්ති ගැන හරි අවබෝධයක් නැතිව කැපුවත් කොල මට්ටමේ පටු මානසිකත්වයකිනි.

    කිසියම් රජයේ සේවකයෙකු විපක්ෂයට චන්දය දෙන්නේ නම් ඒ සියදිවිනසාගැනීමකි.මීලඟ එජාප රජයකින් කෙරෙන්නේ රජයේ සේවකයන්ට රස්සාව එපා කරවීමයි.පාසල් සිසුන්ට දෙන රෙදි ,සමෘද්ධිය එපා කරවීමට අර අවුරුදු දෙකේදි හැදුවා සේ.
    ජනතාවගේ දුක ගැන කලාත්මකව හැඩූ වාමාංශිකයන්ගේ ගමන නම් නතරවුනේ ලේක් හවුසියේ කතෘකම් ලැබීමෙනි.එහෙම ගත් අයෙක් ලඟදී මළේය.සමාජවාදී බ්ලොග් කරුවන් නම් ඒවාට කෙළ හලනවා කියමු.ඇයි රජයේ සේවකයන් මෙහෙම හැසිරෙන්නෙ

    2006 වසර වන විට රජයේ සේවකයෙකුගේ හා සමාන්තර පෞද්ගලික අංශයේ සේවකයෙකු අතර වැටුප් අනුපාතය 1.4 ක් පමන විය.ජේ ආර් යුගයේදී බොහෝ දෙනා රජයේ සේවය හැර දැමුවේ පෙන්ෂන් එක බල්ලට දමමිනි.
    දැන් අප ඉදිරියේ ඇත්තේ ජේ ආර් ට වඩා දරුණු ලිබරල්වාදී රනිල්ය.සුබසාධනය හෙළා දකින එජාපයකි.

    ReplyDelete
    Replies
    1. //එජාපයට හිතවත් රජයේ සේවකයන් පෙනී සිටින මතය ගැන මට ඇත්තේ ප්‍රහේලිකාවකි//
      //බ්ලොග් කරුවන් නම් ඒවාට කෙළ හලනවා//
      //රාජ්ය අංශයේම ඉහළ තනතුරක් ලබා ගැනීමේ අදහසින්//

      ගොන් කතා නොකිය ඉන්න පුළුවන් නම් අපේ වෙලාව ඉතුරුයි. අනෙක රෝහිත අබේගුණවර්ධනලා ඉන්නවනෙ ඔයවගේ කතාවල් කියන්න.
      බුද්ධිය පහලවේවා කියල ප්‍රාර්තනා කරනව.

      Delete
  12. මේ ගැන වැඩි විස්තරයක් දැනගත්තේ අද..

    ReplyDelete
  13. ඉතාම වටිනා විස්තරක් මචං. මේ ටික අපේ ඔෆිස් එකේ ඉන්න කලින් ආණ්ඩුවේ මේ සේවාවල් වලට ගිය එකෙකුත් කියලා දුන්නා. නමුත් තොරතුරු සොයන කෙනෙකුට බලාගන්න මේවා සටහන් කිරීම වටිනවා. මම මෙහෙම කථාවක් අහලා තියෙනවා, ඇත්තද කියපං.

    කවුරු හරි කෙනෙක් ඇවිත් තමන්ට චන්දෙ දාන්න ඕනෙම කියලා කරදර කරනවා නම්(සමහරවිට ඔහුගේ/ඇයගේ නම් ලැයිස්තුවට ඇතුලත් වෙලා නැති වගේ අවස්ථාවක), රෝස පාට චන්ද කොලයක් දෙනවලු. ඒක ගණනයේදී ඉවත් කරනවාලු.

    ReplyDelete