Tuesday, December 9, 2014

සෙල්ලං ඉස්කෝලෙ

"ඒයි..... මෙහාට එන්නකො පොඩ්ඩක්" විවේකී සන්ධ්‍යාවේ පුවත්පත කියවමින් සිටි මාගේ දැහැන බිඳී ගියේ බිරිඳගේ හඬිනි. මා නිහඬව කාර්ය කරගෙන ගියෙමි. එක්කෝ දර කොටයක් පැලීමට වියයුතුය. නැතිනම් පොල් ගෙඩියක් ලෙලි ගැසීමට විය හැකිය. එසේත් නැතිනම් අඩුම තරමින් කඩේ යාමක් අත ලඟ බව ඉවෙන් මෙන් දැනෙන්නට විය.

"එන්නකො අනේ වැඩක් පෙන්නන්න" ඕ දෙවන වතාවටද කතා කලාය. එකත් එකටම රූපවාහිනියේ යන මල ඉලව්වක් පෙන්වීමට වියයුතුය. කෙසේ වුවත් ඇයට අවනත නොවී සිටිය නොහැකිය. මෙතෙක් නොලැබුන, හැන්දෑවට ලැබෙන තේ කෝප්පය නොලැබීම ස්ථිර විය හැකිය.

"ඇයි?"

"බලන්නකො අර පුතාල කරන වැඩේ" එවර මගේද කුහුල අවදි විය. ඔහු මොකක් හෝ පැහිච්චකමක් කරනවා වියයුතුය.

"එන්න මේ පැත්තට" මා ඇය පිටුපසින් වැටුනෙමි. ගෙදර පිටුපස ඇති මඩුවේ පුතා ඔහුගේ යහළුවන් සමඟ කුමක් හෝ සෙල්ලමකි. ඔවුන් දෙපැත්තට බෙදී ඇත්තේ පන්ති කාමරයක අයුරිනි. මට ඇතිවූයේ මහත් සතුටකි.

"ආ..... පුතාල සෙල්ලං ඉස්කෝලයක් දාල නේද?"

"ඔව් ඔව්.... ඒ වගේ තමයි.... පන්තියක්......ද පන්ති දෙකක් නේද? මේ වයසට.... සෙල්ලමට උනත් ඉස්කෝලයක් දාන එක කොච්චර හොඳද!"

"හ්ම්.... අර ඉන්නෙ ටීචර්ල දෙන්නත්.... අපේ එක්කෙනත් ටීච කෙනෙක් උනා එහෙනං...."

"හැබැයි කෑගැහිල්ල නං වැඩියි වගේ...."

"කමක් නෑ ඉතිං ළමයිනේ...."

"ඒකනෙ, බලන්න ඉස්කෝලෙ වත් යන්‍නැති ළමයි වෙලා ලස්සනට පන්ති‍ හදාගෙන ඉන්න හැටි" ඇයගේ කතාව අවසන් කිරීමට නොලැබුනු අතර එක්වරම පන්තිය ගාලගෝට්ටියක් විය. ඒ සමඟම කිහිප දෙනෙකු නැඟිට අත් දිගු කරමින් මොනවාදෝ කියන්නට විය. අවුරුදු තුනේ හතරේ ළමුන්ගේ පාවිච්චියට සැර වැඩි වචන කිහිපයක්ද ඒ අතර විය. ගැටුමක් ආසන්න බැවින් මා තවත් ටිකක් ආසන්නයට පැමිණියෙමි. එහෙත් ගැටුමක් ඇති නොවූ අතර ගාලගෝට්ටිය පමණක් ඉතිරි විය.

"පුතාල සෙල්ලං ඉස්කෝලෙ දාපු එක නං හොඳයි... ඒත් රණ්ඩු වෙන්නෙ නැතිව සෙල්ලං කලා නං තමයි හොඳ!"

"නෑ අංකල් මේ...."

"ටීචර් උනාම දැනගන්න එපාය ළමයි ටික සමඟියෙන් තියාගන්න" බිරිඳ පුත්‍රයාගේ හිස අතගාමින් පවසයි.

"නෑ අම්මේ මේ ඉත්තෝලෙ...."

"හරි හරි.... ඉස්කෝලෙත් ඔහොම තමයි ඒත් ඉතිං ඔච්චරම සද්ද කරන්න ඕනද?"

"අයියෝ ඇන්ති.... මේක ඉත්තෝලයක් නෙවේ...." අල්ලපු ගෙදර චමෝද්ගේ හඬින් අපි මවිතයට පත්වීමු.

"එතකොට මේ ඉස්කෝලයක් නෙවේද?..... මේ පන්ති කාමර නෙවේද?....."

"නෑ නෑ අංකල්.... අපි මේ සෙල්ලමත ජනාදිපතිවලනෙ කලා...."

"ඈ! මොකද්ද කිව්වෙ? කොහොමද ඒ සෙල්ලම කරන්නෙ?"

"මේමයි තාත්තෙ.... ඔන්න මම තමයි මයිත්තී.... මෙයා මයින්ද.... මේ දෙන්න මගේ පැත්තත ආව.... අල දෙන්න ඒ පැත්තත ගියා.... එතකොත මේ පැත්තෙ කත්තිය කෑගානව හොලා හොලා කියල... අල පැත්තෙ කත්තිය කෑගානව එන්දීඕ තල්ලි අලං කියල.... එහෙම තමයි මේ තෙල්ලම කලන්නෙ"

"හා ඇති ඇති ඔය සෙල්ලං කලා.... යන්න කටිටියම ගෙවල් වල.... පුතත් යං දැං ඇඟ හෝදන්න වෙලාව හරි....."

"එහෙනං ඔයාල හෙත එන්න.... අනිත් කත්තිය හෙත මාලුවෙමු"

"දැක්ක නේ ඔයා රෑ තිස්සෙම විවාද බලනව..... ඒව දැකල පුතත් නරක් වෙලා....."

28 comments:

  1. බලං ගියාම රාජ් පොඩි එකාට පෙන්නල තියෙනනේ මාරු වෙන ඒවා විතරනේ.. හැක්. එච්චරම ගතියක් නෑ අනේ අද

    ReplyDelete
    Replies
    1. (අ)කැමැත්තක්!
      ටික දවසකට ලියන්න වෙන එකක් නෑ. මඳ විරාමයක් ගන්න කලින් එක.....

      Delete
    2. See you later then. Cheers !! :-D

      Delete
    3. පයිනල් එකව්න්ට්ස් ඉරා.. හැක්

      Delete
  2. එකනම් ඇත්ත රාජ් .. පොඩි එවුනුත් දැන් මෙහෙම නොකලොත් තමයි පුදුමේ .මේක පට්ට විහිළුවක් උනානේ .පොඩි කාලේ "සාල්" පනිනවා වාගේ ...
    මේ ඒ කාලේ පොඩි එවුන් සෙල්ලම් කරපු තාලේ ..

    සීනි කෝපි තේ කිරි තේ
    වෙරළු මසං ජමනාරං
    කොස් දෙල් පොල් මිරිස් ගන්න
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//

    පොඩි බණ්ඩයි මුදලාලී
    ගණන් ලියයි පොඩිහාමී….//
    පිඟන් කෑලි සල්ලි අරන්
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//

    බයිසිකලෙන් කාර් එකෙන්
    අස්ව කරත්තෙන් ආවත්….//
    එක මේසේ කෑම කන්න
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ//

    සීනි කෝපි තේ කිරි තේ
    වෙරළු මසං ජමනාරං
    කොස් දෙල් පොල් මිරිස් ගන්න
    එන්න එන්න
    එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ
    සීනි බෝල හෝටලේ //

    ගායනය: පුෂ්පමාලා සුභසිංහ
    ගී පද : සුනිල් ආරියරත්න
    ගී තනුව: ඩී. ආර්. පීරිස්

    ReplyDelete
    Replies
    1. මේක ගුවන් විදුලියේ ළමා පිටියේ නිතර අහන්න ලැබුනු ගීතයක්. අද නම් වැඩිය අහන්න ලැබෙන්නේ නෑ..

      Delete
    2. මෙන්න අහන්න ...

      https://soundcloud.com/sinhala-lamaa-gee/seeni-boola-hotale

      Delete
    3. බලං යද්දි රටේ නොඋන්නත් අපේ පොඩි උන් දෙන්න හොඳනෙ රාජ් බොට වඩා.

      ඔය සින්දුවෙ සහ තවත් ඔයිවගේම අපි පොඩි කාලෙ ඇහිච්චි ළමා ගීත ගොන්නක ඔර්ජිනල්ස් තීනව අපේ තිස්සයගෙ මේ ලිපියෙ. මමත් ඉස්සර "නව රිද්ම" තමයි ඇහුවෙ. පස්සෙ දැන් මේ වර්ෂන් අහනව.

      Delete
    4. ගුවන් විදුලි සංස්ථාවේ තියෙනවා සීඩී එක විකුණන්න.

      Delete
  3. හි..හි.. දැන් කාලේ ළමයින්ට වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නේ ඕවා නිසා එයාලට වැරැද්දක් කියන්න බෑ..

    ReplyDelete
  4. පොඩි උන්ගෙ සෙල්ලමට විජාතික බලවේග වලින් බලපෑමක් වෙලානෙ. රාජ් , පොඩි සෙට් එකට හෙට ආවහම බට්ටො පනින්න කියල දෙන්න. ඒක තමයි පලවෙනි පියවර.

    ReplyDelete
  5. මං එකක් කියන්නං. රාජ් යූඑන්පී. නෝනා ශ්‍රී ලංකා. චමෝද් ජේවීපී. පුතා හෙල උරුමෙ.
    //අනිත් කත්තිය හෙත මාලුවෙමු// මේක තමයි වැදුනුම කෑල්ල.

    ReplyDelete
  6. අපේ මාරයියා තමයි සිරි ලංකා එකට එන අමුත්තන්ගේ කකුල් සෝදලා ගෙට ගන්නේ. ඊයෙ අස්ස තිත්තනායකගෙ කකුල් හෝදලා පඬුරුත් හම්බවුණාලු. කැටගොඩ නම් මොකුත් දීලා නෑ කියලා අපේ මාරයියා ඒකාට ලෝබයා කියලා බැණ බැණ හිටියා.

    ReplyDelete
  7. ඕන් තාත්ති අතත් අතලක් මාළු වෙනවලු...

    ReplyDelete
  8. මේ මාරු වෙන මාරු විල්ලට මට දැං කොයි එකා කොයි පැත්තෙද හිටියේ දැං ඉන්නේ කොයි පැත්තෙද කියලා ශුවර් නෑ බං

    ReplyDelete
    Replies
    1. මචෝ 8 වෙනිදා මරා හන්සයාගෙනුත් සිරා බුලත් කොලෙනුත් ඉල්ලයි මේ යනවිදිහට ....

      Delete
  9. හොඳටම මදි. ඒත් ඉතින් නැතිකමට නරකම නෑ.

    ReplyDelete
  10. පොඩි කාලේ සෙල්ලමක් කරලා තියෙනවාද කණු අතර මාරුවෙන? මැද්දේ ඉන්න එකා ඒ අතර බලන්නේ කණුවකට පැන ගන්නයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියන්නෙ ගස් මාරු පෙති තෝරු ගැන. දැන් වෙන්නෙ පක්ෂ මාරු තෝරු මෝරු.

      Delete
  11. රාජ් මේ දවස් වල වැඩිය හිතන්න පතන්න වෙලාවක් නෑ වගේ.. වඩේ පොඩියට ගොඩ දාල තියෙන්නේ..

    මොනා උනත් ඔය පැනිලි තෙල්ලම නම් එලම තමයිලු.. අදත් මානුවල පුතු හතලක් ඉත්තෑන්ද්බයි ලු පනින අයත.. තවම මොනා උනාද දන්නෙ නැතිලු..හික් හික්..

    ReplyDelete
  12. පොඩි එවුන් ටික ඊලඟට "සෙල්ලම් මොනවා" දායිද දන්නේ නෑ. :P

    ReplyDelete
  13. හිහි
    උනුත් සෙල්ලමට සුදු වෑන් එවයිද දන්නෑ හිහි

    ReplyDelete
  14. පොඩි මෙන්ඩියා මට කියනවා තාත්තියෝ ඔයත් ඡනාධිපති වෙන්නකෝ කියලා මම කිව්වා එහම බෑ පුතු කියලා එතකොට ඌ කියනවා සුදු සරමයි ෂර්ට් එකයි ඇන්දා රතු පටියක් කරට දැම්මා ඡනාධිපති වුනා කියලා.

    ReplyDelete
  15. ඇති බැනගෙන නතර උනා

    ReplyDelete
  16. පරණ කාටූන් , වැඩසටහන් මතක් වෙනකොට දුකේ බෑ . දැන් කොහෙද ඒවා . දැන් තියෙන්නේ ඔක්කොම කෙලගන්න ඒවයි මාරුවෙන ඒවායි තමා කාටූන් වල උනත් . :v :v

    ReplyDelete
  17. සුදු සරමයි ෂර්ට් එකයි ඇන්දා රතු පටියක් කරට දැම්මා ඡනාධිපති වුනා කියලා..... හරිම සිම්පල් ප්ලෑන් එකක්. .. පොඩි එකා උනත් කියන කතාව ඇත්ත. අහෝ රටකට ගිය කලක්...

    ReplyDelete